පිටුව

Wednesday, November 3, 2010

87 කොටස


මම අනිත් උන්ව හන්දියට යවලා පන්සල පැත්තට මාරු උනේ අර ගල් මූසලයව බලා ගන්නත් එක්ක. ඩයිනමයිට් එක හැසිරෙන විදිය අනුව මිනිහා ඇවිල්ලා අමුතුම ඩයල් එකක් වෙන්න ඕනෙ..... හරි බලමුකෝ ඌ ගේම නම් මමත් ගේම... මොකො මම පාතලෙ උන්ගේ කනෙන් රිංගුවේ නැද්ද?.... 
පන්සලේ බෝ ගහ ලඟ කට්ටියක් හයියෙන් ගාථා කියනවා... තව කට්ටියක් ලිඳ ලඟ වතුර අදින ගමන් අනුන්ගෙ චීත්තයක් හෝදනවා.... සෙරෙප්පු දෙක ගලවා ඇතුලට යන ගමන් මම වට පිටාවට කැමරාව දැම්මා... මම බැලුවේ අර හෝතම්බුවා කොහෙද කියලා..... අර ඉන්නේ පොර නේද ගලක් උඩ ඉඳගෙන.... ඌ වෙන්න ඕනෙ මම ඕකව ලඟ පාතකට දැකලා නෑ..... ගල් ඉබ්බෙක්ගේ මූණක් තියෙන්නේ ඌට.... 
"හසංක....." මම ම කතාව පටන් ගත්තා.... මිනිහා මගෙ දිහා බලලා කට පැත්තකට කරලා හිනා උණා
"ඔව් ඔව්.... "
" අපේ ගෙදර ඔය නම සෑහෙන්න හිට් වෙලා තියෙන්නේ....."
" ඒක නම් කොච්චර දෙයක්ද?"
"ගොඩාක් වෙලාද ඇවිත්?"
" එච්චර වෙලා නෑ දැං ටිකක් වෙලා..." යකෝ මූ හරියට උත්තර දෙන්නේ මම පොලිස් ඌ හොරා වගේනේ.... ෂිඃ කිසි ගෝ එකක් නෑ....
" උඹ මාත් එක්ක ඉන්නේ ඔරොප්පුවෙන්ද?" මම එහෙම ඇහුවා... ඇත්තටම මමයි මූ එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ
" ඒ මොකටද? .... උඹ මහා කාලකණ්ණි වැඩක් කරන්නේ කොළඹ ඉඳං මෙහෙ ඇවිල්ලා...." මූ කවුද යකෝ මම කරන වැඩ කාලකණ්ණි කියන්න.... දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න... හැලපයා
"ඒ මොකද්ද කාලකණ්ණිකම"
" එකෙක් දෙන්නෙක් පස්සෙන් පැන්නුවා කියලා හැංගිලා ඉන්න එක කාලකණ්ණිකමක් නෙවෙයිද?" අප්පට බොල.. මූ දන්න දේවල්. ෂුවර් එක අපේ ගෙදර ඉන්න ඩයිනමයිට් එක මේවා ඔක්කොම මූට පත්තු කරලාද කොහෙද? 
"උඹත් එක්ක මගේ කිසි අවුලක් නෑ... ඒත් මම කැමති නෑ මගේ ප්‍රශ්න වලට එකෙක්වත් අත දානවාට"
"මටත් උඹේ ප්‍රශ්න වලින් වැඩක් නෑ..... මොකටද මාව හම්බ වෙන්න ඕනේ කිව්වේ..."ඔන්න පුතෝ උඹ ඕනෙ තැනට ආවා.....
" තාරකා ...." හැමදාම වගේ අහන්න ඕනේම ප්‍රශ්නේ එනකොට මගෙ දිව නැවෙන්නේ නෑ. පොරට හිනා ගියා...
" තාරකා උඹේ කෑල්ල නේද?" බඩුම තමයි.... කෑල්ල...... ඔන්න ආයේ තද වෙනවා.... මම මගේ කටින් කෑල්ල කියනවා නම් කියන්නේ රෙස්පෙක්ටබල් විදියට... එත් මූ ගල් මූසලයා...
" කෑල්ල...... "
"වැරදුනා මට කියවුණේ අපේ වචන වලින්.... මම කිව්වේ කෙල්ල"
"එහෙම එකක් නෑ.... ඒත් මොකද්ද මේ සීන් එක" පිරිමියෙක් වගේ හැසිරෙන්න එපෑ
" මම දන්න තරමින් තාරකාගෙ අතීතෙ උඹත් දන්නවා.."
"උඹ මොනාද තාරකා ගැන දන්නේ....."
"හැමදෙයක්ම"
"මොනාද හැමදේම"
"අතීතය, වර්ථමානය , අනාගතේ..." බලාපල්ලකෝ මේ පඟර නැට්ටට ගිය කල... අනාගතෙත් දන්නවාලු
"ලොකු දෙයක්.... ඒක අපිටත් කිව්වොත් හොඳයි නැද්ද?" මෙන්න මූ හිනා වෙන්න ගත්තා
" ඔය හැමදේම මම වෙලාව ආවම තාරකාට කියන්නම්.... උඹ එයාගෙන් අහගනින්" මට දැං මූව සම්බෝල කරන්න පුළුවං
"තාරකා කැමති නෑ උඹව මුණගැහෙන්න"
" එහෙනම් සොරි තමයි සහෝදරයා............. තාරකාට නැතුව මට එයාගේ චර පුරුෂයොන්ට පණිවිඩ දෙන්න බෑ..."
"පණිවිඩ.... කාගෙ පණිවිඩද?"
"ඒකත් තමුසෙට කියලා වැඩක් නෑ..." මු හිටිය තැනින් නැගිට්ටා
" පණිවිඩ ගේන්නේ සුමනාගෙන්ද?" හසංකයා මගේ දිහා හැරිලා බැලුවා
" තමුසෙ කොහොමද එයාව දන්නේ....?"
" මමත් අතීතයයි, වර්ථමානයයි දෙකම දන්න එකෙක්... අඩු අනාගතේ විතරයි" ඒක ඉතිං දැනටමත් අනාගෙන ඉවරයි
" සුමනාව කොහොමද දන්නේ....?"
" සුමනා අද ජීවත් වෙන්නේ අපි නිසා"
"පොඩ්ඩක් ඉන්න.... සුමනාව සමරනායකයාගෙන් බේර ගත්ත මහත්තුරු කියන්නෙ...?"
"ඒ අපිට වෙන්න ඇති...." හසංක ආයෙත් හිටිය තැනින්ම වාඩි උණා
" උඹ සමරනායක ගැන මොනාද දන්නේ..?" යකෝ මමයි මුගෙන් ප්‍රශ්න අහන්න අවේ අන්තිමට මූනේ මගෙන් ප්‍රශ්න අහන්නේ
" මම ඔය එක එකා ගැන දන්නේ නෑ..."
" සමරනායක මිනීමරුවෙක් උගෙන් පරිස්සම් වෙයං...."
" ඒක කියන්න ඕනේ නෑ..."
" උඹ තාරකාට කියන්න යන දේවල් මට කියපං....." හසංක කල්පනා කලා
" හරි.... මම ඊට කලින් මේ ගැන සුමනාගෙන් අහන්න ඕනේ..." මම කිව්වේ මූ ඇවිල්ල මාර ජේමිස් කෙනෙක් කියලා....
" සුමනා කියන විදියටද උඹ වැඩ කරන්නේ,,,?"
"එහෙම හිතා ගනින්කෝ" හසංක නැගිට්ටා.....
"සුමනාට කියපං... එදා මටත් නොකියා අපේ ගෙදරින් ආව එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා..."  හසංක ඔළුව වනාගෙන එතනින් ගියා.... හිතපු තරම් යකා කලු නෑ.... මගේ උවමනාවත් උණානෙ.... තාරකා මූව හම්බ වෙලාවත් නෑ... එහෙනම් ලොකූ මොකටද නැට්ට පාගගත්තේ.... ඒක අහන්න බැරි උණානේ


මම ආයේ නෑ මාර ආතල් එකේ පිට්ටනිය පැත්තට ගියා ගැන්සිය බෝතලයක් එහෙම තියාගෙන බලාගෙන ඉන්නවා
"මොකද බං උනේ...?" බුවා ....මම උන් ලඟින් ඉඳගනිද්දිම අහුවා
"මොකුත් උනෙ නෑ.... ඌ ඇවිල්ලා අර ගෑනිගේ පණිවිඩ කාරයෙක්"
"කාගෙද?" සිකා සිරා වතුර ටිකක් ප්ලාස්ටික් කෝප්පෙට දාන ගමන් ඇහුවා
"සුමනාගෙ..."
" ඔහෙ පලයං....." බුවා හිනා වෙන්න ගත්තා
" ඒ පාර දිව හපාගෙන හිනාවෙන්නෙ මොකද බං"
" ඔය ටික මදෑ කොල්ලට හොඳට නින්ද යන්න...." ඒකට අනිත් උන් හිනාවෙනකොට මටත් හොඳට හිනා ගියා.
"මම බොරුවට තාරකාව සැක කලා බං"
"ඒක තමයි.... උඹට වෙලාවක් කලාවක් නෑනේ ...හිතුව කලා..."
"මොනාද?"
"ලව්" ටොලා කියලා හයියෙන් හිනා උණා.... මම සෝඩා කලවං නොකරම දෙක තුනක් දාගත්තා... අම්මට සිරි එළ සොයිසා කිව්වලු. දැං මට පුළුවං සමරනායකලා දහයක් එක්ක උනත් ගේම ඉල්ලන්න
"මොකද කියන්නේ.... අපි ගිහින් අරූට වට කරලා නෙලමුද?" මම නැගිට්ටා....
"වාඩි වෙයං... සෝඩා තියෙද්දි උගුඩුවා වගේ නිකන් කටට හලා ගත්තනේ ... උඹට වැඩි වෙලා බං" ටොලයි සිකයි මාව අල්ලලා වාඩි කෙරෙව්වා.... මුන්ට අන්ද කයිප්පුද... මට ගට ආව වෙලාවේ ගහගන්නවා නම් ගහ ගන්න ඕනේ
"මට අරූට නෙලන්න ඕනේ බං"
"කාටද උඹ නෙලන්න යන්නේ...?"
" මෙවන් කාරයාට... ඕකා මගේ අත කැඩුවා... මතකනේ..." මම ආයේ නැගිට්ටා
" මූට සිරාවටම වැඩියි බං.... කොහෙද මූ කියන දෙයක් අහන්නේ නෑනේ..." බුවා මාව තද කරලා අල්ල ගත්තා
"උඹලා බයයිනේ බං... බය වෙන්න එපා වරෙන් මාත් එක්ක" මම යන්න හදනවා මුං දෙන්නෙම නෑ.. දැං මට මුන් එක්කත් මල පැනගෙන පැනගෙන එන්නේ....
"අත ඇරපං මාව....."
" පිස්සුද උඹව කොහෙ අත අරින්නද... මෙහෙම අල්ලමු ගෙදරට" බුවා මාව බලෙන් අල්ලගෙන නැන්දාලෑ ගෙවල් පැත්තට ඇදගෙන ගියා....
"මචං මුගේ නැන්දාගෙන් කන්න වෙයිද දන්නේ නෑ මුගෙ තත්වෙ දැකලා..." සිකා බයෙන් කියනවා ඇහුණා
" උඹලා මොකටද නැන්දාට බය වෙන්නේ... ඒ මගෙ නැන්දා.... මම කතා කරන්නම්"
"නෑ නෑ උඹ මොකුත් කරන්න ඕනේ නෑ මයියා... කට පියාගෙන හිටපං...." යකෝ මුන් නැන්දාට බයේ වෙව්ලනවා කතා කරන්නං කිව්වාත් මට කට පියා ගන්නලු.....
" මචං... ගේ ලඟයි සද්ද නැතුව යමන්.... කෙලින් පල.." බුවා මාව පස්සෙන් අල්ලගත්තා... සිකා මගෙ කරට අත දාගත්තා මම හිතන්නේ... ටොලා ඉස්සර උණා....
" මචං මම මෙහෙම කෙලින්ම ගිහින් තාරකාගෙන් සමාව ඉල්ලගෙන එන්නද? " මම හිමින් සැරේ සිකාගෙන් ඇහුවා.
"නෑ ඒ මොකුත් එපා ඔහොමම  යමංකෝ කාමරේට...." බුවා මාව පිටිපස්සෙන් තල්ලු කලා
" මට තාරකාගෙන් සමාව ගන්න ඕනේ බං... ඒකි පව් බං..." මට දුකට හෝ ගාල ඇඬෙනවා. ගැන්සිය මාව ඇඳට විසි කලා
" තිබ්බ ආතල් එකත් ගියා මූ පිස්සු කෙලලා....." ටොලා මගේ ෂර්ට් එකේ බොත්තම් ගලවන්න ගත්තා...
"මට එක පාරක් තාරකාට සොරි කියන්න දීපං..." මුන් මට නැගිටින්න දෙන්නෙම නෑ. මට සොරි බොක්කෙන්ම කියන්න තිබ්බා දැං ගියානම්
"එක පාරක් කිව්වා නේද...?" බුවා සැරෙන් වගේ කිව්වා... මම බය උනේ නෑ... ඒත් ඇහුවා බුවා හොඳ එකා... ඒ නිසා ඇහුවා... ඒත් එක්කම හෙන ගහනවා වගේ දොරට තට්ටුවක් ඇහුණා...
"තාරකාද කොහෙද .....දොර ඇරපං..." මම කෑ ගැහුවා.... ටොලා මාව ඇදලා අරං ඇඳට විසි කලා.
"මචං දැං අපි මොකද කරන්නේ...?" සිකා කියනවා මට ඇහුණා..........



15 comments:

Aslam said...

අප්පො මයියාත් චාටර් නේ. මෙහෙම බොන එකෙක් කියලා මම හිතුවෙ නෑහෑ. අන්තිමයි :(

hansi said...

අයියෝ මයියා චාටර්නේ..මෙහෙමත් පිස්සු නටනවද..?
අක්කි ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකො...

bckurera said...

එලනේ කන බොන කොල්ලෙක් ජය වේවා.

Gihan said...

නංගි මරුනේ.... මම තිව්වවේ මයියා මරේ මරුනේ.... හේ.... හේ.....

Dami Roxx said...

pissu hadenawa ... maiya wadea del karaida dannea naha ... mu nikan na gannawa .. hikzz .. baduma thama .. lolzz

P2 said...

අක්කි ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකො.................................

P2 said...

අක්කි ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකො................................

Anonymous said...

අක්කියො,ඔය අද 88 දානවද?
මම නම් ඔන්න බල කරන්නෙ නෑ..ඔයාට පුලු පුලුවන් විදියට ලියන්න.කතාව හරිම ලස්සනයි...

මන් ඊශා

පොඩි බබා said...

"මම ආයේ නෑ මාර ආතල් එකේ පිට්ටනිය පැත්තට ගියා ගැන්සිය බෝතලයක් එහෙම තියාගෙන බලාගෙන ඉන්නවා..."

නැන්දේ ඇයි මේ ඊට පස්සේ කොටු කොටු දාලා බබාට බලන්න හොඳ නැති සීන් එකක් වගේ?මැද නැත...

"දුම්වැටි සහ මධ්යසාර පිළිබඳ රජයේ රෙගුලාසි හේතුවෙනි"

පස්සේ මේ කෑල්ල...
"'මචං දැං අපි මොකද කරන්නේ...?' සිකා කියනවා මට ඇහුණා..........".හි...හි...හි...

පිස්සා පලාමල්ල said...

කොටස් 3- 4ක් එක ගැම්මට ඇද්දා... මයියාත් පිස්සා ගේ ටයිප් වෙලානේ... දෙක ට නැමිල ගෙදර එන්නේ හි හි හි....

කතාව නම් එලකිරිස් තමයි දුලෝ...

L200 said...

මෙන්න සි0හයෙක්

P2 said...

කතාව හරිම ලස්සනයි...
oyath ewage ethi
88..........

P2 said...

කතාව හරිම ලස්සනයි...
OYATH EVAGE ETHI
MAMA කතාවට GODAK ASAI

Anonymous said...

87 weni kotasa dala adata dina 5 i. api wage harak innawane hamadama awith balala yanna habata

පොඩි බබා said...

ටොලා මාව ඇදලා අරං ඇඳට විසි කලා."මචං දැං අපි මොකද කරන්නේ...?" සිකා කියනවා මට ඇහුණා...
ආයෙත් කොටු කොටු ද දන්නේ නෑ? 87ත් දාලා පොඩ්ඩක් ආවා කතාව නැවතුනු තැන බලන් යන්න. අනේ මේ කතාව බබෙකුත් බලනෝ....

Post a Comment