පිටුව

Wednesday, December 29, 2010

96 කොටස



අර ගෑනු පරානේ ගේ ඇතුලට කඩාගෙන එනකොට අම්මා මගේ ලඟට ලං උණා..... මෙ මොකද්ද අප්පා මේ වෙන්න යන්නේ... හරියට අනතුරු ඇඟයීම් නැතුව සුනාමියක් එනවා වගේ ඔක්කොමලා බය වෙලා. 

"තෙනුර....." කෙලින්ම මගේ දිහා බලාගත්ත ගමන් අර බවලතා මගේ නම කියලම කතා කලා.... මම පොඩ්ඩක් අයියාවත් ඔවර්ටේක් කරලා ඉස්සරහාට ආවා. මැරෙන්න උණත් කොල්ලා යනවා ආයේ හිත හිතා ඉන්නේ නෑ.... මම හොරෙන් තාත්තා දිහා බැලුවා.. මෙන්න අර යක්ස ඇස් දෙක යට ගිහින් බිමටම පාත් වෙලා. මොනා උණත් මොකක් හරි නුපුරුදු නුහුරු සීන් එකක් තමයි මෙතන සිද්ද වෙන්න යන්නේ....
"ඇයි... මොකද්ද උවමනාව?" මම කටවල් වලට අඟුල් දාගෙන බලාගෙන ඉන්න ඔක්කොමලා දිහා මාරුවෙන් මාරුවට බැලුවා. අර බවලතාගේ ඇස් වලට කොහෙන්දෝ ඉඳලා ආවා කඳුළු පිරෙන්න ගත්තා......


" පුතේ....." ඔහේ පලයං.... මේ මගේ අම්මා කියන කෙනාද? මම කෙස් අග ඉඳලා කකුලේ නියපොතු දෙකට යනකන් ස්‍ර්චින් පාරක් දැම්මා.... මෙයා එක්ක මම මොකටද යන්නේ.... මෙයා මගේ අම්මා කියන්න මෙයා ලඟ මොනාද තියන සාක්ෂි. මගේ උප්පැන්නේ අම්මාගේ නමටවත් මෙයගේ නම නෑනේ.... මට ඉතිං ඉඳලා හිටලා ඔලුවට ලෝ පොයින්ටුත් එනවා...

" ඔව්... ඇයි?"
" අයියේ..... ඔයා තාමත් පුතාට කිව්වේ නැද්ද?" මෙන්න මාව තියලා මෙයා තාත්තාගේ පැත්තට හැරුණා....
"කතා කරන දෙයක් මේ වහල යට කරන්න බෑ....." තාත්තා මොකුත්ම නොකියා ගෙදරින් එළියට බැස්සා.....
අපේ අම්මා ඇවිල්ලා මගේ ඉනවටේට අත දාලා අල්ල ගත්තා..... අර බවලතාට ඒක දැකලා තද උණාද මන්දා. 
"තෙනුර... ඔයා මාත් එක්ක යන්න එන්න ඕනේ...." එක පාරටම මෙයා එහෙම කියපි

"ඒ මොකටද?" මමත් ඇරියේ නෑ....නංගි ඇඟිලි වල නියපොතු කනවා මට පේනවා.... අක්කා අයියා ලඟට කිට්ටු වෙලා... ඔක්කොමලා මහා රෑක මෝහිණි බබා අල්ලගන්න කිව්වා වගේ බයෙන් විකාර වෙලා.
"මොකද හේතුව කියලා මෙයාල කිව්වේ නැත්නම් මම හරි කියලා දෙන්නම්...." මෙන්න මේ මනුස්සයා මගෙ අතකින් අදිනවා.... මේක මාර සෙල්ලම්ක්නේ මාව එළු පැටියෙක් වගේ දක්කගෙන යන්නද මෙයාට ඕනේ....

"අත අරින්න ධම්මී.... පුතාව බලෙන් ගෙනියන්න ඔයාට බෑ..." අපේ අම්මා තවත් මාව බදාගෙන කෑ ගහනවා.... මටත් මේ වැඩේ අල්ලන්නේ නෑ....

"නාලිනී ...... නවත්තනවා......" තාත්තාගේ හිට්ලර් කටහඬින් අම්මා කටපියා ගත්තා...... තාත්තා ගෙට ගොඩ උණා....එයා අර මට බලන්න බැරි ඩැකියුලා ඇස් දෙක ................බුදු අම්මෝ ඒක දැක්කාම නම් මට ඉහ හැරුණූ අතේ යන්න හිතෙනවා....

" මේ ධම්මි අපිට පව් නොදී.. හොඳ හිතින් කරුණාකරලා මෙතනින් යනවා.... මෙතන ඇවිල්ලා බෙරිහන් දෙන්න කලබල කරන්න බෑ කියලා මම එදාත් තමුසෙට කිව්වා... ආයේ මතක් කරන්න ඕනේ නෑනේ....."
"ඒත් අයියේ...." අර ගෑනුකෙනා කියන්න යනදේ තාත්තාගේ ඇඟිල්ල ඉස්සුණා විතරයි නතර උණා. මම විතරක් නෙවෙයි ඔක්කොමලා තාත්තාට බයයි.

"තෙනුර...." මාව තාත්තාගේ කටහඬින් ෆුක් අන්දුන් කුන්දුන් උණා......
"ඇ...ඇයි තාත්තේ....." වචන එන්නෙත් හිට හිට
" යනවද නැද්ද කියලා තමුසේ හිතලා බලනවා.... " තාත්තාගේ ඒ ගල් හිත ඇතුලේ ගිනිකන්දක් වගේ ගින්දර නලියනවා කියලා මම දන්නවා. ඒක මම අද වාහනේදි ඇහැටම දැක්කා..... මම මොකුත් නොකිය අම්මාගේ අත හිමින් සැරේ මගේ ඇඟෙන් අයින් කර ගත්තා..... අම්ම ඒ පාර මගේ අතින් අල්ල ගත්තා..... මට අම්මා ගැන දුකයි. මට තාත්තා ගැනත් දුකයි, ඒත් මෙයා මගේ අම්මා නම් මට එයාගෙන් අහන්න සෑහෙන්න ප්‍රශ්න තියනවා... ඒක අහන්න මට මෙතන බෑ. මම මෙයා එක්ක යන්න ඕනේ.... මම ආයෙත් එනවා හැබැයි ඒ වෙන කාටවත් අයිතිවාසිකම් කියන්න බැරි කරලා... ඒ නිසා මට යන්න දෙන්න රත්තරං අම්මේ...... මම එහෙම හිතලා අම්මාගේ අතින් මගේ අත ගලවා ගත්තා.....ඒක දැකලා තාත්තා ආයේ බිම බලා ගත්තා....මම හිමින් සැරේ හැරිලා අයියයි අක්කයි නංගියි දිහා බැලුවා. නංගිත් දැං අයියාට තුරුල් වෙලා ඇස් වල කඳුළු පුරෝගෙන. ඔයාලා බය වෙන්න එපා මම ආයේමත් එනවා..... 

"මම කිව්වේ මගේ පුතා එනවා මාත් එක්ක යන්න....." අර මනුස්සයා කකුලුවෙක් වගේ හරහාට නටන්න ගත්තා.... 

"මම වාහනයක් එවන්නම් බඩු අරන් යන්න" ... එයා මගේ අතින් අල්ල ගත්තා...... මම එයාගෙ අතෙනුත් මගේ අත් ගලව ගත්තා.....

"ඔයා හිතනවා නම් ඔයාට මගේ අයිතියක් තියනවා කියලා යං.... හැබැයි මට හිතනකන් ඔයා මට අයිතියි කියලා මට කරදරයක් වෙන්න බෑ.... මගේ ගෙදර අයට මෙහෙම කරදර කරන්නත් බෑ.... හරිද?" මට එයා අම්මා කියලා හිතෙන්නෙම නෑ. මට එයාට වෙන ගෑනියකුට වගේ ගෞරව කරන්නත් බෑ. ඒකත් මාර සීන් එකක්. 

"මම මෙයාලා කාටවත් කරදර කලේ නෑ... මම ඉල්ලුවේ මගේ දෙයක් විතරයි....." එයා කඳුළු පෙරාගෙන කියවන්න ගත්තා.... 

"යනවා නම් යන තැනක යනවා.. මේ ගෙදර මේවා කතා වෙන්න බෑ.. මම එක පාරකුත් කිව්වා..." තාත්තා ආයෙත් මතක් කලා..... ඒත් අර ඉස්සල්ල තිබ්බ කටේ සැර නම් අඩු වෙලා.... මට හිතට මොකද්දෝ මොකද්දෝ දෙයක් දැනෙන්න ගත්තා, අර කාලෙකට කලින් ඉඳලා හිටලා ආව ඔලුවේ කැක්කුම ඔලුව පුරාම එන්න ගත්තා. ඔලුවෙ එක පැත්තක් නැතිවෙනවා වගේ දැනූණා. මම ඔලුවම බදා ගත්තා. 

"අනේ අම්මේ මයියාට මොනාද වෙලා....." අක්කාගේ කටහඩද කොහෙද ඇහෙන්න ගත්තා...මුළු පලාතම කිරි කිරි බෝලේ කරනවා වගේ කැරකෙනවා. කාවවත් හරියට පෙන්නේ නෑ.... මුළු ලෝකෙම සුදුපාට වෙලා දම් පාට වෙලා නිල් පාට වෙලා අන්තිමට කළු පාට වෙලා ගියා......

10 comments:

Anonymous said...

ahinsaka mayiyaaaaaa

Aslam said...

මේ මොන මගුලක්ද? මොන පිස්සු වෑඩක්ද මයියා මෙ කරන්නෙ. හිතේ තියෙන දෙ කියන්නෙ නෑතුව කොහෙද මෙ යන්නෙ. මුට මෙ ගෙදර අය ගෑන කිසි ගානක් නෑ වගේ නෙ යන්නෙ.

සංජු said...

මයියා ඉක්මනට ගිහින් එන්න

Anonymous said...

ada mama 1............niyamaine dulo,puluwannam 97 ikmanata danna.hebei maiyawa chatar karanna apa....

Anonymous said...

WIsh you a Happy New Year dul akki :)

මහේෂ් කූරගම said...

ලැබුවා වූ 2011 නව වසර
දුල් ඔබටත් මයියා, තාරකා, ළිහිණි ඇතුළු “මෙන්න මෙහෙමයි“ සැමටත්
සාමය සතුට පිරි
වලියෙන් තොර ජොලියෙන් බර
එළ කිරි ඉතිරෙන
සෞභාග්‍යමත්
නව වසරක් වේවා ෴

නුවන් said...

Suba Nawa Wasarak Wewa...!!!

hmmm... kathawa den nam full serious... mona weida kiyala dul akkama thamai danne...
ara kathawa nam maru..."ඔක්කොමලා මහා රෑක මෝහිණි බබා අල්ලගන්න කිව්වා වගේ බයෙන් විකාර වෙලා." fatta...

akkage igeneeme katayuthuth hondin karagena sathutin inna...
Theruwan Saranai...!!!

පිස්සා පලාමල්ල said...

කොටස් 3ක් ම එක හුස්මට ඇද්ද... මට නම් පට්ට අවුල් දුලෝ මයියගෙ සීන් එකට

බලමුකො...

සුබ අලුත් අවුරුද්දක් දුල් අක්කී.

ඉලංදාරියා said...

අයියො මයියා... මයියට මේ මොකද වෙන්නේ..

පොඩි බබා said...

සුභ නව වසරක් වේවා නැන්දේ...!!!

Post a Comment