පිටුව

Friday, November 4, 2011

අවසාන කොටස





ලෝකෙ පහල වෙච්චි වටිනාම හාස්කම දැක්කා වගේ මම කකුල් දෙක පොළොවෙ ගහලා ඉන්නව දැකලා අම්ම බෙරියන් දෙන්න ගත්තා.... අම්මට මාව දැකලා එතනින් අඩියක්වත් හෙල්ලෙන්න බැරි උණා. මටත් අඩියක්වත් හෙල්ලෙන්න බෑ මොකද අක්කයි නංගියි තාරකයි තුන්දෙනාම මාව හතරවටෙන්ම බදාගෙන. ඔව් මට තේරෙනවා මෙයාල මට කොච්චර ආදරේද කියලා. මම දන්නවා මම කාලයක් තිස්සේ හිතන් හිටපු කාළකන්නියා නෙවෙයි කියලා. බුවයි සිකයි ටොලයි තුන්දෙනාම මාව ඈත ඉදන් බලාගෙන ඉන්නවා දැක්ක. ඒ ටිකට මාව නැති කරලා දන්න කාඩ් ගහලා ඇති. කමක් නෑ... මෙහෙම සැපක් ආයේ ඉතින් මට මේ කල්පේ හම්බ වෙන එකක් නෑ. මම තුන් දෙනාගෙම ඔලුව සැරෙන් සරේ අත ගාන්න ගත්තා... ඒත් තාත්තා පේන්න හිටියේ නෑ. 
" කෝ තාත්තා...."
"ආව ගමන් කාමරේ ට ගියා ගියාමයි හැබෑටම එළියට ආවේ නෑනේ ද?" අම්මත් මාව ඇවිල්ල බදා ගනිද්දි කිව්වා. මම බවලත් උදවිය පිරිවරාගෙන තාත්තාගේ කාමරේට ඔලුව දැම්මා... තාමත් මේ කාමරේට අඩිය තියනකොට ඇඟ කිලිපොලා යනවා බයට. කෝච්චිය පේනෙ තෙක් මානෙක නෑ කියල දැනගෙනත් හතර පැත්ත බලල රේල් පීල්ලට කකුල තියනවා වගේ පොඩ්ඩ වෙන්න ගැහි ගැහි මම තාත්තාගේ කාමරේට ඔලුව දැම්මා...... තාත්තා ඇඳ උඩට වෙලා අත් දෙකින් මූණ වහගෙන ඉන්නවා...... මට වඩා අම්මා කලබල උණා
"අපෙ මහත්තයා...." තාත්තා ඔලුව ඉස්සුවා....... ඒ ඇස් වල අම්බානකට කඳුලු. කිරි සන්තෝ තාත්තා ඇට්ටි හැලෙන්න අඬලා නේද?
" සන්තෝසේ උහුල ගන්න බැරි උණා මට..... පොඩි පුතා සනීප උණා... දැන් ආයෙමත් අපි ඔක්කොටම සතුටින් ඉන්න පුළුවන් වෙයි....."
" ඔව් තාත්තේ... මම එන අවුරුද්දේ විභාගේ කරනවා... මගෙන් උන වැරදි වලට මට සමාවෙන්න...." මම තාත්තාට ලෝභ නැතුව බිම දිගා වෙලා වැන්දා..... ලේ නෑකමින් මේ මගේ මාමා වෙන්න පුළුවන්.ඒත් මේ බැදීම තාත්තා කෙනෙක් කියලා හසරක් දන්නෙ නැති ජයවීරලාට ආදර්ශයක්. ලෝකේ පවතින්නේ අම්මයි තාත්තායි නිසා... මට වාසනාවට ලැබිලා තියෙන්නේ මේ ලෝකේ හොඳම අම්මයි තාත්තායි. මම දන්නේ නෑ ඇයි මට මේවා හිතෙන්නේ කියලා. මෙහෙම හිතන්න මාව පුරුදු කෙරෙව්වේ තාරකා. මම තාරකා දිහා බැලුවා.


"ඔව් ඒක හොදයි. ඉගෙන ගන්නවා නම් එක්කෙනෙක් නෙවෙයි දෙන්නම ඉගෙන ගන්න ඕනේ...... "
" තාරකා මටත් උගන්නනවා කිව්වා..." මම එහෙම කියලා තාරකා දිහා බලද්දි ඔක්කොමලා හිනා උණා. තාරකාට ලැජ්ජා හිතිලා බිම බලා ගත්තා.....
" මේ අන්කල් ඒ වැරද්ද නම් කරන්න එපා ඔය තාරකාගෙත් ඉගෙනීමේ අවසාන තිත." සිකාගේ කතාවට ආයෙත් ඔක්කොමලා හිනා උණා....
"තාත්තා ගෙවල් උකස් තියලා මාව රට ගෙනයන්න හොයාගත්ත සල්ලි දැන්මම ආපහු දීල ගේ බේර ගන්න" ඒ කතාවෙන් තාත්තා මගේ ඔලුව අත ගෑවා....
" සල්ලි හොයාගන්න ගෙවල් උකස් තිබ්බේ නෑ පුතේ....."
"එහෙනම්"
"අයියා උදෙන්ම ගියෙත් සල්ලි අරන් එන්න..."
"කොහෙන්ද එච්චර සල්ලි...."
"තාරකාට අයිති ඔක්කොම දේපල අපි එපා කියද්දි විකිණුවා..." මම පුදුමෙන් තාරකා දිහා බැලුවා....
මේ කෙල්ල මන් නිසා..... අනේ කොහෙ ඉඳලා ආව සුරංගනාවක්ද මේ......
" ඔව් ඒ සල්ලි දුවගේ එකවුන්ට් එකේ තියෙයි ... අනගාතේ දුවට ඕනේ දෙයක් කරන්න..... දැන් දෙන්නම ඉගෙන ගන්න ඕනේ....." තාත්තාගේ තීරනේ බරපතලයි කියලා මට හිතුණා... ඒත් පවුලක් කන්න රස්සවක් කරන්න ඕනේ නේද? රස්සවක් කරන්න ඉගෙන ගන්න ඕනේ...... ඒ නිසා අකමැත්තෙන් උණත් මට ඒකට කැමති වෙන්න උණා..... මට දැන් තාරකා මගේ ළඟ තියාගන්න ඕනේ.... එච්චරයි. 


පොලිසියට කට උත්තරේ දුන්නේ හසංකයා කිව්ව විදියට..... භානුකයා අවුරුදු දෙකකට රට ගියා......බුවා  සිකා ටොලා මම තාරකා ආයෙත් ක්ලාස් යන්න ගත්තා..... අක්කා එයාගේ සාරි දාන ශොප් එකක් ඇරියා ලහිරු එක්ක..... හසංකයා ලොකූ එක්ක සෙට් වෙන්න කැමත්ත එහෙන් මෙහෙන් දැම්මා..... පොඩි ඩයිනමයිට් එකනම් විභාගේ එහෙම පාස් වෙලා ආයේ කොල්ලත් එක්කම ක්ලාස් යනවා කිව්වා.... අයියාට රස්සාව කරන තැනම කෑල්ලක් සෙට් වෙලා හදපානේ මල් කඩනවා මම දැක්කා.... ඔක්කොමලා සතුටින්.... මට තාරකාගෙන් තොර ලෝකයක් නෑ. අහුවෙන්නේ නැති වෙන්න අපි දෙන්නා ක්ලාස් එකක් දෙකක් කට් කරනවා ගින්නක් නෑ. හැමදේම කරන්න ගේ ඇතුලේ බෑ අප්පා..... ඒත් ලිහිණි... ඔන්න පපුව හිටින තැන... මම කීප සැරයක්ම එයාට කතාකරන්න ගෙදරට කෝල් ගත්තා. ඒත් කවුරුත් ෆෝන් එක උස්සන්නේ නෑ. දවස් දෙක තුනක්ම ගෙවල් පැත්තේ සර්චින් පාරක් දැම්මා. ඒත් කෙල්ල පේන්න ඉන්නවා තියා මුළුගේම පාලු පාටයි. තල්මසා කන්ටැක් කරගන්න බෑ. මාව පොඩ්ඩක් හිනස්සන්න කිව්ව කෙල්ල තනියම දුක දරාගන්න පුරුදු වෙලා වගේ. ඒත් හිතේ එක තැන මහ අමුතු මොකද්ද එකක් මට ලිහිණි වෙනුවෙන් තිබ්බා..... ඒක තාරකා දන්නවා. මේ ක්ලාස් එකේ ඉන්නකොට ඒ මතකේ තවත් අලුත් වෙන්න ගත්තා... ලිහිණි හොයා ගන්න භානුකයාටත් මම කොච්චර කතා කරන්න ඇත්ද? කවුරුත් ඒ පුංචි කෙල්ල ගැන දැනගන හිටියේ නෑ. මගේ හිතට එහෙම දැනෙනකොට බයකුත් ආවා. මේ කෙල්ල කරදරයක්වත් කරගත්තාද? එහෙම නැත්නම් අසනීපයක්වත්ද? කියලා. 


 ක්ලාස් එක ළඟ ගැන්සියම වල බහින තැනට රතු පාට කාර් එකක් පාත් උණා...... 
"හිරාන්....." මට ඉබේටම කියවුණා.... තල්මසා වෙනදාට වඩා හැන්ඩියා වෙලා....
"තෙනුර.... සොරි මචන් උඹේ කෝල් වලට මම අන්සර් කළේ නෑ..."
"කොහෙද බන්... මම කොච්චර උඹලා හෙව්වද?"
"භානුක කිව්වා, උඹ සනීප වෙච්ච එක ගැන නම් අම්බානකට හිතට ෆිට් එකක දැනෙන්නේ..... ලිහිණිටත් එහෙමයි...." මගේ හිතට ජෙට් එකක් වගේ ආතල් එකක් ආවා....
"ලිහිණි කෝ බන්....."
"ලිහිණි උඹව මුණගැහෙන්න එන්නේ නෑ කොටින්ම කිව්වොත්... උඹ දන්නවා ඒ ඇයි කියලා" තල්මසා ඒක කිව්වේ තාරක දිහා බල බලා....
"ලිහිණිට කොහොමද?"
"එයා හොඳින්..... මම එයාව මැරි කරනවා...."
"ලිහිණි සතුටින් නේද?"
"ඔව් එයාගේ කැමත්තෙන්... තමයි.... මම ආයේ අම්මලා ළඟට යනවා.. යන්නේ ලිහිණිවත් එක්කගෙන"
"හිරාන්...උඹ හොඳ එකා..... ලිහිණිව හොඳට බලාගනින් මචන්....." හිතට පොඩි වේදනවක් ආවත් ඒක නැති වෙලා ගියේ තාරකා හිටපු නිසා. ලිහිණි ඉන්න තැනක සතුටින් හිටියොත් ඒ මට ඇති. හැමදාම වගේ එයාව හිනස්සන්න මට ආසයි.
"මචන් මම යනවා..... ලිහිණි ඔය දෙන්නට සුබ පැතුවා කියන්න කිව්වා"
" අපිත් උඹලා දෙන්නට සුබ පතනවා..... " හිරාන් වාහනේ නැගල එතනින් පිට උණා..... තාරකා හිමීට මගේ අතින් අල්ල ගත්තා...
"ඔයාට දුකද?"
"ටිකක්...." 
"දුක් වෙන්න එපා.. එයා හොඳින්නේ...." ඒක තමයි මම මොකටද දුක් වෙන්නේ... මම තාරකාව ළඟට අරන් කර වටේ අත යැව්වා... 
ජීවිතේ ඛ්‍රේක් ගහපු තැන් වලින් යූ ටර්න් දාන්නේ නැතුව වාහනේ ආයේ ස්ටර්ට් කරලා අද්දන්න දැන් මම දන්නවා. මම ආයේ පරණ මෝඩකන් වලට අත වනන්නේ නෑ. ලෝකේ විනාස වෙන්න තත්ත්පරයකට හරි කලින් තාරකා මගේ කරගන්නවා ගන්නවා ගන්නවාමයි. ඒක නම් ෂුවර්ම ෂුවර්..... ඒ ගැන ඉතින් මේ මයියා කිව්වොත් කිව්වම තමයි. අයෙත් අපි ඔක්කොමලා අපේ සුපුරුදු ජීවිත එක්ක නුපුරුදු ගමන යන්න පටන් ගත්තා.....






******මෙන්න මෙහෙමයි මෙතනින් ඉවරයි******

27 comments:

හසී said...

හ්ම්ම් ලස්සන අවසානයක්....

පොඩි බබා said...

එල නැන්දේ එල...කතාව ලස්සනට ඉවර කලා...

නෝටියා | Naughty's Impression said...

ඔන්න ඔහොමයි මෙන්න මෙහෙමයි ඉවර උනේ.
නෝටියා ගොඩාරියක් කාලෙක ඉදන් මෙන්න මෙහෙමයි කියවනවා.ඒත් අද තමයි නෝටියා දාන මුල්ම කමෙන්ට් එක.
හැමෝම වගේ එළ එළස් කියන්නැතිව මට හිතෙන දේ කියන්නම්. ඇත්තටම මම කතාව ගොඩාරියක් ආසාවෙන කියෙව්වා.කතාවෙ සමහර තැන් බෝරින් වගේත් උනා.තව සමහරක් වෙලාවකදී කතාවෙ අනිත් කොටස ගොඩක් ලේට්.සමහර විට කතාව ගොඩාක් දිග නිසා එහෙම ලේට් උනාත් වෙන්න ඇති.

අවසානෙට මෙහෙම කියන්නම්කෝ. කතාව සුපර්බ්.නෝටියා හරිම ආසාවෙන් කියෙව්වා.
ඒත් එක්කම තවත් පුංචි ඉල්ලීමක්.
ලියන්න තවත් ලස්සන කතාවක්. ගොඩාක් දිගට නෙමෙයි.කොටස් 20කින් වගේ....
ජය වේවා

Nj_A said...

ආයෙත් මේ පැත්තේ ඇවිත් අලුත් කොටසක් දාලා ද කියලා බලන්න වෙන්නේ නෑ නේ අක්කේ.. කොහොම උනත් ලස්සන කතාවක් අක්කේ.. තවත් එකක් ලියන්න.. මෙන්න මෙහෙමයි එක්ක හිටපු හැමෝම මග බලාගෙන ඉන්නවා...

නිසුපා said...

ලස්සන අවසානයක් අක්කේ.මේ කතා ටික එකතු කරලා පොතක් ගහන්නකෝ.

cjgayan said...

නියම කතාවක්.. ආසාවෙන් කියෙව්වා...

වෙද ගෙදර මහ වෙදනා said...

ඔබගේ කථාව මුල සිටම මම රස වින්දා. ඔබ ඉතා ඉහල හැකියාවක් ඇති අයෙක්. තව වරක් උත්සාහ ගෙන යම්ක් ලියන්න. ඔබට කෙදිනක හෝ එඩ්වඩ් මල්ලවාරච්චිගේ තත්ත්වයට පැමිණිය හැකියි. ජය වේවා!!!

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

ලස්සන කතාවක ලස්සන අවසානයක් දුල්. තවත් අපූරු නිර්මාණ බිහි කරන්න ඔයාට ජය පතනවා...

මහිම said...

මම මේ කතාව මුල ඉදන්ම කියෙවුවා
අවසානේනම් ගොඩක්ම ලස්සනයි
එවුනට ආයි අලුත් කොටසක් එනකන් බලන් ඉනවෙන්නේ නැති එකටනං දුකයි
අර නෝටියා කිවුව වගේ ආයි කතාවක් ලියන්න අක්කේ
අක්කා ලියන ඒවා කියවන්න ආසයි
අක්ක කොල්ලෙකුටත් වැඩිය හොදට කොල්ලෙක් හිතන විදියට ලියනවා
අපිට තව කතාවක් ඕනේ

මැණික් - සුදු මැණිකේ said...

අවසානය හරිම ලස්සනයි අක්කේ. මමත් කතාව මුල ඉඳන්ම කියෙව්වා. තවත් ලස්සන කතා ලියන්න. අපි කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා.....:-)

නුවන් said...

එග්සෑම් ඉවරවෙලා ආවෙ අලුත් කොටසක් දාලද බලන්න. ආපු ගමන් අවසාන කොටස කියලනෙ දැක්කෙ... හ්ම්ම්ම්...
කතාව මුල ඉදලම ලස්සනට ගලාගෙන ආව. අවසානයත් ඒ වගේම හොඳට තියෙනව... මේ වගේ තව ලියන්න අක්කෙ නිවාඩු තියෙන විදියට. එදා ඉඳලම අක්ක ලියන ඒව ආසාවෙන් කියවන අපි ඉදිරියටත් අක්කත් එක්ක ඉන්නව... :)
අක්කාට ජය...!!! :)

Anonymous said...

haneeeeeee dan ithin hamedama post ekak dalade kiyala balane mone blog ekeda??? :( :( ane akki oya lassanate kathawe patan aran ae wageme lassana awesaneyak ek karala kathewe iwere kara... thawe puluwan widihate liyaneko.. api aluth kathawak danekane balan innewa :) keep writing,, we are always with u :) take care. :) - Glimmer Girl

නිශ් said...

ස්තූතියි දුල්....

ආසාවෙන් කියවපු කතාවක් ඇත්තටම කාලයක් තිබ්බා නෙට් එකට ලොග් උන ගමන් කතාව අප්ඩේට් කලාද කියලා හොයල බලන එක පුරුද්දක් විදිහට කරපු.

ඉතින් ලියමු ආයි අළුත් කතාවක්

පිස්සා පලාමල්ල said...

අනේ දුලෝ... ගොඩ වැදුනෙ හුඟ කාලෙකින්... කතාව නොදැක්ක නෙමෙයි එත් ආයෙ ලුම ඉදන් කියවලම කොමෙන්ට් කරන්න හිටියෙ... එත් අවසාන කොටස දැක්කම ඇවිත් යන්න හිතුවා...

හෙට උදේම 1 ඉදන් කියවන්න ඕනි... අනිවා.. මම හුඟක් ආසවෙන් කියෙව්ව කතාවක්... කොටස් 50 ක් විතර සෙව් කරගෙනත් ඇති..

අක්කේ මේක පොතක් විදියට එලියට දාන්න.... බ්ලොග් අවකාශෙ දැක්ක දිගම කතාව... වගේම මේක සුපිරියි.

Anonymous said...

දුල්,
සමාවෙන්න මෙහෙම නමක් නැතුව කමෙන්ට කරන්න වුනාට. ඉස්සෙල්ලාම ස්තූතියි මේ ලස්සන කතාව ලියන්න අප වෙනුවෙන් කාලය මිඩන්ගු කලාට. අර මහවෙදනා කිව්ව වගේ මටත් මතක් වුනේ එඩ්වඩ් මල්ලවාඅරච්චිව තමා. හරි වැරද්ද දන්නෙ නෑ,මේක මගේ පෞද්ගලික අදහස: කතාවෙ අග හරියේදි මයියා සහ ගැන්සිය පාතාලයෝ සමඟ ගැටීමේ කොටස නිසා, කතාවේ තාත්විකත්වයටත් ලස්සනට ගිය ආදර කතාවේ ගලායාමටත් බාධා වුනා කියලයි මට නං හිතෙන්නෙ.

මං මේ කතාවට මුලින්ම වහ වැ‍ටුනේ , මයියගෙ වචන සැට් එකට, ඒ වගේම අපේ පාසැල් කාලෙ කරපුවා, කරන්න හිතෙ තිබ්බ, ඒත් කරගන්න බැරිවෙච්චි එව්වා, කොටින්ම අපේ හීන හා බලාපොරොත්තු වල ප්‍රතිරූපයක් තමා මයියා.

ආයිත් කතාවක් ලියන්න. ඔබට ජය.

Anonymous said...

Niyamai Dul... lasana awasanayk... But plz do not stop your writing... Please start new one..

Tkx for nice story

Rish

Aslam said...

හුග කාලයකින් මෙ පෑත්තට එන්නත් බරි උනා.
නියම කථාව, අක්කට බොහොම ස්තුති අපිට මෙච්චර ලස්සන කථාවක් ඉදිරිපත් කලාට. මෙ කථාව නිසා අක්කෙගෙ වටිනා කාලය කෑප කලාටත් බොහොම ස්තුති.
අක්කා තව ලස්සන කථා ලියන්න, එවා කියවන්න අපි ආසාවෙන් බලගෙන ඉන්නවා.
අක්කාගෙ හෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්තනා කරනවා.

samadhi said...

දුල්, ලස්සන කතාව, පොඩි ඉල්ලීමක් තියෙනවා, නරකද මේ කතාව පොතක් විදියට පල කලොත්!

Anonymous said...

kathawa nm ela akki...hrima lassanai...tikak dukai...e aye ithin hmadama post ekak dalada balanna enna blog ekak nathi nisa....:( kohmaunat kathawa nm hrima lassanai...twa ekak liyannakoo..........

අසoක said...

මේ කතාව මම කාලයක් එක දිගටම් කියෙව්වා,ඒත් කාර්යබහුලතාවයත් එක්ක මට මාස කීපයක් ගොඩවෙන්න බෑරිව ගියා,අද මත්ක්වෙලා බලද්දි කතාව ඉවරයි,කොටස් 15ක්විතර එක හුස්මට කියෙව්ව,
මම මේ කතාව කියවන්න ආස හිතුනේ,ගොඩක්ම අපේ උසස් පෙල කාලය මතක් වුනා.
කොහොම වුනත් මෙච්චර ලස්සන කතාවක් තිලින කලාට බොහොම ස්තුතී....නෑවත කතාවකින්ම හමු වෙන්න

Anonymous said...

shaaaa niyamaaaiii :D

Lakal said...

mama kiyapu sirama kathawa!!!! maxxa matanum aduna samahara than waladi :( eth fatta lassanai. thawa liyanna wish karanawa. yahapath heta dawasak!!!

දුල්හරි ඉලංගකෝන් said...

godaak isthuti... aye kathawak liyanna mama adahas karanawa eeth mata tikak kal denna..... me kathawa ekka hamadama hitapu okkotama godaak isthuthi

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

දුල්හාරි නංගී.. කතාව හරි රහට ලියලා තිබුණා.. කතන්දර මාලාව ටිකක් දිග වැඩි වුණා කියලත් හිතෙනවා.. කොහොම වුණත් අපේ වෙද මහත්තයා කිවුවා වගේ ඔයාට හොඳ නවකතා කාරියක් වෙන්න පුළුවන්..

ජය වේවා..

හා පැටික්කි (MS) said...

දුල් අක්කා කතාව නම් හැමදාම බලා හිටපු නොඉවසිල්ල ඇතිවම ඉවර කරලා හොඳටම.

හැමෝම ඉල්ලුවා වගේ ආයේ ටික කාලෙකින් හරි කතාවක් ලියන්න පටන් ගන්න කියලා ඉල්ලනවා. මේක බැලුවා වගේම පුලුවන් හැමදාම ඇවිත් බලලා වචනයක් හරි කියලා යන්නම්.....

Anonymous said...

Ane nango,,
Kathawa kiyewwa,, atharin Pathara komrntuth damma. Nango oyage kathawa harima lassanai.. Oya digatama liyanna. Oyata hondata Mula Mada Aga galapala lassanata liyanna puluwan. Maha weda thuma kiwwa wage oya hariyata Edward Mallawaarachchi. Wage liyanawa. Oya puluwan Hama welema liyanna .

Eth nango vibaga wada athapasu kora ganna EPA,,,

Oyata siyalu Devi pihitai.
Kumari..

චමිත් ජයංග said...

Tterena basawen kiyawanna puluwan elakari katawak ... jaya wewa ...

Post a Comment