පිටුව

Monday, October 31, 2011

122 කොටස







කෙළවරක් නැති ප්‍රශ්න ගොඩාක් මැද එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නෙ නෑ...... අද දවස අපි හැමෝටම මාර වටින දවසක් නිකම්ම නෙවෙයි අර ඉස්සර බැරල් පිටින් කාපු පරිප්පු වල වාඩුව ගන්න දවස. හරි බලමු දැන් ජයවීරයි සමරනායකයි දෙන්නම ගැන හොඳටම දන්න එකේ අපිට ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. දෙන්නවම යකඩ කූරු ගණන් කරන ගේම් එකට අරින්න ඕනෙ සාක්ෂි විතරයි. පාන්දරම ටොලායි සිකයි එයාර්පෝට් එකට යන්න පිටත් උනා. බුවායි මමයි තාත්තාගේ අමාත්‍යංසෙ වාහනෙන්ම පොලිසියට බස්සව ගත්තා... හැම දේටම හසංකයා අපිත් එක්ක ඉන්නවා. ඌ ඒ ටිකට මට මොබයිල් ෆෝන් එකකුත් සෙට් කරලා, පොලිසියට ඕවා මොනාද එක පික් පොක්ට් කාරයයි අල්ලන්න ඕනේ. දැන් අපි ගේමට හොදට සෙට් වෙලා හිටියේ සිකාලගේ පණිවිඩේ එනකන් සමරනායකයා ගෙදර ගියා කියලා. කොහෙද මුන් දෙන්නා තාම කතා කලේ  නෑනේ. අයියාගේ ෆොන් එක දුන්නේ.... මේ පුත්තලම් බූරුවෝ දෙන්නා ඔක්කොම අමතක කරලා කොහෙ හරි මුල්ලකට සෙට් වෙලා ෆෝන් එකේ ගේම් පාරක් ගහනවාද දන්නේ නෑ. 


"මයියා..... කෝ බන් මුන් දෙන්නාගේ නෑනේ කිසි සද්දක්"
"ඒක තමයි බන් මමත් කල්පනා කලේ... පාන්දරම යැව්ව නිසා දෙන්නා හොද නින්දකටවත් සෙට් වෙලාද දන්නේ නෑ"
"එහෙම උණොත් නම් ඔක්කොම ප්ලෑන් අවුල්"
"කෝල් එකක් දීලා බලමුද?"
"මුන්ට කෝල් කරලා වැඩේ අල වෙයිද? උන් දෙන්නා ෆොලෝ පාරක් දානවානම් සද්දෙට වැඩේ මාට්ටු වෙන්නත් පුලුවන්."
ඒ එක්කම මගේ අතේ තිබ්බ ෆෝන් එක රින්ග් උණා
"සිකා......."
"මචන්.... සමරනායකයා ආවා..... දැන් මේ ඌව ෆොලෝ කරන ගමන් වාහනේ ඉන්නේ...... මුන් යන්නේ පාක් රෝඩ් එක පැත්තට. තව හොදම ආරංචියක් තියනවා කියන්න"
"මොකද්ද බන්?" අපි කතා කරන සද්දේ ඇහිලා හසංකයත් අපි ඉන්න පැත්තට ආවා
"සමරනායකයාගෙ පුතා කවුද කියපන් බලන්න"
"මම කොහොමද බන් දන්නේ....?"
"හොඳට හිතලා මතලා කියහන් හදිස්සියක් නෑ....." සිකයි බුවයි දෙන්නම හිනා වෙන සද්දෙ ඇහුණා. බුවා මගෙන් මොකද්ද කේස් එක කියලා අහද්දි මේ පිස්සු හුටන්ලාගේ කතාව ගැන නොකියා වැඩේ හරි කියලා පෙන්නන්න මම මහපට අඟිල්ල ඉස්සුවා.
"උඹ ඔච්චර හිතන්න එපා.... මෙහෙම හිතපන් උඹ තාත්තාගෙනුයි පුතාගෙනුයි දෙන්නාගෙන්ම හොදට කාල තියනවා කියලා."
"මම කාලා.... මේ මචන් විහිළු කරන්න නෙවෙයිනේ උඹලා දෙන්නාට මම කිව්වේ...... මමද ලක්ෂපති ඔබද ලක්ෂපති කරන්නේ නැතුව කියන එකක් තේරෙන්න කියපන්"
"සමරනායකගේ පුතාගේ නම මෙවන් බන්....."
"මෙවන්......????" සෞරග්‍රහා මණ්ඩලේ අන්තිමට හොයාගත්ත කිරි පුතා අරෙන්න අනිත් ඔක්කොම උන් ටික පෙනූනා.... යකෝ මුන්ගේ පවුල් වල ඔක්කොමලා ජැකී චෑන්ගේ පිඟානෙන් බත් කාපු උන්නේ..... තාම මතක් වෙනවා දුන්න පාරවල්. ඌ මට නොගහන්න අද මම මේ රෝද පුටුවේ සැප ගනීද? ඇත්තමයි මගේ ඇඟට ආව තරහා...... පවුලටම වෙඩි තියන්න පුලුවන් ගේමක් නැතුව වතුර තුවක්කුවක්වත් නැති එකයි දුක.
"මයියා... ලියා ගනින්.... සමරනායකයාගේ ගෙදර නොම්බරේ... 537, පාක් රෝඩ්, කොළඹ 05. "
"මම ටක් ගාලා අතේ තිබ්බ කොල කෑල්ලේ විස්තරේ ලියාගෙන හසංකට දුන්නා..... " සිකා කෝල් එක කට් කලා. හරි දැන් පොලිසියේ පිහිටෙන් ලස්සනට ටෙලිෆෝන් නොම්බරේ හොයාගෙන වැඩේට එන්ටර් වෙන්න තියෙන්නේ... අපේ කාලේ අඩුයි..... මම හසංකගෙ අතට අඩ්‍රෙස් එක දුන්නම මිනිහා දන්නව කරන්න ඕනේ දේ. මිනිහා ඒකත් අරන් ඇතුලට ගියා.
"මයියා...... මොනාද බන් අරූ කිව්වේ...?"
"බුවා සමරනායකගේ පුතා කියන්නේ අර යක්ෂයා"
"කවුද බන්?"
"අද මගේ මේ තත්ත්වෙට වග කියන්න ඕනේ සුනඛයා"
"මෙවන්.....?" බුවා ඇහුවා පුදුමෙන් වගේ....
"ඕකව මම....." බුවා එතනනින් යන්න හදනකොට මම ඌව අතින් අල්ලලා නවත්ත ගත්තා....
"මචන් ... හදිස්සි වෙන්න එපා..... අපි බලමු... ඕකාටත් තාත්තාට බෙදන හැන්දෙන්ම බෙදන්න"
"මල්ලි...... මෙන්න මිනිහාගේ ගෙදර නොම්බරේ....... " හසංකයාගේ වැඩ නම් කියලා වැඩක් නෑ ගින්දර වගේ..... 
"උඹලා වැඩේ පටන් ගනිල්ලා... අපි ෆෝන් එක ටැප් කරලා තියෙන්නේ කියන කරන හැම දෙයක්ම මෙතන රෙකෝඩ් වෙනවා.....
"මයියා...... උඹ සමරනායකායට කතා කරපන්......"
"මම ජයවීරයව අල්ල ගන්නම්....."
"හරි වැඩේ හරි....." මුලින්ම හසංක අපි දෙන්නාටම ජයවීරගෙයි සමරනායකගෙයි කටහඬවල් වල වොයිස් ක්ලිප් දෙකක් අහන්න දෙන්නා...... අපි ප්ලෑජ් කලේ බ්ලෙක් මේල් කරන්න උණාට හසංකාය කිව්වේ... දෙන්නාගෙම පාපොච්චාරණය ගන්න ලේසිම ක්‍රමේ.... ඒ කියන්නේ දෙන්නා දෙන්නට කතා කරන විදියට කතා කරවන එක. මම හසංකයා දුන්න නොම්බරේ එබුවා..... මෙන්න රින්ග් වෙනවා හිත ගල් කර ගත්තාට තොල කට නම් පොඩ්ඩ වෙන්න වේලිලා තිබ්බේ....
"හලෝ......" එහා පැත්තෙන් හලෝ පාරක් ඇහුණා... පොතේ හැටියට ඒ සමරනායක වෙන්න ඕනේ....
"ආ... උඹ ලංකාවට ආවා එහෙනම්...."
"කවුද තමුසේ....?"
"පිටරට හුළං ගැහුවා විතරයි අපිවත් අමතක උණා..... " 
"මතක තියනවාද බලන්න කවුද කියනවා බලන්න..."
මම පොඩ්ඩක් හිනා උණා... ඕවර් යනවාද බලන්න මම ටිකක් අනිත් උන් දිහා බැලුවා. බුවා ඇඟිල්ල උස්සලා එළ කියනවා වගේ ඉඟියක් දැම්මා... ඒකෙන් ඉතින් ඇඟට ආවේ කියාගන්න බැරි ගටක්
"මගේ නම නම් ජයවීර....."
"අප්පටසිරි...... මේ අපේ ඇමති තුමා වෙන්න ඇති...... කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ ටික කරලා පාර්ලිමේන්තුවට ගියා එහෙනම්........"
"තමුසේ හිතන්නේ බලු වැඩ සේරම කළේ මම කියලානේ... අන්න පොලිසිය තමුසේ එනකන් බලාගෙන ඉන්නේ..... මිනීමැරුමකට.....?"
"මොන මිනී මැරුමක්ද? තමුසෙනේ ගෑනි කියලා පෙන්නන්න වැඩකාරී මැරුවේ.... මිනී මැරුවා මමද තමුසේද?"
"ඇයි ඇයි අමතක උණාද සමරනායක මහත්තයා...... මම කියලා හිතලා අහිංසක පවුලක් මරලා දැම්ම එක......"
සමරනායකගේ සද්දේ පොඩ්ඩ වෙන්න වැහුණා
"තමුසෙටවත් පොලිසියටවත් ඒවා ඔප්පු කරන්න කෝ සාක්ෂි....."
"සාක්ෂි තියනවා.. දැනුත් පොලිස් කොමිෂනර් මාත් එක්ක ඉන්නේ.... තමුසේ තමුසෙගේ රහස හංගන් ඉන්න දුන්න සල්ලි වගේ දෙගුණයක් ගෙවලා මම තමුසෙගේ බලු කුක්කො ටික නම්ම ගත්තා.. දැන් උන් කියන්නේ මට ඕනේ දේ......"
"ජයවීර උඹ තාම මගේ හැටි දන්නේ නෑ.....?"
"ඉස්සර මේ ජයවීරට තිබ්බේ සල්ලි විතරයි දැන් මේ ජයවීරට බලයත් තියනවා...... තමුසේ මට කරපු හැම දේටම වන්දි ගෙවන්න ලෑස්ති වෙයන්....... අනික තමුසේ මට කතා කරන්න උත්සහ කළොත් ඒ කතා කරන හැම වචනයක්ම පොලීසියේ කැසග් එකක තියෙයි....... "මොළේ කල්පනා කරලා ඒ වචන ටික කියලා මම කෝල් එක කට් කළා.
" මචන් වැඩේ එළට ගියා........"
"දැන් ජය්වීරට ලැබෙන ඇමතුම් කට් කරන්න බැරිද?" මම හසංක දිහා බැලුවා...... 
"ඒක ටිකක් අමාරුයි. මොකද ජයවීර ඇමති නේ...... සමරනායකයා ජයවීරට කතා කලෝත් වැඩේ දෙල් වෙන්න පුළුවන් .. ඒ නිස දැන්මම ජයවීරට කෝල් එකක් ගත්තානම් හරි...."
"බුවා මචන්... වැඩේ කරන් පලයන්.......?"
"බුවා ෆොන් එක අතට ගත්තා විතරයි ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.... පොතේ හැටියට ඒ සිකාගේ අතේ තියන නම්බර් එක...."
"හලෝ...."
"මයියා......... සමරනායක තඩි තුවක්කුවක් අරන් වාහනේට නැග්ගා..... ඌ යන්නේ නම් කාව හරි බාවන්න පොලිසියට එන්න කියන්න වෙනවා.... අපි මේ පස්සෙන්ම යනවා...... යන්නේ නම් ජයවීරලාගේ ගෙවල් පැත්තට........."
" මොකා..............හසංක..... සමරනායක ජයවීරව හොයාගෙන යනවා......" 
"ඒ වචන ටිකෙන් පොලිසියේ හිටපු ඔක්කොමලා හදිස්සියේ ගාල කඩාගෙන පොලිස් ජීප් දෙක තුනක ගොඩ උණා..... "
"සාජන්ට් අර මහත්තුරු දෙන්නවා වෑන් එකේ දාගෙන අපේ පස්සේ එන්න..." හසංක එහෙම කියන ගමන් ජීප් එකට ගොඩ උණා. ඊට පස්සේ ජීප් දෙක ජෙට් වගේ ඉගිල්ලුණා..... මාවත් දෙකට තුනට නවලා වෑන් එකට රිංගවගත්ත බුවයි අර අනිත් පොලිස් කාරයයි ඒ ජීප් පස්සේ පන්නන්න ගත්තා......







3 comments:

නිසුපා said...

කතාවෙ අවසානය ලගයි වගේ...
මං මේ හිත හිත හිටියෙ අක්කට මොකද වුනේ කියලා..

Anonymous said...

haneeeeee kathawe iwere wenne dan tike tike lan wenewa neda... ay akki mechara kalekate posts damem nathe?? man hamedama balanewa meken post ekak dalade kiyala?? ay akkite apiwe amathaka welade?? natham kathawe epa welade/? ane ehema karane epa,, meke api kiyawapu lassana kathawak,, digateme puluwan widihate liyala danneko post ekak :) api meke amathaka karala na :) take care

හා පැටික්කි (MS) said...

කතාව ඉවරත් වෙලානේ.... මේ කියවන ගමන් අන්තිම කොටස් ටික....

Post a Comment