පිටුව

Wednesday, April 13, 2011

112 කොටස


මේක හතර බීරි කතාවේ පසුවදන වගේ මොනා උණත් බුවා රෝද පුටුව කෙලින් කරලා බිමින් තිබ්බට පස්සෙ මම බුවාටයි තල්මසාටයි බර දීලා රෝද පුටුවට පස්ස තිබ්බා. 
"හිරාන් මට ඇත්ත කියපං මචං..... උඹට නිකං වැරදිලාවත් ලහිරුවාට සැලකුණාද?" මම හිරාන්ට ළං වෙලා ඇහුවා. ඌ මූණ දෙල් කරගෙන මගෙ දිහා බැලුවා
"උඹට පිස්සුද බං.... උඹ හිතුවද මම ඒ තරං චාටර් කියලා"  චාටර්ද නැද්ද මම දන්නේ නෑ ඒත් මූ කියන්න ඇත්ත බවනම් තේරෙනවා එච්චරට මුගේ මූණ හා පාටක් ගහලා. අපි ගල් බොරළු මැදින් ගෙට ගොඩ වෙන්න යද්දි එදා ලහිරුවා හම්බ වෙන්න ආවාම කතා කරපු අඟර දඟර පුංචි හාමි එළියට ආවා.
"ඔයාලා ආයෙත් ආවාද?" එයා මගෙ දිහා නෙවෙයි කෙලින්ම තල්මසා දිහා බලාගෙන ඇහුවා. තල්මසා බිම බලාගත්තේ මොකුත් නොකියා. 
"කරුණාකරලා ආපු අතක් බලාගෙන යන්න.... අපිට මේ කරපු හරිය හොදටම ඇති" කෙල්ල කඳුලු පොදියක් ඇස් දෙකේ හංගගෙන කතා කලා
"නංගිට වැරදිලා..... අපි මේවට සම්බන්ද නෑ...." තල්මසා කියාගෙන ගියා..... ඒත් එක්කම ලහිරුවා පොඩි කොරයකුත් එක්ක ඉස්සරහාට ආවා.. අප්පටසිරි ඇහැක් පිරෙන්නම කලු වෙලා නළලටත් ප්ලාස්ටර් දාලා. 
"කේෂා......" ලහිරු අක්කා දිහා බලලා කතා කලා. අර පොඩි කෙල්ල ලහිරුවා ළඟට දිව්වා. ඔලුව උස්සලා අක්කා දිහා බලනකොට මෙන්න එයත් සට සට ගාලා කඳුලු හලනවා. අනේ මන්දා... මෙලෝ රහක් නැති බනිස් ගෙඩියක් කනවා වගේ මම බුවා දිහා බැලුවා. මේ දුක සීන් ඉතින් කාට කියලා කියන්නද? අක්කා හිමීට මගෙ රෝද පුටුව ළඟට ආවා.
"මේ ඔයාගේ මල්ලි නේද? අනේ නංගි ඉක්මනට මෙයාලව ඇතුලට ගන්න" ලහිරුවා මගේ දිහා බලාගෙන කොර ගගහා එතනට ආවා.
"ලහිරු අයියාට කරදරයක් කියලා දැනගෙන ආවේ......"
"ඔව් ඊයේ කරදරයක් උණා තමයි..... ඒත් ඔයාලා මොකටද කරදර වෙන්නේ...." බුවයි තල්මසයි මාව රෝද පුටුවත් එක්ක ගෙදරට ගොඩ කළා.
"මොකද්ද ඇත්තටම සිද්ධ උණේ අයියේ......?"ලහිරු තල්මසා දිහා බලනවා මම දැක්කා. ඊට පස්සේ ලොකු හුස්මක් පුරෝලා ඇරලා මගේ දිහා බැලුවා.
"මම හිතනවා මල්ලිලා කතාවේ භාගයක් දන්නවා කියලා."
"ඔව් ඒත් ගලපගන්න මට බෑ..... මුල ඉදලා කිව්වානම්" අර පොඩි කෙල්ල ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ගෙට ගියා. තල්මසාත් නෝ කතා ඔහේ ඉදගෙන ඉන්නවා.
" අපේ අම්මාට පිස්සු......" ලහිරුවා පටන් ගත්තා
"ඉතිං...."
"එයා හොඳට හිටියා.... ඒත් එයාගෙන් උණ වරදක් නිසා එයා ඒ ගැන හිතලාම පිස්සු හදා ගත්තා..."
"වරදක්?"
"අපි හැදුණේ තාත්තා නැතුව මල්ලි..... ගොඩාක් අමාරුවෙන්...... අම්මාට මල්ලි හම්බ වෙන්න ඉන්නකොට තාත්තා නැති උණා.... නංගිවවත් මාවවත් හදාගන්න සල්ලි නැතුව හිටිය අම්මාට මල්ලි ගැන මාර බරක් හිතට තිබ්බා. එයා ගෙවල් වල කුලී වැඩ කරලා ගානක් හොයා ගත්තාට ජීවත් වෙන්න ඒක මදි උණා... ඒ නිසා මල්ලිව එයා හම්බ උණාට පස්සෙ වික්කා........... " මට හිටගන්න පුළුවං නම් මෙලහකටත් හිටගෙන. බුවා කලකිරීමෙන් මගෙ දිහා බැලුවා....
"ඒ ගනුදෙනුවට පහල නර්ස් ඇන්ටි සම්බන්දයි... ඒ මහත්තයා අපිට මාසේ ගානේ සල්ලි දුන්නා ජීවත් වෙන්න..... මට රස්සාවක් දුන්නා... ඒ හැම දෙයක් එක්කම එයා අපෙන් බලාපොරොත්තු උණේ මේ හැමදේම ලෝකෙන් වසන් කරගෙන ඉන්න එක."
"ඉතිං ඒ මහත්තයා ජයවීර නේද?" ලහිරු ඔලුව වැනුවා..... 
"කේෂාගෙයි මගෙයි සම්බන්දේ දැනගෙන එයා ඒක නවත්තන්න කියලා මට තර්ජනේ කලා..... මම ඒක නවත්තන්නම ගියා... රටේ නැති බොරු කියලා... ඒත් මට ඒක කරන්න බැරි උණා..... අන්තිමට මම ඒ රස්සවෙන් අස් උණා...... ඒත් එක්කම මට තර්ජන වැඩි වෙන්න ගත්තා..... අපේ ගෙවල් ලඟ එක එක මිනිස්සු හැසිරෙනවා මට දැනුණා... රෑට ගේ වටේ ඇවිදිනවා මට ඇහෙනවා... අපි සද්ද නැතුව හිටියා...... කරන්න දෙයක් නෑ..... මම නංගිවයි අම්මවායි ලඟට කරගෙන ගොඩාක් බයෙන් ජීවත් උණා...... ඒත් ඊයේ මේ මල්ලිලා අපිව හොයාගෙන ආවා..... මෙච්චර කාලයක් රහසක් වෙච්ච ගොඩාක් දේවල් දැනගෙන... අපේ මල්ලිත් එතන හිටියා..... හැමදේමට වඩා ලේ නෑකම කැක්කුමයි මල්ලි... තිබ්බ පොරොන්දු ඔක්කොම අමතක කරලා  අපි අපේ මල්ලිව පිලිගත්තා..... ඔයාලා ගිහින් එච්චර වෙලාවක් ගියේ නෑ... ජීප් දෙකක් පුරෝලා සෙනඟ ඇවිත් දොර කඩලා අපිට ගහලා අම්මාව ඇදගෙන යන්න ගියා. මම අම්මව බේරගන්න ගිහින් තමයි ගොඩාක්ම ගුටි කෑවේ... අහල පහල අය පොලිසියට කතා කරලා වෙන්න ඇති පොලිසියෙන් ආව නිසා උන් අපිව අත ඇරලා ගියා......... ඒත් ආයේ එන්න පුළුවං" ජයවීරයා කියන්නේ අමු තිරිසනෙක් අප්පා......... මගේ ඇඟේ දුවන්නෙත් උගේ ලේ කියලා හිතනකොට තමයි බෙල්ල කපා ගන්න හිතෙන්නේ.... මේ මිනිහා ජීවිත කීයක් විනාස කරලාද.... අන්තිමට එයාට ඕනේ එයාට ඕනෙ කරන දේ විතරයි. 
"ලහිරු අයියා බය වෙන්න එපා.. අයියලා තනි වෙලා නෑ... අපිත් ඉන්නවා ඔයාලා එක්ක"
"ඒ වචන ටිකත් මට ඇති මල්ලි.........." අක්කා තොරතෝංචියක් නැතුව අඬනවා
" ඔය ටැප් එක වහගන්නවා අක්කේ..." මට බැරිම තැන කිව්වා
"ඔයාට මේ හැමදෙයක්ම උණේ මම නිසා ලහිරු" ඔන්න කලා වැඩක්, අනේ අම්මපා මේ ගෑනු දාගන්නේම අහක යන තොප්පිනේ.... මුන්ට මොලේ දෙනකොට මහා බඹා උණත් පොඩි ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ.....
"පිස්සුද කේෂා, මේ හැමදේම අපිට උණේ අපේ දුප්පත්කම නිසා......"
ඒත් එක්කම පොලිස් ජීප් එකක් ගේ ඉස්සරහා නතර කලා..... ලහිරු නැගිටලා කොර ගහා ගහා ඉස්සරහාට ගියා.... 
"මේ ඉන්ස්පෙක්ටර් හරිම අවංකයි...... " ලහිරුවා හිමින් සැරේ කිව්වා.... මම පොඩි කාලේ ඉඳලා පොලිස් ජීප් එකට බයයි. ෂුවර් එකට ගිය ආත්මේ ගේමක් දේලා පොලිසියෙන් වෙඩි කාලා මැරුණ එකෙක් වෙන්න ඇති මම..... ඒ නිසාද කොහෙද මම බිම බලා ගත්තා...... තල්මසාත් පුටුවෙන් නැගිටලා එළියට ගියා මම දැක්කා.
"ලහිරු කොහොමද තත්ත්වෙ....?" පොලිස් බුවාගේ කටහඬනම් මට මාර හුරුයි වගේ... ගිය ආත්මේ මුගෙන්ද දන්නේ නෑ වෙඩි කෑවේ...... මම පොලිස් කාරයා දිහා නිකමට බැලුවා.......


මේ මොකද්ද මේ වෙන්නේ...... කිරි බුදු අප්පේ............ යකෝ මට නැගිටගන්න බැරි හැටි විතරක්. මාව එතනම ගල් උණා
"කොහොමද තෙනුර..............?" මට කෙල ටිකවත් ගිල ගන්න බෑ.. කතා කරන්න වචන දන්නේ නෑ වගේ. ඔහේ බලාගෙනම හිටියා මිසක් මොකුත් කිව්වේ නෑ.. මේ වෙලාවේ මම ලාවට හිනා වෙන්න ඕනේද. අම්බානකට අඬන්න ඕනෙද කියන එක මට තේරෙන්නේ නෑ
"මාව අඳුනන්න බැරිද?....." මම දැං මොකද්ද කියන්නේ මට අඳුනගන්න පුලුවං ඒත් වචන පිට වෙන්නේ නෑ කියන්නද?
"හසංක..................." ඇති යන්තම් මම දිව නවා ගත්තා....... බුවා මගේ දිහා බැලුවේ කජු වෙලා..... මටත් මේක හිතාගන්න බෑ. අර ගමේ හඩ්ඩා පොලිස්කාරයෙක්ද? එතකොට මූ ගමේ මොකද කළේ... මම ආයෙත් හසංක දිහා බැලුවා මෙන්න මූට මාර හිනා.... දෙන්න පුළුවන් නම් දෙනවා මම සිග්නල් ටූත් පේස්ට් එකක්.





8 comments:

..::| පොජ්ජේ |::.. said...

එළ එළ නියමයි...
හසංක සී අයි ඩී ද?

Aslam said...

ඔන්න අදත් කථාවක් දාලා. අක්කෙ තව ටිකක් ඉක්මනට දාමු නේද??
මොනවද අප්පේ මේ වෙන්නේ. හිතාගන්න බෑරි පෑත්තකටනේ මේ කථාව යන්නේ.

Dakshina said...

ඔය ලියලා තියෙන්නේ.... ඔහොම යං... දිගටම ලියන්න ඕනේ හරිද?

පොඩි බබා said...

එල නැන්දේ එල...සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

Anonymous said...

අජූතයි

කතාවට ආස කෙනා.... said...

සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ....... තව ඉස්සරහටත් ලියන්න හොදේ... මේ කතාව ඉවර උනාට පස්සේ තවත් ලස්සන කතාවක් ලියන්න......

Anonymous said...

Hane dull akki ,, wish you a very happy new year akki,, may all your dreams come true in this new year .. and thanks for uploading a part the story in new year :) take care. :D
Glimmer Girl

නිශ් said...

තැන්කූ ................ සුබ අළුත් අවුරුද්දක් වේවා දුල්
සියලු පැතුම් ඉටුවේවා.................!

Post a Comment