පිටුව

Tuesday, February 8, 2011

103 කොටස



" තෙනුර අතපත්තු....?" පොලීසියේ බුවා කියන්නේ මගේ නම, මම නැගිටින්න හැදුවට නැගිටගන්න බෑ.....
"ඉන්ස්පෙක්ටර් එයා අසනීපෙන් ඉන්නේ....? මොකද්ද ප්‍රශ්නේ?" මට වඩා කලබල වෙලා තියෙන්නේ සිකා.....
මූට නිකන් දියෙන් එළියට ඇදලා දැම්ම සාරි ගප්පියෙක් වගේ සන්නිය හැදිලා
"ඒක අපි දන්නවා ඉස්පිරිතාලෙක ඉන්නේ අසනීපයක් නිසානේ.... අපිට පොඩි කට උත්තරයක් ගන්න ඕනේ..."
නිකං ඉල්ලගෙන ගල් බනිස් කනවා කියන්නේ ඕකට තමයි. සිකා කට වහ ගත්තා... මුන් මගෙන් අහන්නෙ ෂුවර් එකටම ලිහිණි ගැන.
"අහන්න සර්..." මම එහෙම කියලා නැගිටින්න හදන්නකොට සිකා ඇවිත් අතින් ඇදලා මාව ඉන්දෙව්වා...
"අපිට පැමිණිල්ලක් ආවා... තෙනුර අද මේ තත්ත්වෙ ඉන්නේ මීට අවුරුද්දකට විතර කලින් සිද්ද උණ දෙයක් නිසා කියලා.... "  කිරි අප්පට පූසොත් බුරපි කිව්වලු. මෙච්චර වෙන්ට ඇමතිලාගේ ළමයි පැහැරගෙන යනවා.. ඒවා පැත්තකින් තියලා අවුරුද්දක් පරණ කුණු ගොඩක් අවුස්සනවා.. අනෙ මන්දා මෙහෙමම තමයි ඉතිං හැම්දේම. රටට චිරං ජයතු....
"ඔව් ඔව්.... ඒක පරණ කතාවක්නේ."
"ඒ අයව අඳුණගන්න බෑ කියලා තමයි පහුගිය කට උත්තරේ තියෙන්නෙ ඒත් අද අපේ හිටිපු ඇමති එක්කම අතපත්තු මහත්තයා ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා ආයේ ඒකේස් එක ඇදලා ගන්න කියලා... අපිට ඔයාගේ සපෝට් එක නැතුව වැඩේ කරන්න අමාරුයි පුතා..."
" ඉතිං ඉන්ස්පෙක්ටර් මහත්තයා ගහපු අලුත මට එයාලව මතක නැත්නම් දැං කොහොම මතක තියෙන්නද?"
"අපිට ඔයාගෙ තාත්තා වැඩි දුරටත් කිව්වේ ඒ මෙවන් සමරනායක කියලා තමයි" තාත්තාත් අරින්නේ නැති පාටයි.... දැං මෙවා කියලා මට මෙවන්ගේ කකුල් බද්ද කරන්න යෑ මේවා නිකං අපරාද වැඩ.
"මම මෙවන් කියලා කාව වත් දන්නේ නෑ... තාත්තා එහෙම කියනවා නම් ඒක ගැන හොයලා බලන්න..... මට කියන්න තියෙන්නේ එච්චරයි...." මම මොකුත් නොකියන්නේ බයකට නෙවෙයි... මට මීට වඩා ගොඩාක් දේවල් ඕකත් එක්ක විසඳගන්න තියනවා.... අනිත් එක දැං මට ඉස්පිරිතාලේ පයිප්ප දිගේ බඩ ගාන්නත් බැරි එකේ කටවහගෙන ඉන්න එක තමයි කිඩ්නියෙන් දැනෙන එකම දේ.... පොලිස් අංකල් මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා. ආයේ කතා කලා
"මට ඔයාගෙ කට උත්තරේ නැතුව මේ වැඩේ දිගටම කරන්න විදියක් නෑ... ඔයාගේ කට උත්තරේ වෙනස් කරන්න ඕනෙ නම් මට කතා කරන්න පුතා..." පොලිස් අංකල් කාමරෙන් එළියට ගියා සිකා දොර වහලා ඇවිල්ල මගේ දිහා බලාගෙන හිටියේ උගෙන් මම මොනා හරි මංකොල්ලා කෑවා වගේ....
"මොකද බං.... වල් ඌරා වගේ "
"වල් ඌරා තමයි.... බලපං මෙවන් කාරයාව යසට කොටු කරන්න තිබ්බානේ ඇත්ත කිව්වා නම්....."
"මචං.... අහක ඉන්න සරුපයෝ සරම අස්සට දාගෙන උන් කෑවා කියලා නඩු යන්න ඕනේ නෑනේ.... මෙවන් කාරයා කොහෙන් ගියත් මගෙන් බේරෙන්නේ නෑ.... ඕක පොලිසියට අහු උණොත් බේරෙන්න අන්තිම ලේසියි.... උගේ තාත්තා සල්ලි කාරයෙක් මම දන්න විදියට.... ඒත් ඕකට ගේම දෙන්න ඕනේ ඇඩ්‍රස් හොයා ගන්නේ නැති වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් ඉවසපං...."
"උඹට ඇඩ්රස් හොයා ගන්න වෙයි දැං හැංගෙන්න උඹේ තාත්තාගෙන්"
"මම හිතන්නේ නෑ ... මම මට ගහපු කතාව එයාට කියලා නෑ.. ඒත් තාත්තා එදා අපි කතා වෙනවා අහගෙන හිටියා.. එයා දන්නවා මම ගුටි කෑවේ ලිහිණි නිසා කියලා"
"උඹේ තාත්තාට උඹම උත්තර දීපං එහෙනං....."
"මම හිතුවෙ පොලිසියෙන් ආවේ ලිහිණි ගැන කට උත්තර ගන්න කියලා"
" මාත් එහෙම හිතුවා බං..."
"බුවා ලිහිණිව ගෙදර බැස්සුවා නම් හරි"
"හ්ම්ම්ම්" සිකා සද්ද නැතුව ආයෙ ටීවී එක පැත්ත බලා ගත්තා.......
 මම ටික වෙලාවක් කල්පනා කර කර හිටියා.... ඇත්තටම මම අනාගතේ ප්ලෑන් කරන්න පුලුවං කමක් දැං නෑ.... ආයේ කන පැලෙන්න මේක වදිනවා. මම අත ගාලා ටෙලිෆෝන් එක අතට ගත්තා 
"හලෝ......"
" තෙනුර..............." මම ටික වෙලාවක් කතා නොකර අහන් හිටියා මේ ලිහිණිද තාරකාද මම දන්නේ නෑ.. ඒත් මේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්.
"කවුද මේ....."
"මම තාරකා........" අනේ දෙයියනේ මේ ඔයාද..... ඒත් මම කතා කරන්න හොඳ නෑ... කියන දේ අහන්නේ නෑ නේ
"ඇයි දැං කතා නැත්තේ...."
"මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ..." මම මල පැන්නා වගේ කතා කලා....
"මෙහෙම කරන්න එපා.... තෙනුර ඔයා බලන්න මම එන්න ඕනේ, ඒත් මට එන්න පුළුවං කමක් නෑ"
"නෑ නෑ කවුරුත් මාව බලන්න එන්න ඕනේ නෑ"
"නපුරු වෙන්න එපා තෙනුර...... "
"ඔව් ඒ මගේ උපන් හැටි "
" ඔයාට ලිහිණි කතා කලාම නම් නලෝලා කතා කරයි...." කිරි අප්පේ මෙයාට ඩෝං ගිය තරම්..... අර කම්බුලේ වල බලාගන්න මට ඔන්න මාර ආසවක් එන්න ගත්තා....
" මට එක එක්කෙනාව නළවන්න ඕනේ නෑ..."
"ඔව් ඒක නම් මම දන්නවා..... මම ෆෝන් එක තියෙනවා........" 
" ඔහොම ඉන්නවා..... තමුසේ ඩයිනමයිට් පරාදයිනේ...." මම කලබල උනේ තාරකා ෆෝන් එක තියෙයි කියලා
"මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕනේ නෑ... මට ඕනේ ඔයාට කොහොමද කියලා දැන ගන්න විතරයි...."
"කවුද ළමයෝ රණ්ඩු උනේ.... හරි දැං ඔයා කොහෙද ඉන්නේ...."
"කොළඹ"
" කොළඹ කොහෙද, සමරනායකලාගේ ගෙදරද?" තාරකා ටික වෙලාවකට සද්ද නැති උණා....
"තාරකා........"
"මම ඔයාට හෙට කතා කරන්නම්"
" මට උත්තරයක් දෙන්න......"
" මට ඉන්න තැන කියන්න බෑ... ඒත් මම හොඳින්"
"මට ඔයාව බලන්න ඕනේ තාරකා"
"මටත්...." තාරකා ඒක කිව්වේ බර කරලා ඒත් රහසින්
"එහෙනම් මට ඉන්න තැන කියන්න මම මගේ යාලුවෙක් එවන්නම් ඔයාව එක්කගෙන එන්න"
"මම ඔයාව බලන්න පුළුවං ඉක්මනට එන්නම්...."
"ඔයා කොහොමද මගේ හොස්පිටල් නම්බරේ දැන ගත්තේ...?"
"මම මේකලාට කෝල් කරලා අහගත්තා......."
"කොහෙටද?"
"ගෙදරට"
"ගෙදරට? "
"ඔව්...ඇයි?" මාව ටිකක් අවුල් උණා අද නැන්දාලා අපේ ගෙදර ඉන්නවා කියලා නේද ගියේ............. 
"ඔයා දැං ද කෝල් කලේ..."
"ඔව් තෙනුර ඇයි?"
"නෑ නිකං......" 
"මම ඔයාට හෙට කතා කරන්නම්"
"හරි හෙට කතා කරන්න"  තාරකා ෆෝන් එක තියන්න කලින් මම ෆෝන් එක තිබ්බා.. ඊට පස්සේ ඉස්පිරිතාලෙන්ම මම ගෙදරට කෝල් එක ගත්තා... වෙලාව 8ට විතර ඇති....
"හලෝ............" එහා පැත්තේ කතා කරන්නේ නංගි
"නංගි.... නැන්දාලා ගෙදර ගියාද?"
"නෑ අයියේ.... ඇයි?"
"ඩයොනමයිට් එක ඉන්නවාද?"
" ලොකු එකද පොඩි එකද?" එහෙම කියන ගමන් නංගි හිනා උණා
"පොඩි...." ඒත් එක්කම ෆෝන් එකෙන් ඇහුණේ පොඩි ඩයිනමයිට් එකේ කට හඬ කන පලාගෙන
"ඇයි අපිව හීනෙන් පේනවාද?" මගෙ හිත හිරි වැටිලා ගියා........... ඇයි තාරකා මට බොරු කිව්වේ..... එයා කොහෙද ඉන්නේ.... දැං එයා කොහොමද මම ඉන්න තැන දන්නේ..... මේවා මාව ෆුල් හොල්මන් කරලා ගිය ප්‍රශ්න



6 comments:

AmilaArt said...

මේවා මාව ෆුල් හොල්මන්

Jeew said...

ලස්සනයි දුල්... අපිට හිතාගන්න බැරි විදිහට ඔයා කතාව ගොතනවා.... ඉතිං ඊලඟ කොටස නොබලා ඉන්නේ කොහොමද.....? බොහොම ස්තූතියි වැඩ ගොඩක් මැද්දේ ඉඳන් ‍කතාවත් ගෙනියන එකට.....

Priyanka said...

ela ela go ahead

L200 said...

නියමයි. දිගටම ලියමු.

Aslam said...

මොනවද අප්පෙ.. මේ වෙන්නේ.

pojje said...

Ela elaz...
oya niyametama kathawa liyanawa... me lagadi thama oyage blog eka catch une... eka gemmatma serema kiyewwa...
Superb...
Dan ithin nitharama pojje enawal...
:)

Post a Comment