පිටුව

Monday, February 28, 2011

106 කොටස


මූ අම්බානක පොලිෂ් වෙලානේ..... බලාපල්ලකෝ සුගන්දය ගෙට ගොඩ උණාම කුස්සියට එනවා.... 
"තාරකා මම ඔයාට පස්සේ කතා කරන්නම්" මම එකපාරටම ෆෝන් එක තිබ්බා...
" අප්පටසිරි යකෝ...." තල්මසා දත් තිස්දෙකම පෙන්නලා මගේ ලඟට ආවා
"මට ආරංචි උණා මචං උඹේ තත්ත්වේ" ඌ මගේ ලඟට ලඟ තියන පුටුවක් ඇදලා අරං වාඩි උණා
"උඹ කවද්ද බං ආවේ........"
" දැං දවස් දෙක තුනක් වෙනවා..... ලිහිණි අතුරුදහන් වෙලා කියලා දෙන ගත්තාම මට එහෙ ඉන්න හිතුනෙ නෑ බං"
"ඔව් මචං... මොනාද දැං නිව්ස්"
" ලිහිණිව අංකල්ට ඕනේ නම් කෝටි 5ක් ඉල්ලනවා..."
"කවුද බං ඕවා කරන්නේ..... මෙවන්ද?" තල්මසා මගේ ඇස් දෙක දිහා බැලුවා
"මෙවන්ට එච්චර ගටක් නෑ බං............ ඌට තියෙන්නේ උගෙ තාත්තාගේ හයිය විතරයි"
"උගේ තාත්තා බර වාහනයක්ද?"
" උඹ දන්නවානේ මේ පාර ඉලෙක්ෂන් කැම්පේන් එකේ ආණ්ඩුවට උදව් කරපු මහා ධානපතියා...."
"සිරාවට මම ඒ ගැන දන්නේ නෑ.... මට ඉලෙක්ෂන් ගැන නම් කිසිම අයිඩියාවක් නෑ"
"මීඩියා ඔක්කොම වැඩ කලානේ බං ඉලෙක්ෂන් එකට...." තල්මසා මගේ දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආව කුරුමිට්ටෙක් දිහා බලනවා වගේ
"කවුද බං ඕවා බලන්නේ..... කියපං කව්ද ඕකා"
"සමරනායක"
"මොකා.........................?" මට හිටගන්න පුළුවන් නම් මම මෙලහට අඩි දෙකක් විතර උඩ පැනලා හිටගෙන
"ඔව් ඇයි උඹ දන්නවාද?"
"එච්චරම නෑ......" මූට මම සමරනායකව දන්න තරම් කියන්න ගියොත් අවාසි වෙනවා
"ඒ කියන්නේ මෙවන් සමරනායකගේ පුතා..."
"ඔව් මචං"
" ලිහිණි යාලු වෙලා හිටියේ මෙවන් එක්ක"
"ඔව් ඔව් උඹට මතකනේ...."
" මෙවන් කාරයා ලිහිණිව කිසිම දැන්වීමකින් තොරව  අයින් කලා"
"ඔව් ඒ නිසා ලිහිණි ලෙඩ වෙන්න ගත්තා"
" ජයවීර නැත්නම් උඹේ අංකල් මෙවන්ව අරං ගිහින් තර්ජනේ කලා"
"උඹට කතාව මාර විදියට මතකයිනේ බං" මට දැනුයි මේකෙ මුල මැද අග තේරෙන්නේ...... මෙවන් එහෙම කලේ සමරනායකගේ කීමට සමරනායකගෙ නංගිට වෙච්ච දේට පලිය ලිහිණිගෙන් ගන්න. ඒත් ලිහිණි මෙවන් නිසා සිය දිවි නසා ගත්තේ නෑ... මම මේකට එන්ටර් උණා... මාව මේකෙන් කපලා දාන්න උන් මට තර්ජනේ දැම්මා..... ඒ නිසා මම මේ සීන් එකෙන් කැපුණා... දැං තාරකා දැක්කට පස්සේ මුන් තාරකාව තුරුම්පුවක් කර ගන ජයවීරයා අවුස්සන්න හැදුවේ.... ඒකත් අප්සෙට්... අන්තිමට ලිහිණිව ඉස්සුවා.
"මොනාද මචං උඹ මේ හෝ ගාල කල්පනා කරන්නේ...?"
"මොකුත් නෑ.... ඒ කාලේ කාපු කෑම මතක් උණා"
"මෙවන් කාරයා මගෙන් බේරෙන්නේ නෑ.... මුලින් ලිහිණිව හොයා ගන්න ඕනේ"
"ඔව් මචං.....ඔය කප්පන් කාරයා අපි හොයා ගමු. ජයවීර ඒ කියන්නේ උඹේ අංකල් මොනාද දැං කරන්න හිතන් ඉන්නේ?"
" එයා ඉතිං දේශපාලන පලිගැනීම් ගගා ඒකෙනුත් ඉලෙක්ෂන් කැම්පේන් කරනවා" මූ දන්නවා නම් ජයවීර මගේ තාත්තා මූ මගේ මස්සිනා කියලා මොනා වෙයිද?
"හිරාන්... ඒ කියන්නේ උඹේ අංකල්ට මේක එක සිද්ධියක් විතරයි... එයා ලිහිණිව බේරගන්න මොකුත් කරන එකක් නෑ විශේෂයෙන්ම කෝටි පහක් වියදම් කරන එකක් නෑ........"
" මටත් ඒක තේරිලා ඉන්නේ.... භානුකයා පිස්සු බල්ලා වගේ"
" අපි එකතු වෙලා මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕනේ... උඹ දන්නවානේ.... මට ඇවිද ගන්න බෑ... උඹගේ කාර් එක මට ගොඩාක් ඕනෙ වෙනවා."
"උඹට ඕනේ වෙලාවක ඒක තියනවා... මගේ නම්බරේට කෝල් එකක් ගනින්"
"මට අපේ ගැන්සියේ එකෙක්වත් ඇත්ත කියන්නේ නෑ... උන් හිතන්නේ මට දරා ගැනීම නැති වෙලා මොකක් හරි අවුලක් වෙයි කියලා.....ඒත් මට ඕනෙ දෙයක් දරා ගන්න පුළුවං.... ලිහිණි කියන්නේ මමත් ගොඩාක් ළඟින් අශ්‍රය කරපු කෙල්ලෙක්...... ඒ නිසා මගේ වගකීමක් තියනවා එයාව කොයි ලෝකෙන් හරි හොයා ගන්න එක....." තල්මසා කොර වෙලා මගේ දිහා බලාගෙන හිටියා
"මචං..... ලිහිණිව මට ඕනේ....."
"ඔව් අපි හොයා ගමු.... හැලපයෝ වගේ දැක්ක තැන නාගන්නේ නැතුව එකට කතාවෙලා වැඩේ කරමු"
" උඹ කියනවා වගේ ඔය කතාව කරන්නේ අපි කොහෙද?"
"මෙහෙ නැතුව කොහෙ හරි අපි වැඩේ සෙට් කර ගමු....... උඹ අනිත් උන්ව ලෑස්ති කර ගනිං මම එනවා කියලා කියන්න ඕනේ නෑ. අපි එතනදි හම්බ වෙමු" මම දැං දෙන්න යන්න ජේම්ස් බොන්ඩ් ගේමක්. ඒකත් කකුල් දෙකෙන් නෙවෙයි රෝද පුටුවෙන්.


මට වෙලාවකට හිතෙනව අපි සායකෑල්ලක් වැලක දැක්කත් ඕවර් යනවාද කියලා.... මිනිහෙක්ට වටිනාම තමන්ගේ අගේ කොටසක් සොරි උණාම ඒ මිනිහා ඒක සනීප කර ගන්න දත කන්නෙ නැතුව කෙල්ලෙක් නිසා ආයේත් අම්බානකට කන්න හදන කතාවක් මම ඉතිහාසෙවත් අහලා නෑ. එහෙම ගත්තාම මම ගිනස් පොතට යන්න ඕනෙ පොරක්. හොඳම වැඩේ තියෙන්නේ මම මේ අත ගහන්නේ කාටවත් අයිති මල් වට්ටි වලට. ඒත් ඉතිං චාටර් වෙන  එක උපන් හැටියක් වෙච්ච එකේ ඕක මොකද්ද. ලිහිණිගෙන් පටන් ගත්ත මේ ඔක්කොම දේවල් අන්තිමට ඉවරක් වෙන්න ඕනේ හොඳ විදියකට.... දවසක මටත් එහෙම හිතල ඇස් දෙක පියා ගන්න පුළුවං.... මගේ ජීවිත කාලේ මොකක් හරි ගතියක් තියන වැඩකට අත ගැහුවා කියලා..... තල්මසා ගියාට පස්සේ මම එහෙම හිත හිතා ඉන්නකොට එක පාරටම මගේ කර උඩට අතක් ආව හෙන ගහනවා වගේ. මගේ තිබ්බ දරුණු කමට කවුරුවත් මාව උස්සලා ඇදෙන් තියන්නවත් උනන්දු උනේ නෑ. මම ඔලුව උස්සලා බැලුවා. කිරි අප්පේ මේ තාත්තා නේද?
"මොකද පොඩි පුතා මේකට වෙලා කරන්නේ...?"
"අඳේ ඉදලා ඇති වෙලා තාත්තේ.....?" ඒත් මට දැං ඇදට යන්න ඕනෙ වෙලා තියෙන්නේ.....
"අයියා.... කොහෙද ගියේ?" තාත්තා මාව කිහිල්ලට අත දාලා යන්තම් උස්සල ඇද උඩින් තිබ්බා
"කියලා ගියේ නෑ" මම දන්නවා අයියා ගිය තැන ඒත් තාත්තාට ඕව කියලා වැඩ කලාස් කරන්න ඕනේ නෑනේ...."
"ලබන මාසේ අපිට ඇමරිකා යන්න පුළුවං........" තාත්තා මගේ පල්ලෙහාට එල්ලෙන කකුල් දෙක උස්සල ඇඳ උඩින් තිබ්බා
"ඔය තැන් වල යන්න වියදම් කරන්න ඕනේ නෑලු...... අපේ හොද වෙදෙක් ඉන්නවා කියන්නේ?"
"මටත් කීප දෙනක්ම වෙද මහත්තුරු ගැන කිව්වා... ඒත් මට ඕනේ ඔයාව ඉක්මනට ඇවිද්ද ගන්න" තාත්තා මා දිහා බැලුවේ බඩගිනියි කියන හිඟන පැටියෙක් දිහා බලනවා වගේ දුකකින්
"අපේ රටේම ඉදලා මට ඇවිදගන්න පුළුවං කම තියෙද්දි ලක්ෂ ගානක් වියදම් කරන්න එපා තාත්තේ..... අක්කා කසාද බදින්න ඕනේ... නංගිගෙත් අනාගතයක් තියනවා... අපි ඔක්කොට තියන මේ ගෙදර උකස් කරලා මට විතරක් සළකලා වැඩක් නෑ... අපි ඔක්කොටම සතුටු වෙන්න පුලුවන් දෙයක් කරමු" තාත්තා එක පාරටම මගේ ලඟින් වාඩි වෙලා ඇස් දෙක මිරික ගත්තා.......... තාත්තාත් බවලත් වගේ ටැප් එක අරින්න පුරුදු වෙලා මම දැං මෙයාට පොඩි එකෙක් වගේ අඬන්න දෙයක් කිව්වද?
"ඉතිං මොකටද මේ...?' මටත් ටික වෙන්න දුක හිතුණා
"මම එක දවස් උඹට කිව්ව උඹ මේ ගෙදර කවුරු ගැනවත් හිතන එකෙක් නෙවෙයි කියලා.............. ඒත් අපිට වඩා උඹ අපි ගැන හිතනවා පුතේ........" තාත්තා මගේ ඔලුව අත ගෑවා
" ඔය ගේ උකස් තියන වැඩේ නවත්තන්න.......... අපි අපේ රටේ දේවල් විශ්වාස කරමු තාත්තේ..."
"මම ඒ ගැන කල්පනා කරලා බලන්නම්" තාත්තා එතනින් නැගිට්ටා
"මම ගැන අනුකම්පාවෙන් බලන්න එපා..... මට තාම ඔලුවේ පණ තියනවා තාත්තේ" තාත්තා මා දිහා බලාගෙන ඉදලා එහෙමම එතනින් යන්න ගියා.......
" තාත්තේ ................... තාත්තේ....................." නංගි හති දාගෙන දුවගෙන ආවා
" මොකද ළමයෝ මේ........"
" තාත්තේ ලොක්කයියා........." නංගිට කියා ගන්න බෑ..........
"ඉතිං........"  නංගි දඩෝං ගාල සිහි නැති උණා...........
" අනේ මහත්තයා......" අම්මත් මරලතෝනි දෙනවා........... මොකද්ද  මේ වෙලා තියෙන්නේ ෂිඃ.......... මට යාගන්න බෑනේ............













Tuesday, February 15, 2011

105 කොටස



මම ඇඳට උණාට පස්සේ මුන් ඔක්කොමලා මාව වටේ යවන්න පුරුදු වෙලා. මම කවදාවත් ගැන්සිය මෙහෙම වැඩක් කරයි කියලා බලාපොරොත්තු උණේ නෑ. ඒ කියන්නෙ ලිහිණි තාම හොයාගෙන නැද්ද... ලිහිණි විදියට එදා මට කතා කලේ තාරකා තමයි. ලිහිණිට මොකක් හරි කරදරයක්වත්ද? ඒ කියන්නේ එදා මට තාරකත් බොරු කිව්වා. මම කොහොමද මුන්ගෙන් එකෙක්වත් විශ්වාස කරන්නෙ.ටික වෙලාවකින් අක්කා මගෙ ලඟට ඇවිල්ලා ඔළුව අත ගෑවා. අනික මට පෙන්නන්න බැරි මේ අනුකම්පාව තමයි.
"මොකද්ද මයියා මේ ප්‍රශ්නේ"
"කිසි ප්‍රශ්නයක් නෑ... පේන්නෙ නැද්ද මගෙ මුනේ තියන ආතල් එක"මම රෝද පුටුව කැරකෙව්වා
"ඔයා කරදරෙන් අපි ඒක දන්නවා... අපි ඉක්මනට ඔයාව ඇවිද්දවනවා" අක්කා ඔන්න ආයෙමත් කියනව. මේ කකුල් දෙක නෑ කියලා මට ඉවසන්න පුලුවං ඒත හත දෙයියනේ මේ ගල පැලෙන කෙප්ප කාටද ඉවසන්න පුළුවං.
"මේ අක්කේ මට ඇත්තටම දැං බයිලා අහන්න වෙලාවක් නෑ....." මම යන්න ලෑස්ති වෙනකොට අක්කා රෝද පුටුව පිටිපස්සේ ඉඳං තල්ලු කලා.
" කවුරුත් මගේ පස්සේ එන්න ඕනේ නෑ මම දන්නවා යන විදිය" අර අරෝන් ආතට මූඩියක් පෑගුණා වගේ මම රෝද පුටුව තල්ලු කරන් ගියා. ඇත්තම කියනවා නම් මගේ මල දුර දිගටම පැනලා තියෙන්නේ. මට කාමරේ ලඟට යන්න හම්බ උණේ නෑ මෙන්න කෝල් එකක්. මම කාමරේට අමාරුවෙන් ඇතුල් උණා.
"උඹට මයියා...." අක්කාගේ කටහඬේ පැහැදීමක් නම් තිබ්බෙ නෑ.
"කවුද?" මම ආයේ ටෙලිෆෝන් එක පැත්තට හැරෙන්නේ නැතුවම අහුවා
"මම කොහොමද දන්නේ.... ඇවිත් බලා ගන්න එකයි ඇත්තේ" අප්පටසිරි අක්කටත් මල පැනලානේ. ඇත්තනේ මේ ලොකේ මල පනින්නේ මට විතරයෑ. මම ආයේ රොද පුටුව ඌ ටර්න් එකක් දැම්මා. මේක අරං යන එක ලේසි නෑ. මම ආයේ එතනට යනකොට මිනිත්තු 5ක් විතර ගියා.
"හලෝ"
"හ හලෝ" මේ කටහඬ මට අඳුණන්න බැරිද? 
"කවුද?" මම බොරුවට ඇහුවා. මම හොඳට දන්නවා ඒ තාරකා කියලා
"තාරකා..."
"ෂුවර්ද ඔය ලිහිණි නෙවෙයි කියලා" මම එහෙම අහුවේ ටිකක් තදින්
"ලිහිණි නෙවෙයි"
" මට ෂුවර් නෑ" 
"තෙනුර..... ඔයාට තරහ ගිහින්"
"නෑ නෑ මට තරහ ගියේ නෑ තාම ආව විතරයි"
"ඔයාට තරහ ගන්න හොඳ නෑ"
"මට හොඳ දේවල් නරක දේවල් කියන්න ඔයා මගේ කවුද?" වැරදි මොනා හරි කියවුණාද මන්දා
"කවුද නම් මම දන්නේ නෑ... ඒත් ඔයා ඔහොම ඉන්නවා බලන්න මට බෑ "
"ඔයා මම ඉන්නේ කොහොමද කියලා දැක්කේ නෑ නේ"
"මට ඔහොම කතා කරන්න එපා තෙනුර..." ටැප් එක ලාවට ඇරිලා වගේ. මට දුක නම් තාම හිතුණේ නෑ.
"ඔයා මම ගැන කරදර වෙන්න ඕනේ නෑ.. ඒකට මගේ අම්මලා තාත්තාලා ජීවතුන් අතර ඉන්නවා. ඔයා බුවා එක්ක සතුටින් ඉන්න එකයි ඇත්තේ..." ඈ යකෝ ඒ කියන්නේ දැං මට මේ ඩෝං ගියේ බුවා තාරකා දෙන්නාගේ ෆිට් එක නිසාද? අම්මපා දැං ඒ වචන ටික කටින් පිට වෙනකං ඒක මමවත් දැනගෙන හිටියේ නෑනේ. මාර සීන් එක. දැං ඉතිං කියපුවා ගන්න යෑ.
"රුවන් මට උදව් කලේ තෙනුර..... එයා මට ඉන්න හිටින්න තැනක් හදලා දුන්න එච්චරයි"දැං නම් මාර ප්‍රෂර් එකකින් ටැප් එක වැඩ.
"එහෙම කියලා ඌත් එක්ක එකතු වෙලා බොරු කියන එක හරිද?" දැං මගේ අර තිබ්බ කටේ සැරත් අඩු වෙලාද කොහෙද?
"නෑ එහෙම කරන එක වැරදියි. ඒත් මම ඔයාට බොරු කිව්වේ ඔයා ගැන හිතලා"
"මරුම මරු කතාව"
"ඔයා මට ඕනෙ තරම් බනින්න... ඔයා ලිහිණි නිසා ගොඩාක් දුකින් හිටියේ.... ඔයාට එහෙම ඉන්න හොඳ නෑ ඒකයි මමත් බොරු කිව්වේ"
"නිදහසට මගේ මොලේ අමාරුව ගාව ගන්න ඕනේ නෑ තාරකා....."
"කුමාරි ඇන්ටිලා ඔයාව බලන්න එනකොට මාව ගෙනල්ලා කොළඹ බැස්සුවා සමරනායකලෑ ගෙදර යන්න කියලා. එයාලා හිතන්නේ ඒ මගේ මාමා කියලානේ. මට එවෙලේ කර කියා ගන්න දෙයක් නෑ.... මම සමරනායකලෑ ඇඩ්‍රස් එක හොයාගෙන හොයාගෙන ආවා. ඒ එනකොට රුවන්ලා ඒ පැත්තට මාව පාස් කරගෙන ගියා. රුවන්ලා මාව අඳුණගෙනද කොහෙද වාහනේ ඇවිත් මම කොහෙද යන්නේ කියලා ඇහුවා. මම යන තැන කිව්වාම එතන හිටිපු අනිත් එක්කෙනා එහෙ යන්න එපා කියලා මාව වාහනේ නග්ග ගත්තා. මාව වාහනේ තියා ගන්න බැරි නිසා තමයි රුවන් එයාලෑ නැන්දාලෑ ගෙදර මාව බැස්සුවේ. "
" ලිහිණි තාම ආගිය අතක් නෑ ඔයා ඒක දන්නවාද?"
"ලිහිණි ඉන්නවා.... ලිහිණිව දෙන්න එයාල ලිහිණිගේ තාත්තාගෙන් කප්පන් ඉල්ලනවා...."
"මොනවා....කවුද එහොම කරන්නේ?"
"රුවන්ලා ඒ ගැන තමයි හොයන්නේ... ලිහිණි එක්ක අරං ගිය අනිත් ගෑනු කෙනාගේ අතපය බැදලා පාරේ දාලා ගිහින් තිබිලා" තාරකා මේ කියන්නේ අළුත් අම්මා ගැන වෙන්න ඕනේ. අළුත් අම්මාව ජයවීරට අහු උණේ කොහොමද එතකොට. මාර ප්‍රශ්න ගොඩයි.
"හ්ම්ම්ම්...... දැං ඔය හොටු පෙරන එක නවත්තන්න" මම හිමින් කිව්වා
"මට සමා වෙන්න තෙනුර"
"හරි හරි..... දැං මීට පස්සේ ඔයා වැඩ කරන්න ඕනේ මට ඕනේ විදියට හරිද?"
" මොනාද?"
"රුවන්ගෙන් නිවුස් අහගෙන ඔයා මට වාර්ථා කරන්න ඕනේ.... මම දන්නවා උන් මට මොකුත් කියන්නේ නෑ කියලා"
" හා....."
" ඔයා සමරනායකලාගෙ ගෙදර ගියේ නැති එක හොඳයි, දැං බුවාගේ නැන්දා ඉන්නවාද?"
"නෑ එයා ඡන්දේ දාල එන්න ගියා"
"මමයි ඔයාට කෝල් කලේ කියලා ඔයා කොහොමද දැන ගත්තේ?"
"මේකෙ සී එල් අයි තියනවා"
"ඒකත් එහෙමද?" මට යන්තම් හිනා ගියා
"තාරකා...."
"හ්ම්ම්ම්ම්"
"කවදද මාව බලන්න එන්නේ?" 
"ඔයා මට එන්න කියන ඕනෙම දවසක"
"දැං?" මම එහෙම අහලා වටපිට බැලුවා කවුරුත් නෑ. 
"රුවන් ආවම එන්නද?"
"දැං රුවන් නැතුව මොකුත් බෑ වගේ නේ"
"එහෙම නෙවෙයි. මම ඔයාලෑ ගෙදර තනියම එන්න දන්නේ නෑනේ" මට හිනා ගියා.... පව් අහිංසක කෙල්ල... වෙලාවකට නප්පියට මට මෙයා එක්ක මල පැන්නට එක චුට්ට වෙලාවයි. 
"මම දැං තනියම කිසි දෙයක් කර ගන්න බැරි මිනිහෙක් තාරකා.... ඔයා රුවන්ට ලං වෙන එක හොඳයි. එතකොට මම නැති කාලෙක ඔයාගෙ හොටු පිහින්න කවුරු හරි ඉන්නවා"
"ඔයාට පිස්සුද තෙනුර.....?"
"හ්ම්ම් චුට්ටක් විතර" තාරකා ටික වෙන්න හිනා උණා....
"ඔයාව සනීප කරන්න පුළුවං වෙදෙක් ගැන මම රුවන්ට කිව්වා.... ඔයා එහෙ යනවා නම් මමත් එනව ඔයාට සාත්තු කරන්න" මගේ පපුව කඩාගෙන ඒ වචන ටික බොක්කෙම තැම්පත් උණා. 
"මම ගැන එච්චර හිතන්න ඕනේ නෑ..... ඔයා හොඳින් ඉන්න... "
"ඔයා කල්පනා කරලා බලන්නකෝ ... ඒ වෙද ගෙදර පුංචි පුංචි කටු මැටි කුටි වගේලු හදලා තියෙන්නේ.... වෙද මහත්තයාගේ වෙද කම් වලට සාත්තු කරන්න ගෙදර කෙනෙකුත් අරං යන්න පුළුවං"
"හ්ම්ම්ම්...... අපි බලමු ඉස්සරහාට" 
" ඔයා එහෙම යනවා නම් යන්නේ ලිහිණිව හම්බ උණාට පස්සේ නේද"
"ඒ කෙල්ල පව්. දැං මොන වගේ තත්වෙකින් ඉන්නවද දන්නේ නෑ...... "
ඒත් එක්කම වාහනයක් අපේ ගෙවල් ලඟ නතර කරනවා මට ඇහුණා..... මම නිකමට ඒකෙන් බැහලා ගෙට ගොඩ වෙන එකා දිහා බැලුවා. හත්වලාමයි මේ තල්මසා නේද?

Friday, February 11, 2011

104 කොටස


මාව ඉස්පිරිතාලෙන් එලියට දානකම්ම ඊට පස්සෙ ලිහිණිවත් තාරකාවත් කතා කලේ නෑ. මගේ හිතේ ප්‍රශ්න එහෙමම, ඉස්සර කකුල් දෙකට වැඳ වැඳ දිව්ව. දැං නම් මම මොන තරම් වැන්ඳත් කකුල් දෙක වැඩ නෑ. ඕකට තමයි කියන්නේ අබුද්දස්ස කාලේ වතුරත් අතින් අරන් කන්න වෙනවා කියලා. මාව ගෙදර ගෙනාවාට පස්සෙ නැන්දාලා මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. සංසාරේ තිත්ත වෙනවා අප්පා. මේකද මගේ ජීවිතේ ඉතුරු කාලේ. කොච්චර කට්ටිය මට ඇවිත් සනීප වෙනව කිව්වට මට ෂුවර් එකක් නෑ. තව මාසයයි තියෙන්නේ විභාගේට. මේකට වෙලා ඉඳගෙන මට විභාග කරන්න බැරි වෙනවා. මට දුක නෑ. ඒත් තාරකා මම වගේ නෙවෙයි එයාට ඉගෙනගන්න අරමුණක් තිබ්බා.... දැං මේ කියන විදියට ඒකත් කඩාකප්පල් වෙලාද? මට තේරෙන්නේ නෑ.
" පොඩි අයියේ..... මෙන්න ඔයාට උණුම උණු තේකක්....." නංගි මට තේක දෙන ගමන් මගේ ලඟින් වාඩි උණා
"මට පොඩි උදව්වක් කරනවාද?"
"මොකද්ද?"
"ඩයිනමයිට් එකෙන් හරියට අහලා කියනවා තාරකා කොහෙද ගියේ කියලා... එයාට නොකියා යන්න විදියක් නෑ"
"අම්මලා එළියට ගිහින් අයියේ... ඡන්දේ දාන්න.... ෆෝන් එක ලොක් කරලානේ" මම ලොකු හුස්මක් පිට කලා.... ඒත් එක්කම මගේ කාමරේට කඩාගෙන ආවේ ගැන්සිය
"මයියා නිවුස් එකක් තියනවා....."
"මොකද්ද?" නංගි හෙමින් සැරේ අපිට කතා කරන්න දීලා යන්න ගියා. බුවා ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා
"එකක් කිව්වට දෙකක්"
"ඉතිං කියපං.... දැං මේ කාමරේ ඇතුලේ බී බී සී වලටත් සිග්නල් නෑ"
" ඔය වගෙ කකුල් පණ නැති වුණ, අංශ භාගෙ හැදුණ කට්ටිය නිට්ටවටම සනීප කරණ වෙද මහත්තයෙක් ඉන්නවාලු පොළොන්නරුව පැත්තෙ..."
"ඉතිං..."
"ඉතිං කියන්නේ උඹේ සබ්බ සකලමනාව අරං එහෙ ගිහින් අපි සනීප කර ගමු"
"තාත්තා මාව පිටරට ගෙනියන්න ට්‍රයි එක දෙනවා"
" මේක කපන්නේ කොටන්නෙ නැතුව කරන වැඩක්"
" මම කියලා බලන්නම්" ඔන්න මට එන නිවුස්.... දැං වෙද මැදුරු තමයි මගේ නවතම නිවුස්. කාලේ වරද්ද
" තව වැඩක් තියනවා"
"මොකද්ද?" මම එච්චර ආසවකින් අනිත් එක අහන්න ගියේ නෑ... චාටර්... ඔය මොන නිව්ස් එක උණත් අන්තිමට මගේ කකුල් දෙකෙන් ඉවර වෙන්නේ
"තල්මසා ලංකාවට ඇවිත්" මම එක පාරටම අවුල් උණා
" ඌ එනවා කිව්වේ තව මාස දෙකකින් වගේ නේ"
" ඔව් ඒත් මචං ලිහිණිගේ ප්‍රශ්නෙන් පස්සේ මිනිහා ලංකාවේ"
"ලිහිණිට මිනිහාව බඳින්න වෙනවාද ඒ කියන්නේ?" මගේ කතාවෙන් ටොලායි සිකායි දෙන්නම හිනා වෙන්න ගත්තා
"නෑ බං..... තාම නෑ මුලින් ජයවීරය ඡන්දෙන් දිනන්න එපෑ ඔය ඔක්කොම වෙන්න"
"මට ලිහිණි ගැන දුකයි "
"එතකොට තාරකා" ටොලාත් මව බයිට් එකට ගන්න වගේ හදන්නේ. උන් දෙන්නම මගේ ඇස් දෙක වගේ කියලා සිංදුවකුත් තියනවා නේ.....
"තාරකාව බලන්නත් ආසයි.... උඹලා තාරකා ඉන්න තැන හොයලා බැලුවේ නෑනේ" ඒත් එක්කම අයියා කඩාගෙන කාමරේට ආවා අපි ඔක්කොම හොල්මන් වෙලා බැලුවා
" ජයවීර පුංචි නැන්දාව ආයේ මරන්න හදනවාලු ...... මල්ලිලා මාත් එක්ක යන්ද?"
"එතකොට ලිහිණි.....?" මම කෑ ගහලා ඇහුවා
"ලිහිණි ආගිය අතක් නෑ මල්ලි... අපිට එයාගෙන් ඇති වැඩක් නෑනේ..... පුංචි නැන්දාව බේර ගන්න යමු කොහොමහරි ජයවීරලාගේ ගෙදර ගිහින් එයාව පන්න ගමු"
"ලිහිණි ආගිය අතක් නෑ... " මම ලඟ හිටපු බුවාගේ අත මිරිකලා අල්ල ගත්තා
"උඹලා තාම ලිහිණිව ගෙදර ගිහින් දැම්මේ නැද්ද?" මම ඇහුවේ හොරෙන්... බුවා වටපිට බැලුවා
"මචං.. උඹ අවුල් නැතුව හිටපං අපි අයියා එක්ක ගිහින් එන්නම්"
"කරුණාකරලා මට උඹලෑ නැන්දාගේ ගෙදර නොම්බරේ දීපං" මම කෑ ගැහුවා.... බුවා අවුල් වෙනවා මම දැක්කා.... ඒත් කරන්න දෙයක් නෑ ඔක්කොම ඉස්සරහා ඌ මගේ මේසේ උඩ තිබ්බ පෑනකින් මගේ අතේ නොම්බරේ ලියලා අයියලාත් එක්ක යන්න ගියා. උන් ගියාට පස්සේ මම කාටවත් කතා නොකරම මාර ගේමක් දීලා රෝද පුටුවට පැන ගත්තා... තව නූලක් මිස් උණානම් අද මට කන්න වෙන්නේ ඉස්සරහා දත් පේලීයම නැතුව. මම රෝද පුටුව අරං යන්නේ පලවෙනියෙන්ම අට ගහන්න හදන දඬු මොණර කෝඬුකාරයෙක් වගේ. කොහොම හරි ෆෝන් එක ලඟට ගිහින් අර නම්බර් ටික අල්ලලා දාල තියනව පුංචි ඉබ්බාට හොඳපාරක් දාල කඩලා දැම්ම. ඒක ඇහිලා නංගියි අක්කයි දෙන්නම දුවගෙන ආවා. මම එයාලට උත්තර බදින්න ගියේ නෑ අතේ තියන නම්බර් එකට කෝල් එකක් ගත්තා...... ඇත්තම කියනවා නම් මට දැං බුවාවත් ෂුවර් නෑ
" හලෝ..."
"නැන්දේ මම රුවන්..... අරයා ඉන්නවාද?" මම නම කියලාවත් කතා කලේ නෑ. 
"ආ ඉන්න පුතා..... තාරකා..... ඔයාට රුවන් කතා කරනවා" බුවාගේ නැන්දා ෆෝන් එක කනේ තියාගෙනම එහෙම කියනකොට මාව හිරි වැටිලා ගියා. ඇයි හත්දෙයියනේ බුවාගේ නැන්දාලෑ ගෙදර ඉන්නේ තාරකාද? එතකොට ලිහිණි. මම කතා නොකර එහෙමම ෆෝන් එක තිබ්බා.


Tuesday, February 8, 2011

103 කොටස



" තෙනුර අතපත්තු....?" පොලීසියේ බුවා කියන්නේ මගේ නම, මම නැගිටින්න හැදුවට නැගිටගන්න බෑ.....
"ඉන්ස්පෙක්ටර් එයා අසනීපෙන් ඉන්නේ....? මොකද්ද ප්‍රශ්නේ?" මට වඩා කලබල වෙලා තියෙන්නේ සිකා.....
මූට නිකන් දියෙන් එළියට ඇදලා දැම්ම සාරි ගප්පියෙක් වගේ සන්නිය හැදිලා
"ඒක අපි දන්නවා ඉස්පිරිතාලෙක ඉන්නේ අසනීපයක් නිසානේ.... අපිට පොඩි කට උත්තරයක් ගන්න ඕනේ..."
නිකං ඉල්ලගෙන ගල් බනිස් කනවා කියන්නේ ඕකට තමයි. සිකා කට වහ ගත්තා... මුන් මගෙන් අහන්නෙ ෂුවර් එකටම ලිහිණි ගැන.
"අහන්න සර්..." මම එහෙම කියලා නැගිටින්න හදන්නකොට සිකා ඇවිත් අතින් ඇදලා මාව ඉන්දෙව්වා...
"අපිට පැමිණිල්ලක් ආවා... තෙනුර අද මේ තත්ත්වෙ ඉන්නේ මීට අවුරුද්දකට විතර කලින් සිද්ද උණ දෙයක් නිසා කියලා.... "  කිරි අප්පට පූසොත් බුරපි කිව්වලු. මෙච්චර වෙන්ට ඇමතිලාගේ ළමයි පැහැරගෙන යනවා.. ඒවා පැත්තකින් තියලා අවුරුද්දක් පරණ කුණු ගොඩක් අවුස්සනවා.. අනෙ මන්දා මෙහෙමම තමයි ඉතිං හැම්දේම. රටට චිරං ජයතු....
"ඔව් ඔව්.... ඒක පරණ කතාවක්නේ."
"ඒ අයව අඳුණගන්න බෑ කියලා තමයි පහුගිය කට උත්තරේ තියෙන්නෙ ඒත් අද අපේ හිටිපු ඇමති එක්කම අතපත්තු මහත්තයා ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා ආයේ ඒකේස් එක ඇදලා ගන්න කියලා... අපිට ඔයාගේ සපෝට් එක නැතුව වැඩේ කරන්න අමාරුයි පුතා..."
" ඉතිං ඉන්ස්පෙක්ටර් මහත්තයා ගහපු අලුත මට එයාලව මතක නැත්නම් දැං කොහොම මතක තියෙන්නද?"
"අපිට ඔයාගෙ තාත්තා වැඩි දුරටත් කිව්වේ ඒ මෙවන් සමරනායක කියලා තමයි" තාත්තාත් අරින්නේ නැති පාටයි.... දැං මෙවා කියලා මට මෙවන්ගේ කකුල් බද්ද කරන්න යෑ මේවා නිකං අපරාද වැඩ.
"මම මෙවන් කියලා කාව වත් දන්නේ නෑ... තාත්තා එහෙම කියනවා නම් ඒක ගැන හොයලා බලන්න..... මට කියන්න තියෙන්නේ එච්චරයි...." මම මොකුත් නොකියන්නේ බයකට නෙවෙයි... මට මීට වඩා ගොඩාක් දේවල් ඕකත් එක්ක විසඳගන්න තියනවා.... අනිත් එක දැං මට ඉස්පිරිතාලේ පයිප්ප දිගේ බඩ ගාන්නත් බැරි එකේ කටවහගෙන ඉන්න එක තමයි කිඩ්නියෙන් දැනෙන එකම දේ.... පොලිස් අංකල් මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා. ආයේ කතා කලා
"මට ඔයාගෙ කට උත්තරේ නැතුව මේ වැඩේ දිගටම කරන්න විදියක් නෑ... ඔයාගේ කට උත්තරේ වෙනස් කරන්න ඕනෙ නම් මට කතා කරන්න පුතා..." පොලිස් අංකල් කාමරෙන් එළියට ගියා සිකා දොර වහලා ඇවිල්ල මගේ දිහා බලාගෙන හිටියේ උගෙන් මම මොනා හරි මංකොල්ලා කෑවා වගේ....
"මොකද බං.... වල් ඌරා වගේ "
"වල් ඌරා තමයි.... බලපං මෙවන් කාරයාව යසට කොටු කරන්න තිබ්බානේ ඇත්ත කිව්වා නම්....."
"මචං.... අහක ඉන්න සරුපයෝ සරම අස්සට දාගෙන උන් කෑවා කියලා නඩු යන්න ඕනේ නෑනේ.... මෙවන් කාරයා කොහෙන් ගියත් මගෙන් බේරෙන්නේ නෑ.... ඕක පොලිසියට අහු උණොත් බේරෙන්න අන්තිම ලේසියි.... උගේ තාත්තා සල්ලි කාරයෙක් මම දන්න විදියට.... ඒත් ඕකට ගේම දෙන්න ඕනේ ඇඩ්‍රස් හොයා ගන්නේ නැති වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් ඉවසපං...."
"උඹට ඇඩ්රස් හොයා ගන්න වෙයි දැං හැංගෙන්න උඹේ තාත්තාගෙන්"
"මම හිතන්නේ නෑ ... මම මට ගහපු කතාව එයාට කියලා නෑ.. ඒත් තාත්තා එදා අපි කතා වෙනවා අහගෙන හිටියා.. එයා දන්නවා මම ගුටි කෑවේ ලිහිණි නිසා කියලා"
"උඹේ තාත්තාට උඹම උත්තර දීපං එහෙනං....."
"මම හිතුවෙ පොලිසියෙන් ආවේ ලිහිණි ගැන කට උත්තර ගන්න කියලා"
" මාත් එහෙම හිතුවා බං..."
"බුවා ලිහිණිව ගෙදර බැස්සුවා නම් හරි"
"හ්ම්ම්ම්" සිකා සද්ද නැතුව ආයෙ ටීවී එක පැත්ත බලා ගත්තා.......
 මම ටික වෙලාවක් කල්පනා කර කර හිටියා.... ඇත්තටම මම අනාගතේ ප්ලෑන් කරන්න පුලුවං කමක් දැං නෑ.... ආයේ කන පැලෙන්න මේක වදිනවා. මම අත ගාලා ටෙලිෆෝන් එක අතට ගත්තා 
"හලෝ......"
" තෙනුර..............." මම ටික වෙලාවක් කතා නොකර අහන් හිටියා මේ ලිහිණිද තාරකාද මම දන්නේ නෑ.. ඒත් මේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්.
"කවුද මේ....."
"මම තාරකා........" අනේ දෙයියනේ මේ ඔයාද..... ඒත් මම කතා කරන්න හොඳ නෑ... කියන දේ අහන්නේ නෑ නේ
"ඇයි දැං කතා නැත්තේ...."
"මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ..." මම මල පැන්නා වගේ කතා කලා....
"මෙහෙම කරන්න එපා.... තෙනුර ඔයා බලන්න මම එන්න ඕනේ, ඒත් මට එන්න පුළුවං කමක් නෑ"
"නෑ නෑ කවුරුත් මාව බලන්න එන්න ඕනේ නෑ"
"නපුරු වෙන්න එපා තෙනුර...... "
"ඔව් ඒ මගේ උපන් හැටි "
" ඔයාට ලිහිණි කතා කලාම නම් නලෝලා කතා කරයි...." කිරි අප්පේ මෙයාට ඩෝං ගිය තරම්..... අර කම්බුලේ වල බලාගන්න මට ඔන්න මාර ආසවක් එන්න ගත්තා....
" මට එක එක්කෙනාව නළවන්න ඕනේ නෑ..."
"ඔව් ඒක නම් මම දන්නවා..... මම ෆෝන් එක තියෙනවා........" 
" ඔහොම ඉන්නවා..... තමුසේ ඩයිනමයිට් පරාදයිනේ...." මම කලබල උනේ තාරකා ෆෝන් එක තියෙයි කියලා
"මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕනේ නෑ... මට ඕනේ ඔයාට කොහොමද කියලා දැන ගන්න විතරයි...."
"කවුද ළමයෝ රණ්ඩු උනේ.... හරි දැං ඔයා කොහෙද ඉන්නේ...."
"කොළඹ"
" කොළඹ කොහෙද, සමරනායකලාගේ ගෙදරද?" තාරකා ටික වෙලාවකට සද්ද නැති උණා....
"තාරකා........"
"මම ඔයාට හෙට කතා කරන්නම්"
" මට උත්තරයක් දෙන්න......"
" මට ඉන්න තැන කියන්න බෑ... ඒත් මම හොඳින්"
"මට ඔයාව බලන්න ඕනේ තාරකා"
"මටත්...." තාරකා ඒක කිව්වේ බර කරලා ඒත් රහසින්
"එහෙනම් මට ඉන්න තැන කියන්න මම මගේ යාලුවෙක් එවන්නම් ඔයාව එක්කගෙන එන්න"
"මම ඔයාව බලන්න පුළුවං ඉක්මනට එන්නම්...."
"ඔයා කොහොමද මගේ හොස්පිටල් නම්බරේ දැන ගත්තේ...?"
"මම මේකලාට කෝල් කරලා අහගත්තා......."
"කොහෙටද?"
"ගෙදරට"
"ගෙදරට? "
"ඔව්...ඇයි?" මාව ටිකක් අවුල් උණා අද නැන්දාලා අපේ ගෙදර ඉන්නවා කියලා නේද ගියේ............. 
"ඔයා දැං ද කෝල් කලේ..."
"ඔව් තෙනුර ඇයි?"
"නෑ නිකං......" 
"මම ඔයාට හෙට කතා කරන්නම්"
"හරි හෙට කතා කරන්න"  තාරකා ෆෝන් එක තියන්න කලින් මම ෆෝන් එක තිබ්බා.. ඊට පස්සේ ඉස්පිරිතාලෙන්ම මම ගෙදරට කෝල් එක ගත්තා... වෙලාව 8ට විතර ඇති....
"හලෝ............" එහා පැත්තේ කතා කරන්නේ නංගි
"නංගි.... නැන්දාලා ගෙදර ගියාද?"
"නෑ අයියේ.... ඇයි?"
"ඩයොනමයිට් එක ඉන්නවාද?"
" ලොකු එකද පොඩි එකද?" එහෙම කියන ගමන් නංගි හිනා උණා
"පොඩි...." ඒත් එක්කම ෆෝන් එකෙන් ඇහුණේ පොඩි ඩයිනමයිට් එකේ කට හඬ කන පලාගෙන
"ඇයි අපිව හීනෙන් පේනවාද?" මගෙ හිත හිරි වැටිලා ගියා........... ඇයි තාරකා මට බොරු කිව්වේ..... එයා කොහෙද ඉන්නේ.... දැං එයා කොහොමද මම ඉන්න තැන දන්නේ..... මේවා මාව ෆුල් හොල්මන් කරලා ගිය ප්‍රශ්න



Sunday, February 6, 2011

102 කොටස


මට මෙතන ඉඳං මොනා කරන්නද හිතා ගන්න බැරි උණා..... හැමදේම ගැන හම්බ කලකිරීමක් දැනෙන්න ගත්තා. ලිහිණි මොන තරම් අහිංසකද එයාගෙන් මොකට පලි ගන්නවාද?ඒත් එක්කම බුවයි, ටොලයි ආපහු කාමරේට ආවා..
"සිකා උඹ මයියා එක්ක හිටපං... මමයි ටොලයි භානුකයා එක්ක මෙවන්ලාගේ ගෙදර යනවා...."
"භානුකයා මෙවන්ලාගෙ ගෙදර දන්නවාද?" මගේ තිබ්බ කලබලේ වචන වලින් ඇහෙනකොට මටවත් තේරුම් ගන්න බෑ වගේ....
"ඔව් ඌ දන්නවාලු..... "
"මචං.... මාවත් අරං පලයං.... මෙනුකයා ලිහිණිට කරදරයක් කරයිද දන්නේ නෑ..."
"උඹට පිස්සුද මයියා..... අපි බලාගන්නම් උඹ බය වෙන්න එපා..."
" මෙන්න මේ මගුල් සේලයින් එක ගලවන්න මට උදව්වක් දීපං... මට ඇති ලොකු ලෙඩක් නෑ...."
"මයියා උඹට බෑ..... අද හවස් වෙන්න කලින් මම ලිහිණිව උඹ ලඟට ගෙනාවේ නැත්නම් මට උඹ බුවා කියලා කතා කරන්න එපා.....වරෙං ටොලා" බුවා ටොලාවත් අඬගහගෙන එතනින් යන්න ගියා මගේ ලෝකෙම නිකන් අමුතු වේගෙන එනවා මට දැනෙනවා.... ඒත් අමුතු කරගෙන් බෑ මමත් ජීවත් වෙන්න එපෑ. විශේෂයෙන්ම හොඳට හිතලා බලලා කරේ දාගත්ත අමාරු දෙක නැති වෙනකන්........... එක්කෙනෙක් ලිහිණි අනිත් එක්කෙනා තාරකා.
"උඹ මොනාද මේ හිතන්නේ... වැඩිය හිතන්න ඕනේ නෑ..... අපි බලමු.."
"මචං..... ලිහිණි කියන්නේ අහිංසක කෙල්ලෙක්..... එයාට මොන හරි උනොත් ඒ උනේ මාව බලන්න ඇවිල්ලා...."
"මයියා... පිස්සු කියවන්නේ නැතුව හිටහං....." නංගිත් මගෙ ලඟට ඇවිල්ලා මගේ ඔළුව අත ගාන්න පටන් ගත්තා... මට පෙන්නන්නම බැරි මෙ අනුකම්පාව තමයි....


හවස වෙනකන් මගේ පපුව තිබ්බේ බිත්තර තම්බන ගානට රත් වෙලා ඒ අස්සේ අම්මලා නැන්දලා ඇවිල්ල රොටි පුච්චගෙනත් යනවා. සිකා මගේ ලඟ තනියට ඉන්න පොරොන්දු උණ නිසා අනිත් ඔක්කොම හෙට එනවා කියලා යන්න ගියා..... මගේ කාමරේ තියන ටෙලිෆෝන් එක ටික වෙලාවක් වදින්න ගත්තා..... මට එක පාරටම නගිටින්න පුළුවං එකෙක් යෑ සිකා ෆෝන් එක ගත්තා
"හලෝ"
"මචං උඹලා මාර පොරවල්නේ..." මෙ සිකා කතා කරන්නේ බුවා එක්කද කොහෙද?
"ආ.... මයියා ඉන්නවා හිටපං...." සිකා මට ෆෝන් එක දුන්නා....
"බුවා මචං ලිහිණි...."
"ඒක තමයි බං.... ලිහිණි ඉන්නේ අපිත් එක්ක......."
"ෂුවර්...." මට මාර සතුටක් දැනුණා.....
"ඔව් ඔව්... ආ කතා කරපංකෝ...." බුවා කතා කරලා ටික වෙලාවකින් ලිහිණි කතා කරන්න ගත්තා....
" ලිහිණි"
"මම සනීපෙන් තෙනුර..............."
"මෙවන් කාරයා මොනාටද ඔයාව...?"
"දැං ඒවා වැඩක් නෑ..."
"කෝ ඔයාගේ අම්මා....?" මම ප්‍රශ්නේ අහලා ටික වෙලාවක් යනකන් සද්දයක් තිබ්බේ නෑ..."
" ලිහිණි......"
"මම හොඳින් තෙනුර... අම්මා.... ගියා..."
"කොහෙද?"
"මේ මේ....." ටික වෙලාවක් ආයේ සද්ද නෑ....ලිහිණි මොනා හරි මගෙන් හංගනවා වගේ
"ලිහිණි..........."
" එයා ගෙදර ගියා.........."
"ගෙදර කොහෙද? එයාට ගෙදරක් නෑ හොටේල් එකක ඉන්නේ...."
" ආ ඔව් හොටේල් එකක තමයි" ලිහිණි කතා කරන්නේ හරි අමුතු විදියට 
" ලිහිණි කොහෙද දැං ඉන්නේ...."
" රුවන්ලාගේ ගෙදර....." බුවාට අමු කැවිලාද...?  ලිහිණිව ගෙදර බැස්සුවේ නැත්නම් බුවාට ජය වීරගෙන් මැරුම් කන්න වෙන්නේ... මේ බූරු පැටියාට ඒක තේරෙන්නේ නැද්ද?
"ඔයාට පිස්සුද... දැං ගෙදර යන්න...."
"මට ගෙදර යන්න බෑ...."
" පිස්සු නොකර ගෙදර යන්න ලිහිණි........"
" මම ඉක්මනට යන්නම්....."
"ලිහිණි..... ප්‍රශ්න හදා ගන්න එපා....."
"නෑ මට ඔයාව බලන්න එන්න ඕනේ ...." මෙන්න ටැප් එකක් අරින සද්දයක් වගේ ඇහෙන්න ගත්තා.... 
"ලිහිණි අඬනවාද?"
"අඬන්න එපා ලිහිණි... දැං එකපාරක් ඇවිත් වෙච්ච දේ දැක්කානේ... ආයේ ආවොත් මොනා වෙයිද දන්නේ නෑ..... හරි නැනීගේ ෆෝන් නම්බරේ දෙන්නකෝ..... මම කෝල් කරන්නම්"
"නැනී ඒ කවුද?" මේක හතරබීරි කතාවක්නේ නැනී එයා නැත්නම් මමද දන්නේ....?"
" ලිහිණි ඔයා හොඳ සිහියෙන් නේද කතා කරන්නේ......?"
"මට මහන්සි තෙනුර......" ඒත් එක්කම බුවාගෙ කටහඬ ඇහෙන්න ගත්තා....
"මචං ඔන්න දැං අප්සෙට් නැතුව හිටපං...."
"ලිහිණිව උඹලෑ ගෙදර තියා ගන්න එපා බං...."
" උඹට මාව සැකද?"
" නෑ නෑ..... එත් ජයවීර දැං පිස්සු බල්ලා වගේ ලිහිණිව හොයනවා ඇති...."
"මට තේරෙනවා..... දැනට ලිහිණි ඉන්නේ අපේ නැන්දාලෑ ගෙදර... එයා තනියමනේ ඉන්නෙ මම ලිහිණිව එහෙ නැවත්තුවා... නැන්දාත් ලිහිණි ඉන්නවාට කැමති උණා.... උඹ අවුලක් කර ගන්න එපා..... ලිහිණි හොඳින්..."
"මචං..... මෙවන්..........."
" ඌ ගැන මම බලා ගන්නං දැං උඹ ගින්නක් නැතුව නිදා ගනිං" මම බුවා ෆෝන් එක තිබ්බට පස්සේ ෆෝන් එක තිබ්බා... ලිහිණි මාත් එක්ක කතා කලේ දවල් මාත් එක්ක කතා කලා වගේ නෙවෙයි... එයා මම අහන දේකට උත්තර දෙන්න කලිං ගොඩාක් හිතන්න පටන් ගත්තා......අනික.. එයා මට ගොඩාක් දේවල් කියන්න හදනවා වගේත් දැනෙන්න ගත්තා... එයාගේ කට හඬ මාව තවත් අවුල් කලා.... මොකද්ද මේකේ තේරුම..... සිකා මෙලෝ සිහියක් නැතුව ටීවී එක බලනවා....
"අද සවස් භාගයේ විපක්ෂ අපේක්ෂක ඇම් ජයවීරගේ දියණිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබ ඇත... මෙ පිලිබඳ අදහස් දක්වන අපේකෂක ජයවීර පවසන්නේ මේ සියල්ල දේශපාලන පලි ගැනීම් බවයි...ඇය සොයා බැලීමට රජය රහස් පොලිසියට භාර දී ඇති අතර මෙයින් රජයට කරන්නාවූ බරපතල චෝදනාව ඉල්ලා අස් කර ගන්නා මෙන් ඉල්ලා සිටී..........."
මෙන්න ටීවි එකෙත් ලිහිණි ගැන කියනවා... ලිහිණි බුවාගේ නැන්දාලාගේ ගෙදර ඉන්න බව දන්නවා නම් ඒ මිනිස්සුන්වත් මරලා ලොකු විනාසයක් කරනවා......... එත් එක්කම මගේ ඉස්පිරිතාලේ දොරට කවුදෝ සද්ද කරන සද්දයක් ඇහෙන්න ගත්තා... සිකා ගිහිං දොර ඇරියා...... ඉස්පිරිතාලේ දොරෙන් ඇතුලට ආවේ පොලිසියෙන්.........ඒ පාර මේ මොකද්ද මේ සිද්ධිය..........



Wednesday, February 2, 2011

101 කොටස



මෙතන මොනවයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි වෙලා තියෙන්නෙ....
"අම්මි..............." ලිහිණි එක පාරටම කෑ ගැහුවා..... බුවා මගේ දිහා බැලුවේ පරක්කු වෙලා හරි පළමු වේදිකාවට ආව කෝච්චිය දිහා බලනවා වගේ........ මගේ අළුත් අම්මත් කියා ගන්න දෙයක් නැතිව එතනම ඉන්නවා. මෙන්න එක පාරට කෙහෙල් කඳක් කැපුවා වගේ ලිහිණි ඩවුන්ද පල්ලම්........ බිමටම වැටෙන්න නොදී සිකා ලිහිණිව අල්ල ගත්තා... මාව ඒක දැකලා ෆුල් අබ්ලික්... අළුත් අම්මා දුවගෙන ඇවිල්ල ලිහිණිව තුරුල් කර ගත්තා....
"ලිහිණි............. අනේ ලිහිණි... දුව.....  ඔය වතුර ටිකක් දෙන්නකෝ" ටොලා මගේ ඇඳ ලඟ තියන මේසෙ උඩ තිබුණ වතුර කෝප්පෙ ඒ පැත්තට දුන්නා.. මම බුවාගෙ අතේ එල්ලිලා බිම දේවල් බලන්න පොඩ්ඩ වෙන්න ඉඳ ගත්තා.....
"අම්මී.............. අනේ මගේ අම්මී......." ලිහිණි අළුත් අම්මා බදාගෙන අඬන්න ගත්තා....... ඇති යන්තම් කෙල්ලට අවුලක් නෑ... මේකත් මාර වැඩක් තමයි.... පිස්සු හැදනවා.... හැබැයි දැං අළුත් අම්මට නම් ගැලවිල්ලක් නෑ..... හැම දේම වෙන්නේ මාර හොඳට කිව්වාලු.
"ඔයාට කොහොමද මගේ දූ....."
"අනේ මාව ඔයා එක්ක එක්කන් යන්න අම්මී............. අනේ ප්ලීස් මට තාත්ති එක්ක ඉන්න බෑ...." ලිහිණි පොඩි එකෙක් වගේ අඬනවා.....
"නැගිටින්නකෝ දූ.... මේ බලන්න පොඩි ළමයෙක් වගේ අඬන එක නවත්තන්න... දැං අම්මි ඇවිත්නේ ඉන්නේ....." ලිහිණි බිම ඉඳලා අළුත් අම්මගේ අතේ එල්ලිලාම නැගිට්ටා...........
"රුවන්... ඔයා ඉක්මනට දුවලා ගිහින් භානුකට කියවාද අපේ අම්මිව හම්බ උණා කියලා..........." බුවා මගේ දිහා බැලුවේ මේ මොකද්ද බං මේ හරුපේ කියලා අහනවා වගේ.මම ඇහැක් ගහලා අර කිව්ව වැඩේ කරන්න කියලා ඔළුවෙන් කියලා දැම්මා......
"භානුක එන්න ඕනේ නෑ....... අපි යමු භානුක ලඟට...... පුතා....." අළුත් අම්මා මගේ පැත්ත හැරුණා.....මම නිකන් පිස්සු හදිලා වගේ ගියා........
"ඇයි....?"
"තාත්තා කෝ..." අළුත් අම්මා මාත් එක්ක කතා කරනවා ලිහිණි බලාගෙන හිටියෙ පුදුමෙන්
"දැං ඇවිත් එළියට ගියා....."
"මෙන්න මේක තාත්තාට දෙන්න..... මම එන සෙනසුරාදා ආයේ ආව තැනටම යනවා......"
"හදිස්සියේම....." මම ලිහිණි දිහා බලන ගමන් කිව්වා
"ඔව් තව කාටවත් මම නිසා කරදරක් වෙනවා බලන්න මට ඕනේ නෑ..... ඔයාලා හොඳින් ඉන්න...." අළුත් අම්මා ලිහිණිවත් එක අතකින් තුරුල් කරන් දොර පැත්තට ගියේ කහ පාට එනිලොප් එකක් මට දීලා.....
"අම්මේ..............." මට ඉබේටම කියවුණා... ඒක ඇහුණ ගමන් එක පාරටම අළුත් අම්මා මා දිහා බැලුවා.... එයාගෙ ඇස් දෙකේ තත්පරේට කඳුළු පිරෙන්න ගත්තා....
"ඇයි පුතේ........."
"පරිස්සමෙන් යන්න.... යනකොට ලිහිණිවත් එක්කන් යන්න එයාට ඔයාව ඕනේ වෙන කාටවත් වඩා" අළුත් අම්මා ලිහිණි දිහා බැලුවේ ඇස් වලින් කඳුළු ගලද්දි..... ලිහිණි මගේ දිහයි අම්මා දිහයි බැලුවෙ මොකුත් තේරුම් ගන්න බැරි මොකද්ද එකක් දිහා බලනවා වගේ..... එ දෙන්නා කාමරෙන් පිට උණා... දැං ඉතිං කටවල් ඇරන් ඉන්න මගේ ගැන්සියට ඔක්කොම ටික කියන්න ඕනෙ නේ..... මම හුස්මක් එහෙම ඇරලා කතාව මුල ඉඳං අග වෙනකම්ම කියලා දැම්මා......
 කතාව ඉවර වෙනකොට ඔක්කොමලා හිටියේ මනෝ ලෝක වල....
"මයියා කතාවේ හැටියට ලිහිණි කියන්නේ තාරකාගේ නිවුන් සහෝදරියක් වෙන්න පුළුවන්" බුවා අන්තිමට කට ඇරියා....
"මටත් ඕක හිතනවා බුවා..... ඒත් හරි විස්තරක් දැන ගන්නේ නැතුව ආවට ගියාට ඔය කෙල්ලෝ දෙන්නටම බලාපොරොත්තු දෙන්න අපට බෑනේ...."
"අපි දැං මොකද කරන්නේ..... උඹත් අර ගහෙන් ගෙඩි එනවා වගේ ෆුල් කචල් උණානේ...."
"මොනා කරන්නද ටොලා.... වෙන්න තිබ්බ දෙයක් තමයි...."
"මට මෙ වෙලාවට තමයි අර මෙවන් කාරයාට දෙන්න හිතෙන්නෙ ගිය ආත්මේ මතක් වෙන්න" බුවා දත් මිටි කන්න පටන් ගත්තා.....
"කලබල වෙන්න ඕනේ නෑ..... අපි එන විදියකට මූණ දෙමු.... උඹලා මට උදව්වක් කරන්න ඕනේ...."
"උඹට නොකරන උදව් අපි ලඟ තියනවාද කියපං..."
"අර කියනදෙයක් තේරුම් ගන්නේ නැති පිස්සි සමරනායක ලඟට ඇවිල්ල කියලා ඩයිනමයිට් එක කිව්වා...."
"කවුද තාරකාද?"
"වෙන කවුද බං.... ඒකි අමාරුවක වැටෙයි කියලා මට සෑහෙන බයක් තියනවා...."
"උඹ බය වෙන්න එපා අපි අද හවසට ඒ පැත්තේ සර්ච් එකක් දාගෙන එන්නම්"
"පුළුවන් නම් එහෙන් පන්නගෙන මෙහෙට ගේන්න බලන්න..."
"මෙහෙ ගෙනල්ල උඹ එක්ක හොස්පිටල් එකේ තියන්නද, කාලා තියෙයි එහෙනම්" සිකාගෙ කතාවෙන් ඔක්කොටම අම්බානකට හිනා...
"මූට මූඩ් එක එන්න බෝතලයක් විතර කරුණා කරන්න ඕනේ..."
"ඔව් කෙල්ල මෙහෙට අරන් එනවා නම් උඹලා අනිවා බෝතලයකුත් ගෙනල්ල දීපං නැත්නම් උඹලාගේ මහනසිය අපතේ..."
"මයියෝ විහිළු නෙවෙයි උඹ කෙල්ලව මෙහෙ පන්නගෙන ඇවිල්ල මොකද කරන්න හදන්නෙ...."
"තාත්තා මාත් එක්ක දැං ශේප් බුවා... මම එයාට පොඩි ටෝකක් දාලා තාරකාව එහෙ ගෙනියනවා.....
"හරි අපිට කරන්න පුළුවන් දෙයක් කරන්නම්......"
" පොඩි අයියේ මාර වැඩේ... පොඩි අයියේ..." ඉස්පිරිතාලේ දෙවනත් වෙන්න කෑ ගහගෙන නංගි දුවගෙන ආවා. මගේ ලඟට දුව ගෙන ආව නංගි එකපාරටම මොකද්දෝ මතක් වෙලා වගේ හිට්ටා....
"මොකද අයිසේ සුනාමියක්වත්ද?... රැල්ල එන්න කලින් කියනවා... දුවන්නත් බැරි එකේ...."
" පොඩි අයියේ... ඔයාට දැං කොහොමද?" නංගි ගොත ගහ ගහා අර ආව කලබලේන්ම මගෙන් කිසිම අදාල නැති ප්‍රශ්නයක් ඇහුවා....
"මේ බයිලා නොගහා කියන්න පෙරලන් ආව එක කියනවා....."
"ලිහිණි අක්කාවයි අර පුංචිවයි එලියට යනකොට සුදු වෑන් එකක නග්ගගෙන ගියා...." ඒක අහපු ගමන් බුවයි ටොලයි ඒ පැත්තට දිව්වා..... මට කරන්න දෙයක් තිබ්බේ නෑ ... හයියෙන් මිට මොලවලා ඇඳට රිදෙන්න ගහනවා මිසාක්..... සිකා මගේ ලඟට ඇවිල්ලා මගේ කරට අත දාගත්තා... මට මොනවත් මතක් උනේ නෑ... ලිහිණි කිව්වා නේ ද මෙවන් එයාව උස්සනවා කිව්වා කියලා මේක නම් ඒ හාල්පාරුවාගෙම වැඩක්.. අනේ ලිහිණි මම දැං මොකද කරන්නේ මගේ කකුල් දෙක පණ නෑ හත්දෙයියනේ.......



Tuesday, February 1, 2011

100 කොටස


"මයියා මචං... මොකද්ද බං මේ සීන් එක" බුවා කඩාගෙන මගෙ ලඟට ආවා..... මම තවත් වෙලා තාරකා දිහා බලාගෙන හිටියා..... ලොකු ඩයිනමයිට් එකයි පොඩි එකයි දෙන්නාම මම වගේම කොර වෙලා.. කටවලුත් ටික වෙන්න ඇරිලා.... 
"මෙයාව කොහෙන්ද අරං ආවේ... "මම තාරකා දිහා බලලා නගිටින්න හැදුවා.... බුවා මාව අතකින් අදලා නගිටින්න සප් එක දුන්නා.....

"මෙයාව පන්නගන්න බුදු ගේමක් දුන්න මයියා..... භානුකයා තමයි පන්න ගත්තේ....? අපි දැනගන්න කලින් භානුකයා ඔක්කොම දැනගෙන ඉඳලා තියෙන්නේ...." මට තාම පිස්සු පිට්ටු වගේ මෙලෝ කතාවක අඟ මුල මැද හොයාගන්න බෑ. භානුකයා කොහොමද තාරකාව දන්නේ..... මම ඉබේටම නංගි දිහා බැලුවා, නංගි කට ඇඟිල්ලකින් වහලා සට් අප් කියලා වගේ කිව්වා.....
"ඔයාට මේ මොකද උනේ තෙනුර....." තාරකා මගේ ඉස්සරහා ටැප් එක අරින්න පටන් ගත්තා.... අප්පටසිරි කැඩිච්ච අතත් සනීප වෙලාද? මම තාමත් අර පිස්සොන්ගේ මි කතුරට අහුවෙච්ච මීයා වගේ... මස්ද මාළුද කිය කියා බලාගෙන ඉන්නවා
" මයියා..... මයියා....." මම අඬන තාරකා දිහා සෙල්මුවා වෙලා හිටිය නිසා ටොලා මගෙ අතට තට්ටු කරලා කතා කලා ඇත්තමයි දැං මගේ හිතත් අබ්බගාත වෙලා වගේ

"මොකද්ද බං මේ සීන් එක භානුකයා ආවනම් ඇයි එන්නේ නැත්තේ..." බුවා හීන් සැරේ අපේ නංගි දිහා බැලුවා.... භානුකයාව උඹලෑ තාත්තා දන්නවානේ බං මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා ඌ පහල ඉඳලා ලිහිණිව විතරක් උඩට එව්වා....

"ලිහිණි....." කිරි අප්පේ මේ ලිහිණිද? කවදාහරි දවසක මම මුන් දෙන්නා හින්දා හොම්බකටත් අබ්බගාත කර ගන්නවා. පොඩි ඩයිනමයිට් එකටයි ලොකු ඩයිනමයි එකටයි පාගල් වගේ කටත් ඇරගෙන ලිහිණි දිහා බලාගෙන ඉන්නවා
" මේ මොකද ලිහිණි අඬන්නේ....... මම තාම ජීවත් වෙනවා හලෝ... ඔහොම අඬලා මම මැරුණාම අඬන්නේ කොහොමද?"
"පව් කතා කියන්න එපා තෙනුර..... ඔයාට ඩොක්ටර්ලා මොනාද කියන්නේ...?"
" පපුව ලබ් ඩබ් ගානකන් ජීවත් වෙනවා ඊට පස්සේ මැරෙනවා කියලා තමයි එයාල කියන්නේ...." බුවා කට පැත්තකට කරලා හිනා වෙනවා දැක්ක සිකා නම් තාම ඉන්නේ කජු වෙලා..... අපිට මෙහෙමම ඉන්න ඇරලා නංගිලා කාමරෙන් එළියට ගියා.
" ඔයා තාමත් විහිළු කරන එක නවත්තලා නෑ..... " ලිහිණි කදුළු පිහ ගත්තාට ආයේ හෝ ගාල කඳුළු වැක්කෙරෙනවා
" වෙන්න තියන දේවල් නවත්තන්න අපි කාටවත් බෑ... ලිහිණි මේක වෙන්න තිබ්බ දෙයක්... ඒක ඔයාගෙ කඳුළු වලට නවත්තලා දාන්නත් බෑ... මම පැත්තක් අල්ලන් බුම්මගෙන හිටියා කියලා නවත්තන්නත් බෑ "
"ඔයාට මේ හැමදෙයක්ම උනේ මම නිසා නේද තෙනුර..." එයා මෙන්න ආයෙමත් ශවර් එක ඇරියා වගේ හදන්නේ.
"පිස්සු නැත්නම් හොඳයි"
"මට සමා වෙන්න තෙනුර... " අනේ ඇත්තමයි මේ ගෑනු සංහතියට අඩුවක් නැතුව ලැබිලා තියන එකම දේ මේ ටැප් එක. ඒත් හත් දෙයියනේ කොච්චර මෙයාල අඬනවා දැක්කත් අපෙත් බොක්කටම වදිනවානෙ මේවා...." හරි ලිහිණි දැං ඇඬුවා ඇති නේ..... තෙනුර ඉස්සරහා අඩන්නෙ නෑ කියලා ඇවිල්ල මූණ බලාගෙන හොටු හීරුවාම හරිද? බුවාට තද වෙලාද කොහෙද?
" මට දුක හිතුණු හැම වෙලාවකම රුවන්,  තෙනුර කිව්ව මොනා හරි පිස්සුවක් මතක් කරලා මම දුක නැති කරන් හිනා උණා... මාව සන්තෝසෙන් තිබ්බ තෙනුර අද අසරණයෙක් වගේ මේ ඇඳේ ඉන්නකොට මට කියන්නේ හිනා වෙන්න කියලාද?" 
"මයියා කවදාවත් හිතෙන් වැටෙන එකෙක් නෙවෙයි ලිහිණි... ඔහොම තියා ඕකා මලත් මැරෙන්නේ පපුවෙ හිනාව පුරෝගෙන ඒ නිසා ඔයාගෙ කඳුළු ඌට බරක් කරන්න එපා... අනික මයියා සනීප වෙනවා.. ඌට නැති උනේ කකුල් දෙකයි ඒත් ඌ දන්නව ඌ ලඟ කකුල් හයක් තව ඉතුරුයි කියලා..... ඒ නිසා මූව වට්ටන්න හිතන තරම් ලේසි නෑ..." මගේ බුදු අම්මෝ බලාපල්ලකෝ බුවාගේ ස්තූති කතාවේ තරම........ ඇඬෙනවා..... මොනා උණත් කතාව ඇත්ත මම දන්නව මගේ ලඟ වෙන කවුරු නැතත් මුන් ඉන්න බව.
"ඒ කතාව දැං අපි පැත්තකින් තියමු.... ලිහිණි කොහොමද ගෙදර තත්ත්වේ...?"
"තාත්තාට තව දවස් 4යි ඉලෙක්ෂන් එකට තියෙන්නේ... එයා පිස්සු බල්ලා වගේ එහෙ මෙහෙ දුවනවා..... භානුක එයාගෙ අම්මා හොයනවා, ඉදලා හිටලා ගෙදර එන්නේ..... මම තනියම අර ගෙදරට වෙලා ඉන්නවා.... ඒ අස්සේ තව ප්‍රශ්නයක් තෙනුර..."
"ඒ මොකද්ද ඒ ?"
" මෙවන් මාව උස්සනවා කිය කියා රට වටේ යනවා.... "
" බර බලන්නද?" ටොලාගෙ කතාවට කට්ටියම හිනා වෙන්න ගත්තා
" ටයිට් සිකිරුටි මැද මම ඉන්නේ අදත් මම ගෙදරින් පැන ගත්තේ මොන තරම් අමාරුවකින්ද?"
"ඒකත් එහෙමද?"
"ඔව් ඒත් ඔයා ඒවා හිතන්න ඕනේ නෑ ඉක්මනට සනීප වෙන්නකෝ..."
"ඔයා දැං යනවාද?" ලිහිණිගෙන් මම එහෙම ඇහුවේ ඇයි කියලා මම දන්නේ නෑ. මම ආදරේ කරන්නේ තාරකාටලු ඒත් ලිහිණි යනකොටත් හිතට දුකක් එනවා... අනේ මන්දා මේක නම් යකාගේ වැඩක්
"මම ඉක්මනට යන්න ඕනේ... මම ඉක්මනට ගියේ නැත්නම් භානුකයි නැනියි දෙන්නම අමාරුවේ... ඔයාව නොබලා මට ඉන්න බැරි උණා ඒකයි ආවේ" ලිහිණි මගේ සේලයින් බෝතලේ ගහලා තිබ්බ අත උඩට එයාගේ අත තිබ්බා..... ඇඟ පුරාම කරන්ට් එකක් ගියා වගේ උණා.... කකුල් දෙකටත් දැණුනාද ෂුවර් නෑ... ඔන්න ඔහොම කරන්ට් හත අටක් ගියානම් කකුල් දෙකත් පණ ගහලා එනවා ෂුවර්

" මම ඔයාට මහා ලොකු වැරදි කාරයෙක් තෙනුර... ඔයා මට කියනවානම් එ වැරද්දට මම ඕන විදියක වන්දියක් ගෙවන්න කැමතියි..... ඒක මොන වගෙ දෙයක් උණත් මම ඒක ඔයා වෙනුවෙන් විදිනවා.... ඔයා මට දඬුවමක් දෙනකන් මට සැනසීමේ නිදා ගන්න බැරි වෙයි...."මේක ඇවිල්ලා මාර කතාවක්නේ මෙයාට දඬුවම් දෙන්න මම ප්‍රින්සිපල්ද?
" පිස්සු කියවන්නේ නැතුව ගිහින් කාල බීලා ෆන් එකේ ඉන්නවා... බයිලා ඕනේ නෑ... පුලුවන් වෙලාවට අර නැනීද කාගෙන්ද ෆෝන් එක ඉල්ලගෙන වචනයක් දෙකක් කතා කරනවා..." මගෙ කතාවෙන් ලිහිණිගෙ මූණේ හීනි හිනාවක් ඇඳුණා...
"ඇති යන්තං චිරි චිරිය ඉවර උණා... ඔහොමම දැං ඔයා යන්න ගිහින් පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... මම ඉන්නෙ ෆුල් ආතල් එකේ.... එක මතක තියා ගන්න" ලිහිණි යන්න හැරෙනවත් එක්කම මගේ කාමරෙත් දොර ඇරිලා කව්දෝ ඇතුලට ආවා..... අපි ඔක්කොම ඒ දිහා බැලුවා... ලිහිණි එක තැන ගල් වෙලා ගියා... එයා දැක්කම මාවත් සීතල උණා....