පිටුව

Tuesday, February 1, 2011

100 කොටස


"මයියා මචං... මොකද්ද බං මේ සීන් එක" බුවා කඩාගෙන මගෙ ලඟට ආවා..... මම තවත් වෙලා තාරකා දිහා බලාගෙන හිටියා..... ලොකු ඩයිනමයිට් එකයි පොඩි එකයි දෙන්නාම මම වගේම කොර වෙලා.. කටවලුත් ටික වෙන්න ඇරිලා.... 
"මෙයාව කොහෙන්ද අරං ආවේ... "මම තාරකා දිහා බලලා නගිටින්න හැදුවා.... බුවා මාව අතකින් අදලා නගිටින්න සප් එක දුන්නා.....

"මෙයාව පන්නගන්න බුදු ගේමක් දුන්න මයියා..... භානුකයා තමයි පන්න ගත්තේ....? අපි දැනගන්න කලින් භානුකයා ඔක්කොම දැනගෙන ඉඳලා තියෙන්නේ...." මට තාම පිස්සු පිට්ටු වගේ මෙලෝ කතාවක අඟ මුල මැද හොයාගන්න බෑ. භානුකයා කොහොමද තාරකාව දන්නේ..... මම ඉබේටම නංගි දිහා බැලුවා, නංගි කට ඇඟිල්ලකින් වහලා සට් අප් කියලා වගේ කිව්වා.....
"ඔයාට මේ මොකද උනේ තෙනුර....." තාරකා මගේ ඉස්සරහා ටැප් එක අරින්න පටන් ගත්තා.... අප්පටසිරි කැඩිච්ච අතත් සනීප වෙලාද? මම තාමත් අර පිස්සොන්ගේ මි කතුරට අහුවෙච්ච මීයා වගේ... මස්ද මාළුද කිය කියා බලාගෙන ඉන්නවා
" මයියා..... මයියා....." මම අඬන තාරකා දිහා සෙල්මුවා වෙලා හිටිය නිසා ටොලා මගෙ අතට තට්ටු කරලා කතා කලා ඇත්තමයි දැං මගේ හිතත් අබ්බගාත වෙලා වගේ

"මොකද්ද බං මේ සීන් එක භානුකයා ආවනම් ඇයි එන්නේ නැත්තේ..." බුවා හීන් සැරේ අපේ නංගි දිහා බැලුවා.... භානුකයාව උඹලෑ තාත්තා දන්නවානේ බං මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා ඌ පහල ඉඳලා ලිහිණිව විතරක් උඩට එව්වා....

"ලිහිණි....." කිරි අප්පේ මේ ලිහිණිද? කවදාහරි දවසක මම මුන් දෙන්නා හින්දා හොම්බකටත් අබ්බගාත කර ගන්නවා. පොඩි ඩයිනමයිට් එකටයි ලොකු ඩයිනමයි එකටයි පාගල් වගේ කටත් ඇරගෙන ලිහිණි දිහා බලාගෙන ඉන්නවා
" මේ මොකද ලිහිණි අඬන්නේ....... මම තාම ජීවත් වෙනවා හලෝ... ඔහොම අඬලා මම මැරුණාම අඬන්නේ කොහොමද?"
"පව් කතා කියන්න එපා තෙනුර..... ඔයාට ඩොක්ටර්ලා මොනාද කියන්නේ...?"
" පපුව ලබ් ඩබ් ගානකන් ජීවත් වෙනවා ඊට පස්සේ මැරෙනවා කියලා තමයි එයාල කියන්නේ...." බුවා කට පැත්තකට කරලා හිනා වෙනවා දැක්ක සිකා නම් තාම ඉන්නේ කජු වෙලා..... අපිට මෙහෙමම ඉන්න ඇරලා නංගිලා කාමරෙන් එළියට ගියා.
" ඔයා තාමත් විහිළු කරන එක නවත්තලා නෑ..... " ලිහිණි කදුළු පිහ ගත්තාට ආයේ හෝ ගාල කඳුළු වැක්කෙරෙනවා
" වෙන්න තියන දේවල් නවත්තන්න අපි කාටවත් බෑ... ලිහිණි මේක වෙන්න තිබ්බ දෙයක්... ඒක ඔයාගෙ කඳුළු වලට නවත්තලා දාන්නත් බෑ... මම පැත්තක් අල්ලන් බුම්මගෙන හිටියා කියලා නවත්තන්නත් බෑ "
"ඔයාට මේ හැමදෙයක්ම උනේ මම නිසා නේද තෙනුර..." එයා මෙන්න ආයෙමත් ශවර් එක ඇරියා වගේ හදන්නේ.
"පිස්සු නැත්නම් හොඳයි"
"මට සමා වෙන්න තෙනුර... " අනේ ඇත්තමයි මේ ගෑනු සංහතියට අඩුවක් නැතුව ලැබිලා තියන එකම දේ මේ ටැප් එක. ඒත් හත් දෙයියනේ කොච්චර මෙයාල අඬනවා දැක්කත් අපෙත් බොක්කටම වදිනවානෙ මේවා...." හරි ලිහිණි දැං ඇඬුවා ඇති නේ..... තෙනුර ඉස්සරහා අඩන්නෙ නෑ කියලා ඇවිල්ල මූණ බලාගෙන හොටු හීරුවාම හරිද? බුවාට තද වෙලාද කොහෙද?
" මට දුක හිතුණු හැම වෙලාවකම රුවන්,  තෙනුර කිව්ව මොනා හරි පිස්සුවක් මතක් කරලා මම දුක නැති කරන් හිනා උණා... මාව සන්තෝසෙන් තිබ්බ තෙනුර අද අසරණයෙක් වගේ මේ ඇඳේ ඉන්නකොට මට කියන්නේ හිනා වෙන්න කියලාද?" 
"මයියා කවදාවත් හිතෙන් වැටෙන එකෙක් නෙවෙයි ලිහිණි... ඔහොම තියා ඕකා මලත් මැරෙන්නේ පපුවෙ හිනාව පුරෝගෙන ඒ නිසා ඔයාගෙ කඳුළු ඌට බරක් කරන්න එපා... අනික මයියා සනීප වෙනවා.. ඌට නැති උනේ කකුල් දෙකයි ඒත් ඌ දන්නව ඌ ලඟ කකුල් හයක් තව ඉතුරුයි කියලා..... ඒ නිසා මූව වට්ටන්න හිතන තරම් ලේසි නෑ..." මගේ බුදු අම්මෝ බලාපල්ලකෝ බුවාගේ ස්තූති කතාවේ තරම........ ඇඬෙනවා..... මොනා උණත් කතාව ඇත්ත මම දන්නව මගේ ලඟ වෙන කවුරු නැතත් මුන් ඉන්න බව.
"ඒ කතාව දැං අපි පැත්තකින් තියමු.... ලිහිණි කොහොමද ගෙදර තත්ත්වේ...?"
"තාත්තාට තව දවස් 4යි ඉලෙක්ෂන් එකට තියෙන්නේ... එයා පිස්සු බල්ලා වගේ එහෙ මෙහෙ දුවනවා..... භානුක එයාගෙ අම්මා හොයනවා, ඉදලා හිටලා ගෙදර එන්නේ..... මම තනියම අර ගෙදරට වෙලා ඉන්නවා.... ඒ අස්සේ තව ප්‍රශ්නයක් තෙනුර..."
"ඒ මොකද්ද ඒ ?"
" මෙවන් මාව උස්සනවා කිය කියා රට වටේ යනවා.... "
" බර බලන්නද?" ටොලාගෙ කතාවට කට්ටියම හිනා වෙන්න ගත්තා
" ටයිට් සිකිරුටි මැද මම ඉන්නේ අදත් මම ගෙදරින් පැන ගත්තේ මොන තරම් අමාරුවකින්ද?"
"ඒකත් එහෙමද?"
"ඔව් ඒත් ඔයා ඒවා හිතන්න ඕනේ නෑ ඉක්මනට සනීප වෙන්නකෝ..."
"ඔයා දැං යනවාද?" ලිහිණිගෙන් මම එහෙම ඇහුවේ ඇයි කියලා මම දන්නේ නෑ. මම ආදරේ කරන්නේ තාරකාටලු ඒත් ලිහිණි යනකොටත් හිතට දුකක් එනවා... අනේ මන්දා මේක නම් යකාගේ වැඩක්
"මම ඉක්මනට යන්න ඕනේ... මම ඉක්මනට ගියේ නැත්නම් භානුකයි නැනියි දෙන්නම අමාරුවේ... ඔයාව නොබලා මට ඉන්න බැරි උණා ඒකයි ආවේ" ලිහිණි මගේ සේලයින් බෝතලේ ගහලා තිබ්බ අත උඩට එයාගේ අත තිබ්බා..... ඇඟ පුරාම කරන්ට් එකක් ගියා වගේ උණා.... කකුල් දෙකටත් දැණුනාද ෂුවර් නෑ... ඔන්න ඔහොම කරන්ට් හත අටක් ගියානම් කකුල් දෙකත් පණ ගහලා එනවා ෂුවර්

" මම ඔයාට මහා ලොකු වැරදි කාරයෙක් තෙනුර... ඔයා මට කියනවානම් එ වැරද්දට මම ඕන විදියක වන්දියක් ගෙවන්න කැමතියි..... ඒක මොන වගෙ දෙයක් උණත් මම ඒක ඔයා වෙනුවෙන් විදිනවා.... ඔයා මට දඬුවමක් දෙනකන් මට සැනසීමේ නිදා ගන්න බැරි වෙයි...."මේක ඇවිල්ලා මාර කතාවක්නේ මෙයාට දඬුවම් දෙන්න මම ප්‍රින්සිපල්ද?
" පිස්සු කියවන්නේ නැතුව ගිහින් කාල බීලා ෆන් එකේ ඉන්නවා... බයිලා ඕනේ නෑ... පුලුවන් වෙලාවට අර නැනීද කාගෙන්ද ෆෝන් එක ඉල්ලගෙන වචනයක් දෙකක් කතා කරනවා..." මගෙ කතාවෙන් ලිහිණිගෙ මූණේ හීනි හිනාවක් ඇඳුණා...
"ඇති යන්තං චිරි චිරිය ඉවර උණා... ඔහොමම දැං ඔයා යන්න ගිහින් පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න... මම ඉන්නෙ ෆුල් ආතල් එකේ.... එක මතක තියා ගන්න" ලිහිණි යන්න හැරෙනවත් එක්කම මගේ කාමරෙත් දොර ඇරිලා කව්දෝ ඇතුලට ආවා..... අපි ඔක්කොම ඒ දිහා බැලුවා... ලිහිණි එක තැන ගල් වෙලා ගියා... එයා දැක්කම මාවත් සීතල උණා....



10 comments:

දුල්හරි ඉලංගකෝන් said...

අදට ඔන්න කොටස් 100යි... මට බැන බැනා හරි මේක බලන හැමෝටම ගොඩාක් ස්තූති.....තව ගොඩාක් දික් කරන්න මගේ අදහසක් නැති උණාට දිගටම ඔයාල වෙනුවෙන් ලියනවා.... මගෙ සෙන්චරිය ගැන මටත් සතුටුයි.....

දිරි ගැන්වූ ඔබ සැමටම ගොඩාක් පිං

Anonymous said...

Ela kiri. Dan kathaawa yanawa "waterfall" eka wage. Niyamai.

හසී රන් said...

සෙන්චරියට සුභ පැතුම්. . .
හරිම ආසාවෙන් ඔයාගේ කතාව කියවන්නේ. මට කියවන්න ලැබුනේ අහම්බයකින් වගේ. . . මේ ලිවිමේ ශෙලිය අපිව කතාවට ඇදලා තියාගන්නවා. ඒ හැකියාව හැමදාම රැකගන්නත් පුලුවන් තරමක් ලියන්නත් ඔයාගේ දෑත් වලටත් හිතටත් ශක්තිය ධෙර්යය ලැබේවා!!!
සියලු පැතුම් සර්වප්‍රකාර්යෙන් ඉටු වේවා. . .!!!

Aslam said...

ඔන්න 100ක් ගහලා. මෙක නම් නියම කථාවක්. අපි ඔක්කොම දුල්හාරි අක්කට ස්තුති වෙනවා මෙච්චර ලස්සන කථාවක් අපිට දෙනවට. මාස 10ක් පුරවට අපිව කොටස් 100කින් ( average 10i :D ) අපිව පාටකයන් ලෙස සතුටු කෙරුවට බොහොම පින්. මේ වගෙ දිගටම ලියන්න තව තව ශක්තිය ලෑබෙවා කියල ප්‍රර්ථනා කරනවා. අක්කාගෙ සියලුම ප්‍රශන විසදිලා job එකකුත් ලෑබිලා මේ කථාව ඉදිරියට ගෙනියන්න හෑකි වේවා!
මයියටත් ගින්දර වගෙ කෙල්ලෙක් සෙට් වේවා (තාරකා හො ළිහිණි ).

හිතන විදිහට ඔය ආවේ මයියගෙ රියල් ඩෑඩි හො මමි වෙන්න ඔව්නෙ.

AmilaArt said...

අම්මෝ සෙන්චරිය ගැහුවා ලොකු දෙයක්,
නිවාඩු පාඩුවේ ගෙදර් ඉදන් හිටු කියල ලියනව වගේ.
එ අතරෙ අලුත් ජොබ් 1කුත් හොය ගන්න බලන්න.

Siribiris said...

හරේ වාහ්! 100 ට සුභ පැතුම්. ඔන්න ඔහේ ගණන් හදන්නෙ නැතුව ලියල දාමු නේද නෝනෙ.

මාවත් සී..තල වුනා.අද එලියෙ -20.

නිශ් said...

සුබ පැතුම් දුල්
බාදක මැද අපිවෙනුවෙන් මේක ලියනවට ගොඩක් ස්තූතියි.

එළ තමා දැන් ආයෙත් උදේ පාන්දරම ඇවිත් මෙන්න මෙහෙමඉ බලන්න පුලුවන්.

Anonymous said...

hane dull akkiyo,, best of luck for 100 part,, wish all the luck for ur life and future,, keep writing :)

ඉලංදාරියා said...

ජයවෙවා!!!!!!

පොඩි බබා said...

ඔන්න 100ට බබාගෙනුත් සුබ පැතුම් නැන්දේ...!!!

Post a Comment