පිටුව

Monday, August 22, 2011

118 කොටස





දැං ඉතින් මෙතන බකමූණා වගේ බකන් නිලාගෙන ඉදලා හරි යන්නෙ නෑ. මොනා හරි කරන්න වෙනවා. මම රෝද පුටුව දොර පැත්තට හරව ගත්තා. 
"ඉන්න තෙනුර මමත් එන්නම්......" තාරකා මාව හෙමින් සීරුවේ තල්ලු කරගෙන ඉස්සරහට ආවා.....
"ඔයා මේවාට ගෑවෙන්න එපා..... ඔයා කාමරේට වෙලා ඉන්න... මම ඕනෙ උණොත් කතා කරන්නම්....."
"නෑ තෙනුර මම නිසායි ඔයා ලිහිණිට එන්න ලිව්වේ.... " කොහෙද ඉතින් කියන දෙයක් අහන එකක්යෑ. එක අතකට ආවට වරදක් නෑ හැබැයි මේ දෙන්නවම එකට දැක්කම තාත්තාට මොනා වෙයිද දන්නේ නෑ. අපි සාලෙට යනකොට තාත්තා නම් පේන්න හිටියේ නෑ. ඒත් ලිහිණි මගේ ළඟට දුවගෙන ඇවිල්ල තාරකා දැකලා නැවතුණා.
" ලිහිණි මේ තාරකා..... තාරකා මේ ලිහිණි......" තාරකා යන්තම් බලා සිනාසුණත් ලිහිණි මගේ දිහයි භානුක දිහයි බලන්න ගත්තා.
"ලිහිණි..... තාරකා කියන්නේ මගෙ හොඳම යාලුවෙක්..... ඔයා කියලා මම මෙයාට අනන්තවත් රැවටිලා තියනවා....." ලිහිණි මගේ ළඟ දණ ගහලා වාඩි උණා.
"මට සමා වෙන්න තෙනුර................... අනේ මට සමා වෙන්න"
"ඇයි මෙ ඒ පාර............... " එක ටැප් එකක් වහ ගත්තා විතරයි අනිත් එක අරිනවා... අනේ මන්ද මෙයාලාට කොයි වෙලාවෙත් උල් දිය කඩා හැලෙනවා
" ඔයාට මේ හැමදේම උණේ මම නිසානේ..... "
"පිස්සුද බං ලිහිණිට....  මම උඹලා දෙන්නට එන්න කිව්වේ ලොකු කතාවක් කියන්න" මම භානුක දිහා බැලුවා
" මොකද්ද?" ලිහිණි මගේ අතින් අල්ලගන්න ගමන් තාරකා දිහා බලනවා මම දැක්කා.... මම ටිකක් වටපිට බලලා හසන්කයා කිව්ව කතාව මුල ඉදන් කියන්න ගත්තා, මැද වෙනකොට තාරකා වගේම ලිහිණිත් අඬන්න ගත්තා... වචන දෙක තුනකින් කෙනෙක්ව අනාථයෙක් කරන්න මේ ලෝකෙට පුළුවන්කම තියනවා. භානුකයා අන්තිමට මගේ ළඟට ඇවිල්ලා මගේ උරෙස්සට අත තිබ්බා
"උඹ කියන්න කළින් මම ඔය හැම එකක්ම දැනගෙන හිටියා......"
"මම ගැනත්....?"
"ඔව් උඹ ගැනත්.... ඒත් මචං ඒක උඹටවත් ලිහිණිටවත් කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණෙ නෑ.... ඒක අද උඹ කළා"
" මට උඹලාගේ උදව් ඕනේ....... "
"මොකද්ද?" භානුකට කලින් කතා කලේ ලිහිණියි
" ජයවීර කියන්නේ මගේ තාත්තා වෙන්න පුළුවන් ...... ඒත් මීට තත්ත්පර දෙක තුනකට කලින් උඹලාගෙ තාත්තා.... ඒ නිසා මට වඩා අයිතියක් උඹලා දෙන්නට තියනවා... ඒකයි මම මේවා කියන්නේ .... මම  එක්කෙනෙකුට එක පොරොන්දුවක් වෙලා තියනවා..... ඒ තමයි එයාව මේ ලෝකෙ තනි කරලා දැම්ම මිනිහාට නියම දඬුවම අරන් දෙනවා කියලා... ඒ කියන්නේ ජයවීරව පොලිසියට කොටුකරන එක...... මට ඒකට උඹලා උදව් කළත් නොකළත් මම ඒ දේ කරනවා..... ඒ බව උඹලාට දන්වන්නයි මට ඕනෙකම තිබුණේ......"
"ජයවීර කියන්නේ උඹලාට ලේසියෙන් කොටු කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි..." භානුකගේ කතාව මම දන්නවා.. ඒක ඕනේම හාල්පාරුවෙකුට තේරෙනවා
"මම ඒක දන්නව මචං......  උඹලා මේකට ගෑවෙන්න ඕනේ නෑ .... මම ඒකට ක්‍රමයක් හොයා ගන්නම්..... ලිහිණි.... ඔයා මට එහෙම වෙච්ච දවසට සමාව දෙන්න ඕනේ....."
"තෙනුර..... ඔයාට මාව ඕනෙ උණ දවසට මම ඔයා වෙනුවෙන් ඉන්නවා....." ලිහිණි ආයෙමත් තාරකා දිහා බැලුවා.....
"ලිහිනී විතරක් නෙවෙයි... ජයවීර කියන අපරධකාරයාව නීතියට භාර කරන්න මමත් උදව් කරන්නම්.. ඒත් මේ හැම දෙයකටම සමරනාහකත් සම්බන්දයි නේද?"
"සමරනායක රටෙන් පැනලා........" මම එහෙම කියනකොට තාරකා මාව ටිකක් තදින් අල්ල ගත්තා.... මම තාරකා දිහා බැලුවා එවෙලෙ මම දැක්කේ තාත්තාව... මගේ උගුරකටත් වේලිලා ගියා... දැන් මොනවා වෙයිද?
"සමරනායක අනිද්දාට ලංකාවට එනවා......" ඒ වචන පිට උණේ තාත්තාගේ කටින්. ඒ වචන මම බලාපොරොත්තුවෙන් හිටියේ නෑ
" තාත්තා කොහොමද දන්නේ?" මට ඉබේටම එහෙම අහුණා ඇහුණට පස්සෙයි මතක් උණේ කාගෙන්ද අහුවෙ කියලා..... හොඳ වෙලාවට මොලේ උඩ ඉඳන් ඉන්නේ ඒ නිසානේ තැපෑලෙන් හරි මතකය එන්නෙ.....
" මම ඒක දන්නවා.... හෙට සමරනායක් ලංකාවට එනවා පුතත් එක්ක..... ආයෙ ටික කාලෙකින් මෙහෙන් යන්නම යනවා කියලා තමයි ආරංචිය..... "
"එහෙනම් ප්ලෑනක් ගහමු... සමරනායක කොටු කරගත්තා කියන්නේ ජයවීරත් ඇතුලෙ කියන එක නේද?" මම තාරකා දිහා බැලුවා....
"ඔයාට ඒ වගෙ භයානක මිනිස්සු එක්ක ඔට්ටු වෙන්න බෑ තෙනුර....." 
"ඕවා මට මොන වැඩද? මම අතයි කකුලයි දෙකම අබ්ලික් කරගෙන තට්ටු පහක් උසින් ජනෙල්ලෙන් පැනලා ආපු පොරක්...." ඒ කතාව කියද්දි ලිහිණිගේ මූණට හිනාවක් ආවත් කිව්ව කතාව කා ඉස්සරහද කිව්වේ කියන එක මතක් උනේ ආයෙත් තැපෑලෙන්.... අනෙ මන්දා මේක දැන් අයිඩෙන්ටි චෙක් කරන්නෙ නැති කොළඹ වගේ.... කිසි ගානක් නැතුව වචන එළියට දානවා. තාත්තා ඇහුණේ නෑ වගේ මගේ ළඟට ආවා...... 
"සමරනායකව අල්ලගන්නේ කොහොමද?"
"පාපොච්චාරණය......" මම එහෙම කිව්වා..... භාණුකයා මගේ දිහා බැලුවා
" ඒ කොහොමද?"
" මුලින් පොඩි බ්ලැක් මේල් පාරක් දෙමු..... කප්පමක් ඉල්ලන විදියට............."
"ඊට පස්සේ...?"
" කප්පම ගන්න තැනකට එන්න කියලා... ඔක්කොම ටික වමාරලා එළියට ගනිමු......"
"කවුද ඕක කරන්නේ............?"
" මේක කරන්න ඕනෙ හසකයා දැනුවත්ව...... මම ඒක බලා ගන්නම්... මට කාඩ් දාන්න පුළුවන් ෆෝන එකක්  විතරයි ඕනේ..."
" හරි..... අපි ලෑස්තියි..."
"ලිහිණි ඔයාගෙන් මට උදව්වක් ඕනේ...."
"මොකද්ද තෙනුර.....?"
"ඔයා ගෙදර යන්න ඕනේ..........." ලිහිණි බයෙන් මා දිහා බැලුවා
" ගිහින්...?"
"ඔයා අපිට ඔත්තු දෙන්න ඕනේ...... ඒකෙන් අපිට තවත් හොඳට ලෑස්ති වෙන්න පුළුවන්......"
"එතකොට..... මම මොකද කරන්න ඕනෙ......?" තාරකා මගෙන් ඇහුවා
"ඔයා ඔහොමම මගේ ළඟට වෙලා ඉන්න......" ඒ වචන ටික ඇහුණා විතරයි ලිහිණිගේ මූණ කළු වෙලා සට සට ගාලා කඳුළු වැක්කෙරෙන්න පටන් ගත්තා... ඇත්තටම මට බැරි වෙලා හරි ඇඬෙන කතාවක් කියවුණාද? මම ආයෙත් කිව්ව දේවල් මුල ඉදන් හිතන්න පටන් ගත්තා.............











13 comments:

සුදු මැණිකේ(මැණික්) said...

ඔන්න කාලෙකට පස්සෙ කතාව දාලා. නියමයි නේ.

පොඩි බබා said...

මගෙ අම්බො නැන්දේ දැක්ක කල්...

mahima said...

ඇති යන්තන් බ්ලොග් එක මතක් උනා

Anonymous said...

හප්පට සිරි මේ කතාව තාම යනවද?

Priyanka said...

kaaaaaaaaalekin .......
ela ela ohoma yaaaaaaaaaaaan

Anonymous said...

118 enakan mama balagena hitiya tharama man ma thamai danne..mama oya me mulu kathavema pavicchi karapu wachana valata godak asai.ikmanatama anith evath dannaaaaaaaaaaaaaaa....

Dakshina said...

බොහොම ස්තූතියි මේ කොටසට. පුලු පුලුවන් වෙලාවට ලියලා දාන්න.

හා පැටික්කි (MS) said...

අක්කගේ වැඩ කටයුතු ඉවරයි වගේ ආයෙම කතාව ඇවිල්ලා......

අම්මේ..... අවසානේ නම් ටක් ටික් ටුක් කියලා ගෙවෙනවා වගේ....... :)

සංජු said...

ඔන්න මම මුලින්ම ඔයාට ස්තූති කරනවා අපිව මතක් වුන එකටයි.. ආපහු කතාව පටන් ගත්ත එකටයි... හැමදාම වගේ අදත් ඇවිල් බලද්දි ඔයා ඉන්නව දැක්කම ගොඩක් සතුටුයි... කොහොමද ඔයාගේ අළුත් තොරතුරැ ප්‍රශ්ණ ඔක්කොම විසඳෙන්න ඇති කියල හිතනවා...

දිගටම ලියන්න.. අපි හැමෝම ආසාවෙන් මග බලාගෙන ඉන්නවා

හසී said...

අම්මේ කාලෙකින්...............

නිසුපා said...

අම්මේ...ඇති යන්තම් කතාව දාලා....හැම දාම බල බලා හිටියේ..
අනේ ලිහිණිත් තෙනුරට ලව්ද..???

Anonymous said...

amoo maasa 2kata passe awith apiwa thawath awul karaa..dannam ithuru hariya danagannakann thawath iwasillak naa !!!!!!!

මහේෂ් කූරගම said...

කලින් කොටස් 2 ක් 3 ක් වත් ආපහු කියවලා එන්න වෙනවා කථාව ආපහු මතක් කරගන්න.

Post a Comment