පිටුව

Friday, September 3, 2010

65 කොටස



"ඕයි මයියා දැං මොකද කරන්නේ..." බුවා ගෙම්බෙක් වගේ මගේ දිහා බලන් ඉන්නවා. මටත් මේ හිතා ගන්න බැරි ඒකමයි... කොහෙද මූට නෑනේ ඉවසීමක්.... දවසක් ප්ලෑන් එකක් ඇතුව ගෙවන්න කියලා හිතාගෙන ආවේ අද ඒත් කරුමේ කියන්නේ ප්ලෑනෙ මෙලෝ රහක් නෑ.... 
"මචං... ආව වැඩේ වෙන්නේ නෑ බං... මම කල්පනා කලේ මොකද්ද දැං කරන්න පුළුවන් වැඩේ කියලා." බුවා කට කොණකින් හිනාවක් එහෙම දාලා මට ලං උණා....
"උඹ අතේ අද ගතමන්ට් එකක් තියනවා නම් රෝලක් දාලා අනිත් හැලපයොත් සෙට් කරගෙන දුක යන්නත් එක්ක යමුද මොකක් හරි සිරා පිච්චර් කෑල්ලක් බලන්න... "ඔය කිව්වේ  මුන්ට ඉතිං කොහේ හරි ඉංග්‍රීසියෙන් ගෑනියක් එක්ක  කට් අව්ට් එකක් දාල තිබ්බොත් ඕක බලනකන් ඉවසුමක් නෑ... මටත් ඉතිං ඕක අදාලයි.. ඒත් මේ වෙලාවේ ඔළුව ප්‍රතිචාරයක් දෙන්නේ නෑ
" මචං.... අපි ඉස්සල්ලා යමුකෝ සිකා ලෑ ගෙදර..." අරූගේ මූණ දැක්කම මට හිත රිද්දන්න ඕනෙ උණේ නෑ... අපි බයික් එක ලඟට එනකොටයි දැක්කේ කසුන් කාරයා ඉස්පිරිතාලේ පැත්තට යනවා.... ෂුවර් එකටම ඕකා යන්නේ ලිහිණිට බේත් දෙන්න... හරි ඕකා එන්න යන්නේ මොකාටද කියලා හොයා ගන්න ඕනේ...
"බුවා උඹ ඔහොම හිටපං මම අර දොස්තරයාව හම්බ වෙලා එන්නම්.." මම මගේ ගල් තොප්පිය බුවා අතට දීලා ඒ පැත්තට පොඩි මැරතන් එකක් දැම්මා...."
"කසුන් අයියේ..." මගේ පෙම්බර වොයිස් එක ඇහිලා අරූ කරන්ට් එක තිරස් ආකාරයට වැදුණා වගේ මගේ පැත්තට හැරුණා
"මල්ලී.... කොහොමද අද උදෙන්ම...?"
"කොහෙද යන්නේ...?"
"රාජකාරියට..."
"හරි යන්නේ නෑ... රාජකාරිය ගෙදර ගිහින්" කසුන්ගේ මූණ දම් පාට උණා..
"ගෙදර ගිහින් කිව්වේ මල්ලි..."
"දැං ලෙඩා ඉස්පිරිතාලේ නෑ... " කසුන් කාරයා ඔළුවේ අත ගහ ගත්තා.. යකෝ මට ආවේ නෑනේ මූට තරම් දුකක්..."
"මල්ලි දැං එයාව බලන්නද යන්නේ...?"
"හපොයි නෑ.... අයියාට පුළුවන්නේ යන්න..." මිනිහාගේ මූණ නූල කැඩිච්ච සරුංගලයක් වගේ වෙලා
"මටත් යන්න වෙන එකක් නෑ මල්ලි..." මිනිහා බිම බලා ගත්තා..... මූට දුක ඇති අද දවසේ ගතමන්ට් එක නැති වෙන නිසා.... 
" මොකද්ද අවුල .... අයියාට තියෙන්නේ සී අයි ඩී එකට කියලා වෙන විදියකින් එන්ටර් වෙන්න..." මූ නෙවෙයි කතා කරන්නේ ඔහේ බිම බලාගෙන බිංකුණ්ඩෝ සර්චින්..... 
"කසුන් අයියේ මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"මල්ලි ..... මම යනවා...." ඌ මොකුත්ම නොකියා රට කොටළුවා වගේ ආපහු හැරුණා..මූණ ඇවිල්ලා ජූස් ටික ගත්ත දොඩමක් වගේ යන්නේ කිලෝමීටරයට පැය වලින්.... මම ටක් ගාලා ගිහිල්ලා බයික් එකේ ඉඳගත්තා.
"ඒ පාර උඹට දර කඩියෙක්වත් ඇන්නද බං...?" බුවා මගේ දිහා බලන් ඉන්නේ සිංගප්පූරුවට ගිහිල්ලා අමුඩ හෙව්ව කිරි අත්තා වගේ..
" මේ උඹට යන ගමන් පැහැදිලි කරන්නම්... දැං අපි යමන් අර කසුන් කාරයා පිටිපස්සේ..." බුවා දඬුමොණරේ ඉඳගෙන කසුන් කාරයා දිහා බැලුවා...
"උඹට අරූගේ පිටිපස්සේ බයිසිකලේ ස්ටාර්ට් නොකරම යන්න පුළුවං බං" ඒක මමත් දන්නවා.. ඒත් තාත්තා උණත් ආදරේට අරං යන්න කිව්ව එකනේ... ඒ නිසා මම හිමින් සැරේම උගේ පිටිපස්සෙන් බයිසිකලේ ආරං ගියා. බස්වල නැගල බැහැලා එහෙම මූ ගියේ යන්තං හදාගත්ත ගේකට... පොඩ්ඩක් ශීට් පොඩ්ඩක් ටකරං වහලේ.... බයික් එක ටිකක් ඈතට කරලා නවත්තගත්තා... මූ අර කිව්ව දුමට සෙට් වෙන්නේ මෙතනදිද දන්නේනෑ.
"බුවා... කසුන් කාරයාගේ පොට් එකක්ද දන්නේ නෑ" මම මූට අද උදේම යන එන ගමන් වෙච්ච සීන් ඔක්කොම කිව්ව නිසා අවුලක් නෑ... නැත්නම් මූට පැහැදිල කරන්න ගියාම  මල පනිනවා
"මෙතන ඉඳලා අයිඩියා එකක් ගන්න බෑ මයියා... යමුද ඇතුලට..."
"ඒත් මචං එතනට ගිහින් වෙනම ලෙඩක් වැටෙයිද දන්නේ නෑ" මම කෝකටත් මේකෙන් බැහලා ස්ටෑන්ඩ් එක එහෙම දාලා බයිසිකලේ ලොක් කරලා යතුරත් අතට ගත්තා.... බුව ඉස්සරහාට යන්න හැරෙනකොටම කසුන් කරයා ආව වේගෙට වඩා සෑහෙන වේගෙකින් පොට් එකෙන් එළියට ගියා.
"යකෝ ආවේ පණ ගිය අස්ස කරත්තයක් වගේ ගියේ බුලට් එකක් වගේ.... කොහොමද ශක්තියේ තරම... යමු බලන්න" බුවාට යන්නමයි හිත.. උගෙත් ආසවනෙ කියලා මමත් ඒ පැත්තට ගියා... ගේ දොර නම් ඇරලා දාලා.. ඇතුල පාලූයි.... පුටු දෙකක් විතර තියනවා පොඩි රේඩියෝ කට්ටකුත් තියනවා... අප්පටසිරි අර තියෙන්නේ ෆොටෝ වගේකුත්. මේක නම් අර අපි හිතුව ජාතියේ තැනක් නෙවෙයි.... අපි මොනාද නොහිතුවේ 
"ගෙදර කවුද...?" බුවා දොරට තට්ටුවක් දැම්මා. ඇතුලෙන් ගෑනු පරානයක් එළියට ආව අලි බඩගෙඩියකුත් එක්ක... අර කසුන් කාරයාගේ බවලතා වෙන්න ඇති
"ඇයි...?" මේ යෝධි අපි දෙන්නා දිහා බලන්නේ පිටසක්වල ඉදං පොල් කරන්න ආව උන් දෙන්නෙක් දිහා බලනවා වගේ
"කසුන් අයියා ඉන්නවාද?"
"මේ දැං ගියානේ ටවුමට ගිහින් එන්න, මොකද්ද උවමනාව..."
"නෑ මේ පොඩ්ඩක් හම්බවෙන්න කියලා..." බුවා හෝ ගාලා කතාව.
" දැං ඒවි වාඩි වෙන්නකෝ..."
" එහෙම ඕනෙ කමක් නෑ... අපි වෙන වෙලාවක එන්නම්කෝ.." මම බුවාව ඇඳගෙන යන්න ලෑස්ති උණේ...."
" මොකක් හරි වැඩක්ද?" අර ගෑනි එහෙම අහපි.... බුවා ආයේත් වයින් උණා
"වැඩක් නම් තමයි... කමක් නෑ වෙන වෙලාවක එන්නම්කෝ..."
"ඉන්නකෝ තව විනාඩි පහක් එයා එයි.. ලඟට ගියේ...." කසුන් කාරයා කරන්නේ මොන වගේ වැඩද? ඒක මට දැන ගන්න මාර ඕනෙකමක් තිබුණා
" කසුන් අයියාට භාර දෙන ඕනේ වැඩක් කරන්න පුළුවං නේද?" මම නිකමට වගෙ ඇහුවා...

" ඔව් ඔව් අහලා බලන්නකෝ..... මොකක් හරි ගේක වැඩක්ද?" හත්වලාමයි.. කසුන් කාරයා ගෙවෙල් වල වැඩ කරන එකෙක්ද?, බුවාත් මගෙ දිහා එකපාරටම බැලුවා
"ඔව්....." 
" ඕනෙ විදියකට ග්‍රිල් ගහන විදිය කිව්වොත් එයා ගහලා දෙයි" අපි දෙන්නට දැං නම් හොඳටම ඇති තව ඉන්න ගියොත් පිස්සු ඉස්මොල්ලේ යනවා... මම ආපහු ආව පැත්තම හැරුණේ යන්න කියලා ඒත් එතකොටයි දැක්කේ කසුන් අයියා අපෙ පිටිපස්සේ ඉන්නවා. අපිට ආයෙත් කෑමක්ද කොහෙද සෙට් වෙන්න යන්නේ...?
"මල්ලි...?" මිනිහාත් අපි වගේම බය වෙලානේ යකෝ.... මගෙන් අඟේ ලේ ටික වාන් දැම්මේ... මූ මටත් වඩා බය වෙලානේ...
"කසුන් අයියා හම්බ වෙන්න ආවේ...." බුවාත් අවුලෙන් හිටියාට අපිට වඩා බය වෙලා හිටපු කසුන් කාරයාව දැකලා ඌත් නෝමල් උණා...
"අපි එළියට ගිහින් කතා කරමු මල්ලි..." කසුන් එළියට බැස්සේ අතේ තිබුණු බෑග් එක අර බවලතාට දීලා
" අයියා සී අය් ඩී....?" මම හිමින් සැරේ ඇහුවා...
"ඔය මොකුත් අරයාට කිව්වේ නෑ නේද?"
"නෑ නෑ.... මොකද්ද මේ සීන් එක"
"ඒක දිග කතාවක් මල්ලි..... " අරූ අපේ සීය කෙනෙක් වගේ ආර් එන් බී ක්‍රමේට කතාවක් කියන්න කියලා හැදිලා පැදිලා මගේ බයික් එක උඩ ඉඳගත්තා....
"ලිහිණි පස්සේ පන්නන්නේ ඇයි?"
"රාජකාරියක්..." මූ තාම කියන්නේ අර බයිලාවමනේ...
"කසුන් අයියේ... උඹ අපිට බොරු කියන තාක් කල් ගැලවීමක් නෑ..... උඹ ජයවීරගේ හැටි දන්නේ නෑ..."
"මම නැතුව ඕකගේ හැටි කවුද දන්නේ...?" කසුන් කාරයා මේ කියන්නේ ජයවීරයා ගැන..... හරි ගොඩනේ ඒ කියන්නේ මූ මොනා හරි ජයවීරයා ගැන දන්නවා... මූගේ ඔළුව අතගාල මූ දන්න ටික අහගන්නවා කියන්නේ වැඩේ ගොඩ...
" කසුන් අයියා ජයවීර ගැන දන්නවාද?"
"හොඳට දන්නවා... ඕකා නිසා තමයි මගේ අනාගතේ විනාස උනේ...."
" ඒ කියන්නේ අයියා පිලිගන්නවද අයියා සී අය් ඩී නෙවෙයි කියලා...?"
"මම වගේ එකෙක් සී අයි ඩී එකේ ලැට් හෝදන්නවත් ගන්නේ නෑ මල්ලි...."
"ඇයි?" මට කලින් යකෝ බුවා ටියුන් උණානේ
" මම අවුරුදු 3ක්ම මහ උළු ගෙදර ලැගපු මිනිහෙක්.... අනික මගේ අම්මාව අමුවෙන් පුච්චලා දැම්මාට පස්සේ මාව අමුනුෂ්‍යයෙක් කලා..." මේක සෑහෙන අවුල් කතාවක්.....
" මොනා කරලාද හිරේ ගියේ....?"
" මම කරපු වරදක් නෑ... මාව වරද්දකට අහු කලා.... කුඩු එක්ක ..... "
"කවුද?" මමයි බුවයි දෙන්නම එකට අහුවා
"ජයවීර..... ඌ මගේ අම්මාව අමුවෙන් පිච්චුවා.... තාත්තාව රස්සවෙන් අස් කරලා දැම්මා.. ඒ මනුස්සයා හිතේ වේදනාවට පපුවේ අමාරුවකින් මලා... අම්මාව මරනවා එකම ඇසින් දුටු සාක්ෂිකාරි ඔය පිස්සු කෙල්ල විතරයි. "ඔහොම කතාවක් ලිහිණි මට කිව්වා තමයි.. ඒත් මූ දැං ලිහිණිට පිස්සු ලු. ඕවනේ මට දිරවන්නේ නැත්තේ....
"ලිහිණිගෙන් ඔයා බලාපොරොත්තුවෙන්නේ මොනද?"
" අම්මාගේ මිනි මරුවාට විරුද්දව සාක්ෂියක්..." 
" එච්චරද?"
"මට උදව් කරපං මල්ලියේ.... ඔය පවුලේ ගොඩාක් රහස් මා ලඟ තියනවා... ඒ හැම සාක්ෂියකටම වඩා මට වටින්නේ ඔය පිස්සු කෙල්ලගේ සාක්ෂිය,,,, දැන්මම එයා කියන දේ කවුරුත් විශ්වාස කරන්නේ නෑ.. ඒත් ඔය කෙල්ලව සනීප කරගත්තොත් මට ඔක්කොම හරි..." මොනා උණත් කසුන් පොරගේ උවමනාවත් මගේ උවමනාවම තමයි.
"මම කොහොමද උඹව විශ්වාස කරන්නේ...?" මම ආයේ පොරොන්දම් බල බල හිටියේ නෑ කෙලින්ම ඇහුවා.
"මම බොරු කියනවා නම් අර නාකි ගෑනිගෙන් අහන්න... ඔය ජයවීරයා මරන්න හැදුව එයාගේ ගෑනි... එයා ඉන්න තැන මම දන්නවා..." එළකිරිනේ සයිමන් කිව්වලු....
"කොහෙද එයා ඉන්නේ....?"
"ඒක කියන්න කලින් මට උඹ උදව් කරපං... මම දන්නවා ඔය කෙල්ලට ඕනෙත් අම්මව හොයා ගන්න.. මට ඕනේ ඔය ජයවීරයාව මාට්ටු කරන්න"
" හරි උඹට දැං මොනාද අපෙන් ඕනේ...?"
" ඔය කෙල්ලව උස්සන්න.." බුවා මගේ දිහා බැලුවා....මටත් කරකියාගන්න දෙයක් නෑ... මේ මොන දහජරා උදව්වක්ද? මම කොහොමද ලිහිණිව උස්සන්න සප් එක දෙන්නේ... ඒක මට කරන්න බෑ.... දැං මෙතන මාව බෙල්ලටම හිර වෙලා නේද? මම දැන ගත්තා මට මෙහෙම ආතල් එකක් හම්බ වෙයි කියලා ඔහොම යනකොට.... ෂිඃ මටත් සෙට් වෙන්නේම පණු කූඩයක් තමයි



15 comments:

ප්‍රසා said...

අද මම ද පළවෙනියා... :)

පොඩි බබා said...

යෙ..යෙ..යෙ..යෙ..යෙ..මෙන්න හැට පහ දාලෝ......අයියෝ ආයෙ අමතක වෙලා නේද 66 දාන්න. 67 දාලත් නෑ...නැන්දා ආයෙ එන්නෙ "මොන්ඩේ"ද?

දුල්හරි ඉලංගකෝන් said...

ඔව්නේ..... එතකන් අඩන්නෙ නැතුව ඉන්න හොදේ...:P

හා පැටික්කි (MS) said...

ඉක්මනට ඕ‍නෝ........

Jeew said...

අම්මෝ... මයියා විතරක් නෙමෙයි.. අපිත් අම්බානකට බය වෙනවා උස්සනවා කිව්වම...
මොකෝ උස්සන්නේ බර බලන්නයෑ....

Jeew said...

හා.. හා.. හා පැටික්කි අඬන් නැතිව ඉන්ඩ.. දුල් අක්කිට තව වැඩ තියෙනවා... මයියා කරන දේ විතරක් නෙමෙයිනේ... මයියගේ ගෙදර සෙට් එක, අර හිනාවෙන්ඩ දන්නේ නැති තරුවයි...ඩයිනමයිට් එකේ ගෙදර සෙට් එකයි මේ ටිකේ මොනව කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්ඩත් තියෙනවනේ කතාව ලියන්ඩ කලින්...

Aslam said...

ඔන්න ලොක්කා මොලෙ යුස් කරලා ගමනක් ගියමයි. හරි ඔය තියෙන්නේ බඩු. දෑන් ඉතින් මයියාට ජයවිර ගෙනුයි, සමරවිර ගෙනුයි දෙනාගෙන්ම කන්න පුලුවන් වේයි. එල එල.. කාලෙකින් කපු නෑති එකෙ කෙල්ලෙක් උස්සලාම කාපු දෙන්.
අනේ අක්කෙ සදුදා වෙනකම් ඉන්න ඔව්නෙද?? අයියො...

kanishka© said...

මරේ මරු. මයියා ලිහිණිව උස්සන්න සප් එක දුන්නනං හරි. දෙන්නටම ඕන දේ කරගන්න පුළුවන්.

හසී said...

අනේ ඉක්මනින් සඳුදා එන්න ඕන..

Unknown_User/හිඟන්නා said...

මේ සැරේ නම් හොඳ කට්ට සම්බෝලයක් කනවා....

Imagesharingsites.com said...

Hi My Dearest Friends,
Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

Thanks
Enjoy with Imagesharingsites.com

අභීත said...

මට පොඩි ප්‍රශ්ණයක්... ආර් එන් බී ක්‍රමේ කියන්නෙ මොකක්ද?

පිස්සා පලාමල්ල said...

කොටස් 3 නම අද එක හුස්මට ඇද්දා.... කතාව මාර ම ඉන්ටෙරෙස්ටින් වෙනවනේ... ඔක්කොමත් හරි තාත්තා නම් මයියටම හරි යනවා. හි හි. අපිටත් කවද හරි කියන්න වෙන්නේ ඔහොම තමා පොඩි උන්ට හික් හික්...

මොනා උනත් අවුල් ටික ලිහුනා වගේ හුඟක් දැන් නම්....

ආදර කතාව said...

හෆොයි... පව් අසරන මයියා

Murthi said...

මුල්ම වතාවට මේ කතන්දර අඩවිය ඇහැ ගැටුණේ ගිය සිකුරාදා... එක හුස්මට කොටස් 65ම කියවලා ඉවර කළේ දැං තමයි ඕං... භාෂා ශිලියනං උපරිමයි, කුතුහලය ගැන කියලා වැඩක් නෑ... කාලෙකින් කියවන්න හම්බුන නියමම කතාවක්... අභිරහස් ආදර අන්දරයක්... නියමයි... දුල්හරී සොයුරියට ජය! දිගටම ලියන්න!

Post a Comment