පිටුව

Wednesday, August 18, 2010

53 කොටස



කරුමෙට මටත් ක්ලාස් එකකට යන්න සෙට් උණානේ. මටත් උනේ හරියට අර හැමදේටම කට දාන්න ගිය මාලුවාට වෙච්ච දේ. දැං ඉතිං උදෙන්ම නැගිටලා දවසම ඉන්න බලාගෙන ක්ලාස් එකට යනවා කියන්නේ මරනවා වගේ කේස් එකක්. අනික ගැන්සියවත් හිටියානම් දුක නෑ. මම පුළුවං තරම් හෙමින් ලෑස්ති උණා.


"පොඩි අයියේ......... ඉක්මනට ලෑස්ති වෙන්නකො.. තාරකා කීයේ ඉඳංද යන්න බලාගෙන ඉන්නේ...?' ඩයිනමයිට් එක ඔය රෙකෝඩ් එක ගහපු 5 වෙනි පාර තමයි ඔය.
"ලෑස්ති උණ අයට යන්න කියන්න... මම එන විදියකට එන්නම්...." මටත් ඉතිං ඕනෙවාට වඩා හදිස්සි කලාම නස්පියට තද වෙනවා
"අම්මා කිව්වා තාරකට ඔයත් එක්කම යන්න කියලා නැත්නම් ඔයා රස්තියාදු ගහනවා කියලා" මම වගේ තොත්ත බබෙක්ව ආම්බාන් කරන්න තාරකාගෙ සයිස් එක ඇති වෙයිද මන්දා. මම කාමරෙන් එළියට ආවා.


"අප්පටසිරි... බලාපල්ලාකො පොඩි අයියාගේ හැඩ...?" ඩයිනමයිට් එකේ කතාව නම් මට දිරෙව්වේ නෑ. බෙල්ල කැපිලා යන්න නෝණ්ඩිය දාලා හිනා වෙන හැටි විතරක් හැල ගෙම්බි....
"ඔව් එහෙම නැතුව බෑනේ.... ක්ලාස් එකේ ලස්සන කෑලි ටිකට හරියන්න අපිත් ඇහැට කනට පේන්න ඉන්න එපෑ". මම එහෙම කියන ගමන් තාරකා දිහා බැලුවා. ඒත් බලපු එකත් අපරාදේ මෙයා රහසින් වත් මගේ දිහා බලන්නෙම නෑනේ. කමක් නෑ අපි ඔහොම යන්කෝ නංගි


අපි පාරට බැස්සා ටික වෙලාවක් යනකන් නෝ කතා... තාරකා දෙතුන් පාරක්ම මගේ දිහා බලනවා කියලා මට තේරුණා. ඒත් මම නම් ඔන්න බැලුවේ නෑ. ලේඩිස් ෆස්ට් කිව්වලු. කතා කලොත් සෙකන්ඩ් එකට දාලා කතා කරනවා.
"ඇයි ඔයා ඊයේ මාව හොයාගෙන ගියේ...?" ඔය මම කිව්වේ එයාම එන්ටර් වෙයි කියලා ගේමට. ඕකට තමයි කිව්වේ ඉවසන එකාට හම්බ වෙන කඩුව කොස් කොටන්නද කියලා.
"මට හරි ආස හිතුනා ඔයා ගුටි කනවා බලන්න"
"මම...?"
"ඔව් ඔව්... මට එදා හම්බ උණ මඟුල් කෑම මතක් උණා. මම හිතුවා ඔයාටත් අඩුම ගානේ සම්බෝල නැතුව තෝසෙයක්වත් කන්න ලැබෙයි කියලා.
"මම ගුටි කෑවානම් ඔයා මොකද කරන්නේ..." මෙයා ආස ඇති මමත් සුපර් මෑන් වගේ කොහෙන් හරි පාත් වෙලා මෙයත් එක්කම ගුටි කනවා කියලා අහගන්න
"මම ඉතිං මොනා කරන්නද? ඔයා ගුටි කාල ඉවර උනාම ෂෝ එක කලාස් කියලා ගෙදර එනවා මිසක්" තාරකාට මල පැන්නද දන්නේ නෑ මම හිමින් සැරේ එයාගේ මූණ දිහාවට හැරුණා. මේං බොලේ මේකි හිනා වෙනවා.
"ඇන්ටිටත් බොරු කියලා හැටන් ගියේ මම ගුටි කනවා බලන්නද?"
" ආයේ අහලා හුඟ කාලෙකින් රෙස්ලින් කෑල්ලක් බලන්න සෙට් උණෙත් නෑනේ" තාරකා අයෙත් හිනා උණා.
"දවසේ කතාව"
"මේ ඒක නෙවෙයි... අර ගරුඬෙක් හිටියා නේද වාහනේ එළවන්න?"
"ගරුඬෙක්...?" තාරකා මගේ දිහා බැලුවේ හිනාව තද කරගන්න ගමන් ... ඒතකොට කම්බුලේ හෑරුණ බව ආවටයක් වෙලා එහෙමම තියනවා. බලන්න ලස්සනයි.
"ඔව් ඔව් අර තට්ටේ එහෙම ගාල හිටිය රස්ති පොර?"
"ආ......... ඔව් ඉතිං...?"
"ඌත් ඔයාගේ නෑයෝ වෙනවාද?" තාරකා ආයේ හිනා උණා.
"නෑ නෑ ඒ සමරනායක අංකල්ගේ බොඩිගාර්ඩ්ස්ලා....."
"ඕකා මගේ බඩ කොර වෙන්න නෙලුවා..." තාරකාගේ හිනාව නැති වෙලා ගියා.
ඊටපස්සේ...?"
"ඊට පස්සේ කියන්නේ මමත් ඉතිං ගුටි කාගෙන හිටියා,,,"
" ඔයා කියනකන් මම සමරනායක අංකල් ගැන හිතන් හිටියේ හරිම හොඳ කෙනෙක් විදියට..."
"ඔව් ඔව් හරීම හොඳයි නම් තමයි"
"හොඳයි.............?" තාරකා මගේ දිහා බැලුවේ මූට පාගල්ද කොහෙද කියනවා වගේ.
"ඕකා නොහිටින්න මම මෙහෙ එයිද?" තාරකා හිනා උණාට එක පාරටම වරකා පෙනුමක් මූණට ආවා.
"එයා මට නොකියන ගොඩාක් රහස් තියනවා තෙනුර" මෙයාටත් ඕනේ කතා කරන බෝනික්කෙක් වගේ ඔක්කොම ටික එක පාර ගන්න. සමරනායක ජයවීරගේ යාලුවා නම් ලිහිණිව දැකලා ඇති. මේ දෙන්නගේ මූණත්තහඩුවේ තියන සම්බන්දේ නිසා තාරකාට මොකක් හරි කරදරයක් කරන්නඩත් බැරි නෑ
"ඔයා මොනාද හිතන්නේ.....?"
"මම හිතන්නේ ඔයා තනියම කොළඹ යන එක නවත්තලා දාන්න. ඒක ඔයාගේ ජීවිතේට අනතුරක් වෙන්න ඉඩ තියනවා" කොල්ලාගේ වචන පිට උනේ බොක්කෙන්ම තමයි.
"එතකොට මට තාත්තා ගැන හොයාගන්න වෙන්නේ නෑනේ...?"
"ඔයාගේ ජීවිතේ අමාරුවේ දාගෙන හොයන දේ හොයලා තේරුමක් නෑ... අපි කොහෙන් හරි පොටක් පාද ගමු එතකම් ඉවසලා ඉමු" තාරකා මාර හුස්මක් හෙලලා දැම්මා.
"ඔව් ඔයා කියන එක ඇත්තක් වෙන්න පුළුවං..."
"සමරනායක ඔයාගෙන් දැන ගන්න හදන දේවල් ගැනත් පරිස්සමෙන් උත්තර දෙන්න හරිද?" 
"මම එහෙම හැමදේම එයාට කියන්නේ නෑ..."
"ඔය සමරනායක කොහෙද ඉන්නේ කොළඹ?"
"මට එයාව හම්බ වෙන්නේ එයාගේ ඔෆිස් එකේදි.... අනික මගේ ලඟ තියන ඇඩ්‍රස් එකත් ඔෆිස් එකේ එක"
"ඒකත් එහෙමද?"
"දැං කොහොමද ඔය පොරව සෙට් උනේ ඔයාට...?"
" අත්තම්මා මට නැති වෙන්න කලින් ලියුමක් එවලා තිබ්බනේ මෙයාගේ ඇඩ්‍රස් එක එහෙම දාලා. මම ඒ ඇඩ්‍රක් එකට ලියුමක් දැම්මා... මම හඩ්සන් වික්‍රමනායකගේ දුව කියලා මට අංකල්ව හම්බ වෙන්න ඕනේ කියලා. පස්සේ එක දවසක් එයා කෑගල්ලට ආව මාව හම්බ වෙන්න. අන්තිමට එයා මාව හැම මාසෙකම එහෙ ගෙන්න ගන්නවා කියලා ගියා. එදා ඉදං මට හැම මාසෙකෙම වාහනේ එවනවා කොළඹ එන්න.... කුමාරි ඇන්ටිට මම කියලා තියෙන්නේ ඒ මගේ මාමා කෙනෙක් කියලා, අත්තම්මා බලන්න යන්න වාහනෙ එවනවා කියලා. මම හොරෙන්ම දෙ තුන් පාරක් කොළඹ ගියා දැනට මම සමරනායක අංකල්ව දෙතුන් වතාවක් කොළඹදි හම්බ වෙලා තියනවා."
" ඔයා යකඩ කෙල්ලෙක්නේ... බය හිතුනේ නැද්ද?"
"මුලින් බය හිතුනා ඒත් සමරනායක අංකල් මට දරුවෙක්ට වගේ සලකනකොට මට බය ඉබේටම නැතුව ගියා, එයාගේ පුතත් හරිම හොඳයි.... එයා තමයි මෙහෙ ඇවිල්ලා මෙහෙ කොල්ලොන්ට පොඩ්ඩක් ෂෝ එක දැම්මේ"


අපි කතා කරන ගමන් ක්ලාස් එක ලහටම ආවා. ඒත් මට තවම මේ තාරකා ලිහිණිවත්ද කියලා හිතෙනවා අප්පා. 

"අර නරි රැළවනම් ගණන් ගන්න එපා" තාරකා මට ලං වෙලා කියලා එතනින් ඉස්සරහාට ගියා. ඒක කියලා හැරෙන්න හම්බ උණේ නෑ අර අශාන් ද මොකාද එකා මගේ ලඟට බඩ ගාගෙන ආවා
"උඹත් දැං මාර සයිස් නේ.." 
"ඒ මොකෝ බං.. උඹට දැං මාව ආනල්ඩ් වගේ ද පේන්නේ?" මම ගානක් නැතුව කියලා දැම්මා. ඒ අතරතුර තාරකා මගේ දිහා හැරිලා බැලුවා.
"මචං.... මැටිල්ඩා උඹත් එක්ක ෆිට් එකේ අපේ රොමේෂ්ට පොඩි සප් එකක් දීපංකෝ..." මේ හාල්පාරුවා ඉල්ලන්නේ මහ මුස්පේන්තු උදව්නේ... අර නිළි පොරට හරි යන්නේ හයේ හතරේ පොරක් මිසක් කෙල්ලෙක් නෙවෙයි. මොකද උගේ ඇඟ පුරාම තියෙන්නේ ගෑනු ජාන.
"අනේ මට ඒ වැඩේ නම් අවුල් මචං... මම ඇත්තටම අහිංසක කොල්ලා.. ඔය කෙල්ලොන්ගෙන් ගුටි එහෙම කාලා මට පුරුද්දක් නෑ" කෙල්ලොන්ගෙන් නොකෑවට ඕනෙම තරාතිරමක එකෙක්ගෙන් කන පුරුද්ද නම් මට අඩුවක් නැතිව පිහිටලා තියනවා.
 ඒත් එක්කම තාරකා එයාගේ සබ්බ සකලමනාවම අරං ඇවිල්ලා මට එහා පුටුවෙන් වාඩි උනා.
"මේ මොකද.. හිටපු තැන මකුණොද?"
" මම මීට පස්සේ ඉඳගන්නේ ඔයා ලඟ.... එතකොට අරුන් ඔයාගේ වටේ කැරකෙන්නේ නෑ... රස්තියාදුකාරයෝ" තාරකා එහෙම කියලා තවත් හොඳට එයාගේ බඩු එහෙම පිලිවලක් කරගෙන වාඩි උනා. අර අශාන් කාරයාගෙයි අනිත් සෙට් එකෙයි මූණු වකුටු වෙලා ගියා මම දැක්කා. හැබැයි මොක උණත් ඒකෙනුත් චාටරේ මට. දැං ඉතිං ආසාවකටවත් ඇලට් එකක් දාන්න කියලාද? ෂුවර් එකට මට නම් ලබලා තියෙන්නේ හෙනහුරාගේ මුත්තාගෙ දසාව.

16 comments:

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

අද මමද මන්දා කලින්ම කමෙන්ට්ස්... කතාව කියෙව්වෙත් නෑ තවම

කතාවට ආස කෙනා said...

හික්... හික්.... කතාව ලස්සනට ගලා ගෙන යනවා අක්කේ... නියමයි.... :) :) :D

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

පොරට හොද දසාවක් ලබයි වගේ...

Siribiris said...

සරමනායකගෙ පුතා අපේ තල්මසා වද්ද? ඇයි ඉතිං මෝරෙක්ව බයකරන්න එහෙම එකෙක්වත් එපෑ.

නුවන් said...

කතාව නම් නියමයි. ඔය ගලාගෙන යන්නෙ ලස්සනට... ඉතිං ඊළඟට මොකෝ වෙන්නෙ කීල හිතාගන්න බෑනෙ අප්ප... :S
මාර වැඩේ. හෙටත් ඉතිං රෑ වෙනකම් බලන් ඉන්න වෙනවනෙ අනිත් කොටස බලන්න. අක්කෙ උදේට එකයි රෑට එකයි කොටස් දෙකක් දාන්න බැයිද ඔෆීසියෙ ඉන්න ගමන් බලන්නයි ගෙදර ඉඳන් බලන්නයි. :D මං පව්. මට නවත්ත නවත්ත කතා බලල පුරුද්දක් නෑ අප්ප...
කතාව එළ... ජය වේවා...!!!

Prasa said...

එළකිරි වගේ කතාව යනවා... හෙටත් දාන්න... :)

kanishka© said...

කෙල්ලො දෙන්නගෙන් එකෙක් අනිවා හදාගන්න ගත්තු එකෙක් ‍නිවුන්නු දෙන්නෙක්ගෙන්. මොකක් හරි බූදල් හුටපටේකට.

ආදර කතාව said...

මේක දැන් action movie එකක් වේගන එනවද මන්දා.... මොනා වුනත් මම නම් ඔන්න හැමදාම කියවනවා. හෙට එන්න 54 කොටස කියවල යන්න

Siribiris said...

මට පේන්නෙ කෂ්ටිය යන්තං බිං කරුවල වැටිච්ච් වෙලාවෙ ඉදලම කුරුමානං අල්ලනවා ඉස්සෙල්ලම කතාව කියවලා කමෙන්ට් කරන්න. . ඔහාට හඳ පායන කොටනෙ මෙහාට එලිවෙන්නෙ. රෑ ශ්පිට් එක ඇදලා නිදිමරදාතෙ එන අපිට කොහේදෑ ටොමියො බූල්.

Aslam said...

එලම එල.. මයියට දෑන් හොද දසාව ලබලද කොහෙදො.
නියමයි අක්කෙ ඔහොම යන්.
"මම ඉතිං මොනා කරන්නද? ඔයා ගුටි කාල ඉවර උනාම ෂෝ එක කලාස් කියලා ගෙදර එනවා මිසක්"
කෑල්ල කියවලා මෑරෙන්න හිනා :)

෴ හසියා ෴ said...

බැරිවුනත් කොමෙන්ටු දමන්නට
කියවමි ඔබෙ කතාව හැමදාම.....

ඔහොම යාං......

jeew said...

මේ... ඇහුනද....?
ඔය හෙනහුරාගේ මුත්තා ඉන්නේ කොයි පළාතෙද හැබෑට....?
මොක වුණත් අහිංසක මයියා ඉගෙන ගෙනත් ඉවරයි...
කොහෙද මේ චා කෙල්ලෙක් හේත්තුව දාගෙන ඉන්නවනේ...
චී.. චී... හරිම කැතයි වැඩේ නම්... හරිම කැතයි...

හසී said...

හ්ම්ම්... මයියා හොදට ඉගෙන ගනී වගේ.

වාම් said...

නරකද මයියාව කරාටි ක්ලාස් යැව්වනම්..

nish said...

ඒක ඈත්ත ඔන්න මය්යාත් ඒ ලෙවල් ගොඩ දාන්න හදන්නෙ

Anonymous said...

කතාව මාරු. පොඩි යෝජනාවක්. හැම කොටසකටම next and back ලින්ක් දෙකක් දැම්මොත් ලේසියි මම හිතන්නේ කියවන අය‍ට. හරි ලේසියි. මේක බලන්නකෝ http://www.blogspottutorial.com/2008/12/how-to-change-older-post-and-newer-post.html

Post a Comment