පිටුව

Wednesday, August 11, 2010

48 කොටස


" අළුතෙන් වගේ...?" අර රොමේෂ් කියන මෝරා මගේ ලඟින් වාඩි උණා. 
"ආයේ අහලා අදමයි ආවේ..." මමත් ඇඟට පතට නොදැනෙන්න කියලා දැම්මා. මුන් නම් අනේ මන්දා මට හපන්නේ, මෝර පෙනුමන් තිබුණට මිනිහට තිබ්බේ සීලවතී වොයිස් එකක්. හරියට සචින් ටෙන්ල්කාර්ගේ වගේ. ඌ පොර කියලා කතා කරනවා ඒත් පිට වෙන්නේ ගෑනු වොයිස් එකක්. කෙල්ලෝ කැමති වෙයිද කෝකිල කටහඬකට නෑනේ.... විශේෂයෙන් අපේ ආඩම්බරකාරි.
"තමුසේ කොහොමද අරකිව අඳුනන්නේ...?"
"ඇත්තම කිව්වොත් අඳුනන්නේ නෑ.... ඒත් අඳුන ගන්න ඕනේ...." මගේ කතාවට මෝරා හිනා උණා. නොදකින් විතරක් සිරියාව
" හරි හරි කාලා වරෙංකෝ" එහෙම කියලා මූ අනිත් උන් එක්ක හිනා වෙච්චි. කන එක මට අමුතු දෙයක් නෙවෙයිනේ. උපන් දා ඉදං මම පිලිවලකට කෙරුවේ කන එක විතරයි.
" මේ මචං... ඇත්තටම එයාව උඹට අපිට අල්ලන්න එහෙම බැරිද?"
"මට නම් වැඩක් නෙවෙයි. ඒත් අල්ලන්න මම වෙලාවක් කලාවක් එනකන් ඉන්නේ" මෝරාගේ කතාවට මට ඇඟේ හැම තැනකින්ම හිනා. මූ අන්තිමට කණ්ණාඩියකින් මූණ බැලුවේ කවදද දන්නේ නෑ.
 ඒත් එක්කම තාරකා මගේ ලඟට ආවා. වටේ හිටපු උන් නම් ෆුල් හොල්මන් උණා.
" මෙන්න ඔයාගේ ක්ලාස් එකේ කාර්ඩ් එක... මට දෙන්න බැරි උණානේ" කොරනේ ඉතිං... කාර්ඩ් එක මට දීලා අනිත් උන් දිහා නොබලාම එයා අනිත් පැත්ත හැරුණා.
" ඇයි ඇයි අපිට කාඩ් නැද්ද? අපි ඔටුවෝද?" මාත් එක්ක මුලින් කතා කරපු පොර කිණ්ඩියක් දැම්මා. අනේ ඒත් තාරකා නෙවෙයි උන් දිහා බැලුවේ. අපරාදේ....ක්ලාස් එකත් ආතල්.   කාලා ඉන්න බැරි පන්තිය ඉනකන් සර් කියන දේ අහගෙන ඉන්න වෙන එක. නිදි කඩ කඩාගෙන මමත් ඉතිං අහගෙන හිටියා, අර අශාන් කාරයා අන්තිම සීට් එකට වෙලා දොයි. අනේ මටත් එහෙම සැපක් තිබ්බානම්.... කොහෙද මම ආවේ තාරකා එක්ක නිසා නෝණ්ඩි වෙලාත් බෑ. පන්තිය ඉවර වෙලා මම තනියම ගෙදර යන්න කියලා එළියට බැස්සා. අර සෙට් එක එච්චර ෆිට් එකක් නැතත් ශේප් බුවාලා ටික. 
"අනේ...... ඉන්නකෝ" මම ආපහු හැරිලා බලනකොට තාරකා මගේ පිටිපස්සේ දුවගෙන එනවා. ඔය ඉතිං කෙල්ලෙක් මගේ පිටිපස්සේන් දුවගෙන ආවාමයි.
"ඔයා නම් මාර මනුස්සයෙක් තමයි." තාරකා හති දානගමන් කියවගෙන ගියා. ඇයි යකෝ මොකද්ද මේකේ මාර වැඩේ. ක්ලාස් ඉවර උණාට පස්සේ ඒකෙ ඉඳලා අර සර්ට තේ හදලා දෙන්නයෑ
"මොකද්ද ඒකේ මාර වැඩේ...?'
" අර කොල්ලෝ අශ්‍රය කලාම ඔහොම වෙනවා"
"හරි වැඩක්නේ.... මම කොල්ලෝ අශ්‍රය නොකර කෙල්ලෝ ආශ්‍රය කරන්නයෑ"
"වෙන කට්ටිය ඉන්නේ එයාලාව ආශ්‍රය කරන්නකෝ...."
"දැං මොකද්ද උන්ගේ තියන අවුල?" මට තාරකාගෙන්ම සීන් එක දැන ගන්න ඕනේ වෙලා තිබ්බා. දන්නවානේ මමත් ඇවිල්ලා ජේම්ස් බොන්ඩ් පොරක්නේ
"නොසන්ඩාලයෝ..."
"නෑ... ඒ කාගෙද ඒ නම.... මට ඇත්තම කිව්වොත් උන්ගේ නම් මතක නෑ" හිතාමතාම ගොන් පාට් එකක් දැම්මා.
"කාගෙවත් නම නෙවෙයි අනේ..."
"එහෙනම්...?" මමත් ඉතිං බබා තමයි. 
"උන් පන්තියටම ඉන්න මහා එපාම කරපු උන්.... උන්ව ආශ්‍රය කලොත් ඔයාට ජීවිත කාලෙම ඒ ලෙවල් කරන්න වෙයි"
"මාරයි නම් තමයි උන් ඇවිල්ලා සක්‍රයා වගේ පොරවල්නේ.... දැං ඔයා කියන්නේ මට උන් එක්ක කතා කරන්න එපා කියලාද?" මගේ ප්‍රශ්නේ සාධාරණයිනේ
"ඔව්"
" ඇයි මම ඔයා කියන දේ අහන්නේ.....?" තාරකාගෙ මූණ දෙක වෙලා මගේ පැත්තට හැරුණා. මම චාටර් මොනා හරි කිව්වාද?
" මම කිව්වේ ඔයාගේ හොඳට....." දුක කටහඬකින් කියලා එයා අහක බලා ගත්තා. පව් අප්පා. මටත් තියෙන්නේ චාටර් කටක්.
"ඒක නෙවෙයි තාරකා.... උන් කිව්වා ඔයා කොළඹින් කවුදො ගෙන්නලා සත්තමක් දැම්මුවා කියලා" තාරකා මා දිහා බලලා හිනා උණා.
"ඔව් ඔව් ඒක තමයි උන් මට කරදරයක් කරන්නේ නැත්තේ...."
"ඔයාට කොළඹ තගාලත් ඉන්නවා නේද එහෙනම්"
"නෑ නෑ..... දවසක මම ඔයාට ඒගොල්ලන්ව අදුන්වලා දෙන්නම්කෝ"
"කවුද ඒ ගොල්ලො...."
"නම කිව්වාට ඔයා දන්නවාද?" ඒකත් ඇත්ත. ඒත් මේ ලිහිණි නම් ඔය ගෙන්නුවේ තල්මසාව වෙන්න බැරිද? එහෙම නැත්නම් භානුකයා ඇවිල්ලා ඇදලා පැදලා කෑ ගැහුවද දන්නේ නෑ. ඔව් ඔව් මේ මොරා වගේ උන්ව බය කරන්න තල්මසා එන්න ඕනේ නෑ. භානුකයා ආවත් ඇති.

" ඉතිං ආයේ සද්ද නෑනේ... ඔයා මොනාද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ..?"
" නෑ මං මේ කල්පනා කලේ ඔයා මට යනකොට මොනාහරි ගැන කියන්නම් කිව්වා ...."
" ආ ......... ඒකද?"
" ඒක තමයි...."
" ලොකු අත්තම්මා කියන්නේ කවුද කියලානේ මම කියනවා කිව්වේ...?"
" ඔව්නේ...."
" ලොකු අත්තම්මා කියන්නේ අපේ අම්මාගේ ලොකු අම්මා..."
" එයා දැං කො?"
" හැටන් වල වැඩිහිටි නිවාසෙක ඉන්නවා..."
"පව්නේ... එයාව වැඩිහිටි නිවාසෙක දාලා ඔයා මෙහෙ ජොලියේ ඉන්නවා..."
"මොනා කරන්නද? මමත් ආසයි එයා එක්ක ඉන්න. ඒත් එයාගේ කකුල් දෙකම පණ නෑ... මට ඒක කරදරයක් කියලා එයාම එහෙට ගියා." තාරකාගේ මුණට කජු පෙනුමක් එන්න ගත්තා.
"ඔයා එයාව බලන්නවත් යන්නේ නැද්ද?"
"යනවා මාසෙකට සැරයක්....."
" තනියම?"
"නෑ මාමා වාහනයක් එවනවා...." මෙයාට කාත් කවුරුත් නෑ කිව්වට මේ අත්තම්මලා, මාමාලා එහෙම ඉන්නේ...
"ඔයාට මාමා කෙනෙක් ඉන්නවාද?"
" අම්මා මැරෙන්න කලින් නම් මම ඒක දැනගෙන හිටියේ නෑ. ඒත් අම්මා මැරුණට පස්සේ ලොකු අත්තම්මා මාමා ගැන මට කියලා තියනවා. ඒත් මම කවදාවත් එයාව දැකලා තිබ්බේ නෑ."
"තාමත්?"
"ඒකනේ තාමත් මම දැකලා නෑ..." මාර හොල්මන් සීන් එකක්නේ මේක. මාමෙක් ඉන්නවාලු දැකලා නෑලු.  අත්තම්මෙක් ඉන්නවාලු එයා වැඩිහිටි නිවාසෙකලු, මෙයා ඩයිනමයිට් එකේ ගෙදර... මැලේ අච්චාරුවක් වගේ.
"මම දන්න විදියට මට ඉන්නේ මම විතරයි. ලොකු අත්තම්මා උණත් ගොඩාක් ආදරේ අපේ අම්මාට...."
"ඒකත් එහෙමද? " අහන්න ඕනේ නැති ප්‍රශ්නයක්නම් වෙඩි වගේ ආවා. ඒත් ඇහුවේ නෑ. ඇයි අපිටත් පුළුවං ආදරේ කරන්න. හැබැයි පුතෝ ගුටි කන්න නම් බෑ.
" මම ඔයාට මයියා කියන්නද?" පොඩ්ඩක් හිමින් එයා මගෙන් ඇහුවා. නොණ්ඩියි නේද එහෙම උණාම වැඩේ....
"නෑ ඔයා මට තෙනුර කියන්න" මම එහෙම කියලා පොඩි පනාවක් දැම්මා.
" ඔයා මිට පස්සේ අර කට්ටිය එක්ක වැඩි භජනෙට යන්න එපා තෙනුර"
"හරි හරි යන්නෙ නැතුව ඉන්නම්කෝ... ඔයා කියනවා නම් බෑ කියලා බෑ නේ"
" ඔයා මම හිතුව තරම් ආඩම්බර නෑ..."
" මටත් එහෙම හිතුණා...."
" ලිහිණි ගොඩක් වාසනාවන්තයි"
" ඒ මොකෝ...?"
" නිකං.." මට නම් ඒකේ වාසනාවක් පේන්නේ නෑ. හැබැයි ලිහිණිව අර ඇමතියාගේ පුතා කසාද බැදිනවානේ එතකොට වාසනාවන්ත වෙයි. අප්පට සිරි මෙයා ලිහිණි නම් මෙයාව ඇමතියාගේ පුතා අරං යයිනේ
"ඔයා ලඟදි කසාද එහෙම බඳිනවාද?" ඇහුවාට පස්සේ තේරුනේ මගේ ගොන්කම
"කාවද?"
"කාව හරි...." තාරකා හිනා වෙලා යන ගමන නැවැත්තුවා
"ඔව් ඔව් බඳියි බඳියි" ඉතිං කාවද අප්පා... ඇමතියාගේ පුතාවද?
" අපිටත් මඟුල් කියයිනේ.....?"
"නැතුව කොහොමද ඔයා ඉන්නම ඕනේ..." තාරකා හිනා වේගනම ඈත පේන නැනදාලාගේ ගෙදරට දුවගෙන ගියා. අනේ මන්දා මගේ මණ්ඩලේ කචල් වේගෙන යන්නේ. තාරකා ලිහිණිද? මම මේවා කොහොමද හොයා ගන්නේ.... හෙට ගැන්සිය ආවොත් මොකක් හරි ප්ලෑනක් ගහ ගන්න පුළුවං....

20 comments:

mahesh said...

මුලින්ම ආව නිසා මොකුත් නොකියා යන්න හිත දුන්නෙ නෑ, අක්කේ, ගොඩාක් ලස්සනයි කතාව, දිගටම ලියන්න හොඳේ

හුදකලාවේ සටහන...෴ said...

මමත් මේ කතාව මුල ඉඳලා කියෙව්වා.........ඇත්තටම.....සුන්දරයි!!!

හෙළයා said...

නියමයි

පිණිබිඳු... said...

ඇයි මේ බ්ලොග් එක follow කරන්න බැරි? google friend connect නැද්ද

පබලු said...

අදත් වෙනද වගේම කතාව ලස්සනයි දුල්.

දුල්හරි ඉලංගකෝන් said...

ඔක්කොගෙන්ම මම සමාව ඉල්ලා හිටිනවා. ඊයෙත් මේ බ්ලොග් එකට වැටිලා තිබ්බ පුළුකුල් කමෙන්ට් සම්බන්දයෙන්. මෙහෙම ගියොත් මේ බ්ලොග් එකට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලයක් ගහන්න වෙනවා. හරිම නින්දිතයි, හිරිකිතයි හැසිරීම.

මම මොඩරේෂන් ඔප්ෂන් එක ඇක්ටිව් කලා. එතකොට මේ වගෙ අයගේ කමෙන්ට් මට මකලා දාන්න පුළුවං. එක දෙයක් මට පැහැදිලියි. ඔය පිළිකුල් කමෙන්ට් දාන අය මට ඔප්පු කරලා පෙන්නුවා මේ කතාවට ගොඩාක් අය ආස බව. ඒක මට සතුටක්. ඔක්කොමලාගෙන් මම සමාව ඉල්ලනවා. මොඩරෙශන් ඔප්ෂන් එක ඇක්ටිව් නිසා ඔයාලාගෙ කොමෙන්ට් එවෙලෙම ඩිස්ප්ලේ වෙන එකක් නෑ. මම හිතනවා මගේ යලුවො ඔක්කොටම ඉවසීමේ ගුණය තියනවා කියලා.

Anonymous said...

මට මේක යාලුවෙක් එව්වෙ.. මම මේ සයිට් එක දන්න හැමෝටම දුන්නා... ගොඩාක් අය වෙන රටවල් වල අය... තෑන්ක් යූ වෙරිමච්

නුවන් said...

දැන් නම් අපිටත් ටැපලෙනව සීන් කෝන් එක...
මොනා උනත් කතාව ලස්සනට යනව... නියමයි...

Anonymous said...

ඒක හොන්දයි දුල් මම ඒත් අද උදේ සෑකෙන් හිට්යෙ.....ඔය වඩේ අත ඈරලා දායි කියල..........

නියමයි දිගටම ලියන්න

නිශ්

Aslam said...

දෑන් මේ මොකද වෙන්නේ. මේ තාරකා, ළිහිණි පටලෑවිල්ල ගෑන මට මොනවත් හිතගන්න බෑහෑ. ඔය තාරකාගෙ මාමා ද ළිහිණිගේ තාත්තා...
මම්ම් බලමුකො.
මොඩරේෂන් දාපු එක හොදයි අක්කෙ

පිස්සා පලාමල්ල said...

යකඩෝ මයිය ගුටි කෑවට ඌ මල්සරා ද කොහෙද.... හි හි..

දුලහරි ඔය අවජාතක කොමෙන්ට් ගනන් ගන්න එපා.

vindz said...

oya dannawada.. me site eke link eka dunne mata yaluek. mama ofiz iwarawela enne meka balanna.. thanks.. mama puduma tharam asai me kathawata.

කතාවට ආස කෙනෙක්..... said...

අක්කේ කතාව නම් මාරම මාර ලස්සනයි....... අක්කේ මේ ඔයා ලියන පළවෙනි කතාවද? නැත්තම් මීට ඉස්සෙල්ලා තවත් කතා ලියලා තියෙනවද?

දුල්හරි ඉලංගකෝන් said...

මට සමාවෙන්න ඕනේ අද මට උප්ඩේට් කරන්න වෙන්නේ නෑ හදිසි ගමනක් යෙදුණ නිසා. මම හෙට අනිවා අප්ඩේඩ් කරනවා. තරහ වෙන්න එපා

Siribiris said...

හුටා....මොනවා කරන්නද? දුක තමා.

එහෙනං හෙට පොලියත් එක්කම දෙන්න.

Anonymous said...

api thareha naaaa dulhary akki ekke :D
Glimmer Girl

පබලු said...

ave kiyavannaaaaa.....heta vediyen ona..paressamen gihin enna dul..

අනේ අපොයි said...

එහෙ නම් හෙට දාන කොට කොටස් 3ක් 4ක් දාන්න හොදේ..
ගුඩ් ලක්

Anonymous said...

අය්යෝ මගෙ කොමෙන්ට්ස් වැටෙන්නෙ නැහැ නෙ!!

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

කෝ.......................... 49.. ඉක්මණට ඉක්මණට

Post a Comment