පිටුව

Wednesday, November 2, 2011

123 කොටස




භාගයක් දුර යනකොට ආයෙමත් සිකාගෙන් කෝල් එකක් ආවා……
“මචන් උඹලා කොහෙද ඉන්නේ….. මෙහෙ එක ගුටි කෙළියයි… සමරනායකයා සිකුරිටිලා දෙතුන් දෙනෙක්වම ඇදලා දැම්මා…. සමරනායකයා විතරක් නෙවෙයි මෙතනට එනකොට තව ගැන්සියක්ම සෙට් වෙලා” සිකා එක හුස්මට කියවගෙන යනවා…
“පොලිසිය ළඟම එනවා…. උඹලා ඔතනම හිටපල්ලා…”
ඒත් එක්කම ඉස්සරහින් ගිය පොලිස් ජීප් දෙක තුන ජයවීරගෙ ගෙදර ළඟින් නවත්තන්නත් කලින් ඒකෙ හිටපු හැමෝම ජීප් එකෙන් පැනලා දිව්වා…. අනේ මටත් දුවන්න පුලුවන් කම තිබ්බනම් කියල හිතෙන්නෙ දැන්…. ඒත් දැන් ඒවා හිතන්න වෙලාවක් නෑ. අපේ වෑන් එක නැවැත්තුව ගමන් අනිත් වෑන් එකේ හිටපු සිකයි ටොලායි දුවගෙන් ඇවිත්… වෑන් එකේ දොර ඇරියා…… ඒත් එක්කම ගේ අතුලෙන් වෙඩි සද්ද දෙක තුනක් ඇහුණා… ඒත් එක්කම යටිගිරියෙන් කෑ ගහන සද්දක් ඇහුණා
“මචන් ඒ ලිහිණි… මචන් මට යන්න ඕනේ….. අනෙ කෙල්ලට කරදරයක්ද දන්නේ නෑ…” කකුල් දෙක මට කීකරු නෑ කියලා අමතක වෙලා වෑන් එකෙන් එළියට කකුල තියන්න ගියා……වැටෙන්න වගේ ගිහින් එක පාරටම කකුල් දෙක බිම හිටියා….. මට මොනාද උණේ කියලා මම දන්නේ නෑ මට තේරුණේ මම දුවනවා වගේ….. කිරි අප්පේ මම මේ දුවනවා නේද? බුවයි, සිකයි ටොලායි මගේ පිටිපස්සෙන් දුවන් ආවේ කෑ ගහගෙන…
“මචන් උඹ දුවනවා….. ” මට ඒ ගැන කතා කරන්න වෙලාව නෑ….. මම ජයවීරගේ ගෙදරට දිව්වා…….. එතකොටත් හසංකයා සමරනායකයාගේ අත් වලට මාංචු දාලා අරගෙන එනවා….. හසංකයත් ටික වෙලාවක් නැවතිලා මගේ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්….
“ලිහිණි…… ලිහිණි…..” මම කෑ ගහගෙන ගේ ඇතුලට දිව්වා…. පිටිපස්සේ මෙවන්ගේ අත්වලත් මාංචු දාගෙන තවත් පොලිස් අයියලා දෙන්නෙක් අල්ලගෙන යනවා මම දැක්කා….. තාම මට පැහැදිලි නැත්තේ මෙතන මොකද්ද වෙලා තියෙන්නෙ කියන එක මම පඩිපෙළ නැගලා උඩට දිව්වා….
“ ලිහිණි……………” කාමරේ ලේ විලක ඉන්න ජයවීරවයි එයාගෙ ඔළුව බදාගෙන අඬන ලිහිණිවයි මම දැක්කේ එක පාරටම……. ඒ කියන්නේ සමරනායකයා ජයවීරට වෙඩි තියලා….. ජයවීරට බිල් ලාඩන් වගේ එතනම…. ඔලුව පුරා ලේ ….. මම ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ…. ඇත්තම කියනවා නම් මට වමනෙට වගේ එන්න ආවා… ඒ එක්කම ජයවීරගේ ගේ පුරාම ටීවී රේඩියෝ වල කට්ටිය පිරෙන්න ගත්තා….. එහෙන් මෙහෙන් ෆොටෝ ගහනවා…… ලෝකේ විනාසේ වගේ… මගේ පිටිපසෙන් දුවන් ආපු බුවා මගේ කරට අත තිබ්බා.
“මචන්……”
“ මෙහෙම අපරාධයක් කරන්න මට ඕනෙ උණේ නෑ මචන්…..”
“මේවා අපේ වැරදි නෙවෙයි උඹ ඒ ගැන හිතන්න එපා බලපන් උඹට දැන් ඇවිදින්න පුළුවන්…..”
හසංක අපි ළඟට ආවා……
“මේවාට කියන්නේ හාස්කම් කියලා මල්ලී….. දැන් මල්ලිට සනීපයි”
“ මගෙ හිතට හරි නෑ….. හසංක අයියේ…. ජයවීර කියන්නේ අපරාධකාරයෙක් තමයි ඒත් මෙහෙම…..”
“ ඒත් ලංකාවේ අපරාධකාරයෙකුට ආයුෂ අඩුයි. අද ඒක ඔප්පු උණා”
“ අද ජයවීරගේ ෆයිල් එක වැහිලා සමරනායකගෙයි මෙවන්ගෙයි ෆයිල් ඇරෙනවා….. ඔයාට තියෙන්නෙ මම කියන විදියට සාක්ෂි දෙන්න තමයි".
මට පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවා වගේ හැගීමක් ආවා. ඒත් එක්කම ලිහිණි ගැන ආයෙත් දුක මෝදු වෙන්න පටන් ගත්තා. අනේ පොඩි කෙල්ල තනි උණා මේ ලෝකේ. මම බුවා එක්ක ජයවීරයාගෙ ගෙදරින් එළියට ආවා. ආරංචිය දෙනගෙනද කොහෙද තාත්තාත් එළියේ ඉන්නවා මම දැක්කා. මම මගේ කකුල් දෙකෙන් ඇවිදගෙන එනව දැකලා තාත්තා ඉස්සරහාට දුවගෙන ආවා.
“පොඩි පුතා….” එයා මාව බදා ගත්තා. මටත් මගේ තත්ත්වෙ දැන් මතක් උණේ… හිතට මාර ආතල් එකක් දැනෙන්න ගත්තා… මට ආයෙත් දැන් වැඩ පෙන්නන්න පුළුවන්
“ අංකල් අපේ මයියා අපිට ආයේ ඇවිදිනවා බලන්න පින තිබුණා…… දැන් හැමදේම හරි යනවා…..”
“ ඔව් ඒ කියන්නෙ දැන් මෙයාට විභාගෙ කරන්න පුළුවන්…” ඕකට තමයි කියන්නේ වහ කනව කියලා…. මේ වගේ සතුටු දායක වෙලාවක තාත්තා දුක හිතෙන කතාවක් කිව්වෙ මොන හිතකින්ද? මගෙ මූණ දැකලාද කොහොද ගැන්සිය හිනා වෙන්න ගත්තා.
“හිනා වෙන්න එපා බන් ලිහිණිගේ තාත්තයි මරලා දාලා ඉන්නේ…” මගෙ කතාවෙන් ඔක්කොමලා සද්ද නැති උණා….. මගේ කකුල් දෙක පුරා දැනෙන්නේ අලුත් ගතියක්. ඒත් මම ආයේ ඇවිදිනවා. තාත්තා අපිව වාහනය නග්ගවගෙන ගෙදර එක්කගෙන ආවා. මම අනිත් අයගෙන් වැඳලා වැඳලා තාමත් මගේ කකුල් පණ නැති විදියට රඟපාන්න අවසර ඉල්ලගත්තා. ගෙදරින් බැස්ස විතරයි අම්මයි, නංගියි, තාරකයි, අක්කයි දොරකඩට දුවගෙන ආවා.
“අනෙ රත්තරන් පුතේ කරදරයන් නෑ නේද?” අම්මා අඬාගෙන ඇවිල්ලා රෝද පුටුවේ හිටපු මගේ ඔලුව බදාගෙන අඬන්න ගත්තා…. පව් කියලා හිතෙනවා. ඒත් තාත්තාගේ මූණ අද වෙනදාට වඩා එළියයි. තාරකා නංගිගේ අත අල්ලගෙන මගේ දිහා බලාගෙන හිටියා. මම අම්මාගේ ඔලුව අත ගෑවා. මට වෙනදටත් වඩා හොදයි.බුවා මාව රෝද පුටුවෙම තියගෙන මගේ කාමරේට එක්කගෙන ගියා….. තාරකා මගෙ පිටිපස්සෙන් ආව නිස බුවා තාරකාටයි මටයි තනියම ඉන්න දීලා එළියට ගියා.
“අනේ තෙනුර…..” තාරකා මගෙ ළඟ දණ ගහගෙන අඬන්න ගත්තා….
“මොකෝ මේ අඬන්නේ…. මම නෙවෙයිනේ මැරුනෙ…”
“මූසල කතා කියන්න එපා….. ඔයා එහෙ ගියත් හරි මම මැරි මැරි ජීවත් උණේ….. ආයේ කවදාවත් එහෙම දේවල් කරන්නෙ නෑ නේද?”
“දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි තාරකා..." කෙල්ල තාමත් අඬනවා...... 
"හරි දැන් අඬන එක නවත්තන්න.... මට මොකුත් උණෙ නෑනෙ...... " මම ඒ අත අරගෙන ඉම්බා තාරක ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා....
"ඔයාට මොනා හරි උණානම් මමත් ජීවත් වෙන්නේ නෑ...."
"ඒ උණානම් නේ...... ඒක නෙවෙයි මම ඔයාට බඩුවක් ගෙනවා......"
"බඩුවක්....?"
"ඔව්.... මම හිතනවා ඒක ඔයාට වටිනවා ඇති කියලා...... ඔහොමම අනිත් පැත්ත හැරිලා ඇස් දෙක පියා ගන්නකෝ..."
"මොනාද ගෙනාවේ..."
"කියන දේ අහලා ඇස් පියා ගන්නකෝ..."
"තාරකා ඇස් වල කදුළු පිහදාන ගමන් ඇස් දෙක පියාගත්තා....." මම කකුල් දෙක බිමින් තියලා නැගිට්ටා..... දැන් මාව මෙහෙම දැක්කම මේ කෙල්ල ආයේ අඬන්න ගනී සන්තෝසෙට....
"හරි දැන් ඇස් අරින්න........" තාරකාගේ ඇස් දෙක හිමින් ඇරුණා.... මාව දකින ගමන් ඒ පුංචි ඇස් දෙක ලොකු වුණා.....
" අනේ දෙයියනේ..... අම්මේ............................" තාරකා කෑ ගැහුවා...... ඒ අහිංසක මුණෙ ලස්සන ඒ සතුට මට කවදාවත් නැති තරම් මොකද්දෝ බලාපොරොත්තු ගොඩක් ගොඩ ගැහුවා.... 
"මට කියන්න තෙනුර දැන් මේ මම දකින්නේ හීනයක් නෙවෙයි කියලා...... මම අනන්තවත් මේ හීනෙ දැකලා තියනවා... අනේ දෙයියෝ....... මම දකින්නේ හීනයක් නෙවෙයි නේද?" තාරකා ඇවිල්ල මාව තද කරලා බදා ගත්තා..... ඒ උණුසුමයි ඒ ආදරෙයි එක්ක මගෙ කකුල් දෙකට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම පණ ඇවිල්ලා..... හැමදාටම........ 




4 comments:

නෙතු said...

ලස්සනයි..........

Anonymous said...

Is this the End :'(

Anonymous said...

ලස්සනයි නෙමෙයි.... අනර්ඝයි...
අපි හැමදාම බලන් උන්නේ මයියගේ සීන් එක කවදා දායි ද කියලා....

ජීව්

හසී said...

නියමයි...

Post a Comment