පිටුව

Thursday, October 7, 2010

76 කොටස



ගෙදර යනකන්ම මෙයා නෝ කතා... මමත් ඉතිං වැඩිය පස්සෙන් යන්න ගත්තේ නෑ. මොනා උණත් අර මොකද්ද එක තියා ගන්න එපෑ. ඒත් මගේ හිතට දැනෙන්නේ නම් මහා කාලකණ්ණි කමක්. තාරකා ආව වෙලාවේ ඉඳං නැන්දා එක්ක සාකච්ඡාවක්. 

ඇයි යකෝ ඉස්සර වගේ මට ගේමක් නැතුව කාව හරි අඬවලා පාඩුවේ ඉන්න බැරි. ඉස්සර මම අක්කාවයි නංගිවයි කොච්චර අඬාවනවාද? අඬනවා නම් බලං ඉන්න එක චාටර්... උන්ව අඬවලා මම කොහෙ හරි අතුරුදහන් වෙනවා අංජනමකටවත් අහුවෙන්නේ නැති වෙන්න. ඒ මොනා කලත් උන් ආපහු එන්නේ මේ මයියා හොයාගෙන තමයි. දැං මට හිත හැදෙන්නෙම නෑනේ අම්මපා මේකි අඬෙව්වට පස්සේ..... ගෙදර ඇවිල්ලත් නෝ කතා. මට බය හිතෙන්නේ මෙයා ඇත්තම නැන්දාට කියයි කියලා. ඒත් ඉතිං ඔය ඇත්ත නැන්දාට කිව්ව කියලා මගේ ඇගේ තියන ඒවයින් මොනා අඩු වෙනවාටද. ඔන්න ඔහෙ කියපු දෙන්. හැබැයි කන වාෂ්ප වෙන්න චාටර්. 


"පොඩි අයියේ.............." කිරි අප්පේ ඔය හොරණෑව පිඹගෙන එන්නේ ඩයිනමයිට් එක නේද? මම ඇඳං හිටපු හඩු ඇඳුම පිටින්ම ඇඳට පැනල තද වෙන්න ඇස් දෙක පියා ගත්තා.
"අයියේ........... නැගිටිනවාකෝ..." හප්පටසිරි මාව හොලවනව හෙලවිල්ලක් ලුණු බෝතලේ කලවන් කරනවා වගේ. මේකට මරුණ එකෙක්ට උණත් පණ එනව යකෝ...
"මොකද අයිසේ......" මම ඉතිං සිරා ඇක්ටින් පාරක් දැම්මා...
" තාරකා යන්න හදනවා ...."
"කොහෙද?" මම මෙච්චර කල් දැනගෙන හිටියේ මෙයාට කවුරුත් නෑ කියලානේ....
"ආත්තම්මා ලඟට යනවාලූ" මේකිගේ මොලේ ඉස්කුරුප්පුවක්වත් පැනලාද? අර මැරුණ අත්තම්මා හොයාගෙන යන්න හදන්නේ...
"ඉන්නවා මම බලන්නම්" මමත් ඉතිං අර සින්නක්කරේටම ලියලා දුන්න ඉඩමක් බලන්න යනවා වගේ ගියා. තාරකා ඇදුම් බෑග් එකකට දාගන්නවා, ඩයිනමයිට් එක අඬ අඬා මගේ පස්සෙන් ආවා. මාර සීන් එක.
"ඔයා කොහෙ යන්නද?" මම එහෙම අහනකොට තාරකා මගේ දිහා බැලුවා..... ඩයිනමයිට් එක හිමින්ම අපි දෙන්නාට කතා කරන්න දීලද කොහෙද යන්න ගියා. මොනා උණත් පොඩි එකාට මොළේ නම් ලාවට වැඩ කරනවා. ඒත් දැං තමයි භායානකම හරිය. රඟපාන්න මට අවුලක් නෑ. ඇත්තට මූණ දෙන්න පොඩ්ඩක් ගට ගහගෙන ගිහිං වගේ... මම ඇඳ උඩ තියන බෑග් එක අතට ගත්තා. හිතුව තරම් නම් බර නෑ
"කොහෙද යන්නේ කියනවා...."
"කොළඹ"
"තමුසෙට පිස්සුද ඕයි..." මට මල පැන්නා
"ඔව් පිස්සු.... මම තාත්තාව මරපු එකා හොයාගෙන, මමත් මොනා හරි කරගෙන මැරෙනවා" අප්පටසිරි මෙයාගේ සැර. මාව හොල්මන් වෙලා ගියා.... මල පැන්නේ මට.... පිට උනේ මෙයාගෙන්නේ...
"තාරකා මොකද්ද ප්‍රශ්නේ කියන්න...." මම සාමකාමි උනා.... මේ වෙලාවෙ හැටියට අතට අහු වෙන දේකින් දමලා ගහන්න බැරි නෑ. අනික මෙච්චර පුංචි දේකට මැරෙන්න තරම් කෙල්ලෝ මෝඩද අප්පා.....
" මගේ ප්‍රශ්න ඔයාට තේරෙන්නේ නෑ..."
"ඔව් ඔව්... මට තේරෙන්නේ නෑ.... තේරුම් කරලා දෙන්නකෝ එහෙනම්" මල පනින්න කලින් මම තාප්පයක් සෙන්ටිමෙන්ටල් කලා
" මට මගේ අම්මා ඕනේ..." 
"කොළඹ ගියාම හම්බ වෙනවාද?" තාරකා අඬන්න ගත්තා.... 
"මට මගේ අම්මා ලඟට යන්න ඕනේ තෙනුර......" මෙයා හෝ ගාල අඬනවා... පව් අප්පා.... ඔන්න දැං නම් මම නෙවෙයි අඬෙව්වේ ... දැං අඬවලා තියෙන්නේ මෙයාගේ අම්මා....
" තාරකා හදිස්සි වෙන්න එපා.... ඉවසන්න..... " ඉකි ගහා ගහා මේ කෙල්ල අඬනවනේ.... මට තවත් බලාගෙන ඉන්න බෑ.... 
"ඉවසන්න මට බෑ තෙනුර................ ඉවසන්න බෑ........... "
"මොකද්ද උනේ....? මම නිසාද අඬන්නේ?"
"නෑ...... " ඇති යන්තම්, මම හිමින් සැරේ ඔළුවට අතක් තිබ්බා.... ප්‍රතිචාරයක් නෑ.... නිකටෙන් අල්ලලා මූණ මගේ පැත්තට හරවා ගත්තා..... ඇස් දෙකෙන් කදුළු ගුලි හැලෙනවා....
"මොකද්ද ප්‍රශ්නේ.....  මට කියන්නත් බැරිද?"
" කු... කුමාරි... ඇන්ටි කියනවා....." අයේ ඉකි ගහන්න පටන් ගත්තා
"මොනාද?"
" අංකල්ගේ බිස්නස් වැටිලාලු"
"ඒකට ඔයා අඬන්නේ ඇයි?" තාරකා කඳුළු පිහ දාගත්තා....
"වියදම එන්න එන්නම සැරයිලු"
"ඔව් ඔව් ලඟදි පාන් එහෙම ගණන් ගියානේ..... " මටත් ඉතිං මොනා නැතත් කන දෙයක් ගැන මතක් වෙනවා
"කෙල්ලෝ තුන් දෙනෙක්ගේ බර අඳින එක ලේසි නෑලු"
"ඇයි දැං බිස්නස් නැති නිසා මාමා බර කරත්තයක් ගන්නද හදන්නේ" තාරකාට ලාවට හිනා ගියා
"නැහැ...."
"එහෙනම්.. බර අඳිනවා කියන්නේ නෑනේ...."
"ලොකු අක්කාට මඟුලක් හරි යන්නෙ නැති එකේ.... මටවත් එකලාසයක් වෙන්නලු" මට හිනා ගියා
"ඉතිං ඔයා කිව්වේ නැද්ද තෙනුරත් තාම ඉගෙන ගන්නවානේ කියලා"
"විහිළු නෙවෙයි තෙනුර...."
"විහිළු නෙවෙයි.... මම කොහොමද ඔයාව කසාද බඳින්නේ..... මම කුලී වැඩක්වත් කරන්න දන්න එකෙක්යෑ"
"ඇන්ටි කියනවා..... ඔයා ගැන අදහසක් තියනවා නම් එක අත ඇරගන්නලු... ඔයාට කොළඹ කෙල්ලෙක් ඉන්නවාලු" මට මාර හිනා.... හීනෙකටවත් මට කෙල්ලෙක් හිටියාද? නැන්දාත් දන්න දේවල්.... 
"මේ මට මොකා හිටියත් අපි කරන්නේ රඟපෑමක්නේ..... තමුසේ කියනවා.... මම නැතුව බෑ කියලා.... බෑ බෑ බෑමයි කියනවා..........."
"ඒත් තෙනුර එයාලාට මම නිසා කරදරයි. ඊයෙත් 10 වෙනකොට ලයිට් නිවන්න කියලා කෑ ගැහුව කරන්ට් බිල යනවා කියලා..." 
"විභාගේ කරලා ඉවර වෙනකන් ඉවසන්න කෙල්ලේ.... මම ඊට පස්සේ මොනා හරි බලන්නම්..... අපේ බුවාගේ තාත්තා ගොඩක් උන්ව අඳුණනවා.. එයාට කියලා මම ඔයාට රස්සාවක් සෙට් කරලා දෙන්නම්" මට ඒ ටික කියවුණේ බොක්කෙන්මයි.... ඇත්තටම මට මේ කෙල්ල ගැන දුකයි. මම අතේ තිබුණ බෑග් එක තාරකා ලඟට දැම්මා.....
"ඔයා මාත් එක්ක තරහාද?" මෙන්න අදාල නැති ප්‍රශ්නයක් අහනවා මෙයා... තරහා නම් මෙහෙම කකුලේ දාල නලවයිද?
" තරහා..... අප්පටසිරි වෙලා නෙ හිටියේ..... ඒකත් අමතක උණා.... අපි කතා නොකර ඉමු"
" ඔයාව මට තාම තේරුම් ගන්න බෑ තෙනුර..."
"මාව තේරුම් ගන්න එක මොලේ කචල් වෙන වැඩක්... මේ විභාග අස්සේ ඕවා කරන්න හදන්න එපා... "
"වෙලාවකට හිත රිද්දනවා... තවත් වෙලාවට හිත හදනවා..." ඇත්ත... ඔය හැම වෙලාවකම මගේ හිත කැඩෙනවා.. ඒක කවුරුත් දන්නේ නෑ
"ඒ මගේ හැටි... මට වාචාල කටක් දීලා තියනවා.... මම කියන දේවල් වලට රිදෙනවා කියලා දන්නේ කවුරු හරි රිදුණා කිව්වාට පස්සේ..."
"මීට පස්සේ මම රිද්දුවාට රිද්දගන්නේ නෑ..." තාරකා හිනා උණා... යන්තම් කම්බුලත් වල උණා....කෙල්ලෝ හිනා වෙනකොට ලස්සනයි. තාරකා ගොඩාක් ලස්සනයි
" ඔයාට සර් බැන්නද?" සර්ව අමතකම වෙලා ගියා.... මට එන්න කිව්වනේ හයෙන් පස්සේ... තවත් ලෙඩක්ද දන්නේ නෑ.... අනේ මම මෙච්චර කල් යසට ඉදලා මේ විභාගයක් හින්දා අකරතැබ්බක්වත් උණොත්
"මම මේ බයේ ඉන්නේ හලෝ..."
"ඇයි...?"
" මට සර් කිව්වනේ විභාගේ ගොඩ දාන්නම් මට හයෙන් පස්සේ එයාලගේ ගෙදර එන්න කියලා.... දරු කමට හදා ගන්න නම් කමක් නෑ දරුවෙක් වගේ මට කියලා හදා ගන්න බලාපොරොත්තුවක් එහෙම තියනවාද දන්නේ නෑ" තාරකා හයියෙන් හිනා උණා....
"කොච්චර දෙයක්ද සර් එහෙම කිව්ව එක ඔයා යන්න... එයා හරි හොඳයි.."
"ගෑනු ළමයින්ට හොඳ උණාට පිරිමි ළමයින්ට කොහොමද දන්නේ නෑ..."
"ඒත් හොඳයි..... සර්ගේ එකම පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා... එයා දවසක් කිව්වා, මගෙ පුතාව මම ඔය හැම දරුවෙක්ගෙන්ම දකිනවා... ඒකයි මෙහෙම උගන්නන්නේ කියලා..... ගිය අවුරුද්දෙත් අයියා කෙනෙක්ට සර් කියලා දීලා උනන්දු කරවලා මේ පැත්තෙන් ඒලෙවල් හොදම රිසල්ට්ස් ගත්තා...." මේ කෙල්ලත් දන්න දේවල්. මොනා උණත් කෙල්ල හැපීනෙ මට එච්චර්යි.
"මම එහෙනම් මෙතනින් කැපෙන්නම්.....නැන්දා ආවොත් එහෙම නේද?"
"කුමාරි ඇන්ටි හන්දියට ගියා අක්කා එක්ක"
" ඩයිනමයිට් එකයි ඔයයි මමයි විතරද ඉන්නේ...?"
" ඔව් ඇයි?"
"අපි පොඩි වැඩක් කරමුද?" තාරකා අවුල් වෙලා මා දිහා බැලුවා.... ඒත් මේක තමයි ඒකට හොඳම වෙලාව
"අනේ බෑ කියන්න එපා..." මම එහෙම කියලා වටපිට බැලුවා... ඇත්තටම මෙයා බෑ කිව්වොත් වැඩේ ඔක්කොම අවුල් වෙනවා



11 comments:

ආදර කතාව said...

කවුරුත් ගෙදර නැති වෙලාවෙ මූ මොනව කරන්නද මේ සෙට් වෙන්නෙ :-/

ishani said...

ammmoohhhh.... mokakda a wadei...........
onna ithin elaga kotasa kiyawanakan ninda yanne nam nah............

Shalika said...

Ayyoooo.. mokakkda karanna yanne ??

AmilaArt said...

මට ඊයෙ තමයි ඉස් ඉස්සලම මේ බ්ලොග් එක අහම්බෙන් හම්බ උනේ.නියමම කතාව. කතාකරන්නනම් හිතෙන්නෙ උඹ කියලා මොකද මේකෙ ප්‍රදාන චරිතෙ කොල්ලෙක් හින්දා, එත් යටින් තියෙන්නෙ කෙල්ලෙක්ගෙ නමක්. මට හිතා ගන්න බෑ කෙල්ලෙක් කොහොමඩ මෙච්චර හොදට කොල්ලෙක්ගෙ චරිතකෙට අවේස වෙන්නෙ කියලා. මොනව උනත් හොදට, එලටම ලියල තියනව.උඹට හොද හැකියාවක් තියනවා බන් හොදට ලියහන්. මම කොටස් 75ක්ම එක හුස්මට කියෙව්වා, අනිත් ටිකත් එහෙම කියවන්න තිබ්බනම් මරු. පුලු පුලුවන් විදිහට ඉක්මනට ලියන්න. පුලුවන්නම් පොතක් විදිහට කරනම් හොද ප්‍රතිචාර හම්බ වෙයි. උඹට සදා ජය!!!

Aslam said...

අනේ අම්මො මයියා මෙ මොකටද එන්න යන්නෙ.. කවුරුත් මෙ ගෙදර නෑතිවෙලෙ. වෑඩෙ කතයි පුතො.

Anonymous said...

ලග වැඩි නැද්ද?

පිස්සා පලාමල්ල said...

මට නම් මයිය එක්ක මල හොඳම එකෙන්.. ඇයි යකෝ මොන බොරුවක්ද.. යාලු වෙයකො....

දුලෝ මේක පොතක් විදියට දාන්න එවර උනහම.. ලස්සනයි.. මගේ අදහස් ඉතින් මම කියල ඇතිනේ හි හි...

thilini said...

ekane kawuruth gedara na lu ... :D

sameera wijayawardane said...

මයියා මොකද මේ කරන්න යන්නෙ,
මුකුත් නරක වැඩක් කරන එකක් නෑ මන් හිතන්නෙ,
කතාව, ඉස්සර වගේ, දවස ගානෙ දාන්නකො

පොඩි බබා said...

6 න් පස්සේ කලාස් යන්න මයියා ටිකක් බය ඇයි නැන්දේ? බබාට තේරෙන්නෙම නැ. ගෙදර කට්ටිය නැති උනාම මයියා මොනාද කරන්න යන්නේ?

Dami Roxx said...

maiya mokatada mea eanna yannea ... :O

Post a Comment