පිටුව

Friday, September 9, 2011

120 කොටස





හැමදේම එක පැත්තකට හරි යනකොට අනිත් පැත්තට අබ්ලික් වෙනවා. ලිහිණිව එහෙම අරන් යද්දී මගේ හිත එක පාරටම කඩා වැටුණා මම හිතන්නේ. භානුක අපේ ගෙදරින් ගියේ පටාචාරා වගේ හොටු පෙරාගෙන. තාත්තා උණත් මට මොකුත් කිව්වෙ නෑ සමහර විට මම ලෙඩා දුකා හින්දා වෙන්න ඇති. මට තේරෙන්නේ නැත්තේ හැම දෙයක්ම පේන තෙක්මානේ හරි පැහැදිලි වෙනකොට කොහෙන් හරි බැරල් එකක් ගිනි ගන්නවා. තාරකා මාව එක මොහොතක්වත් තනි කළේ නෑ. ඒකටත් හේතුව මගේ තියන අසරණකම වෙන්න ඇති. 
" තෙනුර දැන් ඔයා කල්පනා කළා ඇති. කොහොමත් ඔයා ලිහිණිට ගෙදර යන්න කිය කියානේ හිටියේ. "
" ඔව් ඒත් මේක එයා හොඳින් ගිය ගමනක් නෙවෙයි නේද? මට බය මේ කෙල්ලගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා"
" එහෙම වෙන්නේ නෑ. එයා ගියේ එයා පොඩිකාලේ ඉදන් හැදුණු ගෙදරනේ තෙනුර"
" ඒක එහෙම නම් ඇයි භානුක අප්සෙට් යන්නේ ..... එතන අපි කාටවත් නොදැනෙන ප්‍රශ්නයක් තියනවා තාරකා" තාරකා මගේ ඔලුව අත ගෑවා. ඒ ආදරේ මට නොදැනුණා නෙවෙයි.ඒත් මම ඉන්නේ ගින්දරක කෙල්ලේ..... උඹලා දෙන්නා නිසා මම දැන් පිච්චෙනවා. මම නම් මලත් කමක් නෑ ඒත් උඹලා දෙන්නට මොනා හරි උණොත්.
" අනේ ඔයා ඔහොම කල්පනා කරන්න එපා තෙනුර මට බයයි" ඒත් එක්කම තාත්තා කාමරේට ආවා.
"මම බලාපොරොත්තුවෙන් හිටිය කෝල් එක ආවා පුතා" තාත්තා කවදාවත් නැතුව මට පුතා කිව්වා ඒ විතරක්ද මෙච්චර ආදරෙන්. එයත් මම අවුල් කියලා අවුලෙන්ද මන්දා? එහෙම වෙද්දිත් ආතල් එකක් තියනවා. ඒත් වෙච්ච් දේ මතක් වෙද්දි ඒක අනාතල් වෙලා යනවා.
"මොකද්ද තාත්තේ?"
"ඉන්දියා වලින්.... ඔයාගේ මෙඩිකල් රිපෝට් බලලා කිව්ව සනීප කරන්න පුළුවන් කියලා"
"අනේ අන්කල් ඔය ඇත්තමද?" මට වඩා සතුට ඉහවහා ගියේ තාරකාගේ මූණේ ආවා හිනාවට කම්බුල දෙපැත්තෙන් සුළියක් වගේ ඇතුළට ගියා.
" ඔව් එන මාසේ ඇපලෝ එකෙ ඔපරේෂන් එකට දින දුන්නා."
"ඕවාට සල්ලි කොහෙන්ද?" මම ඒක කිව්වේ කිසිම ගානක් නැතුව... එදා කිව්වා වගේ අදත් මම කියන්නේ මේ ගෙවල් උගස් තියාගෙන මාව සනීප කරන්න තරම් වටින මිනිහෙක් නෙවෙයි මම.
" ඒවා ඔක්කොම ලෑස්තියි. දුවත් ලෑස්ති වෙන්න අපිත් එක්ක යන්න" තාරකා මගේ ඔලුව බදාගෙන තාත්තා දිහා බැලුවා. මේ මොනාද වෙන්න යන්නේ තාරකා මාත් එක්ක ඉන්දියාවේ එනවා. ඒ කොහොමද අපේ තාත්තාට එකපාරටම මොළේ පෑදුනේ. 
" තාත්තේ ලිහිණිගේ ප්‍රශ්නෙ ඉවර වෙනකන් මට කොහෙවත් යන්න බෑ"
"මම දන්නවා.... ඒ වැඩේ ඉවරයක් කරන්න මාත් උදව් වෙන්නම්....." අනේ දෙයියනේ මේ මොකද්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ.... අබුදස්ස කාලේ බව ඇත්ත ඒත් වැරදීලාවත් අපේ තාත්තා මෙහෙම වෙන්ස් වෙන්න පුලුවන්ද අම්මපා......තාත්තා ටික වෙලාවක් තාරකා දිහා බලාගෙන ඉදලා එතනින් පිටත් උණා. 
"තාරකා මට තේරෙන්නේ නෑ ලෝකෙට ණය වෙලා මාව සනීප කරලා මොකද්ද තියන වාසිය "
"සල්ලි වලට වඩා ඔයා අපිට වටිනවා තෙනුර"
"තාරකා මට අම්මලා තාත්තාලාට ජීවිතකාලෙම ණය වෙලා ඉන්න බෑ. මාව මෙච්චර කල් හැදුවා මදිද? තව මොනද මට එයාලෙන් ඕනෙ."
"ඔයා අම්මලා තාත්තාලාට සත පහක්වත් ණය නෑ තෙනුර දැන් ඒක ගැන හිතන්න ඕනේ නෑ...... ඔයා සනීප වෙනවා"
"නංගිවයි අක්කාවයි පාරට ඇදලා දාලා මම සනීප වෙලා මොකටද?" මට ආවේ බොක්කෙන්ම වේදනවාක්.
"ඒ කිව්වේ?"
"තාත්තා මාව රට ගෙනයන්න යන්නේ මේ ගෙවල් උගස් තියලා" තාරකා මගේ ඔලුව ආයෙත් අත ගාන්න ගත්තා.
"එහෙම දෙයක් තාත්තා කරන්නේ නෑ. ඔයා ඒ ගැන බය වෙන්න එපා... අපි මුලින් ලිහිණිව හොයා ගමු.... ඊට පස්සෙ සනීප වෙමු." තාරකා ඉන්නේ කියාගන්න බැරි සතුටකින් වගේ. ඒකට හේතුව මම වෙන්න පුලුවන්. එයා මගේ ළඟ ඉන්නකොට දැනෙන සතුට නම් කියලා වැඩක් නෑ.ඒත් මට සතුටු වෙන්න බැරි වෙන්න බබා කොටලා තියෙන්නේ. පොඩි ආතල් එකක් ගියොත් ඊළඟ තත්ත්පරේ ඉඳලා හූල්ලනවා
හවස් වෙනකන්ම මට දැනුනේ මහා පව්කාරයෙක් වගේ හැගීමක්. හවස 5 වගේ වෙනකොට ගැන්සිය අපේ ගෙදරට වල බැස්සා. ඇත්තම කියනවා නම් දෙයියෝ සෙට් එකම වැඩ්ඩා වගේ.
"උඹේ අවුල මට තේරෙනවා. මම ඒක දැන ගත්ත ගමන්ම කලේ තල්මසාව ලිහිණිලාගේ ගෙවල් පැත්තේ යැව්ව එක" බුවාගෙ කතාවට මගේ ඇඟට ලේ පයින්ට් දහයක් විතර එන්න ඇති.
"ඉතිං"
"බය වෙන්න දෙයක් නෑ..... ජයවීරයා ලිහිණිට පාරවල් දෙක තුනක් ගහලා බැනලා තියනවා"
"එහෙම කොහොමද ඌ ලිහිණිට ගහන්නේ?"
"මගේ මල උපරිමෙන්ම පැන්නා. පුලුවන්කමක් තියනවා නම් මම මේ දැන් ගිහින් ජයවීරයාට අනිනවා"
"මචං ළමයෙක් වැරැද්දක් කළාම අම්මලා තාත්තාලාට අයිතියක් තියනවා අත පුරොලා දෙන්න"
"මොකද්ද ලිහිණි කරපු වැරැද්ද?"
" ගෙදරින් පැනගත්ත එක වැරැද්දක් නෙවෙයිද? එක දවසක් උඹත් උඹේ නංගි භානුකයත් එක්ක ඉන්නවා දැකලා මහා පාරේම කන් අඩිය අත ගෑවේ?" හත්වලාමේ ඇත්තම නේන්නම්.
"උඹ කියන්නේ ලිහිණිට කරදරයක් වෙන එකක් නෑ කියලාද"
"ඔව් මචන් තල්මසා ඉන්නකොට බය වෙන්න දෙයක් තියනවාද? හොඳම නිවුස් එක කියන්නද?"
"මොකද්ද?"
"තල්මසා ජීවිතේ පරදුවට තියලා හරි ලිහිණිව බේරනවා"
"ඇයි ඒ?" 
" තල්මසා ලිහිණිට ලව්"
"මොකක්?"



9 comments:

දයාබර said...

" තල්මසා ලිහිණිට ලව්"

හරි කාල වරෙන්කො................................

හා පැටික්කි (MS) said...

හැහ්.............. ඒකත් එහෙමද...........

Sanduni said...

අක්කියෝ....
ඇති යන්තං!!!
120 එනකන් බලන් හිටිය තරම!!!....

Nj_A said...

මැක්සා අක්කේ.. එල..ඊළඟ කොටසත් ඉක්මනට දාන්නකෝ...

මින් said...

කතාව එදා ඉදන්ම බැලුවට අද තමයි මුලින්ම comment කලේ...

එල කතාව.....

දිනිත් said...

ජූනි -1
ජූලි - 0
අගෝ-2
අනේ ඉතින් කොහොම ලිව්ව බ්ලොග් එකක්ද දැන් පාලුවට ගිහින් තිබුනට....

අපි තාමත් මේක බලනව, පොඩ්ඩක් ඉක්මං කෙරුවනං.....

Anonymous said...

ane ithiri tika ikmanata liyannakooooo.........................

Sanduni said...

අනේ අක්කේ....හැමදාමත් ඇවිත් බලල යනවා....ඉක්මනට කතාව දාන්නකෝ....

Aslam said...

" තල්මසා ලිහිණිට ලව්"
එකක් මදිවට තව ලව් එකක්. නියමයි.

Post a Comment