පිටුව

Monday, January 31, 2011

99 කොටස


" දැං කොහොමද මයෙ පුතාට" නැන්දා තොරතෝංචියක් නැතුව මගෙ ඔලුව අත ගානාවා...... නංගියි පොඩි ඩයිනමයිට් එකයි පැත්තකට ගිහින් ආව වෙලාවේ ඉදලා කඩයක් ඇරගෙන මේ පැත්තෙන් ලොකූයි අපෙ අක්කයි.... අයියා මාමාත් එක්ක බුදු කතාවක් මට ඉතිං කතා කරන්න ඉතුරු වෙලා ඉන්නේ නැන්දා විතරයි.
"කෝ නැන්දේ තාරකා...?"

"තාරකා ගෙදර හිටියේ පාඩම් කරන්න ඕනේ කියලා..." නැන්දා ගානක් ගන්නේ නැතුව කිව්වා.. එයාට ගානක් නැති උණාට මට එ ටික බොක්කටම වැදුණා.... එයාට පැය දෙක තුනක් එහෙ මෙහෙ කරලා මාව ඇවිත් බලලා යන්න තිබ්බෙ නැද්ද? මාව එයාට ඕනෙ නැත්නම් මම මොකටද හිතන්නේ... මහාම මහා ආඩම්බර කාරියක්. 
" මෙ උණ දේවල් නරක හීනයක් කියලා අපි අමතක කරලා දාමු පුතේ.... පුතාට ඉක්මට සනීප වෙනවා..." මම මෙ හිතන්නේ මගේ ලෙඩේ ගැන නෙවෙයි තාරකා ගැන කියලා මම නැන්දාට කොහොම කියන්නද..... ඒ එක්කම අම්මයි තාත්තයි කාමරේට ආව නිසා නැන්දා සාරි පොටෙන් ඇස් දෙක පිහ පිහ ඒ පැත්තට ගියා..... තාත්තා කෙලින්ම ආවේ මගේ ලඟට. මම ලාවට තාත්තා දිහා බලලා හිනා උණා.. අර රාස්ස ඇස් දෙක නම් තාම මගේ දර්ශන පථයට අහු උනේ නෑ.....
"තාත්තාට සනීපද?"
"මට අමාරුවක් නෑ ... ඔන්න මම එන ගමන් ඔයාගේ අර පස්සෙන් වැටිලා ඉන්න යාලුවන්ට පණිවිඩේ දුන්නා... පාළුව යන්නත් එක්ක මෙ පැත්තට ඇවිල්ලා ගැවසෙන්න කියලා." මේ කතා කරන්නේ අපේ තාත්තාද ෂුවර් නැතුව මම එයා දිහා බැලුවා.. හැම වෙලේම මගේ යලුවෝ දිහා එයා බැලුවේ නයි ගැරඬි දිහා බලනවා වගේ... අද එයාම උන්ට එන්න කිව්වා කියලා ඇහුවාම කන්දෙක අදහගන්න බැරි උණා....
"මට කවද්ද ගෙදර යන්න පුළුවං වෙන්නේ...?" මම කොච්චර මෙහෙ හිටියත් අන්තිමට මට ඇවිද ගන්න බෑ මම ඒක පිලිගන්න ඕනේ....
"දොස්තරලා කියනකන් අපිට ඉන්න වෙනවා පුතේ......" අම්මත් මගේ ලඟට ඇවිල්ල ඉදගෙන මගේ ඔළුව අත ගාන්න පටන් ගත්තා....
" තාත්තාට මම නිසා ආයෙ කරදරයක් නැති වෙයි.... මට දැං ඔයාලට හොරෙන් හොර වැඩ කරන්නවත් රස්තියාදු ගහන්නවත් බෑනේ...." ඒ කතාවෙන් තාත්තාගේ මූණ කජු වෙලා ගියා.... මම වැරදි එකක්ද කොහෙද කිව්වේ..... නංගි සටස් ගාලා මගෙ දිහා බැලුවා...... එයාගේ ඇස් වල කදුළු පිරිලා තිබුණා....
"කොල්ලෙක් උණාම රස්තියාදු නොගහනවා නම් ඌ කොල්ලෙක් නෙවෙයි පුතේ... උඹ රස්තියාදු ගැහුවාට මට තරහා ගියේ නෑ.... මට තරහ ගියේ උඹ නොමඟ යයි කියලා...." තාත්තාගේ කටහඩ කැඩෙන්න ගත්තා
"අපි එළියට යමු මහත්තයා... මේ ළමයි ඉන්නෙ එයාලාට එකට ඉදලා කතා කරන්න දෙමු" අම්මා තාත්තාව ඉක්මනට එළියට එක්කන් ගියා නැන්දයි, මාමායි අයියායි එළියට යනවා මම දැක්කා..... මම කිව්වේ මේ වෙලාවේ කියන්න ඕනෙ දෙයක් නෙවෙයිද කොහෙද? නොදකින් මගේ කට නම් හොඳයි පිලිමයක් නෙලලා කිරි වලින් නාවන්න....
"පොඩි අයියාගෙ යාලුවො ආවාම මෙතන අපිටත් ඉතිං ඉන්න බැරි වෙයි නේද චූටි අක්කේ...." පොඩි ඩයිනමයිට් එක කට ඇද කරලා අපෙ නංගි දිහා බැලුවා.
"මෙකලාගේ තරහත් දැං යන්න ගිහින් වගේ...." මම එහෙම කිව්වේ පොඩි ඩයිනමයිට් එක දිහා බලලා
"අපෝ මේ තමුසෙත් එක්ක අපි යාලු වෙලා හිටියේ නෑනේ තරහා වෙන්න"
"තමුසෙලා ඔක්කොම මට අම්බානකට අනුකම්පා කරනවා නේද?"
"ඔයාට පිස්සුද මයියා.... ඇයි අපි තමුසෙට අනුකම්පා කරන්නේ..........."
"කකුල් පණ නැති අබ්බගාතයා නිසා....." නංගි එක පාරටම අඬන්න ගත්තා.... 
අක්කා මගේ ලඟට ඇවිත් වාඩි උණා....
" අපි ඔක්කොම උඹට අපෙ පණ වගේ ආදරෙයි.... උඹ අබ්බගාතයෙක් කියලා අපි කොහොමද හිතන්නේ අනික මිනිස්සු ලෙඩ වෙනව සනීප වෙනවා... ඕකත් බෙහෙත් කලාම සනීප වෙනවා..."
"මට කකුල් දෙකෙන් හිට ගන්න බැරි උණොත් කියලා බයක් මට තියනවා අක්කේ......"
"උඹට වැටෙන්න දෙන්නේ නෑ මයියා අපි ජීවත් වෙලා ඉන්නකන්" අක්කා කියන කතා වලින් බොක්කට ගැම්මක් එනවා තමා ඔව් සැලෙන්න නරකයි සැලුනොත් සැලුනාම තමයි. මම සද්ද නැතුව කල්පනා කලා..... මේ මයියා ඔලුව ගහලා ගියත් පස්ස පැත්තෙන් හරි හිනා වෙන්න ට්‍රයි එක දෙන එකෙක්නේ... කකුල් දෙක නැති කලාට කොල්ලාගේ පපුව තාම වැඩ අක්ක කියනවා වගේ මම වැටෙන්නෙ නෑ කවදාවත්.... මම අඬන නංගි දිහා බැලුවා... පව් මේකිට දාරගැනීමේ ශක්තිය නෑ.....
"ඇයි මේකලා තාරකා ආවේ නැත්තේ?" පොඩි ඩයිනමයිට් එක අපේ නංගි දිහා බැලුවා මම දැක්කා
" ප පාඩම් කරන්න නැවතුනා...." මේකි ඒක කිව්වේ නම් ගොත ගහ ගහා.... පොතේ හැටියට මේකි ගොත ගහනවා නම් මොකක් හරි අවුලක් මොකො මොනා උණත් වක්කඩ වගේ වචන ගලාගෙන එනා බඩ්ඩක්නේ
"එයා සනීපෙන් නේද?" මම හොඳට පොඩි ඩයිනමයිට් එක දිහා බලාගෙනම ඇහුවා.. මෙයා ඔලුව වනලා ඔව් කිව්වා මිසක් කතා කලේ නෑනේ... ලෝක පුදුමයක්.....අම්මපා මොකක් හරි කොස්සක් මෙතන තියනවා..... මට ඒ අංග චලන නම් ඇල්ලුවේම නෑ
"අයියේ අපි වෙලාවක තාරකාට කතා කරමුකෝ...."
"එයාගේ අත බැරුව තියෙද්දිත් ඔයාල ඔක්කොමලා එයාව ගෙදර දාල ආවා එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි... ඒ ළමයා තනියම කෑම ටිකවත් කන්නේ කොහොමද?" මම තව කියාගෙන යනකොට ලොකූ කතා කරන්න ගත්තා
"ඔයා ඕව හිතන්න ඕනේ නෑ.... එයා කිව්වා ඔයාව ආදරෙන් මතක් කරනවා කියලා... ඔයාටත් එක්ක නෝට්ස් ලියන්න ඕනෙ නිසා අද ක්ලාස් යනවා කියලත් කිව්වා..... "
"බොරු කතා කියන්න එපා ලොකූ එයා ක්ලාස් ගිහින් කොහොමද මටත් එක්ක නෝට්ස් ලියන්නේ එයාගේ කැඩිලා තියෙන්නෙ දකුණු අතනේ.... ඔයාලා මට දැං මොනාද හංගන්නේ..... ඒ අහිංසක කෙල්ල යහතින් ඉන්නවා නේද?
"ඔව් ඔව් මයියා.. එයා ඉන්නවා.. ටික දවසකට මාමාලාගෙ ගෙදර යනවා කියලා කොළඹ ආවා...." ලොකූ මේ කියන කතාවෙන් මාව අවුල් වෙලා ගියා..... දෙයියනේ... තාරකා සමරනායකලාගෙ ගෙදර ආවාද? මම කොච්චර නම් ඔය කෙල්ලට කියලා ඇද්ද ඔය මිනිහා එක්ක තියන ඇයි හොදයිය නවත්තන්න කියලා. කෝ අහන එකක්යෑ.... නැන්දා බැන්නාට මම එයාට ඉවසන්න කිව්වා.. අඩුම ගානේ මම එනකන්වත්... කොහෙද මම මෙහෙ ඇවිත් මේ දවස් දෙක තුනට මෙයා ආත භූත කඩාගෙන යන්න ගිහින්... ෂිඃ විතරක්. ඒත් එක්කම කාමරේ දොර ඇරුණා... කාමරේට ආවේ සිකා ටොලා.. බුවා... තව මේ කවුද?
" තාරකා ඔයා.............."  මට එක පාරට කියවුණා.............





5 comments:

Aslam said...

මේ මොකද මෙ. අද අපිට bonus වගේ. නියමයි...

මොකො මේ තාරකාගෙ සින් එක. මොකද එයා අවේ නෑත්තෙ?? නෑන්දා ගෙදරින් එලවලා වත්ද?? මෙ අවෙ තාරකාද නෑත්තන් ළිහිණිද??

Inase said...

දුල්... මේ කතාව නම් පුදුම ලස්සනයි...
ඔයාගෙ රස්සාව නැතිඋන කතාවක් තිබුනා...
සියලු දෙවි පිහිටෙන් දුල්ගෙත් ප්‍රශ්න නැතිවෙලා..
කතාවත් ලස්සනට ලියවිලා
හැමදේම හොඳින් සිද්දවෙයි කියලා
ප්‍රාර්තනා කරනවා

දිනිත් said...

ආපහු කතාව ලියන්න පටං ගත්ත එක ගැන සං‍තෝසයි......

මයියගෙත් ඔයාගෙත් සියලු ප්‍රශ්න ඉක්මනට විසඳේවා කියල ප්‍රාර්ථනා කරනව

Anonymous said...

shaaaaaaaaa adath dala part ekak,, dull akiyo oya nam niyemay,, dnt wry u will find a job soon .. :)

Siribiris said...

අප්පේ ඇති යන්තං ආවා මයියගෙ සූකිරි කැටේ.

@දුල්

මොනවා නැති වුනත්, විභාගෙ කර ගත්තානෙ, ඒ මදෑ. අනික, ඔය වලිග පිටින් අලි මැරෙන්නෙ, එහෙම එකේ රස්සාවත් දෙයක්ද.මාත් මාස එකහාමාරක් රස්සාවක් නැතුව හිටියා ෆයිනල්ස් වලින් පස්සෙ. මේ වගේ නන්නාඳුණන දේස දීපංකරේකදි එහෙම උනාම, අප්පා තියෙන සනීපයක්. ඒ වගේ ඔයාටත් හරියයි, සැලෙන්න එපා. අර කෝ‍ටුවෙ ගිය ඉබ්බා , නැහ් ඉබ්බි වගේ අයින හපා..ගෙනම ඉන්න.

Post a Comment