පිටුව

Thursday, August 19, 2010

54 කොටස



පොඩ්ඩ වෙන්න ඇස් දෙක පියවෙනකොට තාරකා මට ඇනලා ඇහැරවනවා. මම මාර දුකක් තමයි අද වින්දේ.... එන සුමානේ ඩයිනමයිට් එකට ඕලෙවල් පටන් ගන්නවා.ඉස්කෝල නිවාඩු නිසා මාවත් කොළඹ ගෙන්න ගන්න පුළුවන්ද කියලා අපේ තාත්තාගෙන් අහන්න ඕනේ. මම ඉතෝප්පුවට වෙලා නැන්දා හදලා දුන්න කිරිතේකත් අතේ තියාගෙන මනෝව ලං කර ගත්තා. 
"ඔයා එනවාද පන්සල් යන්න" කණ ලඟ ලව්ඩ්ස් ස්පීකරයක් වැඩ කලා. මාව උඩ ගිහින් තවත් උඩ ගියා. අනේ අම්මපා මට පුළුවන් නම් මේ ඩයිනමයිට් එකේ ස්පීකරේ කඩන්න මම ඒක කඩලා ගොඩාක් කල්.
"මම තමුසෙට කීපාරක් කියලා තියනවාද කන ලඟට ඇවිල්ලා කතා කරන්න එපා කියලා."
"ඉතිං තමුසේට මම කොච්චර කතා කලාද....... කොහෙද තමුසේ හිටියේ හඳේනේ..." වෙන්න ඇති මටත් මේ මොනෝව සෙට් කර ගත්තාම මෙලො දෙයක් ඇහෙන්නේ නෑනේ. මේ වගේ කන ලඟ ගැහුවේ නැත්තං ටකේ....
"කියනවකෝ.... එනවාද?"
"නෑ නෑ... තව මට ජීවත් වෙන්න කල් තියනවා... දැන්ම පිං කර ගන්න ඕනේ නෑ..."
"එහෙනම් ඉන්නවාකෝ.... තමුසේ රස්තියාදුවේ යයි කියලා අම්මා බයෙන්..."
"බය වෙන්න එපා කියන්න මට රෑ උණාම ඇස් පේන්නේ නෑ..."  මම බිබී හිටපු තේක බීල කෝප්පේ ඩයිනමයිට් එකට දුන්නා. 
"ඔයාට අපි නැතුව පාළු නැද්ද ගෙදර ඉන්න...?"
"අම්මෝ නෑ... කනක් ඇහිලා ඉන්න පුළුවන්..... ගෙදර ඔක්කොමලා යනවාද?" ඩයිනමයිට් එක බලස් ගාලා හිනා උණා.
"මමයි අම්මයි අක්කයි තාරකයි යනවා. තාත්තා එන්න තව පරක්කු වෙයිනේ...." ඒක කිව්වෙත් අසාමන්‍ය විදියට ඇදලා. 
"හරි හරි ගිහින් එනවලාකෝ...."
"මම කියන්නද තාරකාට ඔයා ඉන්න කිව්වා කියලා?" මේ මේකි මාර බඩුවක්නේ..... ඒ මොකටද එයාට ඉන්න කියන්නේ... මට උයලා පිහලා දෙන්නද?
"තමුසෙට පිස්සුද ඕයි... එයා මෙහෙ ඉඳලා මගේ රෙදි ටික හෝදලා දෙන්නද?"
"එහෙනම් දුකෙන් වගේ ඇහුවේ ගෙදර ඔක්කොමලා යනවාද කියලා..?"
"දැන ගන්න..... හිත හදාගන්න... කවුරු හරි වදකයෙක් නැවතුනොත් ඉන්න" ඩයිනමයිට් එක රවාගෙන ගෙට ගියා. ඒ මොනා උණත් තාරකා ගෙදර හිටියානම් මරු තමයි. මම එයා හිනා වෙනවා බලන්න මාර ආසයි. ඒත් ඉතිං ඕවා සණිප වෙන්නේ නැති ලෙඩ වෙච්චි.... ඔන්න ඔහේ පන්සල් යන එකම තමයි හොඳ...


ටික වෙලාවකින් ගෙදර හිටපු කට්ටිය සුදු එහෙම ඇදගෙන එළියට බස්සා. නැනදා ෆුල් අනාත වෙන්න කියවලා කියවලා තමයි එළියට බස්සේ.... ඒ කියන්නේ මට මේ ගෙදර හතර මායිමෙන් එළියට යන්න බෑ. චාටර් අප්පා. මොනා උණත් අපේ ගෙදර හොරෙන් හරි එළියට යන පුලූවන්. කුස්සිය පැත්තේ තාප්පෙන් පැන්න ගමන් එහා පාර. ඒත් මෙහෙ වැටෙන් පැන්නොත් එහා ගෙදරට... බල්ලෙක් එහෙම හිටියොත් බඩුම තමයි. කමක් නෑ මට මේකෙන් පනින්න ඕනේ නෑ. නිකන් ඉන්න එකේ තාරකායි ලිහිණියි කියන්නේ එක්කෙනයිද කියලා හොයා ගන්න පොඩි ගේමක් ගහන්න ඕනේ. කොහෙද මම අපේ ගැන්සියේ ගෙවල් වල ටෙලිෆෝන් තියනවාද කියලාවත් දන්න එකක් යෑ. හොඳම වැඩේ ගෙදරට කතා කරලා තත්වෙ බලා ගන්න එක.


මම ටෙලිෆෝන් එක නොම්බර ටික ඔබලා ගෙදරට කෝල් එකක් ගත්තා. මම එච්චර පුරුද්දකින් කෝල් ගන්න එකෙක් නෙවෙයි. ඕනෙ එකෙක් මට කෝල් කරනවා මිසක් මම කාටවත් කෝල් කරන්නේ නෑ. 
"හලෝ" බඩුම තමයි එහා පැත්තෙන් කතා කරන්නේ අක්කා.
"අක්කේ.... මම මම... නංගි ඉන්නවාද?
"අනේ මයියෝ.... උඹට කොහොමද බං...... මෙහෙ මාර පාළුයි...."
" මම මේ ඉන්නේ මයික් ටයිසන් වගේ... නංගිට දෙනවාකෝ.. තාත්තා දැන ගන්න කලින්"
"නංගි ක්ලාස් ගිහින් මය්යෝ... අම්මායි තාත්තායි එළියට ගිහින්...."
"අයියෝ... චාටර්නේ.... කීය විතර වෙයිද ඒකි එනකොට....."
"ඒක දන්නේ නෑ... මොකෝ හදිස්සියේම නංගිව හොයන්නේ....."
" නිකන් නිකන්... කටහඬ අහන්න ආස හිතුණා. මම තියනවා.... කාටවත් කියන්න එපා මම කතා කලා කියලා"
"මයියා... උඹ හොඳින් නේද ?"
"ආයේ අහනවා... මම තමුසෙට කිව්වේ හොඳ ෆිට් එකේ කියලා" තව වැඩිය මොකුත් අහන්න කලින් මම ෆෝන් එක තිබ්බා. අම්මායි තාත්තායි නැත්නම් මම දන්නවා ඔය ෆෝන් එක ලොක් කරලා ඇත්තේ.... මොකද අක්කයි නංගියි තරඟෙට මල් කඩලා. ඕකට ඉබ්බා වැටුණානේ. ඒ නිසා ආයේ අක්කාට මට කෝල් කරන්න විදියක් නෑ. ඒකත් හොඳයි. හ්ම්ම්ම්ම්ම්........... මොකද මම කරන්නේ..... හරි මම ජයවීරගේ ගෙදර නොම්බරේ හොයා ගත්තා නම් වැඩේ ගොඩනේ. කෝල් එකක් දීලා කොම්ෆර්ම් පාරක් දාගන්නවා. ඒත් කොහෙන්ද ඒක හොයා ගන්නේ..... අර පත පොතක් තියනවා නේද ඔක්කොම නම්බර් දාලා. ඒකේ කොහෙ හරි ඇති බලමු. මම ඉතිං මකුළු දැං පෙරාගෙන පොත හෙව්වා. ඒකෙ පොතක් තිබ්බා කොළඹ නම්බර් නැති. මල පනිනවානේ, දැං ඉතිං පොලිසියෙන් අහන්න යෑ. හරි මරු අයිඩියා එකක් ආවා. අර ලිහිණි හිටපු ඉස්පිරිතාලෙට කතා කරනවා.උන් ලඟ නම්බර් ඇති. කොල්ලාට එළුවාට වගේ මොලේ එනවා හඳ කාලෙට
. අර තඩි පොතේ ඉස්පිරිතාලෙ නම්බර් එක නම් තිබ්බා.
"හලෝ......" 
"ඔව් සර්ට කාටද කතා කරන්න ඕනේ..." ලස්සන කටහඬක් අප්පා... මට මෙයටම දිගටම කතා කරගෙන යන්න පුළුවන් නම්.. ඒක නෙවෙයි දැං මම කතා කලෙ කාටද? ආ.
" ලිහිණි ජයවීර...." පොඩ්ඩක්  ඉන්න.......... මෙන්න ඊට පස්සේ මලෝ රහක් නැති සිංදුවක් යනවා. මමත් ඇරියේ නෑ... අල්ලගෙනම හිටියා.
" හලෝ......" අර ලස්සන කටහඬ මලකඩ කාලා වගේ කටහඬක් ඇහෙනවා. එහා පැත්තේ...
" කවුද මේ..." ආයෙත් අහනවා.... ඇයි අප්පා මම කවුද කියලා කියන්න පුළුවන්ද එහෙම. මෙයාට තියෙන්නේ මාර හදිස්සියක්නේ... භානුක හරි ලිහිණි හරි ඉන්නවාද? ටිකක් අවුලෙන් මම ඇහුවා....
" ලිහිණි බේබි බාත් රූම් එක ඇතුලේ.... භානුක මහත්තයා එළියේ.... ඉන්න මම කතා කරන්නම්...." ගොඩනේ... මේ අර එදා මම දැක්ක ඇන්ටික් ආච්චි වෙන්න ඇති. ඒ කියන්නේ ආයේ ලිහිණි ඉස්පිරිතාලේ.... දැං නම් ආයේ මාර ෂුවර් ලිහිණියි තාරකයි කියන්නේ ඩබලක්.
" හලෝ...."
"මචං.... භානුක..."
"ඔව්..."
"මම තෙනුර.." 
" උඹ ගැන ආරංචියක් නැතුව මම අනාථ වෙලා හිටියේ.... ෂවිනිගෙන් නම්බර් එකක් ඉල්ලුවට දුන්නෙත් නෑ.."
" හැමකෙනාගෙම හොඳට මම කැපුණා මචං..."
" උඹ කැපුණාට පස්සේ ලිහිණිගේ තත්වෙ තමයි නරක් උනේ..."
"මචං ලිහිණි ලඟපාත ඉන්නවාද?"
"ලිහිණි කතා කරන්නේ හරි අඩුවෙන් තෙනුර..."
"ඇයි?"
" එයාට හැමදේටම තාත්තා බල කරනවා..."
" එහෙම කරන්නේ කොහොමද?"
" ඉන්න මම දෙන්නම් ෆෝන් එක ..." මට ඇහෙනවා භානුකයා ලිහිණිට කතා කරනවා.
"ලිහිණි... මේ තෙනුර කතා කරනවා" සද්දක් නම් නෑ.....ටික වෙලාවකින් ෆෝන් එකට හුස්මක් වැටෙන සද්දක් ඇහෙන්න ගත්තා.
"හලෝ..." මම ආයෙත් හලෝ පාරක් දාල බැලුවා.
" ලිහිණි මේ ඔයාද?" ටික වෙලාවකට පස්සේ මම ආයේ ඇහුවා.
"ඔව්...." ගොඩාක් කාලෙකින් මට ඒ කටහඬ ඇහුණේ.... ඒත් ඒ කටහඬ මම මටත් වඩා හොඳට අඳුනනවා.
"ලිහිණි මාත් එක්ක තරහා වෙලාද?" හුස්ම සද්දේ ඇහෙනකොට මගේ පපුව හෝස් ගාල ගියා. මේ කෙල්ලට මෙහෙම උණේ මම නිසාද? ඒත් මම මොනා කරන්නද? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. හිතෙන්නේම මම මේ හැම දේටම වැරදියි කියලා, හැබැයි අනිත් හැමෝම කියයි මම වැරදි නෑ කියලා. තාරකාවයි ලිහිණිවයි එක්කෙනෙක් කරන්න බෑ. තාරකා හිතෙන් යකඩයක් වගේ.. ඒත් ලිහිණි ..... මාෂ්මෙලෝ එකක් වගේ.. ඒකයි ලිහිණිට මෙහෙම වෙන්නේ.

20 comments:

හසී said...

හ්ම්ම්ම්...

පිස්සා පලාමල්ල said...

කොටස් දෙකම එක හුස්මට ඇද්දා.... දැන් ඒ කියන්නේ ලිහිනි තාරකා දෙන්නෙක්... හ්ම්ම්... ඉතින් අනේ ඊලඟ කොටස ?? හි හි

෴ හසියා ෴ said...

ඔහොම යාං.....දාමුද ඉතිරි ටිකත් ඉක්මණින්.....

ප්‍රසා said...

ඊලග කොටසත් ඉක්මනට දාන්න... :)

Anonymous said...

ou ou... ikamnta ituru tikat daannakoooooo... :(

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

අන්න එහෙම දාන්න එපායැ පට පට ගාලා.... ඔහොම යමු දුල්

ishani... said...

අනේ ඔව්..... ඊලඟ කොටසත් ඉක්මනට දාන්න... අපි බලන් ඉන්නවා......

Siribiris said...

මේ කස්ටියම හූම්...හූම්.. ගාන්න ගත්තෙ මොකද? ඔය වැඩේ වුනේ අර මූකලන් බස්සොන්ගෙ කතාවෙන් පස්සෙ තමා.
හූම්...හූම්..

හෙළයා said...

ට්වින්ස්ලා ද ?

කතාවට ආස කෙනා said...

අම්මෝ ඇති යන්තම් ලිහිණියි, තාරකායි දෙන්නෙක් උනා.... හැබැයි අර Harry Potter film එකේ වගේ එකම වෙලාවේ දෙතැනක ඉන්න මැජික් එක්කවත් පාවිච්චි කරනවද දන්නේ නැ... :-o :-o
:D :D :D :D

බිඟුවා...! said...

It seems there is a Unicode Rendering Issue in your blog.

I can't read some letters.

:(

kanishka© said...

ඇති යන්තං දෙන්නෙක් උනා. ඒකත් එකක්නෙ.
:)
@බිගුවා: machan, rendering engine is in your side. I suggest you reinstall the application and see. (No problem with authors input method etc.)
cheers

Aslam said...

අම්මෝ ඇති යන්තම් ලිහිණියි, තාරකායි දෙන්නෙක් උනා....
හ්ම්ම්ම්..

පබලු said...

hmmmm

දුල්හරි ඉලංගකෝන් said...

එහෙනම් අදයි හෙටයි මම නිවඩු ගන්න කියලා. තරහා වෙන්න එපා.

කතාවට ආස කෙනා said...

:( :( :( එහෙනම් ඊළඟ දවසේ කොටස් 2ක්වත් ඕනේ හොඳේ අක්කේ...... :-)

sameera wijayawardane said...

නියම කතාව,
මම, එක ‍රැයින් කොටස් 54ම කියෙව්වා.
හෆොයි, තව දවස් 2ක් ම බලන් ඉන්න වෙනවනෙ.....
ඊලඟ කොටස කියවන්න.!!

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

අද එකක් නැති නිසා මමත් 54ම කියෙව්වා ඔන්න..... රෑ දැම්මෙ නැත්නම් ඉතින් ගේම තමයි..... :D

මහේෂ් කූරගම said...

අනේ කෝ ඉතිරි කොටස ?

දවස් 2ක් තිස්සෙ කීසැරයක් ආවද මේ පැත්තෙ. අළුත් කොටස බලන්න.

කොහෙද තාම නෑනෙ දාලා අළුත් කොටස

දුල්හරි ඉලංගකෝන් said...

රී ෆ්රෙෂ් කලොත් අළුත් කොටස පෙනෙයි

Post a Comment