පිටුව

Monday, August 9, 2010

46 කොටස


මට බුවාගේ කතාව පොල්ලකින් වාරික ක්‍රමේට ගැහුවා වගේ. බුවා කිව්ව දේ ඇත්ත.... ඌට චීත්ත කෑල්ලක් දැක්කාම ඒක සෙල් ලිපියක් වගේ මතක හිටිනවා. ඌට ඔය හැකියාව තියෙන්නේ කෙල්ලෝ ගැන විතරයි.
" උඹට කොහොමද ඇහේ කැලැල් මතක... උඹ ලිහිණිව දැක්කේ එක පාරනේ..." මගේ හිතේ උඩු බිරුව ප්‍රශ්නයක් මම උගෙන් ඇහුවා.
"නෑ මට ලිහිණිව දෙපාරක් හම්බ වෙලා තියනවා" බුවා බිම බලාගෙනම කිව්වා
"උඹට කොහොමද ලිහිණිව දෙපාරක් හම්බ උනේ....." මම අහන්න කට හැදුව ප්‍රශ්නේ ටොලාගේ කටෙන් එළියට ආවා.
"ඉකෝන් ක්ලාස් එකට බඩගාන්න මට උණ හැදුනේ ලිහිණි දැක්කාට පස්සේ.... ලිහිණිව මම මුලින්ම දැක්කේ ක්ලාස් එකට ඇතුල් වෙන්න ගිය දවසේ... එදා මම තමයි උඹලා ඔක්කොමලාව රෙජිස්ටර් කලේ.... උඹලාට මතකද? මාව රෙජිස්ටර් කරන්න එවලා උඹලා හිරි පොද වැස්ස ටිකට් ගන්න පෝලිමේ හිටියේ..." අපි එක එකා මූණට මූණ බලා ගත්තා. බුවාත් බලාගෙන යනකොට මාර ගේමක්නේ ගහලා තියෙන්නේ.... අනේ මන්දා.... ඒත් මූ ලිහිණිට කෙල හලපු බව මම දැනගෙන හිටියේ නෑනෙ.
"හරි උඹ ලිහිණි එක්ක එදා කතා කලාද?"
" නෑ මචං ලිහිණි මගේ මූණවත් බැලුවේ නෑ... ඒත් මම ඈත ඉදං ඒකි දිහා පැය භාගයක් විතර බලාගෙන හිටියා. මට ලිහිණිගේ මූණ  අඳින්න පුලූවං ඇස් පියාගෙන. ඒත් හොඳ වෙලාවට මට අඳින්න බෑ" මම බඩ කට පුරෝලා හුස්මක් ඇරියා.
"මෙයා ලිහිණි වෙන්න කොහොමද බුවා... මෙයා ලිහිණි නම් මාව අඳුනන්න ඕනේනේ..."
"මචං ගෑනුන්ට පුලුවංලු තමන් කැමති ඕනෙම රූපයක් මවා ගන්න." බුවාගේ කතාවට ටොලා හිනා උණා.
"තාම එක කෙල්ලෙක්වත් දාගන්න බැරි උණාට මූ දන්න දේවල් බලාපංකෝ" 
"හරි හරි.... මට කියපං මේ පැටළුම ලෙහෙන ක්‍රමයක්" මම ඇත්තටම හිටියේ මර අවුලෙන්. මම හිත හදාගත්තේ ලිහිණි නැති උණාට තාරකා මදෑ කියලා. ඒත් දැං මේ දෙන්නාම එක්කෙනායි නම් මට මොකද වෙන්නේ
"අපිට එහෙ ඉදං උඹට සප් එක දෙන්න විදියක් නෑ... ඒත් මෙහෙ ඉන්න ලිහිණි ගැන උඹ ටිකක් සැලකිල්ලෙන් හිටපං..... කෙල්ලෙක් ගැන සැලකිල්ලෙන් ඉන්න අපි උඹට උඟන්නන්න ඕනේ නෑනේ..."
"හරි එහෙම ඉඳලා...."
"උඹත් නිකං මාර කිරි සප්පයෙක්නේ.... යකෝ එහෙම ඉඳලා ලිහිණි කියලා මාට්ටු උණ දවසට ඒකිට හොඳ දෙකක් කියලා ගෙදර වර" බුවාගේ කතාව ඇත්ත. ඒත් ලිහිණි උණත් තාරකා උණත් මට හොඳ දෙකක් තියා එකක්වත් කියාගන්න ගටක් නෑ කියලා නම් හෙට ඉර පායනවා වගේ ෂුවර්.
"මාව ආයේ අවුල් වෙලා ගියා බුවා... මේ ලිහිණි නම් මම මෙහෙ ඉන්න එකේ කිසිම තේරුමක් නෑනේ..."
"ඇත්ත ඇත්ත.... එහෙනම් උඹ වර අපිත් එක්ක ගෙදර යමං"
"ඒකත් එච්චර ලේසි නෑ.... තාත්තා නැන්දාට කියලා මාව දැම්මම ගෙදර එවන්න එපා කියලා"
"ඒකත් මහා කැත කේස් එකක්නේ...., හරි උඹ මොන මොනා  හරි මේකි ගැන හොයා ගනින්කෝ, අපි එන සතියෙත් මේ පැත්තේ එමූ නේද මචං" බුවාගේ කතාවෙන් මට මාර ෆිට් එකක් ආවා. මුන්ව සතියකට එක පාරක් හරි දකින එක මොන තරම් සැපක්ද?    

හවස් වෙනකම්ම පච හලලා උන් යන්න ගියා. ඇවිල්ලා ගියාම වැස්සක් පෑව්වා වගේ තමයි. ඒත් හිතට ඇඟට දෙකටම මාර ගටක් ආවා. අද ඉදං මගේ රහස් පරීක්ෂක සේවය පටන් ගන්න ඕනේ. ලිහිණිද තාරකාද මෙහෙයුම. බඩුම තමයි. 

"පොඩි අයියාගේ යාලූවෝ නම් හොඳයි සූ එකට ගිහින් දාන්න වඳ වී ගෙන යන සත්තු කියලා පෙන්නන්න." ඩයිනමයිට් එක දැම්මේ කණ රිදෙන්න කිණ්ඩියක්නේ. 
"එහෙම තමයි... අපි ලඟ ඉන්නේ ඔරිජිනල් පොරවල්.... "
"පේනවා පේනවා..."
"පෙනුනානම් ආයේ මොන කතාවක්ද?"
" තාරකා අක්කා අහගෙනද එයාලාගේ නම්.... බුවා, සිකා, ටොලා.... මරු...."
"එහෙම තමයි.... එයාලා ඔයාව දන්නේ ඩයිනමයිට් කියලා" ඒ කතාවෙන් ඩයිනමයිට් එක ආයෙත් පුපුරන සයිස් එකකට ආවා. ඒක දැකලා තාරකා බකස් ගාල හිනා උණා. 

"බුවා කිව්වා ඒ නමත් ඔයාට ලස්සන වැඩියි කියලා" ඩයිනමයිට් එක පුපුරන්න ඔන්න මෙන්න තියෙද්දි එතනින් නැඟිටලා ගියේ කර කර හිටපු වැඩෙත් දාලා. ඒ යන දිහා බලාගෙන ඉඳලා තාරකා ආයෙත් හිනා වෙලා මා දිහා බැලුවා. මට නම් තේරෙන්නේ නෑ මෙයා කොහොමද ලිහිණි වෙන්නේ.... මෙයා හිනා වෙනකොට කම්බුල් වල ගහෙනවා. හැබැයි කරුමේ කියන්නේ මට මතක නෑනේ ලිහිණි හිනා වෙනකොටත් කම්බුල් වල ගැහුණද කියලා. කොහෙද එයාව දැක්ක එක දවසකවත් මට නිදහසේ බලං ඉන්න චාන්ස් එකක් හම්බ උණාද?

" ඔයා මොනාද ඒ ලෙවල් වලට කරන්නේ....?" කොල්ලා ගට අරගෙන තාරකාගෙන් ඇහුවා. දැං බයක් නෑනෙ. මෙයා ලිහිණි නම් කොහොමත් බය වෙන්න දෙයක් නෑ


"කොමර්ස්"
"ක්ලාස් යනවාද?" කට උත්තරයක් ගන්නවා වගේ අහනකොට මෙයා සැක හිතයිද දන්නේ නෑ. එක්කොත් මොනවට සැක හිතන්නද... මට මල කෝලං
"ඔව් යනවා...."
"කොහෙද?, නන්දදාස සර් ලඟට යනවාද ඉකෝන් කරන්න" තාරකා එක පාරටම මා දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා. වැඩේ මාට්ටුද? ලිහිණි නම් අනිවා දැන ගන්නවා මටත් යමක් කමක් තේරෙනවා කියලා.

" නැහැ මම කෑගල්ලේ ක්ලාස් යන්නේ.... මම මේ කල්පනා කලේ ඔයා කිව්ව සර් ගැන මම කොහෙදි හරි අහලා තියෙනවා." ඒකත් එහෙමද? අහලා තියනවා විතරද දන්නේ නෑ දැකලා එහෙම නැද්ද දන්නේ නෑ. මුනුත් මාර බබාලා.

"ඇයි?"
"නෑ මමත් බැලුවේ ප්‍රයිවට් ඒ ලෙවල් කරන්න... දැං කාලේ හේනක් කොටන්නත් ඒලෙවල් ඕනෙ වෙනවානේ" හිතක වත් තිබ්බ එකක්ද අප්පා මේ කිව්වේ....

"ඒක හොඳයි.... කුමාරි ඇන්ටිට කිව්වානම් ගොඩාක් සතුටු වෙයි" සතුටු තමයි.... කෙල්ලෝ ගැන හොයනවා කියන්නේ නිකං ජීවිතේ චාටර් වෙනවා කියන එක. ඒත් අම්මපා මට ලබලා තියෙන්නේ චාටර් දසාව. ඒකනේ ඒලෙවල් කරනවා කියලා ගොන් කතාවක් කියවුනේ....

" මොනාද තාරකා මට කියන්න කිව්වේ...?" ඔන්න පුදපු ගමන්ම හෙනහුරා ගිල්ලා කිව්වලු.... නැන්දා මොන දිව්‍යලෝකෙක ඉඳංද මේ ආවේ....

"කුමාරි ඇන්ටි මෙයාටත් ප්‍රයිවට් ඒලෙවල් කරන්න ඕනෙ කිව්වා...." ඔය ඉතිං කෑවා නේදා කළු ගල් කියුබ් එකම කිව්වාලු. දැං ඉතිං ඒ ලෙවල් කරන්න වෙනවා බඩු ෂුවර්...

"කොච්චර දෙයක්ද? මම මල්ලිට අදම කෝල් කරලා කියන්නම්කෝ... තාරකා යන ක්ලාස් වලටම යන්න පුළුවංනේ.." පොඩ්ඩ වෙන්න ආතල් එකකුත් නොගියා කියන්න බෑ. ඒත් ඒලෙවල් කරන එක මතක් වෙනකොට ආතල් අර්තපල් වෙනවා. නැන්දා එතනින් නැගිටලා ගියා. තාරකා මගේ දිහා බලලා හිනා උණා.

"ඒක නෙවෙයි ක්ලාස් ගිහින් කෙල්ලෝ ආයෙමත් මට ලියුම් දෙයිද දන්නේ නෑ. උඹ පියුම් වෙයන් ඊට පස්සේ ගුටි කාපං කියලා. " තාරකා හිනා උණා. 
"ඔව් ඔව් මට ආරංචියි අර අත කඩාගෙන හිටියේ එහෙම ප්‍රශ්නෙකට ගුටි කාලා කියලා. ඒ ඔයාගේ කෙල්ල නිසාද?"
" ඔව් ..." තාරකාගේ මූණ වැහි කළුවක් උණා. 
" දැං එයා කෝ...?" 
"මට නම් හිතෙන්නෙම මේ ලඟ පාත ඉන්නවා කියලා" මම එහෙම කියලත් හොඳට තාරකාගේ මූණ දිහා බැලුවා.
" එහෙම වෙන්නේ කොහොමද?"
"ඒක තමයි කියන්නේ....?"
" එයාගේ නම ලිහිණි නේද?" හරියටම හරි ඔය පැන්නේ බළලා මල්ලෙන්..... මෙයා කොහොමද ඒ ලිහිණි කියලා දන්නේ...? ඔය හම්බ වෙන්නේ සාක්ෂි... ඔහොම යන්කෝ නංගී... අපිත් ඇවිල්ලා පොලිසි වල කූඩුවේ නෙවෙයි එළියේ යූනිෆෝම් එක ගහලා ඉන්න තිබ්බ පොරවල්.




9 comments:

හෙළයා said...

:D
මට නම් දෙයක් හිතෙනවා. බලමු

ishani said...

හ්ම්..... ලස්සනයි.... දිගටම ලියන්න.... wish u good luck..

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

මොනව වෙනවද මන්දා....

Hansi said...

digatama liyanna magen suba pathum...

වැම්පයර් said...

දුල්හරී.. ඔයත් මගේ ඔලුවට වාරික ක්‍රමේට පොල්ලකින් ගහනවා වගේ දෙයක් කරන්නෙ..

පබලු said...

:D :D :D keep it uppppppppp

Aslam said...

දුලහාරි අක්කෙ නියමයි. එත් 47 ත් ඉක්මනට ලියන්න. පරක්කු වෙනකොට ඔයත් අපිට ඔලුවට වාරික ක්‍රමේට පොල්ලකින් ගහනවා වගේ දෙයක් දෑනෙන්නෙ..

පිස්සා පලාමල්ල said...

ඔන්න කොටස් දෙකම බැලුව අවසන්. නොහිතපු සීන් එකක් නෙ මේ. ලිහිනි තාරකා. තාරකා ලිහිනි. හපොයි මයියෝ උබ...

Siribiris said...

වාරික ක්‍රමේට පොල්ලෙන් ගහන හැටි නං දන්නෙ නෑ. ඒත් පොල්ලකින් එකහමාරක් ගහපු කතාව නං අහල තියනවා.

නඩුවකදි පැමිණිලිකාරයා කිව්වලු " ස්වාමීනි. මේ විත්තිකාරයා මට පොලු පාරවල් එකහමාරක් ගැහැව්වා කියලා.

නඩුකාරයට ඇහැව්වලු " කොහොමද මනුස්සයෝ, පොලු පාරවල් එකහමාරක් ගැහැව්වෙ" කියලා.

එතකොට මිනිහා කිව්වලු " ඉස්සෙල්ලාම දෑත බදලා ඩෝං ගාලා එකක් ගැහැව්වා . පොල්ල දෙකට කැඩුනා. ඊට පස්සෙ මං දුවන කොට, අර පොලු බාගෙනුත් ගැහැව්වා, ස්වාමීනි" කියලා.

Post a Comment