පිටුව

Wednesday, March 16, 2011

109 කොටස



මම වටේ කොක්කු වගේ කැරකෙන ප්‍රශ්ණ ගොඩාක් එක්ක ඇඳට වෙලා සීලිමේ මකුළු දැල් ගණන් කරන්න වෙච්ච එක ගැනනම් මට දැනෙන්නේ හිරිකිතක්. මට වෙච්ච හැම දෙයක්ම හැම දේකටම කොහෙන් හරි ගිහින් සම්බන්ඳයි. මේ දවස් වල මම හතරක් ගැහුවත් නෝබෝල්. මොනාවත් කියන්න කරන්න මට අයිතියක් නෑ. මගේ හැම වැඩක්ම කරන්න වෙලා තියෙන්නේ අනුන්ට. අළුත් අම්මාගේ මලගෙදර කටයුතු එහෙම තිබ්බේ අපේ ගෙදර. ඒවාට භානුකය දාඩිය හලලා කොහොමහරි ලකුණු එකසිය ගානට දාගත්තා. කාටද ආඩම්බර. මගේ මස්සිනා වෙච්චි. ඒත් මූ මට වඩා නියමෙට වැඩේ කලා. නංගිගෙයි භානුකයගෙයි සීන් එකට ලොකු උදැල්ලක් තාත්තා දැං දාන එකක් නෑ. ලිහිණිව අරං ගිය කටේ පළුද්දක් තියන හාදයා ගැන මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒත් මට ඌව මතකයි. මෙවන් කාරයා ලිහිණි අරං ගියේ නැත්නම් කවුද ලිහිණිව අරං යන්න ඇත්තේ.... ඕක මම කල්පනා කරනවා. ඒ විතරක් නෙවෙයි මට අර හසංකයාව හම්බ වෙන්නත් ඕනේ මොකද ඌ තමයි අර සමරනායකගේ ගෙදර වැඩ කරපු ඇන්ටිව දන්නේ..... ඒත් කකුල් දෙක පොළවේ තිය ගන්නේ නැතුව මේ එකකටවත් උත්තර හොයා ගන්න බෑ. ඔක්කොටම වඩා එපාම කරපු වැඩේ තමයි අපේ ජයවීරයා ඡන්දෙන් ඉහළින්ම දින්න එක. ඒක නිසා දැං ජයවීරට සැළකිලි වැඩියි. ඌ තාත්තාගේ අමාත්‍යංශෙට අවොත් තාත්තාත් රස්සාවා තියලා ගෙදර එන්න වගේ හදන්නේ. අනේ මන්දා..... ජයවීර නිසා අපේ ගෙදර තියන ප්‍රශ්න වලට තව අළුත් ප්‍රශනයක් එකතු වෙන්න වගේ යන්නේ.
"මයියා........ මයියා.........." මගේ කාමරේට කඩාගෙන බුවා දුවගෙන එනවා......
" මොකද බං සුනාමියක්ද?"
"අහපං.... සුනාමියක් වගේ එකක්......" බුවා ඇවිල්ල ටික වෙලාවකින් ගැන්සියේ උන් මතු වෙන්න ගත්තා
" මොකද්ද?"
"පොලිසිය ලිහිණිව කිඩ්නැප් කරපු වාහනේ හොයාගෙන"
"නෑ.... ඉතිං ... කවුද ?"
"වාහනේ කුලියට දෙන එකක්ලු... ඒත් ඔය කිව්ව දවසේ ඒ වාහනේ දීලා තියෙන්නේ අතුකෝරල කියලා පොරකට..... වාහනේ අයිති කාරයා වාහනේ දෙනකොට නම ලියාගෙන තියනවා...."
" අතුකෝරල...?, මේ ලංකාවේ අතුකෝරල ලා කීදෙනක් ඇතිද බං"
" වැදගත්ම සිද්ධිය තමයි..... අතුකෝරල බුවාගේ කටේ අර කැළල තියනවා....."
"ඒ කියන්නේ මේ අරං ගිය එකාමයි කිඩ්නැප් කරලා තියෙන්නේ...?" ඒත් එක්කම අයියා මගේ කාමරේට ආවා...
"මම අහගෙන හිටියේ කතාව"
"දිමත් අයියේ.... මේ යකා තාමත් බයක් නැතිව ජයවීරයගෙන් කප්පන් ඉල්ලනවා"
"කටේ කැළලක් තියන අතුකෝරල කවුද කියලා මම දන්නවා........" මාව හොල්මන් වෙලා ගියා.. මම අනිත් උන් දිහා බැලුවා උනුත් ආයේ නෑ පෙරේත හොල්මන් වගේ..........
"කවුද?"
"කසුන් අතුකෝරල.... ඌ කුඩු කේස් එකකට හිරේ ඉඳලා ආවේ.... අපේ පන්තියේ... කොටින්ම කිව්වොත් මගේ ඉස්සර ෆිට් එකක්" දෙයියෝ සාකි ඇත්තම නේන්නම්..... මේ කසුන් අයියා.... එයාට ඕනේ ජයවීරගෙන් පලිගන්න..... දැං මට ඔක්කොම මතකයි. ලිහිණි ඇත්තේ කසුන් කාරයා ලඟ ...... බඩුම තමයි
"මචං උඹලාට මතකද අපි දවසක් ඌව ෆොලෝ කරලා උගේ ගෙදර ගියා...... ඌට කතා කරල ශෙප්මන්ට් එකක් දාගෙන...... ලිහිණිව අපිට අරං එන්න පුළුවං වෙයි.
" ලාවට මතකයි......., ඒත් ඌට අපිව මතක නැතුව ඇති."
" ලොක්කයියේ........"
" මට ඌව හම්බ වෙන්න යන්න බැරි කමක් තියනවා මයියා.........."
" ඒක මොකද්ද කියලා මට අහන්න බෑ"
"නෑ ඇත්තම විස්තරේ නම්  ඌ බැන්දේ මම මුලින් යාලු වෙලා හිටපු කෙල්ලව..... මට ඌට මූණ දෙන්න බෑ... මොකද එතනදි මම වැරදියි" අයියාත් උපාසක සක සක...... ඔය එන්නේ එයාගේ කටින්ම. ඇත්තම කියනවා නම් අපි තමයි තාම ඔටුවෝ....
"බුවා උඹ හිරාන්ට කතා කරපං, මම යන්න එන්නම් කසුන් අයියා මාව දන්නවා..." බුවා ලොක්කයියා දිහා බලනවා මම දැක්කා
"මල්ලි පරිස්සමෙන්"
"මම ගැන බයවෙන්න එපා අයියේ..... කසුන් අයියා හොද එකා"  බුවා වටපිට බලලා අපේ ටෙලිෆෝන් එක පැත්තට යනවා මම දැක්කා.......ඒත් එක්කම තේ කෝප්ප ගොඩාක් එක්ක අම්මා කාමරේට ආවා.
"පොඩි පුතා යාලුවොන්ට මේ තේ බොන්න කියන්න....." මම ඔලුව වැනුවා..... අම්මා එහෙම තියලා ගියා... අයියා එයාගෙ තේ කෝප්පෙ අරං එතනින් කැපුණා.....
"මයියා.. තව අයිඩියා එකක් දෙන්නද?"
"මොකද්ද?" මගේ කන ළඟ කුණු කුණු ගාන සිකා පැත්තට හැරුණා.....
"නංගිගේ සීන් එකත් ගොඩ ගිය එකේ නංගිට බටර් එකක් ගාලා තාරකාව උඹලෑ ගෙදර නවත්ත ගන්න ට්‍රයි එක දියංකෝ" මගේ හඳුන්පොත හිට්ටා....... තාරකා මෙහෙ..... ෂිඃ මට ඕක මූ කියනකන් මීටරේට අවේ නෑනේ.....
"මරු කතාව බං..... මට ඕක නිකමටවත් මීටර් උනේ නෑනේ..."
"ඔව් මයියා.. කෙල්ල අපි ගියොත් කඳුළු ඇස් වල පුරෝගත්ත ගමන් උඹව බලන්න ඕනේ කියලා..... " ටොලාත් ටිකක් හිමින් කියන්න ගත්තා.....
"මම ට්‍රයි එකක් දෙන්නම්..... මටත් දැං එයාව දකින්න ආසයි"
"මම හිතන්නේ කෙල්ලත් උඹට....." ඒත් එක්කම බුවා කාමරේට ආවා....
"මොකද මචං උනේ...?"
"තල්මසා එන්නං කිව්වා......උඹව අපි ලෑස්ති කරලා ගන්නම්..... ඔය බිල් ලාඩන්ගේ වගේ රැවුල කපලා පිලිවෙලක් වෙලා යං"
" හරි යං.... ඔය තේ ටික බීපං....." ඒත් එක්කම තාත්තාගේ වාහනේද කොහෙද එන සද්දේ ඇහුණා
"තාත්තා මට යන්න දෙයිද දන්නේ නෑ..."
"අපි අංකල් ශේප් කරගන්නම්"
" තාත්තා අද වේලාසනින් ඇවිත්" නංගිගේ කටහඬ
"කෝ පොඩි අයියා...." තාත්තා හොයන්නේ මාව, බුවා මාව ඒ වෙලාවේ රොද පුටුවෙන් තිබ්බා විතරයි. මම එහෙමම එළියට ආවා

" ඇයි තාත්තේ....?"
"අන්න ජයවීරගේ දුවව හම්බ වෙලාලු......"
"මොනවා.......?" මාව කරකවලා අත ඇරියා වගේ
"කොහෙදිද?"
"ඒවා දන්නේ නෑ..... " තාත්තා ගේ ඇතුළට යන්න ගියා
"මචං.. වැඩේ බරපතලයි" බුවා මගෙ දිහා බැලුවා
"ඒ කියන්නේ ලිහිණි ආයෙමත් ජයවීර ළඟ කියන එකද?"
"ඔව් ඒක තමයි" මගේ පපුව හෝස් ගාල ගියා.......දැං මම කොහොමද ආයෙත් ලිහිණිව බේර ගන්නේ. ඒ එක්කම ෆෝන් එක වදින්න ගත්තා... අම්මා හලෝ පාරක් දැම්මා
"රුවන් පුතා ඔයාට කෝල් එක" බුවා ෆෝන් එක ලඟට දුවගෙන ගියා
"ඔව් මචං දැං නිවුස් එක ලැබුණා... කොහොමද ලිහිණිට....?"
"උඹට පන්න ගන්න පුළුවන්ං නම් ලිහිණිව පන්නගනිං...... අපි බලමු ඊ ලඟට කරන්න පුලුවං දේ...." බුවා එහෙම කියනවා ඇහුණා.....
මට මේ මොකක්වත් තේරෙන්නේ නෑ දැං ආයෙත් ලිහිණිව පන්නගෙන මොනා කරන්නද? අනේ මන්දා බුවාගේ මොලේ ඔට්ටුපාලද කියලා.........













7 comments:

Aslam said...

කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑහෑ.

අම්බලන්ගොඩයා said...

බුවාගේ මොලේ ඔට්ටුපාලද

එළ එළ...
මම මේ කතාව දිගටම කිව්ව.. ඔන්න අද තමයි මුලම කමෙන්ට් එක දාන්නේ...නියමයි.
අම්බලන්ගොඩයාගෙන් සුභපැතුම් හොදේ...

සංජු said...

හලේ හම්බෝ ඉක්මනට ඊගාව කොටස දාන්ඩෝ... හුස්ම හිරවෙන්ට එනෝ

annanmannan said...

එළ එළ කතාව නැගලා යනවා.....

-නිර්මල-

Gihan said...

අන්න දැක්කනේ... අපි කිව්වොත් ඉතින් කිව්වම තමා... :) :)

හසී රන් said...

කිසිම කෙනෙක්ගේ කතා වලට බය නොවි ඔයා ලියන එක ඔයා ලියන්න බලන්න අපි ඉන්නවා...
කතාව කියවන්න මම මගින් සෙට් උනේ එත් මුල ඉදන්ම කියවලා බැලුවා...
කොමන්ට් හැමදාම නොදැම්මත් කතාව අනිවා බලනවා...
ඔයාගේ හැකියාව අගේ කරන්න වචන මදි අක්කියෝ කාටවත් එක නැති කරන්න බෑ... ගුඩ් ලක් !!!!!!!!!

pissi said...

ikkmanata daannoooo :)

Post a Comment