පිටුව

Wednesday, August 25, 2010

57 කොටස



"සිකාව හම්බ වෙලා එන්න යනවා....." මම අමාරුවෙන් මූණ නොබලාම කියාගත්තා.... තාත්තාට තිබුණේ දිය රකුසු මූණක්... මට හිතුණේම මාව ඩෙසට් එකට සෙට් වෙයි කියලා.
"රෑ වෙනකන් රස්තියාදු ගැහුවොත් බලාගන්න පුළුවං.... යනවා නම් අර බයික් එකේ යනවා...." මාර ආතල්නේ.... අර ගහට නඟින්න හදන වඳුරට ඉනිමඟක් සෙට් කලා වගේ. මටත් ඉතිං දැං හොඳ හොඳ ග්‍රහයෝ වැඩ කරනවා....මම මොකුත්ම නොකියා තාත්තා දිහා බැලුවා. මම හිතන්නේ මම නැති කාලේ මෙයා මොන්ටිසූරියකට වගේ ගිහින් ඉගෙනගෙන තියනවා.
"අයියා...?" මොනා උණත් ඔය අයියාගේ දඬුමොණරේ...
"අයියා නෑනේ... තමුසේ ගිහින් එනවා.. දැං අතේ අමාරුවක් නෑනේ...?" මට නම් හිතා ගන්නවත් බෑ මේ කතා කරන්නේ මගේ එක් කුස උපන් තාත්තාද කියලා.
" නෑ දැං ෆිට්...." තාත්තා මගේ දිහා බලාගෙන කුස්සිය පැත්තට ගියා... මටත් ඉතිං අන්තඃපුරේ මුණ ගැහුණා වගේ මාර සතුටක් ආවේ... ඉක්මනට බයික් එකේ යතුර හොයාගෙන ඒකට නැග්ගා... ඇත්තටම මම තාම දවල්ට කාල දොයිද බලන්නත් එක්ක හීනියට පාරක් අතට ගහ ගත්තා... ඇත්තම කිව්වොත් මෙවා වෙන්නෙ හැබෑටමයි අප්පා...

"පොඩි අයියේ................" යන්න හදනකොටම නංගි දුවගෙන ආවේ යකා ගහලා වගේ...
"මොකද අයිසේ.."
"මේ ෆෝන් එක තාත්තා දෙන්න කිව්වා..." මට නම් තාම තේරෙන්නේ නෑ මොකද්ද මේ හුටපටේ කියලා. මුලින්ම බයික්.. දැං ෆෝන්. කොල්ලා නැති අඩුව කට්ටිටයටම දැනිලා වගේ. මම ඒකත් අරං සාක්කුවේ දාගත්තා. දැං කොල්ලා සුළං කුරුල්ලා වගේ.. දඬු මොණරේ තමයි ගමන ඒත් මේකේ හොරාට යනවා තරම් ආතල් එකක් නම් නෑ. මම සිකාගේ ගෙදර ලඟ බයික් එක නවත්තලා හෝන් එක දෙතුන් පාරක්ම ගැහුවා... ඈ යකෝ මේකා ඒ ටිකට චුත වෙලාද? ආ.. අර එන්නේ ගල් ආඳා වගේ ෂර්ට් එකේ කණපිටත් ඇදගෙන.... 

"මයියා...."මුගේ කට කනේනේ..
"මොකද බං රෑ දොළහට හොල්මනකට මාව අසු උනා වගේ..."
" හොල්මන් දැක්කා නම් තව කමක් නෑ බං.... පිස්සු හැදෙනවානේ උඹව මේ කොන්ක්‍රීට් මූකලානේ... ඩිස්කවරියක් පිටේ දැක්කාම.."
" කොල්ලාට වැකේෂන් බං... මේකත් ණයට සෙට් කර ගත්තේ.... ටොලාවයි බුවාවයි සෙට් කර ගන්න විදියක් නැද්ද?"
"ටොලාගේ නැන්දාගේ දුව ගෙට වෙලා කියලා ඌ ගියා තනි රකින්න... බුවා නම් ගෙදර ඇති... වරෙන්කෝ ගෙට" ඇත්තම කියනවා නම් වලට බැස්සාම අපරාදේ කියන්න බෑ හොඳට හුස්ම පිට වෙනවා.. හිර වීමක් නැතුව.
"ටොලා හෙට සෙට් වෙන්න එයිද?"
"නැතුව බං නාවලා සුද්ද කරලා ගත්තාට පස්සේ ඕකා එතන මොනා කරන්නද... ඌ එයි.. හෙට අපි සෙට් වෙලා උඹලගේ ගෙදරට එන්නම්.. උඹ වැඩිය එහෙ මෙහෙ දර්ශනේට ඉන්න එපා"
"බය වෙන්න ඕනේ නෑ බං උන් අපිට මොනා කරන්නද?"
"මේ බලපංකෝ හාවා ගිය දුර.. යකෝ හඳේ හාවා ඉන්නවා තමයි ඒත් ඌට කන්න මොකුත් එහෙ නෑලූ...උඹත් කෑගල්ලේ ඉදං ඇවිල්ලා ෂෝ එක දාලා අනා ගන්නෙ නැතුව හිටපං.."
"උන්ට බය වෙලා ඉස්සරහාට වැඩ කරන්න බෑ සිකා.... " සිකාගේ මෙලෝ රහක් නැති මූණ පුරාවටම හිනාවක් ආවා.
"ඇයි උඹ පස් වෙනි මණඩලේ එකක් කරන්න යනවාද මයියායි ගුන්ඩෝ දෙන්නයි කියලා ... මේ ඒවයින් වැඩක් නෑ කොහොමද උඹේ ටිකිරි ලියා ලිහිණි එහෙම...?"
" ටිකිරි ලියා ඉස්පිරිතාලේ මචං..."
"කෑගල්ලේ.... මොනා වෙලාද?"
"බබා හම්බ වෙන්න...." මම සිකාගේ හඩු ගඳ ගහන සරම ඇඳලා බිමට දාල ඇදෙන් වාඩි උණා.
" කකුල කාපි දියබරියා එහෙනම්.... " සිකා මගේ කරට අත දාගන්න ගමන් එතන වාඩි උණා.
"ලිහිණි තාරකා කියන්නේ දෙන්නෙක් මචං..."
"එතකොට අර බුවා තප්පුලන්නේ ඒ ලිහිණිමයි කියලා...."
"ඔප්පු කරන්න මගේ ලඟත් ඇති වෙන්න සාක්ෂි තියනවා මචං.."
"හරි .... දැං ඔය උඹ කියන තාරකයි ලිහිණියි එකම වගෙයි කියලා උඹ පිළිගන්නවානේ"
" ඔව් ඒත් ලොකු වෙනස් කම් ඒ දෙන්නා ලඟ නැතත් එක කැපී පෙනෙන වෙනස් කමක් තාරකා ලඟ තියනවා"
"ඒ මොකද්ද බං ඒ...?"
" තාරකා හිනාවෙනකොට කම්බුල් වල ආවාට ගැහෙනවා බං..." සිකාගේ මූණ හතරැස් වෙන්න ගත්තා
"උඹට හොඳටම ෂුවර් ද ලිහිණිට එහෙම නෑ කියලා..." ඒක ඉතිං මටත් ෂුවර් නෑ තමයි.... මට දැං තාරකාව මිසක් ලිහිණිව හරියට මතක නෑ.
" හරි වරෙන් අර බූත් එක ලඟට යන්න..." මම සිකාව රුපියල් පහේ බූත් එකට දක්කගෙන ගියා. මූ ලඟ පත ඉඳලාත් මේක වැඩ කරන එක ගැන ඇත්තටම මට සතුටුයි

"උඹට මම තාරකයි ලිහිණියි දෙන්නෙක් කියලා ඔප්පු කරන්නම්..."
"මේ හොල්මන් බූත් එකෙන්..."
"ඔව් ඔව්...." මට එක පාරක් ඔබපු නම්බර් එකක් ඉතිං ලියා ගත්තා වගේ මතකයි. මොකද මම වැඩිය නම්බර් අතපත ගාන එකෙක් නෙවෙයිනේ.. මම ලිහිණි ඉන්න ඉස්පිරිතාලෙට කෝල් එක ගත්තා. අර ආතල් වොයිස් නංගි අපිව ලිහිණිගෙ නම කිව්ව ගමන් එයාගේ කාමරේට යොමු කලා. යොමු කලාට පස්සේ ආයෙ ගණුදෙනු මොකටද ලිහිණි ඉන්න නිසානේ යොමු කලේ මම කට් කරලා දැම්මා.
"දැං උඹට තේරෙනවානේ ලිහිණි කොළඹ කියලා... "මෙච්චර වෙලා රිසිවරේට කන දාගෙන හිටපු සිකා ඔළුව වැනුවා. දැං තාරකා... මම කෑගල්ලට කෝල් කලා.

"හලෝ..." කටහඬේ හැටියට නම් ලොකූ වගේ
"ලොකූ මම......"
" අනේ මයියා... උඹ නැතුව පාළුවේ බෑ බං..." මෙ ලෝකේ කවුරු කරි මම නැතුව පාළුවේනේ.. ඒකම මදෑ මට නින්ද යන්න
" නිවාඩුව ඉවර උණ ගමන් කොල්ලා ඔහෙනේ අක්කේ... ඒක නෙවෙයි තාරකා ඉන්නවාද?"
"හිටියා... හිටපංකෝ කතා කරන්න..." ලොකූ තාරකා කියලා බෙරිහන් දුන්නා.... අර ලිහිණිට කලා වගේ ෆෝන් එක මට කට් කරන්න හිතුනේම නෑ මම තව සිල්ලර කාසි ටිකක් අරකට එඹුවා.

"හලෝ..." මට ඔයා නැතුව පාළුයි තාරකා. එහෙම කියන්න මට පොඩි එකෙක්ට වගේ ආසාවක් ආවා. ඒත් කිව්වේ නෑ. ඔයා නොදැක ඉන්න දැං මට බෑ බෑ වගේ
"තාරකා මැඩම්ද?"
"ඔව්..." මම සිකාගේ කනටත් ෆෝන් එක ලං කලා මුටත් ඉතිං අනුන්ගේ බර කරත්තයක් නම් හොඳට හේත්තුව දාලා ඉන්නවා. 
"මම මේ කුරුඳුවත්තේ පොලීසියෙන් කතා කරන්නේ"
"පොලිසියෙන්...?" කෙල්ල සෑහෙන්න බය උණා.
"ඔව් ඔව්... තමුන් දන්නවාද තෙනුර අතපත්තු කියලා කෙනෙක්ව..."
"ඔව් දන්නවා..."
"කවුද එයා ඔයාගේ....?"
"යාළුවෙක්"
"එහෙනම් නිවුස් එක ඔයාට දීලා වැඩක් නෑ"
"ඇයි අනේ එයාට මොකද?"
" යාළුවන්ට පණිවිඩ දීලා අපේ තරුත් ගැලවෙන එකයි වෙන්නේ..."
" අනේ කියන්න .. තෙනුරට මොනා හරි කරදරයක්ද සර්...?" මේකි නියම ගානට ඇන්දිලා ඉන්නේ... හරිම ෂෝක් ආඩම්බර කම බහින්නත් එක්ක
"ඔව් ඔව් ලොකු කරදරයක්"
" අනේ කුමාරි ඇන්ටී........" තාරකා ලතෝනි දෙන්න පටන් ගත්තා... මම විතරක් නම් මදෑ සිකත් අවුල් වෙලා.
"ඕයි.... අයිසේ... පිස්සියේ.... මම තෙනුර තමයි මේ...." මට ඔයිට වඩා හොඳ වචන කටට ආවා. ඒත් කිව්වේ නෑ....



9 comments:

පොඩි බබා said...

යෙ...යෙ...යෙ...යෙ...බබා අද පලවෙනියා...
කලින් කොමෙන්ත් දැම්මෙ නෑ දිදටම කී..ව්වා
ඔන්න අද කොමෙන්ත් පාලක්..
කතාව නම් එලතම යනවා නැන්දේ...

ප්‍රසා said...

අද මම ද පළවෙනියා.... :)

කතාවට ආස කෙනා said...

හික්ස්...... ඉල්ලන් කනවානේ.....

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

එලකිරි... ඔහොම යමු... පහුගිය දවස් දෙකෙම බලන්න බැරිඋනනෙ... ඔන්න කොටස් දෙකම එක පාරට බැලුවා..

Aslam said...

අර දෙන දෙයියා ගෙදරටම ගෙනත් දෙනවා කියන්නෙ මෙකට වෙන්න ඈති.දෑන් මයියාට තාත්තාගෙන් හරි සෑලකිලි නෙ... එල එල
එත් මෙ මයියා නම් තරකාගෙ ටෑප් එක අරින්නමයි මෙ දගලන්නෙ හිහ්..හිහ්

Siribiris said...

ෂා, දැන්නෙ කතාව නැගලා යන්නෙ නියමෙට. අනේ බුදු නොනේ, ආතල් එක නං කඩන්න එපා, නිවාඩු අරගෙන එහෙම.

අර වාරික පොලු පාරක් මගේ ඔලුවට එන්නෙ නැත්නම්, මං පොඩි යෝජනාවක් ගේන්නම්.

ඉඩ ලැබෙන විදිහට පෝස්ට් ටිකක් වැඩිපුර ලියලා, Schedule කලොත් කොහොමද. එතකොට ඔයාට නිවාඩුත් , අපට කතාවත් දෙකම තියනවා. මට නිකං පොඩි සැකයක් තියනවා නෝනෙට නිතරම හෙම්බිරිසාවවත් හැදෙනවාද වත්ද කියලා කිඹුහුන් ගිහිල්ලාම, පෝස්ට් නැති වුනාම අපි අනුමෝදං කරවන පිං වලින්.

හසී said...

අපොයි මේ මයියාගේ කටනම් අඩුවෙන්නේ නෑ කොච්චර ගුටි කෑවත්.උදේ පාන්දරම ආවා ඔන්න කථාව බලලා යන්න.

පිස්සා පලාමල්ල said...

ඇත්තමයි දුල්හාරි ඔයාට නම් පින් හොඳද.. මේ වගේ ආතල් පීතල් කතාවක් දෙනවට.

මම ආසම සුලඟ වගේ නවල් එක ගාවින්ම යනවනේ මේක.

බන්ඩ said...

එලකිරි කතාව...

Post a Comment