පිටුව

Thursday, September 2, 2010

64 කොටස

මොනා උනත් තාත්තාගෙන් අහගත්ත හැම දෙයක්ම මසුරන්... එදා මාව දාගෙන ගිහිල්ලා බොක්ක කට නැති වෙන්න දුන්නේ සමරනායකයා... ඒකට හේතුව උගේ පුතාව ලිහිණිට සෙට් කරන්න. ඕකට තමා කියන්නේ දාරක මෙව්වා එක කියලා.‍ අනිකෙක්ගේ පුතෙක්ව කෑලි කෑලි කරලා හරි තමන්ගේ පුතාව හුරතල් කරනවා. මට තිබ්බ කුහුල ඉවරයි. දැං මට ලිහා ගන්න තියෙන්නේ ප්‍රශ්න දෙකයි. එකක් අර කසුන් හාල්පාරුවා වැඩ කරන්නේ කාටද කියන එක. අනිත් එක තමා ලිහිණිගේ අම්මා..... ඔය දෙක ගොඩදා ගත්තොත් ලිහිණිගේ ෆයිල් එක වහලා ලොක් කරලා දාලා තාරකාගේ ප්‍රශ්නෙට බහින්න තිබ්බා. මෙතනදි සමරනායකයා තාරකාට උදව් කරන්නේ පට්ට හොඳ චේතනාවෙන් වෙන්න බෑනේ. ඔතනත් තියෙනවා මාර අවුලක්...
මම උදෙන්ම ඕක ගැන කල්පනා කර කර අයියාගේ බයික් එක පැත්තට පා උණා. මොනවා උනත් දැන් කොල්ලට ගමනාගමනයට සීසන් හම්බ උණානේ.
"මයියා....‍ උඹ කොහෙද යන්නේ?"අක්කා පන් මල්ලකුත් අරං දුවන් ආපි.
"ඇයි? තමුසෙද දැන් මම යන එන තැන්වලට ටිකට් කඩන්නේ....? " අක්කා හිනා වෙලා ඇඹරෙන්න ගත්තා... ඇයි යකෝ මේක  ඇඹරුම් ගලක් වගේනේ... අද මොනවා නැතත් අහිංසකයකුට ගින්නක් දෙන බව නම් ෂුවර්.
"මම පාරේ තමා යන්නේ... තමුසේ මේ කොහේ යන්නද ඇඹරෙන්නේ...?"
"කෑ ගහන්න එපා මයියා..." ඒ පාර මොන බොත්තමක්ද දන්නෑ.
"කියනවා කියනවා.... මට පරක්කු වෙනවා"
"මාව හන්දියෙන් දාගෙන යනවකෝ ඕයි" හත්දෙයියනේ ඕක කලින් කිව්වනම් දැන් මම මෙයාව හංදියෙන් දාලා බුවාලෑ ගෙදරත් ගිහිංනේ...
"තමුසේ ඔය ටික කියන්නද මෙච්චර කෙකර ගෑවේ...? මම හිතුවා තමුසෙට හඳපානේ ටිකිරි ටිකිරි කියාගන්න මට ටෝච් එක අල්ලන්නවත් කියනවා කියලා... නගිනවා නගිනවා.... හිතක් පපුවක් නැති උන් හරි නං මේවා කරන්න වටින්නෙත් නෑ." අක්කා මොකුත්ම නොකියා බයික් එකට නැග්ගා... පොඩ්ඩක් දුර යනකන් කිසි සද්දයක් නෑ...
"මේ ඕයි අක්කේ... තමුසේ ගාව සල්ලි තියෙනවද?"
"තියෙනවා.... කීයක් ඕනෙද?" කටඩඬනම් ටකරමකට පිණි වැටෙනවා වගේ... කැඩෙනවා...  හැදෙනවා... අක්කා මොකක් හරි අවුලකද? මම දඬුමොනරේ පැත්තකට කරලා නැවැත්තුවා. මොනා උනත් හිතක් පපුවක් නැති මගේ පපුවටත් මුන් අඩනකොට රිදෙනවා...
"අක්කේ මොකද ඕයි තමුසේ අමාරුවෙන් කතා කරන්නේ..?" මෙන්න බොලේ මෙයා හෝ ගාලා අඩන්න පටන් ගත්තා.
"මේ.... පාරේ මී හරකියෙක් වගේ හොටු පෙරන්නේ නැතුව කියනවකෝ සීන් එක...."
"මයියා... තමුසේ ලහිරුව දන්නවා නේද?"
"මං මොකද දන්නේ නැත්තේ තමුසෙගේ ස්පෙයාර් වීල් එකනේ... දැන් මොකද වෙලා තියෙන්න? ඌ බඩ වෙලාද?"
"ලහිරුව කොම්පැණි එකෙන් මස්කෙලියට මාරු කරලා."
"ඉතින් බන් තමුසේ අඩන්නේ පරලෝකෙට මාරු කලා වගේනේ... මස්කෙලිය තියෙන්නෙත් මේ පුංචි සිරි ලංකාදීපේ ඇතුලෙනේ..."
"ඒකනේ මයියා... ඒත් මෙයා ලොක්කත් එක්ක කතාවක් ඇදගෙන..."
"ඒක උගේ අයිකියනේ. කටක් තියෙන්නේ කතා කරන්නනේ..."
"ඔව්.. ඔව්.. කතා කරන්න ගිහින් ජොබ් එකෙන් අස් කරලා." අනේ මන්ද මුන්ට කටෙන් හරි හමන් වැඩක් ගන්න බැරි හැටි... ඒත් ඉතින් ඒකට මෙයා අඩන්නේ ඇයි? අරූට තියෙන්නේ වෙන ජොබක් සෙට් කර ගන්නනේ...
"දැන් තමුසේ අහවල් එක මලගෙයක් කරගෙන ඉන්නේ මොකටද?"
"ලහිරු ඊයේ මට කියනවා මේ සම්බන්දේ නවත්තමුලු."
"ඉතින් තමුසේ හා කිව්වේ නැද්ද?" අක්කා ඒ ගමන මං දිහා බැලුවේ අප්සෙට් ඩබල් වෙලා.
"උඹට කිව්වට වඩා හොඳයි නිකන් හිටියනම්..."
"ලහිරුවා ජොබ් එක නැති උනාම නවත්තලා. ජොබ් එකක් හම්බ උනාම ආයිත් සෙට් වෙයි. ජොබක් නැති නිසා තමුසෙට ස්පොන්සර් කරන එක ඌට කචල් ඇති.‍ ඒකයි ඔය..."
"එහෙම දෙයක් නෙමේ මයියා... ලහිරුව ඔෆිස් එකෙන් මාරු කරන්න හේතුව කෙල්ලෙක්..."
"ඌ ඩබල් ගේමක් අරන් ගිහින්ද?"
"නැහැ... ලහිරුට ඔෆිස් එකෙන් පවරපු වැඩක් කෙල්ලෙක් නිසා මඟ ඇරලා."
"මරු ඔෆිස් එකක්නේ බං ඕක..."
"ඒ කෙල්ල ගැන ලහිරුගේ හිතේ ලොකු අනුකම්පාවක් තියෙනවා මයියා...."
"මාර කේස් එකක්නේ ඒක... ඌ කෙල්ලට භූමිකම්පානම් ෂේප් එකේ අතහිත දීගෙන ඉන්නේ නැතුව ලොක්කා එක්ක වලි දාගත්තේ මොන උලව්වකටද?"
"ලහිරුට දුන්න රාජකාරිය අත් අරින්න කියලා කියලා තියෙන්නෙත් ඒ හිවලිම තමයි මයියා.‍‍.."
"මේකේ අවස්ථා සම්බන්දේ අවුල්නේ අක්කේ... ඔය කියන කෙල්ල නිසා රාජකාරිය මග ඇරියා කියමුකෝ... ඒ නිසා මාරුව ආවා... ඒකට ගේම ඉල්ලලා ලහිරුවට ජොබ් එක නැති වුණා... ඒත් දැං ඔය ඔක්කොම කියලා එයා තමුසෙව කැපුවේ ඇයි?" අක්කා ආයෙත් අඩන්න ගත්තා... අනේ දෙයියනේ ප්‍රශ්නයක් අහන්නත් බෑ හොටු හූරනවා.
"ලහිරු කියනවා මට වඩා ඒ කෙල්ල අසරණයිලු. ඒ නිසා එයාට ඒ කෙල්ලට පිහිට වෙන්න ඕනෙලු." අර කන්න ඕනේ උනාම කබරගොයා කුකුලා කරලත් මිනිස්සු කනවනේ... ලහිරුවා මාර පොරක්... ඌට ඕනේ විදිහට ගේම් ගහන්න දෙන්න බෑ... අපේ ලොකු සහෝදරීගේ මොන අඩුවක්ද? හැමදේම වැඩී මිසක්... අද දවසේ රාජකාරිත් එක්කම මස්සිනාවත් බලලා එන්න ඕනේ...
"හරි තමුසේ දැන් ටැප් එක ලීක් කරගන්නේ නැතුව ඉන්නවා... මම බලන්නම් සාම සාකච්චා වටයක් දාලා... හැබැයි ඕක බෑ කියනවනම් තමුසෙත් වෙන පුත්තලම් බූරුවෙක් හොයා ගන්නවා..." අක්කා කඳුළු පිහිදා ගත්තා.‍..
"මයියා... ඔයා එයාව හොයාගෙන යන්න ඕනේ නෑ... ඔය සක්කර වට්වම කවුද කියලා හොයලා දෙනවකෝ පුළුවන්නම්..."
"හරි.. හරි... දැන් තමුසේ කොහෙන්ද බහින්නේ?"
"මම මෙතන බහින්නං..." අක්කා බැහැලා ගියා. ‍අනේ මන්දා අක්කලාටත් එන ප්‍රශ්න...


මම බුවාලෑ ගෙදරට ගිහින් ඌවත් දාගෙන ඉස්පිරිතාලෙට ගියා... උදේ පාන්දර හින්දා සෙනගත් නෑ...
"මයියා.. මොකක් හරි අවුලක් බං... අර බලපං හැමතැනම පොලීසියෙන්..."
"මේකට තමයි බං ලොකු ලොකු ඇමතිලා චෙකප් වලට ගොඩ බහින්නේ..."
අපි ලිහිණිගේ කාමරේ පැත්තට හිමීට පා උණා. මොනා උනත් මේකේ ලෙඩෙක් බලන්න යද්දී යන එකාට කකුල් රුදාව හැදෙනවා. වෙනදට භානුකයා මේ පුටු සෙට් එකේ වාඩි වෙලා එන උන් පිලිගන්නවා... අද ඌ පේන්නත් නෑ...
"බුවා භානුකයා පේන්නත් නැති එකේ ජයවීරයා ඇතුලෙද දන්නේ නෑ... උඹ තට්ටුවක් දාලා බලපං මම මෙතන ඉන්නං..." මම කොරිඩෝ එකේම බ්‍රෙක් පාරක් ගැහුවා. බුවා ඔලුවත් වනාගෙනම එතනට ගිහින් තට්ටුවත් දැම්මා... මම බලාගෙන ඉද්දිම එකපාරට දොර ඇරුණා... තඩි මහත බඩ පොරක් බුවා දිහා බැලුවා... බුවා අමුවට තෙම්පරාදු වෙලා වගේ කෙල ගිල්ලා... මොනවා උනත් මෙතන කෑවොත් ඌට තනියෙන් කන්න දෙන්න බෑනේ මමත් එතෙන්ට ගියා...
"මොකද..." ඇදලා පැදලා අර තඩියා ඇහුවා.
"මේ.... මේ.... භානුක ඉන්නවද?" බුවා වෙව්ල වෙව්ල කතා කලා.
"නෑ... එහෙම කෙනෙක් නෑ. මේ මන්ත්‍රිතුමාගේ රූම් එක‍. ඔයාලට වැරදිලා." ඈ යකෝ අපි වැරදි කාමරේටද තට්ටු කරලා තියෙන්නේ...‍? අර තඩියා දොර වැහුවට පස්සේ මම කාමරේ නොම්බරේ බැලුවා.... මේ 404 තමා. ඊයේ ආව පොට් එක.‍.. එතකොට ලිහිණි කොහෙද ගියේ.... මමයි බුවයි මූණට මූණ බලා ගත්තා...
"අර නර්ස් වට මේසෙන් අහමු... කාමරේ වෙනස් කරලද දන්නේ නෑ..." බුවා නර්ස්ලා එකතු වෙලා ඕප දූප වපුරන මේසේ ළඟට ගියා.
"404 කාමරේ හිටපු ලෙඩා කෝ මිස්?"
"404 ලෙඩා...." මේ ගෑනි ඒ පාර කොළ පෙරලන්න පටන් ගත්තා... අනේ මන්දා
"ලිහිණි ජයවීර නේද?"
"ඔව් ඔව්..."
"එයාව ඊයේ හවස ඩිස්චාර්ජ් කරගෙන ගියා..." ඇයි ගොන් හරකෝ දෙබරෙට ගල් ගැහුවේ කිව්වලු... දැන් ඉතින් මොනාද කරන්නේ....? ජයවීරගේ ගෙදර යන්නද?

18 comments:

පොඩි බබා said...

මෙන්න මෙහෙමයි 65 සහ 66 කොටස කෝ??? නැන්දට ඒ දෙක දාන්න අමතක වෙලා නේද...ඉක්මනට දාන්න කට්ටියට වැඩේ අහුවෙන්න කලින්...

Jeew said...

හොඳ වෙලාවට ළිහිණිව ඩිස්චාජ් කරලා තියෙන්නේ... දැන් ඉතිං මයිය ඉස්පිරිතාල ගානේ බඩගාන්ඩ ඕනේ නෑනේ...
ඒත් ඒක නෙමේ කේස් එක. ඉස්පිරිතාල වල නැවතිලා ඉන්න මන්ත්‍රීගොල්ලො ලංකාවෙ ඉන්න විදිහක් නෑනේ....
වෙන්ඩ බෑ.. එහෙනං මේ ලංකාවේ කතාවක් නෙමේ වෙන්ඩ ඇති...

Siribiris said...

නෝනෙත් කො‍ටු පනිනවා වගේ. 63 නේ ඉදලා 67 පැන්නය කියන්නෙ. දැක්කද ජ්ම්ප් එක. ඔන්න කනෝ පිනුම්! හැබැයි නෝනෝ අඩු කඩාගෙන නිවාඩු ඉල්ලනවා එහෙම නෙවෙයි. අනික මට මේ "බබා" ව නං, සතපහකට විස්වාස නෑ. මට හිතෙන්නෙම මූ ඇම්ඩගෙ මල්ලිමයි කියලයි. ජම්පි දාන්නෙ බලාගෙන..

Unknown_User/හිඟන්නා said...

"මෙතනදි සමරනායකයා තාරකාට උදව් කරන්නේ පට්ට හොඳ චේතනාවෙන් වෙන්න බෑනේ": සමරනායකයා තාරකාව යොදාගෙන ලිහිණිට ගේමක් සෙට් කරන්න බලනවාද දන්නත් නෑ....(* එකම් ඉටි රුප දෙකනේ ...)

Aslam said...

දෑන් මොකො කරන්නේ. ළිහිණි හොයගෙන ගෙදර යන්නයෑ.. දෑන් මේ අක්කාගෙ මගුලක් සෙට් කරන්නත් තියෙනවා නේද?? අනේ මෙ මයියාට වෙන දෙවල්. වෑඩ නෑතුවට වෑඩ. හ්ම්ම් හ්ම්ම් ඔහොම යමුකො.
මෙ මොනවදෙ මෙ කට්ටිඅ 67 ගෑන කියන්නෙ. ඔය ලස්සනට 64 කියලා තියෙන්නෙ

පොඩි බබා said...

මං හිතුවා 65 , 66 නෑ කිව්වම නැන්දා බය වෙලා මෙලහකට ඒ කොටස්2ත් දාල ඇති කියලා. එහනම් අද කෑලි3ක් විතර කියවන්න තිබ්බා...අයියො දැන් ඉතින් ආයෙත් බලාන ඉන්නෙපැයි හෙට වෙනකන්...

හසී said...

අපොයි දැන් ඉතින් කොහොමද ලිහිණිව හම්බ වෙන්නේ?

Anonymous said...

"කො‍ටු පනිනවා" wage wachananam kollo pawichchi karanawa aduyi. wisheshayenma thamange akka wenuwen. samaharawita මයියා (දුල්හරි ඉලංගකෝන්) danne nathuwa athi wachane theruma.

aththatama me adahasama thiyana eth decent wachana thiyanawa kollo pawichchi karana.

tharaha wenna epa.. mama hoyanne waradimayi kiyala..

Anonymous said...

බලන් ඉන්න බැරි තරම් කියවන්න ආසයි.ඉක්මනට අනිත් ටික දාන්නකො

දුල්හරි ඉලංගකෝන් said...

මම කිව්වෙ මම මේ පාවිච්චි කරන වචන ගොඩක් වෙලාවට මයියාගේ වයසෙ සහෝදරයෝ පාවිච්චි කරන වචන.... ඇත්තම කියනවා නම් මම හරියට දන්නේ නෑ මේ වචන මෙතනට පාවිච්චි කරන්නේ මොන හේතුවලටද කියලා.... මට සමා වෙන්න....මේක කොල්ලෙක් විදියට ලියන එක සෑහෙන්න අමාරුයි මම හිතනවා මට සමාව දෙයි කියලා මගෙ අතින් වෙන වැරදි වලට.... මම හරියට නමක් දන්නෙ නෑ ස්තුති කරන්න මොකද මට මේ වගේ අඬුලුහුඬු කම් පෙන්නලා දෙන්නෙ නිර්නාමිකව.

කාවවත් මෙතනදි අපහසුතාවයකට පත් කරන්න මම ආස නෑ.... කොහොමත් මම හිතා ගත්තා.. දන්න විදියටම කෙල්ලෙක්ගෙ VIEW එකෙන් අනිත් නිර්මාන කලොත් හොඳයි කියලා.:)

තව දෙයක්... මම මේක ලියනවාට කැමති නැති අයත් ඉන්නවා... සමහරු මට එක එක දේවල් කියලා බැරිම තැන අම්මලා තාත්තාලත් අරගන්නවා.... කෙනෙක් දෙයක් සාර්ථකව කරනවා බලන් ඉන්න බැරි අය මගේ කතාව කියෙව්වෙ නැති උනාට කමක් නෑ. අපි කාටත් අම්මලා තාත්තාලා ඉන්නවානේ... එතන තිබුණ දේවල් මම මොඩෙරේට් කරද්දි අයින් කලා. ඇයි ඕවා ලියලා කාලේ නාස්ති කර ගන්නේ... මට නම් තේරෙන්නේ නෑ

හැමදාම වගේ මාව දිරි ගන්වන හැමෝටම ගොඩක් ස්තූතියි... නාමිකව හෝ නිර්නාමිකව මාව දිරි ගන්නවනවාට ගොඩක් පින්

kanishka© said...

මම වැඩිය කතන්දර පොත් නං කියවලා නැහැ. නමුත් ‍මේක පොතක් විදියට තව ටිකක් දියුණු කරල පල කරන්න පුළුවන් කියල හිතෙනවා. ඔයා ලියන්නන් වාලෙ ඔහේ ලියන්නෙ නැතුව හොදට සැලසුමක් ඇතුව ලියන බව පේනවා(හුගක් ටෙලිනාට්‍ය උනත් එහෙම නෑනෙ)
වැඩේ අප්සෙට් නං Anonymous Comments දාන්න ඉඩ දීල තියෙන එක අයින් කරල දාන්න. එතකොට හරි.
:)

kanishka© said...

ඔයා කොල්ලෙක් විදියට ලියන එක ගොඩක් සාර්ථකයි. සමහර වෙලාවට කොල්ලෙක් නෙමෙයි කියල විශ්වාස කරන්න බැරි තරමටම. මේ වගේ හොද නිර්මාණ අපි තව බලාපොරොත්තු වෙනවා, කවුරු මොනව කිව්වත් නවත්තන්න නං එපා.

Anonymous said...

කතා කාරියට කුණුහරුප කියා එවන අයට....
නිකම් කාලෙ නාස්ති නොකර .. මේ වැඩේ බලා ඉන්නම බැරි නම් නරකද කොපියක් ගහලා හෙට අනිද්දා "ඔන්න ඔහොමයි" කියලා බ්ලොග් එකක් ඇරගත්තොත්.?? හැබැයි ඉතින් මේ ඉස්ටයිල් එක නම් කොපි කොරන්න අමාරු වෙයි.. සොරි තමා..

Siribiris said...

උදේ පාන්දරම මමත් කෑවේ නැතෑ අර "බබයියගෙ" 65 හෙ ලණුව. හපොයි අපිත් කන ටකරං.

වෙච්ච විලි ලැජ්ජාව මකා ගන්නත් එක්ක "කො‍ටු පැනීම" ගැනවත් කතාකරමු.

පුංචි කාලෙ කෙල්ලො එක්ක තනිකකුලෙන් පනින්නෙ -නිකං කො‍ටු
එහා ගෙදර මැගීයා එක්ක මෙහා ගෙදර ජෙමා පැන්නෙ-හොර කොටූ

කොල්ලො හොර කො‍ටු පනිනචාද? හ්ම්ම්.. මෙහෙ ඉන්න කොලු තාත්තලා නං පනිනෝ.....

පොඩි බබා said...

නලක ළමයිගේ නලක වැඩ ගණන් ගන්න එපා නැන්දේ...නැන්දා ලියන්ට දිගටම...වැඩේ එලටම යනවා...ඒත් අනේ කෝ ඉක්කමනට 65 දෙන්නකෝ...මගේ ප්ලැන් එක වැඩකොලා නම් අද කැලී3ක් කියවන්න තිබ්බා...

Jeew said...

සයිබර් ලෝකයේ ඉන්න ඔක්කොම නැතත් අඩුම තරමේ අපි වාගේ කිහිප දෙනෙක් හරි මේ කතාව කියවනවා කියලා හිතලා, ඔය නිර්නාමික පාට් දාන එවුන් එක්ක කෙල ගන්නේ නැතිව, අපිට ඉක්මනට කතාව ලියලා දෙන්න.
ඇත්තටම මම නම් බොහොම ආසාවෙන් මේ කතාව බලන්නේ. සමහර වෙලාවට රෑ නින්දෙන් ඇහැරුණහමත් මගේ ‍බ්ලොගයේ චෙක් කරනවා මේ කතාව ඇවිල්ලාද කියලා. මම දන්නෙවත් නැහැ නොම්බර පැටලිලා කියලා කොමෙන්ට්ස් දකිනකල්. ඒ තරමට කතාව ගැන කැමැත්තකින් බලන්නේ.
ඒ හින්දා වැරදි හොයන අයට එයාලාගේ වැඩේ කරන්ඩ කියලා ඔයා ඔයාගේ පාඩුවේ අපිට මේ කතාවේ ඉතුරු ටික දෙන්ඩ. (දවසකට කොටස් දෙකක් විතර වුණත් කමක් නැහැ.)

Anonymous said...

oh.. oh..,

mama kiyapu de lekikawa hariyata therum gaththath anith ayatama hitha ridila wage. mama maka kiwweth kathawe thibunu quality eka poddak hari adu wenawata kamathi nathi hinda. aththatama mama thamayi meeta kalin kathawe thibunu unrealistic than keepayak gana kiwweth. mama ehema kiwwe mechchara hodata giya kathawata goma binduwakwath ekathu wenawata kamathi nathi hinda.

කො‍ටු පනිනවා kiyana eka kiyanne. pirimiyek ganiyekge (wisheshayen badapu) gedara yana ekata ganige badapu miniha nathi welawata. meka thamayi gamedi niyama adahasa.

ekayi mama kiwwe kollek wisheshayen thamange akkata kotuwak paninna hadanne wage deyak kiyanne ne kiyala.

kotu paninawa kiyana eka, kellekwa film ekakata adinawa, room ekakata adinawa wage dewal walata wada harima prathamikayi. kotuwak pannath room ekakata addath wenne ekama de. eth kotuwak paninawa kiyana wachane hirikitha wadiyi. mekema gamuko, ganu lamayek gana kiyanna api pawichchi karana me wachana tiak,

1. kalla (kotasa).
2. baduwa,
3. gediya,
4. gona.

kohoma unath kage hari hitha ridunanam ayeth sama wenna.

Anonymous said...

සැලෙන්න එපා ඔයා දිගටම ලියන්න..... අපි කියවනවා......
අනෝ commints අඉන් කරන්න එපා.anonimus විදිහට ලියන හැමෝම පිස්සෝ නෙමේ ......

Post a Comment