පිටුව

Thursday, March 31, 2011

111 කොටස


මේක දිව්‍යලෝකෙට වීසා හම්බ උණා වගේ වැඩක්. තාරකා අපේ ගෙදර...එයා මගෙ කාමරේට ඇවිල්ලා මගෙ ඔලුව අත ගාලා... ප්ලේන්ටියක් කටට ලං කරනකොට කොහොමද ආතල් එක. හම්මේ........... කවදද ඒ දවස එන්නේ. කට පුරාම දැඟලුව විසිල් පාර නිකන්ම කටෙන් පිට වෙච්චි
"මයියා............" විසිල් එක එක පාරටම ගිලුණා...මේ කඩාගෙන එන්නේ අක්කා නේද? අනේ මන්ද එන විදිය නම් අන්තිම දරුණුයි. න්‍යෂ්ටික බලාගාරේ පුපුරලා ජපනෙක් මරලතෝනි දෙනවා වගේ මට ඇහුනේ
"මොකද ඕයි?" අර තිබ්බ ආතල් එක සම්පූර්ණයෙන්ම පුස් වෙලා ගියා
" ලහිරුට කවුද කට්ටියක් ගහලාලු මයියා"
"කවුද කට්ටියක්? තමුසෙ කොහොමද දන්නේ?"
" අනේ දැනගත්ත විදිය නෙවෙයි....... මට එයා බලන්න යන්න ඕනේ" හතිලව්වේ මෙයා නම් කියයි.... මොකො මම මෙයාව රොද පුටුවේ දාගෙන පාගන්නද? ප්‍රායෝගික නැති එකක්මයි කිව්වොත් කියන්නේ.
" මාව ෆෝන් එක ලඟට එක්කන් යනවා එහෙනම්" මම ඇඳෙන් බහින්න එහාට මෙහාට දැඟලුවා...... අක්කා මාව සපෝට් එක දාල රෝද පුටුවේ ඉන්ඳුවා...... ඊට පස්සේ මම හිතනකොට මෙන්න මම ෆෝන් එක ළඟ..... අක්කාට මාර හැකියාවක්නේ තියෙන්නේ..... මම කෝල් එක ගත්තේ තල්මසාට
"හලෝ මචං....." ඌ එකපාරටම කතා කලා
"හිරාන්..... කොහොමද?"
"මම ගෙදර මචං... මොකද්ද සීන් එක?"
"මචං මට පොඩි ගමනක් යන්න ඕනේ...."
"කියහං..... මම එන්නම්"
" මගේ ෆිට් එකක් බලන්න....... උඹ එනවාද?"
"ඕවා මොනාද තෙනුර ... මම එන්නම්..."
"උඹ එන ගමන් බුවා වත් දාගෙන වරෙන්"
"හරි ඕවත් වැඩද?..... අපි ඊයේ ලිහිණිව පන්නගත්තා...." මිනිහා අන්තිම ටික කිව්වේ රහසින් වගේ
"ආරංචියි...... දැං ලිහිණි කොහෙද බං...."
"ඒවා මේවයින් කියන්න බෑ..... මම ඇවිත්ම කියන්නම්"
"එළ...... මම ලෑස්ති වෙලා ඉන්නම්"
මම අක්කා දිහා බැලුවා..... අනේ අප්පේ මෙන්න මෙයාගේ ටැප් එක ලීක් වෙනවා...... ඇයි හත්දෙයියනේ ගෑනුන්ට මෙච්චර ටැප් වැඩකිරීමේ හැකියාවක් ලබා දුන්නේ..... මට නම් ඕවා ඉවසන්න හරි අමාරුයි. 
"අඬන්න එපා ඕයි...... දැං බලන්න යමු, තමුසෙ දන්නවානේ මට තමුසෙව කිව්ව ගමන් දාගෙන අර දඬුමොණරේ යන්න දැං බෑ කියලා"
"මට ඒක මතක් උනේ නෑ මයියා......... මේක ආරංචි වෙච්ච ගමන් කියන්න මට වෙන කවුද ඉන්නේ?" ඒ පාර නම් ස්පීඩ් එකේ ටැප් එක වැඩ..... හප්පා......... අඬුවක් නැතුව ගලාගෙන යනවානේ... අපිවත් හෝදගෙන... දැං මේ අඬන ඇඬිල්ලට විහිළුවටවත් බෑ කියන්න හිතෙනවාද
"හා දැං ඔය මදෑ...... ලෑස්ති වෙනවා දැං හිරාන් එනවා......"
"යං මම උඹව ලෑස්ති කරන්නම්"
"එපා.... මට ඔය උඩට ටී ෂර්ට් එකක දා ගත්තාම මදෑ..... තමුසේ ලෑස්ති වෙනවාකෝ...... " මම රෝද පුටුව හරවගෙන කාමරේ පැත්තට ආවා... අක්කා ඇස් පිහා පිහා එයාගේ කාමරේට යනවා මම දැක්කා... පව් කියලත් හිතෙනවා......
"කොහෙද යන්න හදන්නේ...." නංගි ඉතිං ආච්චි වෙන්න එනවා කියන්නේ ඕවාට තමයි....
" තමුසෙට සෙල්ලම් කරන්න බෝනික්කෙක් අරං එන්න" නංගි හිනා වෙන්න ගත්තා
"පොඩි අයියේ... මට පණ තියන බෝනික්කෙක් හම්බ වෙනවානේ ළඟදී"
"ඇත්තද?"
"එනවකෝ මගේ කාමරේ පෙන්නන්න"නංගි ඒ අස්සේ මාව එයාගේ කාමරේ පැත්තට ඇඳගෙන යනවා. මේ රෝද පුටුවේ රෝද නැති උණානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. හැබැයි මම වැඩිය නංගිගේ කාමරේට අඩිය තියලා නෑ.... මොකද නංගිගෙත් මගේ වගේම පොකට් එක සරු නෑනේ... අක්කගෙයි අයියාගෙයි කාමර වලට නම් ඉහේ කෙස් ගානට ගිහින් ඇති... දවසෙ වියදම පියව ගන්න
"ෂා...... මරුනේ..... නංගි මට වඩා පිලිවලයි" ඒ ටිකට මටම හිනා............. මම පිලිවලයි මේ දවස් වල මොකද මගේ කාමරේ අස් කරන්නේ  අම්මානේ
"මේ ඇඳ තාරකා අක්කාට" කිරි අප්පේ..... මේ ඇඳ තාරකාගෙද? මට ලවට හිනාවක් වැදුණා
"මෙයාට ඇඳ පෙන්නුවත් චූන් වෙනවානේ" නංගි හිනා වෙන්න ගත්තා......
"එහෙම තමයි.... පිනට දහමට කැමති මිනිස්සු" චාටර් වෙන්න ඕනේ නෑනේ ඉල්ලන්
"පිනට දහමට?"
"ඔව් අහිංසක කෙල්ලෙක්ට උදව් කරන එක පිනක් නෙවෙයිද?"
"පිං පිං සෑහෙන්න පිං..... "
"ඒකනේ" මම රෝද පුටුව හරව ගත්තා
"පොඩි අයියේ....... මට තාම එක දෙයක් තේරුම් ගන්න බෑ"
" මොකද්ද?"
"ලිහිණිගෙයි තාරකාගෙයි මෙච්චර සමානකමක් වෙන්නේ කොහොමද?, අනික ඒ දෙන්නම ඔයාට හම්බ උණ හැටි"
"ඕකට තමයි නංගි කියන්නේ කරුමේ කියලා... දැං බලනවා මගේ කරුමෙට අම්මා තාත්තා වෙනස් වෙලත් තමුසෙගේ පොඩි අයියා උණානේ....." මගේ කතාවට නංගි හිනා වෙන්න ගත්තා
"ලිහිණි තාරකා දෙන්නා අයියාට හම්බ උනේ නම් කරුමෙට නෙවෙයි.... වාසනවට" බම්බුව තමයි. මුන් දෙන්නා හින්දා අද මගේ වැඩ කරන්නේ අච්චරු දාන්න පුලුවං කටයි බයිට් එකට ගන්න පුලුවං කිඩ්නියයි විතරයි. ඔය දෙකත් සොරි වෙච්ච දවසට මේ මයියා ඉතිං සීන් එකෙන් සමු ගන්න එක තමයි කරන්න වෙන්නේ. අපිට මොකටද බල්ලෝ ලුණු ඇඹුල් කට්ට තියනවානම් ආතල් එකේ සූප්පු කරනවා මිසක්. 


මම කාමරේට ගොඩ වෙලා වස්තරක් දාගෙන කොන්ඩෙටත් ජෙල් පොඩ්ඩක් ගාල හදාගෙන මනුස්සයෙක් වගේ පැත්තක් අල්ලලා පාරට කන දාගෙන බලාගෙන හිටියා...... යන්න කොහෙද කියලාට වඩා තාරකා අපේ ගෙදර එන එක ගැන හිතනකොට දැනෙන ෆිට් එක නම් අයේ ඉතිං මේක ලියාගන්න මට බෑ
"මයියා.........." යකෝ කාර් එකක් ආවද..... බලපං තාරකා ගැන හිතනකොට කොච්චියක් කන ළඟ හූ කිව්වත් ඇහෙන්නෙ නැති හැටි
" උඹලා ආවාද?" බුවා මා දිහා බලං හිටියේ අමුතු ස්ටයිල් එකකින්
"කොහෙද මේ යන්න හදන්නේ?"
"ලහිරුවාගේ ගෙදර"
"ඒ මොකෝ... සිරියා බලන්නද?"
"නෑ නෑ... ඊයේ ඌට කවුද ගහලාලු.... අක්කා මෙතන කරාමේ කඩා ගත්තා"
"එහෙනම් යං..... උඹ දන්නවාද ඊයේ භානුකයාටත් උගේ ඇත්ත අම්මා ගැන විස්තර ලැබිලා"
" නෑ....... " මම බුවා එක්ක යන ගමන් තල්මසාට පොඩි සෙලියුට් පාරක් දැම්මා
"නෑ නෙවෙයි ඔව් බං......"
"උඹලෑ අම්මා තාත්තා නැද්ද " තල්මසා වටපිට බලන්න ගත්තා
"තාත්තා වැඩට ගිහින් අම්මා මර්කට් ගිහින්..... එයාලා එන්න කලිං මාරු උණොත් හොඳයි" අක්කා ඉස්සරහාට දුවගෙන ආවා
"මචං අක්කාගේ සීන් එකකට මේ එළියට යන්නේ...... අක්කාගේ බෝයියාට කවුද ඊයේ නෙලලා බං... ඒක බලලා එමුද?"
"ආයේ අහලා උඹ කියනවා නම් ආයේ ඔබාමාව උණත් බලලා එන්න යන්, නගින්න අක්කා...." තල්මසා අක්කාට වාහනේ දොරත් ඇරලා දුන්නා..... මාවත් තල්මසයි, බුවයි එකතු වෙලා පිටපස්සට පටවල්ල රෝද පුටුවත් දෙකට තුනට නවලා වාහනේ අස්සකට රිංගෙව්වා......
" ඉතිං හිරාන් කියපං බං..... භානුකයාගේ සීන් එක" හීරන් කාරයා ගමන පටන් ගන්නකොට මම ඇහුවා.....
" ලිහිණිව කිඩ්නැප් කරපු බුවාව අපි දෙතුන් වතාවක් බලන්න ගියා... ඌ ඇවිල්ලා හොඳ එකා..... අපේ ජයවීර අංකල් එක්ක තියන ඔරොප්පුවටනේ ඔහොම දෙයක් කලේ......"
"ඉතිං" මූ මොකක් හරි කියන්න ගත්තාම මහාවංසෙම ඇදබානවනේ
"ඌ මොකෙද්ද නර්ස් නෝනා කෙනෙක් ගැන අපිට ඔත්තුව දුන්නා.... එයා තමයි භානුකයාව ගෙනත් දීලා තියෙන්නේ ජයවීර අංකල්ට"
"හරි උඹලා නර්ස් ඇන්ටිව හම්බ උණා....."
"ආයේ අහලා ඊයේ  අපි ගිහින් හම්බ උණා..... මුලින් එයා බය උණා.... පස්සේ භානුකයා සල්ලි ටිකක් පෙන්නුවාට පස්සේ එයාගෙ ගෙවල් වලට උඩහා ඉන්න ගෑනු කෙනෙක්ගේ ඇඩ්‍රස් එක  අපිට දුන්නා.........
" එයාද අම්මා...."
"ඔව් බං ඒත් මෙලෝ මඟුලක් කතා කරගන්න බෑ ඒ ගෑනිට පිස්සු... වෙලාවකට මගේ පුතා කියල බදා ගන්නවා... වෙලාවකට හිනා වෙනවා..... මල සීන් එකයි"
"ඉතිං......" 
"මොනා කරන්නද.... අපි ඒපාර ආවා... භානුකයා හිතන් ඉන්නේ ඒ ගෙදර අයටත් කියලා ඒ මනුස්සයාව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න"
"මදෑ කොලා" ඒත් එක්කම බුවා හරවන්න ඕනේ පාර තල්මසාට පෙන්නුවා
"මේ පාරේ තමයි ඊයේ අපි ආවේ....." කිය කිය තල්මසාත් වාහනේ හැරෙව්වා...... 
" අන්න අර ගෙදර තමයි නර්ස් නෝනා ඉන්නේ..." පොඩි ගෙයක් පෙන්නුවා..... පරණ තාලේ........ බුවා ලිහිරුවාගේ ගේ ළඟින් වාහනේ නවත්තන්න කිව්වා..... තල්මසා ටිකක් අප්සෙට් ගියා ඌ පිටි පස්සට හැරිලා මාදිහා බැලුවා
"මචං මේක තමයි භානුකයාගේ අම්මාගේ ගෙදර...." මොකක්..... මේ මොකද්ද මේ කියන හරුපේ..... බුවාත් මගේ දිහා බැලුවේ පිස්සු මාන්දම හැදෙන්න වගේ.... එ කියන්නේ භනුකයාගේ අම්මා සිරියාද? මේක මොන වගේ සීන් එකක්ද? ලිහිරුවා ඒ කියන්නේ භානුකයාගේ අයියා..... මේක නම් මහ පිස්සු හැදෙන කතාවක්..... මට මේක අගක් මුලක් මැදක් ආයේ පැටලිලා. ඒ ඔක්කොම පැත්තකින් තියමු.... දැං එහෙනම් කවුද ලහිරුවට ගැහුවේ..... තල්මසා වැදිලාවත් අත පය දිග ඇරලා ඈනුමක්වත් ඇරියාද දන්නේ නෑ, මූ අතපය දිග ඇරියා කියන්නේ අහල පහලා අපි වගේ අහිංසක හාල්මැස්සන්ට ඇඩ්‍රස් නැති වෙනවා තමයි.









Wednesday, March 23, 2011

110 කොටස


මම වගේම ගැන්සියේ අනිත් උණුත් බුවාගේ කතාවට සයිලන්සරේ වතුරේ දාගෙන. මූ ඒ පාර හරවා පහරක් එල්ල කරන්න යන්නේ මොකෙක්ගෙ හරි අතටම මම හිතන්නේ......
" උඹට පිස්සු ඔක්කාරෙට වගේ එනවාද" මගේ කටේ ප්‍රශ්නේ බුවාගෙන් ඇහුවේ ටොලා
"මොකද්ද ඒ කතාව බං"
"ඇයි මීහරකෝ...... වපුරලා තිබ්බ හේනට බැස්සම වගාව සරු සාර වෙනවාද?" 
"කියන දෙයක් වචන දෙක තුනෙන් තේරෙන්න කියපං බං... උඹලා කියන ඒවා තේරුම් ගන්න පුරා විද්‍යාවට තමයි යන්න වෙන්නේ" බුවාට ටොලා එක්ක ටික වෙන්න මල පැනලා.
" දැං ලිහිණිව ගෙදරින් පන්නගෙන ඇවිල්ලා උඹද කන්න අඳින්න දෙන්නේ...?" බුවා කට කොනකට හිනාව අරන් මගේ දිහා බැලුවා
" පොතේ හැටියට සෙන්ටිමෙන්ටල් වෙන්න ඕනේ මයියා... ඒත් පැන පැන දුක ප්‍රකාශ කරන්නේ ටොලානේ...... මේ ගැන විනය පරීක්ෂණයක් කරන්න ඕනේ...."
"බයිලා නෙවෙයි බුවා..... මොකද්ද මේ තුන් තෙරවිල්ල කියලා පැහැදිලි කරපං..... ලිහිණිව පන්නගෙන ඇවිල්ලා අපි මොකද කරන්නේ?" මම ටිකක් හෙමින් සීරුවේ ඇදලා පැදලා අහන ගමන් බුවා දිහා බැලුවා... කොහොමත් බුවා ගෑනු අක්ෂන් වලට පෙරේතයානේ.... ඕකා ඇඳලා පැදලා ඇහුවොත් බොක්ක ගලවලා අතට දෙයි උඹ ඕක තියාගනින් මාව මතක් වෙන්න කියලා.
"මේකනේ මයියා..... ලිහිණි ගෙදර ආව වෙලාවේ ඉදං අඬනවාලු ගෙදර ඉන්න බෑ කියලා... කෙල්ල අම්මා නැති වෙච්ච එක දැනගෙන තවත් කොන්ට්‍රොල් නෑලු. භානිකයා ලිහිණිව පන්නන්න හදන්නේ.............. ඉතිං උන් දවස් දෙක තුනකට කොහෙ හරි තියන්නම්ලු... ඊට පස්සෙ ලිහිණිට ඉන්න ආරක්ෂා සහිත තැනක් හොයා ගන්න ඕනෙලු."
"ඉතිං" මම නෙවෙයි අනිත් උන් මට වඩා වයින් වෙලා
"ඉතිං කියන්නේ බං...... මට මෙතන හරිම සරළ වැඩක් මතක් වෙන්නේ...... මයියා... කොහොම හරි කියලා තාරකාව මෙහෙ ගෙන්න ගන්නවා.... තාරකා වෙනුවට අපි ලිහිණිව නැන්දාලෑ ගෙදර නවත්තනවා........ " බුවාගේ කතාව ඌ ඔය කියන තරම් සරළ නෑ. අපෙ ගෙදර ඉන්න සියලු සත්ත්වයන්ට මේක තේරුම් කරලා දෙන එක ලිහිණිව ජයවීරයාගෙ ඇහැ වහලා පන්නගෙන එනවට වඩා අමාරුයි. ගැන්සියම මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ මගේ කට ඇරෙයිද කියලා බලාගෙන
"ගහෙන් ගෙඩි එනවා වගේ මේවා මෙහෙම කරන්න බෑ බුවා... ඔන්න මට දුවන්න පනින්න පුලුවං කමක් තිබ්බා නම් වැඩේ ශේප් කරගන්න තිබ්බා... ලිහිණිගේ සීන් වලට තාරකාට අවුලක් උණොත්"
"එහෙම වෙන්නේ නෑ බං... උඹ කවදා ඉදලාද බවලත් වගේ හිතන්න ගත්තේ...?"
"හරි මම තාත්තාගෙන් අහලා බලන්නම්..... හැබැයි වැඩේ ඇනුනොත් ලිහිණිව තියන්න වෙන තැනකුත් සෙට් කර ගනිං"
"උඹ ට්‍රයි කරපංකෝ"
 " මොනාද ට්‍රයි කරන්නේ....?" වෙනදා වගේම ඒ කටහඬ මගේ හීන් දාඩිය පිටකලා..... මොනා උනත් මම ඒ කටහඬට තියන හබ්බ බය නම් නැති වෙන එකක් නෑ......
"නෑ ... තා... තාත්... තේ..." ඔය නොදකින්............ තාත්තේ කියාගන්න බෑ ඉතිං තත් තත් ගගා අවුරුද්දක් උණත් ඉන්න පුලුවං....
"අපි අංකල් මේ කිව්වේ... මයියා... නිකං හූල්ල හූල්ල ඉන්නවා...." බුවා කිව්වෙ නැද්ද අර ටකරමකට ගල් ඇදබානවා වගේ...... ඌට තියන ගට මට නෑ තමයි ඒත් මෙහෙම ගියොත් වැඩේ අනාථ නාථ වෙලා ෆුල් වල් බිහි වෙලා යනවා
" හූල්ල හූල්ල... ඒ මොකද?"
" මයියාගේ ගෑනු ළමයා කෑගල්ලේ දාලා ඇවිත්නේ" හුටා............ මුන් ඇවිත් ඉන්නේ මාව නැති කරලා දාන්න .... දැං බලනවා මට ආත්ම හතකට තාත්තාට මූණ දෙන්න පුලුවන්ද?
"පොඩි පුතා.............." ඔය ඉතිං...... මට දුවන්න පුලුවන්නම් මෙලහාට මම යාපනේටම දුවලා
"ඇයි තාත්තේ....?" බිම බලාගෙනම මම උත්තර දුන්නා
" ඇත්තද මේවා...." දැං ඉතිං ගෙදර ගියත් මා නසි මග හිටියත් මා නසී කොහෙන් ගියත් මම තමයි නසින්නේ වගේ සීන් එකක් වෙලා තියෙන්නේ.... නෑ කියන්නත් බෑ... එතකොට ඕනෙ කරන වැඩේ කරගන්න පසුවටවත් සධාරණ ටෝකක් දාන්න වෙන්නේ නෑ... ඔව් කිව්වොත් කොල්ලාගේ චරිතේ නිකන් අර සිංහල ෆිල්ම් වල ඉන්න කාඩ්බෝඩ් ප්‍රේමවන්ත ගනයට වැටෙනවා..... අනේ මන්දා
" අංකල් ඇත්තද අහනවා... මෙච්චර වෙලා මෙතන අඬුවේ නැති ටික විතරයි.... දැං අංකල්ට බයේ ගල් ඉබ්බා ආසනය රකිනවා"
"කවුද ඒ ගෑනු ළමයා... නැන්දා අර හදාගන්නවා කියලා ගත්ත ගෑනු ළමයාද?" මම බිම බලාගෙනම ඔලුව වැනුවා.....වැනුවා නෙවෙයි ඉබේටම වැනුනා.....
" දැං ඒ ලමයා එහෙ නෑ කියලා නැන්දා කිව්වා...." තාත්තා ඔක්කොම දන්නවා..... මම නම් කතා කරන්නේ නෑ... දිගටම කතා කලේ අපේ බුවානේ ඌම කතා කරපුදෙං....
"ඔව්නේ අංකල්.... එයාට අම්මා තාත්තා නෑනේ... නේද මයියා..............."
"ඔව්" බුවා මාවත් මරාගෙන ඌත් චාටර් වෙන්න යන්නේ
"ඉතිං....."
"ඉතිං අංකල් එයා එයාගේ මාමා බලන්න මෙහෙ ඇවිත්" බුවා වැඩේ නාගන්නයි යන්නේ....... සමරනායකයාගේ නම ඕකා කිව්වොත් මට ඉන්න වෙන්නේ රෝද පුටුවේ නෙවෙයි  හොඳ නැදුන් මිනී පෙට්ටියක
"ඉතිං"
"ඉතිං අංකල්..... එයාගේ මාමා මෙහෙන් රට ගිහින්.... යන්නම එයා දැනගෙන හිටියේ නෑලු. කෑගල්ලෙ ඇන්ටිත් ආයේ එන්න එපා කියලානේ කොලඹ එවලා තියෙන්නේ.... ඉතිං එයා අපිව හොයාගෙන ආවාම මම අපේ නැන්දලාගේ ගෙදර සෙට් කලා"
"ආ... එහෙමද?"
"දැං මොනාද අපෙන් ඕකට කරන්න ඕනේ පොඩි පුතා" තාත්තා නෝමල් එකේ මගෙන් එහෙම ඇහුවා
"තාත්තේ..... එයාව මෙහෙ නතර කරගන්න බැරි වෙයිද?" කොහෙදෝ මුල්ලක තිබ්බ ගටක් අඟට සෙට් උණා.
තාත්තා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා... ඊට පස්සෙ යාලුවෝ දිහා බැලුවා.... ඊට පස්සේ එතනින් දොර පැත්තට යන්න ගියා. මම බුවා දිහා බලලා ඔලුව වනලා වැඩේ හරි යන්නේ නැති බව කියලා රෝද පුටුව ආපහු හරෝ ගත්තා.......
"වෙන විදියක් හිතපං මචං.........." මම කාමරේට ගොඩ වෙන ගමන් කිව්වා......
"එහෙනම් අපි තව මොකක් හරි ප්ලෑනක් ගහන්න වෙනවා..." මගේ කටින් සුළි හුලඟක් වගේ හුස්මක් පිට උණා.... ඒත් එක්කම තාත්තා නංගිට කතා කරනවා මට ඇහුණා.....
"අපිට මොනා නැතත් නංගිගේ මාර්ගෙන් තාත්තාට ඕක දාන්න තිබ්බේ..." සිකා ආයේ බයිලා කියනවා.... මොලේ කල්පනාවක් නැතුව බැරි බර කරට ගන්න ගියාම ඔහොම වෙනවා......
"අපි කාමරේට ආවට කමක් නැද්ද?" නංගි කාමරේට ආවට පස්සේ තමයි එහෙම අහුවේ
"තමුසේ ඇවිල්ලා ඉවර වෙලා අහලා වැඩක් තියනවාද?"
" අපෝ බලන්නකෝ මෙ කට්ටියේ මූණවල් වල හැටි..... කෝච්චියට අහුවෙලා වගේ"
"අන්න හරි නංගි.... අපිට නැතත් පොඩි අයියානම් කොච්චියට බෙල්ල තියන්න තමයි යන්නේ" සිකා මාව උරෙස් දෙකෙන් අල්ලහෙන හොලවන ගමන් කියාගෙන ගියා
"හේතුව"
" හේතුව ඉතිං අහේතුව තමයි"
"හ්ම්ම්ම්ම්................... රුවන් අයියේ........... ඔන්න පරක්කු නැතුව තාරකාව අපේ ගෙදර එක්කන් එන්න හරිද?" මට පටස් ගාල නංගි දිහා බැලුණා
" නැත්නම් පොඩි අයියා කෝච්චියට බෙල්ල තියයි..........."
"වැඩක් නෑ ඕයි තාත්තා කැමති වෙන එකක් නෑ" මම එහෙම කිව්වා
"තාත්තා තමයි කිව්වේ..... මට මගේ කාමරේ එයත් එක්ක බෙදා ගන්න කියලා" කිරි අප්පේ මම මේ හීනයක්ද දකින්නේ............... තාරකා අපේ ගෙදර......... තාත්තා හා කියලා......... මම ............ අනේ මට නංගිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා........... කකුල් දෙක මට නැති උණාට තාරකත් එක්ක මගේ ජීවිතේට සතුට නම් එයි ඒ මදෑ.........













Wednesday, March 16, 2011

109 කොටස



මම වටේ කොක්කු වගේ කැරකෙන ප්‍රශ්ණ ගොඩාක් එක්ක ඇඳට වෙලා සීලිමේ මකුළු දැල් ගණන් කරන්න වෙච්ච එක ගැනනම් මට දැනෙන්නේ හිරිකිතක්. මට වෙච්ච හැම දෙයක්ම හැම දේකටම කොහෙන් හරි ගිහින් සම්බන්ඳයි. මේ දවස් වල මම හතරක් ගැහුවත් නෝබෝල්. මොනාවත් කියන්න කරන්න මට අයිතියක් නෑ. මගේ හැම වැඩක්ම කරන්න වෙලා තියෙන්නේ අනුන්ට. අළුත් අම්මාගේ මලගෙදර කටයුතු එහෙම තිබ්බේ අපේ ගෙදර. ඒවාට භානුකය දාඩිය හලලා කොහොමහරි ලකුණු එකසිය ගානට දාගත්තා. කාටද ආඩම්බර. මගේ මස්සිනා වෙච්චි. ඒත් මූ මට වඩා නියමෙට වැඩේ කලා. නංගිගෙයි භානුකයගෙයි සීන් එකට ලොකු උදැල්ලක් තාත්තා දැං දාන එකක් නෑ. ලිහිණිව අරං ගිය කටේ පළුද්දක් තියන හාදයා ගැන මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒත් මට ඌව මතකයි. මෙවන් කාරයා ලිහිණි අරං ගියේ නැත්නම් කවුද ලිහිණිව අරං යන්න ඇත්තේ.... ඕක මම කල්පනා කරනවා. ඒ විතරක් නෙවෙයි මට අර හසංකයාව හම්බ වෙන්නත් ඕනේ මොකද ඌ තමයි අර සමරනායකගේ ගෙදර වැඩ කරපු ඇන්ටිව දන්නේ..... ඒත් කකුල් දෙක පොළවේ තිය ගන්නේ නැතුව මේ එකකටවත් උත්තර හොයා ගන්න බෑ. ඔක්කොටම වඩා එපාම කරපු වැඩේ තමයි අපේ ජයවීරයා ඡන්දෙන් ඉහළින්ම දින්න එක. ඒක නිසා දැං ජයවීරට සැළකිලි වැඩියි. ඌ තාත්තාගේ අමාත්‍යංශෙට අවොත් තාත්තාත් රස්සාවා තියලා ගෙදර එන්න වගේ හදන්නේ. අනේ මන්දා..... ජයවීර නිසා අපේ ගෙදර තියන ප්‍රශ්න වලට තව අළුත් ප්‍රශනයක් එකතු වෙන්න වගේ යන්නේ.
"මයියා........ මයියා.........." මගේ කාමරේට කඩාගෙන බුවා දුවගෙන එනවා......
" මොකද බං සුනාමියක්ද?"
"අහපං.... සුනාමියක් වගේ එකක්......" බුවා ඇවිල්ල ටික වෙලාවකින් ගැන්සියේ උන් මතු වෙන්න ගත්තා
" මොකද්ද?"
"පොලිසිය ලිහිණිව කිඩ්නැප් කරපු වාහනේ හොයාගෙන"
"නෑ.... ඉතිං ... කවුද ?"
"වාහනේ කුලියට දෙන එකක්ලු... ඒත් ඔය කිව්ව දවසේ ඒ වාහනේ දීලා තියෙන්නේ අතුකෝරල කියලා පොරකට..... වාහනේ අයිති කාරයා වාහනේ දෙනකොට නම ලියාගෙන තියනවා...."
" අතුකෝරල...?, මේ ලංකාවේ අතුකෝරල ලා කීදෙනක් ඇතිද බං"
" වැදගත්ම සිද්ධිය තමයි..... අතුකෝරල බුවාගේ කටේ අර කැළල තියනවා....."
"ඒ කියන්නේ මේ අරං ගිය එකාමයි කිඩ්නැප් කරලා තියෙන්නේ...?" ඒත් එක්කම අයියා මගේ කාමරේට ආවා...
"මම අහගෙන හිටියේ කතාව"
"දිමත් අයියේ.... මේ යකා තාමත් බයක් නැතිව ජයවීරයගෙන් කප්පන් ඉල්ලනවා"
"කටේ කැළලක් තියන අතුකෝරල කවුද කියලා මම දන්නවා........" මාව හොල්මන් වෙලා ගියා.. මම අනිත් උන් දිහා බැලුවා උනුත් ආයේ නෑ පෙරේත හොල්මන් වගේ..........
"කවුද?"
"කසුන් අතුකෝරල.... ඌ කුඩු කේස් එකකට හිරේ ඉඳලා ආවේ.... අපේ පන්තියේ... කොටින්ම කිව්වොත් මගේ ඉස්සර ෆිට් එකක්" දෙයියෝ සාකි ඇත්තම නේන්නම්..... මේ කසුන් අයියා.... එයාට ඕනේ ජයවීරගෙන් පලිගන්න..... දැං මට ඔක්කොම මතකයි. ලිහිණි ඇත්තේ කසුන් කාරයා ලඟ ...... බඩුම තමයි
"මචං උඹලාට මතකද අපි දවසක් ඌව ෆොලෝ කරලා උගේ ගෙදර ගියා...... ඌට කතා කරල ශෙප්මන්ට් එකක් දාගෙන...... ලිහිණිව අපිට අරං එන්න පුළුවං වෙයි.
" ලාවට මතකයි......., ඒත් ඌට අපිව මතක නැතුව ඇති."
" ලොක්කයියේ........"
" මට ඌව හම්බ වෙන්න යන්න බැරි කමක් තියනවා මයියා.........."
" ඒක මොකද්ද කියලා මට අහන්න බෑ"
"නෑ ඇත්තම විස්තරේ නම්  ඌ බැන්දේ මම මුලින් යාලු වෙලා හිටපු කෙල්ලව..... මට ඌට මූණ දෙන්න බෑ... මොකද එතනදි මම වැරදියි" අයියාත් උපාසක සක සක...... ඔය එන්නේ එයාගේ කටින්ම. ඇත්තම කියනවා නම් අපි තමයි තාම ඔටුවෝ....
"බුවා උඹ හිරාන්ට කතා කරපං, මම යන්න එන්නම් කසුන් අයියා මාව දන්නවා..." බුවා ලොක්කයියා දිහා බලනවා මම දැක්කා
"මල්ලි පරිස්සමෙන්"
"මම ගැන බයවෙන්න එපා අයියේ..... කසුන් අයියා හොද එකා"  බුවා වටපිට බලලා අපේ ටෙලිෆෝන් එක පැත්තට යනවා මම දැක්කා.......ඒත් එක්කම තේ කෝප්ප ගොඩාක් එක්ක අම්මා කාමරේට ආවා.
"පොඩි පුතා යාලුවොන්ට මේ තේ බොන්න කියන්න....." මම ඔලුව වැනුවා..... අම්මා එහෙම තියලා ගියා... අයියා එයාගෙ තේ කෝප්පෙ අරං එතනින් කැපුණා.....
"මයියා.. තව අයිඩියා එකක් දෙන්නද?"
"මොකද්ද?" මගේ කන ළඟ කුණු කුණු ගාන සිකා පැත්තට හැරුණා.....
"නංගිගේ සීන් එකත් ගොඩ ගිය එකේ නංගිට බටර් එකක් ගාලා තාරකාව උඹලෑ ගෙදර නවත්ත ගන්න ට්‍රයි එක දියංකෝ" මගේ හඳුන්පොත හිට්ටා....... තාරකා මෙහෙ..... ෂිඃ මට ඕක මූ කියනකන් මීටරේට අවේ නෑනේ.....
"මරු කතාව බං..... මට ඕක නිකමටවත් මීටර් උනේ නෑනේ..."
"ඔව් මයියා.. කෙල්ල අපි ගියොත් කඳුළු ඇස් වල පුරෝගත්ත ගමන් උඹව බලන්න ඕනේ කියලා..... " ටොලාත් ටිකක් හිමින් කියන්න ගත්තා.....
"මම ට්‍රයි එකක් දෙන්නම්..... මටත් දැං එයාව දකින්න ආසයි"
"මම හිතන්නේ කෙල්ලත් උඹට....." ඒත් එක්කම බුවා කාමරේට ආවා....
"මොකද මචං උනේ...?"
"තල්මසා එන්නං කිව්වා......උඹව අපි ලෑස්ති කරලා ගන්නම්..... ඔය බිල් ලාඩන්ගේ වගේ රැවුල කපලා පිලිවෙලක් වෙලා යං"
" හරි යං.... ඔය තේ ටික බීපං....." ඒත් එක්කම තාත්තාගේ වාහනේද කොහෙද එන සද්දේ ඇහුණා
"තාත්තා මට යන්න දෙයිද දන්නේ නෑ..."
"අපි අංකල් ශේප් කරගන්නම්"
" තාත්තා අද වේලාසනින් ඇවිත්" නංගිගේ කටහඬ
"කෝ පොඩි අයියා...." තාත්තා හොයන්නේ මාව, බුවා මාව ඒ වෙලාවේ රොද පුටුවෙන් තිබ්බා විතරයි. මම එහෙමම එළියට ආවා

" ඇයි තාත්තේ....?"
"අන්න ජයවීරගේ දුවව හම්බ වෙලාලු......"
"මොනවා.......?" මාව කරකවලා අත ඇරියා වගේ
"කොහෙදිද?"
"ඒවා දන්නේ නෑ..... " තාත්තා ගේ ඇතුළට යන්න ගියා
"මචං.. වැඩේ බරපතලයි" බුවා මගෙ දිහා බැලුවා
"ඒ කියන්නේ ලිහිණි ආයෙමත් ජයවීර ළඟ කියන එකද?"
"ඔව් ඒක තමයි" මගේ පපුව හෝස් ගාල ගියා.......දැං මම කොහොමද ආයෙත් ලිහිණිව බේර ගන්නේ. ඒ එක්කම ෆෝන් එක වදින්න ගත්තා... අම්මා හලෝ පාරක් දැම්මා
"රුවන් පුතා ඔයාට කෝල් එක" බුවා ෆෝන් එක ලඟට දුවගෙන ගියා
"ඔව් මචං දැං නිවුස් එක ලැබුණා... කොහොමද ලිහිණිට....?"
"උඹට පන්න ගන්න පුළුවන්ං නම් ලිහිණිව පන්නගනිං...... අපි බලමු ඊ ලඟට කරන්න පුලුවං දේ...." බුවා එහෙම කියනවා ඇහුණා.....
මට මේ මොකක්වත් තේරෙන්නේ නෑ දැං ආයෙත් ලිහිණිව පන්නගෙන මොනා කරන්නද? අනේ මන්දා බුවාගේ මොලේ ඔට්ටුපාලද කියලා.........













Saturday, March 12, 2011

108 කොටස


තාත්තා එව්ව වාහනේට කොල්ලො ටික මාව උස්සලා දා ගත්තා... හිතට මොකද්ද වගේ දවස් ගානකින් මම මේ එළියට යන්නේ ඒකත් මදෑ..... මම මනෝ එක්ක එහෙම සෙට් වෙලා ඉන්නකොට සිකා මගේ කර වටේට අත දැම්මා......
"මොකද බං... වැඩිය කල්පනා කරන්න ඕනේ නෑ... බලමු මොකද්ද කේස් එක කියලා"
"මම කල්පනා කරන්නේ නෑ බං... උඹලාට දැං මං කතා පෙට්ටිය වහගෙන හිටියාමත් අවුල් නේ"
" නෑ නෑ... උඹ හිතනවා කියන්නේ අපිට ප්‍රශ්න පත්තරයක්....." මේක නම් මාර හරුපයක්... නාඩි වැටෙන මිනිහෙක් උණාම මනෝ එක්ක ආතල් එකක් ගන්න බැරිද මං අහන්නේ....


ඉස්පිරිතාලට මාව අරගෙන යනකොට මම දැක්කේ භානුකයා මගේ ඉස්සරහාට දුවගෙන එනවා.......
"තෙනුර.........." 
"මචං කොහොමද උඹලෑ අම්මාට"
"අම්මා............ අම්මා බේරගන්න බැරි වෙයිලු"
" ඒ කියන්නේ...?" මම ටිකක් විතර කලබල වෙලා මම හිතන්නේ. 
" උඹලා අම්මාගේ නෑයෝ කියලා මම දන්නේ නෑ...."
" ඔව් ඒක එහෙම තමයි"
"අපි යන් බලන්න........"
"ෂවිනි ආවේ නැද්ද?" භානුකයා බුවාගෙන් මගේ රෝද පුටුව ඉල්ලගෙන ඒක තල්ලු කරන් ගියා
"එයා ගෙදර ඇත්තේ මචං...... " මාව දැක්ක ගමන් අම්මායි තාත්තායි දෙන්නාම මගේ ළඟට දුවගෙන ආවා
"පුතා පුංචිට ඔයාට කතා කරන්න ඕනේ කියනවා....."
"මට?" මම භානුක දිහා බැලුවේ බෙල්ල අංශක 360 කරකවලා. මූ මොනා හරි මේ හුට පට දන්නවාද දන්නේ නෑ.
"ඔව් ඔහොම ඇතුලට යන්න... දෙන්න පුතා මම මෙයාව ඇතුලට ගෙනියන්නම්" තාත්තා භානුකගෙන් මගේ රෝද පුටුව ඉල්ලගෙන ඇතුලට තල්ලු කරන් ගියා
"තාත්තේ.. එයාව බේර ගන්න බැරිලුද?"
" තව ටික වෙලාවක්  එයා ජීවත් වෙයි පුතා......" තාත්තාගේ වචන මට ඇහෙන්නේ කැඩි කැඩි වගේ..... මම මොකුත් කිව්වේ නෑ. තාත්තා අලුත් අම්ම ඉන්න තැනට මාව අරං ගිහින් මගේ උරෙස්සට අත තිබ්බා.....
"තාත්තා බය වෙන්න එපා..." මම තාත්තාගෙ අතට මගෙ අත තියලා එයාව කූල් කලා එයා ආපහු හැරිලා එතනින් යනවා බලාගෙන හිටපු මම හිමින් රෝද පුටුව අලුත් අම්මා ළඟට ළං කලා.
"අම්මේ..... " මම එයාගේ කටු හැම තැනටම අනලා තියන අත අත ගෑවා..... මූණ වැහෙන්නම ඔක්සිජන් එක දාලා..... හැම තැනම යෝධ පෙට්ටි වල එක එක කොල පාට ඉරි යනවා කදු යනවා..... අම්මා ළඟට ආව නර්ස් අක්කා කෙනෙක් එයාගේ ඔක්සිජන් කෝප්පේ අයින් කලා.... එයාගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා..... මගේ ඇස් දෙකත් කසාගෙන වගේ එන්න ගත්තා.... මුලින් කිව්ව කිසි දෙයක් ඇහුනේ නෑ....
මම තවත් එයා ළඟට ළං උණා.....
" අම්මේ ......"
"ම...ට ස..මා... වෙන්න.... පුතේ....." ලාවට කටහඬ දැං ඇහෙනවා
"සමාව දෙන්න ඕනේ අම්මයි මට"
" ලිහිණි...... කා....ගේ දරුවෙක්ද කි....යන එක....... ම..ම දැ..නගෙන හිටියේ...නෑ....."
" හරි අම්මේ ඒ ගැන හිතන්න ඕනේ නෑ......, "
"මම මැරුණට ... පස්සේ... එයාට ... එයා...ගේ ඇත්ත ... අම්...මාව මුණ ග..ස්සන්න පුතේ...."
"හා එහෙම කරන්නම්..................."
"එයාගේ ඇ...ත්ත.......අම්මා ගැන ... විස්තර...... සමර...නායකගේ.... ගෙදර වැඩ..කාරී දන්න්වා......"
"කවුද?" අලුත් අම්මා කහින්න පටන් ගත්තා...... එතකොට නර්ස් අක්කා කෙනෙක් අවිල්ලා ටක් ගාලා අර ඔක්සිජන් කෝප්පේ දැම්මා...... එයා අමාරුවෙන් හුස්ම ගන්න ගත්තා... මට බලාගෙන ඉන්න බැරි උණා.....
අර නර්ස් අක්කා මගේ රෝද පුටුව හරවලා දොර පැත්තට අරං ගියා.... මම සැරෙන් සැරේ පිටිපස්ස හැරිලා බැලුවා. අම්මාට මොකද වෙන්න යන්නේ.........
"මිස්......"
"එයාට අමාරුයි..... ඔයා එළියට ගිහින් ඉන්න"  එයා මාව දොරෙන් එළියට දාලා දොර වහගත්තා...... මගේ ඇහැ කසන්න ගත්තා.... ඔලුව හිරි වැටිගෙන කදූලු පොදියක් ඇස් දෙකේ හිර උණා..... තාත්තා මාව ඇවිල්ලා අල්ල ගත්තා
"පුතේ......"
" මට සමා වෙන්න තාත්තේ..... තාත්තාගේ නංගිට මෙහෙම දෙයක් උනේ මම නිසා... මට සමා වෙන්න" මට අඬෙන්න ගත්තා....... ඒත් එක්කම පොලිසියෙන් එතනට එනවා මම දැක්කා...... 
"කවුද දිමත් අතපත්තු කියන්නේ.......?" අයියා පුටු පේලියේ ඉඳගෙන ඉදලා නැගිට්ටා........
"අපිත් එක්ක යමු පොලිසියට" තාත්තා ඒ පැත්තට දුවන්න ගත්තා.... 
"ඇයි ඉන්ස්පෙක්ටර් මේ......"
" අපිට කට උත්තර ගන්න ඕනේ... මේක ජයවීර මහත්තයාගේ ගේ ඇතුලෙදි වෙච්ච සිද්ධියක්...... ආරක්ෂක අංශය කියන විදියට මෙයා... මිසිස් ජයවීරව පැහැරගෙන යන්න හදලා තියෙන්නේ....."
"අමූලික බොරුවක්...... අමූලික බොරුවක්" තාත්තා කෑ ගහන්න ගත්තා
" ඉන්ස්පෙක්ටර් මම ජයවීරගේ පුතා....." භානුක ඉස්සරහාට යනවා මම දැක්කා......
" ඔව්....." 
"මම කියනවා.. දිමත් අයියා පැහැරගත්තේ නෑ...... එයා ජයවීර හිර කරගෙන හිටපු එයාගේ පුංචි අම්මවා අරං යන්න ආවෙ......" තාත්තා භානුක දිහා බැලුවේ පුදුමෙන්.
"මිසිස් ජයවීරව හිර කරගෙන හිටියා...."
"මිසිස් ජයවීර මැරුණේ මේට අවුරුදු 10කට කලින් ගේ ඇතුලේ ගින්නකින්..... මරණ සහතිකේ අපි ළඟ තියනවා......." තාත්තා විතරක් නෙවෙයි මාවත් එතනම ගල් ගැහිලා..........
"ඒත්...." පොලිසියත් කොර වෙලා............... 
" දිමත් අයියාව අතාරින්න... මම එන්නම් පොලිසියට කට උත්තරේ දෙන්න.......... " භානුක පොලිසියත් එක්ක යන්න පිටත් උණා....
"පුතා.........." තාත්තා භානුකව නැවත්තුවා.... 
"අංකල් බය වෙන්න එපා ජයවීර කියන්නේ කවුද කියලා මේ රට දැන ගන්න ඕනේ..... මම යනවා....." භානුක පොලිසියත් එක්ක යන්න ගියා.. ඒත් එක්කම අර අයි සී යූ එකෙන් මිස් කෙනෙක් එළියට ආවා.....
"මිස්ටර් අතපත්තු......" ඒක ඇහෙනකොට තාත්තා අසරණයෙක් වගේ මේ පැත්තට දුවගෙන ආවා
"සොරි මිස්ටර් අතපත්තු... එයා නැති උණා...." තාත්තාගේ ඇස් පිය උණා..... ඇස් වලින් කදුලු බේරුණා... එතනම තිබ්බ පුටුවේ ඉඳගත්තා.... මගේ ඇස් දෙකට කඳුලු කැට මතු සම්බන්ද වෙලා ආයෙත් එන්න ගත්තා..... අම්මා .............. හුළඟක් වගේ මගේ ජීවිතේට ඇවිත්...... සුළි හුළඟක් වෙලා යන්න ගියා...... එයා යන්න ගියාට අපි හැමෝම සුන්බුන් වෙලා එයා ගිය දිහා බලන් ඉන්නවා කියලා එයා හිතන්න නැතුව ඇති..... ලිහිණි තාම අතුරුදහන්..... තාරකා ............. ඒ විතරක්ද මම තවමත් අබ්බගාතයෙක්......






 

Sunday, March 6, 2011

107 කොටස


ගෙදර එකම සද්දයක්...... මට ඇහෙනවා මිසක් පෙන්නෙ නෑ.....තාත්තාත් ඒ පැත්තට දිව්වා..... අක්කත් මොනාද මොනාද කියනවා... රෝද පුටුවත් තාත්තා එහයින් තියලා... මේ වෙලාවට නැති කකුල් දෙකෙන් මොකටද? ටික වෙලාවකින් දෙයියෝ දැක්කා වගේ බුවා කාමරේට දුවගෙන ආවා.
" මොකද්ද මචං වෙලා තියෙන්නේ....?" මටත් වචන කියවෙන්නේ හෝඩියේ එකා සල් ගස සල් මල කියනවා වගේ....
"මොකුත් අවුලක් නෑ... උඹ වැඩිය ඔළුවට ගන්නේ නැතුව හිටහන්" මේක දොම්පෙට පාර අහුවා වගේනේ... මුන් ඔක්කොම මාව බබා කරන්න යන්නේ............
"මේ මගේ යකා අවුස්සගන්නේ නැතුව කියන දෙයක් කියපන් බං..මෙච්චර මේ ගෙදර මිනිස්සු බෙරිහන් දෙද්දි උඹ කියන්නේ මට උඹව විශ්වාස කරන්න කියලද?....... මොකද්ද කියපං අයියාට උනේ......."
"අයියාට මොකුත් නෑ බං........." මට ඉතිං මලේ මල..... මූව දැං නම් මට කම්මුතු කරන්න පුලුවං
"අන්න අර උලව් රෝද පුටුව මෙහාට කරපං...... උඹට කියන්න බැරි නම් මම ගිහින් බලා ගන්නම්"  මගේ කටට ආවේ සිංහලෙන් ලියවෙච්ච ග්‍රීක් වගේ වචන....බුවාට ඒක නොකර ඉන්න බැරි උණා. ඒත් එක්කම සිකයි ටොලයි කාමරේට ආවා. දැං ගෙයි කිසි හාහූවක් නෑ... එක වෙලාවක ඇහෙන්නෙ හොටු උඩට අදින සද්දයක් විතරයි. බුවා මාව පොඩ්ඩක් උස්සල කරලා පුටුවේ ඉන්ඳුවා.... මම අනිත් උං දිහා නොබලාම එතනට යන්න  හැරුණා.....
"මයියා........... කළබල වෙන්න දෙයක් නෑ........අයියාගේ ෂර්ට් එකේ ලේ පැල්ලමක් දැකලා ගෙදර කට්ටිය බය වෙලා.....". සිකා  හිමින් කිව්වා
"ලේ පැල්ලමක්.............. මොනා වෙලාද ලොක්කයියාට?"
"උඹලෑ පුංචි හිටියේ ජයවීරගේ ගෙදරනේ"
"ඔව් ඒක මම දන්නවානේ?"
"එයාව පන්නන්න යනකොට සිකුරුටි එකෙන් දැකලා අපිට වෙඩි තිබ්බා............." මාව රත් වෙලා ගියා
"අයියාට වැදුනාද?"
"නැහැ........... වෙඩි වැදුණේ උඹලෑ පුංචිට"
" මොනවා....................?" මගේ ඇඟම හිරිවැටිලා ගියා
"එයාව කොහොම හරි හරහාට වඩාගෙන අයියා ඉස්පිරිතාලේ ගෙනිච්චා..... එයාගේ ලේ අයියාගේ ෂර්ට් එකේ ගෑවිලා" ටොලා ඉතුරු ටික කියලා දැම්මා
"කොහොමද එයාට........... ?" මගේ මූණ පුරා දාඩිය දාන්න පටන් ගත්තා
"එයාව බේරගන්න ඩොක්ටර්ලා පුළුවං තරම් ට්‍රයි එක දෙනවා..... උඹ කලබල වෙන්න ඕනේ නෑ...... උඹලෑ තාත්තාලා දැං එහෙ යයි" දෙවියනේ මේ හැම දෙයක්ම උණේ මම හිනදා නෙවෙයි ද? ඒ මට මේ ලෝකෙ පෙන්නපු අම්මා නේද? මගේ ඇස් දෙකට කඳුළුද කොහෙද ආවා... ලේසියකින් මගේ ඇස් දෙකට කඳුළු එන එකක්යෑ
"මචං ඇයි මේ...? " සිකා මගේ ලඟ දණ ගහලා වඩි උණා.............
"උඹලා මට හැමදේම හංගන්න හදන්න එපා...... මට දරා ගන්න පුළුවං ඕනෙම දෙයක්......" ටොලා හිනා උණා...
"අපි මොනා හංගනවාද බං"
"ඔය ඉස්පිරිතාලේ ඉන්නේ මගේ අම්මා බං" ගැන්සිය මූණට මූණ බලා ගන්නවා මම දැක්කා........... මම ඔක්කොම විස්තරේ මුන්ට කිව්වා... උනුත් මුලින් මම මේ කතාව ඇහුවාම හිටියා වගේ ෆුල් තක්කු බුක්කු. ඒත් ඒක මේ කතාවේ හැටිනේ.....
"හරි ඇත්තම කියන්නම්කෝ...." බුවා පාපොච්චාරණයක් පටන් ගන්නවා වගේ මූණ හැදුවා
"මොකද්ද?"
"ලිහිණි අපිට තාම හොයා ගන්න බැරි උණා......" බුවා ඒ ටික කිව්ව එක මට සතුටුයි.
"මම් ඒක දන්නවා...."
"ඒත් අපිට තාරකා හම්බ උණා මචං" සිකාත් මෙන්න කියනවා
" ඔව් තාරකා ඉන්නේ බුවාගේ නැන්දාලාගේ ගෙදරනේ" මුන් ආයෙත් එක එකාව බලා ගත්තා
"ලිහිණි අතුරුදහන් උණ එකට මෙවන් සම්බන්ද නෑ"
"මොකා........."
"ඔව් මෙවන් සම්බන්ද නෑ.............." අයේ පැටලෙනවා මේක...මට නම් තේරෙන්නේ නෑ මොනා වෙන්න යනවාද කියලා
" එහෙනම්...?"
"මට හිතෙන්නේ මේක ජයවීරගේ වැඩක්"
" හිතන ඒවා හිතලා වැඩක් නෑ... මෙවන් ඇරෙන්න ඒ අහිංසක කෙල්ලට හතුරෝ හිටියේ නෑ බං"
" පිලිගන්නවා... ඒත් මචං මෙවන් මේ දවස් වල උගේ අම්මත් එක්ක සිංගපොර් ගිහින්"
"උඹලා කොහොමද දන්නේ?"
"අපි නිකන් හිටියේ නෑ හෙව්වා........."
"හරි එහෙනම් ජයවීර ඕක කලා කියමු... මොනද ඒකට සාක්ෂි"
"එයා ලිහිණි නැති වීමත් දේශපාලනේට හරවා ගත්තා............ අනික ජයවීරට ඒ ගැන කිසි ගානක් නෑ"
"ඒක ප්‍රබලා සක්ෂියන් නෙවෙයි එහෙම අනුමාන කරන්න..............."
"එහෙනම් කවුද උඹ කියන්නේ" ගැන්සියම මගේ දිහා බලාගෙන
"මට හිතෙන විදියට මෙතන තර්ඩ් පාර්ටියක් සම්බන්දයි... ජය වීරයා එහෙම කලානම් අපේ පුංචිව පාරේ දාලා යන්නේ නෑ.... එයා එහෙනම් මෙහෙම සාක්ෂි  ඉතුරු කරන්නේ නෑ"
උඹ කියන දේ ඇත්ත............. හරි අපි කාවද සැක කරන්නේ?"
"ජයවීරගේ හතුරෙක්"
"සමරනායක" බුවා කතා කලා
"එයත් නෙවෙයි.... එයත් සාක්ෂි මඟ හලලා යයිද?"
" පොඩ්ඩක් හිටපං අද උඹලෑ පුංචි කිව්වා...... කෙට්ටු..... උඩ තොලේ කැළලක් තියන...... සුදු... උස හාදයෙක් තමයි වාහනේට ඇදලා දාගත්තේ කියලා. ඔය කිව්ව වගේ එකෙක් මට නිකන් මතකයි වගෙ ඒත් හත් දෙයියනේ කොහෙන්ද මට මතක් වෙන්නේ නෑනේ..... මම කල්පනා කලා. ඒත් එක්කම අපේ ටෙලිෆෝන් එක වදිනවා එකසිය ගානට..... අපේ ගෙදර කවුරුත් නෑ වගේ බුවා දුවලා ගිහින් ඒක ගත්තා. ටික වෙලාවකින් බුවා ..... 
"මයියා....." බුවා එතන ඉදං කෑ ගහන්න ගත්තා... එහා පැත්තෙ ඉන්න එකාගේ කන සාප්පුවෙන් ගේන්න වෙන්න ඇති
"ඇයි බං......"
"උඹ ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙයං..........." ඌ කෑ ගැහුවා.............. ඒ පාර මොකද වෙලා තියෙන්නේ................ අළුත් අම්මාට අමාරු වෙලා වත්ද?