පිටුව

Friday, October 8, 2010

77 කොටස


" මොනාද කරන්න යන්නේ..." තාරකා බය වෙලා... අප්පටසිරි කෙල්ල හිතුවාද දන්නේ නෑ මම බලහත්කාර කමක්වත් කරන්න යනවාද කියලා.....
"මට ලිහිණිට කෝල් එකක් ගන්න ඕනේ..."
"ලිහිණි...." තාරකාගේ මුණ අමුතු උණා..... මේ කෙල්ල බෑ කියන්නද දන්නේ නෑ යන්නේ...
"ලිහිණි නේද තෙනුර ඔයාගේ කොළඹ ගෑනු ළමයා...." මගේ කට කොනට හිනා වක් ආව තාරකාව උණත් බයිට් කරන්න පුළුවං මේ වැඩෙන් ...... 
" අනේ මන්දා ඔයා ඕනේ දෙයක් හිතා ගන්නකෝ.... මට කෝල් එක අරන් දෙනවාද? "
"මම....?"
"ඔව් ඔව්..... මට ගෙදරට කෝල් එකක් අරන් චාටර් වෙන්න බෑ..... භානුකයා ගත්තොත් අවුලක් නෑ ඒත් ජය වීරයා ගත්තොත් නම් කපෝති. මේ දවස් වල කන ලඟම ෆෝන් එක තියාගෙන ඇති.... ඡන්දෙට ඉල්ලනවානේ..."
"ඉතිං මම මොනාද කියන්නේ...."
"මොකුත් කියන්න ඕනේ නෑ.... ලිහිණිව ඉල්ලන්න...... කවුද කියලා ඇහුවොත් ෂවිනි කියන්න.....ලිහිණි කතා කලාම මට දෙන්න" නංගි ලිහිණිගේ ෆිට් එක නිසා හොඳයි
" මට බයයි...."
"අනෙ තාරකා මම ලිහිණිට මොකුත්ම නොකියා ගෙදරින් ආවේ...." මම ඒක කිව්වේ බොක්කෙන්මයි.....තාරකා මගේ දිහා බලලා අමුතු විදියට හිනා උණා..... 
"මෙහෙ හිටියාට හිත ලිහිණි ලඟ නේද?" මෙයාට අන්දකයිප්පුද මන්දා..... ඒ කෙල්ල මගෙන් දෙයක් බලාපොරොත්තු උණා. මම ඒක ගැන කිසි තැකීමක් නැතුව මෙහෙ ආව කියලා හිතුවොත් කියලා බයට මම මේ කෝල් කරන්නේ
"ඕනේ දෙයක් හිතා ගන්නකෝ..." තාරකා මොකුත් නොකියා ගිහින් ෆෝන් එක කනේ තියා ගත්තා... 
"නම්බරේ දෙන්නකෝ....." අනේ මේකි හිතුවට වඩා සුදුයි අම්මපා..... මට හිතුනේ ඉඹගෙන ඉඹගෙන යන්න .... අනේ මන්දා මම මේ හිතන ඒවා පොඩි උන්ට හොඳද කියලා.....මම නම්බරේ දුන්නා... මම කිව්ව වගේම ලිහිණිව ඉල්ලලා අන්තිමට රිසිවරේ මට දික් කලා.
"හලෝ...."
"තෙනුර........"
" අම්මෝ අපේ කටහඬවලුත් මතකයි එහෙනම්..."
" ඉන්න ඉන්න මම මේ ෆෝන් එකේ පැරලල් ලයින් එකේ වයර් එක ගලෝලා එන්නම්" ලිහිණි එතනින් යන්න ඇති. තාරකා මගේ දිහා බලගෙන හිටියේ හරි අමුතු විදියට... පව් කියලත් හිතෙනවා.... කොච්චර ඇඬුවත් හිනා වෙද්දි කම්බුල් වල ගැහෙනවානේ....මම එයා දිහා බලලා හිනා උණා... කෙල්ල යන්තම් හිනා වෙලා කාමරේට ගියා
"හරි හරි.... ඔයා කොහෙද තෙනුර...."
"මම කොළඹ නෙවෙයි ලිහිණි..."
"එහෙනම්....?"
" ඉන්න තැන වැඩක් නෑ.... කියන්නකෝ ඔයාගේ විස්තර...."
"තාත්තා ඡන්දෙට ඉල්ලනවා............"
"ආරංචියි..."
"දැං දවස් දෙක තුනකට කලින් අපේ ගෙදරට නිර්නාමික ලියුමක් ආවා..."
"මොනා කියලාද?"
"භානුක තමයි කඩලා බැලුවේ.... ඒකේ තියන විදියට භානුක කියන්නේ අපේ අම්මාගේ දරුවෙක් නෙවෙයි..."
"එහෙනම්"
"වැඩි විස්තරයක් මම දන්නේ නෑ... භානුක ඒක දැනගෙන අප්සෙට් උණෙත් නෑ... මට ඒක නම් හිතා ගන්න බෑ.... මම එහෙමනම් පොළොවේ හැපෙනවා..."
"අම්මාගේ ඇඩ්‍රස් එක මට දුන්නෙත් නෑනේ... ඔය ප්‍රශ්නෙටත් උත්තරේ අම්මා දන්නවා ඇති"
"ඔව් ඒකනම් එහෙම තමයි.... භානුක ලඟදි රුවනුයි හර්ෂයි එක්ක කතා කරනවා මම අහගෙන හිටියා..."
"මොනාද?"
"පැහැදිලි උණේ නෑ... ඔයාට හොයා ගන්න පුලූවං වෙයි..." ඒ කියන්නේ සිකයි බුවයි සැළකිය යුතු මොනා හරි දන්නවා.... අම්මපා මූන්ට මට කෝල් එකක් දෙන්න බැරි උණානේ....
"තෙනුර..... මට අම්ම ලඟට යන්න ඕනේ...."
"හරි හරි ඒක මම දන්නවා ලිහිණි... ඒත් මට විභාගේ ඉවරවෙනකන් කොළඹ පැත්තේ එන්න වෙන එකක් නෑ... මම අරුන් දෙන්නා එක්ක කතා කරන්නම්කෝ.... ඔයාට කරදරයක් නෑ නේද?"
"මට කරදරයක් නෑ... ඒත් මේ හිර ගෙදර මට තිත්ත වෙලා තෙනුර...."
"ඔයා අවුල් වෙන්න එපා..... මට මොනා හරි කියන්න තියනවා නම් හර්ෂට පණිවිඩේ දෙන්න.... "
"ඔයා ආයේ කොළඹ ආවාම නිකම් පෙනිලා යන්න හරි එන්න..." ඒ මොකද්ද ඒ කතාව.. පේන්න නම් යන්න බැරියෑ ඒත් බඩ පිරෙන්න කන්න දෙද්දි කොහොමද එපා කියන්නේ
"අනිවා.... වැඩිය.. ලෙඩ දාගන්නේ නැතුව ශේප් එකේ ඉන්න... තව මාස 4යිනේ.... අප්‍රේල් වල විභාගේ නේ..."
"පාඩම් කරලා පාස් වෙන්නකෝ"
"බලමුකෝ.... අම්මාගේ ඇඩ්‍රස් එක හර්ෂට දෙන්න... පොර හැමදෙයක්ම දන්නවා...." 
"හා.... ඉඳලා හිටලාවත් මට කතා කරන්න තෙනුර..."
"ඉඩ ලැබුණාම මේ වගේ දෙන්නම් වැඩේ..." 
"බුදුසරණයි ඔයාට" මට ඉතිං බුදුසරණයි නෙවෙයි දෙයියන්ගෙමත් පිහිටයි තමයි... හර්ෂ කියලා කතා කරනකොට මටත් පැටලෙනවා. ඕකට අපි ඉපදුණ දවසේ ඉඳලා කතා කලේ බුවා කියලානේ ... කමක් නෑ භානුකයාගේ සීන් එක දැනගෙනත් ඇයි මුන් මට කෝල් නොකලේ... හෝතම්බුවෝ... මාව මේ මූකලානටම සේන්දු කරලා... මට ඉතිං විහිළුවට වගේ මල පැන්නා.... හරි ඕකුන් ඔහොම නටලා ඇන ගත්තාම ආයේ මුල ඉදං පටං ගන්න බලාගෙන මට කතා කරයිනේ... මම මගේ කාමරේට ගියා. ලිහිණිගේ පැත්තෙන් අවුලක් නෑ.... හරි.. දැං මේ වෙලාවේ සමරනායකයා මොනා කරනවා ඇද්ද? අර සුමනා හොයා ගත්තා නම් ගොඩ.... හොඳම වැඩේ තියෙන්නේ අර මෝරාත් එක්ක කබඩියකට සෙට් වෙන එක... මම ෂර්ට් එක ගලවලා ටී ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සා... ඩයිනමයිට් එක ඇවිල්ල මගේ අතේ එල්ලුනා....
"මොකද ඒ පාර?"
"පොඩි අයියේ... මට ඇත්ත කියනවා..."
"මොනාද අයිසේ...?"
"තමුසෙයි තාරකායි අතර එහෙම එකක් නැද්ද?" මට හිනා ගියා
"කොහොම එකක්ද?"
" තාරකා අහිංසකයි...., ඔක්කොටම වඩා අසරණයි...., අම්මා කොච්චර පිටට පෙන්නුවත් තාරකාට සැලකුවේ අපිට වඩා වෙනස් විදියට..... කොටින්ම කියනවා නම් මුලින්ම තාරකාව අපේ ගෙදර ගෙනාවේ.. එයාට තිබ්බ ඉඩං, සල්ලි නිසා.... ඒත් තාරකාගේ අම්මාගේ අන්තිම කැමත්ත අනුව ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ තාරකා කසාදයක් බැඳපු දවසට. ඒ නිසා අම්මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ..."
"ඒකද තාරකාව බන්ඳන්න ට්‍රයි කරන්නේ....?"
"ඔව්.... ඔය බන්දන්න හදන කෙනා තාත්තාගේ වැඩපලේ කාත් කවුරුත් නැති කෙනෙක්. එක දවසක් මම එයාලා කතා කරනවා අහගෙන හිටියා... අනික තාරකාට කියලා තියෙන්නේ කොළඹ එක්කෙනෙක් කියලා"
"තමුසේ ඔච්චර දේවල් දැනගෙන දැංද මට කියන්නේ....?"
"ඔයා තාරකා එක්ක ඉන්නවානම් ඔය කිසි දෙයක් අදාලා නෑනේ අයියේ...ඊයේ අම්ම තාත්තාත් එක්ක කියනවා ඇහුණා මට ...... හදිසියේ හරි ඔය දෙන්නා සෙට් උණොත් එහෙම එයාලා හිතාගෙන ඉන්න මොකුත් කරන්න හම්බ වෙන්නේ නෑ කියලා"
" මොනාද හිතං ඉන්න කියලා දන්නවාද?"
"දේපල අරං... අක්කාව ලොකු දෑවැද්දක් එක්ක බන්දන්න..... "
"ඇයි මිනිස්සු මේ ඉඩං කෑලි වලට පෙරේත.... එක කෙල්ලෙක්ව අමාරුවේ දාලා තව එකෙක්ව ගොඩ දානවා. මාර කොමියක්නෙ ඒක.. පව් වැඩ."
"අනේ තාරකාව දැං අතාරින්න එපා අයියේ.... එයා ගොඩාක් හිතේ අමාරු තද කරන් ඉන්නේ... ප්ලීස් එයා ලඟින් ඉන්න..."
"මේ ඕයි... එයාට ඕනෙ කරන සප් එකක් බොක්කෙන්ම මම දෙනවා... ඒක එයා දන්නවා.. දැං තමුසේ ඉදිලා කුණු වෙන්න කලින් යනවා.... මම පොඩි ගමනක් ගිහින් එන්නම්"
"කොහෙද?"
" අපායට... ඇයි තමුසෙටත් ටිකට් එකක් අරං එන්නද?"
"තමුසේ වගේ උන් අපායටම තමයි යන්න ඕනේ..." ඩයිනමයිට් එක ගස්සගෙන ගෙදර ගියා.... 


මම අශාන් කාරයා කියපු තැන හොයාගෙන ගියා... යකෝ මේකද පිට්ටනිය කියන්නේ..... මේකේ අඩුවකට තියෙන්න උස ගස් නැති එක විතරයි. හැබැයි මේක තියන තුත්තිරි ගස් වල එල්ලිලා ගේමක් නැතුව බල්ටියක් ගහන්න පුළුවං..... මාව දැක්ක ගමන් අශාන් දුවගෙන ආවා
"අපි හිතුවා උඹට අමතක වෙලා කියලා"
"පිස්සුද එහෙම වෙනවාද?"
" කබඩිය නවත්තලා පොඩි රගර් පාරකට සෙට් කරන්න බැලුවේ...."
"හරි හරි අල්ලමු... ඕක මොකද්ද?"
"හැබැයි එක පරහක් තියනවා මචං..." මූ කියන්න යන විදියට නම් මට හිතෙන්නේම ඉස්කුරුප්පුවක් වැටිලා නැතිවෙලා හන්දි පත් ටික අබ්ලඉක් කියන්න යනවා වගේ
" මොකද්ද....?"
" රොමෙෂ් අද එන්නේ නෑ..."
" ඒ මොකෝ...." යකෝ ඒ පාර මෝරාට ගහපු හෙනේ මොකද්ද?
"රොමේෂ් හදිස්සියේම බදුල්ලේ ගියා...."
"ඇයි බං ඒ..."
"ආච්චි අන්තරා වෙලාලු" එලනේ... ඒකියන්නේ මුන් එක්ක බදුල්ලේ මටත් යන්න පුළුවං. සතුට මෙතන පෙන්නලා බෑනේ.. ආච්චි උණත් හා හා පුරා පරලෝකෙට ගිය වෙලාවේ
" උඹලා යන්නේ නැද්ද?"
"හෙට දිහාට... යනකොට උඹට කතා කරන්නම් ගෙදරට එන විදිය කියලා පලයං..." මලා... දැං මොකද කරන්නේ... තාරකා ඉන්න ගෙදරම මම ඉන්නේ කිව්වාම චාටර්නේ.... වෙන තැනකුත් නෑ ලඟපාත මම දන්න... යකෝ මෙහෙම හිර වීමක් මට කවදාවත් වෙලා නෑනේ.... දැං ඉතිං කොල්ලට කලිසම ගලෝලා සායක් දෙපොට මහලා අදින්න තමයි වෙන්නේ



7 comments:

Shalika said...

Okkama kana chance thama labenne :d.. ohoma yamuko balanna

හා පැටික්කි (MS) said...

මේ පාර වත් එක ගැටයක් හරි ලිහාගනීවා...... ;)

Aslam said...

අනේ මේ කථාව කොහෙන් කෙලවර වෙයි ද මන්දා? දෑන් එන්න පෑටලිලි වෑඩි

sameera wijayawardane said...

Maiyata wennema ohoma weda thama..
thanks kathawa adath demmata.....!!!!!
hetath danna honde...:)

Siribiris said...

උගුඩුවා, රට හෝතම්බුවා, මී හරකා. නෑ මේ ඔයාට නෙවෙයි, අර ගොන් තඩියා මයියට. මමත් හැමදාම දත මැදගෙන ඉන්නවා මේ උණහපුලුවා අදවත් පිලිවෙලකට අර තාරකා කෙල්ල එක්ක මලක් කඩාගෙන පිනක් දහමක් කරගෙන පිලිවෙලකට ඉදීවි කියලා. කොහෙද මේ රට මීමා ලස්සනට වැඩේ සෙට්වේගන එනකොට බුල් ම නෙ කෙලින්නෙ. මු නං ගිය ආත්මෙක ඔ‍ටුවෙක්ම තමා.

හසී said...

එලකිරි ඔහොම යමු

පොඩි බබා said...

බලහත්කාරකම් කියන්නේ මොනාද නැන්දේ..
බල-සත්-කාර-කම්..ගෙදරට කවුරු හරි ආවම බලෙන් සලකන එකටද...නිකන් බික්කට් පොඟෝලා ආපු එකාගේ කටේ ඔබනවා වගේ?

Post a Comment