පිටුව

Wednesday, October 6, 2010

75 කොටස



කොහෙද ඉතිං මම ගහපු රජ බේගල් වලට දැං ඉතිං ශෝටක් ගහගෙනවත් ගිහින් තාරකාගේ ටැප් එක වහන්නවත් බැහැනේ.... අනේ අම්මපා මේ කෙල්ලෝ නම් ඕනේ දේකට ටැප් එක ඇරගන්නවනේ.... උන්ට කොහෙද ටැප් එකෙන් තොර ලෝකයක්. ටික වෙලාවකින් එයාගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එතනට ආවා මම දැක්කා, ෂිඃ නොදකින් මට යාගන්න බෑනේ එතනට. අශාන් මගේ කරට අත දැම්මා.
" මැටිල්ඩා අඬනවා නේද බං.... ඕකිට ඔහොමමයි වෙන්න ඕනේ.... කොල්ලොන්ගේ බොක්කත් එක්ක සෙල්ලම් කරනවාට" අශාන්ගේ කතාවට මට නප්පියට තද උණා.ඒ කෙල්ල මොකද්ද කරපු වැරැද්ද... මමයි නපුරු. මට මෙතනට එනකොට වචනයක් හරි කියල එන්න තිබ්බා. මගෙත් ඔළුවේ තියෙන්නේ පුස්. මම ඒ කෙල්ලව කීපාරක් ඇඬෙව්වාද? අනිත් උන්ටනේ මම බලං යනකොට ආතල් දීලා තියෙන්නේ....
"මූ නම් මාර පොරක්නේ අශා.... මූ කෙල්ලව බිමටම පැස්සුවා නේ.... බලපං බං දැ හොටු පෙරාගෙන අඬනවා. කොහොමද හිටියේ.... හිතාගෙන හිටියේ ඩයනා කියලා" රොමේෂ් හරකත් මෙන්න අන්තිමට ෆන් එකක් ගන්නවා. මගේ හිතට දැනෙන්න ගත්තේ මිනියක් මරුවා වගේ වේදනවක්. මිනියක් කොහෙ මරන්නද. මිනිය කියන්නේ මැරිච්ච එකෙකුටනේ. දැං මම මොකද්ද කරන්නේ.....
"අන්න මචං සර් එනවා..... වාඩි වෙයං..." මම කටත් ඇරගෙන තාරකා දිහා බලං ඉන්නවා කියලා දැණුනේ අශාන් කාරයාගේ කතාවට. සර් ආවාම තාරකා ඇස් දෙක පිහගෙන ඔලුව ඉස්සුවා. මමත් එතනින් වාඩි උණා. අනේ කෙල්ලෙ එක පාරක් මගෙ දිහා බලන්න..... කොහෙද බලන්නෙම නෑ. මටත් අඬෙන්නයි යන්නේ.. බලපංකෝ බං මේ පැත්ත....
" ඔය පිටි පස්සෙ පේලියේ මැද ඉන්න එකා නැගිටිනවා...." පන්තිය පුරා දෝංකාර දුන්නා....මට නෙවෙයිනේ මම ගානකට ගත්තේ නෑ. තාරකාට කරපු දේට මට ඇත්තටම බූවල්ලකින් ගහගන්න ඕනේ.
"තෙනුර..... උඹට සර් කතා කරනවා" අශාන්ගේ කතාවෙන් මම සර් දිහා බැලුවා.... යකෝ සර්ගේ ඇස් දෙකන් ගින්දර පිට වෙනවා, අර දෙවනත් වෙන්න කතා කරලා තියෙන්නේ මටද කොහෙද? මම මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් පෙරලගෙන නැගිට්ටා.. අර යකා වගේ.. උත් එන්ටර් වෙන්නේ කොරහාට ගේම දීගෙනනේ...
" තමුසේ කොහෙද ඉන්නේ ? මේ ලෝකෙද?...." මම බිම බලා ගත්තා. වෙන මොනා කරන්නද? මම ඉන්න ලෝකේ මෙයාට කිව්වට මෙයා දන්නවෑ...
"උත්තර දෙනවා....."
"සර්... මේ මේ..." උත්තරයක් ඉතිං ඇත්තටම තියෙන්න එපෑ....
"උත්තර ඉතිං නෑනේ.... මෙතනට එනකොට එනවා එක එක ඒවා ඔලුවේ දාගන අන්තිමට විභාග ෆේල් උණාම හත්මුතු පරම්පරාවම දෙස් තියන්නේ අපිට..... " උත්තර නැති එක තේරුණ එක නම් ලොකු දෙයක්. අනික මෙයාව අපේ හත්මුතු පරම්පරාම මතක් කලත් මම නම් මතක් කරන්නේ නෑ.මම ඔලුව නම් ඉස්සුවේ නෑ
" තමුසෙලාගේ ඔය ලව් සික් එක තියා ගන්නවා පන්තියෙන් එළියෙදි... " හප්පා............ මේ මොනාද මෙයා කියන්නේ.......... චරිතේ කනවානේ... මම මෙහෙම හිටියාට හිරි ඔතප්පේ ඇරිලා නෑ තාම ......මම හිතලවත් නැති සීන් එකක්නේ මේ... 
" වාඩි වෙනවා දැං.... 2004 ගාන හදලා ගෙනත් පෙන්නනවා...." සර් මරණීය දඬුවම දුන්නා වගේ උනා. මම වාඩි උණා... සර් ආයෙමත් පරණ ගානක් ගැන කතා කරන්න පටන් ගත්තා. මම හිමින් තාරකා දිහා බැලුවා. එයා සර් දිහා බලාගෙන ඉන්නවා. එයාට ගානක් නෑ. කමක් නෑ ඔහොම යන්කෝ තාරකා....


පන්තිය ඉවර වෙන්න කලින් ගාන හදලා බැලන්ස් කරලා මම සර්ට දුන්නා... සර් මගේ දිහා බලලා හිනා උණා. පන්තිය ඉවර වෙලා එයාව හම්බ වෙන්න කිව්වා. ඒ පාර තව කඩේ යාමක්ද දන්නේ නෑ. පන්තිය ඉවර වෙලා අනිත් අය යනකන් ඉඳලා මම සර් හොයාගෙන ගියා. තාරකත් ගෙදර යන්න ඇති. එයාට මම ගැන ගානක් නැතුව ඇති. ඉතිං මම මොකට එයා ගැන හොයන්නද? අනික එයා මගේ කවුද? 
"සර්?" සර් මගේ පොත බල බලා හිටියේ. කණ්ණාඩි දෙකත් ගලවලා එයා මා දිහා බැලුවා
" මොකද අද උදේ උණේ...?"
"මොකුත් නෑ..." මම බිම බලා ගත්තා.
"ගානේ නම් වරදක් කියන්න නෑ..." මම යන්තං හිනා උණා. වෙන මොනා කියන්නද? මට මේවා හදන්න කියලා දුන්නේ තාරකා. එයාගේ පිහිටෙන් ගාන අවුලක් නැතුව හදා ගන්න පුළුවං උණා. කොල්ලා ඉතිං වැඩකට බැස්සොත් ඒක තිත්තට කරනවනේ. එකම දේ තියෙන්නේ හරියට වැඩකට නොබහින එක
"මම යන්නද සර්"
"නැහැ..... ඔහොම ඉන්න.... මොකද්ද නම?"
"තෙනුර"
"තාත්තා මොනාද කරන්නේ....?"
"තරුණ කටයුතු අමාත්‍යංශයේ වැඩ"
"කොළඹ?"
"ඔව්"
" ඔයාලා කෑගල්ලේ මොකද කරන්නේ?"
"මම විතරයි කෑගල්ලේ ඉන්නේ?" සර් කාරයා අප්සෙට් ගියා.....
"ඒ මොකද?" ඉතිං කතාව මෙයාට කියන්නද? 
"ළමයින්ට අම්මලා තාත්තාලා එපා උණාම මහළු මඩම් වල දානවානේ..... දෙමව්පියන්ට ළමයින්ව එපා උණාම දාන්න තැනක් නෑ.. එතකොට ගෙදරින් එළවලා දානවා යන තැනක යන්න කියලා" සර් ටික වෙලාවක් මා දිහා බලාගෙන හිටියා. 
"පුතා ප්‍රශ්නෙක නේද ඉන්නේ..?"
"ප්‍රශ්න නැත්තේ කාටද සර්..."
"ඔයාට ඕනේ ප්‍රශ්නයක් මට කියන්න...."
" එහෙම කියන්න තරම් ලොකු ප්‍රශනයක් නම් නෑ සර්... විභාගේ ගොඩ දාගත්තට පස්සේ රස්සාවක් හොයා ගත්තාම ඔක්කොම හරි" මම නිකමට කිව්වා.. එක දාගන්නත් ඕනේනේ....
"විභාගේ ගැන බය වෙන්න දෙයක් නෑ....මම ඒක පුතාව ඉහළින්ම ගොඩ දාල දෙන්නම්.... හවස හයෙන් පස්සේ අපේ ගෙදර පැත්තේ එන්න.... මට සල්ලි සතයක්වත් එපා......  " මේ මොකද්ද ඒ පාර පාත් වෙන හෙන ගෙඩිය.... මම අහිංසක උණා වැඩිද මන්දා.... දැං මම මොකද්ද දෙන උත්තරේ.... සර් බොක්කෙන්ම ඒ වචන ටික කියනකොට මම බෑ කියන්නද එළුවෙක් වගේ. මම ඔළුව වනලා දැම්මා.....
"මම යන්නද සර්..."  සර් මගේ පොත මට දුන්නා. මම ඒකත් අරං එතනින් එළියට ආවා. හත් ඉලව්වයි අර ඉන්නේ තාරකා නේද? ඈත පාරෙන් එකා පැත්තේ බස් ස්ටෑන්ඩ් එකේ හිටන් ඉන්නේ තාරකා තමයි. මම ටිකක් ඉක්මන් කරලා එයා ඉන්න පැත්තට ගියා. කතා කරන්න කලින් අර හෝතඹුවෝ ඉන්නවාද කියලා බැලුවා.
"ඇයි මේ පාරේ... ගෙදර යන්න තිබ්බනේ..." තාරකා මගෙ දිහා බැලුවා... තාම ඇස් රතුයි
"කුමාරි ඇන්ටි ප්‍රශ්න අහන්න ගත්තොත් එහෙම දෙන්න උත්තරයක් නැති නිසා මම හිටියා" අපි දෙන්නා හිමින්ම ඉස්සරහාට අවිදින්න පටන් ගත්තා.
"ඇයි අර උදේ ටැප් එක ඇරියේ..." හොඳටම දන්න උත්තරයක් මම ඉතිං මෙයාගෙ කටින්ම බලාපොරොත්තු වෙනවා.
" මාව රිද්දන්න හදනකොට මම ඉතිං රිදිලා කියලා පෙන්නන එපෑ..."
"ඔයා හිතන්නේ මම ඔයව රිද්දන්න හැදුවා කියලාද?"
"අපි ඕක කතා නොකර ඉමු තෙනුර.... " 
"හරි අපි වෙන දෙයක් කතා කරමු"
"නෑ අපි කතා නොකර ඉමු" තාරකාගෙ කතාවට මට ඇත්තටම කතා කර ගන්න බැරි උණා
" හැමදාටම?"
"ඔව් ඔයා ඒකට කැමතිනේ... ඔයාට කරදර අඩුයි"
"මේ පිස්සු කතා කියන්න එපා.... අපි දෙන්නගේ ලව් එකට මොකද වෙන්නේ....?"
"ඒකත් අදින් රඟපාලා ඉවර කරමු" මගෙ හඳුන්පොත හිට්ටා
" තාරකා... මම මගෙ ජීවිත කාලෙටම කාගෙන්වත් සමාව අරං නෑ.. ඒත්... ඔයාගෙ හිත රිද්දුවාට මට සමාවෙන්න.... මම ඒක හිතලා කලේ නෑ" අම්මාට සිරි මට නිකං වචන ගලාගෙන එනවානේ වික්ටෝරියා ඩෑම් එක අරියා වගේ....තාරකා මොකුත් කිව්වේ නෑ... මෙයා ගෙදර ගිහින් ඇත්තම නැන්දාට කියයිද? මම වගේ නපුරු හරකෙක් අම්මපා... මම දැං මොකදද කරන්නේ....?





15 comments:

පිස්සා පලාමල්ල said...

හික් හික් මට අර හවස 6 න් පස්සෙ එන්න කිව්ව එකට හිනා ගියා බොල... හික් හික්... මයියට තවත් ලෙඩක් නෙමෙයි නේ... කැත හිත නෙ මේ පිස්සන්ගෙ... හි හි.

මූ නම් මහ ගස් ගෙම්බෙක්.. ඔය නෙමෙයි දුලො... මයියා.. මම ඌ උනා නම් තාරකා එක්ක ඇත්තට ලව්.

Murthi said...

ane computereta pana evilla vage. apita laba dena me rasaasvaadaya venuven aayenam ekata kisima ledak dukak velandenna epa kiyala prarthana karanava!!!

Siribiris said...

කොහෙද මේ හාදය අදින්නෙම දුෂ්ටය නෙ. අනේ පිං ඇති නෝනෝ, ඌටත් පොඩි චෑන්ස් එකක් දෙන්න ඔය මලක් දෙකක් පූජා කොරගන්න.

Unknown_User/හිඟන්නා said...

අප්පට හුඩු .....

me@u said...

මයියා කැම්පස් යයි වගේ නේද තාරකාගේ පිහිටෙන්.......

Shalika said...

Hehe .. kello issaraha ohoma thamay :D maru wade ..

sameera wijayawardane said...

kalekin kathawa dala thiyenne., ane issara wage dawasa gane kotasak dannako

Siribiris said...

@ පිස්සා

බොලේ හැබෑමයි. මගේ හිතටත් , සු‍ටුස් ගාලා හිතුනෙ ඕකම තමා. මගේ කට කොකියන්න ගත්තා බොලං, ඒත් කොහොමදෑ අහන්නෙ මේ ගෑණු දැරිවි ගෙන් ඔව්වා. කොහොම උනත් , ඕං නොකීවැයි කියන්න එපා, මයියෝ , උඹේ එව්වා-මෙව්වා පරිස්සං කොරගනින් කොලුවෝ...

thilini said...

niyamaiiiiii

Priyanka said...

sure 1tama ehe sir'ge gedarath kellek adaganee wage kathaawata..

lol
;-)

Anonymous said...

Aney koo 76th part eka??

Ikmanatama daanna. Api aasaawen kiyawanawa.

නිශ් said...

@ පිස්සා & සිරිබිරිස්

අනෙ මන්දා මටත් හිතුනෙ ඔකම තමා!

ඔව වෑඩිය කතා කරන්න ගිහින් දුල් අපෙ කොමෙන්ට් වාරනය කොරයි බන්.

Aslam said...

මේ සර් කාරයා මොකටද මෙ එන්න යන්නෙ???
මයියාගේ කථාවෙ හෑටියට රඟපෑවට කොල්ලා තාරකාට බොක්කෙන්ම ලව් වගෙනෙ. ළිහිණිට මොකද වෙන්නෙ එත්කොට. හ්ම්ම්.. බලමුකො

පිස්සා පලාමල්ල said...

හි හි දුල් එහෙම කොරන්නෙ නැහ බොල... අපි ඉතින් විහිලුවට ඔව්ව කියන බව දුල් නෝනා දන්නවා.... හි හි.

පොඩි බබා said...

හවස 6න් පස්සේ ගියහම මක්කද වෙන්නේ නැන්දේ ?? බබා ඉතින් ඔය ලොකු ලොකු එවා දන්නෙ නෑනේ.

Post a Comment