පිටුව

Monday, August 30, 2010

61 කොටස



මමයි ටොලයි හරියට පන්සලේ කණු දෙක අල්ලන් ඉන්න බහිරවයෝ වගේ පාෂානභූතයෝ උණා. සුළියත් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා. 
"මිසිස් සමරනායකද?" මෙහෙම ඉන්න එක පිරිමි කමටත් හිරිකිතයි
"ඒ ඉස්සර.... ඔයාලා කවුද?" අප්පාටසිරි සිංහලද ඉංග්‍රීසිද මොනාද භාෂාවක් තමයි කතා කරන්නේ... දිවත් උළුක් වෙනවා
" අපි ආවේ මැඩම්ව හම්බ වෙන්න තමයි..... " මෙයාට මාර හිනාවක් ගියා
" මොකක් හරි ඕඩර් එකක්ද? යමු අපි ඇතුලට ගිහින් කතා කරමු" ටොලා මට ඇඟිල්ලකින් අනින්න ගත්තා. මටත් තේරුණා එන පොට එච්චර හොඳ නෑ කියලා. මොකද රත්තරං හරි මොනා හරි වළලු දැම්ම අතකින් ගුටියක් කෑවොත් සුළු පටුද? අපේ පරම්පරාවංශයෙත් ලියවෙයි රන් අකුරෙන්.
"නෑ නෑ මැඩම් පරක්කු වෙනවා... ඇත්තම කියනවා නම් අපි ආවේ කම්ප්ලේන් එකක් කරන්න...." මගේ වචන ටිකට ගෑනි කොර උණා. දැං වටපිටත් බැලුවා.
"මෙහෙම කතා කරන එක හොඳ මදිනේ අපි ඇතුලට යමු මිස්ටර්...." තව පොඩ්ඩෙන් අර ගෑනි මට දණගහලා වැදලා අයියාට වඳින ගාථාව කියනවා. ශබ්ද නගා....
"එහෙම නෙවෙයි මට ඇත්තටම පරක්කුයි.... ඔයාගේ අර කැබින් එකේ දාගෙන ඉන්නේ සර්පයෙක් මැඩම්..."
"සර්පයෙක්........ස්නේක්......." බුදු අප්පේ තනිකර ඉංග්‍රීසි පාඩමක්.... දැං මෙතනට මේ ගෑනි ගිනි නිවන හමුදාව ගෙනෙයිද දන්නේ නෑ නයා අත්තඩංගුවට ගන්න. නයෙක් නැති කැබින් එකේ අපි දෙන්නට තමයි පෙනේ පුප්පන්න වෙන්නේ.
"නෑ නෑ... මැඩම් කලබල වෙන්න එපා..... නයෙන් නෑ... අපි කිව්වේ මැඩම්  යනකන් ඉඳලා අර ඇතුලේ ඉන්න මිනිහා හොරකන් කරනවා...." සුළිය ටිකක් ගැස්සුනා. වීදුරුව අස්සෙන් දැම්මා ලේසර් බැල්මක් අර පොර දිහා... අරුත් කලිසම තෙමාගෙනද දන්නේ නෑ. තව ටිකක් වෙලා හිටියොත් අපිවත් තෙමිලා යන්න පුළුවන්.... වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරක් නොවෙච්චි..... 
"අපේ යුතුකම අපි කලා.... අපි ගිහින් එන්නම් මැඩම්...." මම ශේප් වෙන්න බැලුවා
" තැන්ක් යූ කරපු උදව්වට.... මිසටර්ගේ නම...."
"මගේ නමද?" කාලා වරෙන්කෝ මගේ නම මොකටද මෙයාට... මොකෝ නම් ප්‍රසිද්ද කරන්න යෑ..... ඕකනේ කියන්නේ රම්පෙ ගහට නඟිනවා කියලා පොල් කඩන්න....
" ඔව් ඔව්... ලොකු හෙල්ප් එකක්නේ කලේ.... "
"අයියෝ ඕවා මොනාද.... නම මතක තියා ගන්න ඕනෙ නෑ.... මැඩම් ඕනෙ වෙලාවක ඕන වැඩක් කියන්නකෝ බබානිස් අය්යා කියලා... මේ බජාර් එකේ මාව නොදන්න කෙනෙක් නෑ... " බබානිස් කියලා එකෙක් හිටියොත් ඌටත් පිං අනුමෝදං වෙයි. කමක් නෑ අපි තව වැඩ මොකුත් පෙන්නන්නේ නැතුව එළියට ආවා.
සිකයි, බුවයි අපි දෙන්නා දිහා බැලුවේ යකෝ මුන් තාම යහතින්ද වගේ
" උඹලා මොනාද සුළියට කිව්වේ...?"
"අපි කිව්වා මචං.... උඹට එයාව දැකලා පිස්සු හැදිලා ඉන්නේ... භාර ගන්න උණත් කැමතියි කිව්වා කියලා" ටොලාට බඩ පැලෙන්න හිනා ඒක අහලා....  මෙතන දැං බයිලා ගහලා වැඩක් නෑ.. අපි දෙන්නා හොයා ගත්ත දේවල් මුන් දෙන්නාටත් කිව්වා..
" මචං ඒ කියන්නේ කතාව පැහැදිලි.... ඔය අර පප්පා කිව්ව පිනට හම්බ උණ බිස්නස් එක තාරකාගේ තාත්තාගේ..." බුවා කතාව පටන් ගත්තේ බස් ස්ටෑන්ඩ් එකේ ලස්සනට තියලා තිබුණ බංකුවකට පස්ස තියන ගමන්
"ඒක් කොහෙද ඇත්තේ...?" මම කල්පනා කලා
"තාරකා දන්නවා ඇතිනේ බං"
"නෑ ඒකි මොකුත් දන්නේ නෑ...." මට ඒක බුදු ෂුවර්
" සමරනායකයාගේ පුතා ඉගෙනත් ගන්නවා නම්.... ඕකත් ඇත්තේ මේ කොන්ක්‍රීට් භවනෙම තමයි. ඔතනට යන්න ක්‍රමයක් තියනවාද?"
"මයියා...... මට පොඩි අදහසක් ආවා....." බුවාට සූරන ක්‍රමයට අදහස් නම් එනවා... සූරද්දි කෙල්ලෙක් එහෙම දැක්කොත් තමයි ඔක්කොම කණපිට ගහන්නේ
"මොකද්ද?"
"සමරනායකයා ජයවීරගේ අතක් නම්... භානුකයා මොනා හරි දැනගන්න පුළුවං..." මූ අදහන්න වටිනවානේ... ඔව්ම නේන්නම්... හරි වැඩේ සිරා...
" ඔක්කොටම ඉස්සල්ලා කියපං මයියා උඹට භානුකයාව හොඳටම ෂුවර්ද කියල" සිකා මගේ කර වටේට අත දැම්මේ ඒකත් අහන ගමන්
" මට ඒකේ අවුලක් නෑ බං... ඒත් තාරකා ගැන භානුකයා දැන ගන්නවාට මම එච්චර කැමති නෑ"
"ඒ කියන්නේ උඹට පොඩි පහේ අවිශ්වාසෙකුත් තියනවා"
"මට අවිශ්වාසයක් නෑ... ඒත් ඕකා මොන විදියට හැසිරෙයිද කියලා මම දන්නේ නෑනේ.... එහෙනම් වරෙං අපි යං දැං ඉස්පිරිතාලේ...?" මම හිතපු තැනින් නැගිට්ටා
"මේ බබානිස් තමුසේ දැං ඉස්පිරිතාලේ යන්නේ කාගෙන් ගුටි කාලද?"
"හෝතඹුවෝ.... දැං වර ලිහිණිව බලන්න යන්න" මම ඈත් එන බස් එක දිහා බලාගෙන සාක්කුවට අත දැම්මා.  මුන් සෙට් එකටත් එක්කම බස් ගාස්තුවට කියලා තියෙන්නෙ මගේ ලඟ රුපියල් සීයයි.... මොනා හරි වැඩ කෑල්ලක් දාන්න බලනවා. කියලා හිතාගෙන මම බස් එකට අත ඇල්ලුවා.


අපි අර ඉස්පිරිතාලෙට යනකොට හවස 3ට විතර ඇති අම්බානකට බඩගිනි. කරන්න දේකුත් නෑ. රුපියල් සීයයිනේ හැමදේටම තියෙන්නේ.. මට ඉතිං මාර පව් කියලා හිතෙනව ගැන්සියත්. උන් මේ කට්ට සූප්පු කරන්නේ මම නිසානේ. මට නිකමටවත් මුන් බඩගිනි කියලා කිව්වේ නෑ. ඕකුන්ට බඩගිනි ඇති ඒත් උන් දන්නවා මට හිරෙන් නිදහස් උනාට මොකුත් සම්තින්ග් එකක් නෑ කියලා.
"මයියා... උඹ ඔහොම හිටපං... අපි කාමරේට ඔලුව දාල තත්වෙ බලාගෙන එන්නම්... හදිස්සියේ හරි ජයවීර හිටියොත්" බුවාගේ කිඩ්නිය සෑහෙන්න වැවිලා.. ඒ වගෙම බල්ලාට වගේ ඉව වැඩ කරනවා
"හරි මම මේකේ ඉන්නම්... හැම දෙයක්ම හරි නම් සිකාව එවපං පහලට..." මගේ අන්තිම කැමැත්තෙන් ගැන්සිය උඩට ගියා.මම තියලා තියන පුටුවක් උඩට වෙලා මනෝව ලඟට ගන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් එක්ක්ම හොඳට දැකලා පුරුදු ඩයල් එකක් ඇවිල්ලා කවුන්ටරේ නංගියෙක්ගෙන් මොනාද ඇහුවා, උසට උසේ... පොල් ගහක් වගේ... අපිට වඩා ඕනෙනම් අවුරුදු 8ක් විතර වයස පාටක් පේන්නේ... කොහෙද අප්පා මම මූව දැක්කේ....  ඩයල් එක දැකලා තියානවා ඒත් කවුද මතක නෑ... හරි බලමු පොර යන්නේ කොහෙද කියලා. මම හිමින්ම ඩයල් එක පිටිපස්සෙන් යන පැත්තට ගියා. කොහෙද යකඩෝ මම මූව දැක්කේ.... මම පස්සෙන් එනවා දැනිලාද කොහෙද පොර මගෙ දිහා බැලුවා. මට ඉතිං දුකටයි බයටයි සැපටයි හැම එකටම දාන්න තියෙන්නේ පනාව. ඒක දැම්මා. මේ ඩයල් එකත් මාදිහාම බලාගෙන හිටියා
" දිමත්ගේ මල්ලි නේද?" දිමත් කියන්නේ අපේ අයියා නේද? හරි මේ අයියාගේ ෆිට් එකනේ.... බඩුම තමයි. ඒකනෙ මට මතක.
"ඔව් ඔව්.. කසුන් අයියා...?"
"හරියට හරි... දිමත් කොහොමද ලංකාවට එන්නේ කවදද?"
"අයියා දැං ඇවිල්ලා සෑහෙන කාලයක්නෙ.... කසුන් අයියා මොනාද දැං කරන්නේ..."
"මම සී අයී ඩී මල්ලි.... "අම්මා තාත්තා දෙන්නවාම ජීවමානවම මතක් වෙලා ගියා. එසේ මෙසේද? ඒත් අපි කරන හොර වැඩ අහු උණොත් එහෙම....
"ඉතිං ඉතිං මල්ලි.... දිමත්ගේ නම්බර් එකවත් දෙන්නකෝ බලන්න"
" අයියෝ හා.... " මම ඉතිං අපේ ගෙදර නම්බර් එක පොරට දුන්නා. 
" අයියා හොස්පිටල් එකේ...?" මටත් ඕනෙ නැති දෙයක් නැති එකේ ඔන්න ඔහෙ අහලා දැම්මා. පොර එක්ක මට කතා කරන්න ආසයි අප්පා... 
"පොඩි වැඩකට ආවා.... ඩියුටි එකකට.... "
" හරි හරි... එහෙනම් මම යන්නද අයියේ...." 
"මට ඉඩ ලැබුණාම දිමත්ට කියන්නකෝ ඒ පැත්තේ එනවා කියලා"
"අනිවා මම කියන්නම්....." මොනා උණත් පොර එක්ක කතා කලාම මගේ බඩත් පිරිලා ගියා. ඒ අස්සේ ගැන්සියත් බඩ පිරෙන්න කනවාද දන්නේ නෑ. මම හිටිය තැනට යනකොට සිකා ඉන්නවා කජු පෙනුමක් හදාගෙන
"කොහෙද බං යන්නේ...?'
"අඳුනන කෙනෙක් දැකලා කතා කලා බං"
"කවුද?"
" අයියාගේ යාලුවෙක්... කොහොමද ලිහිණි ලඟ තත්වෙ"
" භානුකයා විතරයි ඉන්නේ...."
" එහෙනම් යමන්.." මම සිකා එක්ක ලිහිණි බලන්න කාමරේට ගියා. හිතේ පොඩි ගැස්මක් නැත්තෙමත් නෑ. ඒත් ලිහිණි තාරකා කියන දෙන්නාගෙන් මගෙ හිත පොඩ්ඩක් හරි නතර කරගෙන ඉන්නේ තාරකා අනේ මන්දා ලිහිණි දැක්කාම මොනා වෙයිද කියලා. අපි යනකොට කට්ටියම එළියට වෙලා භානුක එක්ක ලොකු කතාවක් 
"තෙනුර උඹ ආව එක හොඳයි.... ඊයේ ඉඳලා මචං ඩොක්ටර් කෙනෙක් මෙයාව කතා කරවන්න බලනවා.. ඒත් මෙයා නෙවෙයි කතා කරන්නේ.... මචං උඹටවත් ලිහිණිව කතා කරවන්න පුළුවංද බලපං" භනුකයා අමු අදෝනාවක් දාන්න ගත්තා. ඩොක්ටර්ලාට කරන්න බැරි දේ මට පුළුවංද .. මූටත් මූඩියක් පෑගිලාද කොහෙද? 
"යමුකෝ බලන්න...." මම දොර අරින්න ලෑස්ති උනා.. භානුකයා මාව නැවත්තුවා.
"මචං ඩොක්‍ටර් ඇතුලෙ උඹ එක්ස්කුයුස් කරලා පලයං "මම ඔලුවත් වනාගෙන කාමරේ ඇරියා එක්ස්කියුම් පාරක් දාගෙන ඇතුලට ගියා. දොස්තරයා මගේ පැත්තට හැරුණා. දොස්තරයා දැකලා මට දෙලෝ රත් උණා. කසුන් අයියා... කොහොමද මෙච්චර ඉක්මනට දොස්තර උණේ....? මේ ටිකකට කලින් මෙයා මට කිව්වානේ මෙයා සී අයි ඩී කියලා. මේකද අර මට කිව්ව ඩියුටිය... ජයවීරයා ලිහිණිගේ කට අරින්න සී අයි ඩී එකට භාර දීලාද? මාව නිකං බාබ්කියු වෙලා ගියා. මේ මොකද්ද මේ වෙන්න යන්නේ...?





12 comments:

ප්‍රසා said...

සී අයි ඩී එකෙනුත් කයි වගේ....

පොඩි බබා said...

යෙ...යෙ...යෙ...අදත් බබා පලවෙනියා කියල හිතනවා ඔහොම යං...නැන්දේ අයියාට වඳින ගාථාව කියල දෙන්නකෝ ???

ආදර කතාව said...

අදනම් ඔන්න මුලින්ම ආවේ මම. හැමදාම එක කොටසක්වත් දාන්න අපිට බලන්න. එලම කතාව :)

පොඩි බබා said...

අයියො පොඩ්ඩක් පලක්කු වෙලානේ මං...මයියා C.අයි.ති එකත තෙත් වෙයිද දන්නෙනෑ ලොකු උනාම නේද නැන්දේ ??

Siribiris said...

මූ ඉතිං තාම බබානෙ, බැනලා වැඩකුත් නෑ, ඕං එහෙනන් අහගනින්:

අර "දසමාසේ උද්දිකාරෝ..." කියන එක තමා. වැස්සකටවත් දහම් පාසැලකට යන්න එපා, ගුගල් දෙයියො ඉන්නවානෙ.

අභීත said...

මම මේ කතාවට ආයෙ කමෙන්ට් දාන්නෙ නෑ.. කතාව ඉවර වෙලා තමයි ආයෙ කමෙන්ට් දාන්නෙ.... මට බෑ ප්‍රෙෂර් හදා ගන්න... හිකිස්

Aslam said...

මේ මොකද වෙන්නෙ... සි අයි ඩි එක කොහමද මේකට සම්බන්ද උනෙ. දෑනම් මොනවා වෙනවද කියල හිතාගන්න බෑහෑ. මයියත් නියම පටලෑවිල්ලකටනෙ අහුවෙල ඉන්නෙ. මයියා විතරක් නම් කමක් නෑහෑ, අපිත් එකටම නෙ අහුවෙල ඉන්නෙ. දුලා අක්කෙ නියමයි. මට නම් දෑන් කරකවලා අතහෑරියා වගෙ

Jeew said...

අයියට වඳින ගාථාව නෙමෙයි.. දැන් මයියට වෙන්නේ පොලීසියට වඳින ගාථාව ඉගෙන ගන්නයි.... මොකද පේන විදිහට ඊලඟට කන්න ලැහැස්ති වෙන්නේ සී.අයි.ඩී. එකෙන් වගේ....
අනේ බං මෙහෙමත් බලෙන් ඉල්ලං කෑමක්...

හසී said...

මයියානම් බාල්දිමයි දාගන්නේ...

Anonymous said...

kathawa tikak unrealistic wegena yanawada manda?

1. mudal wanchawak seweemata paminena pirise wayas seemawa gana ayathanaye sewakaya salakeemakata noganeema.

2. mudal wanchawak soya baleemata apu pirisakata siyalu wisthara sewakaya wisin pawaseema.

3. CID (aththatama CID nam) nilaradiyek kelinma thama CID bawa pawaseema.

kotas 59 wenakalma kathawa niyametama giya. eth me dekanam tikak aul wage. (mata hithena widihata). poddak e ganath hithala balanna.

දුල්හරි ඉලංගකෝන් said...

ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට මම ගොඩාක් අගය කරනවා ඔයාගෙ වච වලට මම අතාත්විකත්වයක් සිද්ද නොවෙන්න වග බලා ගන්නම්

Sanduni said...

මේක නම් මට හිතුනා!!! කතාව කියවගෙන යනකොට පොඩි ඉවකින් වගේ....
that the CID man is the doc...
SUPERB!!!

Post a Comment