පිටුව

Friday, October 29, 2010

85 කොටස


ලෝකේ සද්ධන්තම බූරුවාට ඇන්ඳා වගේ හැගීමක් මට එන්න ගත්තා... තාරකා මාව තියාගෙන ඉන්නෙත් හසංකයා තියාගෙන ඉන්නවා වගේ කැත කුණු අත ගාන්නද මන්දා.... ලෝකේම කලකිරෙනවා... කෙල්ලො ජාතියම හිරිකිත වෙනවා මේ වැඩෙන්... මම කන එක පැත්තකින් තියලා බවලත් කාමරෙන් පිට උණා.... මට හිතා ගන්න බැරි මොකද්දෝ එකක් හිතේ වැඩ කරන්න ගත්තා.....කොහොම බැලුවත් මුන් ඔක්කොම එකයි හිතයි පපුවයි ඔක්කොම දාල ගේමට බහින අපියි හරක්. අම්මපා.... බිත්තිය හයියද බලන්නත් එක්ක මට හප්පගන්න හිතෙනවා මගේ ඔලු කට්ට.....


"පොඩි අයියේ..... එක පාරටම ඔයාට මොකද උණේ...?" ඩයිනමයිට් එක මෙලෝ සිහියක් නැතුව මගෙ කාමරේට දුවගෙන ආවා
"මොනා වෙන්නද මේ ඉන්නෙ හොඳට?"
"එහෙනම් එකපාරටම මේ කතා කර කර ඉන්න ගමන් එතනින් ආවේ.... තාරකා අප්සෙට් උණා...."
" ආ ඒක හොඳයි.... අප්සෙට් ඒවා කොහොමත් අප්සෙට් තමයි"
"ඔයාට ඒ පාර මොකද උණේ....."
" තමුසෙ යනවාකෝ...."
" මොකද්ද ප්‍රශ්නේ කියනවා..." ඩයිනමයිට් එක ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා...."
" මට එච්චර පැහැදීමක් නෑ ඔය කියන හසංකයා ගැන"
" අපි කාටවත් පැහැදීමක් නෑ.... ඒත් ඌ සෑහෙන්න දේවල් දන්නවා... පහු ගිය කාලේ පුරාම ඌ තාරකාව හම්බවෙන්න ට්‍රයි එක දුන්නා... ඒත් තාරකා කවමදාවත් ඌව හම්බ වෙන්න ගියේ නෑ.... පණිවිඩ යැව්වේ මගෙ අතේ..."
"ඔය කිසි දෙයක් මීට කලින් මට කියලත් නෑනේ...."
"කියන්න තරම් ලොකු දෙයක් එතන නෑ පොඩි අයියේ.... ඒත් හසංක දන්නවා එදා තාරකාට කෝල් කරපු ගෑනු කෙනා ඉන්න තැන"
"කොහෙද?"
" එක දැනගන්න පුළුවං තාරකාට විතරයි"
"ඒ ඇයි?"
"මම දන්නේ නෑ...." මට හිතෙන්නේ ඩයිනමයිට් එකත් මෙතන බබා පාට් එක දාන්නේ... මට හිතෙන විදියට මෙතන සෑහෙන කාලයක් තිස්සේ ලොකු හුටපටයක් තිබිලා තියනවා....
"මට ඔය හසංකව හම්බ වෙන්න ඕනේ..."
"හම්බ වෙලා...."
"හම්බ උණාට පස්සේ බලමුකෝ කරන දේ..." ඩයිනමයිට් එක කල්පනා කලා. හරි පොඩි අයියාට එයාව සෙට් කරලා දෙන්නම්..... පන්සල තමයි හොඳම තැන... කවුරුත් දැක්කාට සැකයක් හිතන්නෙත් නෑනේ....
" හරි සෙට් කරලා දෙනවකෝ... නිවාඩු දවසක.... " මම කල්පනා කලේ ගැන්සියට පොඩ්ඩක් මේ පැත්තේ එන්න කියන්න... මේ හසංකයා මට පොඩ්ඩක්වත් ෂුවර් නැති එකා.... මට ඕකගේ මූණ දිරවන්නේම නෑනේ, අර දඬුමොණරේ ඉදගත්තාම ඌ හිතන්නේ අහසින් යනවා කියලා.. කාලකණ්ණියා......


ටික දවසක් යනකන් මම තාරකා එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ... මට කතා කරන්න හදන හැම සැරේම මම එයාව මඟ ඇරියා... හිතට එකඟව නෙවෙයි ඒත් මගේ හිත කඩලා බිඳලා දැම්මාට.. අම්මලා තාත්තාලාට වෙට්ටු දාල ගෙදරින් එළියට බැස්සෙ මම මේකි නිසා මම හිතන්නේ... අර හිත හොඳ එකා හැම වෙලේම රහ බලන්නේ අනුන් කාපු කට්ටක් කිව්වලු. මටත් වෙලා තියෙන්නෙ ඒක. තාරකාගේ ප්‍රශ්නේ එයාටම අනිත් උගුඩුවෝ එක්ක විසඳගන්න කියලා මම අර අහිංසක කෙල්ලගේ ප්‍රශ්නේ එකලාසයක් කරනවා කියලා ඔන්න මම හිතා ගත්තා. ඉරිදා උදෙන්ම හිතන්නත් කලින් ගැන්සිය අපේ ගෙදර ආවෙ නම් මගේ ආරාධනාවක් නැතුවමයි, ඒක නම් මට මාර ආතල් මුන් ටික දැක්ක කියන්නේ තව කල්පෙකට කන්න ඕනෙ නෑ වගේ.... තාරකා ගොඩාක් දුකෙන් ඉන්නේ කියලා ඩයිනමයිට් එක මට කිව්වාට මම ඒවා ගනන් ගත්තේ නෑ... මටත් තියනවානේ අර මොකද්ද එකක්...
" මයියා............... උඹ ඔය කියන විදියට නම් තාරකා කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි කෙල්ලෙක් බං..." බුවා මගෙ කතාව අහගෙන ඉඳලා එහෙම කිව්වා....
" බලපං මෙයා මගේ කනෙන් රිංගුවානේ මාර ආතල් එකේ"
" ඒත් මයියා හදිස්සි වෙන්න එපා.. ඔතන වෙන කතාවකුත් තියෙන්න බැරි නෑනේ...." ටොලා කිව්වේ බොක්ක සුද්ද කරලා
" මටත් එහෙම හිතෙනවා මයියා... අපි පොඩ්ඩක් බලගෙන ඉමු මෙයා මොකද්ද කරන්න යන්නේ කියලා...."
සිකත් පොත දිග ඇරියේ ටොලා කියන පැත්තට... 
"හරි බලමුකෝ... ඒක නෙවෙයි මොනාද එහෙ ආරංචි?"
"එහෙ ගින්දර වගේ වැඩේ නැගලා යනවා.... ජයවීරයයි, සකලසූරිය ඇමතියයි ආයේ නස්පියට ඇරගන්නවා.... ඒ අතර උඹට ලියුම දුන්න සිරියා ගැනත් පොඩි ආරංචියක් තියනවා.....
"මොකද්ද මචං ඒක...?"
"සිරියා අවුරුද්දේ වැඩි හරියක් ඉන්නේ මුල්ලේරියාවෙලු මචං... ඔලුවේ වයර් හුටපටයක් තදින්ම වැඩ කරනවාලු. " බුවා හිනා වෙන්න ගත්තා........
"ඉතිං බලපං බං අපිට ලියුමක් දුන්නොත් පිස්සු හෝන්තුවක්"
"නෑ මචං එතන ගන්න දෙයක් නම් තියනවා...." සිකා උඩ පැනලා මගේ පොත් මේසෙ උඩ වාඩි උණා.
"එ මොකද්ද බං ඒ.... උඹට සිරියාව භාර ගන්නවත් හිතුණාද?" මගෙ කතාවට ටොලයි, බුවයි දෙන්නාම හිනා වෙන්න ගත්තා.....
"සිරියාගේ පිස්සුවට හේතුවක් තියනවා....."
"අම්මපා...... උඹ කොහොමද ඒක දන්නේ.....?" බුවා සිකාගේ ඔලුවට හීනි පාරක් ගැහුවා
"උඹලා නොදන්නවා උණාට මම ඒ ගෑනි ගැන ටිකක් වැඩිපුර දන්නවා..."
" අප්පසිරි.... මූට චූන් වෙලා තියෙන්නේ සිරියා ගැන හිත ගිහිල්ලානේ"
"බුවා ලහිරු කියන්නේ අපිට දුරින් නෑයෝ වෙන එකෙක් බං...." ටොලා සිකාගේ කරට අත දා ගත්තා.... මටත් කතාව මාර අබ්ලික්
" උඹ ඒක කලින් කියලා තිබ්බේ නෑනෙ බං අපිට " බුවත් සිකාගේ කතාවෙන් කරන්ට් එක ඇල්ලුවා වගේ වෙලා
"කොහෙ කියන්නද... උඹලා ඒ අහිංසක ගෑනිට මොනාද බං නොකිව්වේ,,,?" සිකා බිම බලා ගත්තා....
"හරි දැං උඹ කියන්න හදපු දේ කියපං සිකා....."
"ඒ මනුස්සයාගේ නම සිරියා නෙවෙයි....."
" ඒක පහසුවට දාගත්ත නමක්.... " මම සිකාගේ තත්වෙ හොදට පහදගෙන වාඩි උණා...
" ඉස්සර ඔය මනුසයාට වික්‍රමසූරිය මිස් කිව්වාම ඕනෙ කෙනෙක් දන්නවා...."
"හරි....." අපි ඔක්කොම සිකාගෙ කතාව පොඩි උන් ටිකක් සීයගේ අහගෙන ඉන්න මෙලෝ රහක් නැති කතාවක් අහගෙන ඉන්නවා වගේ අහගෙන හිටියා....
" ඔය මනුස්සයා මේ ලෝකේ සෑහෙන්න දුකක් විඳලා තමයි ඔය ලමයි දෙන්නාව හැදුවේ... මිනිහා අකාලේ මැරුණා.... මැරුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නෑ.... ඔය මනුස්සයාට හම්බ වෙන්න හිටපු තුන් වෙනි ලමයත් හම්බ උණේ මැරිලා..... 
"ඒකෙන් පස්සෙද පිස්සු හැදුනේ...?"
" නෑ ඊට පස්සෙත් මෑතක් වෙනකන් හොඳින් හිටියා... ඒත් එක පාරටම එයාට ඔය සීන් එක වෙන්න ගත්තා.... හිටි ගමන් මෙයා යනවාලු ළමයා හොයන්න
" ඉතිං එයා දන්නෙ නැද්ද ළමයා මරුණා කියලා...."
"දන්නවා.. ඒත් එයාගෙ පිස්සුවේ හැටි..... දැං හැම කෙනාටම කියන්නේ එයාගෙ ළමයි දෙන්නා එයාව හිර කරන් ඉන්නවා කියලලු"
" මරුණ ළමයා හොයාගෙන ඒ මනුස්සයා කොහෙටද යන්නේ...."
"ඔන්න ගෙවල් ලඟ නර්ස් කෙනෙක් හිටියාලු එයා ලඟටලු යන්නේ.... ගිහින් කියනවාලු මගෙ ලමයා ගෙනත් දෙන්න කියලා...." අනේ මන්දා මේවත් මාර කතා තමයි. දැං සිරියා ගැන හොයන එක නතර කරලා අපි වෙන දෙයක් ගැන කතා කරා නම් හරි. ඒ කියන්නේ සිරියා අපේ මේ ප්‍රශ්න වලට අදාල නෑ.....  මම ලාවට හසංකයා ගැනත් කිව්ව නිසා... බුවාට ඕනේ උනේ අපිට මඟ ඇරුණ සුමනා හොයා ගන්න.
"සුමනාව මටත් හොයා ගන්න ඕනේ බං... ඒත් තාරකා මට පෙන්නපු චීස් කොත්තුවේ හැටියට ඒයාගේ වැඩක් පස්සෙ පන්නන එක ගැන මම දෙසරයක් හිතලා බලන්න ඕනේ" මගේ කතාවට බුවා බෝදිලිමෙක් වගේ ඔලුව වනන්න ගත්තා. 
"ඒත් මචං අපිට කරන්න ගත්ත වැඩේ මග දාල යන පුරුද්දක් නෑනේ"
"ඒක ඇත්ත.... අපි ඒ ගැන හොයමු..... " සිකාත් බුවාට සප් එක දෙන්න ගත්තා..... 
" හරි එහෙනම් ඩයිනමයිට් එක ලවා අපි ඌට පණිවිඩයක් යවමුද ?"
"ඔව් අපි ඉන්න එකේ ඕක මොකද්ද?"


"අනේ දෙයියනේ අම්මේ............. අනේ අම්මේ.............." ඩයිනමයිට් එක බෙරියන් දෙන්න ගත්තා...... අපි ඔක්කොම කලබල උණා... මම ගැන්සියත් එක්කම එළියට ආවා.....
"මොකද ළමයෝ..." නැන්දාත් කුස්සියේ ඉදං මැරතන් ක්‍රියා කලා...
" අනේ ලොකූ ..........." නැන්දා ආයේ අසූ හාරදාහට බය උණා.....
"මොනා වෙලාද ලොකූට....." ඩයිනමයිට් එක කියන දෙ තෙරෙන්නේ නෑ ගොත ගහනවා....
"අනේ  ලොකූ....." ඇයි යකෝ මේ පරන පොට ගිය ග්‍රැමෆෝන් පෙත්තක් වගේ එකම තැන කැරකෙනවා
" මොකද කියනවා ළමයෝ..." නැන්දා ඩයිනමයිට් එකව දාගෙන හොලවන්න ගත්තා. එතකොටවත් වචන ටික එළියට එයිද කියලා බලන්න
"අම්මේ ලොකූ...... " මටත් දැං අත් දෙක මිට මොලවලා  වචන ඉස්මෝල්ලේ යන්න දෙන්න හිතෙනවා..... තාරකාත් කාමරෙන් එළියට ආවා
"මොන හරුපයක් කියනවාද මන්දා...." නැන්දා ඩයිනමයිට් එක අත ඇරලා  ඉස්සරහා කාමරේ දිහා බලලා කෑ ගැහුවා
"ලොකූ................."
"මේක බලන්න අම්මේ....." ඩයිනමයිට් එක අඬ අඬා හතරට විතර නැමුව කොල කෑල්ලක් නැන්දාට දුන්නා.... හත් වලාමේ ලියුමක් නේද? ලොකූගේ හොර කේස් එකක්වත් ඩයිනමයිට් එක මාට්ටු කරන්න යනවාද දන්නේ නෑ...... බඩුම තමයි..... දැං ඉතිං ලොකූට යන්න වෙන්නේ හෙලිහොප්ටරයක් දක්කගෙන තමයි......











Thursday, October 28, 2010

84 කොටස


අනලා කන එකයි අනලා කවන එකයි අනාගෙන නාගන්න එකයි ඇරුණාම මට ඉතිං වෙන මොන වැඩද? දැං ඉතිං සදා සොත්ති තමයි. 
" තමුසේ පැය භාගයක් යනවා කිව්වා නේද?..... අනුන්ගේ වත්තකට උදැල්ල දාන්නේ නැතුව අලයක් හාරගන්නම බැරිද?"
"හරි හරි..... මම දැක්කේ නෑ.... දැං තාරකාට ඉතුරු බත් ටිකත් කවනවාකෝ..... ඇත්තමයි මටත් දැං හිතෙනවා ලිඳ ලඟ වැටිලා අත කඩා ගන්න....." ඩයිනමයිට් එක දැම්ම කන රත් වෙන නෝණ්ඩියට ඉතිං මම මොනා කරන්නද? 
"කඩාගෙන එනවාකෝ..... බලන්න...."
"මටත් කවනවා නේද පොඩි අයියා.............."
"ඔව් ඔව් කවන්න බැරියෑ....."
"අනේ බලන්නකො මෙයා රතු වෙලා......." ඇත්තටම මට ලැජ්ජා හිතිලා දැං මේ ඉන්නේ.... 
" ඔයා ඕවා ගණන් ගන්න එපා තෙනුර........... ඔයා මේ කර ගන්නේ පිනක්....." තාරකා කුරුලු පැටියෙක් වගේ ආයේ කට ඇරියා.....
"හ්ම්ම්ම් හ්ම්ම්ම්......... මහා පිං තමයි...... ඔය පින කරගන්නවාකෝ මම ඔයාටත් එක බත් බෙදාගෙන එන්නම්.... අද අපි කාමරේ ඉදංම කමු" ඩයිනමයිට් එක කාමරෙන් එළියට ගියා......... මම තාරකාගේ කටට බත් කටක් දැම්මා....
" ඔයා ඇත්තටම ඉන්නේ ලැජ්ජා හිතිලා නේද?" මම හිනා උණා ..... කතාව ඇත්තනේ මම අම්බානකට චාටර් වෙලානේ ඉන්නේ....."
"එහෙම එකක් නම් නෑ....."
" ඔයා මීට කලිනුත් කාට අරි කවලා තියනවාද?" ඔන්න ඇහුවා ප්‍රශ්නයක්..... මම මීට කලින් කාට කවන්නද? කවුරුත් අත කඩා ගත්තේ නෑනේ මගේ රෙදි හෝදන්න ගිහින්
"අපෝ ඔව්..... අපේ ගෙවල් පැත්තේ ඔක්කොමලා එන්නේ මට කියලා කවා ගන්න තමයි" තාරකා හිනා වෙන්න ගත්තා
" ඔයා හරි රහට බත් අනන්න දන්නවා තෙනුර..........." කිරි අප්පේ..... මේ මම.... මම ඇර කවුද ඉතිං හොඳටම අනන්න දන්නේ... මතක ඇති කාලෙක වැඩක් අනාගන්නේ නැතුව කරලා නෑනේ
" තව බත් ඕනෙද?" අන්තිම කට තාරකාට කවන ගමන් මම එහෙම ඇහුවා
"ඔයා කවනවානම් තව කතෑකි" මම දන්නවානම් මෙයාට බත් මුට්ටියට වෑංජන ටික හලලා ගේනවා
"ආයේ කෑම ගේන්න යන්න ඕනේ නෑ... ඔන්න මම පොඩි අයියාගේ පිඟානට බත් ගොඩාක් බෙදාගෙන ආවා.....
"මම බොරුවට කිව්වෙ මේකලා මට ඇති.... තෙනුර කාපුදෙන්..." තාරකා හරි කෙලින් මගෙ දිහා බලාගෙන කියද්දි හිතට මොකද්ද අමුතු මෙව්වා එකක් දැනෙන්න ගත්තා....... මම ඩයිනමයිට් එක ගෙනාපු පිඟානත් අරගෙන කාමරෙන් එළියට ගියා. ඒත් එක්කම ඩයිනමයිට් එකක් මොකද්දෝ රහසින් තාරකාට කියනවා අහුනා. මට දැනගන්න ඕනෙ උණේ ඒ මම ගැනද කියලා මම එහෙම නැවතිලා කන ඒ පැත්තට දුන්නා........
" ඉතිං ඔයාගෙන් එයා මොනාද ඇහුවේ....?" තාරකා ඩයිනමයිට් එකෙන් ඇහුවා.....
" මගෙන් අහනවා... කවුද ඔයාලගේ ගෙදර ඉන්න අර සිකියුරිටියා කියලා...." 
"සිකියුරිටි....?" තාරකාගෙ කටහඬ
"ඒකනේ අරයා එහෙම කියලා තියෙන්නේ පොඩි අයියාට....." කව්ද හත්වලාමේ මට සිකියුරිටි කිව්වේ...?
"අනේ පව් මේකලා..... මම එහෙම නම් දෙනවා ඕකගේ කට සමතලා වෙන්න"
"ඒකනේ..... මටත් මල පැන්නා තාරකා.... මම කිව්වා.... අපේ ගෙදර ඇති සිකිරිටියෙක් නෑ කියලා..."
"ඉතිං...?"
"එතකොට කියනවා එහෙනම් කමක් නෑ කියලා...."
"දැං ඌ මොනාද කියන්න හඳන්නේ...?"
" මිනිහාට ඕනේ ඔයත් එක කතා කරන්නලු"
"මාත් එක්ක මොනා කතා කරන්නද...? මම කියන්න ඕනෙ දේවල් කියලානේ තියෙන්නේ"
" පැය භාගෙකට ඒ චාන්ස් එක අරං දෙන්නලු" මේ ඩබල කතා කරන්නේ කවුරු ගැනද? මොනා උණත් දෙන්නම මට මේ හැම දෙයක්ම හංගනවා.... දෙන්නා එකතු වෙලා රිටි පැනීමක්වත් කරන්නද දන්නේ නෑ හදන්නේ..... මොනා උණත් තව හොඳට කන දාගෙන ඉන්න ඕනේ. මුන් දෙන්නා කිරි සප්පයෝ වගේ මොකක් හරි ගේමකටවත් සෙට් වෙනවාද? තාරකාට ඇත්තටම කවුරු හරි පොරක් ඉන්නවාද? ඔන්න ඒ පාර නම් හිත කකියන ගත්තා....
" මට ඌ එක්ක කතා කරන්න ඕනෙ නෑ...."
"ඒත් තාරකා එයා ගොඩාක් දේවල් දන්නවා...."
"ඔය බොරු වෙන්න ඇති මේකලා"
"පොඩි වෙලාවකට ඔයා එයා එක්ක කතා කරන්න"
"මට ඕනෙ නෑ...."
" අනේ මන්දා ඔයාත් මුරණ්ඩුයිනේ..." ඩයිනමයිට් එක කිව්වේ ටිකක් දුකින්
" හරි මොනාද එයා ගොඩාක් දේවල් දන්නවා කියන්න සාක්ෂි....?"
" එයා මට ඒවා කියන්නේ නෑ...."  මම තවත් කන ඒ පැත්තට දුන්නා... කවුද බොලේ මේ එයා....  එයා ඇවිල්ලා මාව සම්බෝල කරන්න ආව එකෙක්ද?
" හරි ඔයාට හෙට හම්බ උණාම කියන්න මෙහාට කෝල් එකක් දෙන්න කියලා"
"ඒක හොඳ අදහස......" ඩයිනමයිට් එක දන්නේ නැතුව දොර රෙද්ද අයින් කරලා යන ගිහින් මගෙ ඇඟේ බදෝයි ගාලා හැප්පුණා.... මගෙ අතේ තිබ්බ බත් පිඟාන එහෙමම බිමට වැටුණා.... ඩයිනමයිට් එක යන එක යන්නෙත් පිඟානත් පොලේ අහගෙන කිව්වලු දැං කෑමත් නෑ.
"පොඩි අයියේ......"
" දැං මට කන්න කියන්නේ බිම වැටිච්චා අනාගෙනද?"අනුන්ගෙ කතා වලට ඇන්ටනාව දාගෙන හිටියා කියන කිණ්ඩිය එන්න කලින් මම එහෙම කිව්වා..... ඩයිනමයිට් එක මගේ දිහාම බලාගෙන ඉන්නවා.... මට තේරුණා වැඩේ නෝණ්ඩියි කියලා.........
" තමුසෙලා දෙන්නා මොකක් හරි අමාරුවක වැටෙන්න නේද යන්නේ...?"
"එහෙම දෙයක් නෑ....."
" නැත්තේ මොකෝ....? කියනවා  " ඩයිනමයිට් එක තාරාකා දිහා බැලුවා
" අපි ඔයාට කියන්න තමයි හිටියේ තෙනුර....."
"ඔව් ඔව් කියන්න හිටියේ පස්ස හොඳට හයියෙන් බිම ඇන ගත්තට පස්සෙනේ...."
" නැහැ....."
"තමුසෙලාගේ රහස් මට දැන ගන්න ඕනෙ කමක් නෑ......"
"තාරකාගේ අතීතය ගැන ගොඩාක් දේවල් දන්න කෙනෙක් ඉන්නවා....."
" කව්ද ඒ....?"ඩයිනමයිට් එක  තාරකා දිහා බැලුවා
" එදා මට කෝල් කරපු ගෑනු කෙනා..."
" සුමනා.........."
"ඔව්....."
" කෝ එයා කතා කලාද?"
"නෑ...ඒත් සුමනා ඉන්න තැන දන්න කෙනෙක් ඉන්නවා"
"ඒ කවුද?"
" එහා වත්තේ හසංක....." ඩයිනමයිට් එකේ කතාවෙන් මම උඩ ගියා... හසංකයා කොහොමද ඒක දන්නේ.... ඌ ගැන බලාපොරොත්තු තියාගෙන අඬ අඬා ඉන්නෙ ලොකූ නේද? දැං බලාගෙන ගියාම පොඩි ඩයිනමයිට් එක ඔක්කොම සෙල්ලම් පහු කරලානේ....
"තමුසේ කොහොමද හසංකව දන්නේ...?"
" එයාව අපි දන්නේ පොඩි කාලේ ඉදං...... තාරකා තමයි හසංකට සුමනා ගැන හොයන්න කිව්වේ " ඒ කියන්නේ තාරකා අර ගැඩවිලාව හොඳට දන්නවා.... මවාත් හිකනලෙක් කරගෙන තාරකා හදන්නේ එයාගේ ඉලක්කෙට යන්න විතරද? මේ කෙල්ලොන්ට චරිත කීයක් රඟපාන්න පුළුවන්ද අම්මපා..............













Monday, October 25, 2010

83 කොටස



ලණු උණත් වැඩි පුර කෑවාම අපස්මාරය හැදෙනවාලු.... ඔය අශාන් කාරයාගෙ කතාවත් ලණුවක්ද කියලා සැකයක් තියනවා.... අළුතෙන් හොම්බ දැම්ම හසංකයා ගැන මට එච්චර පැහැදීමක් නම් නෑ... ඒත් හත් දෙයියනේ අපේ ලොකු ඩයිනමයිට් එක බෝරේ දාන්න කැමති මූටනේ... උගේ පවද පිනද නම් මට තේරුමක් නෑ හැබැයි මගේ නම් අන්තිම නරක දසාවක් කියලා නම් බුදු ෂුවර්... මම එහෙම කලපනා කර කරම අශාන් කාරයාව බයි පාස් කරගෙන ආයෙ ගෙබි ආත්මයක් වගේ ගෙවල් පැත්තට හැරුණා. ටික දුරයි යන්න හම්බ උණේ.... ඉස්සරහාට මෙන්න ඩයිනමයිට් එක දුවගෙන එනවා.....
"කොහෙද ඕයි මේ බෙල්ල කඩාගෙන දුවන්නේ.....?" ඩයිනමයිට් එක බැල්ලියක් වගේ හති දානවා දිවත් එළියේ දාගෙන....
"අම්මයි අක්කයි මෙතනින් ගියානේද?"
"දැං...?" මේකිට පිස්සු ඉස්මෝල්ලේවත් ගිහිල්ලද?
"දැං නෙවෙයි ඕයි දැං ටිකක් වෙලා....... "
"එහෙම කියනවාකෝ..... තමුසේ හිතුවද මම ට්‍රැෆික් පොලිසිය කියලා... මේ පාරෙන් හැරෙන වාහන මතක තියාගන්න....."
" මේ මට ඕවා වැඩක් නෑ අම්මයි අක්කයි ගියා ශ්‍රියා නැන්දලෑ ගෙදර දානෙට ... මම ටක් ගාල අරයා හම්බ වෙලා එනවා... අනේ පොඩි අයියේ තාරකා විතරයි ගෙදර...." ඉතිං මට මෙයා මොනාද කරන්න කියන්නේ.... 
"ඉතිං..."
" ඉතිං කියන්නේ ඒ පැත්තට යනවකෝ මම පැය හාගෙන් එනවා.... "
" මේක මාර සෙල්ලමක් උණානේ..... " 
"අනේ මගේ හොඳ අයියානේ...." බුදු අප්පොච්චියේ මේ කෙල්ලොන්ට බටර් එක ගාන්න පුලුවං පාන් පෙත්ත පෙඟෙන්නම..... අපිත් ඉතිං පොරවල් වගේ හිටියාට මේ මායම් වලට මදි නොකියන්න අහු වෙනවා.... මොනා කරන්නද සම්ප්‍රදාය වෙනස් කරන්න බෑනේ..... දැං අනිත් එක්කෙනාගේ තනියට ගෙදර ගියා කියමුකෝ... එය දෙන්නේ බටර් විතරක් නෙවෙයි ජෑමුත් ගහල පෙත්ත පෙගෙන්නම.... ඉතිං ගිලපංකෝ.... මම මොකුත් නොකියා ගේ පැත්තට හැරුණා....
" ඔයා නම් ගොඩාක් හොඳයි පොඩි අයියේ..."
"යනවා යනවා... යන තැනක ගිහින් එනවා... පැල වෙන්නේ නැතුව" ඩයිනමයිට් එක මට දිවත් එළියට දාල ඇද අරගෙන යන්න ගියා... මම ගේ පැත්තට හිමින් සැරේ පා උණා.... ඉස්සරහා දොර වහලා තිබ්බ නිසා මම පිටිපස්ස දොරෙන් ඇතුල් උණා.... ගෙ ඇතුල මාර පාළුයි. මම ඩයිනමයිට් එකේ කාමරේට එඹුණා.... තාරකා එතන නෑ..... වැඩිය ගෑනු ලමයින්ගේ කාමර අස්සේ හොම්බ දාන එක හැදිච්ච කමට අවුලක්නේ.... මම මගේ කාමරේට ගිය දඩාං ගාල දොර ඇරගෙන..... 
"තාරකා.................." මම ගල් උණා.... මෙයා මොනාද මගේ කාමරේ කරන්නේ...?
" කෝ ඔයාගේ ඉකෝන් පොත....." මලා... ඔය එක පොතක වත් මම හරියට මොකවත් ලියාගෙන තියන එකක්යෑ
"ඉකෝන් පොතක් කියලා නෑ ඔක්කොම එකටනේ මම ලියන්නේ,, ඔයාට මොකටද?" තාරකා මගේ දිහා බලාගෙන හිටියා.....
" නැහැ.... මම බැලුවේ ඊයේ මම අඬලා අඬලා ලියා ගන්න බැරි උණ ඒවා ඔයාගෙන් බලාගෙන ලියා ගන්න....."
" තාරකා.... මම ඔයාට ඇත්තම කියන්නද?"
" මොකද්ද තෙනුර....."
" මම කිසි දවසක කිසිම නෝට් එකක් ලියලා නෑ"
"ඔයා හිතන්නේ මම ඒක දන්නේ නෑ කියලාද?" තාරකා හිනා වෙලා මම ඔක්කොම ලියන එකම පොත අරගෙන මගේ කාමරෙන් එළියට ගියා..... වස නොණ්ඩිය
" ඕක මට දෙන්න තාරකා.... මාව විහිළුවක් කර ගන්න එපා..." මට තද වේගෙන ආවා
" ඔයා ලෝකෙට ලොකු විහිළුවක් වෙන්න නැතුව බේර ගන්නයි මට ඕනේ..... ඔයා මාත් එක්ක මේ දවස් ටික පාඩම් කරන්න ඕනේ....."
" මට ඔය පාඩම් අල්ලන්නේ නෑ... |ඒත් ඔයාට උදව්වක් කරන්න පුළුවං දෙයක් කරන්නම් දැං මගේ පොත දෙන්න"
"නැහැ..... පාඩම් කරන්නම ඕනේ....."
" මොකද්ද ඔයාට තියන ප්‍රශ්ණේ..... මගේ වැඩ වලට බකට් දාන්න හදන්න එපා..."
" මම බකට් දැම්මේ නෑ"
"එහෙනම් ඔය පොත දෙනවා...." තාරකා හිනා වෙලා ගිහිල්ලා ඇදේ වාඩි උණා
"මේ පොතට මොකද්ද මෙච්චර තියන ආදරේ...... " තාරකා පොත පෙරලන්න ලෑස්ති උණා. පොත පෙරළුවොත් මට වහ කන්න වෙනවා. මම පැන්න ගමන් පොත උදුර ගත්තා
"අනේ ආ........ව්" එක පාරටම තාරකා අත අල්ල ගත්තා... අප්පට සිරි මෙයා ලෙඩා දුකා කියලා අමතක උණානේ.... පෑරුණාද මන්දා..... තාරකා අත බදාගෙන අඬන්න ගත්තා....
" සොරි......"නිකන්ම මට ඒක කියවුණා....
"රිද්දලා කොහොමත් ඔයාට පුළුවං සොරි කියන්න තමයි...."
" මම හිතලා රිද්දුවේ නෑනේ"
" හිතලා වැඩ කරනවානම් රිදෙන්නේ නෑ තමයි"
"ඔයාට මොකද වෙලා තියෙන්නේ...උදේට හොඳට ඉන්නවා දවල් වෙනකොට යකා මාක්.... මම මොනා කලාටද" මටත් තරහා යන එක සාදාරණයි මම හිතන්නේ....
" මම මේ හැමදෙයක්ම කරන්න හැදුවේ ඔයාගේ හොඳට... ඒත් ඔයයි නපුරු වෙන්නේ..."
"ඔව් මම නපුරුයි..... කතාව ඉවරයි..... "මම ආපහු හැරුණා... යකෝ මේක කෙල්ලන්ට ගිය රට... අනේ ඇත්තමයි මීට පස්සේ නම් කිසිම කෙල්ලෙක්ට අනුකම්පා නම් කරන්නේ නෑ මලත්....මම එහෙමම ඇවිල්ලා ඇදේ හාන්සි උණා........... මේ පොත පිටිපස්සේ තියන ඒවා එයා දැක්කා නම් එහෙම ..... මම පොත දිග ඇරලා බැලුවා..... 

සඳටත් හොරෙන්
හිරුටත් හොරෙන්
කාටත් හොරෙන්
මම එන්නද ඔබේ තුරුලට
ඇස් දෙක පියා ගෙන හිටියාම
ඔබේ උණුසුම වැඩි කමට 
කල්පාන්තය කෙලවර
වෙනවා වගේ දැනේවි.
මෙතෙක් නිදි වැරුණු ඇස් දෙකට
නින්ද ඇවිදින් තට්ටු කරාවි'


මේ කවිය මේ කාමරේ බිත්තියේ ලියලා තිබුණ එකක්...... ඒත් මගේ හිතට ඒක මාර විදියට තට්ටු කලා.... කවදාවත් කවියක් ඇහැටවත් දැකලා නැති මට මේක මෙච්චර ලං උණේ ඇයි කියලා මම දන්නේ නෑ.... මම මේ වචන ටිකට ගොඩාක් ආසයි. මගේ ඇස් දෙකටත් නින්ද ඇවිල්ල තට්ටු කරනවා නම්..... දඩාං ගාල වලං පෙරලෙන සද්දක් ඇහුණා.... මාව උඩ විසි වෙලා බිම වැටුණා..... හත්වලාමයි.. හොර බැළලියක්වත් අපේ කෑම පෙරළගෙන කනවාද? මම ඒ පැත්තට ගියා.... ඒත් තාරකා මේසේ උඩ ඉඳගෙන අමාරුවෙන් වමතින් හැන්ඳක් අරං බත් කන්න ලෑස්ති වෙනවා.... ඇස් වලත් කඳුළු... පව් කියලාත් හිතෙනවා.... 
" ඔහොම කන්න බෑනේ...." මට එහෙම කියවුණා
" මට පුළුවං....." හැන්දට දාගන්න බත් ටික කට ලඟට ගෙනකොට හැලිලා.... දෙපාරක් තුන්පාරක්ම එහෙම කරල හැන්දත් එක්ක පොලේ ගහලා දාලා හයියෙන් ඉකි ගන්න පටන් ගත්තා.... මගේ හදුන්පොත ඇවිලිලා ගියා.... මේ කෙල්ල මොන තරම් අසරණද? මම මේසේ ලඟින් වාඩි උනා....
"මේකලා එනකන් ඉන්න බැරි වෙයිද තාරකා....." තාරකා ඇස් වල කඳුළු පුරෝගෙන මා දිහා බැලුවා.....
" මට බඩගිනි නෑ... මට කවුරුත් එනකන් ඉන්න ඕනේ නෑ" තාරකා එතනින් නැගිට්ටා. ඒ යන වේගේ මම නවත්තන්න ගියේ නෑ... ඒකට බැරි වෙලා හරි අත දාලා නවත්තගන්න හැදුවා නම් මට යන්න වෙන්නේ ඇක්සිඩන්ට් වෝඩ් එකට තමයි. ට්ක වෙලාවක් ඇරලා මම බත් පිඟානත් අරං කාමරේට ගියා... තාරකා කොට්ටෙට මූණ තද කරගෙ අඬනවා....
" තාරකා.................."
" මට කතා කරන්න ඕනේ නෑ........." බලාපල්ලාකෝ මෙයාගේ තියන ආඩම්බරේ.... මේ වෙලවාට තමයි හිතෙන්නේ බත් පිඟාන ඔලුවේ හලන්න.... ඒත් අසරණ උණාම මල පනිනවා නම් තමයි... මට වෙලා තියෙනවානේ
"කතා නොකලාට අවුලක් නෑ... කට ඇරියානම් හරි" තාරකා මාදිහා බැලුවා... මම පොඩි සයිඩ් එකට හිනාවක් දාල ගිහින් එයාගේ පොත් මේසේ පුටුව ඇදලා ලඟින් වාඩි උණා.
"මට බඩගිනි නෑ"
" මේ මේ බයිලා නැතුව කට අරිනවා.... ඩයිනමයිට් එක එහෙම ආවොත් මගේ පටි පාස්සන්න වෙනවා"
" මට කාටවත් කරදරයක් වෙන්න ඕනේ නෑ..."
" කට වහගෙන ඉන්නවා..."තාරකා හිනා උණා.... මේ කෙල්ලට පිස්සු මාන්දමද මන්දා..... දැං පොර කිකිළි වගේ මාත් එක්ක එල්ලි එල්ලි ඉදලා දැං ආයේ හිනා වෙන්න ගත්තා
"කට වහගෙන කොහොමද තෙනුර කට අරින්නේ...?" ඇත්තම නේන්නම්.... සක්‍රයාගෙන් ඉල්ලන හිටපු එකක්නේ මෙයාගෙන් ඉල්ලලා තියෙන්නේ ... මටත් ටික වෙන්න හිනා ගියා..... 
"හරි කතා නොකර කර අරිනවා....." තාරකා කට ඇරියා.... මම බත් කටක් අනලා කටට දැම්මා..... කවදාවත් මේවා කරන්න හිතාගෙන හිටපුවා නම් නෙවෙයි.... ඒත් තමන්ගේ හිතට ලහම කෙනෙක් වෙනුවෙන් ඕනේම දහජරා වැඩක් කරන්න පුළුවන් පපුවක් කොල්ලාට තියන බව නම් මම දන්නවා. 
" මට සමා වෙන්න තෙනුර...."
" ඒ මොකටද?"
" ඔයාට මම නපුරුයි කිව්වානේ"
" ඒක ඉතිං මට ගොඩාක් අය ගොඩාක් වෙලාවට කියන දෙයක්..... ඒකේ අවුලක් නෑ"
"ඔයා නපුරු නෑ" තාරකා හිනා උනේ තවත් කටක් මගෙන් කන ගමන්
" මම ඒක දන්නේ නෑ.... "
" ඔයාගෙ හිත ගොඩාක් හොඳයි" දැං මේ යන්නේ තව බටර් පාරක්ද මන්දා
" ඒක හොඳ දෙයක් නෙවෙයි "
" ඇයි......"
" හිත හොඳ වැඩි උණාම හැමදාම බඩ වෙනවාලු" තාරකා හිනා වෙන්න ගත්තා..... ඒ හිනාවටනම් මම පැලෙන්න ආසයි
" ඉක්මනට කනවා ඕයි...." හිනාව නැවතෙන පාටක් නැති නිසා මම කෑ ගැහුවා
" නෑ නෑ ඉක්මන් වෙන්න ඕනේ කමක් නෑ... ඔහොමම කන්න...... හදිස්සි උණොත් හිර වෙන්න පුළුවංනේ" අප්පටසිරි... ඩයිනමයිට් එක නේද... ලෝක නෝණ්ඩිය..... දැං ඉතිං මට වෙන්නේ පුටුවෙන් බිමට පැනලා හරි සිය දිවි නසා ගන්න.......









 




Friday, October 15, 2010

82 කොටස



කතාවේ ලස්සනම හරිය කියන්නේ කන තරමක් පරිප්පු තෙල් දාල මලවලා කන්නෙම ගෑනුන්ගේ කචල් නිසා... ඔන්න තව එකක් ඔළුවට ඇවිල්ලා.... මේ ඔලු කට්ට ඇතුල හිස් කියලා දන්නවා.. ඒත් ඒක පිරෙන්නම ඕනෙ මේ වගේ ලලනා ගැටළු වලින්ද? අනේ මන්දා මම ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සා..... 

"පොඩි පුතා.... කොහෙද යන්නේ....?" අපේ නැන්දාට ඉතිං මාම ටොයිලට් ගියත් අහනවා. පුතේ ටොයිලට්ද යන්නේ කියලා.මම සද්දේ වහගෙනම ඉස්සරහට ගියා. යන්න කියලා හරි හමන් තැනක් නෑ,,, ගෙදරට එලා ඉන්න බැරි නිසාම මම පාරට යන්න හිතුවේ, ගැන්සියවත් හිටියා නම්.... කොහෙ හරි සයිවර කඩේකින් තෝසයක් කාලා තුම්මුල්ලේ ඉදලා රීගල් එකටම පොඩි වෝක් එකක් දාල දහයයි තිහ බලන්න තිබ්බා.... ෂා... දැං නම් හිතනකොටත් ආසයි.හන්දියට ගිහින් කඩේ එල්ලලා තිබ්බ පත්තරයක් අරං රුපියල් පහලොවක් ඌට දුන්නා....

"මහත්තයා ඕක ගන්න.... ඔය ඊයේ පත්තරේ..... " අනේ යකෝ ඉඳලා ඉඳලා පත්තරයක් ගත්තා ඒකත් ඊයේ එකලු. මොනා කරන්නද ඊයේ එක උණත් කමක් නෑ නිකන් නේ....
"මේකේ කෑලි අඩු නෑ නේ...."
"නෑ නෑ..... "මම පත්තරෙත් අරං ඇවිල්ලා බෝක්කුවක් උඩ ඉදගත්තා.... පත්තර බලන එක මහා චාටර් වැඩක්... ඒත් ජයවීරයාගේ නිවුස් ඇති කියලා හිතාගෙන මම පිටු පෙරලන්න ගත්තා.... අප්පටසිරි පත්තරේ පුරාම ඉන්නේ පොලිටික්කොනේ.... ඔක්කොමලා ටූත් පේස්ට් ඇඩ් එකකට හොඳයි. පොලිටික්කන්ගේ තේරීම කියලා.... තව අය ඉන්නවා.. හිනා වීමට ආධුනිකයෝ... උන් හිනා උණත් හිනා වෙලා නෑ වගේ... පත්තරේ පුරා පාට පාට කොල. සරුංගලයක් එහෙම ගේමක් නැතුව හදා ගන්න පුළුවං.... ආස හිතෙනවා හරි හුරතල්... පොඩ්ඩක් ඉන්න මේ කවුද මේ.....
" මහා කෝටිපති හේමකාන්ත ජයවිරගේ රහස් ජනතාව ඉදිරියේ....." මේ තියෙන්නේ නිවුස් එක කියවන්න ඕනේ..... එක හුස්මට පැටලි පැටලි කියවගත්තා... මේකේ හැටියට ජයවීර එයාගේ වයිෆ් ව මරලා තියනවා....  ගිනි තියලා.... ලිහිණි මට කිව්වේ වෙන කතාවක්..... අපි දන්නේ නැති හරිය කියන්නේ... ජයවීරගේ ළමයි දෙදෙනාම හොරකම් කළ දරුවන්...මේ බව හෙලි කිරීමට හැටන් රෝහලේ වෛද්‍යවරු පවා මැලි වෙයි......" මොකක්.....මේක මාර හරුපයක්නේ.... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...හැටන් ඉස්පිරිතාලේ ... හොදට අහලා පුරුදුයි.... ඒත් ජයවීර නෙවෙයි..... තාරකාගෙ සීන් එක..... මගේ හිතේ වැඩ කරපු පුංචි සැකයක් නම් හරි යාගෙන එනවා..... තාරකා ලිහිණි කියන්නේ එක අම්මාගේ දරුවෝ..... ඒත් එතන ප්‍රශ්නයක් තියනවා...... තාරකාගෙ අම්මට ලැබුණේ තාරකයි, තව පිරිමි ළමයකුයි...... පිරිමි ළමයා ඉපදෙනකොටම සෙට්ටපෝච්චි... එතකොට තාරකාගේ අම්මාගෙන් ලිහිණි ආවේ කොහොමද? ඔන්න ආයෙමත් අවුල ලෙහන්න ගිහින් පැටලෙන්නයි යන්නේ.....මේකත් අත ගහනකොට පැටලෙන සීන් එකක්... ඒත් ඔය මොක උණත් ලිහිණිගෙයි තාරකාගෙයි සමාන කමට කොහෙන් හරි සම්බන්දයක් තියනවා....... භානුක එතකොට කොහෙන් ආව එකෙක්ද? ඒක තව ප්‍රශ්නයක්.... එහෙම නැත්නම් මේ පත්තරකාරයෝ වැඩේ දෙල් කරලාද දන්නේ නෑ.... මොනා උණත් මගේ අහිංසක මොලේ තමයි පොලොස් වෙන්නේ..... 

" උඹ මොකද බං ඕක උඩ කරන්නේ...." කොහෙන්ද ආව හාල්පාරු කටහඬට මම ඔලුව ඉස්සුවා....
"අශාන් උඹ?" අප්පටසිරි ඔක්කොම කණපිටනේ .... මම කිව්වනේ මුන් එක්ක බදුල්ලේ යන්න එනවා කියලා... දැං මම මාට්ටු වෙච්ච එකේ මොනා කියන්නද මන්දා.....
" මොනාද බං පත්තර තියාගෙන ඔච්චර කල්පනා කරන්නේ...."
"කල්පනාවක් නෑ බං... මම මේ හිතුවේ මේ වගේ වැඩක් නැති අයිටම් වලටත් මිනිස්සු සල්ලි දෙනවනේ කියලා..."
"ඒ මොකද වැඩක් නැත්තේ ඔය උඹත් සල්ලි දීලා අරං තියෙන්නේ..."
"මම ගනියි මේවා සල්ලි දීලා... මේක මට නිකං හම්බ උනේ"
"ඒකත් එහෙමද? උඹ බෝතල් පත්තර එහෙම බිස්නස් එකක් කරනවා එහෙම නෙවෙයිනේ...." අප්පට සිරි බෙල්ල කපලා ගියානේ නෝණ්ඩියට
"තාම නම් අදහසක් නෑ.... ඒත් විභාගේ ඇන ගත්තොත් එහෙමවත් බිස්නස් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ... ඒක නෙවෙයි උඹලා රොමේෂ්ලාගේ ගෙදර යන්නේ නැද්ද?" කතාව වෙනස් කරන්නම අතක් නැති හින්දා මම ඒක වත් ඔන්න ඔහේ අහලා දැම්මා....
"යනවා... උඹ එන්නේ නෑනේ...."

"මම බැලුවේ අද පොඩ්ඩක් ඉඳලාම පස්සෙ වෙලාවක ඒ පැත්තේ යන්න..."
"ඔය උත්තරේ නම් මම දැනගෙන ආවේ..."
"ඒ කොහොමද බං" අශාන් කාරයා මම ඉඳගෙන හිටිය බෝක්කුවටම පස්ස හේත්තු කලා
"තාරකා ඊයේ වැටුණානේ...." මූ මාර බූස්ටරයක්නේ.... කොහොමද මූ ඒක දන්නේ.... මම හිතන්නේ හතර පැත්තටම කැමරාව දාගෙන මූ ඉන්නේ....

"උඹ කොහොමද ඒක දන්නේ....?"
"ඒ විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් මම දන්නවා..... අපි ඇවිල්ලා මේ ගමේ හැම අස්සක් මුල්ලක්ම දන්න උන්"
"හරි බං නෑ කිව්වේ නෑනේ....." මුගේ තියෙන්න තවුසන්ඩ් ටෝක් හැබැයි විකිනෙන්නෙ සත දහයට
"උඹ ඉන්නෙත් තාරකා ඉන්න ගෙදර...." චාටර්...මාරම මාර චාටර්.... චිකේ උපන් තේකට උණේ නෑ මෙහෙම නවනිංගිරියාවක්. මම මයියා නොවෙන්න මෙලහාට කිලෝමීටරේට පැය වලින් දුවන බක්කි කරත්තෙකට හරි පැනලා සියදිවි නසාගෙන

"ඒවා එහෙම තමයි..... ඒත් උඹ ඒ පැත්තේ එන්නෙත් නැතුව කොහොමද ඕවා දන්නේ....?" මූ හැල ගෙම්බෙක් වගේ හිනා උණා... අම්මපා දෙන්න හිතෙනවා හොම්බ තොඳොල් වෙන්න.....
"අපිට ක්ෂණික පුවත් හම්බ වෙනවා...."
"කවුද බං.... උඹට ඔය තරම් ආදරේ සිරා පොර...... ඇලඩින්ට වගේ භූතයෙක්වත් ඉන්නවාද?" අශාන් හයියෙන් හිනා උණා... අපිව තමයි භූතයො උණත් කන්න හදන්නේ.... 

" උඹලෑ කිට්ටුවම ඉන්නවා අයියා කෙනෙක්... අපෙ අයියාගේ ගජ යාලුවා....."
"කවුද  "
"උඹ නම කිව්වාම නම් දන්නෙ නැතුව ඇති..... නම හසංක..." කවුද බොලේ හසංක..... ලොකූගේ රන් කුඹලා නේද? ඒ කියන්නේ මු පොරව දන්නවාද... එළකිරිනේ.... ඒ කියන්නේ මට ගේමට කිසි ගින්දරක් නැතුව බහින්න පුළුවං. ලොකූගේ ප්‍රශ්නෙවත් විසඳුණොත් කාටද ආඩම්බර.... ඒත් හසංකයා අපේ ගෙදර වෙන දේවල් ඔච්චර හොඳට දන්නේ කොහොමද? හරි ඌව ෆිට් කර ගත්තාම ඔක්කොම දැන ගන්න පුලුවං... මේ පාර වත් මට බාල්දියක් සෙට් නොවේවා...! බාල්දි වැටුණත් කමක් නෑ වතුරත් එක්ක නම් නොවේවා...! මොකද නාලා නාල දැං මට හොදටම පීනසේ......

Wednesday, October 13, 2010

81 කොටස



" උඹ කොහොමද බුවා ඒක ටක්කෙටෙම දන්නේ..... "
"ජයවීරයා ඡන්දෙටනේ බං ඉල්ලන්නේ.... මේකාලේ උගෙ රෙදි ගැලවිලා හේදෙනවා.... ඒත් මේක දේශපාලන මඩක් නෙවෙයි... හානුකයාට ලියුමක් ඇවිල්ල තියනවා...." දන්න නිවුස් එකක් මොඩිෆයි වෙලානේ බලං යනකොට..... ලිහිණි මට කිව්වේ භානුක  ගැන විතරයි.. දැං මූ කියනවා දෙන්නාමලු....
" උඹට ෂුවර් ද සීන් එක"
" ආයේ බයිලා කියනවා... මම ලියුම දැක්ක බං...."
" ඒක කොහොමද බං වෙන්නේ............. ජයවීරයා ඉස්සර ළමයි එක්ස්පෝට් කරපු එකෙක්ද දන්නේ නෑ...?" බුවා ටකරං විදියට හිනා උණා...
"එක්ස්පෝට් කලා නම් අරුන් දෙන්නා ඉතුරු කර ගනීද බං?" අනේ මුන්ගේ මොලේ
" තියාගෙන නෑ ඒත් තියාගන්න උණාද දන්නේ නෑනේ..... මොනා හරි කාර්මික දෝෂ නිසා මුන්ව රිටර්න් කලාද දන්නේ නෑ......" බුවා නොන්ස්ටොප් හිනා වෙලා එක පාරටන හිට්ටා...යකෝ මුගේ පෙනෙහැල්ලේ හිනාව හිර වෙලා කන්ඩෙම් උණාද?
" මයියා.... එක අතකින් මේක රිටර්න් එකක් වෙන්න පුළුවං...." මූට මොලේ කොලොප්පන් එගෙන එනවාද මන්දා.....
" අනේ මන්දා බුවා... උඹට අන්දකයිප්පු කැවිලාද කියලා...."
" භානුකයායි, ලිහිණියි තියාගෙන ඉන්නේ එයාගේ වාසියට...."
" අනුන්ගේ උණහපුළුවෝ තියාගෙන මොන වාසියටද බං... මට හිතෙන්නෙම කවුරු හරි ජයවීරයාව චාටර් කරන්න ගහපු ප්ලෑනක්..... උඹ භානුකයාට කියපං වයර් පටලගන්න එපා කියලා තව ටිකක් ඉස්සරහාට බලමු මොකක්ද වෙන්න පුළුවං කියලා...."
"භානුකයා කියනවා එයා ඒක මුලින් දැනගෙන හිටියාලු..."
"මොකා..." ඔන්න ආයෙත් මාව හිර උණා.... ජයවීරයා උන්ගේ තාත්තා නෙවෙයි නම් මොන උලව්වකට මුන් දෙන්නව කර ගැහුවාද? මේක තවත් අවුලක්. 
"මචං මයියා..... මට ලොකු විශ්වාසයක් තියනවා බං ලිහිණියි තාරකයි කියන්නේ සෑහෙන්න සම්බන්දයක් තියෙන දෙන්නෙක්
"හරි හමන් සාක්ෂියක් නැතුව අපිට ඒක කියන්න බෑ බුවා.... "
"හරි අපි හොයාගමු...."
"බුවා ඒක නෙවෙයි මචං අර සිරියා ගැන ආරංචියක් නැද්ද?"
" මොන සිරියාද බං?" මේ තණකොළපෙත්තාට ඒක මතක නෑ
"අර ලහිරුවාගේ ගෙදර හිටපු සිරියා........."
"අනේ මචං ඒ ගැන නම් හොයන්න බැරි උණා...  උඹ මට භාර දීලා ගියේ ලිහිණිවනේ.... ඒ පැත්ත නම් මම සිරාවටම බලාගෙන ඉන්නවා... උඹ කියනවා නම් මම සිරියාවත් පොඩ්ඩක් අන්ඩර් ටේක් කර ගන්නම්.... " සිරියා ගැන මට අදාලත්වයක් නම් නෑ... ඒත් එයාව බේර ගන්න කියලා කවදාවත් නොදැක්ක අපි දෙන්නා වගේ ගල් ආඳෝ දෙන්නෙකට පණිවිඩයක් දෙන්නත් ඒ ගෑනි මහන්සි උණානේ....
" හරි මචං මාව හැමවෙලේම අප්ඩේට් කරපං... එතකොට කොළඹ ආව ගමන් වැඩේට බහින්න ලේසියි...."
" ආයේ අහලා..... අනිවා.. එහෙනම් අපි කැප්පෙන්නම්.... උඹේ පැත්ත අවුලක් නෑනේ...."
"අවුලක් නම් නෑ...."
"විභාගෙත් ලඟයි යකෝ... මට මේ ඊයේ පෙරෙදා අර අල් තාප්පෙ නැගලා අම්බානකට කෑවා වගේ මතක"
" මට ඒ දවස් හීන වගේ මචං... කොහෙවත් යන අනුන්ගේ ප්‍රශ්නෙකට චාටර් වෙන්න මම මේ මූකලානේ ඒ කාලේ ගැන හිත හිත පව් ගෙවනවා"
"උඹ  වාසනාවන්තයි මචං උඹට ඔය මූකලානේ කන්න බොන්න දෙන්නවත් කවුරු හරි ඉන්නවා... අපිට එහෙම උණානම් මූකලනේ තියා පෙට්ටි කාමරයක්වත් නෑ බං.... මම දැං කැපෙන්නම්"
"හරි එහෙනම් පරිස්සමෙන් හිටහල්ලා..."
"අප්පටසිරි ලාමක වචන... කවුද තාරකාද ඉගැන්නුවේ..." චාටර්නේ මම මොකට මේ හෝතඹුවට පරිස්සම් වෙන්න කිව්වද මන්දා
"ඒකට තමයි කියන්නේ මචං දේසේ හැටියට තමයි වාසේ කියලා" බුවා හිනා වෙලා ෆොන් එක තිබ්බා.... මටත් වචන  තාරකාගෙන් බෝවේගෙන එනවාද කොහෙද.

ටිකක් දවල් වෙනකන් පොඩි ඇලට් එකක් එහෙම දාලා මම නැගිටලා පොඩ්ඩක් එළියට ආවා.... නැන්දා මොනාදෝ තනියම කියව කියව කුස්සියේ වැඩ..... ඩයිනමයිට් එක කන පැලෙන්න තාරකා එක්කද කොහෙද කතාවක් , ලොකූ ඉස්සරහා කාමරේ..... මාමානම් පේන්න නෑ...මම ලොකූ ඉන්න පැත්තට ගියා..... ලොකූ ඔහේ පාර දිහා බලාගෙන මනෝ පාරක්. 
"ලොකූ ප්ලේන්ටියක් වගේ තිබ්බානම් මරු..." මම එතනින් වාඩි උණා.... අප්පටසිරි මෙන්න ලොකූගෙ ඇස් වල කඳුළු.....
"ලොකූ අඬනවාද?" දඩිබිඩි ගාලා ලොකූ කඳුළු පිහගෙන නැගිට්ටා.....
"මම උඹට ප්ලෙන්ටියක් හදාගෙන එන්නම්...." මම ලොකූගේ අතින් අල්ලලා වාඩි කරව ගත්තා... මම මෙයා අඬනවා මේ දැක්කාමයි....
"මොකද්ද අඩන්න සීන් එක...?"
"මොකුත් නෑ මයියා....." හිනා වෙන්න ෆුල් ට්‍රයි
" කියන්න අකමැති නම් අවුලක් නෑ" ලොකූ හෝස් ගාලා ආයේ ඇඬන්න පන්න ගත්තා... අනේ මන්දා කෙල්ලොන්ට මගේ මූණත් තහඩුව දැක්කාම පෙර ආත්මේ උණත් වමාරන්න හිතෙනවාද කියලා
"අම්මලා මාව තේරුම් ගන්නේ නෑ මයියා...."
" මොනාද?"
" එහා වත්තේ ...." ලොකූ ඇස් වල කඳුළු පිහගෙන මා දිහා බැලුවා
"ඉතිං"
" හසංක..... අර මොටර් බයිසිකලයක් තියෙන්නේ......" අර ආඩම්බර හාදයා... ඕකා පාරෙදි දැක්කත් හිනා වෙන්නෙ නෑ... මමත් යන්නේ නෑ හිනාවට... කොටළුවා.... දැං මොකද්ද දන්නේ නෑ මෙයාට කලේ ... ඕකා මොනා හරි කෝචොක් එකක් එහෙම දාලා තිබ්බොත් මම පෙන්නනවා ඌට මගෙ වැඩ... ඌ දන්නේ නෑ දත් නැතුව බත් කනකොට දැනෙන රහා..... මොනා ඔහොම හිතුණත් දෙයියනේ කියලා කන පුරා බඳෝයි ගාලා වැදෙනකොට දැනෙන ආතල් එක තරම් ආතල් එකක් කොහෙද මට දැනිලා
"මොනාද ඌ ඔයාට කලේ....?"
"මොකුත් නෑ.... මම ඉස්සර ඉදංම එයාට.... කැමතියි මයියා..." හත් ඉලව්වයි මේකත් හාට් කේස් එකක් නේ.... යකෝ අපි වගේ අතුරු අන්තරාවක් නැතුව ජීවත් වෙන්න මේ ගෑනු ජාතියට බැරි හැටි. මොනා නැති උණත් හිතෙන් හරි එහෙම දෙයක් පටලවගෙන  දුකම විඳිනවා....
"කියන්න එපෑ... මොකද කියන්නේ සෙට් කරලා දෙන්නද?"
"ඒක හරි යන්නේ නෑ මයියා... අම්මලා කැමති නෑ..."
"හරි කතාවක්නෙ.... ජීවත් වෙන්නේ අම්මලාද?"
"ඒත් අපේ පවුලට හරි යන්නේ නෑලු...."
"ඒ කියන්නේ එයාලා වැරදි පවුලක්ද?"
" උඹට තේරෙන්නේ නෑ මයියා... උඹ තාම පොඩි එකා..." ඕකනේ අවුල.... අන්තිමට මාව තොත්ත බබා අංක එක කරලා නවත්තන්නේ.. වැඩේ නම් අන්තිම කැතයි.තත්වෙ බේරගන්න ඕනේ හින්දාම මම ආයේ උදව් කරන්න හිතා ගත්තා
"මම තොත්ත බබෙක් නෙවෙයි ලොකූ මොකද්ද කාරණේ කියන්න.... සපෝට් එකක් අවශ්‍ය නම් ගොඩ දාල දෙන්නම්..."
"අකමැති වෙන්න හේතුව.... හසංකගෙ තාත්තා ඉස්සර කරත්ත කාරයෙක්ලු, එතකොට දැං හසංක කරන්නේ මොන රස්සාවක්ද කියලා කවුරුත් දන්නේ නෑ... වෙලාවකට එයා කොළඹ ඉන්නවාලු තව වෙලාවකට ගමේ.. මේ ලඟදි අපේ වත්තට පැනලා මේ පැත්තේ ඉදං දුවනවා තාත්තා දැකලා තියනවා... මට හිතෙන්නේ එයා එදා එන්න ඇත්තේ මාව බලන්න" පිස්සු හැදෙන සීන් එකක්නේ.....හසංකයා මොකද්ද කරන රස්සාව...ඇත්තටම ඒක හොයා ගත්තානම් ලොකූව ගොඩ දාන්න තිබ්බා.....තාත්තා කරත්ත සීන් එක නම් ඒක ඩිලීට් කරලා දාන තිබ්බා මේ පොර හොද ජොබක ඉන්නවානම්..... 
"ඔයා බය වෙන්න එපා ලොකූ අපිට මොකක් හරි කරන්න පුළුවං...."
" මොනා කරන්නද?"
"ඔයා පන්නලා එහා වත්තේ කුමාරිහාමි කරන්න බැරියෑ....."
"අපෝ එපා මයියා....."
"ඇයි ඒ....?"
" මම දන්නේ නෑ එයාත් මට කැමතිද කියලා....." කිරි අප්පොච්චියේ........ මේ මොන අවනඩුවක්ද? යෝජනාවේ ඉදලා සම්මත වෙනකම්ම බර මටද? ඒ කියන්නේ තවත් ගෑනු ප්‍රශ්නයක්..... මේ ප්‍රශ්නවලට යට උණාම මම හැලපයක් වෙලා තමයි නවතින්නේ.... අනේ බුදු අම්මේ මම මෙහෙම ගිහින් කොහොම වෙයිද දන්නේ නෑ......

Monday, October 11, 2010

80 කොටස


එක පාරටම පොල්ලෙන් ගහනවා වගේ තාරකාට මාත් එක්ක කතා කරන්න හිතුණේ ඇයි.... සමහරවිට මේ හැමදේටම මුල මම කියලා මතක් කරන්න ඕනේද දන්නේ නෑ. මොනා උණත් මම ෂර්ට් එකක් දාගෙන ඩයිනම්යිට් එක පිටිපස්සෙන් කාමරේට ගියා.  ඩයිනමයිට් එකට හැමදෙයක්ම ආරංචි වෙන එක මම එච්චර ආස නැති වැඩක්. මේකි කේලම් නොකියන්න පුළුවං ඒත් මේකිගේ ලව්ස්පීකරේ වැඩකරන වෙලාවක නිකමට හරි කට කොණකින් පැන්නොත් එහෙම මොකද වෙන්නේ? කාමරෙ දොරෙන් ඇතුල් උණා.. අප්පටසිරි මෙන්න තාරකා පාඩම් කරනවා.... ඇයි හත්දෙයියනේ අපි අතක් පයක් කොයි වෙලාවෙද කැඩෙන්නේ කියලා බලාගෙන ඉන්නේ පොත පැත්තකින් තියන්න. මෙයා අත බෙල්ලෙ එල්ලගෙන පාඩම් කරනවා... අදහන්න වටිනවා...

"මට පෙන හැටියට තාරකා............ පොඩි අයියාත් ඊයේ නිදාගෙන නෑ..." සම්පූර්ණෙන්ම කාඩ් එක චුත කරලා දැම්මා... මම කිව්වේ මේ වයර්ලස් එක මාවත් කෝඩ්ලස් කරලා දානව කවදා හරි. ඩිජිටල් මාව පෝටබල් වෙලා යනවා. දැං ඉතිං මට තාරකා දිහා බලන්නත් ලැජ්ජයි. 
"තමුසෙ ඇවිල්ලා බලාගෙන හිටියාද මම නිදාගන්නේ මොන ඇලේටද කියලා...."
"ඇස් දෙකෙන්ම පේනවා නිදාගෙන නෑ කියලා" ඩයිනමයිට් එක මට දිවත් පෙන්නගෙන එළියට ගියා... ඉතිං මට දැං දැනෙන්නේ ඉවසාගන්න බැරි චාටර් බවක්. තාරකා හිතුවාද දන්නේ නෑ එයා ගැන රෑ එළිවෙනකන් හිත හිතා ඉන්න පිංපියෙක් කියලා මම. 
"මට මේ අතේ වේදනාවට නින්ද ගියේ නෑ... ඒත් ඔයා ඇයි නිදි මැරුවේ..." තාරකා අමාරුවෙන් කැඩිච්ච අත අතගෑවා... පව් අප්පා... මම දන්නවා අතක් කන්ඩෙම් උණාම විදින අවුල... හැම වැඩේම මොකෙක් හරි කරලා දෙන්න එපෑ... මගේ නම් කැඩුණේ වම මෙයාගේ හෙන ගහනවා වගේ දකුණමනේ...
"මගෙත් තුවාලේ අවුල් සැරෙන් සැරේ පෑරිලා ඇහැරුණා... දැං මොකටද මට එන්න කිව්වේ....?"
" මට ඔයාගෙන් උදව්වක් ඕනේ.... ඔයා බෑ කියන එකක් නෑ කියලා හිතෙනවා..." බටර් එක නම් ආයේ පාන් පෙත්තේ නෙවෙයි අතේ හිටන් ගෑ උණා... දැං අතේ ගෑවුණ බටර් එක ලෙව කන්න ගිහින් මට අතීසාරය හැදෙයිද දන්නේ නෑ. කොච්චර තිත්ත උණත් පුතේ මෙයා ඉල්ලන උදව්ව කරන්න වෙනවා.
"මොකද්ද?"
" මට විභාගේ කොහොමහරි කරන්න ඕනේ..."
"මම ඒක දන්නවා.. ඔයා විභාගේ කොහොමහරි ඉහලින්ම ගොඩ යනවා" ඒක නම් ඇත්තටම කිව්වේ ....ඒක මම හොඳටම දන්න දෙයක්
"ඒකට මට ඔයාගේ උදව් ඕනේ තෙනුර..."
"මගෙන්..... ඔයා කියනවා නම් මම මූණත් තහඩුව මාරු කරගෙන ගිහින් ඔයා වෙනුවට විභාගේ ලියන්නම් හැබැයි දුකම සීන් එක තමයි ඔයා ඉහලිනම ෆේල් වෙන එක..." මම හිනා වෙන්න හැදුවට හිනාව ආවෙම නෑනේ....මාර සීන් එක මම විහිළුවක් නෙවෙයිද කලේ...
"එහෙම දෙයක් නෙවෙයි තෙනුර.... මට පාඩම් කරන ඒවා නම් කොහොම හරි කරන්න පුළුවං.... ඒත් ඉකෝන් ප්‍රස්තාර, එකව්න්ට්ස් ගණන් එහෙම ඇඳ ඇඳ ලිය ලියා කරන්න දැං මට බෑනේ..."
"ඉතිං"
"ඔයා මගෙ ලඟට වෙලා ඒවා හදනවාද? එහෙම උණාම දැකලාම මතක තියා ගන්න පුළුවංනේ" ඔය ඉතිං බලන්නකෝ... අහසේ තරුයි මූදේ වැලියි ඉල්ලුවා නම් මොනා හරි ගේමක් දාලා ගෙනත් දෙන්න තිබ්බා ඒත් මෙයා ඉල්ලන්නේ කීයකටවත් කරන්න හිතපු දෙයක්ද?
"මම දන්නවා ඔයාට ඒක කරදරයක්..." මගේ මූණ කජු වෙනවා මේ කෙල්ලට පෙණුනාද මන්දා...
"නෑ නෑ පිස්සුද? ඕක කරන එක මහ කජ්ජක්ද? හැබැයි තාරකා මම ඔය කිසි දෙයක් දන්නේ නම් නෑ...." තාරකා හිනා උණා
"ඉතිං මම කියලා දෙන්නම්.... ක්ලාස් ගිහින් ඇවිල්ලා මට ඔයාගේ නෝට්ස් එහෙම කියවන්නකෝ..." තවත් බරපතල වැඩක්.... පොඩි කාලේ ඉදලා කියවන්න ගියොත් ගොත ගහනවා... දැං මෙයා ඉස්සහා කියවපංකෝ.... අර වතුර බාල්දිය අතන තිත් තිත් තිත් තියන්න කියලා.... හරි ඒකත් කලා කියමුකෝ... තව මෙයාට ඕනේ උදව් තියනවාද දන්නේ නෑ.... තව වෙලාවක් ඉන්න බෑ මගේ කකුල් දෙක පණ නැති වේගෙන යනවා....
"තව මොනාද ඕනේ...." තාරකා යන්තම් හිනා උණා
"එච්චරයි...." අම්මෝ මදෑ ඔයින් ගියා..... මම කාමරෙන් පිට වෙන්න හැරුණා
"තෙනුර...."
" හ්ම්ම්..."
"ඔයා කාටවත් කියන්න එපා මම ලිඳ ලඟට ගියේ ඔයාගේ ෂර්ට් එකක් හෝඳන්න කියලා..." මට එක පාරටම හිනා ගියා. හොරා කියයිද හොරකම් කලේ මම කියලා.
"නෑ කාටවත් කියන්නෙ එහෙම නම් නෑ... ඒත් පණ්ඩිත වැඩක්නේ කලේ..... මොනාට මගේ ෂර්ට් එක හෝදන්න ගියාද?"
" ඇයි පිස්සෝ... අර ලේ එක්ක ඇඳුම අක්කා එහෙම දැක්කා නම් එහෙම ඔයාට කනක් ඇහෙන්න වෙන්නේ නෑ..." ඒකත් ඇත්ත.... මම මෙහෙ ඉන්නකන් පුරුද්දක් විදියට මගේ ඇඳුම් හේදුවේ ලොකූ
"මගේ එක කනක් නැති උණාට අනිත් කන බේස් දාල අහන්න පුළුවං.. ඒත් බලනවා තමුසේ පිස්සු කෙලින්න ගිහින් අතත් කඩා ගත්තා... පොලිසිය විභාගේ ලියනවා නම් අවුලක් නෑ... ඒත් උන් ලියන්නෙත් නෑනේ..."
"ඒකට කමක් නෑ.... මේ වෙන්න තිබිච්ච දෙයක්නේ..... කොහොමත් තුවාලේ ලඟ පුළුං ඩෙටෝල් තියනවානේ..."
"අපොයි ආයේ නම් ඒවා නැතුවාට කමක් නෑ... මම ඊයේ ලෝක විනාසෙත් දැක්කා...."
"ඒ කියන්නේ තෙනුර.... තුවාලෙට පුළුං ඩෙටෝල් වැඩක් නෑ කියලද?" තාරකා ඇහුවේ දුකෙන්... මට ඒ කතාව තේරුණේ නෑ... ඔය පුළුං ඩෙටෝල් නැතත් මේ තුවාලෙට අර දම් පාට බේත් දැම්මා නම් පටස් ගාලා සනීප වෙනවා.... ඒත් මම ඒක කිව්වේ නෑ. දැං හත් දෙයියනේ මේ ඩෙටෝල් ප්‍රශ්නේට මොකද්ද දෙන උත්තරේ
"අපෝ ඒවා නැතුව කොහොමද? " තාරකා තවත් අවුල් වෙයිද දන්නේ නෑ.... හරි හරි අර ලස්සනට හිනා වෙන්නේ... ඒකියන්නේ ඒක තමයි ඕනේ උත්තරේ... අනේ මන්දා මේ කෙල්ලෝ ඩෙටෝල් වලටත් හිනා වෙනවා... මාර මනුස්ස පරාන තමයි.

"මෙන්න මං ඔය දෙන්නගේ තේ ගෙනාවා.... "ඩයිනමයිට් එක කන පැලෙන්න වොලියුම් එක දාගෙන කාමරේ ඇතුලට ආවා. මම තේ කෝප්පේ අරං උගුරක් බිව්වා... මෙලෝ රහක් නෑ.... මේකි පාන් පිටි කලවං කරලා හදලාද මන්දා...
"තේ හැදුවේ කවුද අද"
"මම ..." ඩයිනමයිට් එක ආඩම්බරෙන් ගස්සලා කරලා කිව්වා.... අනේ අම්මපා මේකි කර ගහන අර කරුමක්කාරයාට වෙන්නේ පාන්පිටි තේ බොන්න තමයි.... තාරකාත් තේක පොඩ්ඩක් බීලා මගේ දිහා බැලුවා...
"කොහොමද මගේ තේ...?"
"තමුසේ තේ බිව්වේ නැද්ද?"
"මගේ තේක නිවෙන්න තියලා ආවා.. ඉන්නකෝ මම අරං එන්නම්..." ඩයිනමයිට් එක එතනින් ගියා.... මම පටස් ගාල ගිහින් තාරකාලගේ ජනෙල්ලේ ඇරලා තේක විසි කලා... තාරකා හිමින් මගේ අත අල්ල ගත්තා... මාව හිරි වැටිලා ගියා.... මම ඉබේටම එයා දිහා බැලුවා
"මගෙ තේකත් විසි කරන්න..." තේක කෙසේ වෙතත් මගේ හදුන්පොත නම් විසි වෙලා ගියා සීසීකඩ....තාරකාගේ තේ කෝප්පෙ අල්ල ගන්න මගේ අත පණ නෑ... යකෝ මට මේ මොකද උණේ.... මෙහෙම උලව්වක් මං ඉපදුණුතේකට වෙලා තියනවාද?. කොහොම හරි මම එයාගේ තේකත් විසි කලා. තාරකා කෝප්පේ මගේ අතින් ගත්තේ මගේ අත අතඅරින ගමන්.... එයා ඉස්සල්ල වගේම තේ කෝප්පේ කඩිච්ච අතින් අල්ල ගත්තා....
" මම ආයෙමත් යන්න හැදුවා...." ඒත් එකපාරටම කාමරෙන් එළියට යන්න හිත දුන්නේ නෑ.... මම එකපාරක් හැරිලා බැලුවා.... තාරකා හිනා උනා... මේ නම් මාව මොකෙක් හරි රූකඩයක් වගේ නටවනවා.... මම නෙවෙයි මේ ඉන්නේ... අන්න එහෙමත් මට හිතෙනවා ඒ අස්සේ.... උදේ හයාමරට විතර වෙලාව ඇති. මම මගේ කාමරේට පා උණා.. දැංවත් නින්ද යයිද බලන්න... මොන ඒත් ඇඳේ එහාට මෙහාට හැරෙනවා මිසක් නින්දක් නෑ.. ඒ පාර මොන හෙනහුරා මට ලබලාද මන්දා.... මොනා නැතත් කමක් නෑ නින්ද ටික යනවා නම්... ඒකත් නෑ කියන්නේ බඩුම තමයි.
" පොඩි අයියේ......." ඩයිනමයිට් එක කෑ ගහනවා.. ඒක ඉතිං අළුත් දෙයක් නෙවෙයි. එයා කෑ නොගැහුවොත් තමයි අවුල...
" මොකද ඕයි..."
"කෝල් එකක්..." හැබෑට අර ටෙලිෆෝන් එක වදිනවා මට ඇහුණේ නෑනේ....
" මම ගිහින් කෝල් එක ගත්තා..."
"හලෝ...."
"මයියා..."බුවා හති දානවා
"මොකද බං මේ...."
" ඊයෙ මුළු රෑම හොරා පොලිස් බං" මේ මොන හරිපයක්ද?
"මොකා....කියන දෙයක් තේරෙන්න කියපං බං"
"භානුකයි.... ලිහිණියි දෙන්නාම ජයවීරගේ ළමයි නෙවෙයි බං...."
"මොකා.............?"මාව කරකවලා කරකවලා ඇගිල්ල තියලා නැවැත්තුවා වගේ උණා....







Sunday, October 10, 2010

79 කොටස



අප්පටසිරි... මාව දාල වෑන් එක අශ්ව වේගෙන් යනවා නේද? මම අච්චර කියලත් මාමා යනවානේ ලෑල්ල්ට පාගලා... එක අතකින් මම එනකන් බලං ඉන්නාවාට වඩා ඉක්මන් කරපු එක හොදයි.එත් තාරකාට එහෙම දෙයක් උනේ මම නිසා කියලා දැන දැනත් මට යන්න බැරි වෙච්ච එක ගැන නම් අම්බානකට දුකයි. මම දුක් උණා කියලා කෙල්ලට සනීප වෙනවෑ... ඇත්තම කියනව නම් මම එක වචනෙක දෙයක්වත් නොකියා මොනාට මේ කෙල්ල මේ රෑ මගේ අර හඩු කබාය හෝඳන්න ගියාද? එක අතකට පැහිච්ච වැඩ කරන්න ගියාම ඔහොම දේවල් වෙන එක සාදාරණයි. හැබැමට මට හිතෙන විදියට මම තමයි මෙ හැම දේටම වග කියන්න ඕනේ
"මොකද මයියා මේ අවුල් වෙලා... මූණත් එක්ක කළු වෙලා..." ලොකූ මාව අතින් අල්ලලා ගේ ඇතුලට ගත්තා.... මම ඉතිං එච්චර සුදු එකෙක්යෑ කලූ වෙන්න...කමක් නෑ මෙයාට පේන විදියනේ... හතලිස් ඇදිරිය.
"එහෙම දෙයක් නෑ... මාමා මම එනකන් ඉන්නෙ නැතුව ගියානේ..." ඇත්තම කිව්වා............... කොල්ලාට ඇත්ත කියන්න නිර්මාණශීලි වෙන්න ඕනේ නෑනේ....
"තාරකා හිටියේ සෑහෙන්න වේදනාවක.... අනෙ කෙල්ලගේ දකුණූ අතමයි අල්ලන් අඬුවේ..... විභගෙටත් තව මාස කීයද?"
"ගේමක් නෑ ලොකූ එයාට අවුලක් නැතුව ඇති.... "
"මොනා කරන්න ලිඳ ලඟට ගියාද මන්දා... මේ මහ දවල්ටත් ලිස්සනවා එතන.... අනික තාරකා මාත් එක්කමයි ලිඳ ලඟ රෙදි ටික හේදුවේ... මම ඔයාගේ ෂර්ට් දෙක තුනකුත් හෝදලා අද වැලට දැම්මා.... 
"හවස...?"
"ඔව් මයියා... අපි හන්දියට ගිහින් ආවට පස්සේ.... අනේ මන්දා නරක වෙලාවක්ද කොහෙද?" නරක වෙලාව නම් අන්තිම නරක මට .... ඒත් ඒකට තාරකා මොනා කරන්නද?
"මම යනවා කාමරේට...."
" තමුසෙගේ අතට මොකද උනේ...?"
"මේකද?"
"ඔව්... මේක මේ පොඩි පහේ සීරීමක්...."
"සීරීමක්...?, මොනා වෙලාද?"
" අද ක්ලාස් ඇරිලා එනකොට...."
"ඉතිං..."
" මගේ මූනේ වාසනාව බේරෙනවා කියලා එකෙක් මාව හූරලා බැලුවා..."
"මොකා ... ඒ මොකටද?
"නෑ හූරලා එකම විදියේ සලකුණු තුනක මතු වෙයිද බලන්න.... "මම එහෙම කියාගෙන එතනින් මාරු උණා.... ලොකුත් ඉතිං අපේ නැන්දාගේ දුව වෙච්චි ලේසියකින් ගැල වෙන්නද?


තාරකාව ආපහු ගෙදර එක්ක එන්න පැය හතරක් විතර ගියා රෑ 11ට විතර වාහනේ ගෙදරට ආවා. මමත් නිදාගන්න ට්‍රයි කලාට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. එන්න එන්නම පරක්කු වෙද්දි හිතට දැණුනේ අමුතු දෙයක්... කියා ගන්න බැරි විදියට හිත ගැස්සිලා තිබුනා...වෑන් එකේ සද්දේ ඇහෙනකොට මම ඇඳෙන් පැනල ඒ පැත්තට දුවගෙන ගියා.... එච්චර කුතුහලයක් කිසිම දෙයක් වෙනුවෙන් මට මීට ඉස්සල්ල කිසිම දේකට තිබිලා නෑ. මම වෑන් එක ලඟට යනකොට නැන්දා තාරකාව වෑන් එකෙන් බැස්සුවා... කෙල්ල ගෙදර ඇවිල්ලා... මගේ හිත තනි අණ්ඩෙන් කස්තිරම අල්ලන්න පටන් ගත්තා.... ඒත්.... කෙල්ලගේ දකුණු අතටම ප්ලාස්ටරයක් දාලා... අප්පොච්චියේ අත කන්ඩෙම්ද? අනෙ දැං කෙල්ල විභාගේ ලියන්නේ කොහොමද? මගේ පපුව හෝස් ගාල ගියා.... තාරකා මලානික විදියට මගේ දිහා බලලා හින උණා... මට නම් හිතුනේ බෙරිහන් දීලා අඬන්න.... මේ කෙල්ල කැම්පස් යන්න මෙච්චර කැප වෙද්දි මෙහෙම දෙයක් උනේ ඇයි.
"අත...?" මම මාමා දිහා බැලුවා....

"ඔව් මාස තුනක් විතර යයි කිව්වා හරි යන්න..... සති හයකින් පෙන්නන්න කිව්වා...." මාමා එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා...
"විභාගේ...." මටත් මාර ප්‍රශ්න
"විභාගේ.... කොහොම හරි කරනවා..." තාරකා එයාගේ ප්ලාස්ටරේ දැම්ම අත අනිත් අතෙන් අත ගෑවා...
"ඔය කෙහෙල්මල් විභාග තියලා දැංවත් පිලිවලක් උණානම් හොඳයි..." නැන්දාත් එහෙම කියාගෙන ගෙට ගොඩ උනා...
"එහෙම කොහොමද නැන්දේ මම ආසයි තාරකා ඉගෙනගන්නවාට"
"ඔයා ආස වෙලා බෑනේ පුතේ.... කරන්න පුළුවං කමක් තියෙන්න එපෑ"
"එයාට විභාගේ කරන්න බැරි කමක් නෑනේ..." නැන්දා මගේ දිහා බලලා ඇතුලට  ගියා.... තාරකා මා දිහා බලලා හිනා උණා... අනේ ඒත් මට නම් දැං මේ කෙල්ල දිහා බලලා හිනා වෙන්නවත් විදියක් නෑ. හිනාවක් වමාරලා තමයි ගන්න ඕනේ.... ඩයිනමයිට් එක තාරකාව කාමරේට එක්කන් ගියා... ලොකූ මා දිහා බලාගෙන හිටියා
"උඹට දුකයි නේද?" ටක්කෙටම දුකයි අප්පා... ආයේ ඒකෙ හොරයක් බොරුවක් වංචාවක් කුහක කමක් නෑ. මාරම මාර දුකයි
"දුකද අහනවා.... "
"උඹ තමයි තාරකාට ගැලපෙන්නේ මයියා..." මෙයා දන්න බම්බුව. මගේ ගැලපීම කෙසේ වෙතත් මගෙන් ගැලවුණේ නැත්නම් මගේ නීච වෙච්ච අර ග්‍රහයෝ මෙයාටත් ගේමක් දෙන්න පුළුවං. මොනා උණත් මේ මහා රෑ ගෑනු ළමයි පමණක් ඉන්න කාමරේකට හොම්බ දාන එක හැදිලා නැති කොල්ලෙකුට උණත් නව නින්ගිරියාවක් ඒ නිසා මම මගේ කාමරේට ගියා.... රෑ නින්ද නම් ගියේ නෑ.... නින්ද ගිය ගමන් දකින්නේ තාරකා ටිකිරි ලියා වගේ ලිඳ ලඟ වැටිලා ඉන්නවා.. කබර ගොයා වගේ මගේ ටී ෂර්ට් එක බලාගෙන ඉන්නවා. කොච්චර ලස්සන උණත් හීනේ අපරාදේ කියන්න බෑ උඩ ගිහින් ඇහැරෙනවා....
මම හෙට අර ගමන යන්නේ නෑ... සුමනා වගේද තාරකා... සුමනා නැත්නම් කරුණා උණත් හොයා ගන්න බැරියෑ ඒත් මේ කෙල්ල ගැන මම පොඩ්ඩක් බලන්න එපෑ.... මම සුමනා බලන්න ගිය අතරතුර මේ කෙල්ලව කොහෙ හරි ජේමිස් කෙනෙක්ට බන්දලා එහෙම දුන්නොත් ලෙඩේනේ. 


යන්තම් ඉර එළිය වැටීගෙන එනකොට මගෙ කාමරේ දොරට තට්ටුවක් දානවා මට ඇහුණා. මම දොර ලඟට ගියා..... මේ පාන්දර මල පෙරේත දිශ්ටියක් වගේ ඇවිත් ඉන්නේ ඩයිනමයිට් එකනේ.
"තමුසේ ඔහොම උදේට එන්න එපා මට ණුලක් මතුරන්න වෙනවා බය වෙලා..."
"පොඩි අයියා ඊයෙ නිදාගෙන නම් නැති පාටයි"
"ඔව් ඔව් නින්ද යන්නේ නැති වෙන්න වැඩේමයි..." මේකිට හරකාට වගේ ඉව තියනවානේ අප්පා
"හරි හරි ඒවා මම දන්නේ නෑ.... ඒත් තාරකා  නම් ඊයෙ නිදා ගත්තේ නෑ"
"ඒ මොකෝ මකුණොද?"
"එයාට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු" මලා ඒ පාර මොන මලගමක්ද දන්නේ නෑ.... එක පාරම හැම දෙයක්ම ලෝඩ් වෙන්න යනවාද මන්දා... දැං ඇත්තටම මේ කෙල්ලට මොනාද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ..... මට නම් හිතෙන්නේ මම ආයෙමත් ලෝක අමාරුවක වැටෙන්නයි යන්නේ... මේ පාර මෙහෙනුත් විසි උනෝතින් මට යන එන මං නම් චකබ්ලාස් වෙනවා... ඒක නම් මට මයියා වගේ විශ්වාසයි

Saturday, October 9, 2010

78 කොටස


කවදාවත් පාවිච්චි කරන්න සෙට් වෙච්ච නැති කිඩ්නිය මට විහිළුවට වගේ පාවිච්චි කරන්න හිතුණා....බොරුවක් හදා ගන්නත් අම්බානක වෙලාවක් යනවා. මොකද ඒකෙත් අර අවස්ථා සම්බන්දය ගැලපෙන්න ඕනෙනේ... ඔන්න ඔහෙ කමක් නෑ. මට හිතට එන නිර්මාණශීලි අදහස් පෙන්නන්න වෙලාවක් කලාවක් නැතුවනේ හිටියේ.... 
"මචං උඹලා යන වෙලාවක් කියපං මම සෙට් වෙන්නම්.... මොකද මම හෙට අපේ සර්ලෑ ගෙදර යන්න ඉන්නේ...." අශාන් කල්පනා කලා, බොරුව කොච්චර නිර්මාණශීලිද කියලා කිව්වොත් තව ප්‍රශනයක් අහුවත් මටත් ඌගෙන් අහන්න වෙන්නේ වැහි දිය මහා බිම තෙමුවාට බිම තෙමන්නේ වැහි විතරද කියලා තමයි. එතකොට ඌ කියයි මචං උඹත් ඔය තෙමන්නේ කියලා. 

"හරි හෙට මම 10ට විතර සර්ලෑ ගෙදරට එන්නම්...." ඔය කැවුණේ... මී පාසනම්... යකෝ මූ සර්ලෑ ගෙදරත් දන්නවාද? ඇයි බං උඹ ඒකත් දන්නේ.....දැං ඉතිං මුල ඉදම්ම චාටරේ ඔතාගෙනම යන එකයි තියෙන්නේ
"දහයට යනවා නම් මම එන්නම් උඹලා කියන තැනකට සර්ලෑ ගෙදර යන්න වෙලාවක් නෑනේ...." අනේ මන්දා මේ පාරවත් මගේ ගැටේ හරියට වැටෙයිද කියලා
"හරි උඹ එහෙනම් මෙතෙන්ට වරෙන්කෝ....." ඇති යන්තං උණ හපුළුවා මොකක් හරි පිලිවෙක් තියන දෙයක් කලා. මම ඔළුව වැනුවා...තව මොකුත් කිව්වේ නෑ..... මොකද ආයේ මොකක් හරි මිස් වෙලා වැඩේ අබ්ලික් උණොත් ... මට මගේ කට ආයේ එක සතේකට ෂුවර් නෑ. 

රගර් පාරක් ගහන්න ගිහින් අර කිව්ව පිට්ටනියේ කකුල් අතපය ලෙලි ගියා... ඒත් මම ඇරියේ නෑ ගෝල් දෙකක්ම සෙට් කලා. වැඩ පෙන්නන්න තිබ්බ කොහෙද පහසුකම් නෑනේ....පලවෙනි පාර ලෙලි ගිහින් දෙවනි පාර එතනම වදිලා පදාසෙම ගැලවිලා යනකොට කොහොමද ආතල් එක. ඇයි යකෝ මුන්ගේ පිට්ටනියේ හැම දේම තියනවා නැත්තේ..... තණකොල විතරයි. තණකොල තියනවා ඒවා තියෙන්නේ පිට්ටනිය වටේ මායිම පේන්න . පොඩ්ඩ වෙන්න ලේ හෙල්ලුණා.. ඒත් මේවා අවුලක් නෑ... මම ඇවිල්ලා එක අතකින් ටාසන් ක්‍රියා කරපු එකෙක්.... ගෙදර එනකොට රෑ වෙලා... හැමදාම වගෙ සාම කාමි.... මම අර ඇටිකෙහෙල් හිරවෙච්ච උගුඩුවා වගේ කාමරේට පාඋණා... ඒත් අම්මපා මගේ වෙලාව කියන්නේ මම කාමරේට හැරෙනකොටම තාරකාට මාට්ටු.... මගෙ ඇඟ පුරා තිබ්බ ලේ දැකලා ගෑනිට කෑ ගැහෙන්න වගේ ආවා, මම කටට ඇඟිල්ල තියලා නැවත්තුවා. මගේ වෙලාවට තාරකා දැක්කේ ඩයිනමයිට් එක එහෙම දැක්කා නම් මාව කම්මුතු කරනවා. එහෙනම් එහා ගෙදර උන් එනවා මට බේත් දාන්න අම්මපා... මම අමාරුවෙන් ෂර්ට් එක ගලවලා දාලා තුවල අත අල්ල ගත්තා.... හිතුවට වඩා වැඩේ අවුල්ද මන්දා..... එක පාරටම කාමරේට කඩාගෙන තාරකා ආවා. යකෝ හදිච්ච පිරිමි ළමයෙක් ඉන්න කාමරේකට මෙහෙම එනවාද? විලි ලැජ්ජාවේ බෑ. ඇඟේ ෂර්ට් එකක්වත් නෑ.....  කෙල්ලගේ අතේ පුංචි බේසමකුයි බේත් පෙට්ටියයි... මෙයා මේ කඩි කාලා වගේ දුවගෙන ආවේ මට බේත් දාන්නද?

"මේ මොනාද තෙනුර ඔයා කර ගන්නේ..." ලෙලිගිය අත එයා කරකවලා බලලා ඇහුවා...
"මම හිතලා කරගත්ත ඒවා නෙවෙයි හලෝ".
"මොනා කරන්න ගිහින්ද?" තාරකා පුළුං කෑල්ලකට වතුර ටිකක් අරං අතේ තිබ්බා.. මට තරු විසි උණා....
"ඌයි...."
"ඌයි තමයි... හොඳටම තුවාල වෙලා"
"රිදෙනවා ඕයි..."
"කොච්චි මිරිස් ගාන්න ඕනේ.... එක තැනක එක විදියකට ඉන්න බැරුවාට"
"මේ මේ... ඇති ඇති..." අම්බානකට දැවිල්ලයි. අර හනුමාගේ නැට්ට ගිනි තියලා වගේ දැවිල්ලට දුවන්නමයි හිතෙන්නේ...
"හැති නෙවෙයි.... තුවාලේ ඇතුලෙත් මඩ.... පොඩි ළමයෙක් වගේ දඟලන්න එපා" මට පොඩි ළමයි නෙවෙයි තාත්තලා මතක් වෙන්නේ.... මම දඟලද්දිම තාරකා තුවාල සුද්ද කරලා බේත් දැම්මා. සනීප නෑ දැවිල්ලයි... ඒත් කැක්කුම අඩු උනා...කකුලටත් බේත් දැම්මා.. ඒක නම් එච්චර ආභාදයක් නෑ මොකද ඩෙනිම් කටුව තිබ්බ නිසා ලෙල්ල හොඳට ගියේ නෑ.... 
"මොනා කරන්න ගිහිංද මේවා උණේ..?"
"සෙල්ලම් කලා..."
"කාත් එක්කද?"
"තනියම"
"පිස්සුද?"
"ටිකක් වගේ...." තාරකා බේත් පෙට්ටිය අරං නැගිට්ටා....
"මීට පස්සෙ පිස්සු වැඩ කරන්න එපා..." බලාපලකෝ මාව සින්නක්කරේටම දීලා වගේ නේ මෙයාගේ කතාව
"හරි හරි.... බේත් දැම්මාට එන ආත්මේ පුළුං කෑල්ලක් හරි ඩෙටෝල් බෝතලයක් හරි වෙලා ඉපදේවා..." මගේ කතාවට තාරකාට බකස් ගාලා හිනා ගියා....
"එහෙනම් ඔයත් තුවාලයක්ම වෙලා ඉපදේවා..."  ඇනේට වඩා නම් තුවාලේ හොඳයි.
"ඒ මොකද?"
"තුවාලෙටනේ පුළුං ඩෙටෝල් ඕනෙ වෙන්නේ..." එහෙම කියාගෙන තාරකා කාමරෙන් එළියට ගියා. බේත් දැම්ම දණිස්සෙන් උඩට රෝල් කරපු ඩෙනිම කකුල සීරුවෙන් පල්ලෙහාට දාගෙන මම ඇඳේ හාන්සි උනා.... හෙට මම මොකද කරන්නේ ...? මම යනවාද නැද්ද... ඒත් ගියොත් සීන් එක ලේසි වෙනවා... පලාත සෙට් උණාම මට තනියම හරි යන්න පුළුවං ගේමක් නැතුව. අනික භානුකයාගේ සීන් එක මට අළුත්.... මට හිතෙනවා එතනත් මොකක් හරි සම්බන්දයක් තියනවා කියලා මේකට.... ලිහිණිට නැතත් තාරකාට හරි. අනේ මන්දා මේවා හිතනකොට මගේ මොලෙත් කචල් වෙනවා.


"පොඩි අයියේ.... අනේ පොඩි අයියේ........" ඩයිනමයිට් එක නේද අර කෑ ගහන්නේ....
"ඇයි.....?" මම ඇඟේ අමාරු පැත්තකින් තියලා ඒ පැත්තට දුවගෙන ගියා.....කට්ටිය ඔක්කොම කුස්සිය පැත්තේ ඉඳං ලොකු අවුලක්
"මොකද මේ....." මම කට්ටිය එහාට මෙහාට කරලා බැලුවා. මාමා තාරකාව පොඩි එකෙක්ව වගේ හරහාට වඩාගෙන....මම ටක් ගාලා ඒ පැත්තට පැන්නා.
"මොකද වෙලා තියෙන්නේ මෙයාට...." මට මාර අවුල්... මේ මොනා වෙලාද මේ යසට හිටපු කෙල්ල... තාරකා කෙඳිරිත් ගානවා...
"කොච්චර කියලා තියනවාද කළුවර වැටුණාම රෙදි හෝදන්න ලිඳ ලඟට යන්න එපා කියලා... දැං කරදර මදිවට කරදර..." නැන්දා හෝ ගාල බනිනවා..... මම මාමාත් එක්කම තාරකාව වෑන් එක ලඟට ගෙනිච්චා... 
"මාමේ පොඩ්ඩක් ඉන්න මම ඇඳුමක් දාගෙන එන්නම්..." මම කාමරේට දුවලා ඇඳගෙන ගිය ටී ෂර්ට් එක හෙව්වා.. ඒ ටිකට ඒක චුත වෙලා... පස්සේ තිබ්බ ඇඳුමක් දාගෙන මම වෑන් එක ලඟට යන්න ලෑස්ති උණා...
"අනේ පොඩි අයියේ.... ඔයාගෙද මේක" ඩයිනමයිට් එක මගෙන් අහගෙන ඇතුලට ආවා.
"ඔව්නේ ඕක තමයි හෙව්වේ... දැං ඉන්න විදියක නෑ මම යනවා..."
"තාරකා අක්කා ලිඳ ලඟ වැටුනේ මෙන්න මේක හෝදන්න ගිහින් කියලා විතරක් මතක තියා ගෙන යන්න" ඩයිනමයිට් එකේ කතාවට මගේ වේගේ මන්ද ගාමි උණා...
"මොකා............" හත්දෙයියනේ... මේ කෙල්ල මගේ ඇඳුම හෝදන්න ගිහින්ද වැටිලා තියෙන්නේ... ඒක තව පොඩ්ඩෙන් මිස් උණානම් ලිඳ ඇතුලේ.... මම මේ තරම් පව්කාරයෙක්ද අප්පා... මම වැඩි වෙලා කල්පනා නොකරම අඩියට දෙකට වෑන් එක පැත්තට දිව්වා... ඒත් හඳුන්පොතේ භාගෙකට අංශභාගේ හැදීගෙන එනවා වගේ මට දැනෙන්න ගත්තා......







Friday, October 8, 2010

77 කොටස


" මොනාද කරන්න යන්නේ..." තාරකා බය වෙලා... අප්පටසිරි කෙල්ල හිතුවාද දන්නේ නෑ මම බලහත්කාර කමක්වත් කරන්න යනවාද කියලා.....
"මට ලිහිණිට කෝල් එකක් ගන්න ඕනේ..."
"ලිහිණි...." තාරකාගේ මුණ අමුතු උණා..... මේ කෙල්ල බෑ කියන්නද දන්නේ නෑ යන්නේ...
"ලිහිණි නේද තෙනුර ඔයාගේ කොළඹ ගෑනු ළමයා...." මගේ කට කොනට හිනා වක් ආව තාරකාව උණත් බයිට් කරන්න පුළුවං මේ වැඩෙන් ...... 
" අනේ මන්දා ඔයා ඕනේ දෙයක් හිතා ගන්නකෝ.... මට කෝල් එක අරන් දෙනවාද? "
"මම....?"
"ඔව් ඔව්..... මට ගෙදරට කෝල් එකක් අරන් චාටර් වෙන්න බෑ..... භානුකයා ගත්තොත් අවුලක් නෑ ඒත් ජය වීරයා ගත්තොත් නම් කපෝති. මේ දවස් වල කන ලඟම ෆෝන් එක තියාගෙන ඇති.... ඡන්දෙට ඉල්ලනවානේ..."
"ඉතිං මම මොනාද කියන්නේ...."
"මොකුත් කියන්න ඕනේ නෑ.... ලිහිණිව ඉල්ලන්න...... කවුද කියලා ඇහුවොත් ෂවිනි කියන්න.....ලිහිණි කතා කලාම මට දෙන්න" නංගි ලිහිණිගේ ෆිට් එක නිසා හොඳයි
" මට බයයි...."
"අනෙ තාරකා මම ලිහිණිට මොකුත්ම නොකියා ගෙදරින් ආවේ...." මම ඒක කිව්වේ බොක්කෙන්මයි.....තාරකා මගේ දිහා බලලා අමුතු විදියට හිනා උණා..... 
"මෙහෙ හිටියාට හිත ලිහිණි ලඟ නේද?" මෙයාට අන්දකයිප්පුද මන්දා..... ඒ කෙල්ල මගෙන් දෙයක් බලාපොරොත්තු උණා. මම ඒක ගැන කිසි තැකීමක් නැතුව මෙහෙ ආව කියලා හිතුවොත් කියලා බයට මම මේ කෝල් කරන්නේ
"ඕනේ දෙයක් හිතා ගන්නකෝ..." තාරකා මොකුත් නොකියා ගිහින් ෆෝන් එක කනේ තියා ගත්තා... 
"නම්බරේ දෙන්නකෝ....." අනේ මේකි හිතුවට වඩා සුදුයි අම්මපා..... මට හිතුනේ ඉඹගෙන ඉඹගෙන යන්න .... අනේ මන්දා මම මේ හිතන ඒවා පොඩි උන්ට හොඳද කියලා.....මම නම්බරේ දුන්නා... මම කිව්ව වගේම ලිහිණිව ඉල්ලලා අන්තිමට රිසිවරේ මට දික් කලා.
"හලෝ...."
"තෙනුර........"
" අම්මෝ අපේ කටහඬවලුත් මතකයි එහෙනම්..."
" ඉන්න ඉන්න මම මේ ෆෝන් එකේ පැරලල් ලයින් එකේ වයර් එක ගලෝලා එන්නම්" ලිහිණි එතනින් යන්න ඇති. තාරකා මගේ දිහා බලගෙන හිටියේ හරි අමුතු විදියට... පව් කියලත් හිතෙනවා.... කොච්චර ඇඬුවත් හිනා වෙද්දි කම්බුල් වල ගැහෙනවානේ....මම එයා දිහා බලලා හිනා උණා... කෙල්ල යන්තම් හිනා වෙලා කාමරේට ගියා
"හරි හරි.... ඔයා කොහෙද තෙනුර...."
"මම කොළඹ නෙවෙයි ලිහිණි..."
"එහෙනම්....?"
" ඉන්න තැන වැඩක් නෑ.... කියන්නකෝ ඔයාගේ විස්තර...."
"තාත්තා ඡන්දෙට ඉල්ලනවා............"
"ආරංචියි..."
"දැං දවස් දෙක තුනකට කලින් අපේ ගෙදරට නිර්නාමික ලියුමක් ආවා..."
"මොනා කියලාද?"
"භානුක තමයි කඩලා බැලුවේ.... ඒකේ තියන විදියට භානුක කියන්නේ අපේ අම්මාගේ දරුවෙක් නෙවෙයි..."
"එහෙනම්"
"වැඩි විස්තරයක් මම දන්නේ නෑ... භානුක ඒක දැනගෙන අප්සෙට් උණෙත් නෑ... මට ඒක නම් හිතා ගන්න බෑ.... මම එහෙමනම් පොළොවේ හැපෙනවා..."
"අම්මාගේ ඇඩ්‍රස් එක මට දුන්නෙත් නෑනේ... ඔය ප්‍රශ්නෙටත් උත්තරේ අම්මා දන්නවා ඇති"
"ඔව් ඒකනම් එහෙම තමයි.... භානුක ලඟදි රුවනුයි හර්ෂයි එක්ක කතා කරනවා මම අහගෙන හිටියා..."
"මොනාද?"
"පැහැදිලි උණේ නෑ... ඔයාට හොයා ගන්න පුලූවං වෙයි..." ඒ කියන්නේ සිකයි බුවයි සැළකිය යුතු මොනා හරි දන්නවා.... අම්මපා මූන්ට මට කෝල් එකක් දෙන්න බැරි උණානේ....
"තෙනුර..... මට අම්ම ලඟට යන්න ඕනේ...."
"හරි හරි ඒක මම දන්නවා ලිහිණි... ඒත් මට විභාගේ ඉවරවෙනකන් කොළඹ පැත්තේ එන්න වෙන එකක් නෑ... මම අරුන් දෙන්නා එක්ක කතා කරන්නම්කෝ.... ඔයාට කරදරයක් නෑ නේද?"
"මට කරදරයක් නෑ... ඒත් මේ හිර ගෙදර මට තිත්ත වෙලා තෙනුර...."
"ඔයා අවුල් වෙන්න එපා..... මට මොනා හරි කියන්න තියනවා නම් හර්ෂට පණිවිඩේ දෙන්න.... "
"ඔයා ආයේ කොළඹ ආවාම නිකම් පෙනිලා යන්න හරි එන්න..." ඒ මොකද්ද ඒ කතාව.. පේන්න නම් යන්න බැරියෑ ඒත් බඩ පිරෙන්න කන්න දෙද්දි කොහොමද එපා කියන්නේ
"අනිවා.... වැඩිය.. ලෙඩ දාගන්නේ නැතුව ශේප් එකේ ඉන්න... තව මාස 4යිනේ.... අප්‍රේල් වල විභාගේ නේ..."
"පාඩම් කරලා පාස් වෙන්නකෝ"
"බලමුකෝ.... අම්මාගේ ඇඩ්‍රස් එක හර්ෂට දෙන්න... පොර හැමදෙයක්ම දන්නවා...." 
"හා.... ඉඳලා හිටලාවත් මට කතා කරන්න තෙනුර..."
"ඉඩ ලැබුණාම මේ වගේ දෙන්නම් වැඩේ..." 
"බුදුසරණයි ඔයාට" මට ඉතිං බුදුසරණයි නෙවෙයි දෙයියන්ගෙමත් පිහිටයි තමයි... හර්ෂ කියලා කතා කරනකොට මටත් පැටලෙනවා. ඕකට අපි ඉපදුණ දවසේ ඉඳලා කතා කලේ බුවා කියලානේ ... කමක් නෑ භානුකයාගේ සීන් එක දැනගෙනත් ඇයි මුන් මට කෝල් නොකලේ... හෝතම්බුවෝ... මාව මේ මූකලානටම සේන්දු කරලා... මට ඉතිං විහිළුවට වගේ මල පැන්නා.... හරි ඕකුන් ඔහොම නටලා ඇන ගත්තාම ආයේ මුල ඉදං පටං ගන්න බලාගෙන මට කතා කරයිනේ... මම මගේ කාමරේට ගියා. ලිහිණිගේ පැත්තෙන් අවුලක් නෑ.... හරි.. දැං මේ වෙලාවේ සමරනායකයා මොනා කරනවා ඇද්ද? අර සුමනා හොයා ගත්තා නම් ගොඩ.... හොඳම වැඩේ තියෙන්නේ අර මෝරාත් එක්ක කබඩියකට සෙට් වෙන එක... මම ෂර්ට් එක ගලවලා ටී ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සා... ඩයිනමයිට් එක ඇවිල්ල මගේ අතේ එල්ලුනා....
"මොකද ඒ පාර?"
"පොඩි අයියේ... මට ඇත්ත කියනවා..."
"මොනාද අයිසේ...?"
"තමුසෙයි තාරකායි අතර එහෙම එකක් නැද්ද?" මට හිනා ගියා
"කොහොම එකක්ද?"
" තාරකා අහිංසකයි...., ඔක්කොටම වඩා අසරණයි...., අම්මා කොච්චර පිටට පෙන්නුවත් තාරකාට සැලකුවේ අපිට වඩා වෙනස් විදියට..... කොටින්ම කියනවා නම් මුලින්ම තාරකාව අපේ ගෙදර ගෙනාවේ.. එයාට තිබ්බ ඉඩං, සල්ලි නිසා.... ඒත් තාරකාගේ අම්මාගේ අන්තිම කැමත්ත අනුව ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ තාරකා කසාදයක් බැඳපු දවසට. ඒ නිසා අම්මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ..."
"ඒකද තාරකාව බන්ඳන්න ට්‍රයි කරන්නේ....?"
"ඔව්.... ඔය බන්දන්න හදන කෙනා තාත්තාගේ වැඩපලේ කාත් කවුරුත් නැති කෙනෙක්. එක දවසක් මම එයාලා කතා කරනවා අහගෙන හිටියා... අනික තාරකාට කියලා තියෙන්නේ කොළඹ එක්කෙනෙක් කියලා"
"තමුසේ ඔච්චර දේවල් දැනගෙන දැංද මට කියන්නේ....?"
"ඔයා තාරකා එක්ක ඉන්නවානම් ඔය කිසි දෙයක් අදාලා නෑනේ අයියේ...ඊයේ අම්ම තාත්තාත් එක්ක කියනවා ඇහුණා මට ...... හදිසියේ හරි ඔය දෙන්නා සෙට් උණොත් එහෙම එයාලා හිතාගෙන ඉන්න මොකුත් කරන්න හම්බ වෙන්නේ නෑ කියලා"
" මොනාද හිතං ඉන්න කියලා දන්නවාද?"
"දේපල අරං... අක්කාව ලොකු දෑවැද්දක් එක්ක බන්දන්න..... "
"ඇයි මිනිස්සු මේ ඉඩං කෑලි වලට පෙරේත.... එක කෙල්ලෙක්ව අමාරුවේ දාලා තව එකෙක්ව ගොඩ දානවා. මාර කොමියක්නෙ ඒක.. පව් වැඩ."
"අනේ තාරකාව දැං අතාරින්න එපා අයියේ.... එයා ගොඩාක් හිතේ අමාරු තද කරන් ඉන්නේ... ප්ලීස් එයා ලඟින් ඉන්න..."
"මේ ඕයි... එයාට ඕනෙ කරන සප් එකක් බොක්කෙන්ම මම දෙනවා... ඒක එයා දන්නවා.. දැං තමුසේ ඉදිලා කුණු වෙන්න කලින් යනවා.... මම පොඩි ගමනක් ගිහින් එන්නම්"
"කොහෙද?"
" අපායට... ඇයි තමුසෙටත් ටිකට් එකක් අරං එන්නද?"
"තමුසේ වගේ උන් අපායටම තමයි යන්න ඕනේ..." ඩයිනමයිට් එක ගස්සගෙන ගෙදර ගියා.... 


මම අශාන් කාරයා කියපු තැන හොයාගෙන ගියා... යකෝ මේකද පිට්ටනිය කියන්නේ..... මේකේ අඩුවකට තියෙන්න උස ගස් නැති එක විතරයි. හැබැයි මේක තියන තුත්තිරි ගස් වල එල්ලිලා ගේමක් නැතුව බල්ටියක් ගහන්න පුළුවං..... මාව දැක්ක ගමන් අශාන් දුවගෙන ආවා
"අපි හිතුවා උඹට අමතක වෙලා කියලා"
"පිස්සුද එහෙම වෙනවාද?"
" කබඩිය නවත්තලා පොඩි රගර් පාරකට සෙට් කරන්න බැලුවේ...."
"හරි හරි අල්ලමු... ඕක මොකද්ද?"
"හැබැයි එක පරහක් තියනවා මචං..." මූ කියන්න යන විදියට නම් මට හිතෙන්නේම ඉස්කුරුප්පුවක් වැටිලා නැතිවෙලා හන්දි පත් ටික අබ්ලඉක් කියන්න යනවා වගේ
" මොකද්ද....?"
" රොමෙෂ් අද එන්නේ නෑ..."
" ඒ මොකෝ...." යකෝ ඒ පාර මෝරාට ගහපු හෙනේ මොකද්ද?
"රොමේෂ් හදිස්සියේම බදුල්ලේ ගියා...."
"ඇයි බං ඒ..."
"ආච්චි අන්තරා වෙලාලු" එලනේ... ඒකියන්නේ මුන් එක්ක බදුල්ලේ මටත් යන්න පුළුවං. සතුට මෙතන පෙන්නලා බෑනේ.. ආච්චි උණත් හා හා පුරා පරලෝකෙට ගිය වෙලාවේ
" උඹලා යන්නේ නැද්ද?"
"හෙට දිහාට... යනකොට උඹට කතා කරන්නම් ගෙදරට එන විදිය කියලා පලයං..." මලා... දැං මොකද කරන්නේ... තාරකා ඉන්න ගෙදරම මම ඉන්නේ කිව්වාම චාටර්නේ.... වෙන තැනකුත් නෑ ලඟපාත මම දන්න... යකෝ මෙහෙම හිර වීමක් මට කවදාවත් වෙලා නෑනේ.... දැං ඉතිං කොල්ලට කලිසම ගලෝලා සායක් දෙපොට මහලා අදින්න තමයි වෙන්නේ



Thursday, October 7, 2010

76 කොටස



ගෙදර යනකන්ම මෙයා නෝ කතා... මමත් ඉතිං වැඩිය පස්සෙන් යන්න ගත්තේ නෑ. මොනා උණත් අර මොකද්ද එක තියා ගන්න එපෑ. ඒත් මගේ හිතට දැනෙන්නේ නම් මහා කාලකණ්ණි කමක්. තාරකා ආව වෙලාවේ ඉඳං නැන්දා එක්ක සාකච්ඡාවක්. 

ඇයි යකෝ ඉස්සර වගේ මට ගේමක් නැතුව කාව හරි අඬවලා පාඩුවේ ඉන්න බැරි. ඉස්සර මම අක්කාවයි නංගිවයි කොච්චර අඬාවනවාද? අඬනවා නම් බලං ඉන්න එක චාටර්... උන්ව අඬවලා මම කොහෙ හරි අතුරුදහන් වෙනවා අංජනමකටවත් අහුවෙන්නේ නැති වෙන්න. ඒ මොනා කලත් උන් ආපහු එන්නේ මේ මයියා හොයාගෙන තමයි. දැං මට හිත හැදෙන්නෙම නෑනේ අම්මපා මේකි අඬෙව්වට පස්සේ..... ගෙදර ඇවිල්ලත් නෝ කතා. මට බය හිතෙන්නේ මෙයා ඇත්තම නැන්දාට කියයි කියලා. ඒත් ඉතිං ඔය ඇත්ත නැන්දාට කිව්ව කියලා මගේ ඇගේ තියන ඒවයින් මොනා අඩු වෙනවාටද. ඔන්න ඔහෙ කියපු දෙන්. හැබැයි කන වාෂ්ප වෙන්න චාටර්. 


"පොඩි අයියේ.............." කිරි අප්පේ ඔය හොරණෑව පිඹගෙන එන්නේ ඩයිනමයිට් එක නේද? මම ඇඳං හිටපු හඩු ඇඳුම පිටින්ම ඇඳට පැනල තද වෙන්න ඇස් දෙක පියා ගත්තා.
"අයියේ........... නැගිටිනවාකෝ..." හප්පටසිරි මාව හොලවනව හෙලවිල්ලක් ලුණු බෝතලේ කලවන් කරනවා වගේ. මේකට මරුණ එකෙක්ට උණත් පණ එනව යකෝ...
"මොකද අයිසේ......" මම ඉතිං සිරා ඇක්ටින් පාරක් දැම්මා...
" තාරකා යන්න හදනවා ...."
"කොහෙද?" මම මෙච්චර කල් දැනගෙන හිටියේ මෙයාට කවුරුත් නෑ කියලානේ....
"ආත්තම්මා ලඟට යනවාලූ" මේකිගේ මොලේ ඉස්කුරුප්පුවක්වත් පැනලාද? අර මැරුණ අත්තම්මා හොයාගෙන යන්න හදන්නේ...
"ඉන්නවා මම බලන්නම්" මමත් ඉතිං අර සින්නක්කරේටම ලියලා දුන්න ඉඩමක් බලන්න යනවා වගේ ගියා. තාරකා ඇදුම් බෑග් එකකට දාගන්නවා, ඩයිනමයිට් එක අඬ අඬා මගේ පස්සෙන් ආවා. මාර සීන් එක.
"ඔයා කොහෙ යන්නද?" මම එහෙම අහනකොට තාරකා මගේ දිහා බැලුවා..... ඩයිනමයිට් එක හිමින්ම අපි දෙන්නාට කතා කරන්න දීලද කොහෙද යන්න ගියා. මොනා උණත් පොඩි එකාට මොළේ නම් ලාවට වැඩ කරනවා. ඒත් දැං තමයි භායානකම හරිය. රඟපාන්න මට අවුලක් නෑ. ඇත්තට මූණ දෙන්න පොඩ්ඩක් ගට ගහගෙන ගිහිං වගේ... මම ඇඳ උඩ තියන බෑග් එක අතට ගත්තා. හිතුව තරම් නම් බර නෑ
"කොහෙද යන්නේ කියනවා...."
"කොළඹ"
"තමුසෙට පිස්සුද ඕයි..." මට මල පැන්නා
"ඔව් පිස්සු.... මම තාත්තාව මරපු එකා හොයාගෙන, මමත් මොනා හරි කරගෙන මැරෙනවා" අප්පටසිරි මෙයාගේ සැර. මාව හොල්මන් වෙලා ගියා.... මල පැන්නේ මට.... පිට උනේ මෙයාගෙන්නේ...
"තාරකා මොකද්ද ප්‍රශ්නේ කියන්න...." මම සාමකාමි උනා.... මේ වෙලාවෙ හැටියට අතට අහු වෙන දේකින් දමලා ගහන්න බැරි නෑ. අනික මෙච්චර පුංචි දේකට මැරෙන්න තරම් කෙල්ලෝ මෝඩද අප්පා.....
" මගේ ප්‍රශ්න ඔයාට තේරෙන්නේ නෑ..."
"ඔව් ඔව්... මට තේරෙන්නේ නෑ.... තේරුම් කරලා දෙන්නකෝ එහෙනම්" මල පනින්න කලින් මම තාප්පයක් සෙන්ටිමෙන්ටල් කලා
" මට මගේ අම්මා ඕනේ..." 
"කොළඹ ගියාම හම්බ වෙනවාද?" තාරකා අඬන්න ගත්තා.... 
"මට මගේ අම්මා ලඟට යන්න ඕනේ තෙනුර......" මෙයා හෝ ගාල අඬනවා... පව් අප්පා.... ඔන්න දැං නම් මම නෙවෙයි අඬෙව්වේ ... දැං අඬවලා තියෙන්නේ මෙයාගේ අම්මා....
" තාරකා හදිස්සි වෙන්න එපා.... ඉවසන්න..... " ඉකි ගහා ගහා මේ කෙල්ල අඬනවනේ.... මට තවත් බලාගෙන ඉන්න බෑ.... 
"ඉවසන්න මට බෑ තෙනුර................ ඉවසන්න බෑ........... "
"මොකද්ද උනේ....? මම නිසාද අඬන්නේ?"
"නෑ...... " ඇති යන්තම්, මම හිමින් සැරේ ඔළුවට අතක් තිබ්බා.... ප්‍රතිචාරයක් නෑ.... නිකටෙන් අල්ලලා මූණ මගේ පැත්තට හරවා ගත්තා..... ඇස් දෙකෙන් කදුළු ගුලි හැලෙනවා....
"මොකද්ද ප්‍රශ්නේ.....  මට කියන්නත් බැරිද?"
" කු... කුමාරි... ඇන්ටි කියනවා....." අයේ ඉකි ගහන්න පටන් ගත්තා
"මොනාද?"
" අංකල්ගේ බිස්නස් වැටිලාලු"
"ඒකට ඔයා අඬන්නේ ඇයි?" තාරකා කඳුළු පිහ දාගත්තා....
"වියදම එන්න එන්නම සැරයිලු"
"ඔව් ඔව් ලඟදි පාන් එහෙම ගණන් ගියානේ..... " මටත් ඉතිං මොනා නැතත් කන දෙයක් ගැන මතක් වෙනවා
"කෙල්ලෝ තුන් දෙනෙක්ගේ බර අඳින එක ලේසි නෑලු"
"ඇයි දැං බිස්නස් නැති නිසා මාමා බර කරත්තයක් ගන්නද හදන්නේ" තාරකාට ලාවට හිනා ගියා
"නැහැ...."
"එහෙනම්.. බර අඳිනවා කියන්නේ නෑනේ...."
"ලොකු අක්කාට මඟුලක් හරි යන්නෙ නැති එකේ.... මටවත් එකලාසයක් වෙන්නලු" මට හිනා ගියා
"ඉතිං ඔයා කිව්වේ නැද්ද තෙනුරත් තාම ඉගෙන ගන්නවානේ කියලා"
"විහිළු නෙවෙයි තෙනුර...."
"විහිළු නෙවෙයි.... මම කොහොමද ඔයාව කසාද බඳින්නේ..... මම කුලී වැඩක්වත් කරන්න දන්න එකෙක්යෑ"
"ඇන්ටි කියනවා..... ඔයා ගැන අදහසක් තියනවා නම් එක අත ඇරගන්නලු... ඔයාට කොළඹ කෙල්ලෙක් ඉන්නවාලු" මට මාර හිනා.... හීනෙකටවත් මට කෙල්ලෙක් හිටියාද? නැන්දාත් දන්න දේවල්.... 
"මේ මට මොකා හිටියත් අපි කරන්නේ රඟපෑමක්නේ..... තමුසේ කියනවා.... මම නැතුව බෑ කියලා.... බෑ බෑ බෑමයි කියනවා..........."
"ඒත් තෙනුර එයාලාට මම නිසා කරදරයි. ඊයෙත් 10 වෙනකොට ලයිට් නිවන්න කියලා කෑ ගැහුව කරන්ට් බිල යනවා කියලා..." 
"විභාගේ කරලා ඉවර වෙනකන් ඉවසන්න කෙල්ලේ.... මම ඊට පස්සේ මොනා හරි බලන්නම්..... අපේ බුවාගේ තාත්තා ගොඩක් උන්ව අඳුණනවා.. එයාට කියලා මම ඔයාට රස්සාවක් සෙට් කරලා දෙන්නම්" මට ඒ ටික කියවුණේ බොක්කෙන්මයි.... ඇත්තටම මට මේ කෙල්ල ගැන දුකයි. මම අතේ තිබුණ බෑග් එක තාරකා ලඟට දැම්මා.....
"ඔයා මාත් එක්ක තරහාද?" මෙන්න අදාල නැති ප්‍රශ්නයක් අහනවා මෙයා... තරහා නම් මෙහෙම කකුලේ දාල නලවයිද?
" තරහා..... අප්පටසිරි වෙලා නෙ හිටියේ..... ඒකත් අමතක උණා.... අපි කතා නොකර ඉමු"
" ඔයාව මට තාම තේරුම් ගන්න බෑ තෙනුර..."
"මාව තේරුම් ගන්න එක මොලේ කචල් වෙන වැඩක්... මේ විභාග අස්සේ ඕවා කරන්න හදන්න එපා... "
"වෙලාවකට හිත රිද්දනවා... තවත් වෙලාවට හිත හදනවා..." ඇත්ත... ඔය හැම වෙලාවකම මගේ හිත කැඩෙනවා.. ඒක කවුරුත් දන්නේ නෑ
"ඒ මගේ හැටි... මට වාචාල කටක් දීලා තියනවා.... මම කියන දේවල් වලට රිදෙනවා කියලා දන්නේ කවුරු හරි රිදුණා කිව්වාට පස්සේ..."
"මීට පස්සේ මම රිද්දුවාට රිද්දගන්නේ නෑ..." තාරකා හිනා උණා... යන්තම් කම්බුලත් වල උණා....කෙල්ලෝ හිනා වෙනකොට ලස්සනයි. තාරකා ගොඩාක් ලස්සනයි
" ඔයාට සර් බැන්නද?" සර්ව අමතකම වෙලා ගියා.... මට එන්න කිව්වනේ හයෙන් පස්සේ... තවත් ලෙඩක්ද දන්නේ නෑ.... අනේ මම මෙච්චර කල් යසට ඉදලා මේ විභාගයක් හින්දා අකරතැබ්බක්වත් උණොත්
"මම මේ බයේ ඉන්නේ හලෝ..."
"ඇයි...?"
" මට සර් කිව්වනේ විභාගේ ගොඩ දාන්නම් මට හයෙන් පස්සේ එයාලගේ ගෙදර එන්න කියලා.... දරු කමට හදා ගන්න නම් කමක් නෑ දරුවෙක් වගේ මට කියලා හදා ගන්න බලාපොරොත්තුවක් එහෙම තියනවාද දන්නේ නෑ" තාරකා හයියෙන් හිනා උණා....
"කොච්චර දෙයක්ද සර් එහෙම කිව්ව එක ඔයා යන්න... එයා හරි හොඳයි.."
"ගෑනු ළමයින්ට හොඳ උණාට පිරිමි ළමයින්ට කොහොමද දන්නේ නෑ..."
"ඒත් හොඳයි..... සර්ගේ එකම පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා... එයා දවසක් කිව්වා, මගෙ පුතාව මම ඔය හැම දරුවෙක්ගෙන්ම දකිනවා... ඒකයි මෙහෙම උගන්නන්නේ කියලා..... ගිය අවුරුද්දෙත් අයියා කෙනෙක්ට සර් කියලා දීලා උනන්දු කරවලා මේ පැත්තෙන් ඒලෙවල් හොදම රිසල්ට්ස් ගත්තා...." මේ කෙල්ලත් දන්න දේවල්. මොනා උණත් කෙල්ල හැපීනෙ මට එච්චර්යි.
"මම එහෙනම් මෙතනින් කැපෙන්නම්.....නැන්දා ආවොත් එහෙම නේද?"
"කුමාරි ඇන්ටි හන්දියට ගියා අක්කා එක්ක"
" ඩයිනමයිට් එකයි ඔයයි මමයි විතරද ඉන්නේ...?"
" ඔව් ඇයි?"
"අපි පොඩි වැඩක් කරමුද?" තාරකා අවුල් වෙලා මා දිහා බැලුවා.... ඒත් මේක තමයි ඒකට හොඳම වෙලාව
"අනේ බෑ කියන්න එපා..." මම එහෙම කියලා වටපිට බැලුවා... ඇත්තටම මෙයා බෑ කිව්වොත් වැඩේ ඔක්කොම අවුල් වෙනවා



Wednesday, October 6, 2010

75 කොටස



කොහෙද ඉතිං මම ගහපු රජ බේගල් වලට දැං ඉතිං ශෝටක් ගහගෙනවත් ගිහින් තාරකාගේ ටැප් එක වහන්නවත් බැහැනේ.... අනේ අම්මපා මේ කෙල්ලෝ නම් ඕනේ දේකට ටැප් එක ඇරගන්නවනේ.... උන්ට කොහෙද ටැප් එකෙන් තොර ලෝකයක්. ටික වෙලාවකින් එයාගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එතනට ආවා මම දැක්කා, ෂිඃ නොදකින් මට යාගන්න බෑනේ එතනට. අශාන් මගේ කරට අත දැම්මා.
" මැටිල්ඩා අඬනවා නේද බං.... ඕකිට ඔහොමමයි වෙන්න ඕනේ.... කොල්ලොන්ගේ බොක්කත් එක්ක සෙල්ලම් කරනවාට" අශාන්ගේ කතාවට මට නප්පියට තද උණා.ඒ කෙල්ල මොකද්ද කරපු වැරැද්ද... මමයි නපුරු. මට මෙතනට එනකොට වචනයක් හරි කියල එන්න තිබ්බා. මගෙත් ඔළුවේ තියෙන්නේ පුස්. මම ඒ කෙල්ලව කීපාරක් ඇඬෙව්වාද? අනිත් උන්ටනේ මම බලං යනකොට ආතල් දීලා තියෙන්නේ....
"මූ නම් මාර පොරක්නේ අශා.... මූ කෙල්ලව බිමටම පැස්සුවා නේ.... බලපං බං දැ හොටු පෙරාගෙන අඬනවා. කොහොමද හිටියේ.... හිතාගෙන හිටියේ ඩයනා කියලා" රොමේෂ් හරකත් මෙන්න අන්තිමට ෆන් එකක් ගන්නවා. මගේ හිතට දැනෙන්න ගත්තේ මිනියක් මරුවා වගේ වේදනවක්. මිනියක් කොහෙ මරන්නද. මිනිය කියන්නේ මැරිච්ච එකෙකුටනේ. දැං මම මොකද්ද කරන්නේ.....
"අන්න මචං සර් එනවා..... වාඩි වෙයං..." මම කටත් ඇරගෙන තාරකා දිහා බලං ඉන්නවා කියලා දැණුනේ අශාන් කාරයාගේ කතාවට. සර් ආවාම තාරකා ඇස් දෙක පිහගෙන ඔලුව ඉස්සුවා. මමත් එතනින් වාඩි උණා. අනේ කෙල්ලෙ එක පාරක් මගෙ දිහා බලන්න..... කොහෙද බලන්නෙම නෑ. මටත් අඬෙන්නයි යන්නේ.. බලපංකෝ බං මේ පැත්ත....
" ඔය පිටි පස්සෙ පේලියේ මැද ඉන්න එකා නැගිටිනවා...." පන්තිය පුරා දෝංකාර දුන්නා....මට නෙවෙයිනේ මම ගානකට ගත්තේ නෑ. තාරකාට කරපු දේට මට ඇත්තටම බූවල්ලකින් ගහගන්න ඕනේ.
"තෙනුර..... උඹට සර් කතා කරනවා" අශාන්ගේ කතාවෙන් මම සර් දිහා බැලුවා.... යකෝ සර්ගේ ඇස් දෙකන් ගින්දර පිට වෙනවා, අර දෙවනත් වෙන්න කතා කරලා තියෙන්නේ මටද කොහෙද? මම මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් පෙරලගෙන නැගිට්ටා.. අර යකා වගේ.. උත් එන්ටර් වෙන්නේ කොරහාට ගේම දීගෙනනේ...
" තමුසේ කොහෙද ඉන්නේ ? මේ ලෝකෙද?...." මම බිම බලා ගත්තා. වෙන මොනා කරන්නද? මම ඉන්න ලෝකේ මෙයාට කිව්වට මෙයා දන්නවෑ...
"උත්තර දෙනවා....."
"සර්... මේ මේ..." උත්තරයක් ඉතිං ඇත්තටම තියෙන්න එපෑ....
"උත්තර ඉතිං නෑනේ.... මෙතනට එනකොට එනවා එක එක ඒවා ඔලුවේ දාගන අන්තිමට විභාග ෆේල් උණාම හත්මුතු පරම්පරාවම දෙස් තියන්නේ අපිට..... " උත්තර නැති එක තේරුණ එක නම් ලොකු දෙයක්. අනික මෙයාව අපේ හත්මුතු පරම්පරාම මතක් කලත් මම නම් මතක් කරන්නේ නෑ.මම ඔලුව නම් ඉස්සුවේ නෑ
" තමුසෙලාගේ ඔය ලව් සික් එක තියා ගන්නවා පන්තියෙන් එළියෙදි... " හප්පා............ මේ මොනාද මෙයා කියන්නේ.......... චරිතේ කනවානේ... මම මෙහෙම හිටියාට හිරි ඔතප්පේ ඇරිලා නෑ තාම ......මම හිතලවත් නැති සීන් එකක්නේ මේ... 
" වාඩි වෙනවා දැං.... 2004 ගාන හදලා ගෙනත් පෙන්නනවා...." සර් මරණීය දඬුවම දුන්නා වගේ උනා. මම වාඩි උණා... සර් ආයෙමත් පරණ ගානක් ගැන කතා කරන්න පටන් ගත්තා. මම හිමින් තාරකා දිහා බැලුවා. එයා සර් දිහා බලාගෙන ඉන්නවා. එයාට ගානක් නෑ. කමක් නෑ ඔහොම යන්කෝ තාරකා....


පන්තිය ඉවර වෙන්න කලින් ගාන හදලා බැලන්ස් කරලා මම සර්ට දුන්නා... සර් මගේ දිහා බලලා හිනා උණා. පන්තිය ඉවර වෙලා එයාව හම්බ වෙන්න කිව්වා. ඒ පාර තව කඩේ යාමක්ද දන්නේ නෑ. පන්තිය ඉවර වෙලා අනිත් අය යනකන් ඉඳලා මම සර් හොයාගෙන ගියා. තාරකත් ගෙදර යන්න ඇති. එයාට මම ගැන ගානක් නැතුව ඇති. ඉතිං මම මොකට එයා ගැන හොයන්නද? අනික එයා මගේ කවුද? 
"සර්?" සර් මගේ පොත බල බලා හිටියේ. කණ්ණාඩි දෙකත් ගලවලා එයා මා දිහා බැලුවා
" මොකද අද උදේ උණේ...?"
"මොකුත් නෑ..." මම බිම බලා ගත්තා.
"ගානේ නම් වරදක් කියන්න නෑ..." මම යන්තං හිනා උණා. වෙන මොනා කියන්නද? මට මේවා හදන්න කියලා දුන්නේ තාරකා. එයාගේ පිහිටෙන් ගාන අවුලක් නැතුව හදා ගන්න පුළුවං උණා. කොල්ලා ඉතිං වැඩකට බැස්සොත් ඒක තිත්තට කරනවනේ. එකම දේ තියෙන්නේ හරියට වැඩකට නොබහින එක
"මම යන්නද සර්"
"නැහැ..... ඔහොම ඉන්න.... මොකද්ද නම?"
"තෙනුර"
"තාත්තා මොනාද කරන්නේ....?"
"තරුණ කටයුතු අමාත්‍යංශයේ වැඩ"
"කොළඹ?"
"ඔව්"
" ඔයාලා කෑගල්ලේ මොකද කරන්නේ?"
"මම විතරයි කෑගල්ලේ ඉන්නේ?" සර් කාරයා අප්සෙට් ගියා.....
"ඒ මොකද?" ඉතිං කතාව මෙයාට කියන්නද? 
"ළමයින්ට අම්මලා තාත්තාලා එපා උණාම මහළු මඩම් වල දානවානේ..... දෙමව්පියන්ට ළමයින්ව එපා උණාම දාන්න තැනක් නෑ.. එතකොට ගෙදරින් එළවලා දානවා යන තැනක යන්න කියලා" සර් ටික වෙලාවක් මා දිහා බලාගෙන හිටියා. 
"පුතා ප්‍රශ්නෙක නේද ඉන්නේ..?"
"ප්‍රශ්න නැත්තේ කාටද සර්..."
"ඔයාට ඕනේ ප්‍රශ්නයක් මට කියන්න...."
" එහෙම කියන්න තරම් ලොකු ප්‍රශනයක් නම් නෑ සර්... විභාගේ ගොඩ දාගත්තට පස්සේ රස්සාවක් හොයා ගත්තාම ඔක්කොම හරි" මම නිකමට කිව්වා.. එක දාගන්නත් ඕනේනේ....
"විභාගේ ගැන බය වෙන්න දෙයක් නෑ....මම ඒක පුතාව ඉහළින්ම ගොඩ දාල දෙන්නම්.... හවස හයෙන් පස්සේ අපේ ගෙදර පැත්තේ එන්න.... මට සල්ලි සතයක්වත් එපා......  " මේ මොකද්ද ඒ පාර පාත් වෙන හෙන ගෙඩිය.... මම අහිංසක උණා වැඩිද මන්දා.... දැං මම මොකද්ද දෙන උත්තරේ.... සර් බොක්කෙන්ම ඒ වචන ටික කියනකොට මම බෑ කියන්නද එළුවෙක් වගේ. මම ඔළුව වනලා දැම්මා.....
"මම යන්නද සර්..."  සර් මගේ පොත මට දුන්නා. මම ඒකත් අරං එතනින් එළියට ආවා. හත් ඉලව්වයි අර ඉන්නේ තාරකා නේද? ඈත පාරෙන් එකා පැත්තේ බස් ස්ටෑන්ඩ් එකේ හිටන් ඉන්නේ තාරකා තමයි. මම ටිකක් ඉක්මන් කරලා එයා ඉන්න පැත්තට ගියා. කතා කරන්න කලින් අර හෝතඹුවෝ ඉන්නවාද කියලා බැලුවා.
"ඇයි මේ පාරේ... ගෙදර යන්න තිබ්බනේ..." තාරකා මගෙ දිහා බැලුවා... තාම ඇස් රතුයි
"කුමාරි ඇන්ටි ප්‍රශ්න අහන්න ගත්තොත් එහෙම දෙන්න උත්තරයක් නැති නිසා මම හිටියා" අපි දෙන්නා හිමින්ම ඉස්සරහාට අවිදින්න පටන් ගත්තා.
"ඇයි අර උදේ ටැප් එක ඇරියේ..." හොඳටම දන්න උත්තරයක් මම ඉතිං මෙයාගෙ කටින්ම බලාපොරොත්තු වෙනවා.
" මාව රිද්දන්න හදනකොට මම ඉතිං රිදිලා කියලා පෙන්නන එපෑ..."
"ඔයා හිතන්නේ මම ඔයව රිද්දන්න හැදුවා කියලාද?"
"අපි ඕක කතා නොකර ඉමු තෙනුර.... " 
"හරි අපි වෙන දෙයක් කතා කරමු"
"නෑ අපි කතා නොකර ඉමු" තාරකාගෙ කතාවට මට ඇත්තටම කතා කර ගන්න බැරි උණා
" හැමදාටම?"
"ඔව් ඔයා ඒකට කැමතිනේ... ඔයාට කරදර අඩුයි"
"මේ පිස්සු කතා කියන්න එපා.... අපි දෙන්නගේ ලව් එකට මොකද වෙන්නේ....?"
"ඒකත් අදින් රඟපාලා ඉවර කරමු" මගෙ හඳුන්පොත හිට්ටා
" තාරකා... මම මගෙ ජීවිත කාලෙටම කාගෙන්වත් සමාව අරං නෑ.. ඒත්... ඔයාගෙ හිත රිද්දුවාට මට සමාවෙන්න.... මම ඒක හිතලා කලේ නෑ" අම්මාට සිරි මට නිකං වචන ගලාගෙන එනවානේ වික්ටෝරියා ඩෑම් එක අරියා වගේ....තාරකා මොකුත් කිව්වේ නෑ... මෙයා ගෙදර ගිහින් ඇත්තම නැන්දාට කියයිද? මම වගේ නපුරු හරකෙක් අම්මපා... මම දැං මොකදද කරන්නේ....?





Sunday, October 3, 2010

74 කොටස


බුවාගේ කෝල් එකෙන් පස්සේ මම හිටියේ මනෝ එක්ක... මට පොඩි කාලේ ඉඳලා එක ගැම්මට හොයන්න ගත්ත දේ හොයන්න ඕනේ..නැත්තම් කලිසම නැතුව බැනියම විතරක් ඇඳං ගියා වගේ....
"ඔයා දැං ඉන්නෙ මේ සිහියේ නෙවෙයි නේද තෙනුර" මම උඩ ගියා... හප්පා.. මම මෙ ඉන්නේ පාඩම් කරන්න ඇවිල්ලනේ... මනෝ එක්ක සෙට් උණාම ඔක්කොම මතක නැති වෙනවා.
"නෑ නෑ ඔය සිහියේ  තමයි.... "
"මොන සිහියේද?" තාරකා හරියට පැන්ෂන් ගියා අබ්බගාත් නෝනා කෙනෙක් වගේ....
"ඔයා බදුල්ල පැත්ත දන්නවාද?"
"අනේ මම කොහොමද දන්නේ...?"
"බදුල්ල ගැන අහලාවත් නැද්ද?" මම පොත වහලා තාරකා දිහා බැලුවා....
"හ්ම්ම්ම්.... අර අපේ ක්ලාස් එකෙ ඉන්න  රොමේෂ්ගේ තාත්තාගේ බිස්නස් තියෙන්නේ බදුල්ලේ කියලා නම් දන්නවා.... තව එයාගේ මාමා එහෙ පොලිසියේ ලොක්කෙක් ලු... ඌ එදා මට ඇහෙන්න මහා හයියෙන් කිව්වා.. ඇයි?"
ඒකත් එහෙමද?" මම පොඩ්ඩක් කිඩ්නියට තට්ටුවක් දාල බැලුවා...ඔය හම්බ උණේ පත ලණුවක් එල්ලිලා උඩටම යන්න. රොමේෂ් කාරයාව ශේප් කර ගත්තානම් මට බදුල්ලට ගිහින් වැඩේ කරන එකේ ගේමක් නෑ. ඒත් පොර මාත් එක්ක නප්පියට තද වෙලා ඇත්තේ... පහුගිය දවස් ටිකේ තාරකාව මගේ ලඟින් වාඩි කර ගත්ත නිසා.... කමක් නෑ පොර ශේප් කර ගන්න එක එච්චර අවුලක් නෑ.... මගේ අතේ හැන්ද තියෙන්නේ... සලාක ක්‍රමේට මට ඔන්න ඔහෙ බෙදලා දාන්න පුළුවන්නේ...


පහුවදා අපි දෙන්නා ක්ලාස් එකට යන්න පිටත් උණා...., තාරකා මගේ පොත් ටිකත් එයාගේ පන් මලට දාගත්ත නිසා කොල්ලාට යන්න තිබ්බේ අත් දෙක වන වනා කුරුල්ලා වගේ...
"මේ ඇක්ටින් එකත් නරකම නෑ නේද තාරකා..."
"මොන ඇක්ටින් එකද?"ඔය බලන්න මේ ආච්චි අම්මාට ඒක මතක නෑ. දැං මම ඊයේ ඉදං කරන්නේ සුළුපටු ඇක්ටින් එකක්ද?
" ලස්සනම වැඩේ කියන්නේ නිළිය දන්නේ නෑ දැං ඇක්ටින් කරන්නේ බල්ලාගේ චරිතෙද බූරුවාගේ චරිතෙද කියලා.... ගෙදරදි ඇක්ට් කලාට කමක් නෑ දැං බබාට ඇක්ට් කරන එක නැවත්තුවා නම් එළ"
"හරි හරි..... එහෙනම් මේකෙ පොත් ටික ගන්න අතට" තාරකාට තද උණා.... තද උණාම තියන සිරියාව... හරියට සෝමාලියාව වගේ
"හපොයි..... මෙයාට යන චීනපටස්... තව ටිකක් ගෙනිහින් දෙනවාකො... ඔයාව බොරුවට ලව් කරලා මම කන්නෙ සුළුපටු කට්ටක්ද ඕයි?" තාරකා බෑග් එක වහලා මගේ දිහා බැලුවා... මූණ කලූවෙලා තියනවා දැක්කා... ඒ පාර මොකද්ද 
" මම ගැන වද වෙන්න ඕනෙ නෑ ඔයා... ඔයාට කරදරයක් වෙන්න මට ඕනේ නෑ.... මම අද ගිහින් කුමාරි ඇන්ටිට කියන්නම් අපි මෙච්චර කල් කලේ බොරුවක් කියලා" ඔය ඉතිං කෙල්ලො හිතන්නේම කිව්ව දේ නෙවෙයි ඒකෙ අනිත් පැත්තමයි.... ආසවකට කියන්න උත්සහා කරපු එක තේරුම් ගත්තානම්....
" පිස්සුද තාරකා....මම විහිළුවක් කලේ.... නැන්දා දැන ගත්තොත් අපේ බොරුව.... මටත් මේ ගෙදර ඉන්න නෙවෙයි"
"දැං ඔයාට තියන එකම බය බොරුව එළි වෙයි කියලානේ...?" දැං මගෙත් රතු ලයිට් එක පත්තු වෙනවා... ඇයි යකෝ කියන දෙයක් තේරෙන්නේ නෑනේ... මම මොකුත් නොකියා ඉස්සරහාට ගියා...
"තෙනුර..............." පිටිපස්සෙන් කෑගහන්න ගත්තා.... මම හැරෙන්නෙ නැතුව ඉස්සරහාට ගියා. මමත් අවිල්ලා මනුස්සයෙක්... නපුරු හිතක් තිබ්බට.... මම පන්තියට ගිහින් වටපිට බැලුවා. තාරකා මම ඉඳගෙන හිටිය තැනට ඇවිල්ලා ඉඳගෙන මගේ පොත් ටික දුන්නා... මම ඒ ටිකත් අරං නැගිට්ටා....
"තෙනුර.... මට මෙහෙම ලැජ්ජා කරන්න එපා..." මම තාරකා දිහා බලලා රොමේෂ්ලා හිටිය පැත්තට ගියා... තාරකා අසරණ වෙලා බලාගෙන හිටියා මම දැක්කා... දැං අර ආව යකා යන්න ගියා ඒත් තාරකා මේ රඟපෑම මම කරන්නෙත් ඔයා නිසාම තමයි.
" උඹ අද මොකද රජ මාළිඟාවෙන් බැහැලා..." අශාන් කාරයා මගෙ ලඟින් වාඩි උණා...
" මහා ඇනයක් බං" මම තාරකා දිහා බලලා කිව්වා... තාරකා මගෙ දිහා බලලා අහක බලා ගත්තා. රොමේෂ්ට හිනා ගියා... ඇත්තම කියනවා නම් මූ හිනා වෙන්නෙත් ලලනා ස්ටයිල් එකට
"එක පාරටම ඇනයක් උණේ...?"
"මේ රොමේෂ්... කෙල්ලොන්ට නිකන් දෙක වෙන්න ඕනේ නෑ බං.... මම වගේ හිටහන්... අරයා පස්සේ ගිහින් නිකන් පිරිමි පිටකොන්ද ගෑනු කරගන්නේ මොකටද?"
"මම යන ඇති පස්සක් නෑ..."
"නියමයි...." මටත් ඕනේ උණේ ඌව අන්න එතනට ගන්න....
"මේ මචං උඹ වරෙන්කෝ අපේ පිට්ටනිය පැත්තේ හවසට" අශාන් කාරයා සිරා ඉන්විටේෂන් එකක් දුන්නා... මටත් අතපය හිරි වැටිලා හිටියේ.. කොළඹ හිටියානම මෙලහාට කීපාරක් මීටර් හාරසීය අතපය විසිකර  කර දුවලාද
"එලනේ බං මම එන්නම්...."
"උඹ... මොනාද සෙල්ලම් කරන්න දන්නේ...?"නොදකිං හෝතඹුවා අහපු ලස්සන විතරක්. මූ හිතන්නේ මම දන්නේ ටිං කඩන්න..., ඔට්ටු දුවන්න, කාවඩි නටන්න එහෙම කියලා වෙන්න ඇති
"කියන ඕනෙ සෙල්ලමක් දන්නවා බං" අශාන් හිනා උණා... මූ අරයා පස්සෙන් වැටිලා ඉන්නකොට අපි හිතුවෙ උඹ නිකන් කෝම්පිට්ටු ස්ටයිල් එකේ බුවෙක් කියලා...". නෝණ්ඩිනේ සහෝදරයා.... කතාවට ඇගේ මයිල් බෝල්රූම් නටනවා.
"කබඩියක් අලමුද මොකද කියන්නේ හවසට?" මම ඉතිං වැඩ පෙන්නන්නත් ඕනේ නේ දැං..."
"හරි අල්ලමු.... " රොමේෂ් කතාවට හවුල් උණා... මූව ෂේප් කර ගත්තොත් මගේ වැඩ ගොඩාක් ලේසි වෙනවා
"මචං..... සෙල්ලම් වගේම මට මාර ආසයි පොඩ්ඩක් දුරක ගිහින් ෆන් එකක් එහෙම දාල එන්න... හරි හමන් ගැන්සියක් නෑනේ වැඩේට... " මට ඕනෙ උණේ නොකියා කියන්න
" උඹ ඉතිං අපිට කොකා පෙන්නන්න ගත්තානේ අරයා එක්ක එකතු වෙලා...., නැත්නම් නිවාඩුව අල්ලලා අපි කට්ටියම රොමේෂ්ලාගේ ගෙදර ගිහින් ආවේ..."
"රොමේෂ්ලෑ ගෙදර ඒ තරම් ෆන්ද බං"
"ගෙදර ෆන් එකක් නෙවෙයි මචං.... මූන්ගේ ගෙවල් බදුල්ලේ දුන්හිඳට කෙට්ටු කරලා... ඒත් ෆන් එකේ උපරිම ගියාම" අශාන්ගේ කතාවෙන් මට සීන් එක තවත් ඔප්පු වෙලා ගියා..... ඒ කියන්නේ බදුල්ල ගැන දැන ගන්න නම් මෙන්න බුවා... හරි
"බදුල්ලේ නම් ගෙවල් මූ මෙහෙ මොනාද කරන්නේ බං"
"ඉස්කෝලේ යන්න මෙහෙ අංකල් කෙනෙක් ලඟ නැවතිලා ඉන්නේ නේ ද මචං... අංකලුත් ආයේ අහලා ජොලි පොර" 
"රොමේෂ් දවසක මාවත් ගෙනියපංකෝ බං එහෙ...?"
"ආයේ අහලා සෙනසුරාදාවක් අල්ලලා ගිහින් එමු" රොමේෂ් ගෑනු වොයිස් එකෙන් කියලා දැම්මා....
මයියෝ..... පොටක් අහුවේගෙනයි එන්නේ බලමුකෝ සීන් එක... මම ආයේත් නිකමට තාරකා දිහා බැලුවා... එයා හිටියේ ඩෙස් එකට ඔළුව ගහගෙන කවදාවත් නැතුව.... හත් ඉල්ලව්වට ගහපු කලාබරේ කිව්වාලු මේ කෙල්ල අඬනවා වත්ද?