පිටුව

Tuesday, August 17, 2010

52 කොටස



මම දුරුකතර ගෙවාගෙන සෙලෙ ව බලන්න ගිහින් ආයේ එන්නෙ නම් ඔක්කොම සීන් එක කුජීත වෙලා. තාරකා මොකා උණත් කමක් නෑ ඒත් බොරු කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ. අනික නැන්දාටත් මේකි කරන්නේ මුලාව. ඒත් ආයෙත් හිතෙනවා මේකි මොකක් හරි අමාරුවකවත් වැටෙන්න යනවාද කියලා. තාරකාට මොනා උණත් මට මොකෝ ආයෙත් හිතෙනවා, ඒත් අනේ මන්දා. මම ගෙදර එනකොට හතාමාරට විතර ඇති. ඇයි අප්පා බස් එකක් එනකන් මම කෑවෙ සුළුපටු කට්ටක්ද? කොහෙද අපිට තියනවාද නැව් යාන. දැං ගෙදර ගිහිං නැන්දාගේ ප්‍රශ්න අසූහාරදාහටත් උත්තර දීලා තාරකාගේන් අහන්න තියන ප්‍රශ්න අසූහාරදාහත් මතක් කර ගන්න ඕනේ. ඒත් තාරකාට මොනා හරි කරදරයක් නම්...... මොලේ පුරා සක්මන් කරන්න අජූත ප්‍රශ්න. ෂිඃ මමත් පැටලුණානේ කෙල්ලෙක්ට. එකෙක්ටනම් මදෑ දෙන්නෙක්ට. කරුමේ කියන්නේ ඔය කෙල්ලෝ දෙන්නා ගෙන් එකෙක්වත් දන්නේ නෑ මම කන තරමක් චාටර් කන්නේ උන් හින්දා කියලා. ලිහිණි තාරාකා කියන දෙන්නගේම මූණත්තහඩුව එකයි. මුන් දෙන්නාම එක්කෙනෙක් උනොත් කොහොමද ආතල් එක. මම ගෙට ගොඩ උන ගමන්ම හොයාගෙන ගියේ ඩයිනමයිට් එකව.


"පොඩ්ඩී......පොඩ්ඩී....." කවුරුත් නෑ පේන්න නම්..,  ඩයිනමයිට් එකේ සද්දෙත් ඇහෙන්න නෑ. මම ඩයිනමයිට්ගේ කාමරේට තට්ටු කලා. දොර ඇරියේ තාරකා.
" මේකලායි, අක්කායි ඇන්ටියි පන්සල් ගියා බෝධි පූජාවට.... මොනාද ඕනේ" අනේ ඇත්තට පත්තිනි අම්මා වගේ ඉන්න හැටි විතරක්. මම මේ චාටර් උනේ මෙයා නිසා.
"ලොකු දෙයක්.... මැඩම්ට කරදරයක් නැත්නම් පොඩ්ඩක් එළියට එනවාද?" මම ඔන්න ගරු නම්බු දීලාම කතා කලා. තාරකා මගේ දිහාම බලාගෙන එළියට ආවා.
"ඇයි?"
"කවුද කියනවා තමුසේ..." මම මෙහෙම එයාට කතා කරපු පළවෙනි වතාව මේක තමයි. ඇත්තටම මට පැනලා තිබිණේ සාධාරණ මලක්. මගේ ප්‍රශ්නෙන් තාරකාගේ මූණ අවුල් උණා. ඒ මම ප්‍රශ්නේ අහපු විදියටද එහෙම නැත්නම් ප්‍රශ්නෙට උත්තරයක් හිතාගන්න බැරුවද කියලා  ෂුවර් නෑ. මොනා උණත් අද දෙකෙන් එකක් විසඳගන්න ඕනේ.
" මොනාද මේ අහන්නේ....?"
"හරි වටවංගියක් කරකවන්නේ නැතුව මම කෙලින්ම අහන්නම්කෝ.... අද කොහෙද ගියේ...?" තාරකා යන්තන් හිනා උනා. ඇයි අප්පා මම හිනා වෙන්න දෙයක් කිව්වද?  මගේ ඇඟ දැං රත් වේගෙන එන්නේ...
"අත්තම්මා බලන්න...,  ඒක ඔයා දන්නවානේ...." තාමත් කියනවානේ බොරු..... අනේ ඇත්තට මෙහෙම ගෑනු... මම හිතුවේ ජරා ජාතිය කියලා ඒත් දැංනම් හිතෙන්න ජරාම ජාතිය කියලාමයි.
"එතකොට අර නැව් යානේ ඔයාව අත්තම්මා බලන්න එක්කං ගියේ පරලොවටද?" තාරකාගේ ඇස්දෙක කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුවා. මට මතක ඇති කාලෙක කෙල්ලෙක් මගේ ඇස් දෙක දිහා බලපු පලවෙනි වතාව මේක. මට වැඩි වෙලා ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න බැරි උණා. සර්වාංගෙම පණ නැති වේගෙන එන්න ගත්තා. අමාරුවෙන් සයිඩ් එකට ඕවර් ටේක් කරලා ශේප් උණා.
" ඔයා......"
" තාරකා මම ඔක්කොම දන්නවා. මට ඇත්ත කියන්න..... ඔයා ලිහිණි නේද?" මම නැකත් බල බලා හිටියේ නෑ කෙලින්ම අහන්න ඕනේ දේ අහලා දැම්මා. එතකොට අර පනපු මල පරවේගෙන වගේ යමින් තිබ්බේ.... තාරකාගේ ඇස් වල කඳුළු පිරුණා.
"මම තාරකා... මාව විශ්වාස කරන්න.... අත්තම්මා මැරුණ බව කුමාරි ඇන්ටිට කියන්න එපා. තෙනුර මට කියන්න ඔයා කොහොමද මේවා දැන ගත්තේ කියලා." මටයි ප්‍රශ්න තියෙන්නේ මෙයයි මගෙන් අහන්නේ. මේවත් මාර සීන් තමයි. මම අර ලියුම් කවරේ තාරකාට දික් කලා. ඒක ගන්න ගමන් තාරකාගේ මූණ වෙනස් උණා.
"ඔයාට මොකද්ද මම දීලා තියන අයිතිය මගේ දේවල් හොයන්න තරම්...." කොර වෙන ප්‍රශ්නයක්නේ ඇහුවේ. දැං මොකද්ද ඒකට දෙන උත්තරේ. 
"ඔයා ගිය නැව් යානේ මම අඳුනනවා ... ඒක පාතාලේ එකෙක්ගේ යානයක්..." තාරකා මගෙ දිහා බලන් ඉන්නේ මලෙන්
"ඔය වාහනේ ඇතුලෙදි තමයි මට සෑහෙන්න ගැහුවේ..." තාරකාගේ මල පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා වගේ මට දැනෙනවා
"ඔයා ඒකෙ නැගලා යනකොට මට හිතුනේ ඔයාට කරදරයක් වෙන්න යනවා කියලා.... මම හැටන් ගියා ඔයාව හොයාගෙන" තාරකාගේ මල නැති වෙලා ආයෙත් ඇස් වල කඳුළු පිරෙන්න ගත්තා. මට මේ ටැප් එක තමයි දිරවන්නේ නැත්තේ. ගෑනු අඬනකොට මූකලන් බස්සෝ වගේ වස කැතයි.

"මට සමාවෙන්න ඔයාගෙ අත්තම්මා ඉන්න තැන ඇඩ්‍රස් එක හොයා ගන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ." මමත් අවසාන කතාව කරලා දත කට පියාගත්තා. හතිලව්වායි මෙන්න මට ඇහෙනවා තාරකා ඉකි ගහනවා. දැං මොකද කරන්නේ...? මට ඉතිං කෙල්ලෙක් අඬනකොට හුරතල් කරලා පුරුද්දක් තියන එකක්යෑ. 
"අඬන්න එපා ඕකෙ තිබ්බ කිසි දෙයක් මගේන් පිට යන්නේ නෑ... ඕනෙ තැනක කියන්නම් ඒක"
"මට තාත්තාට උණ දේ හරියටම හොයා ගන්න ඕනේ..... "
" ඉතිං ඔයා අර නැව් යානේ කොහෙද ගියේ... ඒ නැව් යානේ කාගෙද?"
"මම කොළඹ ගියා... ඒක සමරනායක අංකල්ගේ වාහනයක්..." සමරනායක... එතකොට පොරට මාත් එක්ක තියනව පැටලැවිල්ල මොකද්ද? මාව කම්බස් කරලා අපේ ගෙදර උන්ටත් තර්ජනේ කරන්න තරම්.
"සමරනායක කියන බුවාට වයර් ශෝට් එකක් එහෙම තියනවාද?"
"ඇයි?"
"මිනිහා මට ගැහුවේ  ජයවීරගේ පවුලක් එක්ක තියන ඇයි හොඳයිය නවත්තන්න කියලා" තාරකා ටික වෙලාවල් කල්පනා කලා.
" ජයවීර කියන්නේ කවුද?"ඔන්න ආයේ බබා වෙන්න යනවා මෙයා... මට ගස්සවපු එකා සමරනායක නම් ජයවීරව දන්නේ නැතිවෙන්න විදියක් නෑනේ.....
" තාරකා... අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරමුද? මම මේ මූකලානේ පව් ගෙවන්න ඔයාගේ ඔය සමරනායකයා නිසා. ඌ මට තර්ජනේ දැම්මා ජයවිරගේ පවුලේ අයත් එක්ක තියන සම්බන්දේ නතර කලේ නැත්නම් අපේ අක්කාටයි නංගිටයි මොනා හරි කරනවා කියලා. උන් දෙන්න හින්දයි මම මෙහෙ තපස් රකින්නේ..." 
"සමරනායක් අංකල් මට කවදාවත් කියලා නෑ ජයවීර කෙනෙක් ගැන..."
" දැං මොනවටද ඔයා ඔය කියන මිනිහාව හම්බ වෙන්න යන්නේ...?"
"තාත්තාගේ පරණ බිස්නස් වයිල් වගයක් සමරනායක අංකල් ලඟ තියනවා. ඒ වගේම තාත්තාට හිටපු හතුරෝ ගැනත් සමරනායක අංකල් දන්නවා."
"ඉතිං..."
"මම ඒ විස්තර හොයා ගන්න එහෙ යන්නේ...?" මට මොකද්දෝ අමුතු දෙයක් මෙතන තියන බව දැනෙන්න අරගෙන තිබුණා.
"තාරකා ඔයා දන්නවාද ලිහිණි ඔයා වගේමයි කියලා..."
"ඒ ඔයාට පේන විදිය....."
"නෑ.... ලිහිණිව ඇකලා තියන ඕනෙම කෙනෙක් ඔයා ලිහිණි කියලා රැවටෙනවා." තාරකා යන්තන් හිනා උනා.
"හරි එහෙම කියමුකෝ... ඒක මට සම්බන්ද නෑනේද?"
"මට හිතෙන විදියට සම්බන්දයක් තියනවා....."
"ඒ කොහොමද?"
" ලිහිණිගේ තාත්තා තමයි ජයවීර කියන්නේ... එතකොට සමරනායක වැඩක්ලේ ජයවිර කියන විදියට..." තාරකා සෙල්මුවා වෙලා ගියා.... එයා විතරක් නෙවෙයි එයා ඉන්න තැන මම හිටියත් එහෙම දෙයක් වෙනවා.

" තෙනුර... මම සෑහෙන්න පැටලැවිලා.."


" පැටලුම ලෙහා ගන්න අපි කොළඹ යන්න ඕනේ.... "
"ගිහින්...?"
" ඔයා කැමති නම් විතරක් මම ඔයාට උදව් කරන්නම් හැබැයි... ඒ බව කවුරුත් දැනගන්න බෑ..." ඒ එක්කම ඩයිනමයිට් එකේ කට හඬ ලඟ ලඟම ඇහෙන්න ගත්තා. 
"ඒ ලෙවෙල් ඉවර වෙලා කොළඹ යන්න මගේ අදහසක් තියනවා. එතකන් මට ඉවසන්න වෙනවා තෙනුර"
"ඔව් ඉවසමු.. හැබැයි කොළඹ යන එක කරන්න වෙන්නේ ඔයාට පරිස්සමෙන්...."


" මට තේරෙනවා....." ඒත් එක්කම නැන්දා මගේ ලඟට ආවා.
"කොහෙද ළමයෝ ගියේ....?  මගේ ඇඟේ ලේවතුර වෙලා හිටියේ මල්ලිට මොනා කියන්නද කියලා."
"මම කිව්වේ නැන්දේ ගිය තැන..." මම හිමින්ම ශේප් වෙන්න ට්‍රයි එකක් දුන්නා
"අපිට බොරු කියලා එහෙ මෙහෙ රස්තියාදු යන්න නම් තියා ගන්න එපා.... අන්න ආච්ච මැරුණයි කියපු ළමයයි අනිත් දෙන්නයි දවල් වෙලා මෙහෙ ආවා." මලා මේ අපතයෝ ඇවිල්ලාද? අනේ අම්ම්පා මම දෙබලක් දිහා බැලුවත් බඹර කූඩයක්නේ.... දැං ඉතිං චාටර්නේ. ඒක ඇහිලා මේ අඬ අඬා හිටපු තාරකාට බකස් ගාල හිනා ගියා. මුන්ටත් ඉතිං චාටර් වෙන මටම තමයි හිනා වෙන්න ඕනේ.... ඒත් ඉතිං චාටර් වීම ඇවිල්ලා මම මහෝෂධ වගේ අතේම තියාගෙන ආව එකක්නේ.... ඕව ඔහොම තමයි.

16 comments:

mahesh said...

ඔන්න අද නම් මයියා හරි තැනට වැටිලා වගේ........ දිගටම ලියන්න අක්කේ.......

Siribiris said...

අද නං දාපු ගැට ටික බුරුල් වේ ගන එනවා.

ඔයාගෙ මේ කට කැඩිච්ච කතා නිසා ආං අරහෙ කෂ්ටිය සලකන්න සෙට්වෙනවා. ඔය යන එනකොට ගල් තොප්පියක්වත් දාගෙන පලයන් බුදු නෝනෙ...

නුවන් said...

එළ එළ... ඉක්මණටම ලොකු දෙයක් වෙයි වගේ...
මයියයි, තාරකයි වගේම අපිත් ටැපලිලා ඉන්න එකේ ඔන්න අක්කත් ටපලගන්න එපා හොඳේ...
දැන් ඉතිං මේක කියෙව්වාම හෙට මොකක්ද මං කියවන්නෙ... කොහෙද කලබලේනෙ කියවන්න...

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

අන්න එහෙම කොල්ලෙක් වගේ ඉන්න එපැයි... ඔය බහින්නෙ ගානට වලට කොල්ලා.... හැබයි චාටර් වෙන එක නම් ඉස්තරම් විදිහට වෙනවා...

Prasa said...

මමත් අහුවුනානෙ මේ කතාවක් කියවන්න... දැන් ඉතින් කතාවෙ ඊලග කොටස කියවනකම් නින්ද යන්නෙ නෑ... ඉක්මනට දාන්න හොදේ..

kanishka© said...

එලකිරි. ඒ පාර නං ට්‍රැක් එකට වැටුනා.

jeew said...

දෙසිතකට මැදිවුණු සොඳුරු සිතක තේරුම් ගත නොහැකි ආදර අනාදර පටැලවිල්ලක් වගේ...
ඔහොම යමු සහෝදරී....
පටන් ගැන්මක් තිබුණානම්, අවසානයකුත් තිබීම අනිවාර්යයිනේ...
අවසාන කොටස පළවන තෙක් ජීවත් වුණෝතින් අනිවාර්යයෙන් ම කියවනවා..
සුභ පැතුම්...

Hansi said...

den nam kathaawa wenasma pattakata gihin neda,,,digatama liyanna magen suba pathum

වැම්පයර් said...

anna hari.. ela ela..

Siribiris said...

"ගෑනු අඬනකොට මූකලන් බස්සෝ වගේ වස කැතයි."

හෙහ්...හෙහ් .... සහතික ඇත්ත. හපෝයි අර අහින්සක මූකලන් බස්සා, උන් එච්චරම කැත නෑ.

හසී said...

හ්ම්ම්ම්ම්...

පබලු said...

:) :)

Aslam said...

හම්ම්ම්... ඔන්න දෑන් නම් මයියා උනත් ටිකක් මොලෙ පාවිච්චි කරන පාටයි. එල එල මයියො ඔහොම තමයි ප්‍රශ්ණ විසදන්න ඔව්නෙ.
එත් මෙකෙ අන්තිම හරිය දෑන ගන්නකන් ඉවසිමක් නෑනෙ.. ඒ කියලා අක්කෙ ඉක්මනට ඉවර කරන්නත් එපා හරිද :)

පිස්සා පලාමල්ල said...

යාන්තමට වගේ සීන් එක සෙට්ල් වෙන්න වගේ යන්නේ. මයිය නම් චාටර් වෙනව උපරිමෙන්ම.... හි හි ඊලග කොටස

Unknown_User/හිඟන්නා said...

මයියා නියම ට්‍රැක් එකට සෙටල් වෙලා වගේ !!! ඔහොම යන් ....

හෙළයා said...

සීන් කෝන් එක දැන් නම් සෙටමෝල් වෙනවා වගේ.
ඔහොම යමුකෝ.

Post a Comment