පිටුව

Thursday, November 18, 2010

90 කොටස


මට නම් මේක මාර උණ වැඩි වෙන කාලයක්. අපේ අතා භූත අත්මයක් වෙලා මගේ පස්සේ කෙල්ලෝ එවනවාද කොහෙද? එක කෙල්ලෙක්ව ඔන්න මෙන්න ශේප් කර ගත්තා විතරයි. මෙන්න අනිත් කෑල්ල ලයින් එකේ. මේ පාර හම්බ වෙන පරප්පුව තෙම්පරාදුවට දාන්න කලින් කන්න වෙයි වගේ....
"හලෝ....." මොන උණත් මේ කොල්ලා බය වෙනවාද ඕවට
"තෙනුර........"
"ඔව් ඔව් එයා තමයි.... ඉතිං ඉතිං... මොනාද විස්තර"
"අපොයි ඔයාට කතා කරන්න වින්ද දුකක්" එහෙම තමයි නංගි වටිනාකම තියෙන්නේ එතකොටනේ...
"දුක් විඳගෙන කෝල් කරන්න නම් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපෑ..."
" හිරාන් ආයේ ලංකාවට එනවාලු..."
"ෂඃ නියමයිනේ..... ඒ ඔයාගේ මස්සිනා නේද?"
" ඔයාට හැමදේම විහිළු තෙනුර..... භානුක අම්මව හොයන්න කියලා ගියා ගියාමයි කෝල් කරනවා මිසක් ගෙදර ආවේ නෑ....., තාත්තා ඡන්දේ පස්සේ දුවනවා... ඒ අස්සේ දැං ඉන්න ඇමති එක්ක අපේ තාත්තා සන්ධාන ගත වෙනවලු යන්නේ.... අපේ අම්මා මට දීලා තිබ්බ ඇඩ්‍රස් එකෙන් වෙන කොහෙටද ගිහින්.... එයාගෙත් ආරංචියක් නෑ... ඔක්කොටම වඩා මාව මේ ගෙදරට හිර කරලා.... මම ගන්න කෝල් පවා රෙකෝඩ් වෙනවා... මමත් ගෙදරින් පැනලා යයි කියලා... මට දැං ඇත්තටම පිස්සු හැදෙනවා..."
"බුදු අම්මේ මේක මාර වට්ටෝරුවක්නේ.... හන්දි කඩිත්තුව හැදිලා ගමේ වෙදා ලඟට ගියා වගේ...., හරි දැං ඔක්කොටම ඉස්සල්ලා කියන්න මේ කෝල් එක රෙකෝඩ් වෙනවාද කියලා"
"නෑ නෑ මේ අපේ  නැනී ගේ මොබයිල් එකෙන් ගන්නේ .... ඔයාගේ නම්බර් එක හොයන්න මම කී දෙනක්ට කියලා කෝල් කලාද?"
"ලොකු දෙයක් එහෙම හරි මොලේ කල්පනා උණා.... දැං මගෙන් මොනාද වෙන්න ඕනේ.... ඔය එක ප්‍රශ්නෙකටවත් මගෙ ලඟ විසඳුම් නම් නෑ...."
"මට ගෙදරින් එළියට පැන ගන්න සප් එක දෙන්න....."
"ලිහිණි මම ඉන්නේ කොළඹමින් ගොඩාක් දුර..... අනික ඔයා ගෙදරින් ඇවිල්ලා කොහෙද යන්නේ....?"
"මම කොහෙ හරි යන්නම්..., මම අම්මාව හොයාගෙන යන්නම්"
"ඒත් ළමයෝ ඔයාට පිස්සුද? ගෑනු ළමයෙක්ට එහෙම තනියම ඉබාගතේ යන්න පුළුවංද? ගෑනු ළමයෙක්ට තියා පිරිම ළමයෙක්ට වත් තනියම පාරේ යන්න බැරි කාලයක් මේ" මම ඔය කිව්වේ රීමික්ස් කරපු බයිලා.... මෙයාව ගෙදරින් පන්නගෙන කන්න අදින්න දෙන්නේ අපේ තාත්තාද? මටවත් කන්න අදීන්න නොදෙන මගෙ අප්පොච්චා මේ අහක යන චීත්ත රෙදි පෝෂණය කරයිද?
"ඔයා උදව් කළත් නොකළත් මම වැඩි කල් ඉන්නේ නෑ... හිරාන් එන්න කළින් මම මෙහෙන් පනින එක පනිනවා" මේවාට තමයි කියන්නේ මාරන්තිකයි කියලා.... 
"මේ මේ.... මොංගල් වැඩ කරන්න එපා.. ඌ ආවයි කියල ඔයාගේ නමට කැළලක් වෙන්නේ නෑ නේද?"
"ඔයාට තේරෙන්නේ නෑ තෙනුර.. හිරාන්ගේ හිතේ මම ගැන අදහසක් තියනවා..." බම්බුව තමයි.... ඌට එහෙම උණක් තියනවා නම් මාව කම්මුතු කරලා දැං සෑහෙන කල්
" ඉතිං හොඳ නැද්ද.... දැං කල වයසත් හොඳයි නේද? "
" ඔයත් එක්ක කතා කලාට වඩා හොඳයි නිකන් හිටියානම්" ලිහිණිට මල පනින්න ඇති. කොච්චි මිරිස් පාරදයි මේ කෙල්ලොන්ට මල පැන්නම. පේන්නෙ නැද්ද මෙහෙ ඉන්න එක්කෙනා....
" මේ මේ විකාර නැතුව ඉන්න........... හිරාන් නරක මනුස්සයෙක් නෙවෙයි... ඌට කතා කරලා දෙයක් විසඳගන්න පුළුවං ... දැං ඌ කවද්ද එන්නේ....?"
" සැප්තැම්බර් මුල" 
" හරි තව මාස දෙකක් වගේ තියනවානේ.... මම විභාගේ කලාට පස්සේ කොළඹ එනවා ඊට පස්සේ අපි මොනා හරි කරමු"
" විභාගේ ඉවර වෙන්නේ කවද්ද?"
" මම කොහොමද දන්නේ.. ඕක පටන් ගන්න දවස නොදැන ඉවර වෙන දවස කොහොම කියන්නද?" ලිහිණි පුරෝලා හුස්මක් පිට කලා....
" මට විශ්වාස කරන්න පුලුවං කෙනෙක්ට හිටියේ භානුක විතරයි... එයා මගෙන් ඈත් උණාට පස්සේ මට දැනෙන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම වංචා කාරයෝ වගේ...."
"ලිහිණි අපි පොඩ්ඩක් ඉවසමු... ඔයාලගෙ තාත්තා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔය තත්වෙ වෙනස් වෙන්නත් ඉඩ තියනවා..."
" මීට වඩා භායනක වෙනවා එහෙම උණොත්.... මට භානුකට පස්සේ ටිකක් හරි විශ්වාස ඔයාව විතරයි තෙනුර..... මට උදව් කරන්න ප්ලීස්"
" මට අගෝස්තු අන්තිම වෙනකන් කල් දෙන්න ලිහිණි ඊට පස්සේ අපි මොනා හරි දෙයක් එකතු වෙලා කරමු..."
"මම ඔයාගෙ වචනේ විශ්වාස කරනවා...." අප්පටසිරි මෙයා මාව ෂුවර් කලා කියමු ඒත් මට මාව ෂුවර් නෑනේ..... මම තාරකාට පොරොන්දු උණේ නැත්නම්  මම මෙලහකටත් ලිහිණිගේ ගිණි නිවන්න ගිහින්... ඒත් මේ කෙල්ල අත කඩා ගත්තේ මගේ අර හඩු ෂර්ට් එක හෝදන්න ගිහින්නේ.....
" එහෙනම් මම ඔයාට ආයේ ඉඩ ලැබුණාම කතා කරන්නම්...."
"ඔව් කතා කලාට කමක් නෑ ඒත් වැරදිලාවත් වෙන කාටවත් ඔය නම්බර් එක දෙනවා එහෙම නෙවෙයි"
" ඔව් මේ නම්බර් එක  හර්ෂ දෙනකොටත් මට ඔය ටිකම කිව්වා....."එහෙනම් වැඩේ හැඳි ගැරැප්පු වලින් කාලා තියෙන්නේ බුවා.... අම්මපා මුන්ට නම් සාය කෑල්ලක් දැක්කත් හරි බොක්ක ඇතුලේ තියාගන්න දුන්න ඒවාත් වමාරලා දෙයි....
"ඔයා පරිස්සමෙන් ඉන්න තෙනුර...."
"හරි හරි කොල්ලා ෆිට් එකේ ඉන්නම්කෝ.... කිරි දෙන්නු කරන හරක් වැඩ කරන්නෙ නැතුව ඉවසගෙන ඉන්නවා හරිද?" හීනි හිනාවක සද්දයක් ඇහුණා....
" හරි හරි මම හරක් වැඩ කරන්නේ නෑ...." ලිහිණි ෆෝන් එක තිබ්බා... ඒකත් ඔයින් ගියා මදෑ. මම කාමරේට යන්න හැරුණා... අප්පටසිරි ඩයිනමයිට් එක ඉන්නවානේ මූන රෝස් පාන් කරගෙන
" මොකද ඒ පාර මෙතන හරහට ඉදං මාව කන්න වගේ බලං ඉන්නේ.. අයින් වෙනවා...." මම ඩයිනමයිට් එක බයි පාස් කරගෙන කාමරේ පැත්තට මාට්ටු උණා. ෂුවර් එකටම ඔය එන්නේ ලිහිණි කවුද කියලා අහන්න.... තත්පරයක් ගියේ නෑ මෙන්න සුළියක් වගේ මෙතන
"මොකද්ද ඕයි මේ මෝහිණි වගේ... මගේ පස්සෙන් වැටිලා.."
"තමුසේ තුට්ටු දෙකේ මිනිහෙක් ඕයි..." අප්පට සිරි මේ මොකද්ද මේ වල්ලිය....
"ඒ පාර තමුසේ මගේ ගාන කීයද කියලා හොයන්නද හදන්නේ.. දැං මොකද්ද සිද්ධිය..."
"සිද්ධිය ඉතිං තමුන් දන්නවා ඇතිනේ"
"දන්නවා නම් තමුසෙගෙන් අහනවාද ඕයි"
" තමුසේ අවසිහියෙන් මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා සිහිය ආවට පස්සේ බොරු රඟපෑමක් කරලා වැඩෙන් ලිස්සනවා.. ඒ විතරක් නෙවෙයි තව කෙල්ලොන්ව හුරතල් කරන්නත් යනවා... මම කවදාවත් ඔයා ගැන ඔහොම හිතුවේ නෑ මට ලැජ්ජයි තමුසේ මගේ සහෝදරයෙක් කියන්නත්" කිරි අප්පේ මේ මොනාද මේ පාත් වෙන වැහි නැති හෙන ගෙඩි
"අයිසේ කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියනවාකෝ...."
"ඔයිට වඩා තේරෙන්න කියන්න දන්නේ නෑ මම... මීට පස්සේ තාරකා එක්ක කතා කරන්න ආවොත් එදාට මම කවුද කියලා තමුසෙට පෙන්නවා...." ඇඟිල්ලත් දික් කරලා තර්ජනයක්ද මොකක්ද එකක් කරලා මෙන්න ඩයිනමයිට් එක යන්න ගියා.... ඇත්තටම ඩයිනමයිට් එක සොමියට වගේ අත්තනා ඇටවත් කාලද දන්නේ නෑ.... පොඩ්ඩක් ඉන්න අවසිහියෙන් බලාපොරොත්තු දුන්නා කිව්වේ මමද? යකෝ මම ඒ කියන්නේ තාරකාට මගේ බොක්කවත් දිග ඇරලා දුන්නද දන්නේ නෑ.... චාටර්නේ... මම දැං ගිහින් කිව්වනේ ගොන් වස්සා වගේ ඒ ඔක්කොම අමතක කරන්න කියලා.... දැං මේ පැටලුම කොහොමද ලෙහන්නේ අර ඩයිනමයිට් එකේ ඇස් දෙක වහලා..............







14 comments:

ඉලංදාරියා said...

හපොයි මදෑකොලා ....දෑන් මොක්ද කරන්නේ ..තාරකා තරවෙයිද...?

Dakshina said...

සෑහෙන කාලයකට පස්සේ... දැන්නම් වැඩේ දෙල් වෙන්න යන්නේ !!!

පොඩි බබා said...

නැන්දා නම් එළ..කාලෙකට පස්සේ අලුත් කොටසක්...පාඩම් වැඩ අතපසු කර ගන්නේ නැතුව ඕනේ දෙයක්...

Priyanka said...

ela ela
ohoma yan... ohoma yan...

kotas gaana 100 panee wage neda.. ? ?

sameera wijayawardane said...

kalekin kathawa dekke.....
langama hithawathek dekka wage sathutuy... :)

Anonymous said...

Ela ela. Liyana 1 ikmanata liyandoooooooooooo

පිස්සා පලාමල්ල said...

මූට සිකුරො දෙන්නෙක් වැඩලා ඒකයි අවුල මේ... මොනා උනත් තාරකා තමයි හරියන්නෙ මූට.

දුලෝ කොමද විභාග වැඩ එහෙම කරගෙන යනවනේ එල කිරි වගේ

L200 said...

මයිය තවපාරක් නාගන්න යන්නෙ.

P2 said...

akki oyage Vibage gena adai denagaththe
kathawa wage neme eka
hema deyakma samabarava geniyanna
[KATHAWAI,VIBAGEI]
....අහස යට....
eka oyage jeevath kathawada?

නිශ් said...

අධ්‍යාපන කටයුතු කෙසේද?
ස්තූතියි පොස්ට් එකට

Dami Roxx said...

mala ... anea manda ... mu nam hamadama nanawa ...

Jeew said...

නලෝපං මයියෝ නලෝපං කෙල්ලෝ දෙන්නවම... කන දෙපැත්තෙං රත් වෙනකොට තේරෙයි ර‍ඟේ....

pissi said...

ඊයෙ තමයි ඔයාගේ බ්ලොග් එක දැක්කෙ.අද උදේ ඉදන් කිසීම වැඩක් නොකර කොටස් 90 වම එක හුස්මට කියෙව්වා.. කන්න වත් සිහියක් තිබ්බෙ නැ. හෙට මටත් exam ද කොහෙද... =) =)

දුල්හරි ඉලංගකෝන් said...

අනේ මට ආයෙත් පින්තූර හිඟයක් තියනවා.... මට පින්තූර ටිකක් හොයා ගන්න උදව් කරන්න. ෂාහිඩ් කපූර්ගෙයි, අම්රිතා රාඕ ගෙයි. හැකි තරම් මට හොයලා ඊමේල් කරනවාද? අනේ කරදරයක් කියලා නොහිතා.... කාරුණිකව ඉල්ලන්නේ

අනේ ඔව් පිස්සා.. විභාග කටයුතු නම් කරගෙන යනවා.... මයියා වගේ හැමදේම ඇන ගෙනත් බෑනේ ඒකයි මේ කතාව දාන්න පරක්කු වෙන්නේ.... ඔයාලා උදේට ඇවිල්ලා හරිලා යන එකට දුකයි. සමවෙන්න ඕනේ

හැමෝටම වචන දෙක තුනක් හරි ලියලා යන එකට ගොඩාක් පින්.

අනේ අමතක කරන්න එපා මට පින්තූර හොලා එවන එක...

Post a Comment