පිටුව

Friday, December 10, 2010

93 කොටස


ලියුම අරගෙන ගිහින් මගේ කාමරේ මේසෙ උඩින් තියලා. ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සේ ඔළුවේ වැඩ කරන නහර වලට එක්ස් සයිස් එකටත් එක්ක. තාරකා නැතුව ක්ලාස් යන එකේ තේරුමකුත් නෑ. මොකෝ මම ක්ලාස් යන්නේ ඉගෙන ගන්නද නෑනේ.... අනේ මන්දා මේවා මෙහෙම ගිහින් කොහොම වෙයිද කියලා පාන් වලට අනපු පිටි වලින් තෝසෙ කෑවා වගේ වෙයිද දන්නේ නෑ. ලිහිණි මදිවට තාරකා, දැං තව ඇලිස් කෙනෙක්. කොල්ලා බවලත් අය අතර බලවත් වෙලා බලාගෙන යනකොට. ඒත් අක්කගෙ ලියුම තිබ්බ සමහර දේවල් කොල්ලගේ බොක්කටම තට්ටු කරලා. නංගි භානුකයා නැතුව ඇත්තේ ෆුල් අබ්ලික් එකේ. මට මෙහෙම බස් එකේ නැගලා කොළඹ යන්න හිතෙනවා. ඒත් යකෝ හැමදාම වගේ මගේ සාක්කු හිස්. ගෙදරට තියා අපායටවත් යන්න තුට්ටු දෙකක් අතේ නෑ. බස් පාරට ලඟ තියන බෝක්කු කෑල්ලේ ඉඳගෙන පාරේ යන කෑලි දිහා බල බලා මම ගැනම මම කල්පනා කරද්දි ඈත් මොක්ද්ද හුරු පුරුදු වාහනයක් එනවා දැක්කා. වැඩිය දඟලන්නේ නැතුව මම එන එක මීටරේට එනකන් ඔහේ හිටියා. මෙන්න මෙ දැරැහැව ඇවිල්ලා මගේ ලඟ නතර උණා. කවුද අප්පේ අළුත් කෑමක්වත්ද? මම ටක් ගාලා හිට ගත්තා...
"පොඩි පුතා....." අප්පටසිරි මේ වාහනෙන් බහින්නේ තාත්තා නේද? දෙයියෝ සාක්කි මේ තාත්තා තමයි. මේ අමාත්‍යංසේ වාහනේනේ.. දැක්ක කල් කොහෙද ඉතිං දැං මෙහෙම වාහනයක් තියා මොරිස් කට්ටක් දකින්නෙත් කොච්චර අමාරුවෙන්ද?
"තාත්තා මෙහෙ....."
"අමාත්‍යංසෙ වැඩකට මම මේ ලඟට ආවා... මේ ටිකක් ආවා කට්ටිය බලලා යන්න.... මොකද මෙතනට වෙලා කරන්නේ...?" මම ඉතිං මෙතනට වෙලාත් හිතුවෙ ගෙදර ගැන කියලා කිව්වොත් චාටර් නේ....
"ගෙදර ඉන්න කම්මැලුයි එළියට ආවා...."
" මම ඒ පැත්තේ යනවා...."
"හරි යන්න.... " මම ඉතිං අල්ල ගන්නයෑ....
"විභාගෙත් ලඟයි නේද?"
"ඔව් තව මාස දෙකයි" ප්‍රශ්න අහන ඒවාට වැල් වටාරම් නැතුව උත්තර දෙනවා...ඊට වඩා දෙයක් නෑ
"දැං පාඩම් කරනවා ඇතිනේ..." තාත්තාත් අමාත්‍යංසේ වාහනෙන් ආව නිසාද කොහෙද ගෑස් බැහැලා. දැං ඔය අහපු ප්‍රශ්නේ වෙන දවසක නම් අහනවාද? ඕකට දෙන්න උත්තරයක් මට එදාත් නෑ අදත් නෑ.
"ඔව් පාඩම් කරනවා ඇති." මම වෙන මොනවා කියන්නද?. තාත්තා වාහනේ ඩ්‍රයිවරයාට නෝණ්ඩි වෙන නිසා යන්න හැරුණා.
"අම්මා කජු අළුවා වගයක් හදලා දුන්නා මම නැන්දාලාගේ ගෙදරින් තියනවා" එළකිරිනේ... අම්මා මට කොච්චර ආදරේද බලන්න...
"හා.........." කෝ මෙයා මට විභාගේ ඉවර වෙලා එන්න කියන්නෙ නෑනේ....මොකුත් නොකියා තාත්තා එතනින් වාහනේ නැගලා ගෙවල් පැත්තට ගියා. මම ගෙදර යන එකත් දැං තත්වෙට හොඳ මදි.මොනා කරන්නද මන්දා.... පොඩ්ඩක් වෙලාවක් ආයෙත් බෝක්කුව උඩම ඉදගෙන හිටියා. මම මේ මොනාද කරන්නේ. මට නම් තේරෙන්නේ නෑ. ඔන්න ඒපාර රෝද තුනක් මගේ ලඟ නතර උණා. කවුද ඒපාර මේකෙන් බහින්නේ. මම ටිකක් එඹිලා බැලුවා. තාරකා.....
"තාරකා.........."තාරකා යන්තම් හිනා වෙලා පාර දිගේ යන්න ගත්තා.... බලාපල්ලාකෝ මෙයාගේ අඩම්බරේ.... ඇත්තමයි මේ වෙලාවට තමයි හිතෙන්නේ උස්සලා පොලවේ ගහන්න
"ඔහොම පොඩ්ඩක් ඉන්න බැරිද..? අඳුනන්නේ නෑ වගේ යන්නේ" තාරකා එතන හිට්ටා.... මම එතනට අඩියට දෙකට පැන්නා....
" ඩයිනමයිට් එක කෝ....."
" එයාලාගේ අත්තම්මාලාගෙ ගෙදර නැවතුණා..."
"ඉතිං ඔයා ආවේ....?"
" අද හවසට පන්තියට යන්න තියන නිසා...පොතක් ටිකක් බලාගන්න"
"මාත් එක්ක තරහින් ඉන්නේ ඇයි?"
"මම තරහා නෑ..."
" ඩයිනමයිට් එක මාත් එක්ක ඉන්නේ නයා සහ මුගටියා ගානට.... ඔයාව අවුල් කරන්න මම කිසි දෙයක් කිව්වේ නෑ... ඇත්තම කිව්වොත්..." ඔන්න කොල්ලා වක්කඩ ඇරියා වගේ ඇත්ත කියාගෙන කියාගෙන යන්න එන්නේ... හදිසියේම බ්රේක් එක ලෑල්ලට පෑගුවේ නිකන් චාටර් වෙන්න යන නිසා. 
"ඒ කිසි දෙයක් දැං වැඩක් නෑනේ තෙනුර...."
"ඒකනේ......  තාරකා අපි අද යන සර් ගොඩාක් දේවල් ඔයාලගේ අතීතය ගැන දන්නවා......."
"මොනාද?"
"ඔයාලගේ අම්මා තාත්තා... ගැන"
" ඔයා කොහොමද දන්නේ....?"
"සර් මගේ ෆිට් එකනේ...."
"ඔයා සර්ට මම ගැන කිව්වද?"
"පිස්සුද?.... ඔයා හසංකවත් හම්බ වෙන්න හරිද...? මිනිහා නරක නෑ.. මිනිහා දන්න දේවලුත් පුලුවන් තරම් එළියට ගන්න බලන්න..."
"මම හසංකට කැමති නෑ.... අනික මම දැනගෙන හිටියේ නෑ අක්කා හසංකට ඔච්චර කැමතියි කියලා"
" මේ කෙල්ලො නම් අනේ මන්දා.... කමක් නෑ... දැං හිතන අය එහෙම හිතලානේ.. ඕවා වෙනස් කරන්න අපිට පුළුවංද?"
මම තාරකා එක්ක ගෙවල් පැත්තට පාවෙන්න පටන් ගත්තා....
" මම උණත් එහෙමයි..... "
"ඔයා විතරක් නෙවෙයි තාරකා... අපි උණත් එහෙමයි...., අපි ඔක්කොම එකම අච්චුවෙන් බාපු ගල් බනිස් වගේ...."
"එදා සිද්ධියට මමයි වැරදි..."
" මොන සිද්ධියටද?"
"ඒක අමතක කරමු"
"හරි ආයේ බොරු නොකියා මම මේ කියන්නේ එදා ඔයාට මම මොනා කිව්වද කියලා මට මතක නෑ තාරකා.. මට බය හිතුනේ මම හසංක ගැන ඔයාට බැන්නද කියලා... ඒකයි මම කිව්වේ කියපු හැමදේම අමතක කරන්න කියලා....."
"ඉතිං මම අමතක කලා"
"මම ඔයාට බැනලා ඔයාගෙ හිත එදා රිද්දුවෙ නැත්නම් ඉතිං කිව්ව දේවල් අමතක කරන්න එපා... වැඩේ තියෙන්නේ මම මොනාද කිව්වේ කියලා විතරක් මට කියන්න...." ඒ කතාවට තාරකාගේ මූණට හිනාවක් ආවා.. අනේ අර කම්බුලේ වල.... ආසාවේ බෑ.. කොච්චර කාලෙකට පස්සෙද දකින්නේ....


අපි ගෙදරට යනකොට තාත්තා නැන්දාත් එක්ක බර කතාවක්. මම තාරකා එක්ක ගෙට ඇතුල් වෙනවා දැකලා තාත්තා හොරෙන් තාරකා දිහා බැලුවා. තාත්තාට තියෙන්නෙත් මට වගේම පොර කුකුල් බැල්මක් තමයි.
"පොඩි පුතාට තාත්තා ලෑස්ති වෙන්න කියන්නේ ගෙදර යන්න...." මේ මොකෝ මේ හෙන ගෙඩිය දැං මට කටක් ඇරලා කිව්වාද එන්න කියලා. ෂුවර් එකට නැන්දා ගින්නක් දීලද කොහෙද
"දැං...?"
"ඔව්...." නැන්දාමයි කතා කරන්නේ..... මම කොහොමද දැං යන්නේ.. වැඩේ ලස්සනට ගොඩ දාගත්තා විතරයි
"හදිස්සියේම"
" නෑ දවස් දෙක තුනකට...." තාත්තා ඔන්න කට ඇරියා...
" මට හැබැයි නීති එක්ක ඉන්න බෑ...." ඉල්ලුම තියනකොටලු අපේ ඩිමාන්ඩ් එකත් වැඩ කරන්නේ.... ඔන්න ඔහේ මගේ අරව මේවත් දාලා බලනවා.
"හරි යමංකෝ ගෙදර.... මොනාද වෙන්නේ කියලා මම කියන්නම්" ඇයි හත්දෙයියනේ අර පාරෙදි තිබ්බ සාමකමී මොකද්ද එක මෙතනදි නැති හැටි. ආයේ මට අර මොකද්ද එකට වගේ බය හිතෙන කට හඬින් කතා කරන්න අරං. මම යන්දෝ නොයන්දෝ කියලා මේ හිතන්නේ... මේ තියන තත්වෙ හැටියට තාරකාව දාල යන එකත් ඇඟට ගුණ නෑ. ඒත් දැං තාත්තා ඇවිල්ල යං කියනකොට ඇඟ කිලිපොලා යනවා බයට. මොන සිංහ වෙස් ගත්තත් තාත්තා ඈනුමක් ඇරිය ගමන් කොල්ලා සැරෙන්ඩර්... අනේ ඇත්තමයි උප්පතියෙන්ම මට තාත්තා ඉස්සරහා ගට නැති හැටි බලපල්ලාකෝ මම කාමරේට ගිහින් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන නැන්දාගෙ ඇහැවහලා ඩයිනමයිට් එකේ කාමරේට රිංගුවා. 
"තාරකා....." හිමින් සැරේ කතා කලා. තාරකා අතත් බෙල්ලේ එල්ලගෙන පොතක් හොයනවාද කොහෙද
"තෙනුර මෙහෙම කාමරේටෙ එන්න එපා කුමාරි ඇන්ටි දැක්කොත් මට විසුමක් නැති වෙනවා..........."
"මට කොළඹ යන්න වෙලා"
"මම දන්නවා...."
"මම ගිහින් එනකන් මොන අවස්තාවකදිවත් මෙහෙන් යන්න හදන්න එපා... මොනා කිව්වත් මෙහෙ ඉන්න ඕනේ..."තාරකා පුදුමයෙන් මගෙ දිහා බැලුවා
"ඇයි ඔයා එහෙම කියන්නේ තෙනුර"
"මම එහෙම කියන්නේ එහෙම කියන්න ඕනේ නිසා"
"මට කියන්න... ඔයා දැං ඔය යන්නේ ආයේ මෙහෙ එන්න බලාගෙන නෙවෙයිද කියලා"
"මම එනවා.. මම විභාගේ කරන්න ඕනේ නේ"
" එහෙනම් එතකන් මම බලාගෙන ඉන්නම්" තාරකාගේ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා
" අද ක්ලාස් යන්න"
"හා.."
" අඬන්නේ නැතුව ඉන්න"
"හා"
" මම දැං ගිහින් එන්නම්"
"හා"
"තරහා නෑ නේද?"
"නෑ"
"මම හිතුවා ඒකටත් හා කියයි කියලා" තාරකා හිනා උණා
"මම ලිහිණිව මතක් කලා කියන්න"
"ලිහිණි...?"
"ඔව්" 
"හා මම කියන්නම්"
"ඔයා ලිහිණිවත් හම්බ වෙනවාද?"
"සමහරවිට" තාරකා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා
"හම්බ උණාට කමක් නෑ.. බීලා එහෙම එයා ලඟට යන්න එපා.. අන්තිමට එයාටත් මොනා කියයිද දන්නේ නෑ..."
"හොඳමයි මැඩම්...."
" මටත් දැං ඔයා පේන්න නැතුව ඉන්න බෑ" තාරකාගේ කතාවට මගේ රෝම කූප සර සර ගාල කුපිත වෙලා ගියා.... අනේ මට ඉඹගෙන ඉඹගෙන යන්න තිබ්බනම් උඹව කෙල්ලේ.... මටත් එහෙමයි කියන්න හදලා මම කිව්වේ නෑ.
"මම ඉක්මනට එනවා... " මම කාමරේ ඉඳලා ආපහු හැරුණා විතරයි දොර රෙද්දෙන් එහා පැත්තේ හොල්මනක්.............. මම පටස් ගාලා දොර රෙද්ද මෙහාට කරලා බැලුවා...
"තාත්තේ......" මට ඉබේටම කියවුණා.....

17 comments:

Anonymous said...

හුටා.. පෙරලුනා නේද බේසමක්

Aslam said...

අප්පෙ මේ තියෙන්නෙ, මම හිතුවෙ අක්කට අමතක වෙලා වත්ද කියලා.
එත් මොකද කථාව නම් මරෙ මරු. එලම කෑල්ල
"මොන සිංහ වෙස් ගත්තත් තාත්තා ඈනුමක් ඇරිය ගමන් කොල්ලා සැරෙන්ඩර්..."

කියවනකොට බඩ අල්ලගෙන් හිනා ගියා.
එත් අද මයියාට බඩු පෑකට් වගෙ. දෑන් දිපන්කො තාත්තාට උත්තර් ගෑනුන්ගෙ කමර වලට රින්ගනවට.
දිගටම ලියන්න හරිද අක්කෙ. එත් ඔයාගෙ වෑඩ පාලු කරගන්නත් එපා :)

Anonymous said...

sha niyamai Dul akkiyo.ohomane kolla inna ona..........maiyage love 1ta jayawewa..........

Shalika said...

අයෙත් ලියන්න පුළුවන් වුන එක ගොඩක් හොදයි. ඉක්මනට ඊලග කොටසත් දාන්න.

Dami Roxx said...

දොර රෙද්දෙන් එහා පැත්තේ හොල්මනක්.............. මම පටස් ගාලා දොර රෙද්ද මෙහාට කරලා බැලුවා...
"තාත්තේ......" මට ඉබේටම කියවුණා..... hikzz ... matath oka ona tharam wela thiyanawa ... papa fit nisa eala .. habaie miya nam kai wagea kana paleanna .. :/

Anonymous said...

ඊයේ තමයි මේ බ්ලොග් එකට අහම්බෙන් ගොඩ වැදුණේ....... අම්මපා .... කථාව නම් එළම තමයි. ඊයේ ඉඳන් මේසේ උඩට සැරින් සැරේ පාත් වෙන ෆයිල් කන්ද අස්සෙන් ඉඩ ලැ‍ෙබන හැම මොහොතෙම මයියා ගැනයි හෙව්වේ.... යාන්තම් අද 93 වෙනි‍ කොටස ළගට එනකම් කියවලා ඉවර කළා. රසය උපරිමයි.... මයියා මටත් ස්පෙෂල්. මගේ ගෙදර අය මට කියන්නෙත් මයියා කියලා(ඒත් මම ‍කොල්ලෙක් නම් නෙවෙයි හො‍ෙඳ්.... )කථාවේ ඉදිරිය ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.... දුල්හරී ඔයාට සුබම සුබ අනාගතයක්.....

Anonymous said...

Meka liyanna thiyana asawa eka eka mase dapu kotas ganen penawa

* ▼ 2010 (93)
o ► December (1)
o ► November (7)
o ► October (12)
o ► September (11)
o ► August (23)
o ► July (13)
o ► June (16)
o ► May (10)


apith harak wage hamadama awith balanawane ielaga kotasa dalada kiyala?

:(

පිස්සා පලාමල්ල said...

අනේ සුදු දුලෝ... තරහක් අහිතක් හිතන්න එපා... ඒත් අපිව අමතක නොකර සතියකට 2ක් වත්....

විභාගේ ඉවරද... ??

දුල්හරි ඉලංගකෝන් said...

එසයින්මැන්ට් එකයි රිසර්ච් එකයි ඔයාල කරලා දෙනවා නම් මම කතාව දිගටම දානවා. අනේ මම ඔයාලව දැනුවත් කලා නේද? මම කිසි දෙයක් නොකිය එහෙමම මඟ ඇරියේ නෑ. මම ටිකක් හිතටයි ඔලුවටයි විවේකයක් ඕනෙ උණාම ඇවිල්ලා ඔයාලගෙ කමෙන්ට් බලලා යනවා, එතකොට හිත පොඩ්ඩක් කූල් වෙනවා. ඒත් අද මම බොරු කාරයෙක් ගානට දාල තියෙන්නේ..... මට ඒ ගැන හරිම දුකයි. ඇත්තටම.

අනේ පිස්සා මම පුළුවං උපරිමෙන්ම කරනවා. මම ලඟදිම එක කොටසක් දාන්න බලන්නම්. මම එවෙලාවට කතාව හිතලා දාන්න ඕනේ මට කියන්න හරි හමන් විවේකයක් නැතුව කොහොමද හිතන්නේ කියලා. මට සමාවෙන්න. ඒත් මම ගොඩාක් දුකට පත් වෙනවා හේතුව... මගේ යාලුවෝ මාව තෙරුම් නොගැනීම නිසා.

නුවන් said...

Dul akka... duk wenna epa. kattiya kathawa balanna thiyena kemeththa nisane oya kiyana hemadema kiyanne. monade kiwwath oyage kathawa kiyawanna kattiya hemadama enawa.dannedda ithin hithata poddak amaruine kathawa nethi unama... ;)
mamath huga dawasakin awe. kathawa nam niyameta yanawa. akkage wedatika karagena yannako.puluwan welawata kathawath ekka apiwa munagehenna....
Jayawewa...!!!

(sinhalen liyanna beri unata sorry)

Anonymous said...

අනේ දුලෝ සොරි.තරහට නෙමේ කට්ටිය දුකට එක එක එව කියන්නෙ.කතාව බැලුවෙ නැති දාට උදෙට කැවේ නැ වගේ. ඔයගේ වැඩ ටික ඉවර කරගෙන එන්නකො මෙ පැත්තෙ.එතකම් අමාරුවෙන් උනත් බලන් ඉන්නම් අපි.

Anonymous said...

me kathawa kotas 95n nawaththuwoth mokada? e tika kohoma hari iwasala innam masa 2k hari. ethakota oyata karadarekuth ne. apita karadarekuth ne.

දුල්හරි ඉලංගකෝන් said...

මම 21 වැබි අඟහරුවාදා කතාව තව කොටසක් දැමිමට බලපොරොත්තු වෙනවා... ගොඩාක් කාලෙකට පස්සෙ. සොරි පරක්කු උණාට හොඳේ....

පොඩි බබා said...

"පාන් වලට අනපු පිටි වලින් තෝසෙ කෑවා වගේ."

නැන්දේ අපේ ඉක්කොලේ චීචර් ඇහුවා කවුද මේ කියමන කිව්වෙ කියලා මං කිව්වා අපේ දුල් නැන්දා කියලා...හෙට වෙනකන් බලා සිටිමි

මීට පොඩි බබා

Anonymous said...

kathawa parakku karana ekanam marketing parak wage..blog ekata kastiya genna ganna....nadda???

Anonymous said...

21 කියන්නෙ අද නේද ? නියමයිනේ........

දුල්හරි ඉලංගකෝන් said...

අනේ මට මාකටිං කරන්න වෙලාවත් නෑ.... මාකටිං වල හොදකම කියන්නේ දැං කතාව බලන අයගේ ප්‍රමානේ සෑහෙන්න අඩුයි. ඒත් හැමදාම එන සෙට් එකට කරන උපහාරයක් විදියට තමයි අමාරුවෙන් හරි මේ අප්ඩේට් කරන්නේ.......

Post a Comment