පිටුව

Wednesday, September 29, 2010

72 කොටස


" සුමනා ගැන ඔයා කොහොමද දන්නේ...?" ඇයි අප්පා මම ඒක දැන ගන්නම ඕනෙනේ... ඒ බවලතාව බේරගන්න ගිහින් මට ගෙදර වීසාත් නැති වෙලා තියෙන්නේ.... දැං බලාගෙන යනකොට මම විදලා තියෙන්නෙම පඳුරටනේ.... 
"ලොකු විස්තරයක් නම් මම දන්නේ නෑ.....හැබැයි අත්තම්මා සුමනාගේ නමත් කිව්වා... ඉස්සර ඉඳං අම්මාට කන්න කැමති දේවල් එහෙම හදාගෙන ආවලු, සමරනායක අංකල්ලෑ ගෙදර වැඩට ඉන්න කෙනා කියලත් කිව්වා" ඒ කියන්නේ සුමනත් සීන් එකට ගොඩාක් සම්බන්ඳයි.... පොතේ හැරියට ෂුවර් එකටම සුමනා ගොඩාක් දේවල් මේ සිද්ධිය ගැන දන්නවා ඇති. අපරාදේ මටත් ඉතිං කටට ගත්ත බුල්ටෝ හපාගන්න බැරි උණානේ.... කොහෙද තාත්තා කොහෙද ඉදං පාත් වෙලා හුලං විස්කෝතුවක් දැම්මානේ....
"ඒකත් එහෙමද?, හැබැයි තාරකා මට පොඩි සැකයකුත් තියනවා...."
" ඒ මොකද්ද?"
"එයා ඔයාට කෝල් කලේ ඔයා කන්න කැමති මොනාද කියලා අහන්නද දන්නේ නෑ" තාරකා හිනා වෙන්න ගත්තා....
"වෙන්න පුළුවං..." ඒත් එක්කම ඩයිනමයිට් එක කඩාගෙන අපි හිටපු තැනට පත්තු උණා....
" ඔය දෙන්නාට කන්න එන්න කිව්වා...." බුදු අම්මෝ ඩයිනමයිට් එකේ කෙල බේරෙනවා....  තාරකා හිනා වෙවී ගිහින් ඩයිනමයිට් එකේ අත අල්ල ගත්තා....
"බලන්න එපෑ අද තාරකාගේ මූනේ තියන එළිය.... පහුගිය දවස් වල පොඩි අයියේ කොයි වෙලාවේ බැලුවත් මෙයා හිටියේ අහස දිහා බලාගෙන හූල්ල හූල්ල...." තාරකා මගෙ දිහා බලලා හිනා උණා මිසක් මොකුත් කිව්වේ නෑ..... මටත් ඕං හිතන්න ප්‍රශ්නයක් ආවා... තාරකා හීල්ලුවේ ඇයි? ඕකට උත්තරේ මම නැති නිසා කියනවා නම් එක වැරදි.... මම ඔන්න ඔහේ නැගිට්ටා.... 
"පොඩි අයියා ආවේ ගෙදරින් තරහා වෙලා නේද?" ඩයිනමයිට් එක ආයේත් මගෙන් ඇහුවා.
"තරහක් එහෙම උණේ නෑ..... එයලා මට යන්න කිව්වා... මම ආවා.... ඔයාලත් මට යන්න කිව්වොත් මම යනවා... ඒකෙ ගින්දරක් නෑ..." තාරකා හැරිලා මා දිහා බැලුවෙ දුකෙන්...... දුක් වෙන්න එපා බබා... මෙයාලා මට යන්න කියන්නේ නෑ...
"අපේ අම්මා මට යන්න කිව්වත් පොඩි අයියාට නම් යන්න කියන්නේ නෑ... ඒකනම් ෂුවර්... තාරකා දන්නවාද අපේ අම්මා පොඩි අයියාව ඉල්ලලා තියනවා හදා ගන්න... මෙයා පොඩි කාලේ.... නැන්දා බෑ කියලා" යකෝ මම ඔච්චර හිටියා මම දන්නේ නෑනේ ඔය බවක්. මරුවට තියෙයි මම පොඩි කාලේ ඉදං මේ මූකලානේ හිටයනම්. අන්තිමට ටාසන් පැටියෙක් වෙලා තමයි නවතින්නේ.... 
"පූරුවේ පිනකට තමයි අපේ අම්මා බේරිලා තියෙන්නේ..." ඩයිනමයිට් එක කන ගැලවිලා යන නෝණ්ඩියක් කලා 
"ඔව් ඔව් ඒ පිං වැඩි වෙලා තමයි නන්දාට තමුසේ වගේ ඩයිනමයිට් එකක් හම්බ උනේ.... අහල ගම් හතම....  කන් වල ඇඟිලි ගහගන්නවානේ තමුසේ කට ඇරියාම" මගේ කතාවට තාරකා හයියෙන්ම හිනා උණා... ඩයිනමයිට් එක ගස්සලා දාලා පොඩ්ඩක් ඉස්සර උණා...
"තමුසේ හැමදාම මට නෝණ්ඩියක් දාන්න ඇවිල්ලා අම්බානකට බයිට් වෙලා යනවානේ" මම ගලක් අහුලලා ටර්ගට් කලා
" හරි හරි අපෙනුත් වැඩක් තියෙයිනේ... එතකොට අපිත් ඕවට සලකන්නම්කෝ" ඩයිනමයිට් එක හිනා වෙලා ගේ පැත්තට දිව්වා...
" තෙනුර.... පව් අනේ එය හොඳයි හිත රිද්දන්න එපා..." මෙන්න මෙයා මම සික්කාපදං සමාදියාමි කරනවා... මේ මේ මාව නම් වෙනසකට භාජනේ කරන්න කල් යයි නංගි... ඒත් යකෝ දැං මට ලව් සීන් එකක් රඟ පාන්න වෙලානේ... ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් උණාම හැලපයො වගේ කෙල්ල කියන හැම දේටම එහෙමයි කියන්න ඕනේද?
" ඇත්තම කිව්වොත් තාරකා කෙල්ලන්ගේ ශබ්ද කෝෂයේ එපා කියන වචනේ කී තැනක ලියවෙලා තියනවාද?"
"ඇයි?"
"නෑ.. මම නිකන් කියවලා කරලා තියන විදියට කෙල්ලෙක් සමහර වෙලාවට එපා කියන්නේ ඕනේ උණාම, තවත් වෙලාවට එපා කියන්නේ එපා උණාම. තවත් වෙලාවට එපා කියන්නේ කියන්න දෙයක් නැති උණාම... වැඩියෙන්ම එපා කියන්නේ... කොල්ලාව නිවාස අඩස්සියේ තියාගන්න ඕනේ උණාම..." තාරකා හිනා උණා....
"මට ඕවා තේරෙන්නේ නෑ... මම මීට කලින් කොල්ලෙක්ට කිසිම දේකට එපා කියල නෑනේ..."  තාරකා එහෙම කියලා අඩිය ඉක්මන් කරලා ගේ පැත්තට ගියා..... මම ටිකක් කල්පනා කලා... මගේ පඬි ටෝක් නිසා කෙල්ල අබ්ලික් උණා... මමත් අම්මපා කෙල්ලො සීයක් ආශ්‍රය කලා වගෙනේ මේවා දෙන්නේ... ඕවා මට කියලා දුන්නේ බුවා.. මම ගැහුවේ ෆොටෝ කොපියක්... එක අතකින් මටත් යමක් කමක් පුළුවං කියලා කෙල්ල දැනගත්ත එක හොඳයි. අනික මම ඔය එපා වචනෙට එච්චර කැමති එකෙක් නෙවෙයි. පොඩි කාලේ ඉදලා මම එපා කිව්ව හැමදේම කලා. ඒ පුරුද්ද තාම තියනවා. ඒවා වෙනස් වෙයිද මේ ලව් ඇක්ටින් එක නිසා...


දවල්ට කාල එහෙම ඇඳට වෙලා පොඩි කල්පනාවක් දාගෙන හිටියා.. දවසෙන් භාගයක්ම දොයිය බබා නිසා ආසවකටවත් ඇස් දෙක පියවෙන්නේ නෑ.... ටික වෙලාවක් යනකොට නැන්දා කාමරේට ආවේ කිරි පැණි දාපු කෝප්පයක් අරං
"පොඩි පුතා නිදි නෑ නේද?" මම දඩිබිඩි ගාලා නැගිට්ටා....
"මොන නිදි ද නැන්දේ... මිනිහෙකුට නිදාගන්න පුලුවන් සිමාවක් තියනවානේ..."
" ඒක හොඳයි.... මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ..."
" නැන්දාත් මට යන්න කියන්න එහෙම නෙවෙයි නේද ආවේ...?"
"මගේ කටින් නම් ඒක කියවෙන්නේ නෑ පුතේ... "
" එහෙනං..."
"අම්මා කෝල් එකක් දුන්නා..."
"ආ..... තාත්තා කරපු දේ ශේප් කරලා දාන්න වෙන්න ඇති" මම ගානකට ගත්තේ නෑ
" ගොඩාක් හිතේ අමාරුවෙන්ලු ඉන්නේ තාත්තා..."
"ඒ මොකටද?"
" පුතා...."
"හෝව් හෝව්... මේ නැන්දේ තාත්තයි මට යන්න කිව්වේ... මම කියනදේ අහලා ආවා... ඒකට එයා දුක් වෙන්න ඕනේ නෑනේ..."
" ඒ හැමදෙයක්ම කරන්නේ පුතා ගැන හිතලා"
"ඉස්සර මමත් හිතුවේ එහෙම තමයි.. ඊයේ එයාම කිව්ව එයා ඒ හැම දෙයක්ම කරන්නේ ගෙදර අනිත් දරුවෝ නිසා කියලා...."
"තාත්තා ගොඩාක් ඉවසන කෙනෙක් පුතේ.... වචනයක් හරි කතා කරන්න..."
" මම කාට හරි කරදරයක් කියලා දැන ගත්ත දවසට මම ඒ කෙනාට කරදරයක් නොවීම ඉන්නවා... "
"තාත්තාත් එක්ක එක වචනයක් කතා කරන්න"
" මට බෑ නැන්දේ..... මගේ තරහක් නෑ... ඒත් කලකිරීමක් තියනවා..." නැන්දා කියන්න හදපු දෙයක් ගිල ගත්තා මම දැක්කා.... 
"දවසක පුතාට ඒ කලකිරීම පසු තැවීමක් වෙයි"
"මම හිතන්නේ නෑ...." නැන්දා එතනින් යන්න ගියා.... එයා කතා කලේ හරි අමුතු ස්ටයිල් එකකින්.... අනේ මන්දා මට ඔක්කොම දෙනෙන්නේ අභිරහස් විදියට.... මොනා උණත් ජීවත් වෙන එකත් අභිරහසක්.... ඕක හොයා ගත්ත එකම කෙනත් දැං නිවන් දැකලා ඉවරයි.... මොනා උණත් අළුත් කතාවක් පටන් ගන්න තියනවා... අමුතු මෙව්වා එකක්තු තියනවා... විහිළුවට හරි ලව් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ අස්සේ සුමනාට කියලා කෑමක් එහෙම හදාගෙන... අර ලියුමක් ලියලා මාව පිස්සු වැට්ටුව සිරියාවතී ගැන හොයන්නත් ඕනේ.... කොළඹ අභිරහස් ඔක්කොම දාල මෙහෙ ඇවිල්ලා මම මෙහෙ අභිරහස් කෙසේ වෙතත් මතක හිටින බයිට් එකක් නම් වෙනවා.. ඒක මට බුදු ෂුවර්.......

10 comments:

sameera wijayawardane said...

හෙට උදෙට තව කොටසක් දාන්න.... පුලුවන් නම්

Priyanka said...

go go
go ahead

damith said...

ha ha ha ... "කොළඹ අභිරහස් ඔක්කොම දාල මෙහෙ ඇවිල්ලා මම මෙහෙ අභිරහස් කෙසේ වෙතත් මතක හිටින බයිට් එකක් නම් වෙනවා.. ඒක මට බුදු ෂුවර්" ....... niyama kalla ... muu kohomath ona welawa bytmanea wennea ... hikzz

Anonymous said...

hey sis,

read the entire story today
good work.....
keep it up..
waiting for next episode...

Sumudu

දුල්හරි ඉලංගකෝන් said...

මම ලියන ඒවා මෙලෝ රහක් නැති වේගෙන එනවා වගේ මට දැනෙනවා.... ඒකනෙ කමෙන්ට් 4කට අද සීමා වෙලා තියෙන්නේ.... හැමදාම පෝස්ට් දාන එකත් දැං කුකුළාගේ කරමලේ වගේ වෙලා... හොඳම වැඩේ සතියට එක පාරක් පෝස්ට් කරන එක මම හිතන්නේ.... නේද????

Aslam said...

අනෙ බුදු අක්කේ. සතියකට සරයක් නම් එපො........... දෑන් වගෙ හෑමදාම දන්න. මට ඉයෙ කොමෙන්ට කරන්න බෑරි උනේ වෑඩ වගයක් නිසා කියවන බෑරි උන නිසා. මම හිතන්නෙ අනිත් යටත් එහෙමම වෙන්න ඈති.නෑත්තන් සමහර අය කියවෙව්වට කොමෙන්ට් නොකර යනවා ඈති. නිකමටවත් හිතන්න එපා කතාව එපා වෙල කියලා. අනෙ අක්කෙ හෑමදාම ලියන්න හරිද......

අභීත said...

ඔන්න ඉතින් ගුටි කෑමක් තමයි.... කෝ අද ටික

ishani said...

අනේ දුල් අක්කියෝ එහෙම නම් කරන්න එපා.... අපි හැමදාම මේ කතාව කියවන්න බලන් ඉන්නවා.......... අනේ එහෙම නම් කරන්න එපා සුදු අක්කියනේ........
ලියන දේවල් වෙනදා වගේම නියමයි.... හැමදාම comment කරන්න නම් ඉතින් වෙන් නෑ, ඒත් අපි අනිවා කතාව කියවනවා නේ.......... අනේ ඔන්න හෙටත් ලියන්න ඕන හොදේ............. :)

පොඩි බබා said...

ආ...නැන්දේ එහෙම කොලන්න එපෝ අපි පව්නේ කතාව එලතම නැගල යනෝ...දිගතම දාන්නෝ අපි කියවනවෝ...

Nalin said...

patta kathawa..... mata penne maiya aran hadagatta lamayek.. yana widiyata.... tharakage aiya wage...... balamu issarahata monawa weida kiyala.... :D :D :D :D

Post a Comment