පිටුව

Thursday, September 30, 2010

73 කොටස


හැම කළු වළාකුලක්ම වටේ රිදී රේකාවක්ලු... මම ඕක හොයන්න කියලා මොන තරම් දැඟලුවද? කොහෙද කවදාවත් මට කළු වළාකුලක් හම්බ උණායෑ... තාමත් හොයනවා... අපේ නිදන් හොරු දන්නවානම් එහෙම කළු වළාකුලු තියන තැන මෙලහාට ඒවත් මංකොල්ලා කලා රිදී හොයන්න... අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ සමරනායත් කරන්නේ.... මගේ හිතට මෙහෙම අදහසක් එන්න ගත්තේ හීනෙන් වගේ.... සමරනායකයාගේ ගෙදර වැඩ කරපු ගෑනිව හිර කරන්න තරම් ලොකු රහසක් ඒ ගෑනි දැනගෙන ඉන්න ඕනේ ඒ කියන්නේ තාරකාගේ තාත්තාව ස්වර්ගෙට යවන්න සමරනායකයාත් සම්බන්දයි....  
"පොඩි අයියේ ඇහැරෙනවාකෝ..." ඩයිනමයිට් එක කතා කරනවා
"මොකද වදේ.... " මම ගිහින් දොර ඇරියා
" තාරකා අක්කා පඩම් කරනවාලු ඔයාටත් එන්න කිව්වා...."
"පාඩම්..." මම හීනෙකින්වත් කරන්න හිතන දෙයක්ද ඒක
" එයාට කරගන්න කියනවා අයිසේ..." මම කාමරේ දොර වහලා ආයේ ඇඳට ආවා... එයා මාර ඩයල් එකක්නෙ එයා පාඩම් කරනවා කියලා මටත් පාඩම් කරන්නලු.... මම නම් කරයි පාඩම්... ආයෙත් දොරට තට්ටුවක්... මේක මාර ඇනයක් උණානේ.... මම මල ටිකක් ආවේශ කරගෙන දොර ඇරියා... තාරකා දොර ලඟ. ආවේශෙ වාශ්ප උණා...
"පාඩම් කරමු"
"මේ වෙලාවේ මොන පාඩම්ද සිරිපාල... තමුසේ කරනවා " 
"මට බෑ තනියම කරන්න... ඔයත් එන්නකෝ..." ඈ යකෝ මොන රටේද ජෝඩු දාලා විභාගේ දාගත්තේ...
"ඒක හරි වැඩක්නේ..... මීට කලින් පාඩම් කලේ මාත් එක්කද" පාඩම් කරනවා කියලා ඔය පොතක් දිහා බලාගෙන නිදාගන්න බැරියෑ... බැරිවෙලා හරි ප්‍රශ්නයක් ඇහුවොත් කියාගන්න දෙයක් නැති වෙනවානේ... ඒක කචල්
" දැං වෙනස්නේ... කුමාරි ඇන්ටි අහනවා ඔයාට අඬගහගන්නේ නැද්ද කියලා"
"ඒ මොකටද හේනක් කොටන්නද"
"නැහැ අනේ අපේ රඟපෑම..." හත් ඉලව්වයි... එහෙම එකකුත් තියනවානේ අප්පා... චාටර් අයියෝ... දැං ඒ කියන්නේ අද ඉදං සත්‍ය ප්‍රේමයේ ඇක්ටින් සමයම වෙනුවෙන් පාන්දර නැගිටලා පාඩම් කරපල්ලාකෝ, මම ඔහොමමයි... සෙල්ලම කරලා නාගත්තමයි අහන්නේ තරඟ කොන්දේසි මොනාද කියලා...
"ඉතිං ඒකේ හැටියට එකට පාඩම් කරන්නත් ඕනෙද?" මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අප්පා
තාරකා හිනා උණා... එයාට මල් හිනා මට තමයි අමු පරිප්පු..
"අපි දෙන්නා එකට ගැවසෙනකොට හොඳයිනේ තෙනුර"
" අපි දෙන්නාට එකට ගැවසෙන්න මීට වඩා හොඳ තැනක් වෙලාවක් කලාවක් ඇත්තෙම නැද්ද?" තාරකා ටිකක් අප්සෙට් ගිහින් ආපහු හැරුණා...
" ඉතිං මූණ එල්ල ගත්තේ...?"තාරකා මගේ දිහා බැලුවා
"අනේ නෑ.... ඒත් මම ආසයි ඔයාත් කැම්පස් එනවානම්" එහෙම කියාගෙන තාරකා යන්න ගියා..... මම ටිකක් කල්පනා කලා... මේක මාර ඇම්මක් තමයි.... මොනා හරි උණාම පව් කියලාමනේ හිතෙන්නේ.... කවදාහරි දවසක කාගෙන් හරි පින් අනුමෝදම් වෙනකොට තමයි සනීප වෙන්නේ.... ඔන්න ඔහෙ ඕනෙ එකක් කියලා මම මේසෙ උඩ තුනට හතරට නවලා තිබ්බ පොතත් අරගෙන සාලෙට ගියා.... තාරකා සාලේ මේසෙ උඩ පාඩම් කරනවා.... කුස්සිය පැත්තෙන් පිරිත් ඇහෙනවා.... ඩයිනමයිට් එක කාමරේ එෆ් එම් එකක් දාගෙන සිංදුවක් බෙරිහං දෙනවා.... ඉස්සරහා කාමරේ මැෂිම වැඩ කරනවා.... මාමාගේ විසිල් පාරකුත් ලාවට වගේ ඇහෙනවා..... ඇත්තම කියනවා නම් ඕව ඔක්කොම ඇහුණේ දැක්කේ අදම තමයි... අනිත් දවස් වලට මම නැගිටිනකොට මෙයාලා සීසීකඩ වෙලා.... මම ගිහින් තාරකා ලඟ වාඩි උණා... තාරකා මගේ දිහා බලලා හිනා උණා.. අර කම්බුලේ වල දැක්කාම නිදිමතට හෙන ගහලා ගියා.... 
" මොනාද පාඩම් කරන්නේ....?"
"අපි ගානක් හදමුද?" මම ඔළුව වැනුවා.. හැබැයි ඇත්තම සීන් එක ගානේ වර්ගඵලයවත් මම දන්නේ නැති එක
"අපි 2003 පාස් පේපර් එකේ ගාන හදමු"
"තාරකා.. ඔයා හදන්න මම ඒක බලාගෙන හදන්නම්" වැඩිය නෝණ්ඩි නැතුව ශේප් එකේ කියලා දැම්මා...
"ඔයාට තේරෙන්නේ නැද්ද?" මම විලි ලැජ්ජාව උගස් තියලා ආවා වගේ ඔළුව වැණුවා
"මම කියලා දෙන්නම්..... " මම හිතුවාට වඩා තාරකා ටිකක් වෙනස්... මම ඇත්තටම හිතුවේ මම වගේ ඇට ගෙම්බෙක්ට අවුරුදු දෙකකටත් ලං වෙනකන් ඉගෙන ගත්ත ඒවා දන්නේ නෑ කිව්වම හිනා වෙයි කියලා.. ඒත් චූටි ටීචර් කෙනෙක් වගේ මට එයා කියලා දෙනවා.. එයාට ඇත්තටම ඕනේ මම කැම්පස් යනවා බලන්න මම හිතන්නේ.... ඔන්න ඔහෙ හොඳට අහගෙන ඉඳලා නෝණ්ඩි නැතුව ඊට පස්සෙ ගාන හදනවා.... 


මම හිතුවාට වඩා ලස්සනට මට ගාන හදාගන්න පුලූවන් උණා... දවල් වෙනකන්ම අපි පාඩම් කලා.... යකෝ එකක් පුළුවන් උණා කියන්නේ අනිත් ඒවත් කිරි ටොයියානේ.... එළ එළ... මම හිතන්න කලින් ගනන් ටික හැදෙනවා.... ටෙලිෆෝන් එක ගන්ටාරේ වගේ වදන්න පටන් ගත්තා.. තාරකා ගිහින් හලෝ පාරක් දැම්මා.
"තෙනුර ඔයාට කෝල්?" තාරකා ෆෝන් එක මට දික් කලා.... මම එතනට ගිහින් හලෝ පාරක් දැම්මා
"හලෝ..."
"මයියා... අරංචියක්" එහා පැත්තෙන් කතා කරන්නේ බුවාද කොහෙද?
"මොකදද බං"
"එදා උඹලෑ ගෙදර ආව අර පිට සක්වල පොර"
"ඉතිං?"
"ඌ සමරනායක නෙවෙයි බං"
"එහෙනම් කවුද?"
" ඒ ඇමතියාගේ ලේඛම්ලු"
" ඌ මොනාද ඒ රෑ තාත්තා එක්ක කලේ..."
"ඒක නම් දන්නේ නෑ බං... අර අපිව අරං ආව මාතලී අයියා කිව්ව විදියට ලේඛම් කාරයා එහෙට ඇවිල්ලා තියෙන්නේ අර ගෑනිව අරං යන්න"
"මොකා... ඒ මොකටද බං ඒ?"
"ඒක දන්නේ උඹේ තාත්තා තමයි.... මොනා උණත් ඔය ගෑනි ඇවිල්ලා සෑහෙන කට්ටියක් පස්සෙ පන්නන එකියක්"
"හ්ම්ම්ම්ම්...." මටත් ඒක නම් තේරෙනවා
"තව එකක්..... ලිහිණි නම් කිසි අවුලක නෑ.. හැබැයි ලිහිණිගේ තාත්තා නම් මේ සැරේ ඡන්දේට ඉල්ලනවා කියලා මෙහෙ හැමතැනම පෝස්ටර් ගහලා නම් තියනවා..."
"ලිහිණි ගැන බලාගනින් බුවා..."
"හරි හරි මම තිතට ඒක කරන්නම්... උඹ අර ගෑනිව හොයා ගන්න බලපං"
"කොහෙන් හොයන්නද බං..."
"ගෑනිගේ ගම බදුල්ලේ.... පොඩි රබර් ඇහැක් දාල බලපං..."
"හරි..." බුවා ෆෝන් එක තිබ්බා.... මම ටිකක් කල්පනා කලා... ඇමතියා ඇයි ඒ ගෑනිව හොයන්නේ..? ඒකත් ප්‍රශ්නයක්නේ... මේවා කොහෙන් පැටලුම ලිහිලා ඉවර වෙයිද මන්දා....

Wednesday, September 29, 2010

72 කොටස


" සුමනා ගැන ඔයා කොහොමද දන්නේ...?" ඇයි අප්පා මම ඒක දැන ගන්නම ඕනෙනේ... ඒ බවලතාව බේරගන්න ගිහින් මට ගෙදර වීසාත් නැති වෙලා තියෙන්නේ.... දැං බලාගෙන යනකොට මම විදලා තියෙන්නෙම පඳුරටනේ.... 
"ලොකු විස්තරයක් නම් මම දන්නේ නෑ.....හැබැයි අත්තම්මා සුමනාගේ නමත් කිව්වා... ඉස්සර ඉඳං අම්මාට කන්න කැමති දේවල් එහෙම හදාගෙන ආවලු, සමරනායක අංකල්ලෑ ගෙදර වැඩට ඉන්න කෙනා කියලත් කිව්වා" ඒ කියන්නේ සුමනත් සීන් එකට ගොඩාක් සම්බන්ඳයි.... පොතේ හැරියට ෂුවර් එකටම සුමනා ගොඩාක් දේවල් මේ සිද්ධිය ගැන දන්නවා ඇති. අපරාදේ මටත් ඉතිං කටට ගත්ත බුල්ටෝ හපාගන්න බැරි උණානේ.... කොහෙද තාත්තා කොහෙද ඉදං පාත් වෙලා හුලං විස්කෝතුවක් දැම්මානේ....
"ඒකත් එහෙමද?, හැබැයි තාරකා මට පොඩි සැකයකුත් තියනවා...."
" ඒ මොකද්ද?"
"එයා ඔයාට කෝල් කලේ ඔයා කන්න කැමති මොනාද කියලා අහන්නද දන්නේ නෑ" තාරකා හිනා වෙන්න ගත්තා....
"වෙන්න පුළුවං..." ඒත් එක්කම ඩයිනමයිට් එක කඩාගෙන අපි හිටපු තැනට පත්තු උණා....
" ඔය දෙන්නාට කන්න එන්න කිව්වා...." බුදු අම්මෝ ඩයිනමයිට් එකේ කෙල බේරෙනවා....  තාරකා හිනා වෙවී ගිහින් ඩයිනමයිට් එකේ අත අල්ල ගත්තා....
"බලන්න එපෑ අද තාරකාගේ මූනේ තියන එළිය.... පහුගිය දවස් වල පොඩි අයියේ කොයි වෙලාවේ බැලුවත් මෙයා හිටියේ අහස දිහා බලාගෙන හූල්ල හූල්ල...." තාරකා මගෙ දිහා බලලා හිනා උණා මිසක් මොකුත් කිව්වේ නෑ..... මටත් ඕං හිතන්න ප්‍රශ්නයක් ආවා... තාරකා හීල්ලුවේ ඇයි? ඕකට උත්තරේ මම නැති නිසා කියනවා නම් එක වැරදි.... මම ඔන්න ඔහේ නැගිට්ටා.... 
"පොඩි අයියා ආවේ ගෙදරින් තරහා වෙලා නේද?" ඩයිනමයිට් එක ආයේත් මගෙන් ඇහුවා.
"තරහක් එහෙම උණේ නෑ..... එයලා මට යන්න කිව්වා... මම ආවා.... ඔයාලත් මට යන්න කිව්වොත් මම යනවා... ඒකෙ ගින්දරක් නෑ..." තාරකා හැරිලා මා දිහා බැලුවෙ දුකෙන්...... දුක් වෙන්න එපා බබා... මෙයාලා මට යන්න කියන්නේ නෑ...
"අපේ අම්මා මට යන්න කිව්වත් පොඩි අයියාට නම් යන්න කියන්නේ නෑ... ඒකනම් ෂුවර්... තාරකා දන්නවාද අපේ අම්මා පොඩි අයියාව ඉල්ලලා තියනවා හදා ගන්න... මෙයා පොඩි කාලේ.... නැන්දා බෑ කියලා" යකෝ මම ඔච්චර හිටියා මම දන්නේ නෑනේ ඔය බවක්. මරුවට තියෙයි මම පොඩි කාලේ ඉදං මේ මූකලානේ හිටයනම්. අන්තිමට ටාසන් පැටියෙක් වෙලා තමයි නවතින්නේ.... 
"පූරුවේ පිනකට තමයි අපේ අම්මා බේරිලා තියෙන්නේ..." ඩයිනමයිට් එක කන ගැලවිලා යන නෝණ්ඩියක් කලා 
"ඔව් ඔව් ඒ පිං වැඩි වෙලා තමයි නන්දාට තමුසේ වගේ ඩයිනමයිට් එකක් හම්බ උනේ.... අහල ගම් හතම....  කන් වල ඇඟිලි ගහගන්නවානේ තමුසේ කට ඇරියාම" මගේ කතාවට තාරකා හයියෙන්ම හිනා උණා... ඩයිනමයිට් එක ගස්සලා දාලා පොඩ්ඩක් ඉස්සර උණා...
"තමුසේ හැමදාම මට නෝණ්ඩියක් දාන්න ඇවිල්ලා අම්බානකට බයිට් වෙලා යනවානේ" මම ගලක් අහුලලා ටර්ගට් කලා
" හරි හරි අපෙනුත් වැඩක් තියෙයිනේ... එතකොට අපිත් ඕවට සලකන්නම්කෝ" ඩයිනමයිට් එක හිනා වෙලා ගේ පැත්තට දිව්වා...
" තෙනුර.... පව් අනේ එය හොඳයි හිත රිද්දන්න එපා..." මෙන්න මෙයා මම සික්කාපදං සමාදියාමි කරනවා... මේ මේ මාව නම් වෙනසකට භාජනේ කරන්න කල් යයි නංගි... ඒත් යකෝ දැං මට ලව් සීන් එකක් රඟ පාන්න වෙලානේ... ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් උණාම හැලපයො වගේ කෙල්ල කියන හැම දේටම එහෙමයි කියන්න ඕනේද?
" ඇත්තම කිව්වොත් තාරකා කෙල්ලන්ගේ ශබ්ද කෝෂයේ එපා කියන වචනේ කී තැනක ලියවෙලා තියනවාද?"
"ඇයි?"
"නෑ.. මම නිකන් කියවලා කරලා තියන විදියට කෙල්ලෙක් සමහර වෙලාවට එපා කියන්නේ ඕනේ උණාම, තවත් වෙලාවට එපා කියන්නේ එපා උණාම. තවත් වෙලාවට එපා කියන්නේ කියන්න දෙයක් නැති උණාම... වැඩියෙන්ම එපා කියන්නේ... කොල්ලාව නිවාස අඩස්සියේ තියාගන්න ඕනේ උණාම..." තාරකා හිනා උණා....
"මට ඕවා තේරෙන්නේ නෑ... මම මීට කලින් කොල්ලෙක්ට කිසිම දේකට එපා කියල නෑනේ..."  තාරකා එහෙම කියලා අඩිය ඉක්මන් කරලා ගේ පැත්තට ගියා..... මම ටිකක් කල්පනා කලා... මගේ පඬි ටෝක් නිසා කෙල්ල අබ්ලික් උණා... මමත් අම්මපා කෙල්ලො සීයක් ආශ්‍රය කලා වගෙනේ මේවා දෙන්නේ... ඕවා මට කියලා දුන්නේ බුවා.. මම ගැහුවේ ෆොටෝ කොපියක්... එක අතකින් මටත් යමක් කමක් පුළුවං කියලා කෙල්ල දැනගත්ත එක හොඳයි. අනික මම ඔය එපා වචනෙට එච්චර කැමති එකෙක් නෙවෙයි. පොඩි කාලේ ඉදලා මම එපා කිව්ව හැමදේම කලා. ඒ පුරුද්ද තාම තියනවා. ඒවා වෙනස් වෙයිද මේ ලව් ඇක්ටින් එක නිසා...


දවල්ට කාල එහෙම ඇඳට වෙලා පොඩි කල්පනාවක් දාගෙන හිටියා.. දවසෙන් භාගයක්ම දොයිය බබා නිසා ආසවකටවත් ඇස් දෙක පියවෙන්නේ නෑ.... ටික වෙලාවක් යනකොට නැන්දා කාමරේට ආවේ කිරි පැණි දාපු කෝප්පයක් අරං
"පොඩි පුතා නිදි නෑ නේද?" මම දඩිබිඩි ගාලා නැගිට්ටා....
"මොන නිදි ද නැන්දේ... මිනිහෙකුට නිදාගන්න පුලුවන් සිමාවක් තියනවානේ..."
" ඒක හොඳයි.... මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ..."
" නැන්දාත් මට යන්න කියන්න එහෙම නෙවෙයි නේද ආවේ...?"
"මගේ කටින් නම් ඒක කියවෙන්නේ නෑ පුතේ... "
" එහෙනං..."
"අම්මා කෝල් එකක් දුන්නා..."
"ආ..... තාත්තා කරපු දේ ශේප් කරලා දාන්න වෙන්න ඇති" මම ගානකට ගත්තේ නෑ
" ගොඩාක් හිතේ අමාරුවෙන්ලු ඉන්නේ තාත්තා..."
"ඒ මොකටද?"
" පුතා...."
"හෝව් හෝව්... මේ නැන්දේ තාත්තයි මට යන්න කිව්වේ... මම කියනදේ අහලා ආවා... ඒකට එයා දුක් වෙන්න ඕනේ නෑනේ..."
" ඒ හැමදෙයක්ම කරන්නේ පුතා ගැන හිතලා"
"ඉස්සර මමත් හිතුවේ එහෙම තමයි.. ඊයේ එයාම කිව්ව එයා ඒ හැම දෙයක්ම කරන්නේ ගෙදර අනිත් දරුවෝ නිසා කියලා...."
"තාත්තා ගොඩාක් ඉවසන කෙනෙක් පුතේ.... වචනයක් හරි කතා කරන්න..."
" මම කාට හරි කරදරයක් කියලා දැන ගත්ත දවසට මම ඒ කෙනාට කරදරයක් නොවීම ඉන්නවා... "
"තාත්තාත් එක්ක එක වචනයක් කතා කරන්න"
" මට බෑ නැන්දේ..... මගේ තරහක් නෑ... ඒත් කලකිරීමක් තියනවා..." නැන්දා කියන්න හදපු දෙයක් ගිල ගත්තා මම දැක්කා.... 
"දවසක පුතාට ඒ කලකිරීම පසු තැවීමක් වෙයි"
"මම හිතන්නේ නෑ...." නැන්දා එතනින් යන්න ගියා.... එයා කතා කලේ හරි අමුතු ස්ටයිල් එකකින්.... අනේ මන්දා මට ඔක්කොම දෙනෙන්නේ අභිරහස් විදියට.... මොනා උණත් ජීවත් වෙන එකත් අභිරහසක්.... ඕක හොයා ගත්ත එකම කෙනත් දැං නිවන් දැකලා ඉවරයි.... මොනා උණත් අළුත් කතාවක් පටන් ගන්න තියනවා... අමුතු මෙව්වා එකක්තු තියනවා... විහිළුවට හරි ලව් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ අස්සේ සුමනාට කියලා කෑමක් එහෙම හදාගෙන... අර ලියුමක් ලියලා මාව පිස්සු වැට්ටුව සිරියාවතී ගැන හොයන්නත් ඕනේ.... කොළඹ අභිරහස් ඔක්කොම දාල මෙහෙ ඇවිල්ලා මම මෙහෙ අභිරහස් කෙසේ වෙතත් මතක හිටින බයිට් එකක් නම් වෙනවා.. ඒක මට බුදු ෂුවර්.......

Tuesday, September 28, 2010

71 කොටස


වට පිට බලන ගමන් මම හෙමින්ම වත්ත පහළට පා උනා. මොනා උණත් මේක ඇවිල්ලා මරණ දඬවමක් වගේ වැඩක්. තාරකා සියඹලා ගහ යටට වෙලා පොතක් බලනවා... දකිනකොටත් ආස හිතුණා... ඒත් එහෙම කියලා නැන්දලා එක එක ඒවා හිතන්න ඕනෙ නෑනෙ...මම වැටිලා තිබ්බ සියඹලා ගැටේකින් පොඩි ටාගට් ශොට් එකක් දැම්මා... තාරකා රවාගෙන මගෙ දිහා බැලුවා. රැව්වත් කම්බුල් වල ගැහෙනවාද මන්දා.... ටික වෙලාවකින් කට පුරෝලා හිනා උණා. ඕකනෙ කියන්නේ හඳුන්පොත හිටිනවා කියලා....
" මම හිතුවේ අද දවසෙම නිදාගෙන හෙට උදේටම ඇහැරෙයි කියලා..." තාරකා පොත වහලා හිටපු බංකුවෙන් පොඩ්ඩක් එහාට උණේ මටත් එතනින් වාඩි වෙන්න කියනවා වගේ. ඕවා ඉතිං ගෑනු මායම්. මම එතනට ගිහින් ඉඳගන්නේ නැතුව ටිකක් වෙලා තාරකා දිහා බලාගෙන හිටියා. කරන කියන ඔක්කොම අමතක වෙලා යනවා...
"තෙනුර.... පොඩි බඩ්ඩක් කියන්න තියනවා..." කෙල්ල ඇස් දෙකෙන් කතා කරලා බැරිම තැන කටින් කතා කලා. මරු සීන් එක මටත් දැං ඇස් වලින් කතා කරන ඒවා තේරෙන්න අරං අප්පා.... පව්නේ මම ගිහින් ලඟින් වාඩි උණා. කවුරු හරි දැක්කොත් නම් බඩුම තමයි සැකේ ඔප්පු වෙලා වෙන්දේසිත් වෙනවා... කමක් නෑ.... කියලත් හිතෙනවා. කොහොමත් ඔටුවා උණ එකේ මෙහෙම චාන්ස් එකක්වත් වැඩ කරන එක.
"මොකද්ද බඩ්ඩ...?"
" කුමාරි ඇන්ටිලාට මාව බරක් වේගෙන එනවා කියලා හිතෙනවා තෙනුර" මම කෙල්ල දිහා බැලුවා... එයා බිම බලාගෙනම ඉන්නවා. 
"නැන්දා ඔයාට මොනා හරි කිව්වද?" මට මාර දුක හිතුණා....මේ කෙල්ලට කවුරු ඉන්නවටද දුක කියන්න.
" නොකිව්වාට ඒක මට තේරෙනවා...." 
"මොනාද දැං තේරුණේ...?" මම ඇස් දෙකටම එඹිලා ඇහුවා......
"එයාලා මට මනමාලයෝ හොයනවා..." බුදු අම්මේ හිනාවක් ඛ්‍රේක් නැතුව ආවානේ....
"ඉතිං හොඳයිනේ..." මම එහෙම කිව්වේ නම් පැහැදීමකින් නෙවෙයි. ඒත් අර ආපු හිනාවෙන්ම කියලා දැම්මා. එතකොට එයාට වැඩේ මාට්ටු වෙන්නේ නෑනෙ.
"මම හිතුවා.... ඔයාටත් ඒක විහිළුවක් වෙයි කියලා..."
"විහිළු නෙවෙයි.... සිරාවටම තමයි හොඳයි කිව්වේ..."
" මමත් ආසයි කැම්පස් යන්න..." මට ආයෙ හිනා ආවා.
"ඉතිං කවුද එපා කිව්වේ..." තාරකා හිටපු තැනින් නැගිට්ටා
"ඔයා එනකන් මම හිටියා මගේ හිත කියන දේවල් කියන්න... බලාගෙන යනකොට ඔයාටත් මම විහිළුවක්"
" නෑ නෑ තාරකා... මම එහෙම කලේ ඔයා හිනස්සන්න....එනවාකෝ ඇවිල්ලා මෙතන වාඩි වෙනවකෝ..." මම කතා කරපු ගමන්ම තාරකා එතනට ආවේ නැතත් පස්සෙ ඇවිල්ලා එතනින් වාඩි උණා. ඇත්තටම මේකි පව් අප්පා.... එයා කාටත් වඩා අසරණයි. 
" අංකල් කොළඹින් යෝජනාවක් අරං ඇවිල්ලා මට"
"ආරංචියි... හැබැයි මම මාමා ගෙනාවා කියලා නම් දන්නේ නෑ"
" මට වඩා අවුරුදු පහළොවක් විතර වැඩිමල් මිනිහෙක්" මගේ ඇස් දෙක නළලෙ පදිංචි උණා. මාමාලාගේ කෙස් සුදු ඩයි වත් කරලාද දන්නේ නෑ
"ඉතිං ලොකූට කතා කරන්න තිබ්බනේ..."
"ලොකූට ඉස්සර කතා කරපු කෙනෙක්ලු... ඒත් එයා ලොකූට කැමති වෙලා නෑ..."
"ඔයාට කොහොමද කැමති වෙලා තියෙන්නේ..."
"අංකල් මගේ ෆොටෝ එකක් පෙන්නලාලු" මාර සීන් එකනේ.. හරිම අසාදාරණයි. 
" ඔයා අකමැතියි කියන්න...."තාරකා මගේ දිහා බැලුවේ මාර විදියට අවුල් වෙලා.....
"මම මෙහෙට බරක් වෙලා කියලා දැනගෙනත් මම කොහොමද එහෙම කියන්නේ.....මගේ අම්මා ලඟ ඉන්නවා වගේ මට කියන්න බෑනේ අකමැතියි කියලා"
"ඒක මාර කතාවක්නේ..... අර ලෙංචිනා වගේ තමුසේ හදන්නේ එක්ස්පයර් ඩයල් එකක් බැඳගන්නද?"
"මම වෙනුවෙන් කවුද ඉන්නේ තෙනුර කතා කරන්න..." මම පොඩ්ඩක් කල්පනා කලා..... නැන්දා දැං හිතාගෙන ඉන්න විදියටම හිටියොත් කිසිම අලාභයක් වෙන්නේ නෑ. මොකද නැන්දා ඕනෙ නම් තාත්තාට කියයි. මම ආයේ එහෙ යන්නේ නෑනේ.... අනික තාරකාගේ ප්‍රශ්නේ ඉවර වෙනවා.... එයාගේ ජීවිතේට එයා තීරණයක් ගන්න ඕනේ.... මට තව වෙන්න දෙයක් නෑ.... තාත්තා ගෙදරින් පල නොකියා පල කිව්වාට පස්සේ මට තව වෙන්න තියන දරුණුම දේ තම පණ කෙන්ද ගහගෙන යන එක. නිකම්ම ඕක යන්න නොදී මේ කෙල්ලට උදව්වක් කරලාම යන එක හොඳයි.
" මම යනවා තෙනුර...."මගේ පිට්ටු හිර උණ කට ඇරෙනෙකන් බලාගෙන ඉඳලා බැරි තැන තාරකා ආයෙත් නැගිට්ටා....
"ඔහොම ඉන්නවා... අපි ඔය සීන් එකට ප්ලෑන් එකක් ගහමුද?"
"ප්ලෑන්?" තාරකා මගේ දිහා බැලුවා...
"තමුසෙ හැසිරෙනවා අපි අතරෙ මොකක් හරි හුටපටයක් තියන විදියට" තාරකා ඇස් දෙකක් ලොකු කරගෙන මගෙ දිහා බැලුවා...
"එතකොට..."
"එතකොට තමුසෙට එයාලට බල කරන්න බෑනේ.... මොනා හරි අසාදරණයක් වෙනුවෙන් මට උණත් උපවාසයක් කරන්න පුළුවන්නේ.... තමුසේ හොඳට රඟපාන්නත් දන්නවානේ" තාරකා යන්තම් හිනා උණා
"ඒක ඔයාට අවුලක් වෙන්න පුලුවන් තෙනුර"
"මට කිසි අවුලක් නෑ... එකම දේ ඇනයක් වෙනවා... ඒත් ඔයාගේ කතන්දරේ ඊට වඩා ඇනයක්නේ..... මෙ දැං ඉඳලා රඟපෑම පටන් ගමු"
"මට රඟපාන්න දන්නේ නෑ" ඔන්න බබා වෙන්න යනවා... මටත් ඕව තේරෙන්නේ නෑ... කෝ ආසවකට රඟපෑමක්වත් මීට කලින් කරලා නෑනේ.. සිරාවට තියා. මෙයාටත් කියලා දෙන්න උණොත් වඩේ අම්බ කචල් වෙනවා. ඒත් අමාරුවක් වෙන එකකුත් නෑ. ඔලූවෙ කෙස් ගානට හින්දි කෑලි බලලා තියනවානේ....
"මේ මේ කිඩ්නිය පාවිච්චි කරලා රඟපානවා..... හින්දි කෑලි වල ගස් වටේ යන සිංදු අත ඇරලා ගත්තාම ඔය ඕනෙ තරම් තියෙන්නේ රඟපෑම් නම්..." තාරකා හයියෙන් හිනා උණා... ඔය ඉතින් මට ඔය හිනාව නිසා නම් හිනා වෙවී මැරෙන්න උණත් පුළුවන්. තාරකා ඔයා වෙනුවෙන් මම රඟපාන්න උණත් ලෑස්ති. ඒක නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. මැරෙන්න තප්පරේකට කලින් උණත් මම බොරුවට හරි තමුසෙට ලව් කලානේ කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔහොම යන්කෝ....
"ඔයා නම් ගිය ආත්මේ මගේ සහෝදරයෙක්ද කොහෙද තෙනුර..." තාරකා සන්තෝසෙන් කියාගෙන ගියා. මදෑ මේ කියන විදියට ගිය ආත්මෙත් ඔටුවෙක් වෙලා ඉඳලා තියෙන්නේ... අනේ සාධු.... ඔහොම ගිහින් සංසාරේ කෙටි වෙලා යන්නෙ නැතෑ...
" සමරනායක අංකල් ගැන මොනා හරි හොයා ගන්න පුළුවන් උණාද ඔයාට"
"නැහැ.... ඒත් සමරනායක නිසා තමයි මම මෙච්චර ඉක්මනට මෙහෙ ආවේ...?"
" ඒ ඇයි?"
" ඔයාට ඔයාගෙ තාත්තාගේ මරණෙ ගැන මොනාද කියනවා කිව්ව එක්කෙනා මම හිතන්නේ මම දන්නවා..."
"අනේ කවුද තෙනුර ඒ..."
" හරියට ෂුවර් නැතුව කියන්න බෑ... ඒත් මම අනුමාන කරන කෙනා එයානම් අපිට ලේසි වැඩේ ගොඩ දා ගන්න" තාරකා ආයෙත් ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා...
" කවුද කියන්න තෙනුර ඒ"
"සමරනායකගේ ගෙදර වැඩ කරපු ගෑනියක් මට මුණ ගැහුණා.... මට හිතෙනවා එයා තමයි ඔයාට කෝල් කරන්න ඇත්තේ....?"
"ඔයා කියන්නේ සුමනා ගැනද තෙනුර?" කිරි අප්පේ...... මෙයා කොහොමද එයා ගැන දන්නේ.....? මම කෙකරගාල බිත්තරේ දානකොට මෙන්න මෙයා ඒකෙන් ඕම්බලට් හදලත් ඉවරයි..... අනේ මන්දා මේවාට තමයි මට ගහගෙන තවත් ගහගන්න හිතෙන්නේ.....
.





Monday, September 27, 2010

70 කොටස


මොනා කරන්න බැරි උණත් පස්ස නොබලා දුවන්න නම් පුළුවං දෙයියන්ගේ පිහිටෙන්.... ඒත් හදිස්සියේම මම හිට්ටේ ගෙදර උන් මතක් වෙලා බුවා නම් තාමත් දුවනවා.
" බුවා.... උන් අපි පස්සේ පන්නන්නේ නෑ මචං... ඔහොම හිටහං" බුවා දිව්ව වේගෙට ඛ්‍රේක් එක ගහගත්තේ තවත් කිලෝ මීටරයක් විතර දුවලා. දිවත් එලියට දාගෙන හති දාන ගමන් බුවා මගේ ලඟට ආවා.
" එත් අපි මෙහෙම ආව එක හොදයි"
"මචං ගෙදර උන්...?" මගේ පපුව කඩාගෙන ගියා.... මොන ඔරොප්පුව තිබ්බත් ගෙදර උන් මතක් වෙනකොට නම් වාවගන්න බෑ. 
" මට ඒක එච්චර කිඩ්නියට දැනුනේ නෑ බං... උඹ කියනවා නම් අපි යූ ටර්න් එකක් දාල බලමුද?" මම ඔළුව වැනුවා මිසක් කතා කලේ නෑ. මම නිසා ගෙදර කාට හරි හීරීමක්වත් වෙලා තිබ්බොත් ඒක මට මාව මරනවාට වඩා අමාරුයි. අහක ඉන්න කෙල්ලෝ දෙන්නෙක් හින්දා මම කරන්නේ මගේ අහිංසක පවුලට හොන්ඩර ගානක වැරැද්දක්. වැඩි සද්ද බද්දයක් නැතුව අපි හිමින්ම ගේ පැත්තට ගෑටුවා... කළු පාට ජීප් එක අපේ ගෙදර මිදුලේ නවතලා තියනවා. එළියට වෙලා දැකලා පුරුදු ඩයල් එකක් ඉන්නවා. 
"ඕයි බුවා.... අර ඉන්න හෝතම්බුවා මට දැකලා පුරුදුයි බං" බුවාත් ආයේ නෑ රබර් ඇහැ පුළුවන් තරම ඇදලා විසි කරලා ගත්තා....
"මචං ඒ අපිව අර ගෑනි එක්ක උඹලෑ ගෙදරට අරං ආපු මාතලී..." ඇත්තම නේන්නම් මේ අපිට වැඩ පෙන්නලා වෙට්ටු දාල ගෙදරට ගැස්සුව ට්‍රයිෂෝ අයියානේ.....
"ඌ මොකද බං මෙහෙ කරන්නේ...?" අපි සරුවට පාර නොපෙනෙන්නම වැවිලා තිබ්බ හබරල පඳුරට මුවා උණා..... ගෙදර මොන මල ගෙයක් වෙලාද දන්නේ නෑ.... 
"මම හිතනේ ඌව අල්ලගෙන අපි ගෑනිව අරන් ආව පොට් එක හොයගෙන මෙහෙ එන්න ඇත්තේ...?" බුවාගෙ කතාව හරි එහෙම තමයි වෙන්න ඇත්තේ... ගේ ඇතුලේ මොන මොන දේවල් වෙනවාද දන්නේ නෑ. මට කඩාගෙන ඇතුලට යන්න හිතුණට මෙතනින් එහා හෙල්ලෙන්නවත් ගටක් නෑ. නොදකිං යකෝ මගෙ පිරිමකම.
" අන්න බලපං කවුද එළියට බහිනවා....." කවුද බඩ තඩි කොට කැත බුවෙක් ගෙදරින් එළියට ආවා. 
" බුවා ඔය සමරනයකයද දන්නේ නෑ..." මම එතනින් ඒ පැත්තට යන්න හදනකොටම බුවා මාව ඇදලා අරගත්තා.... ඒත් එක්කම තාත්තාත් ඒ පොර පිටිපස්සෙන්ම වාහනේ ලඟට ආවා. මොකක් නමුත් මොකක් හරි ලොකු දෙයක් වෙලා තියනවා. අඩුම ගානේ තාත්තාට තගක් දාන්න ඇති මාව ගෙනල්ලා ඌට භාර දෙන්න කියලා....මෙන්න බොලේ අර කාලකණ්ණියාට නගින්න තාත්තා දොරත් ඇරලා දුන්නා. මට දකිනකොටත් හිරිකිතයි.... චිකේ මට හරියට අරූගේ මූණ නොපෙනෙන හැටි. අර මාතලීත් දොළහකට විතර නැවිලා ගැරඬියා වගේ අර කළු වාහනේට රිංග ගත්තා.
"මයියා මොකද්ද බං ඒ සීන් එක...." මාවත් කලකිරිලා ගියා
"මටත් සිරාවටම කලකිරෙනවා බං..." ඒත් එක්කම අර කැබ් එක අපිව පාස් කරගෙන ගියෙත් අර ආව වේගෙන්ම තමයි
"උඹලෑ තාත්තාත් මේ ගේම් වලට සම්බන්ද ද බං"
"මම දන්නේ නෑ.... මම යන්න ගිය ගමන යනවා මචං.... " මම ඔළුවත් අල්ලගෙන ආපහු හැරුණා.....
"උඹ අමාරුවෙන් ඉන්නේ මයියා..."
"මට අමාරු නෑ... අපි යමු" මම ඉස්සර උණා..... මේ හැම දෙයක්ම මට එපා වෙලා ගියා. මමවත් බුවාත් ගොඩාක් වෙලා යනකන් කතා කලේ නෑ. නුවර ඉන්ටර්සිටියට නැගලා මම බුවා දිහා බැලුවා... වෙලාව හතරටත් ලඟයි.
"උඹ ලඟ සල්ලි කීයක් හරි තියනවා නේද මචං" මගේ ලඟ සත පහක් නෑ..... බුවා ලඟ කීයක් හරි තිබ්බොත් වාසනාවක්
"උඹලෑ තාත්තා රුපියල් තුන් දාහක් මගේ අතේ එව්වා උඹට දෙන්න කියලා..." බුවා සාක්කුවෙන් අරගෙන සල්ලි මට දික් කලා
"මට ඔය සල්ලි ඔනේ නෑ"
"එහෙම කියලා කෑගල්ලට යාගන්න බෑනේ බං.... දැනට ගනින්... පස්සෙ රිටර්න් කරපං" බුවාගේ කතාව ඇත්ත... කෑගල්ලට යන්න නම් සල්ලි ඕනේ.. ඒ උලව් සල්ලි ටික ඇරෙන්න මගේ අතේ පිච්චියක් නෑ.


අපි කෑගල්ලෙන් බැහලා නැන්දලෑ ගෙදරට එනකොට පාන්දර 6ට විතර ඇති.... ගේ ඇතුලෙන් පිරිත් සද්දයක් ඇහෙනවා. මම හිමින්ම දොරට තට්ටු කලා... බුවාත් වට පිටේ බැලුවා මිසක් මොකුත් කිව්වේ නෑ.... රෑ තිස්සෙ හරි හමන් නින්දක් නැති නිසා ඔළුවට පොල්ලකින් සංග්‍රහ කරලා වගේ.... දොරේ එක පළුවක් ඇරුණා. 
"තෙනුර...." තාරකා ඇස් දෙක එලියට දාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා....
"හරි මහන්සියි තාරකා... මම මොකුත් අහන්න කලින් මගෙ ඇඳට ඇවිදගෙන ගියා..... බුවා නම් කාමරේටවත් එන්නේ නැතුව සාලේ සැටියේ දොයිය බබා උනා. මම කාමරේට ගිහින් ආයෙත් හැරුණා...මට හිතුනේ වැරදිලා මම ඩයිනමයිට් එකේ කාමරේට ඇවිල්ලා කියලා. තාරකා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා........ ඒ බලලා මේ බලන්න කලින් කාමරේ අස්සට ගියා...
"මම ඔයාට ටක් ගාලා අස් කරලා දෙන්නම්...." තාරකා කාමරේ තිබ්බ එක එක ගෑනු බඩු පොදිය අරගෙන මගෙ ලඟට ආවා.... මම ඇවිල්ල තියෙන්නෙ හරි කාමරෙට.. මම නැති  අතරේ තාරකා මේක පාවිච්චි කරන්න ඇති මට ඒක ගොනාට වගේ තේරුණා....

මම ඇඳට ගිහින් ඇල උණා... කොට්ටේ පුරාම දැනෙන්නේ සුවඳ... ඇයි හත්දෙයියනේ අර බස් එකෙන් බැහලා එනකන් තිබ්බ මාරාන්තික නිදි මතට මොකද උණේ..... මේ සුවඳ එක්ක මොන නිදිද....? මම තවත් අර කොට්ටේ තුරුල් කර ගත්තා.. සුවද කොහාටවත් යන්න නොදී.....කොයි වෙලාවෙ කොහොම නින්ද ගියාද මම දන්නේ නෑ.....


ඇස් දෙක ඇරලා බලනකොට හෙන ගහන්න අව්ව.. ඩයිනමයිට් එකේ කටහඬත් ඇහෙනවා කන පැලෙන්න... බදාගෙන හිටපු කොට්ටේ හෙමින් අත ඇරලා මම සාලේ පැත්තට ගියා...
"පොඩි අයියේ..... " ඩයිනමයිට් එක ඇවිල්ලා අතේ එල්ලුනා...
"බුවා කො...?" මම කොණ්ඩෙත් නිකමට අතින් හදා ගන්න ගමන් වට පිට බැලුවා....
"බුවා කියන්නේ අර පස්සත් උඩ දාගෙන සාලේ නිදාගෙන හිටපු එකාද?
"ඔව් ඌ තමා"
"කොළඹ ගියා..." ඩයිනමයිට් එකේ කතාවෙන් මම නැන්දා දිහා බැලුවා
"ඇත්තද නැන්දේ...?"
"ඔව්  පුතේ.... නිදියලා නැගිටලා යන්න ඕනේ කියලා ගියා කෑම කටක් කන්න  කිව්වට හිටියේ නෑ"
"ඌට ආපහු යන්න සල්ලි තියෙන්නත් නැතුව ඇති නැන්දේ..." මට ඌ ගැන දැණුනේ මාර දුකක්
" නෑ නෑ සල්ලි නැතුව මිරිස් මෝල වගේ ඇඹරෙනවා දැකලා තාරකා සල්ලි වගයක් දුන්නා." ඩයිනමයිඩ් එකේ කට නම් හොඳයි ලුණු දෙහි දාල සුද්දෙකුට කවන්න.....
"කෝ තාරකා....."
නැන්දා මගේ දිහා හොරෙන් බලාගෙන කුස්සියට ගියා... ඒ හොර බැල්ම නම් මට ඇල්ලුවේම නෑ
"තාරකා පාඩම් කරන්න වත්ත පහලට ගියා." ඩයිනමයිට් එක හිනා වේගෙන යන්න ගියා....මුන් ඔක්කොම මොනා හරි දිග කතාවක් කෙටි කරන්නයි යන්නේ...
"කෝ ලොකූ...?"
"බය වෙන්න එපා ලොකූ තාරකා එක්ක නෑ... තමුසේ යනවා" ඩයිනමයිට් එක ඔය හෙමින් කතා කරනවා ඇහුණාමයි. මේකි මොකද්ද යකෝ නොකියා කියන්න හදන්නේ.....
" මෙහෙ එනවා....." මම ඩයිනමයිට් එකට අඬගැහුවා. අනේ බලු කික්කි වගේ මෙන්න මේකි ආපි
"මොනාද මේ වෙන්නේ....?"
"තාරකාගෙන් අහගන්න..."
"තමුසෙ කියනවා..." ඩයිනමයිට් එක වටපිට බලලා මට ලං උණා
"තාරකාට කොළඹින් මඟුලක් කතා කරලා" මට හීන් දාඩිය දැම්මා
"ඉතිං..."
"ඉතිං තාරකා කිව්වා... ඔයාගෙන් අහලා උත්තරයක් දෙනවා කියලා" මාර සීන් එකක්නේ... ඒකට මං මොනා කරන්නද
" මගෙන් අහලා..."
"ඔව්.. දැං අම්මලා හිතන් ඉන්නේ ඔයයි තාරකයි අතරේ...." ඩයිනමයිට් එක මට දිවත් පෙන්නලා එතනින් යන්න ගියා. හත්වලාමයි.... මේ මොන හෙන ගෙඩියක්ද? මම හීනෙකින්වත් එහෙම හිතනවාද? හරි හරි හීනෙන් පේනවා තමයි ඒත් මම කියලා පේන්න ගන්නවා නෙවෙයිනේ.... කරවිල මදිවට එළබටු කිව්වාලු.. දැං මේ පැටලුම ලෙහා ගන්නේ කොහොමද? නීච වෙච්ච මගේ ග්‍රහයාට කකුල් දෙකෙන් හිට ගන්න අදහසක් ඇත්තෙම නැද්ද අම්මපා......





Sunday, September 26, 2010

69 කොටස

මට දැං නම් මාවම හක්කට තියලා හපන්න තරම් මල පැනලා ඉන්නෙ... මම හිත හදාගෙන ගෙදරින් එළියට අඩිය තිබ්බා.... එතකොටම බුවා අයියාගේ දඬුමොණරේ ආවේ අස්සයාගෙන් කුලියට ස්පීඩ් එක ඉල්ල ගත්තා වගේ....



"මොකද බං මූණ කජු කරගෙන...?" යකෝ මූට තේරුණානේ ඒක... මූත් මාර ඩයල් එක තමයි. මූ ඇවිල්ල කෙල්ලොන්ගේ මූණ බලන් අනාගතේ කියලා ගුටි කන එකා....


" බලපං බං.... අපේ තාත්තාලා කොයි වෙලාවෙත් පිං අතේ වැඩමනේ කරන්නේ..."


"කොච්චර දෙයක්ද බං ඒක.... උඹටත් පිං අනිමෝදං වෙනවනේ බං එහෙම උණාම.... කෝ අපි පන්නගෙන ආව එංගල්තිනා..."

" ඒ ගෑනිව ගමට ගෙනිහිං බං මම විනාඩි පහකට මිස් වෙච්ච වෙලාවේ..."

" කුජීත සීන් එකනේ බං... කවුද කින්ද මන්ද කියලාවත් අයිඩියාවක් නැද්ද?"

"නම නම් සුමනා..... සමරනායකයාගේ ගෙදර වැඩ කරලා තියෙන්නේ.... එච්චරයි බං දන්නේ?" බුවා ගල් තොප්පිය ගලෝලා මගේ අතට දුන්නා.


" මේක දාගෙන අපි යමුද ගෑනි පිටිපස්සේ...?"


" හරි යන්නේ නෑ... තාත්තයි අයියායි දෙන්න එක්ක ගෑනි ගිහින් තියෙන්නේ.... එතන චාටර් වෙනවා අපි ගියොත්.... වරෙන් ගෙට යන්න...." මම බුවා එක්ක ගෙට ගොඩ උණා.... ඊට පස්සේ තාරකා මට කියපුවත් බුවාට කිව්වා....

"උඹට කරන්න තියන හොදම වැඩේ තමයි ඉක්මනට කෑගල්ලේ යන එක.... ලිහිණිගේ පැත්ත අපි බලා ගන්නම්... උඹ තාරකාව බලාගනින්.."

"නිවාඩුව ඉවර වෙන්න සති දෙකක්ම තියනවානේ බං..."

"අද සිද්ද උණ වැඩේ පිට දාලා උඹ තීරනේ ගනින්..."මූට අම්මපා එළ හරකාට වගේ එකපාරටම මොලේ ඇවිල්ලා යනවා. ඔව් ලිහිණි දැං ඉන්නේ එයාගේ ගෙදර ඒක අවුල් වෙන්න විදියක් නෑ... එයාගේ අම්මාව හොයා ගන්න එක පස්සේ උණත් කරන්න පුලූවං කසුන් කාරයාව ශේප් කරගෙන.... තාරකා පස්සෙ සමරනායකායා ආවොත් එහෙම වැඩේ අබ්ලික් වෙනවා. පොළඟා වලිගේ හොඳට නටවලාලු බුදු අම්මෝ කියන්න වැඩේ දෙන්නේ....


"ඔව් හෙට අනිද්දාම මම එහෙ යනවා..... ලිහිණි ගැන ඇහැගහගෙන හිටපං..... "

"අනිවා... උඹ නොකිව්වත් ඒක අපි කරන්නම්... දැං වත් ඔය කජු පෙනුම නැති කර ගන්නවාකෝ...."


"හරි බං.. ඒක ඉබේම පහලා උණානම් ඔන්න ඔහේ ඉබේම නැති වෙලා ගියදෙං...."



බුවයි මමයි හොඳ පොරවල් වගේ රෑට එහෙම අනුබව කරලා කාමරේට ආවා.....බුවා උගේ කැමත්තෙන්ම මගේ කාමරේ බිම ඉල්ල ගත්තා නිදා ගන්න. උගෙත් ආසාවනේ මම ඔන්න ඔහේ ෂීට් එකක් එලලා ඌට නිදා ගන්න දුන්නා. අනේ හරිම ආසවෙන් ඌ ඒකේ නිදා ගත්තා. ඌට උණත් සතුටු ඇතිනේ මම වගේ පොරක්ගේ කාමරේ බිම හරි නිදා ගන්න පුළුවං උණ එකට.


මම ඉතිං සුනිල් සෙට්ටි වගේ වැඩ පෙන්නන්න ගිහින් සුනිල් හෙට්ටිආරච්චි උන එක තමයි හිතට දුක... දැං ඉතිං ගෙදර ඉන්න වෙන්නේ මම බය නෑ බුදු තාත්තේ වගේ... ඒත් මම ශ්‍රී යහන දොයියගෙන ඉන්නකොට මට කීප සැරයක්ම දැණුනා අපේ තාත්තා ඇවිල්ලා කන අතගාගෙන අත ගාගෙන යනවා. සැප කනට ආව තරමක් කිව්වොත් කන් අඩියට ප්ලාස්ටර් දන්න වෙනවා. කොච්චර සනීප හීනයක්ද ඒක.... ඕව දකිනකොට නිදා ගන්න තියා ඇස් දෙක යන්තමටවත් පියාගන්න හිතෙනවාද? ඒකට බුවා මහපොලවේ නිදාගෙන ඉන්නවා කියලාවත් සිහියක් කටක් නෑ වැටුණ වෙලාවේ ඉඳලා ලී ඉරනවා... අන්න පිං වන්තයෝ. ඔහොම කල්පනා කර කර ඉන්නකොට විදුලියක් කෙටුවා වගේ මගේ කාමරේ ලයිට් එක වැටුණා..... ලයිට් එකට හෙන ගහපිය කියලා මම රවලා එහෙම බැලුවේ කවුද මේ මාව මරගෙන කන්න එන එකා කියලා.... ලයිට් එක නිසා පෙනුනේ නෑ නෙවෙයි ඇස් දෙක මට පෙන්නුවේ නෑ... මේ අපේ තාත්තා... අනේ මගේ හීනේ හැබෑ වෙන්නයි යන්නේ. කන් දෙකම අත් දෙකෙන් වහ ගන්න මට හිතෙනවා.....

" තමුසේ එනවා එළියට..." අපතයා වගෙ නිදාගෙන හිටපු බුවා දිහා බලලා තාත්තා මගෙ දිහා බැලුවා....

මට නිකං දැං නම් කන රත් වෙනවා වගේ දැනෙනවා. බුවාව ඔවර්ටේක් කරගෙන මම කාමරෙන් එළියට ආවා. මුළු ගේම කට්ට කළුවරයි. එළියේ කොරිඩෝ එකේ විතරක් හීනියට ලයිට් එකක් දාලා.


" තාත්තේ..... ම ම...." ෂිඃ විතරක් කියන්න ඕනේ බම්බුව කියවෙන්නේ නැති හැටි.....

"හොඳට අහගන්නවා තමුසේ..... මෙන්න මතන රුපියල් තුන්දාහක් තියනවා... හෙටම කෑගල්ලේ යනවා..."

"මමත් තාත්තාට කියන්න හිටියේ.."


"තමුසෙ නිසා මට මගෙ කෙල්ලෝ දෙන්නවවත් බේරගන්න බැරි වෙනවා....ආයෙත් මම කියනකන් මේ පැත්තේ නාවට කමක් නෑ..." මගේ පපුව ගිනි ගන්න උණා... මාව ගෙදරින් පිට කරන්නේ මම ගැන හිතලා නෙවෙයි තාත්තාගේ අනිත් දරුවෝ ගැන හිතලා.... මම ඒ තරම්ම කාලකණ්ණියෙක්, ගල් මූසලයෙක්. කිසි කමකට නැති එකෙක්.... හිත ඇතුලේ ගින්න නිවන්න කියලාද මන්දා ගඟක් වගේ කදුළු පොදියක් ඇස් දෙක කසා ගෙන ආවා. මම ටැප් එක ඇරලා පුරුදු එකෙක් නෙවෙයි. ඒ නිසා එලියට එන්න නොදී මම ආපහු හැරුණා. රුපියල් තුන්දාහත් මම ඔන්න ඔහෙ බිමට විසි කරලා කාමරේට ගියා. තාත්තා මගේ කන හරහා කන් අඩිය පුපුරන්න දුන්නානම් මට මෙතරම් වේදනවක් දැනෙන එකක් නෑ.අර උස්සන් ආව ට්‍රැවලිං බෑග් එකටම ඇඳුම් ටික දාගත්ත මම වෙලාව බැලුවා..... දෙකාමාරයි..... ඔළුව පැලෙන්න රිදෙන්න ගත්තා. මම ගැන මට බලා ගන්න පුළුවං... මම බුවාව පොඩ්ඩක් හෙලෙව්වා....


"මොකද බං මයියා ඇදේ මකුණෝ නම් වරෙං බිමට...."


"මම කෑගල්ලේ යනවා බං...." බුවා ඇස් දෙක පොඩි කරගෙන නැගිට්ටා....

"මේ මහ රෑ... උඹට අන්දකයිප්පුවත් කැවුණාද?"

"එහෙම උණානම් හොඳයි ඒත් මම යන්නේ හොද සිහියෙන්..... සිරාවටම අද මම මේ යන්නේ ආයෙත් මෙහෙ පස් පාගන්න හිතාගෙන නෙවෙයි"

"උඹට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියපං..."

"මොකුත් නෑ... උඹ ඔහොම ඉඳලා එලි උණාම පල... අනිත් උන්ට කියපං මම ගියා කියලා... ලිහිණිව බලා ගනින්..." මම බෑග් එක කරට ගත්තා....

"එළි වෙලා පලයං බං මේ රෑ යන්න එපා...." බුවා අඬනවානේ...

"එළිවෙනකන්වත් මට මෙහෙ ඉන්න හිතක් නෑ බං.....මම යනවා" මම යන්න හඳනකොටම තාත්තා කාමරේ ඇතුලට ආවා...

"කොහෙ යන්නද?" තාත්තාගේ මූණත් අවුල් වෙලා.... මම මොකුත් නොකියම තාත්තාව බයිපාස් කලා.

" උඹට කවදාවත් තේරෙන්නේ නෑ මම කියන්නේ මොකද්ද කියලා... කවදා හරි උඹත් තාත්තා කෙනෙක් උණ දවසක මේ ගින්දර උඹට තේරෙයි...."ආයෙත් මම මොකුත් කිව්වේ නෑ. යන්න ගිය ගමන එහෙමම ගියා....

" උඹ මාත් එක්ක තරහින් යන බව මම දන්නවා පුතේ.... ඒත් මට වෙන කරන්න දෙයක් මතක් උණේ නෑ..." මගේ බොක්කත් තුවාල වෙලා වගේ රිදෙනවා.... ඇඟ පුරාම ඒක දුවනකොට දෙනෙන්නේ නම් ආතල් එකක් නෙවෙයි. මම මොකුත්ම නොකියා ගෙදරින් එළියට බැස්සා. ගේ දිහා බලන්න මට හිත දුන්නේ නෑ. මාව හැමතැනම අතරමං වෙලා වගේ දෙනෙන්න පටන් ගත්තා. මගේ පස්සෙන් බුවා දුවගෙන ආවා...


"මයියා... ඔහොම හිටපං බං..."

"මට නවතින්න බෑ...."

"හරි මමත් එනවා උඹත් එක්ක යන්න...."

"උඹේ කැමත්තක්" බුවාත් මගේ පිටිපස්සෙන්ම ආවා.

"මයියා වැඩිය ඔය ගන හිතන්න එපා බං"

"ආයෙත් මම ගෙදර නොඑන්න පුළුවං... උඹ අක්කාවයි නංගිවයි බලා ගනින්"


"එතකොට අම්මවයි තාත්තාවයි"

"ඒ දෙන්නව බලා ගන්න මම නැතුවට එයාලාගෙ අනිත් දරුවො ඉන්නවා"

"ඒත් එක්කම කඩාගෙන ආව ජීප් එකක් අපේ කන ලඟින්ම අපේ ගෙවල් පැත්තට හැරෙව්වා...."

කවදාවත් නොබලන්න හිටිපු ගේ දිහා මම හැරිලා බැලුවා....


"මයියා..... දුවහං බං..... ඔය යන්න ඇත්තේ උඹව හොයාගෙන...." මටත් වෙන කිසි දෙයක් මතක් උනේ නෑ.. කකුල් දෙකට වැඳලා එහෙම මීටර් හාරසීය සමනල ආරෙට දුවන්න පටන් ගත්තා....

Wednesday, September 8, 2010

68 කොටස



කිටි කිටියේ කට බැඳලා තියන විදියට  හුස්මක්වත් ගන්න පුළුවංද මන්ද...? මම අර තඩියා දිහා බැලුවා ඌ දාගෙන බයික් එක ලඟ බිම දණ ගහගෙන වැඩ.... කවුද කින්ද මන්ද බලන්නෙ නැතුව මම කට බැඳලා තියන රෙද්ද ගලවලා දැම්මා... කකුල් දෙකත් ලියලා මම එයා දිහා බැලුවා... මෙයා මා දිහා බලන්නෙත් රීරි යකාගේ මල්ලිගේ මස්සිනා දිහා බලනවා වගේ...
"සද්ද නැතුව මාත් එක්ක එන්න..." මගේ කතාවෙන් අපාරදෙ කියන්න බෑ එයාත් වටපිට බලලා වාහනෙන් බැස්සා.. පස්සේ මගෙ පස්සෙන්ම භූත බිල්ඩිමට මුවා වෙලා පිට පස්සටම ලිස්සලා ගියා... මෙතනින් එහාට යන්න තැනක් නෑ.......ඒත් එක්කම අර බිල්ඩිම ඇතුලට ගිය සික්කා කෑ ගහන්න පටන් ගත්තා
" වාහනේ ඇරගෙන ගෑනි පැනලා ගිහින්..." අර තඩියා බයිසිකලේ අතගගා හිටපු පොර ඒක පැත්තකින් තියලා වාහනේ පැත්තට දුවගෙන ආවා.. මූ ජොලියට හරි මෙපැත්තට ආවොත් මෙයත් එක්කම මටත් පරලෝකෙට දුවන්න තමයි වෙන්නේ... ඒ අස්සේ අන්න බුවා බයිසිකලේ ස්ටාට් කරගෙන පුළුවං හයියෙන් එතනින් මාරු උණා.... හත්වලාමයි දැං මම මොකද කරන්නේ...
"අනේ පුතේ.... මම කියන තැනකට වඳින්නං මාව ඔය මිනිහාට නම් ආයේ අහුවෙන්න දෙන්න එපා...." මෙයා මට දෙයියොන්ට වගේ වඳිනවා මට වඳිනවා... ඇත්තටම දෙයියෝ බුදුන් සිහිවෙලා ඉන්නේ මට.... අර පොල් කුරුමිනියත් බයිසිකලේ අරං ගියා.... ඇට කටු ටික තැලෙනකොට කොහොමද සැප? ඒක ඉතිං මූට තේරිලා නෑනේ....මම අර පැත්ත බැලුවා.... අර බිල්ඩිම ඇතුලේ හිටපු හාල්පාරුවෝ ටිකත් ඇවිල්ලා හොයනවා. මෙතනින් එහාට තියෙන්නේ පාර... පේන තෙක් මානෙම තියෙන්නෙත් පාර ශේප් වෙන්න තැනක් ඇත්තෙම නෑ. අර අත්දෙකෙන්ම ගොරිල්ලෙක් වගේ අත වනන්නේ බුවා නේද? බඩුම තමයි අරූ ට්‍රයිෂෝ එකක් අරං ඇවිල්ලා.... මූටත් එක පාරටම මෝටරේ ගැහිලා ගැහිලා පත්තු වෙනවා. මම අර බවලතාවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා.... මේක ඇදගෙන යන එක කරත්තයක් රිවස් යනවා වගේ........... මාර ගේමක් දීලා මෙයාව ඇදගෙන ගිහින් ට්‍රයිෂෝ එකට රිංගවාගත්තා ඒත් අම්මපා අන්තිම මොහොතේ අර හිටිපු කල්වැද්දෙක් මේ ගෑනු පරනේ සායේ කොණක් දැකලා වගේ ට්‍රයිෂෝ එකෙ පස්සෙන් දුවගෙන ආපි. අපේ ට්‍රයිෂෝ අයියාත් ඇද්දා ඇදිල්ලක් මේක රෝද තුනෙන් යන එකක් කියලා නොදැනෙන්න.... අරුන්ව මග ඇරිලා ගියා.. බුවා ඔලුව දාලා උන් එනවාද කියලාත් බැලුවා. උන් තියා උන්ගේ නැට්ටක්වත් නෑ....
"කොහෙටද යන්නේ...?" ට්‍රයිෂෝ අයියා කෑ ගහලා ඇහුවා තාම මේකේ ස්පීඩ් එකනම් එයා අඩු කලේ නෑ. මම හිතන්නේ මෙයා අපිට වඩා බය වෙලා වගේ....
"මයියා....." බුවාත් මගෙ දිහා බලනවා... ඇත්තටම කොහෙද දැං යන්නේ මටත් මෙලෝ අයිඩියා එකක් නෑ
" කොහෙද ඉන්නේ....?" මම එහෙම ඇහුවා.... අර මොකද්ද එකට අහුවෙච්ච මාමයිට් පියනක් වගේ ගෑනි මගේ දිහා බලාගෙන ඉන්නවා... මෙහෙම බලන් හිටියොත් මට පිළිකුල් භාවනාව තමයි කරන්න වෙන්නේ...
"බුවා... මෙයාව කතා කරවන්න කටට බුල්ටෝ එකක්වත් දාන්න වෙයි... මෙයාව අපේ ගෙදරට අරං යමු"
යන්න තිබ්බ ලඟම තැන ඒක වෙච්චි....ඒත් ඉතිං මෙයාව එහෙ ගෙනිහිං මට මෝචරියේ නිදා ගන්න වෙයිද දන්නේ නෑ තාත්තාට සතුට වැඩි වෙලා...... සමරනායකයා හොඳ එකා වෙයිද දන්නේ නෑ තාත්තාට වඩා. ඒත් ඉතිං වෙන ගන්න වංගුවක් නෑ... ඔන්න ඔහේ අපි ගෙදරට හැරෙව්වා.
"මයියා උඹ ගෙදර පලයං.... මම මේ අයියලාගේ ස්ටෑන්ඩ් එකේ බයිසිකලේ දාල ආවා... ඒක අරගෙන එන්නම්...."බුවා අපිව දොට්ට දාලා ඒක ඇතුලෙම හිටියා...හෙනම ගහපිය වතුර ටැංකියට කිව්වාලු අර ඇඟ කිලිපොලායන ට්‍රයිෂෝ සවාරියට මේ යකා අතේ තිබ්බ පන්සීයම අර ගත්තානේ, අනේ දෙයියනේ කියලා ලොකු සහෝදරීට වැඳලා ඉල්ල ගත්ත ගතමන්ට් එක. ඒකත් ඉවරයි.... ඇයි අප්පා මෙච්චර තොප්පි පාවෙලා පාවෙලා මගේ ඔළුවටම හරියට සෙට් වෙන්නේ.... ඒත් මගේ ප්‍රශ්න එහෙමමයි.... දැං තාත්තාට දෙන උත්තරේ මොකද්ද? කොළඹ ගිය තාරකාට උන දේ?,  අර මගේ මස්සිනාගේ ගෙදර හිටපු  ලියුම් සිරියා ? වගේ ප්‍රශ්න අස්සේ තව අළුත්ම ගැජමැටික් එකක් සෙට් උණානෙ ගෙදර ගේන්න. මට මේ ඔක්කොම දැං ජම්බෝල වෙලා තියෙන්නේ.... හිතන්නත් කලින් තාත්තා ගෙදරින් එළියට බැස්සා...මාව සීතල වෙලා ගියා.... කොහොමද සීතල යන්නත් එක්ක කන් අඩිය රත් වෙන්න කෑවොත්.. එක වැරැද්දක්ද මම කලේ මෙතනම කියලා වැරදි කීයක්ද?.......
"කොහෙද ගල් බූරුවෝ ගියේ...." ඇත්තම කිව්වොත් සත්තු වත්තේ උණත් ඔහොම සත්තු හොයා ගන්න නැතිව ඇති. තාත්තා මගෙන් ඇහුවට ඇස් දෙක තිබ්බේ මා එක්ක ඉන්න බවලතා ලඟ
" අනේ තාත්තේ මේ ඇන්ටිට උදව්වක් කලා ඒකයි පරක්කු උණේ...." ලයිට් එළිය දැනුයි මෙයාගේ මූණට වැදුනේ.... අප්පට සිරි මෙයා හොඳටම අඬනවා... කටෙන් එළියට ලේත් ගලනවා.... කොණ්ඩේ කපුටගෙන් ඉල්ල ගත්ත හෙයාට් ස්ටයිල් එකක් වගේ...ඇඳගෙන හිටපු ඇදුමත් තැනින් තැන ඉරිලා ගිහින් හැබැයි පිටකොටුවේ ස්ටේෂම ලඟ ඉටි රෙද්දක් එලා ගත්තා නම් හොඳගානක් හොයා ගන්න තිබ්බා......
මෙන්න අර ගෑනු කෙනා අපේ තාත්තාටත් අත් දෙකම එකතු කරලා වඳිනවා....මෙයාට අපේ පවුලම පේන්නේ දිව්‍යලෝකයක් වගේද දන්නේ නෑ...
"අනේ මහත්තයෝ...... මම නිසා මේ දරුවාට දොස් කියන්න එපා..." ෂා......... මරුනේ.. මම වෙනුවෙන් කතා කරගන්න කෙනෙක් දැං මටම කියලා ඉන්නවා...
"කවුද තමුන්...?"තාත්තාගේ කුංච නාදේට අපේ ගෙදර හිටිය අපා දෙපා සිව්පා ඔක්කොමලා එළියට බැස්සා..
"මගේ නම සුමනා..... අවුරුදු විස්සකටත් වඩා මම රස්සාවක් හැටියට කලේ ලොකු ලොකු ගෙවල් වල වලං හේදුව එක" සුමනා මනා ලෙස නොමනා අයුරින් අඬන්න ගත්තා....තාත්තාත් සිරාවටම අවුල් උණා... මගේ දිහා දිය රකුසු බැල්මක් දැම්මා...
"හරි යමුකෝ ගෙට..." සුමනා කඳුළු එහෙම වක්කර වක්කර ගෙට ගොඩ උණා.... ඔයින් ගියා මදෑ.... දැං මගෙන් ප්‍රශ්ණ වැඩිය අහන එකක් නෑ.... අම්මා ඉතිං කවදත් වගේ දඩිබිඩියේ කුස්සියට දුවන්න ඇත්තේ කේතලේ ලිපේ තියන්න... අයියා ඇවිල්ලා මගේ කරට අත දැම්මා...
"කොහෙන්ද බං මේ පරණ එංජිම හොයා ගත්තේ...?"
"දිගකතාවක් ලොක්කයියේ... මටත් දැනගන්න ඕනේ මෙයා කවුද කියලා තමයි" අම්මා අපරාදේ කියන්න බෑ තේ කෝප්පයක්ම හදලා දුන්නා...සුමනා කවදාවත් තේ කෝප්පයක් දැක්කේ නෑ වගේ බීගෙන බීගෙන ගියා.... මම බලාගෙන හිටියේ දැං කෝප්පේ ගිලෙයි දැං කෝප්පෙ ගිලියි කියලා
"මොකද්ද පොඩි පුතා උණේ...?" අම්මා මගෙ ලඟටම ඇවිල්ලා ඔළුව අත ගානකන් මම හිටියේ වෙනම ලෝකෙක...
"මම දන්නේ නෑ අම්මේ... මොකද උණේ කියලා අහන්න ඕනේ මෙයාගෙන්..."
" මට ගමට යන්න උදව් කරන්න මහත්තයා..." අම්මලා තාත්තාලා ඉස්සරහා මට මෙයාගෙන් හරස් ප්‍රශ්න අහන්නත් බෑ....නංගි අර සුමනා ලඟට ගිහින් බලාගෙනම ඉන්නවා...මම මාර ගේමක් දීලා නංගිව මගෙ ලඟට ගෙන්න ගත්තා...
"අනේ පව් පොඩි අයියේ නේද?" මේ සමයම අතකුත් කම්බුලේ අලෝගෙන  පොල්පැලේ දියා හරකා බලන් ඉන්නවා වගේ  ඔහේ බලාගෙනම ඉන්නවා
"මේ ඕයි.... හිමින් සැරේ නැන්දලාගේ ගෙදරට කෝල් කරලා තාරකා ගැන අහනවාකෝ..."
"ආ... කියන්න බැරි උණානේ....තාරකා කෝල් කරලා කිව්වා.. එයා ගෙදර ආව කියන්න කියලා" මේ හැලපි දැංනේ ඒක කියන්නේ....මම මේ තැම්බිලා තැම්බිලා බෙරි වෙලා.... මුන්ට ඉතිං කිසි ගානක් නෑ.... ඒත් එක්කම තාත්තා සුමනාගෙන් තව හරස් ප්‍රශ්නයක් ඇහුවා
"කොහෙද දැං මෙච්චර කල් හිටියේ...?"
"මම සමරනායක කියලා මහත්තයෙක් ලඟ වැඩ කලේ..." තාත්තා මගේ දිහා බැලුවේ යකාට යකා වැහිලා වගේ. සාදාරණයි ඒ බැල්මනම් මම පිච්චිලා ගියාට
"ඉතිං මොකද්ද හේතුව එහෙන් එන්න...?" මෙන්න අයේ ප්‍රශ්නයක්,,,
"ම ම... එහෙ ඉන්න බැරුව පැනලා ආවා..." ඒත් එක්කම නංගි මගේ කනට ලං උණා....
" මම තාරකාට කෝල් එකක් ගත්තා... අන්න දැං ලයින් එකේ ඉන්නවා....." මම අර ගෑනිගේ අඬෝවැඩියාව පැත්තකින් තියලා ෆෝන් එක ලඟට ගියා
"තෙනුර...."
"කොහෙද තමුසේ එපා කියද්දි යන්නේ...?"
"මම කොහෙවත් ගියේ නෑ..."
"කොළඹ ආවේ ඇයි...?" මෙයා කරලාත් නෑ කියන හැටි විතරක්
"මම කොළඹ ආවේ නෑ.... තාත්තාගේ මරණේ ගැන යමක් දන්න කෙනෙක් මට කතා කලා... කිව්වා පැය දෙකක් ඇතුලත මාව හම්බ වෙන්න එනවා කියලා... කුමාරි ඇන්ටිලාට කියලා ගියේ අත්තම්මා බලන්න යනවා කියලා ... එතකොට පරක්කු උණත් බය වෙන්නේ නෑනේ..."
"කොහෙටද එනවා කිව්වේ...?"
"කෑගල්ලට"
"ඕක කියන්න තිබුණේ නෑද්ද?"
"ඉතිං මම කියන්න කීපාරක් කෝල් කලාද?" දැං බලනකොට මට වඩා තාරකාට මල පැනලා.
"හරි මම කිව්වා ඔය කොළඹ කට්ටිය එක්ක ඇයි හොඳයි තියා ගන්න එපා කියලා"
"මේ කතා කලේ සමරනායක අංකල්ගේ පවුලේ කෙනෙක් නෙවෙයි"
"ඒකත් එහෙමද? මොකද්ද එයාගේ නම...?"
"දන්නේ නෑ"
"මාර බඩුවක්නේ ඔයා..... නමක්වත් දන්නේ නැතුවද හම්බ වෙන්න ගියේ...?"
"එයා කලබලෙන් කතා කලේ.... අනික අහිංසක ගෑනු කෙනෙක් වගේ..." මම පොඩ්ඩක් සෙන්ටිමන්ටල් උණා... තාරකාට කෝල් කලේ දැං මේ අපේ ගෙදර ඉන්න සුමනාවත්ද? මම තාරකාට මොකුත්ම නොකියා ෆෝන් එක තිබ්බා.... එහෙමනම් ඔක්කොම වැඩ ලේසියි....මම සාලෙට දුවගෙන ගියා... ඈ යකෝ මේ ටිකට මේ ගෑනි කොහෙ ගියාද?
"කෝ අර ගෑනු කෙනා...?" අක්කා දොර ලඟ ඉඳං ඇතුලට ආවා...
"තාත්තායි අයියායි එයාව ගමේ බස් එකට ඇරලවන්න ගියා... කොටුවට යනවා කිව්වා පාරට ගිහින් ට්‍රයිෂෝ එකකින්."
" ඒ මොකෝ ඒ...."
"ඒක ඉතිං මම දන්නේ නෑ..... කොහෙවත් ඉඳලා ආව ගෑනු කොහොමත් මෙහෙ තියාගන්න බෑනේ මයියා...." ඇයි හත්දෙයියනේ... මටම මෙහෙම වෙන්නේ....

Tuesday, September 7, 2010

67 කොටස


සිකුරා කෙසේ වෙතත් හෙනහුරා නම් මදි නොකියන්න ලබලා... ලිහිණියි තාරකායි මදිවට දැං සිරියාවතී කෙනෙකුත් ඉන්නවා... එහෙන් නංගි තව පැත්තකින් අක්කා... ඔක්කමත් හරි අර කසුන් කාරයා... මුන් ඔක්කොගෙම ප්රනශ්න සෙන්ටිමෙන්ටල් වෙනකොට මට අංගොඩ පැත්තෙන් බඩු බනිස් වෙයිද දන්නේ නෑ...
“මයියා මොකද බං කරන්නේ... ඕක හරවගෙන ගිහින් අපි ඇන්ටිව උස්සමුද?” බුවා කතාව නැවැත්තුවේ මගේ සියඹලා මූණ දැකලා වෙන්න ඇති.
“උඹට ඒ පාර හැම එකාවම උස්සන්න ඕනේද...? මට එයාව උස්සන්න කිසි උවමනාවක් නෑ. ඒත් උඹ හිතන්නේ ලහිරුවා මොකට වෙන්න ඇතිද මෙයාව හිර කරගෙන ඉන්නේ...?”
පිස්සු ඩයල් එකක්ද දන්නෙත් නෑනේ මයියා. මොලේ කරවෙන්න කලින් අපි යමං ගෙදර....” ඇත්තම නේන්නම් අපි මේ පට්ට අව්වේ ඉදං බයිලා ගහනවා.


අපි දෙන්නා ෂේප් එකේ අපේ ගෙදරට ගොඩ වුණා. අම්මා වහලා තිබුණ කෑම ටිකත් ඉවර කරලා කාමරයට වෙලා අද ඔක්කොම සීන් ගැන කල්පනා කලා...
“පොඩි අයියේ.... අද දෙපාරක්ම තාරකා කතා කලා...” නංගි කාමරේට එන්නෙවත් නැතුව කියාගෙන ගියා. බුවා මගේ දිහා බැලුවා.
“ඒ පාර තව බාල්සියක්ද දන්නේ නෑ...”
අනේ මන්දා බුවා... අත තියෙන හැම වැඩක්ම ෆෘට් සැලඩ් වෙනවා බං... කෝකටත් ඒ කෙල්ලට කෝල් එකක් ගමු.” අයේ දෙපාරක් නොහිතම මම කොල් එකක් ගත්තා තාරකාට... ඩයිනමයිට් එක එහා පැත්තෙන් කන පැලෙන්න හෙලෝ පාරක් දුන්නා.....
“හෙලෝ... යකෝ... ටෙලිෆෝන් එකෙන්වත් කනට හරියන ගානට කතා කරපන්කෝ...” මගේ කන කීන් ගෑවුනා අරයගේ හෙලෝ එකට.
“ආ... නපුරා... තමුසේ කවදද එන්නේ...?”
“තමුසේ චුත උණ දවසට...” ඩයිනමයිට් එක හිනාවෙන්න අරගත්තා...
“පොඩි අයියේ පාළුයි බං තමුසේ නැතුව රණ්ඩුවක්වත් අල්ලන්න කෙනෙක් නෑ.”
“තමුසේ විභාගේ කරනවකෝ... මම එන්නං...තාරකා එහෙම ඉන්නවද ලඟ පාත”
“ආ... ආ... දැං කොළඹට වෙලත් තාරකා ගැනද හිත්න්නේ?” ඕකනේ කරන්න බැරි. දැන් ඉතින් මේ බයිලා වලට තාල තියහල්ලකෝ...
“ඔව් ඔව් පැත්තකට වෙලා හිතන්නම වැඩේ... දෙනවකෝ එයාට...”
“ඉන්න එපෑ දෙන්න...” තාරකා මේ ටිකට කොහේ ගිහින්ද?
“කොහෙද ගියේ...?” ඩයිනමයිට් එක කොරවක්කා වගේ හිනා වෙන්න පටන් ගත්තා...
“ඇයි දැන් තමුසෙට එයා යන තැනත් කියලා යන්න ඕනේද?”
මේ බණ නැතුව කියනවා කොහෙද එයා ගියේ කියලා...”
“අත්තම්මා බලන්න...” මාව රත් වෙලා ගියා. ඇයි හත්වලාමේ මම මේ කටුස්සිට කිව්වා නේද යන්න එපා කියලා... මට කතා කරන්නත් අමතක උණා...
“දැන්ද ගියේ...?”
“දැන් පැයක් විතර ඇති... ඇයි පොඩි අයියා කලබල වෙලා වගේ...” මම ඩයිනමයි‍ට් එක ඒ ප්ර ශ්නේ අහනවත් එක්කම ෆෝන් එක තිබ්බා.
“මොකෝ බං... පිනෝකියො වගේ නහය දික් වෙලා...”
“කියන දෙයක් අහන්නේ නෑනේ බං...” මට මල පැනලා... මම මොනතරම් ශුද්ධ සිංහලෙන්ද කිව්වේ යන්න එපා කියලා. ඕනේ දෙයක් වෙත්දෙන් මම ලිහිණි ගැන විතරක් බලා ගන්නවා.
“ඉතිං මොකක්ද දැං උඹේ හදිසි පිපිරීමට හේතුව...”
“තාරකා කොළඹ ඇවිල්ලා... සමරනායකයා තාරකාව පෙන්නලා ප්රායෝජන ගන්න බැරි නෑ. අනික තාරකාගේ ජීවිතේ උනත් පට්ට අනතුරේ.”
“උඹ කියන එක මට තේරෙනවා... අපි දැං සමරනායකගේ ඔෆිස් එක පැත්තේ යමු බලන්න...” බුවාගේ කතාව හරි... සමරනායකයා දැන් තාරකාව අරං එන්නේ එයාගේ ඔෆිස් එකටනේ... ඒත් මට තාරකා නිසා පෙට්රගල් පුච්ච ගන්න උවමනාවක් නෑ. කියනදේ අහන්නේ නැත්නම් ඕනේ දෙයක් වෙද්දෙන්
“මොනාද ආයේ කල්පනාව... වරෙං යං...” බුවා මාව ඇදගෙන නොයන්න මම යන්නේ නෑ...
“තාරකා ලොකු අවුලකට පැටෙලනවා බුවා මම ඒක හොඳටම දන්නවා...”
“අපි ඉන්නවනේ බං... එහෙම වෙන්නේ නෑ...”


මම දඩුමොණරේ තඩලගෙන පවනට පාගලා ගිහින් සමරනායකයගේ ඔෆිස් එක ලඟ බේරෙට පස්ස හරෝලා බලං හිටියා....
හවස හයත් පහු උණා. තාම කවුරුත් ආවේ නෑ... දැන්නම් මට සිරාව‍ටම හිතෙනවා තාරකාට මොකක් හරි අවුලක් කියලා...
“බුවා කෙල්ල තාම නෑනේ...”
“ඒක තමයි මයි‍යා....”
“මට නම් බයෙත් බෑ... තාරකාට මොකක් හරි කරදරයක්ද?”
“අපි තව ටික වෙලාවක් බලමු බං...”
අර බිල්ඩිමේ ඔක්කොම ගිහින්ද කොහෙද, සික්කත් හොඳට දිග ඇදිලා නින්දකට වගේ සෙට් උණා... වෙලාව අටත් පහුවෙලා....
“තාරකා...” මට නිකමට වගේ කිය වුණා. ඒත් එක්කම කළු වීදුරු තියෙන වෑන් එකත් භූත බිල්ඩිමට ඇතුල් කලා...
“මයියා... ඇතුලෙනම් තුන් හතර දෙනෙක් ඉන්නවා වගේ...” බුවායි මමයි හිමින්ම භූත බිල්ඩිමේ බිත්තියට හේත්තුවක් දාලා, සික්කටත් නොපෙනෙන්න ඒ පැත්තට පොඩි සක්මනක් දැම්මා... වාහනේ දොර අරිනවත් එක්කම සික්කාත් ඒ පැත්තට දුවගෙන ගියා....
“බොස් කට තද කරලා බැන්දට තවම කෑ ගහනවා...” සමරනායකයද කොහෙද ඉස්සරහ දොරෙන් බැස්සා...
“දැම්මම එළියට ගන්න එපා... ඔය ගෑනිව ඔහොමම තියලා උඹලා වරෙල්ලා... තව ටිකක් රෑ වුණාමම ඇතුලට ගමු.” සමරනායකයා ඇතුලට ගියා. උගේ කතාවේ හැටිය‍ටනම් වාහනේ ඇතුලේ ගෑණියෙක් ඉන්නවා... ඒ තාරකාද...? මගේ ඔළුව ගිණි ඇවිලෙන්න පටන් ගත්තා... මුන් තාරකාට මොනවා හරි කරලද? අනේ ඒ අහිංසක කෙල්ල මේ නරුමයාට මොනවා කලාටද? මගේ හිත ඉකිගහන්න පටන් ගත්තා.
“මයියා... උඹ හොඳටම අවුල් වෙලා බං...”
“ඔය වාහනේ ඇතුලේ ඉන්නේ තාරකාද දන්නේ නෑ බං...” මගේ වොයිස් එක බැටරි බැස්ස දහඅට වැනි සියවසේ වයර්ලස් එකක් වගේ
“අර ගල් මූසලයා එහාට මෙහාට වෙනකං ඉඳලා අපි පොඩ්ඩක් ලං වෙලා බලමු මයියා”
“මට මොකක්දෝ ගැස්මක් තියෙනවා බුවා... තාරකා කරදරේක...”
“බබා හම්බ වෙන්න කලින් ඌට කලිසම් මහලා වැඩක් නෑ බං... පොඩ්ඩක් අඩන්නේ නැතුව හිටපං... උඹ ඔහොම හිටපං... මම පාරෙන් ඇවිල්ලා අර ගෝරිල්ලාව කතාවට අල්ල ගන්නං... උඹ ඇතුලේ ඉන්න කෙනාව පන්නපං....” මම ඔළුව වැනුවා... බුවා හෙමින්ම පාර පැත්තට මාරු උණා‍... වෑන් එක ලඟ ඉන්න කළු තඩියා වටපිට බලන්නේ හරියට නිකං වරෙන් ගේමට කියනවා වගේ. බුවා පාර අයින දිගේ අරෑ ඉන්න පැත්තට ආවා.
“අයියේ... අනේ අයියේ... පොඩි උදව්වක්....” බුවා අරූට කතා කලා...
“ඇයි මල්ලි මොකක්ද සීන් එක...” බුවා වටපිට බැලුවා... මාත් වටපිට බැලුවා තව කවුරුහරි එකෙක් ඉන්නවද කියලා.
“මගේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියානේ...”
“ඒ මොකද?” අරූනම් පුත්තලම් බූරුවෙක්.
“අනේ පොඩ්ඩක් උදව් කරන්නකෝ... අපේ අම්මත් ගෙදර අසනීපෙන්. මට ඉක්මනට ගෙදර යන්නත් ඕනේ...” තඩියා වටපිට බලලා බුවා එක්ක මගේ බයිසිකලේ පැත්තට ගියා. බුවා යන ගමන් මගේ පැත්තට යන්තන් හැරිලා ඇහැක් ගැහුවා. මගේ පපුව ඇවිල්ලා බ්ලෙන්ඩරයක් වගේ. මම වට පිට බලන ගමන් හෙමින් සැරේ වාහනේ දොර ඇරියා. තඩියා නැවීගෙන මගේ බයිසිකලේ සර්චින්. මම තව ටිකක් වටේට රබර් ඇහැ දාලා ඇතුලේ ඉන්න කෙනා දිහා බැලුවා.
හත්වලාමයි... මේ කවුද මේ... මාව කැරකිලා ගිහිං තවත් කැරකුණා...

Monday, September 6, 2010

66 කොටස

මගේ ඔළුව මල ගෙයක් වගේ.... දැන් මොකක්ද මේ හිකනලාට දෙන උත්තරේ.... බුවා මගේ කනට ලං උණා....
“හා කියපං....”
“පිස්සුද බං... මං කොහොමද ලිහිණිව කිඩ්නැප් කරන්න උදව් කරන්නේ...?” බුවා බයිලා ගහනවා. ඇත්තටම මුට මොලේ කන් දෙකේවත් නැද්ද? බුවා මාවත් ඇදගෙන පැත්තකට ගියා.
“මේ ඕයි... ලිහිණිව පන්න ගන්නවා කියන්නේ එයාව අම්මට බාර දීලා ලස්සකට වැඩේ ගොඩ දාගන්න පුළුවන්.”
“ඒත් අපි කොහොමද මූව විශ්වාස කරන්නේ.....”
“ඌට ලිහිණිව පන්නගෙන උඹලෑ ගෙදර ගේන්න කියපන්.” ඔය කිව්වේ... මූට අන්දකයිප්පු කැවිලද දන්නේ නෑ. තාත්තා මාව දරු කමිනුත් දොට්ට දායි....
“උඹට අන්දකයිප්පුද බං...?”
“ඊට වඩා හොඳ තැනක් සෙට් කරමු එහෙනම්.... මේක හොඳ චාන්ස් එක.... උඹ කියන විදිහට ජයවීරයා එක්ක කෙල්ල ඉන්න එකත් නුවණට හුරු නෑ බං”
“ඒත් ලිහිණිව උස්සන්න උදව් වෙන්න මට බෑ... ම‍ට එච්චර චා වෙන්න බෑ බං”
“එළු ආත්මයක් වගේ බෑ බෑ ගාන්න එපා බං... හරි හරි උඹ කටවහගෙන හිටපන් මම වැඩේ නියමෙට දෙන්නං”
“නෑ නෑ මචං කීයටවත් ලිහිණිට අත තියන්න දෙන්න බෑ... අපි මූව පොලීසියට අල්ලලා දෙමු.”
“උඹට පිස්සුද බං... පොලීසියට කියලා වැඩේ නා ගන්නේ නැතුව මූට උදව් කරමු...”
“මූට උදව් කරන්න ගිහිං ලිහිණිට ප්රටශ්නයක් උණොත්....”
“වෙන්නැති වෙන්න මම වග බලාගන්නවා. උඹ ඔහොම හිටපංකෝ” බුවා කසුන් පැත්තට හැරුණා. කසුන්කාරයත් කට ඇරං හිටියේ අපේ උත්තරේ මොකක් වෙයිද කියලා. බුවා කොච්චර කපිරිඤ්ඤා නැටුවත් මට හිතාගන්න බෑ දැන් මූ කරන්න යන දේ ගැන. මෙච්චර කාලයක් රහ බැලුවේ නැත්තේ බැටන් පොල්ලේ විතරයි. මට හිතෙන්නේ ඒකේ රහත් වැඩිකල් යන්න කලින් දැනගන්න පුළුවන්වෙයි වගේ.
“හරි කසුන් අයියා... උඹ අපිට ඇත්තම කිව්වනේ. අපි කෙල්ලව උස්සන්න සප් එක දෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් පිට.”
“ඒ මොකක්ද...? ‍” කසුන්කාරයා අපි දෙන්නා දිහා රබර් ඇහැ දාන ගමන් ඇහුවා.
“කෙල්ලගේ අම්මගේ විස්තර අපිට ඕනේ... අනික කෙල්ල නවතින්න ඕනේ අම්මා ලඟ...”
“ඒකේ අවුලක් නෑ.... මටත් ඕනේ කමක් නෑ කෙල්ලට රිද්දන්න. ජයවීරයව එල්ලුම් ගහට දක්කන්න විතරයි මට ඕනේ...” කසුන්කාරයා ඒතරම්ම නරක පොරක් නෙමේ වගේ... ඒත් මේ කෙල්ලව උස්සනවා කියන එක නම් එසේ මෙසේ ගේමක් නෙමේ...
“මගේ ලඟ ප්ලෑනක් තියෙනවා‍ මල්ලී...”
“ඒ මොකක්ද?”
“මල්ලිට කෙල්ලව පන්න ගන්න පුළුවන් නම් මම දන්නවා නියම පොට් එකක්. ජයවීරයා තියා මහ බ්රඑහ්මයාවත් හිත්නේ නෑ කෙල්ල එතන ඉදී කියලා..... මාර ප්ලෑන් එක... දෙක වසරේ පොඩි එකෙක්වත් මේකට ප්ලෑන් එකක් කියනවද? මටම තමා ගේම් එක ගහන්න වෙන්නේ.
“හැබැයි ලිහිණිව ගේන්න කලින් මට ඔය කියන තැන බලන්න ඕනේ... අනික ලිහිණිටයි අම්මටයි එතන ආරක්ෂාබව හොඳද කියලත් මට දැන ගන්න ඕනේ.” කසුන්කාරයා කට ඇල කරලා හිනා උණා.
“නෑ නෑ කිව්වට ඔය කෙල්ල මල්ලිගේ කෑල්ලද මන්දා...” බුවාට බකස් ගාලා හිනා ගියා. යකෝ ඕකේ මොනවද ඔච්චර හිනා යන්න තියෙන්නේ. අනේ මන්ද මුගේ කටට හිනාව ඕනේ වෙලාවට එන්නෙත් නෑ. ඕනේ වෙලාව‍ට යන්නෙත් නෑ. දෙකම එකදත් මන්දා.
“එහෙම සීන්  එකක් නෙමේ. ඒත් ලිහිණි මගේ හොඳම යාළුවෙක්... මම කැමති නෑ එයාට කරදරයක් වෙනවට.” කසුන්කාරයයි බුවයි දෙන්නා ඒ පාර මූණට මූණ බලාගෙන හි‍නා වෙනවා. දැං මම මොකක් හරි විහිළුවක් කරාද මුංට හිනා වෙන්න? මට හිතෙන්නේ මෙතන මං විහිළුවක් වෙලා වගේ. මම බුවාව ඇදලා දාලා බයිසිකලේ වාඩි උණා. මල උණත් ආයේ ඇහිල්ලක් බැලිල්ලක් නැතිව අසූහාරදාහටම පනිනවා මේවට.
“මේ මල්ලි... තරහා ගන්න දෙයක් නෑ. අපිට තේරෙනවා උඹ කියන දේ... ඔය කෙල්ලට කිසි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. හෙට පුළුවන්නම් ප්ලෑන කතා කරගමු.” එතකොට මූ කලින් කිව්වේ මුගේ ප්ලෑන නෙමේද... මොනව කරන්නත් මට තව තියෙන්නෙ සතියයි.
“මේ හැම දෙයක් ගැනම මට හිතන්න ඕනේ... හෙට මේ වෙලාවෙට මෙතනනදිම මම කසුන් අයියව හම්බ වෙන්නම්... හැබැයි එතකන් ලිහිණිට මුකුත්ම වෙන්න බෑ.” කසුන්කාරයා අයෙමත් හිනා උණා.
“හරි හෙට කතා කරමු.” මම කියන්නත් කලින් බුවා බයිසිකලේට නැංගා.  මට මූත් එක්කයි දැං මල...
“මොකද බං රතු වෙලා.” මූ ලැජ්ජා නැතුව තවත් කියවනවනේ. අම්මපා මට මේ වෙලාවට තමයි කට කනපිට හැරෙන්න දෙන්න හිතෙන්නේ....
“රතු වෙලා... තෝ මොකද අර හාල්පාරුවෙක් එක්ක එකතු වෙලා හිනා උණේ...?”
“යකෝ පන තියෙන පඹයෙකුට උනත් පේනවා උඹේ ඇගෙන් විහිදෙන පෙම් රැස්... ඔබ ලිහිණිට ලව්. මේ අවස්ථාවේදී මම කියන්න කැමතී ඒක ඔබේ කතාවෙන් තවදුරටත් ප්ර සිද්ධියට පත් වෙන බව....”
“මම ලිහිණිට ලව් නෑ බං... ඒත් මටත් අක්කෙකුයි නංගියෙකුයි ඉන්නවා.... මලා... බුවා... අක්කාගේ පොඩි සීන් එකක් තියෙනවා.  අපි පොඩ්ඩක් ඒකත් බලාගෙන එමුද?” මට හදිස්සියෙම අක්කගේ සීන් එක මතක් වුණා.
“මොකක්ද ඒ සීන් එක?” මම බුවාට ඔක්කොම පැහැදිලි කලා... ඌටත් වැඩේට අන්දොස්... අපි දෙන්නා මස්සිනාගේ ගෙවල් පැත්තට දඩුමොනරේ පා වුණා. පොරට එච්චර සම්තින් එකක්නම් නැති පාටයි. හැබැයි පොට් එකනම් මරු. කොහොමත් අපේ ලොකු සහෝදරීට පොඩි ගෙයක් තමා අයිඩියල්... මොකද අපේ ගෙදර හුණ්ඩුවේ සාලේ උනත් මෙයා අතු ගාන්න ගත්තම පැය හතරක් විතර අතුගානවා. පත ගෙයක් එහෙම හම්බ උනොත් ගේ අතු ගාලා ඉවර කරන්න වෙන්නේ ජීවිතේ සැදෑ සමයෙදි තමයි.
“කවුද?” ලස්සන කෑල්ලක් මිදුලට ආවා. බුවාට ඉවසුමක් නැති උණා තත්පරයක් ගත වෙන්නත් කලින්...
“හැසිරියන්.... යකෝ මේ මගේ මස්සිනාගේ ගෙදර.....
ලහිරු අයියා ඉන්නවද?” බුවාටත් වෝනින් එක දාලා මම කෙල්ල පැත්තට හැරුණා.
“අයියා නං ගෙදර නෑ... වැඩට ගිහින්....” ඇයි හත් දෙයියනේ අක්කා කිව්වනේ මිනිහා ගෙදර කියලා. ඒත් එක්කම ගෙයින් එලියට ආවේ අහිංසක මූණක් තියෙන ගෑනු කෙනෙක්... දැක්කම මටත් ආස හිතුණා... සීදේවි මූණ... අපේ අම්මා හි‍ටියානම් කියයි පිං පාටයි කියලා.
“ඔයා ඇයි එලියට ආවේ...? යමු.. යමු.. ගෙට...” අර කෙල්ල අර ගෑනු කෙනාව  ගේ ඇතුලට දාලා දොර වැහුවා. අනේ අම්මේ දැං හැදෙන කෙල්ලෝ අම්මට සලකන හැටි... ඒ අතින් අපේ නංගිලා අම්මලා මොන තරම් හොඳද?
“අයියව මට හම්බ වෙන්න පුළුවන් කොහෙදිද?” මම කෙල්ල දිහා බැලුවා.
“හවස එන්නකෝ...” අර කෙල්ල හිටියේ කලබලේ. මම පැඩල් එක උඩ පැනලා පෑගුවා... ඒක දැකලා අර කෙල්ල ගේ ඇතුලට ගිහිල්ලා දොර වහ ගත්තා.
“මයියා... අර ගෑනි අන්න අතන කොළ කෑල්ලක් දාලා ගියා. හරියට නිකං අපිට ගන්න කියලා වගේ” බුවාගේ කතාවෙන් මම ඒ පැත්ත බැලුවා. ඇත්තම නේන්නම් අපි බයික් එකෙන්ම එතනට ගිහින් කොලෙත් අහුලගෙන එතනින් මාරු උණා.
“මචං අර නාකි ගෑනි උඹට ලව්ද දන්නේ නෑ.” බුවා හිනා වෙන්න ගත්තා.
“ඕක ඇරලා කියවපං බං...” බුවාට මම කිව්වා... මට ඒ ගෑණු කෙනා දැක්ක වෙලාවෙ ඉඳලා දැනුණේ අමුතු මෙව්වා එකක්.
“මට උදව් කරන්න... මෙහේ හිරවෙලා ඉන්නේ....” බුවා අර කොලේ කියෙව්වා. මම පැත්තකට කරලා දඩු මොණරේ නැවැත්තුවා... නැවැත්තුවා නෙමේ නැවතුණා.
“ඒ මනුස්සයා ලොකු ප්රටශ්නෙක. මට ඒක දැනුනා බුවා...”
“මචං මට පේන විදිහට උඹට සිකුරා ලබලා තියෙන්නේ වැරදි පැත්තෙන්” බුවා ආයිත් හයියෙන් හිනා වෙන්න ගත්තා.

Friday, September 3, 2010

65 කොටස



"ඕයි මයියා දැං මොකද කරන්නේ..." බුවා ගෙම්බෙක් වගේ මගේ දිහා බලන් ඉන්නවා. මටත් මේ හිතා ගන්න බැරි ඒකමයි... කොහෙද මූට නෑනේ ඉවසීමක්.... දවසක් ප්ලෑන් එකක් ඇතුව ගෙවන්න කියලා හිතාගෙන ආවේ අද ඒත් කරුමේ කියන්නේ ප්ලෑනෙ මෙලෝ රහක් නෑ.... 
"මචං... ආව වැඩේ වෙන්නේ නෑ බං... මම කල්පනා කලේ මොකද්ද දැං කරන්න පුළුවන් වැඩේ කියලා." බුවා කට කොණකින් හිනාවක් එහෙම දාලා මට ලං උණා....
"උඹ අතේ අද ගතමන්ට් එකක් තියනවා නම් රෝලක් දාලා අනිත් හැලපයොත් සෙට් කරගෙන දුක යන්නත් එක්ක යමුද මොකක් හරි සිරා පිච්චර් කෑල්ලක් බලන්න... "ඔය කිව්වේ  මුන්ට ඉතිං කොහේ හරි ඉංග්‍රීසියෙන් ගෑනියක් එක්ක  කට් අව්ට් එකක් දාල තිබ්බොත් ඕක බලනකන් ඉවසුමක් නෑ... මටත් ඉතිං ඕක අදාලයි.. ඒත් මේ වෙලාවේ ඔළුව ප්‍රතිචාරයක් දෙන්නේ නෑ
" මචං.... අපි ඉස්සල්ලා යමුකෝ සිකා ලෑ ගෙදර..." අරූගේ මූණ දැක්කම මට හිත රිද්දන්න ඕනෙ උණේ නෑ... අපි බයික් එක ලඟට එනකොටයි දැක්කේ කසුන් කාරයා ඉස්පිරිතාලේ පැත්තට යනවා.... ෂුවර් එකටම ඕකා යන්නේ ලිහිණිට බේත් දෙන්න... හරි ඕකා එන්න යන්නේ මොකාටද කියලා හොයා ගන්න ඕනේ...
"බුවා උඹ ඔහොම හිටපං මම අර දොස්තරයාව හම්බ වෙලා එන්නම්.." මම මගේ ගල් තොප්පිය බුවා අතට දීලා ඒ පැත්තට පොඩි මැරතන් එකක් දැම්මා...."
"කසුන් අයියේ..." මගේ පෙම්බර වොයිස් එක ඇහිලා අරූ කරන්ට් එක තිරස් ආකාරයට වැදුණා වගේ මගේ පැත්තට හැරුණා
"මල්ලී.... කොහොමද අද උදෙන්ම...?"
"කොහෙද යන්නේ...?"
"රාජකාරියට..."
"හරි යන්නේ නෑ... රාජකාරිය ගෙදර ගිහින්" කසුන්ගේ මූණ දම් පාට උණා..
"ගෙදර ගිහින් කිව්වේ මල්ලි..."
"දැං ලෙඩා ඉස්පිරිතාලේ නෑ... " කසුන් කාරයා ඔළුවේ අත ගහ ගත්තා.. යකෝ මට ආවේ නෑනේ මූට තරම් දුකක්..."
"මල්ලි දැං එයාව බලන්නද යන්නේ...?"
"හපොයි නෑ.... අයියාට පුළුවන්නේ යන්න..." මිනිහාගේ මූණ නූල කැඩිච්ච සරුංගලයක් වගේ වෙලා
"මටත් යන්න වෙන එකක් නෑ මල්ලි..." මිනිහා බිම බලා ගත්තා..... මූට දුක ඇති අද දවසේ ගතමන්ට් එක නැති වෙන නිසා.... 
" මොකද්ද අවුල .... අයියාට තියෙන්නේ සී අයි ඩී එකට කියලා වෙන විදියකින් එන්ටර් වෙන්න..." මූ නෙවෙයි කතා කරන්නේ ඔහේ බිම බලාගෙන බිංකුණ්ඩෝ සර්චින්..... 
"කසුන් අයියේ මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"මල්ලි ..... මම යනවා...." ඌ මොකුත්ම නොකියා රට කොටළුවා වගේ ආපහු හැරුණා..මූණ ඇවිල්ලා ජූස් ටික ගත්ත දොඩමක් වගේ යන්නේ කිලෝමීටරයට පැය වලින්.... මම ටක් ගාලා ගිහිල්ලා බයික් එකේ ඉඳගත්තා.
"ඒ පාර උඹට දර කඩියෙක්වත් ඇන්නද බං...?" බුවා මගේ දිහා බලන් ඉන්නේ සිංගප්පූරුවට ගිහිල්ලා අමුඩ හෙව්ව කිරි අත්තා වගේ..
" මේ උඹට යන ගමන් පැහැදිලි කරන්නම්... දැං අපි යමන් අර කසුන් කාරයා පිටිපස්සේ..." බුවා දඬුමොණරේ ඉඳගෙන කසුන් කාරයා දිහා බැලුවා...
"උඹට අරූගේ පිටිපස්සේ බයිසිකලේ ස්ටාර්ට් නොකරම යන්න පුළුවං බං" ඒක මමත් දන්නවා.. ඒත් තාත්තා උණත් ආදරේට අරං යන්න කිව්ව එකනේ... ඒ නිසා මම හිමින් සැරේම උගේ පිටිපස්සෙන් බයිසිකලේ ආරං ගියා. බස්වල නැගල බැහැලා එහෙම මූ ගියේ යන්තං හදාගත්ත ගේකට... පොඩ්ඩක් ශීට් පොඩ්ඩක් ටකරං වහලේ.... බයික් එක ටිකක් ඈතට කරලා නවත්තගත්තා... මූ අර කිව්ව දුමට සෙට් වෙන්නේ මෙතනදිද දන්නේනෑ.
"බුවා... කසුන් කාරයාගේ පොට් එකක්ද දන්නේ නෑ" මම මූට අද උදේම යන එන ගමන් වෙච්ච සීන් ඔක්කොම කිව්ව නිසා අවුලක් නෑ... නැත්නම් මූට පැහැදිල කරන්න ගියාම  මල පනිනවා
"මෙතන ඉඳලා අයිඩියා එකක් ගන්න බෑ මයියා... යමුද ඇතුලට..."
"ඒත් මචං එතනට ගිහින් වෙනම ලෙඩක් වැටෙයිද දන්නේ නෑ" මම කෝකටත් මේකෙන් බැහලා ස්ටෑන්ඩ් එක එහෙම දාලා බයිසිකලේ ලොක් කරලා යතුරත් අතට ගත්තා.... බුව ඉස්සරහාට යන්න හැරෙනකොටම කසුන් කරයා ආව වේගෙට වඩා සෑහෙන වේගෙකින් පොට් එකෙන් එළියට ගියා.
"යකෝ ආවේ පණ ගිය අස්ස කරත්තයක් වගේ ගියේ බුලට් එකක් වගේ.... කොහොමද ශක්තියේ තරම... යමු බලන්න" බුවාට යන්නමයි හිත.. උගෙත් ආසවනෙ කියලා මමත් ඒ පැත්තට ගියා... ගේ දොර නම් ඇරලා දාලා.. ඇතුල පාලූයි.... පුටු දෙකක් විතර තියනවා පොඩි රේඩියෝ කට්ටකුත් තියනවා... අප්පටසිරි අර තියෙන්නේ ෆොටෝ වගේකුත්. මේක නම් අර අපි හිතුව ජාතියේ තැනක් නෙවෙයි.... අපි මොනාද නොහිතුවේ 
"ගෙදර කවුද...?" බුවා දොරට තට්ටුවක් දැම්මා. ඇතුලෙන් ගෑනු පරානයක් එළියට ආව අලි බඩගෙඩියකුත් එක්ක... අර කසුන් කාරයාගේ බවලතා වෙන්න ඇති
"ඇයි...?" මේ යෝධි අපි දෙන්නා දිහා බලන්නේ පිටසක්වල ඉදං පොල් කරන්න ආව උන් දෙන්නෙක් දිහා බලනවා වගේ
"කසුන් අයියා ඉන්නවාද?"
"මේ දැං ගියානේ ටවුමට ගිහින් එන්න, මොකද්ද උවමනාව..."
"නෑ මේ පොඩ්ඩක් හම්බවෙන්න කියලා..." බුවා හෝ ගාලා කතාව.
" දැං ඒවි වාඩි වෙන්නකෝ..."
" එහෙම ඕනෙ කමක් නෑ... අපි වෙන වෙලාවක එන්නම්කෝ.." මම බුවාව ඇඳගෙන යන්න ලෑස්ති උණේ...."
" මොකක් හරි වැඩක්ද?" අර ගෑනි එහෙම අහපි.... බුවා ආයේත් වයින් උණා
"වැඩක් නම් තමයි... කමක් නෑ වෙන වෙලාවක එන්නම්කෝ..."
"ඉන්නකෝ තව විනාඩි පහක් එයා එයි.. ලඟට ගියේ...." කසුන් කාරයා කරන්නේ මොන වගේ වැඩද? ඒක මට දැන ගන්න මාර ඕනෙකමක් තිබුණා
" කසුන් අයියාට භාර දෙන ඕනේ වැඩක් කරන්න පුළුවං නේද?" මම නිකමට වගෙ ඇහුවා...

" ඔව් ඔව් අහලා බලන්නකෝ..... මොකක් හරි ගේක වැඩක්ද?" හත්වලාමයි.. කසුන් කාරයා ගෙවෙල් වල වැඩ කරන එකෙක්ද?, බුවාත් මගෙ දිහා එකපාරටම බැලුවා
"ඔව්....." 
" ඕනෙ විදියකට ග්‍රිල් ගහන විදිය කිව්වොත් එයා ගහලා දෙයි" අපි දෙන්නට දැං නම් හොඳටම ඇති තව ඉන්න ගියොත් පිස්සු ඉස්මොල්ලේ යනවා... මම ආපහු ආව පැත්තම හැරුණේ යන්න කියලා ඒත් එතකොටයි දැක්කේ කසුන් අයියා අපෙ පිටිපස්සේ ඉන්නවා. අපිට ආයෙත් කෑමක්ද කොහෙද සෙට් වෙන්න යන්නේ...?
"මල්ලි...?" මිනිහාත් අපි වගේම බය වෙලානේ යකෝ.... මගෙන් අඟේ ලේ ටික වාන් දැම්මේ... මූ මටත් වඩා බය වෙලානේ...
"කසුන් අයියා හම්බ වෙන්න ආවේ...." බුවාත් අවුලෙන් හිටියාට අපිට වඩා බය වෙලා හිටපු කසුන් කාරයාව දැකලා ඌත් නෝමල් උණා...
"අපි එළියට ගිහින් කතා කරමු මල්ලි..." කසුන් එළියට බැස්සේ අතේ තිබුණු බෑග් එක අර බවලතාට දීලා
" අයියා සී අය් ඩී....?" මම හිමින් සැරේ ඇහුවා...
"ඔය මොකුත් අරයාට කිව්වේ නෑ නේද?"
"නෑ නෑ.... මොකද්ද මේ සීන් එක"
"ඒක දිග කතාවක් මල්ලි..... " අරූ අපේ සීය කෙනෙක් වගේ ආර් එන් බී ක්‍රමේට කතාවක් කියන්න කියලා හැදිලා පැදිලා මගේ බයික් එක උඩ ඉඳගත්තා....
"ලිහිණි පස්සේ පන්නන්නේ ඇයි?"
"රාජකාරියක්..." මූ තාම කියන්නේ අර බයිලාවමනේ...
"කසුන් අයියේ... උඹ අපිට බොරු කියන තාක් කල් ගැලවීමක් නෑ..... උඹ ජයවීරගේ හැටි දන්නේ නෑ..."
"මම නැතුව ඕකගේ හැටි කවුද දන්නේ...?" කසුන් කාරයා මේ කියන්නේ ජයවීරයා ගැන..... හරි ගොඩනේ ඒ කියන්නේ මූ මොනා හරි ජයවීරයා ගැන දන්නවා... මූගේ ඔළුව අතගාල මූ දන්න ටික අහගන්නවා කියන්නේ වැඩේ ගොඩ...
" කසුන් අයියා ජයවීර ගැන දන්නවාද?"
"හොඳට දන්නවා... ඕකා නිසා තමයි මගේ අනාගතේ විනාස උනේ...."
" ඒ කියන්නේ අයියා පිලිගන්නවද අයියා සී අය් ඩී නෙවෙයි කියලා...?"
"මම වගේ එකෙක් සී අයි ඩී එකේ ලැට් හෝදන්නවත් ගන්නේ නෑ මල්ලි...."
"ඇයි?" මට කලින් යකෝ බුවා ටියුන් උණානේ
" මම අවුරුදු 3ක්ම මහ උළු ගෙදර ලැගපු මිනිහෙක්.... අනික මගේ අම්මාව අමුවෙන් පුච්චලා දැම්මාට පස්සේ මාව අමුනුෂ්‍යයෙක් කලා..." මේක සෑහෙන අවුල් කතාවක්.....
" මොනා කරලාද හිරේ ගියේ....?"
" මම කරපු වරදක් නෑ... මාව වරද්දකට අහු කලා.... කුඩු එක්ක ..... "
"කවුද?" මමයි බුවයි දෙන්නම එකට අහුවා
"ජයවීර..... ඌ මගේ අම්මාව අමුවෙන් පිච්චුවා.... තාත්තාව රස්සවෙන් අස් කරලා දැම්මා.. ඒ මනුස්සයා හිතේ වේදනාවට පපුවේ අමාරුවකින් මලා... අම්මාව මරනවා එකම ඇසින් දුටු සාක්ෂිකාරි ඔය පිස්සු කෙල්ල විතරයි. "ඔහොම කතාවක් ලිහිණි මට කිව්වා තමයි.. ඒත් මූ දැං ලිහිණිට පිස්සු ලු. ඕවනේ මට දිරවන්නේ නැත්තේ....
"ලිහිණිගෙන් ඔයා බලාපොරොත්තුවෙන්නේ මොනද?"
" අම්මාගේ මිනි මරුවාට විරුද්දව සාක්ෂියක්..." 
" එච්චරද?"
"මට උදව් කරපං මල්ලියේ.... ඔය පවුලේ ගොඩාක් රහස් මා ලඟ තියනවා... ඒ හැම සාක්ෂියකටම වඩා මට වටින්නේ ඔය පිස්සු කෙල්ලගේ සාක්ෂිය,,,, දැන්මම එයා කියන දේ කවුරුත් විශ්වාස කරන්නේ නෑ.. ඒත් ඔය කෙල්ලව සනීප කරගත්තොත් මට ඔක්කොම හරි..." මොනා උණත් කසුන් පොරගේ උවමනාවත් මගේ උවමනාවම තමයි.
"මම කොහොමද උඹව විශ්වාස කරන්නේ...?" මම ආයේ පොරොන්දම් බල බල හිටියේ නෑ කෙලින්ම ඇහුවා.
"මම බොරු කියනවා නම් අර නාකි ගෑනිගෙන් අහන්න... ඔය ජයවීරයා මරන්න හැදුව එයාගේ ගෑනි... එයා ඉන්න තැන මම දන්නවා..." එළකිරිනේ සයිමන් කිව්වලු....
"කොහෙද එයා ඉන්නේ....?"
"ඒක කියන්න කලින් මට උඹ උදව් කරපං... මම දන්නවා ඔය කෙල්ලට ඕනෙත් අම්මව හොයා ගන්න.. මට ඕනේ ඔය ජයවීරයාව මාට්ටු කරන්න"
" හරි උඹට දැං මොනාද අපෙන් ඕනේ...?"
" ඔය කෙල්ලව උස්සන්න.." බුවා මගේ දිහා බැලුවා....මටත් කරකියාගන්න දෙයක් නෑ... මේ මොන දහජරා උදව්වක්ද? මම කොහොමද ලිහිණිව උස්සන්න සප් එක දෙන්නේ... ඒක මට කරන්න බෑ.... දැං මෙතන මාව බෙල්ලටම හිර වෙලා නේද? මම දැන ගත්තා මට මෙහෙම ආතල් එකක් හම්බ වෙයි කියලා ඔහොම යනකොට.... ෂිඃ මටත් සෙට් වෙන්නේම පණු කූඩයක් තමයි



Thursday, September 2, 2010

64 කොටස

මොනා උනත් තාත්තාගෙන් අහගත්ත හැම දෙයක්ම මසුරන්... එදා මාව දාගෙන ගිහිල්ලා බොක්ක කට නැති වෙන්න දුන්නේ සමරනායකයා... ඒකට හේතුව උගේ පුතාව ලිහිණිට සෙට් කරන්න. ඕකට තමා කියන්නේ දාරක මෙව්වා එක කියලා.‍ අනිකෙක්ගේ පුතෙක්ව කෑලි කෑලි කරලා හරි තමන්ගේ පුතාව හුරතල් කරනවා. මට තිබ්බ කුහුල ඉවරයි. දැං මට ලිහා ගන්න තියෙන්නේ ප්‍රශ්න දෙකයි. එකක් අර කසුන් හාල්පාරුවා වැඩ කරන්නේ කාටද කියන එක. අනිත් එක තමා ලිහිණිගේ අම්මා..... ඔය දෙක ගොඩදා ගත්තොත් ලිහිණිගේ ෆයිල් එක වහලා ලොක් කරලා දාලා තාරකාගේ ප්‍රශ්නෙට බහින්න තිබ්බා. මෙතනදි සමරනායකයා තාරකාට උදව් කරන්නේ පට්ට හොඳ චේතනාවෙන් වෙන්න බෑනේ. ඔතනත් තියෙනවා මාර අවුලක්...
මම උදෙන්ම ඕක ගැන කල්පනා කර කර අයියාගේ බයික් එක පැත්තට පා උණා. මොනවා උනත් දැන් කොල්ලට ගමනාගමනයට සීසන් හම්බ උණානේ.
"මයියා....‍ උඹ කොහෙද යන්නේ?"අක්කා පන් මල්ලකුත් අරං දුවන් ආපි.
"ඇයි? තමුසෙද දැන් මම යන එන තැන්වලට ටිකට් කඩන්නේ....? " අක්කා හිනා වෙලා ඇඹරෙන්න ගත්තා... ඇයි යකෝ මේක  ඇඹරුම් ගලක් වගේනේ... අද මොනවා නැතත් අහිංසකයකුට ගින්නක් දෙන බව නම් ෂුවර්.
"මම පාරේ තමා යන්නේ... තමුසේ මේ කොහේ යන්නද ඇඹරෙන්නේ...?"
"කෑ ගහන්න එපා මයියා..." ඒ පාර මොන බොත්තමක්ද දන්නෑ.
"කියනවා කියනවා.... මට පරක්කු වෙනවා"
"මාව හන්දියෙන් දාගෙන යනවකෝ ඕයි" හත්දෙයියනේ ඕක කලින් කිව්වනම් දැන් මම මෙයාව හංදියෙන් දාලා බුවාලෑ ගෙදරත් ගිහිංනේ...
"තමුසේ ඔය ටික කියන්නද මෙච්චර කෙකර ගෑවේ...? මම හිතුවා තමුසෙට හඳපානේ ටිකිරි ටිකිරි කියාගන්න මට ටෝච් එක අල්ලන්නවත් කියනවා කියලා... නගිනවා නගිනවා.... හිතක් පපුවක් නැති උන් හරි නං මේවා කරන්න වටින්නෙත් නෑ." අක්කා මොකුත්ම නොකියා බයික් එකට නැග්ගා... පොඩ්ඩක් දුර යනකන් කිසි සද්දයක් නෑ...
"මේ ඕයි අක්කේ... තමුසේ ගාව සල්ලි තියෙනවද?"
"තියෙනවා.... කීයක් ඕනෙද?" කටඩඬනම් ටකරමකට පිණි වැටෙනවා වගේ... කැඩෙනවා...  හැදෙනවා... අක්කා මොකක් හරි අවුලකද? මම දඬුමොනරේ පැත්තකට කරලා නැවැත්තුවා. මොනා උනත් හිතක් පපුවක් නැති මගේ පපුවටත් මුන් අඩනකොට රිදෙනවා...
"අක්කේ මොකද ඕයි තමුසේ අමාරුවෙන් කතා කරන්නේ..?" මෙන්න බොලේ මෙයා හෝ ගාලා අඩන්න පටන් ගත්තා.
"මේ.... පාරේ මී හරකියෙක් වගේ හොටු පෙරන්නේ නැතුව කියනවකෝ සීන් එක...."
"මයියා... තමුසේ ලහිරුව දන්නවා නේද?"
"මං මොකද දන්නේ නැත්තේ තමුසෙගේ ස්පෙයාර් වීල් එකනේ... දැන් මොකද වෙලා තියෙන්න? ඌ බඩ වෙලාද?"
"ලහිරුව කොම්පැණි එකෙන් මස්කෙලියට මාරු කරලා."
"ඉතින් බන් තමුසේ අඩන්නේ පරලෝකෙට මාරු කලා වගේනේ... මස්කෙලිය තියෙන්නෙත් මේ පුංචි සිරි ලංකාදීපේ ඇතුලෙනේ..."
"ඒකනේ මයියා... ඒත් මෙයා ලොක්කත් එක්ක කතාවක් ඇදගෙන..."
"ඒක උගේ අයිකියනේ. කටක් තියෙන්නේ කතා කරන්නනේ..."
"ඔව්.. ඔව්.. කතා කරන්න ගිහින් ජොබ් එකෙන් අස් කරලා." අනේ මන්ද මුන්ට කටෙන් හරි හමන් වැඩක් ගන්න බැරි හැටි... ඒත් ඉතින් ඒකට මෙයා අඩන්නේ ඇයි? අරූට තියෙන්නේ වෙන ජොබක් සෙට් කර ගන්නනේ...
"දැන් තමුසේ අහවල් එක මලගෙයක් කරගෙන ඉන්නේ මොකටද?"
"ලහිරු ඊයේ මට කියනවා මේ සම්බන්දේ නවත්තමුලු."
"ඉතින් තමුසේ හා කිව්වේ නැද්ද?" අක්කා ඒ ගමන මං දිහා බැලුවේ අප්සෙට් ඩබල් වෙලා.
"උඹට කිව්වට වඩා හොඳයි නිකන් හිටියනම්..."
"ලහිරුවා ජොබ් එක නැති උනාම නවත්තලා. ජොබ් එකක් හම්බ උනාම ආයිත් සෙට් වෙයි. ජොබක් නැති නිසා තමුසෙට ස්පොන්සර් කරන එක ඌට කචල් ඇති.‍ ඒකයි ඔය..."
"එහෙම දෙයක් නෙමේ මයියා... ලහිරුව ඔෆිස් එකෙන් මාරු කරන්න හේතුව කෙල්ලෙක්..."
"ඌ ඩබල් ගේමක් අරන් ගිහින්ද?"
"නැහැ... ලහිරුට ඔෆිස් එකෙන් පවරපු වැඩක් කෙල්ලෙක් නිසා මඟ ඇරලා."
"මරු ඔෆිස් එකක්නේ බං ඕක..."
"ඒ කෙල්ල ගැන ලහිරුගේ හිතේ ලොකු අනුකම්පාවක් තියෙනවා මයියා...."
"මාර කේස් එකක්නේ ඒක... ඌ කෙල්ලට භූමිකම්පානම් ෂේප් එකේ අතහිත දීගෙන ඉන්නේ නැතුව ලොක්කා එක්ක වලි දාගත්තේ මොන උලව්වකටද?"
"ලහිරුට දුන්න රාජකාරිය අත් අරින්න කියලා කියලා තියෙන්නෙත් ඒ හිවලිම තමයි මයියා.‍‍.."
"මේකේ අවස්ථා සම්බන්දේ අවුල්නේ අක්කේ... ඔය කියන කෙල්ල නිසා රාජකාරිය මග ඇරියා කියමුකෝ... ඒ නිසා මාරුව ආවා... ඒකට ගේම ඉල්ලලා ලහිරුවට ජොබ් එක නැති වුණා... ඒත් දැං ඔය ඔක්කොම කියලා එයා තමුසෙව කැපුවේ ඇයි?" අක්කා ආයෙත් අඩන්න ගත්තා... අනේ දෙයියනේ ප්‍රශ්නයක් අහන්නත් බෑ හොටු හූරනවා.
"ලහිරු කියනවා මට වඩා ඒ කෙල්ල අසරණයිලු. ඒ නිසා එයාට ඒ කෙල්ලට පිහිට වෙන්න ඕනෙලු." අර කන්න ඕනේ උනාම කබරගොයා කුකුලා කරලත් මිනිස්සු කනවනේ... ලහිරුවා මාර පොරක්... ඌට ඕනේ විදිහට ගේම් ගහන්න දෙන්න බෑ... අපේ ලොකු සහෝදරීගේ මොන අඩුවක්ද? හැමදේම වැඩී මිසක්... අද දවසේ රාජකාරිත් එක්කම මස්සිනාවත් බලලා එන්න ඕනේ...
"හරි තමුසේ දැන් ටැප් එක ලීක් කරගන්නේ නැතුව ඉන්නවා... මම බලන්නම් සාම සාකච්චා වටයක් දාලා... හැබැයි ඕක බෑ කියනවනම් තමුසෙත් වෙන පුත්තලම් බූරුවෙක් හොයා ගන්නවා..." අක්කා කඳුළු පිහිදා ගත්තා.‍..
"මයියා... ඔයා එයාව හොයාගෙන යන්න ඕනේ නෑ... ඔය සක්කර වට්වම කවුද කියලා හොයලා දෙනවකෝ පුළුවන්නම්..."
"හරි.. හරි... දැන් තමුසේ කොහෙන්ද බහින්නේ?"
"මම මෙතන බහින්නං..." අක්කා බැහැලා ගියා. ‍අනේ මන්දා අක්කලාටත් එන ප්‍රශ්න...


මම බුවාලෑ ගෙදරට ගිහින් ඌවත් දාගෙන ඉස්පිරිතාලෙට ගියා... උදේ පාන්දර හින්දා සෙනගත් නෑ...
"මයියා.. මොකක් හරි අවුලක් බං... අර බලපං හැමතැනම පොලීසියෙන්..."
"මේකට තමයි බං ලොකු ලොකු ඇමතිලා චෙකප් වලට ගොඩ බහින්නේ..."
අපි ලිහිණිගේ කාමරේ පැත්තට හිමීට පා උණා. මොනා උනත් මේකේ ලෙඩෙක් බලන්න යද්දී යන එකාට කකුල් රුදාව හැදෙනවා. වෙනදට භානුකයා මේ පුටු සෙට් එකේ වාඩි වෙලා එන උන් පිලිගන්නවා... අද ඌ පේන්නත් නෑ...
"බුවා භානුකයා පේන්නත් නැති එකේ ජයවීරයා ඇතුලෙද දන්නේ නෑ... උඹ තට්ටුවක් දාලා බලපං මම මෙතන ඉන්නං..." මම කොරිඩෝ එකේම බ්‍රෙක් පාරක් ගැහුවා. බුවා ඔලුවත් වනාගෙනම එතනට ගිහින් තට්ටුවත් දැම්මා... මම බලාගෙන ඉද්දිම එකපාරට දොර ඇරුණා... තඩි මහත බඩ පොරක් බුවා දිහා බැලුවා... බුවා අමුවට තෙම්පරාදු වෙලා වගේ කෙල ගිල්ලා... මොනවා උනත් මෙතන කෑවොත් ඌට තනියෙන් කන්න දෙන්න බෑනේ මමත් එතෙන්ට ගියා...
"මොකද..." ඇදලා පැදලා අර තඩියා ඇහුවා.
"මේ.... මේ.... භානුක ඉන්නවද?" බුවා වෙව්ල වෙව්ල කතා කලා.
"නෑ... එහෙම කෙනෙක් නෑ. මේ මන්ත්‍රිතුමාගේ රූම් එක‍. ඔයාලට වැරදිලා." ඈ යකෝ අපි වැරදි කාමරේටද තට්ටු කරලා තියෙන්නේ...‍? අර තඩියා දොර වැහුවට පස්සේ මම කාමරේ නොම්බරේ බැලුවා.... මේ 404 තමා. ඊයේ ආව පොට් එක.‍.. එතකොට ලිහිණි කොහෙද ගියේ.... මමයි බුවයි මූණට මූණ බලා ගත්තා...
"අර නර්ස් වට මේසෙන් අහමු... කාමරේ වෙනස් කරලද දන්නේ නෑ..." බුවා නර්ස්ලා එකතු වෙලා ඕප දූප වපුරන මේසේ ළඟට ගියා.
"404 කාමරේ හිටපු ලෙඩා කෝ මිස්?"
"404 ලෙඩා...." මේ ගෑනි ඒ පාර කොළ පෙරලන්න පටන් ගත්තා... අනේ මන්දා
"ලිහිණි ජයවීර නේද?"
"ඔව් ඔව්..."
"එයාව ඊයේ හවස ඩිස්චාර්ජ් කරගෙන ගියා..." ඇයි ගොන් හරකෝ දෙබරෙට ගල් ගැහුවේ කිව්වලු... දැන් ඉතින් මොනාද කරන්නේ....? ජයවීරගේ ගෙදර යන්නද?

Wednesday, September 1, 2010

63 කොටස


අවුරුදු 3ක් හිරේ ලැගපු ගංජා කාරයෙක්ව CID එකට ගන්න තරම් කචල් එකක් CID එකට තියෙනවද අප්පා. ඒ මදිවට මූ CID පට්ටම ගහගෙන ලිහිණිගේ පස්සෙන් යනවා. මේක සෑහෙන අවුලක්... ඒත් මූ ලිහිණිගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කසුන් බුවා කාගේ හරි අතකොළුවක්ද? එහෙමනම් ලිහිණි ඉන්නේ මරු වැලක. මට රට පැටලිලා ඉන්නේ. මේවා මගේ ප්‍රශ්නත් නොවුනට නිදාගන්නත් බෑ. ආයේ කල්පනා කරගෙන කරගෙන යනකොට මගේ උරිස්සට අතක් වැටුණා. මාව උඩ විසිවුණේ අර කාලෙකට කලින් කොස් කොලේ ඇඟට වැටුණු හාවා වගේ.
"තමුසේ මොනාද ඔය තරම් හිතන්නේ?" කිරි අප්පේ මේ තාත්තානේ... අපේ ආච්චි උනත් හිතන්න නැතුව ඇති එයාගේ පුතාට මේ ලෝකේ මෙච්චර බය එකෙක් ඉඳියි කියලා.
"තා.... තාත්තේ මේ.... මම...." කොහෙද වචන දැං වමනේ කලත් එන්නේ නෑ. මම අර පිස්සු හැදුණු පොකිරිස්සෙක් වගේ දඟලනවා මටම දැනෙනවා.
"හරි හරි වාඩි වෙනවා" තාත්තා මාව එතනම ඉන්දවලා එයත් මගේ මේසේ පුටුව ඇදලා වාඩි උණා. හරි දැන් නඩු අහන්නයි යන්නේ... පැමිණිල්ලයි විත්තියයි මම. තාත්තා තමයි නඩුකාරයයි, ජූරියයි. නඩුව නියමෙට යයි. කොහෙන් ගියත් මම තමයි ඔටුවා.
"දැන් කියනවා තමුසෙට තියෙන ප්‍රශ්නේ..." ඔය මම කිව්වේ.. මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ අනුන්ගේ රෙදි හෝදන්න දාන්න යන සබන් කුඩ මොකක්ද කියන එක තමයි ඉතින්.
"ම... මට මො.. මොන පුශ්නද තාත්තේ... ? "
"බොරු බයිලා නැතිව කියනවා මොකක්ද කියලා"
ඇත්තටම මම දැන් මොනවද කියන්නේ, මම ඉතින් වැලගෙඩිය ගිල්ල උගුඩුවා වගේ  අහසයි පොළවයි එකට තියලා මූට්ටු කරන්න කල්පනා කරනවනේ. මට මේවා අදාලත් නෑ. දැන් තාත්තා අහන ප්‍රශ්න වලට උත්තර දීපන්කෝ. ඒකත් දිව වෙව්ලන්නේ නැතුව.
"මට ප්‍රශ්න නෑ තාත්තේ...." තාත්තා කට කොනකට කරලා හිනා උණා.
"අයියාගේ මුලදි පටන් ගත්ත පලහිලව්ව උණත් ඌ මුලින්ම කිව්වේ ම‍ට...." දැන් තාත්තා ඒකටත් එක දාගත්තයි කියමුකො. මම මොනා කරන්නද අයියා වගේද මම... මම මොකුත් නොකියා පනාව දැම්මා...
"තමුසෙට තියෙන්නේ කෙල්ලෙක්ගේ හුට පටයක්ද?" ඔය ඉතින් ආයේ ප්‍රශ්න වටය. මට ඉතින් එක කෙල්ලෙක්ගේ හුටපටයක්නම් බැරියෑ... මෙතන තියෙන්නේ කී දෙනෙක්ගේ හුටපටයක්ද? මෙතන හුට.. පත ලොරියයි.
"කෙල්ලෝ කියන්නේ මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ තමයි තාත්තේ..." හිතලා හිතලා උත්තරයක් දුන්නා. තාත්තගේ වයරින් පොඩ්ඩක් මාරු වෙලා වගේ. අද හරිම සතුටුයි කියන්න... යකා මාර්ක් එක වැදිලා නෑ. මෙන්න තාත්තා හිනා වෙනවා. අම්මපා මට හිතුණ පුදුමේ හැටියට කටට හිනාවක්වත් එන්නේ නෑ.
"ඒක ඇත්ත.. තමුසෙට කියන්න මම තමුසෙලාගේ අම්මට අහුවෙන්න කලින් දෙකක් කර ගැහුවා..." තාත්තා අද කොක්ටේල් එකක්වත් ගහලා ඇවිල්ලද මන්දා. මේකනම් ඉතිහාසේ රන් අකුරෙන් ටයිප් වෙන්න තියෙන වැඩක්... මෙයා අදනම් ෂුවර් එකට හාඩ් ඩිස්ක් එක වෙනස් කරලා ඇවිල්ලා... ආතල් නැත්තෙත් නෑ.
"දෙන්නෙක් එකපාර....?" මම ගොන් හිනාවක් දැම්මා 'උම්බෑ' කියලා.
"දෙකම එකට කලානම් මම අද ජීවත් වෙයිද ඕයි?" ඒකත් ඇත්ත... මෙයාට එහෙම හැකියාවක් තියෙනවානම් තව බැරියෑ.
"දැන් කෝ ඒ දෙන්නා...?" අර ඉබ්බා වතුරට දැම්ම ගමන් ඇන්නාවේ කිව්වා කියනවනේ.
"කවුරු දන්නවද ඕයි... ඒක නෙමේ දැන් තමුසෙට තියෙන්නේ ලිහිණිද තාරකාද කියන ප්‍රශ්නෙද?" ඇයි හත් දෙයියනේ මේ පාර දැම්ම ඔපරේටින් සිස්ටම් එකේ පරචිත්ත විකාරෙත් තියෙනවද දන්නේ නෑ... තාත්තගේ ඔළුවේ වයර් නම් සුද්ද වෙලා. ඒත් දැන් හිතෙනවා අර තිබ්බ තාර තිබ්බානම් හොඳයි කියලා. මෙයා ඇත්තටම කොහොදම දන්නේ ලිහිණි ගැනයි තාරකා ගැනයි.
"ලිහිණි.. තාරකා..?" මට හැබැයි ඔය ප්‍රශ්නේ ආවේ නෑනේ අප්පා.
"තමුසේ අඩු කැඩෙන්න ගුටිකෑවේ ලිහිණි නිසානේ" නෑ කියන්නත් බෑ. තාත්තා සක්‍රයාව ආශ්‍රය කරනවා කියලා මම දන්නේ නෑනේ.
"ඔව්...."
"ඔන්න ඔහොම පිරිමියෙක් වගේ කතා කරනවා"
"තාත්තගේ ඇමති පුතා කසාද බඳින්නේ කවදද?" මට කාලයක් තිස්සේ අහන්න ඕන කලේ ඔන්න ඕක. ඒත් යක්‍ෂයාගේ පුතා වගේ ඉන්නකොට ඕවා කොහොම අහන්නද?
"ඇමතිතුමාගේ පුතා ඔය පිස්සිව කරගහන්නේ නෑ"
"පිස්සි?" තාත්තා උනත් කමක් නෑ මට මල පනිනවා...
"තමුසෙට පිස්සියෝ අදුරන්න බැරි උණාට රටේ ලෝකේ අනිත් උන්ට පුළුවං... තමුසේ ඔය පිස්සිව අමතක කරලා අර තාරකාව සෙට් කර ගන්නවා" මෙයා මාරයිනේ... මෙච්චරකල් කොහෙද තාත්තේ හිටියේ...? ඒ උණාට ලිහිණි ප්‍රශ්නෙක මට ඒක මඟ අරින්න බෑ.
"තාත්තේ මට කාවවත් සෙට් කර ගන්න ඕනේ නෑ..." මම ඇත්තම කිව්වා..
"ජයවීර කියන්නේ සර්පයෙක් පුතේ... අපිට උඹව වටිනවා..." තාත්තට අද මොකද වෙලා තියෙන්නේ? මට හිතාගන්න බෑ.... කතා කරන්නේ බොක්කෙන්මයි. මෙහෙම කවදාවත් මට තාත්තා කතා කරලා නෑ.
"මට ජයවීර එක්ක ගණුදෙනුවක් නෑ."
"තමුසෙ සෙල්ලම් කරන්නේ ඒකගේ දුවත් එක්ක" මම ලිහිණි එක්ක සෙල්ලම් කරන්නේ නෑ. ඒක මම කොහොම මෙයාට තේරුම් කරන්නද?
"මට ලිහිණි එක්ක සෙල්ලම් කරන්න ඕනේ නෑ. එයාට සනීප වෙන්න ම‍ට උදව් කරන්න විතරයි ඕනේ..." තාත්තා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා.
"තමුසෙට අවුලක් වෙන්න මට ඉඩ දෙන්න බෑ." මට අවුලක් නෑ බුදු තාත්තේ.
"එහෙම අවුලක් වෙන්නේ නෑ... මම පොඩි එකෙක් වගේ ඇන ගන්නේ නෑ... මට එයාට උදව් කරන්න ඉඩ දෙන්න" ඇත්තමයි ඒක කියවුනේ බොක්කෙන්මයි.
"තමුසෙව පොඩි එකෙක් වගේ ගෙදර හිර කර ගන්න මම කැමති නෑ... තමුසේ යන තැනක අර අයියාගේ බයික් එක අරගෙන යනවා... හැබැයි කිසිම දෙයක් හිතේ තදකරගෙන ඉන්න හදන්න එපා..." තාත්තා ඒ ටික කිව්වේ ෆුල් අදෝනා වොයිස් එකකින්.
"මම කල්පනාවෙන් ඉන්නේ තාත්තේ..."
"ඔය ජයවීරලා, සමරනායකලා එක්කලා වැඩකරද්දී පරිස්සම් වෙනවා..." තිබ්බටු වගේද එළබටු කිව්වලු. ඇයි හත්දෙයියනේ මෙයා සමරනායක ගැන කොහොමද දන්නේ...?
"සමරනායක....?" මම මෝහිනීගේ රෙද්ද අල්ල ගත්තා වගේ අබ්ලික් උනා.
"තමුසෙව එදා වාහනේ දාගෙන ගියේ සමරනායක. උගේ පුතාව ජයවීරගේ පිස්සු දුවට සෙට් කරන්නයි උගේ හිතේ තියෙන්නේ... තමුසේ එතන බංකරයක් වෙන නිසා තමුසෙව කපලා දැම්මා..."
"තාත්තා කොහොමද දන්නේ...?"
"පුතේ මම අවුරුදු විසිපහක් වැඩකලේ ඇමතිට... ඔය ව‍ගේ දෙවල් හොයන එක මට ලොකු වැඩක් නෙවෙයි"
"සමරනායකයි ජයවීරයි කියන්නේ යාළුවොද ඒ කියන්නේ...?"
"නෑ උන් ජන්මාන්තර හතුරෝ" මම තවත් අවුල් උනා. මේ මොන හරුපයක්ද? මට නිකං හැමදේම මලගෙයක් වෙලා දැං තියෙන්නේ...? තවත් හිතන්න දෙවල් තියනවා. ඇත්තම කියනවනම් දැන්නම් මට තාත්තා ගැන බයයි නෙමේ, ආඩම්බරයි....