පිටුව

Thursday, November 11, 2010

89 කොටස


" මේ මේ බයිලා නැතුව වෙච්ච දේ කියනවා....." මට දැං ටික වෙන්න තද උණා... මට මාර ෂුවර් එකක් දැනෙන්න ගත්තා මම වැඩේ ආයේ නෑ ෂැම්පූ ගාලම නාලා කියලා. කොහෙද මේ බෝතලයක් සෙට් උණාම මට ගාණක් මිම්මක් මතක් වෙන්නේ නෑනෙ
" ඒ මොකටද මම කියන්නේ..... මතක් කර ගන්නවා" ඩයිනමයිට් එක මට කොකා පෙන්නගෙන එතනින් ගියා. අම්මපා දැං තමයි  ආච්චි අම්මේ නස්පියටම කුතුහලය කිව්වලු. මම තේකත් අරගෙන අනිත් පැත්තට ආවේ ගැන්සිය හොයාගෙන. යකෝ මුන් ඔක්කොම තාම මල පෙරේතයෝ වගේ දොයි. 
"ඕයි සිකා... නැගිටපං බං....." මම සිකාව හෙලෙව්වා... කොහෙද මූ ඒ පාර අනිත් පැත්තට හැරිලා නිදි.
" ටොලා..... නැගිටපංකෝ...." මම එහා පත්තේ හීනෙන් මොනාද හපන ටොලාව හෙලෙව්වා...
"තව දෙන්න බෑ බං ඔය ඇති" මෙන්න මූ එහෙම කියපි. මම උගෙන් සත කාලක දෙයක් ඉල්ලුවෙ නෑ. හරි මම ඒකවත් බයි පාස් කරලා බුවා ලඟට ගියා...
"බුවා මචං පිං සිද්ද වෙයි නැගිටිනවාකෝ" බුවා හෙමෙන් ඇස් දෙක ඇරියා. අම්මෝ සක්‍රයා බැලුවා වගේ....
"මොකද බං මේ...."
"මචං ප්‍රශනයක්"
"මොකද්ද මයියා.. මේ උදේ පාන්දර උඹට ආව පැනය .... හරි කියපං දැං අඬන්නේ නැතුව. උඹත් අත දරුවෙක් වගේ කන් කෙඳිරි ගාන එකමයි වැඩේ" බුවා ඇදේ ඉඳගත්තා,
"මචං ඊයේ මට වැඩි වෙලා මොකක් හරි පිස්සුවක් කෙලියද?" බුවා හයියෙන් හිනා වෙන්න ගත්තා.
"එක පිස්සුවක් නම් මදෑ පිස්සු වැලක්ම කෙලියා. දැං උඹ මොකක් ගැනද අහන්නේ..."
"මචං තාරකා"
" තාරකා ඕනෙ කියලා මෙතන කස්තිරම අල්ලලා.... සමාව ගන්න ඕනේ කියලා හොටු හූරලා.. කොහොම හරි එයාව කාමරේට ගෙන්න ගත්තා..."
"අප්පටසිරි මේ මම..."
"නැතුව මමද බං.... "
"ඊට පස්සේ"
"ඊට පස්සේ මොනා උණාද කියලා හොට දාන්න තරම් අපි නරුමයෝ නෙවෙයි බං... උඹලා දෙන්නට අතිශය පෞද්ගලිකව කතා කරපල්ලා කියලා අපි කාමරෙන් කැපුණා. 
"ඇයි බං කැපුණේ...?"
"උඹ මාර කොටළුවෙක්නේ... උඹ කෙල්ලත් එක්ක කතා කරන දේවල් අහගෙන ඉන්න පුළුවංද අපිට..." මම මොනා කිව්වද කියලා හිතා ගන්න බැහැ, මම කෙල්ලට බැන්නද දන්නේ නෑ.. අර හසංකයාගෙ කේස් එකට, එහෙම නැත්නම් මම කෙල්ලට ගොන් ටෝක් එකක් වත් දැම්මද? 
"මම සමාව ගන්න ඔනෙ කිව්වෙ ඇයි?"
"කාටද බං ඕවා මතක...."බුවා නැගිට්ටා....
"මම මොකක් හරි බුලක් වනලා තියනවා... තාරකා මම ගැන මොනා හිතවාද දන්නේ නෑ"
"මොනා හිතන්නද එයා හිතනවා ඇත්තේ... ගානකට මිම්මකට අඩියක්වත් ගහන්න දන්නේ නැති අත දරුවෙක් කියලා..." බුවා කාමරෙන් එළියට යනවා මම බලාගෙන හිටියා.ෂිඃ විතරක් මම කිසි දුකක් සංකාවක් නැතුව වැඩේ මැට්ටටම අනාගෙන... දැං හදපංකෝ කෝම් පිට්ටු.... මම දැං මොකද කරන්නේ.... මේ ගෙදර මම දැං ඉන්නත් ඕනේනෙ.... තාරකාට මූණ දෙන්නත් ඕනෙනේ..... 


දවල්ට එහෙම කාලා බීලා ගැන්සිය යන්න ගියා. උන් ගියාට පස්සේ මගේ හිතේ බර තවත් කිලෝ දෙක තුනකින් වැඩි උණා. තාරකා පේන්න හිටියෙත් නෑ. ඩයිනමයිට් එක නම් එහෙට මෙහෙට වෙනකොට දැක්කා. ලොකූත් ගෙදර නැති එකේ දැණුනේ මාර පාළුවක්. තාරකා හිතන් ඇති මම මහා තිරිසනෙක් කියලා. හසංක ගැන මට තිබ්බ ජෙලත් කිව්වද දන්නේ නෑ රට ඔටුවා වගේ. 
"පොඩි අයියේ... ඔයා වැඩක්ද?" ඩයිනමයිට් එක කාමරේට එඹුණා...
"එහෙම එකක් නෑ.... ඇයි?"
"තාරකා අහන්න කිව්වා ගණන් හදන්න එන්න පුළුවංද කියලා" මලා දැං මම කොහොමද ඒ කෙල්ලගේ මූණ බලන්නේ.... මම මොනා කියන්න ඇද්ද?
" ඕයි මෙහෙට එනවා..." මම ඩයිනමයිට් එකට ඔලුවෙන් කතා කලා.. අනේ අපරාදේ කියන්න බෑ කියන පරක්කුවෙන් ආවා
" තාරකා මොනා හරි ඊයේ ගැන කිව්වද?" ඩයිනමයිට් එක හිනා උණා
" මේ දැනුත් ඊයේ ගැන තමයි කිව්වේ... පුළුවංනම් අර බෝතලේ ඉතුරු ටිකත් බීල එන්න කිව්වා...." එහෙම කියාගෙන ඩයිනමයිට් එක එතනින් දුවලා ගියා. චාටර් අප්පා කොල්ලා මේකට මොකක් හරි කරන්න ඕනේ.... කමක් නෑ දැං කතා කරපු එකේ මම යනවා.... මම කාමරෙන් එළියට එනකොටම නැන්දා ඔසරියත් හද හදා ඉස්සරහා දොර පැත්තට ගියා....
" පුතා කොහෙවත් යන්න එපා අර ගෑනු ළමයි දෙන්නා විතරයි තනියම... අපි ගිහින් ලොකූව බලලා එන්නම්..." මම ඔලුව වැනුවා... නරියට කුකුල්ලු භාර දෙනකොටත් ඌට මෙහෙම හිතෙන්න ඇති. නැන්දයි මාමායි වාහනේ නැගලා ගේට්ටුවෙන් පිට වෙනකන් මම බලාගෙන ඉඳලා කෙලින්ම ගියේ ඩයිනමයිට් එකේ කාමරේට. මම යනකොට ඩයිනමයිට් එක තාරකාගේ අතට දාල තිබ්බ ප්ලාස්ටර් එකේ මොනාද ලියනවා.
" මම ඔයාට කිව නේද තාරකා පොඩි අයියා මෙහෙට එන්නේ අපේ අම්මලා ගියාට පස්සේ කියලා..." තාරකා මගේ දිහා බලලා හිනා උණා. මට හිනා වෙන්නත් අම්මපා ලැජ්ජාවේ බෑ. මම අර අතීතයක් නැති එකෙක් වගේ ගිහින් පොත් මේසෙ පුටුව මෙහාට කරලා වාඩි උණා.... 
"බලන්නකෝ තාරකා අද හා පැටියෙක් වගේ....." මේ රටේ ලොකේ වෙන සතෙක් ඇත්තෙම නැද්ද අම්මපා.. හාවා කියන්න එන්නේ.. ඔන්න කුණකටුවා කිව්ව නම් හිතට හරි. කමක් නෑ මොනා කරන්නද ඊයේ නාගෙන තියෙන්නේ මම නේ...

"හරි ඔය දෙන්න ගණන් හදන්නකෝ මම ටී වී එක බලනවා..." ඩයිනමයිට් එක මගෙ ලඟින් ගියේ ඇහැකුත් ගහන ගමන්. තාරකා ටික වෙලාවක් සද්ද නොකර හිටියා. මම ම කතාව පටන් ගන්න ඕනේ නිසා තාරකා දිහා බැලුවා. එයා බලන් ඉන්නෙත් මගෙ දිහා.....
" මට දෙයක් කියන්න තියනවා තාරකා...." තාරකා මූණ පැත්තකට කරලා හිනා උණා
" මම දන්නවා දැං කියන්න හදන දේ...."
" ඒ කොහොමද?"
"ඒක මට තේරුණා ඔයා කිව්ව ගොඩාක් දේවල් වලින්" ඇත්තටම දැං මට අහන්න පුළුවංද මම ඊයේ කිව්වේ මොනාද කියලා. අනේ මන්දා... කියන එකත් වක්කඩ ඇරලා වගේ දීලාද කොහෙද? ඒත් මොනාද?
" ඔයා මම ගැන මොනා හිතනවාද මම දන්නේ නෑ.... ඒත් මට සමා වෙන්න තාරකා...." තාරකා ආයෙත් මගෙ දිහා බලලා හිනා උණා...
"මම ඔයාට ඊයේම සමාව දුන්නානේ ..... දකින හැම වෙලාවෙම මගෙන් සමාව ගන්න ඕනෙ නෑ"
" ඊයේ මම කිව්ව හැමදේකටම මට සමා වෙන්න තාරකා... මම ඊයේ හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි..... මම ඊයේ කිව්ව හැමදෙයක්ම සමහර විට අත් වැරදීමක් වෙන්න ඇති" මම හිතන්නේ ඒ පාපොච්චාරණය හොඳට ගියා මම හිතුවටත් වඩා.
"අත් වැරදීමක්...." තාරකා මගේ දිහා බැලුවේ අසරණ වෙලා වගේ... අනේ මට මේ කෙල්ල ගැන පැලෙන්න දුකයි..... ඔයා ඕවා ගැන හිතන්න එපා... මම ඔයාට ඉන්නවා.. ඒත් ඊයේ මම කිව්ව ගොඩාක් දේවල් වලින් ඔයාගෙ හිත රිදුණනම්.... පව්... මට ගොඩාක් පව්
"ඔව් මට සමාව දෙන්න... අපි ඉස්සර වගේම ඉමු..... කෑවාම බීවාම මොනා කටට එනවාද දැනෙන්නේ නෑ... ඒ වෙලාවට කියන දේවල් ගණන් ගන්න හොඳ නෑ..." තාරකා මොකුත් කතා නොකර මා දිහාම බලාගෙන හිටියා. මට ඒ බැල්මෙන් අයින් වෙන්න හිතුණ නිසා එතනින් නැගිට්ටා....
"ඔයා කියන්නේ මට ඊයේ කිව්ව හැම දෙයක්ම හීනයක් වගේ හිතා ගන්න කියලාද තෙනුර"
"අන්න හරි.. එහෙම උණාම අපිට ඉස්සර වගේම හොඳට ඉන්න පුළුවං... නැත්නම් ඔයාට මම ගැන ලොකු තරහක් ඇති වෙයි" මම එහෙම කියාගෙන එතනින් ආවා. ඒ වචන ටික කිව්වාට පස්සේ මගේ හිතට ඒ සී එක දැම්මා වගේ මාර කූල්... මම පොඩි විසිල් පාරකුත් ගහගෙන කාමරේට ආවා.... ඒත් එක්කම ටෙලිෆෝන් එක රින් වෙනවා මට ඇහුණා.... ටික වෙලවකින් ඩයිනමයිට් එක මගේ කාමරේට දුවගෙන ආවා
"ලිහිණි කියලා කවුද ඔයාට කතා කරනවා....." 
අනේ මන්දා එක ප්‍රශ්නයක් යන්තම් විසඳුවා විතරයි... දැං ලිහිණි මොනා කියන්න යනවාද?











14 comments:

Shalika said...

me pissa da gaththoth ledakmay da ganne

Aslam said...

අන්න අන්න අයෙත් වෑඩෙ කා ගන්නවා. කට වහගෙන ඉන්න බෑරි හෑටි. තාරකා එක්ක අයෙත් යලුවෙන්න තව බොතලයකට දෑන්ම ඔඩර් කරන්නෙ වෙයි වගෙ.

ළිහිණි මොකටද කථා කරන්නෙ?? එල කොල්ලො එල දෑන් දෙකම බෙරපන්කො

sameera wijayawardane said...

මයියා ඊයේ ලස්සනට ගොඩ දාගත්තු ඔක්කොම (අසිහියෙන් උනත්), අද අප්සෙට් කරගත්ත නෙ....
හෆොයි මුගෙ වැඩේ අනාගන්න එක මයි.........

P2 said...

නියමයි අක්කි..ඔයා මේ ලියන විදිහට grl කෙනෙක් මේක ලියනවා කියලා හිතා ගන්නවත් බැ.
ane akki ethakota ලිහිණ ??????????????
ane akki ithuru tikath ikmanin danna.......................................

P2 said...

නියමයි අක්කි..ඔයා මේ ලියන විදිහට grl කෙනෙක් මේක ලියනවා කියලා හිතා ගන්නවත් බැ.
ane akki ethakota ලිහිණ ??????????????
ane akki ithuru tikath ikmanin danna.......................................

P2 said...

නියමයි අක්කි..ඔයා මේ ලියන විදිහට grl කෙනෙක් මේක ලියනවා කියලා හිතා ගන්නවත් බැ
ane akki ethakotha ලිහිණි..................

L200 said...

ශික්, මු ආපහු ෂැම්පූ ගාලම නාගත්තනෙ.

Anonymous said...

apoy deyane,, anuwa neda ayemth,, shik witherak,, ganeta tharekawe yalu karan hitiye,, apoy,, ane ikmante 90 wath danneko akkiyooo
Glimmer Girl

Siribiris said...

දුල්, ඔයා කලින් පෝස්ට් එකේ දාපු පිලිතුර දැකලා මට නං දුක හිතුනා. ඔයා සිංහ පැටියා කියලා හිතාගෙන හිටියට මොකද, හරිම සංවේදියි කියලයි මට හිතෙන්නෙ. මෙච්චරම වැදගත් විභාගයක් නං , කතා ලිවිල්ල පැත්තක තියලා ඒක කරගෙන ඉන්න බලන්න, හැමෝම සතු‍ටු කරන්න ගිහිල්ලා අනාගන්නෙ නැතුව.

මං නං එකදිගටම පාඩම් කරන්න බැහැ, අතරමැද විවේකයක් අවශ්‍යමයි. ඔයාගෙ තත්ත්වයත් ඒකම නං සහ කතාව ලියන එකෙන් ඒ අවශ්‍යය විවේකය ලැබෙනවා නං විතරක් කතාව ටික ටික ලියන්න බලන්න.

දුල්හරි ඉලංගකෝන් said...

ගොඩාක් ස්තූතියි සිරිබිරිස් මගේ තත්වය තේරුම් ගත්තාට. මට කතා ලියන එකෙන් විවේකයක් නම් ලැබෙනවා තමයි. ඒත් මේ දවස් වල විවේක ගන්නත් බයයි. මම මෙතනට ආවම මේක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ නැත්නම් ඔයාලාට ටිකක් හරි කික් වෙන විදියේ කොටසක් දාන්න බැරි වෙනවා. ඒකයි අවුල. මම ආස නෑ දෙයක් භාගෙට කරලා බැනුම් අහන්න.

නෑ නෑ මම නම් සිංහ නෑ.... අනුන්ගේ කතාවක් කියවලත් අඬන ජාතිය. ගල් හිතක් තියන අයට නිර්මාණ කරන්න බෑ, ඒක අමාරුයි කියලා මම අහලා තියනවා. ඕනෙම දේකට ටැප් එක ඇරගන්න එක ගෑනු ගතිය නොවැ.

මගේ කතාව නෑ කියලා හැරිලා යනවා කියලා දාලා තියන කමෙන්ට් දැක්කම මට දුක හිතෙනවා. මම රෑට ටයිප් කරන්නේ ඒකයි. ඔක්කොම බලන වෙලාවට ටයිප් කරන්න වෙලාව හොයා ගන්න අමාරුයි. මම ගොඩාක් සතුටුයි මගෙ වටේ මෙච්චර පිරිසක් ඉදීම පිලිබඳව. නිහතමානි ආඩම්බරයකුත් තියනවා...

ගොඩාක් ස්තූතියි......

Anonymous said...

aiyo maiya aye kewa........

පිස්සා පලාමල්ල said...

අනේ අනේ මැටි හරකො... උබ වගේ කේප්ප ගොන් වස්සෙක්... දුලෝ ඔයාට නෙමෙයි අනේ මේ මයියා... කෑව නේ ආයෙම... මයියෙක් නෙමෙයි වස්සෙක් ඇත්තමයි.

මේ දුලෝ විභාගේ අංක 1 නොවැ... ඔය ඉතින් ඉදල හිටල අපි උනත් දුකට සත්තම් දැම්මට අපි ඉතින් තරහකටය කියන්නේ. වැඩ ටික කරගෙන පුලු පුලුවන් හැටියට දන්න. අපි තරහක් නැතෝ....

නිශ් said...

සිරි බිරිස් සමග් 100% එකඟ වෙමි. විබාගෙ ඈන ගන්න එපා..........

Anonymous said...

yeah i agree with siribiris tooo .. all the best for the examz
Glimmer Girl

Post a Comment