පිටුව

Tuesday, August 23, 2011

119 කොටස





මට තැපෑලෙන් වත් හිතුනෙ නෑ ලිහිණිට අඩෙන්න තරම් දෙයක් මගෙ කටින් පිට උණාද කියන එක. ඒත් ලිහිණිගෙ මූණේ අහිංසකකම දකිනකොට මට එයාට අඬන්න දෙන්න ලෝභයි. 
"ආයේ අඬන්නේ ඇයි?   මේ ඔයාට ගෙදර යන්න බැරි නම් කමක් නෑ අපි වෙන විදියක් බලමු. ඔයා අකමැත්තෙන් මෙතන කිසිම දෙයක් වෙන්නෙ නෑ." භානුක ලිහිණිව එයා ළඟට ගත්තා. 
"දැං අපි යන්....."
" ලිහිණි මගෙ අතින් ඔයාගෙ හිත රිදෙන්න මොනා හරි කියවුණානම් මට සමාවෙන්න"
"එහෙම දෙයක් නෑ මචං..... " තාරකා මට තට්ටුවක් දාල ගේ ඇතුලට ගියා... තාත්තාත් ආයේ කොහෙ අතුරුදහන් උනාද මම දන්නේ නෑ.... මම ආයෙත් භානුක දිහා බැලුවා. 
"ඇයි තෙනුර ඔයා මට කිව්වේ නැතතේ...?" ලිහිණි එහෙම ඇහුවේ අඬ අඬා..... ඇයි හත් ඉලව්වේ... මම දැං මෙයාට මොකද්ද නොකිව්වේ...? 
"මොනාද ලිහිණි...?"
"තාරකා ගැන...?"
" ඉතිං දැන් මම කිව්වේ ඔක්කොම විස්තරේ... තාරකා කියන්නේ ඔයාගෙම..."
"නෑ එයා මගෙම නෙවෙයි....? මෙ මොන හතර බ්
බීරි කතාවක්ද?
"ලිහිණි....... මේවා මම හොයා ගත්ත දේවල් නෙවෙයි..... ඒ හැම දෙයක්ම ඇත්ත....."
"මගේ කෙනෙක්නම් මට අයිති දේවල්..." ලිහිණි ආයෙමත් අඬන්න ගත්තා. දැං මොකද්ද ඒ අහිංසකී ගත්ත දේවල්... කාත් කවුරුවත් නැතුව ඔහේ අනුන්ගෙ ගෙවල් වල දුක් වින්ද කෙල්ල.... කොහොමද මෙයාගෙ දේවල් ගන්නෙ මට තද උණා.... ඒත් පෙන්නුවෙ නෑ.... ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි කිව්වලු...... බම්බුව තමයි. මටයි මුන් නිසා තිබ්බ දේවල් නැති උණේ.
"ලිහිණි... දැං ඇති..... අපි යන්......." භානුක ලිහිණිගේ අතින් ඇද්දා.
" පොඩ්ඩක් හිටපන් ලිහිණි මට කියන්න ගිය එක කියන්න දීපන්....... " පැන්න මල පිට කලේ භානුකයාගෙන්
"ලිහිණිට කියන්න දෙයක් නෑ මචං.... උඹව හම්බ වෙච්ච දවසෙ ඉදලා ගොඩගහගෙන හිටපු බලාපොරොත්තු නැති වෙලා ගියාම එයාට එහෙම කියවෙන්න ඇති." 
"මොන බලාපොරොත්තුද?" මේ මොන කෙහෙල්මලක් කියනවාද මන්දා... 
" උඹ නිකන් ඉන්න වෙලාවක හිතලා බලපන් කෙල්ලෙක්ට කොල්ලෙක් වෙනුවෙන් ගොඩ ගැහෙන්නේ මොන වගේ බලාපොරොත්තුද කියලා..... ඒත් උඹ වැරදි නෑ..... ලිහිණි වැරදිත් නෑ...... කවුරුවත් ඒකට වැරදි නෑ.... ලිහිණි මෙහෙ එනවාට මගේ කැමත්තක් නොතිබුණේ ඒක නිසයි. " මට ගොනාට වගේ තේරුණා... ඒකියන්නේ ලිහිණිත්... යකෝ කොල්ල අබ්බගාත වෙලා තියෙන්නෙ සිකුරු මහදසාවෙදි වගේ.... අනංගයත් මදි නොකියන්න විදලා තියනවා පපුව ගැලවිලා යන්න. ඒත් එක පාර පවුල් දෙකක් කර ගහන්න පුළුවන් තත්ත්වයක් මට නෑ...... කකුල් දෙකවත් පණ තිබ්බනම් සළකලා බලන්න හරි තිබ්බා...
" ම මම ..... ලිහිණි.... අනේ මම ඔයා ගැන හිතුවේ මගේ හොදම යාලුවෙක් වගේ...."
"මම වරදියි තෙනුර... ඔයා මම හින්දා මෙච්චර දෙයක් කරගෙනත් මම ඔයාගෙන් මෙහෙම බලාපොරොත්තු තියාගත්ත එක වැරදි... ඒත්....... අපි යන් භානුක" ලිහිණි ආපහු හැරුණා..... තාරකා තේ අරන් ඇවිල්ලා ලිහිණිට ඇල්ලුවා. මට තාරකා දකිනකොට පපුව පිච්චිලා යන්නෙ ඇයි කියන්න මම දන්නේ නෑ. මේ කෙල්ල කොහෙ ඉදන් මගේ ළඟට ආවද දන්නේ නෑ.
"මට තේ එපා .... අපි දැං යන්න ඕනේ....." ලිහිණි භානුකවත් ඇදගෙන එළියට යන්න ගියා.
"පොඩ්ඩක් ඉන්න ලිහිණි...... " තාරකා එහෙම කියනකොට මට ඉබේටම ලිහිණි දිහා බැලුණා...... ලිහිණි නැවතුණා. 
"ඇයි?" ලිහිණි තාරකා එක්ක කතා කලේ එච්චර සතුටකින් නෙවෙයි.
"මේ ලොකට් එකේ අම්මගෙයි තාත්තාගෙයි ෆොටෝ තියනවා... මෙච්චර කාලයක් මේක මගෙ ළඟ තිබුණා..... දැන් මේක ඔයා තියා ගන්න...... " තාරකාගේ තියන ලොකු හිත කොහෙන් ආව එකක්ද මම දන්නේ නෑ. ඔන්න ඔය වෙලාවට මට හිතෙනවා ඉඹගෙන ඉඹගෙන යන්න. අනේ මන්දා මට තේරෙන්නෙ නැත්තෙ ඇයි දැන් මට ඉඹින්නම හිතෙන්නෙ කියලා. ලිහිණි ඒක අතට ගත්තා... අරගෙන ඒක ඇරලා ඇතුලෙ ෆොටෝ බලන්න ඇති.
"තාරකා......." මම එයාට කතා කරලා ඔලුවෙන් මගෙ ළඟට එන්න කියලා කිව්වා. තාරකා ඉක්මනට මගෙ ළඟට ආවා
"අර මම කියෙව්ව ඩයරියත් දෙනවාද එයාට?"
"බෑ ඒකෙ මගේ ප්‍රයිවට් කතා වගයක් තියනවා...."
"අර අඩම්බර කොල්ලා ගැන නේද?"
"හ්ම්ම්ම්ම්ම්ම්" ලිහිණි ටික වෙලාවක් අපි දිහා බලාගෙන ඉඳලා භානුකත් එක්ක පිටත් උණා..... ඒත් එක පාරටම  තඩි කලු ජීප් එකක් කොහෙදෝ ඉදන් කඩා පාත් උණා... මම රෝද පුටුව ඒ පැත්තට හරවන්නත් කලින් ඒ වාහනේ ලිහිණිවත් දාගෙන ගිහින් ඉවරයි.............. භානුක හිටියේ බිම වැටිලා. ඒ සද්දෙට නංගි දුවන් ආවේ කෑ ගහගෙන
" අනේ භානුක............"
" ඒ තාත්තාගේ වාහනේ... උන් ලිහිණිව අරන් ගියා..." භානුක අත මිට මොලවලා හයියෙන් පාරක් පොළවට ගැහුවා...... තාරකා මගේ අත තද කරලා අල්ලගෙන........... මට කියන්න කරන්න මොකද්ද කියලා හිතා ගන්න බෑ.... අනේ දෙයියනේ... වෙන හැම දෙයක්ම ඇයි මම හින්දා වෙන්නෙ...?













12 comments:

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්....... මදැයි ඉතින් කොලා......

ඉක්මනටම ලියලා දාලා දුල් අක්කා....... :)

Sanduni said...

දුල් අක්කේ, අද තමයි මේ කතාව කියවන්න ගත්තෙ...එක හුස්මට ඔක්කොම කියවල ඉවර කරේ නැත්නම් අද මට නින්ද යන්නෙ නෑ...ඉතින් කොහොම හරි හවස පටන් අරන් දැන් ඉවර කරා....
ඇත්තටම ලස්සනයි! කාලෙකට පස්සේ කට රිදෙනකන් හිනා උනා.... ඊට පස්සේ ඇඬුනා....
දිගටම ලියන්න....අපි ඉන්නව ඔයත් එක්ක....

Dakshina said...

කාලා වරෙන්කෝ... මේක දැන් හොලිවුඩ් ත්‍රිලර් මූවී එකක් වගේ නේ.???

සංජු said...

දුල් දැන් කතා දාන්නෙ ගොඩාක් කාලෙකින් නේද? කමක් නෑ කමක් නෑ ඔන්න කවදා දැම්මත් අපි ඇවිත් කියවනවා. ඒත් හප්පේ අපි ආසයිනෙ කියවන්න. ඒක නිසා ඉක්මනට ඉක්මනට දාමු කොහොම හරි.

හසී said...

හ්ම්ම්..

Sanduni said...

ko akkiyo, ada kathawa?

Aslam said...

ha ha niyama kathawa "යකෝ කොල්ල අබ්බගාත වෙලා තියෙන්නෙ සිකුරු මහදසාවෙදි වගේ.... අනංගයත් මදි නොකියන්න විදලා තියනවා පපුව ගැලවිලා යන්න." Dennam love wage.

Sanduni said...

ane akkiyo! adawath nadda?

Nj_A said...

Ane akke..Ikmanta kathawa kiyannako....

Anonymous said...

hane dul akkiyo,, oya posts dekakme dala,, ane thank you so much,, eke husmate kiyawwa,, ane ithin ko anik tike,, ikmanate danneko pls.. oyage karada okkome hodin wisadila kiyala hithenewa :) take care :*
Glimmer Girl

Anonymous said...

ammooo ate yantum....

R

Nj_A said...

හැමදාම ඇවිල්ල බලලා යනවා අක්කේ..අනේ ඉක්මනට ඊළඟ කොටස දාන්නකෝ...

Post a Comment