පිටුව

Thursday, August 5, 2010

44 කොටස


මොනා කන්නද අනුන්ගේ ටිංකිරි වලින් තේ හදාගෙන බිව්වාම. ඒත් අම්මපා මේකි කතා කරන්නේ මූණ බලලා නෙවෙයිනේ. මාර සබකෝලයක් තමයි.
"ම... මම මේ ටෝච් එකක් තියනවාද බලන්න ආවා." කෙල්ල පොඩ්ඩක් හොල්මන් උණා, මගේ දිහා නොබලම වටපිට බැලුවා.
" ඒ මොකටද?" ඇත්තනේ... මෙච්චර වොට් හැටේ බල්බ් දිලිසෙනකොට මම ටෝච් එකක් හොයන්නේ මොන උලව්වකටද වගේ එයා ප්‍රශ්න කලේ.
" මගේ කාමරේ කැනීම් වගයක් තියනවා කරන්න"
"කැනීම්...?" ඔන්න එපාර  නම් තත්පරයෙන් තුනෙන් එකකට වගේ මගෙ දිහා බලලා අහක බලා ගත්තා.
"ඔව් අප්පා.... මගේ කාමරේ හැම තැනම කුරුටු ගී නේ.... ඒවා මැකිලා ගිහින් සංරක්ෂණයක් නැතුව... මම මේ ඒවා ටෝච් එකක් ගහලා බලලා කොහේ හරි ලියා ගන්න කියලා හැදුවේ...." කොල්ලාට රටක් වටින කටකුයි. කොස් ඇටයක් තරම් මොලේකුයි ලැබීම ගැන නම් කියාගන්න බැරි තරම් සංතෝසයි. 
තාරකා යන්තම් හිනා වෙලා අහක බලා ගත්තා. මේකනම් හම්බ ආඩම්බරකමක්නේ.... ෂිඃ ලිහිණි එහෙම නම් මෙතන බඩ අල්ලගෙන හිනා වෙනවා.
" ටෝච් එකක් නෑ නේද?" මම පොඩ්ඩක් මූණට එඹිලා තාරකාගෙන් ඇහුවා
"කුමාරි ඇන්ටි ලඟ තිබුණා" බලනන්නේ නැතුවම කියලා දැම්මා. මට ඉතිං ආයෙත් මල පනිනවා. මම කැමති නෑනේ කෙල්ලොන්ගේ ආඩම්බර බලන්න. 
"ඔයාට මොකක් හරි ලෙඩක් එහෙම තියනවාද?" මමත් ඇරියේ නෑ..... අද කොහොම හරි හිනස්සනවා... ඇඬෙන්න හරි.
"ලෙඩක්?" ආයේ පෙර සේම හොල්මන් වෙලා මගේ දිහා බලල පටස් ගාලා අහක බලා ගත්තා,
"ඔව්.... කොල්ලෝ විස වීම වගේ" තාරකා හිනා යන්න ඇවිත්ද කොහෙද අහක බලා ගත්තා.
"මොකද කෙල්ලො විස වෙන ලෙඩක් මට තිබුණා... අන්තිමට මෙහෙට ඇවිල්ලා මෙහෙ ඉන්න ඩයිනමයිට් එක්ක ඉන්න ගත්තාට පස්සේ අපස්මාරෙට වගේ ආවා. මොනා කරන්නද දැං ඒකත් එක්කම ජීවත් වෙනවා. "
 තාරකා බකස් ගාලා හිනා උණා. අම්මෝ අන්තිම බෝලෙන් හයක් ගැහුවා වගේ මාර ෆිට් ෆන් එකක් ඇඟට ආවා. තාරකා හිනා වෙනකොට ලිහිණිට වඩා ලස්සනයි. කම්බුල් දෙකත් සුළියක් වගේ වල ගැහෙනවා. හිනා වෙලා ඉවර වෙනකන්ම මම එයා දිහා බලාගෙන හිටියා. කියා ගන්න බෑ මාරම මාර ගති. මට බුවාගේ වාක්‍යක් මතක් උණා. ඌ හැම වෙලේම කියන්නේ... වැටෙන්නේ නැති උණාට කමක් නෑ වැටෙනකන් ට්‍රයි එක දීපං මචං කියලා. ඇත්තටම ලස්සනයි. පිස්සු කොර වෙනවා.

" ඔයා මේ කාමරේට ආවේ ටෝච් එකක් හොයන්නද නැත්නම් අර පොත තියලා යන්නද?" මලා.... මෙයා ඒක දන්නේ කොහොමද?
"මොන පොතද?" 
"මගේ ඩයරිය...."
"ඔයාගේ ඩයරිය ...? කෝ..?." මමත් ඉතිං මරසිය දැම්මා.තාරකා අත් දෙකින්ම අර පතරංගේ උස්සලා පෙන්නුවා. 
"මෙන්න මේක?"
"ඕක ඔයාගේ ඩයරියද?, ඇත්තමයි අප්පා මම දැනගෙන හිටියේ නෑනෙ...." නෝණ්ඩිය කියන්නේ කට කපලා. මම ඇවිල්ලා ලිඳක් ඈත දැක්කත් නා ගන්නවානේ
"අනුන්න්ගේ ඩයරි බලන එක හොඳ වැඩක් නම් නෙවෙයි...."
"ඇත්තටම ඩයරියක් කියලා දන්නවා නම් මම කීයටවත් බලන්නේ නෑ...." දැං ඉතිං වෙච්ච දේ උණා. ඒත් මේවා ඩයිනමයිට් වල කන් වලට එහෙම ගියොත් මට වෙන්නේ සිය දිවි නසාගන්න.
" කමක් නෑ පව්කාර මගේ මේ ජීවිතේ මෙච්චර පව්කාර උනේ ඇයි කියලා ඔයා දැනගත්තාට"
"පිස්සු ..... කවුද කිව්වේ ඔයාගේ ජීවිතේ පව්කාරයි කියලා" තාරකා ආයේ හොල්මන් වෙලා මගේ දිහා බැලුවා. බලන්න බෑ ලස්සනයි. 
" මට එහෙම හිතනවා..."
"එහෙනම් එහෙම හිතාගෙන ඉන්නකෝ.... හැබැයි කවුරු හරි ඔයාට එහෙම කිව්වොත් එහෙම මට කියන්න හරිද.... මම උගෙ අඬු කඩනවා.." මම ශේප් වෙලා කාමරෙන් එළියට ආවා. මහ ලොකුවට මමත් බයිලා ගහනවා තාරකා කතා කරන්නේ නෑ, හිනා වෙන්නේ නෑ, බලන්නේ නෑ,,, අරක නෑ, මේක නෑ... ආඩම්බරේ බෑ, ඒත් කතා කලාම මට කතා කරන්න වචන එන්නේ නෑ. මේක නම් මාර කාළකණ්ණි ලෙඩක්නේ.... ඕකමනෙ ලිහිණිටත් උණේ... කතා කලේ වචන දෙකයි නැත්නම් තුනයි. කතා කලාට වඩා ගුටි කෑවා. මේවා ඉතිං අපේ තාත්තාට කියලා අනුකම්පාව ගන්න යෑ. එතකොටත් බනියි. එළුවා තමුසෙට කෙල්ලෙක් දාගන්න එක්කවත් හරියට කරන්න බෑ කියලා. මම කාමරේට ඇවිල්ල හාන්සි උණා. එක අතකින් මම මෙහෙම ඉන්නවා. තාරකත් කතා කරපු එකේ එන පොට අවුලක් නෑ වගේ... ලිහිණි මොකෝ.. තාරකා මොකෝ වෙනසකට තියෙන්නේ ලිහිණිට පිස්සු මෙයාට නැද්ද කොහෙද? එච්චරයි. ඔය හිනා යන්නේ නැති ලෙඩේ සනීප කරන්න නම් හිනාව එන්න දීලා බලන්න ඔනේ. කතා නම් කොහොම හරි කරවන්න බැරියෑ.... මට තියන එකම අමාරුව ගැන්සිය නැති එක විතරයි. උන් නැතුව කෑවත් නොකෑවා වගේ. 

ඒත් එක්කම පොඩි ඩයිනමයිට් එකේ කට හඬ ඇහෙන්න ගත්තා. අපොයි ඔන්න ඇවිත් ආයේ... හිතට එකඟව මනෝ පාරක්වත් ගහන්න පුළුවන්ද  මේ ටකරම නිසා. අම්මපා... වෙලාවකට හිතෙනවා දතකට පූට්ටු කරලා ප්ලාසටරයක් අලවන්න. ඒත් ඕවා කරන්න ගිහින් මට වෙන්නේ ඇට කටු ටික සම්බෝල කර ගන්න. අන්න ඒ නිසා මම ඕකිට අත තියන්නේ නෑ.

"පොඩි අයියේ......" පොඩි ඩයිනමයිට් එක හොඳට ඇදලා පැදලා කෑ ගහගෙන මගේ කාමරේට ආවා
" අනේ පිංසිද්ද වෙනවා අයිසේ... කනේ බෙරේ වැදිලා වැදිලා අඬපන වෙලා දැං තියෙන්නෙ... කනට උණත් නිදහසක් දීපං" මම කරුණිකව නිවේදනය කලා. ඒත් මේකී පිංකැටේට රුපියල් පහක් දැම්මා වගේ හිනා වෙච්ච ගමන්ම මගෙ දිහා බලාගෙන ඉන්නවා. හරි හිසරදයක් අප්පා මෙයා මෙහෙම ඉන්නකොට

"හරි හරි කියන්න ආව එක වොලියුම් අඩු කරලා ඉක්මනට කියලා යනවා..." මම අමාරුවෙන් හරි පොඩි ඩයිනමයිට් එක කියන්න කට හදාගෙන ඉන්න එක අහන්න හිතා ගත්තා. නැත්නම් ගැලවීමක් නෑ. 

"හ්ම්ම්ම්ම්..............." බස්සෙක් වගේ හ්ම්ම් ගානවා මිසක් මේකි කියන මලදානයක් කියන්නෙත් නෑ.
"කියනවකො ඕයි මාව කුළු හරකෙක් නොකර"
" කවියක් ලියලා අපේ කාමරේට ගෙනත් දැම්මේ කාට බලන්නද?"
"කවුද?" මේකිට උණ සන්නිපාතයවත් හැදීගෙන එනවාද?
"කවුද ඉතිං තමුසේ මිසක්"
"යකෝ මට පුළුවංද ඕයි කවි ලියන්න.... තමුසෙට මූඩියක්වත් පෑගුණාද" මේ අණ්ඩර බීරි ග්‍රීක් මට තේරෙනවාද?

"එහෙනම් මේ ලෝකේ තියන කැතම අකුරු වලින් කවියක් ලියලා අපේ කාමරේට විසි කරලා තිබ්බේ මම වෙන්න ඇති නේද? " මේ ලොකේ තියන කැතම අකුරු මගේ බව මම පිලිගන්නවා. ඒත් කවි ලියලා මේකිගේ කාමරේට දාන්න තරම් දෙයක් මට කරන්න පුළුවංද? ඒ අස්සේ පොඩි ඩයිනමයිට් එක මට කොලේකුත් පෙන්නනවා.
"තමුසේට වෙන කවුරු හරි හෝතම්බුවෙක් දුන්න එකක් වෙන්න ඇති...මේ දෙනවා බලන්න.." මම පැන්න ගමන් උඳුර ගත්තා, ඊට පස්සේ මේ අභූත චෝදනව ගැන බලන්නත් එක්ක මම මේ කියන කවිය හැරෙව්වා. හෙන ගහපිය ගණන් බලාපිය කිව්වලු මේ මගේ අකුරු නේන්නම්.. කරලානේ වැඩේ මේ මම අර තාරකාගේ පතරංගේ තිබිලා ලියාගත්ත කවිය නේද? හත්වලාමේ ඒක ඩයිනමයිට් එකේ කාමරේ හැලෙන්න ඇත්තේ පොත අස්සේ තිබිලා වෙන්න ඇති. දැං ඉතිං මට කරන්න තියන හොඳම දේ තමයි, ගලක් බෙල්ලෙ බැඳගෙන බෙල්ලෙ වැල දාගන්න එක.

14 comments:

හෙළයා said...

මයියා ඉපදිලා තියෙන්නේ නාන නැකතකින්ම තමයි. :D
තාරකාව හිනස්සපු එකනම් ෆන්.
හෙට 45 ඕනෙ.

Hansi said...

digatama liyanna magen suba pathum

Anonymous said...

apoy meya nam baldi pita baldi dagane,,, :P

වැම්පයර් said...

දිගටම යං.. දිනකට එක බැගින්!

Ruwan bhagya said...

haaaaaaa maxxa keep it up bro.....

පිස්සා පලාමල්ල said...

ඇත්තටම ලස්සනයි. හි හි මම කිව්වෙ තාරකා ගැන මයිය හිතපු එක... අපේ ගයාන් කියපු කතාවක් මතක් උනා.

කතාවත් ඉතින් ඇත්තටම ලස්සනයි.

නුවන් said...

ශෝයි ශෝයි... දිගටම ලියමු අක්කා... උදේම එන්නෙ මේක බලන්න... :D

පබලු said...

ඔන්න අදත් කියෙව්වා..වෙනදා වගේම උපරිමයි!!
කියවද්දි චිත්තරූප මැවෙනවා....

දුල්හරි ඉලංගකෝන් said...

හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මට අදයි හෙටයි අප්ඩේට් කරන්න වෙන්නේ නෑ. කොහොමත් සති අන්තයට මට සෑහෙන්න කාර්යබහුලයි. ඉගෙනගන්නයි රස්සවල් කරන්නයි ඔක්කොම තියනවානෙ.... හරි... මම ඉරිදා හවස ඉදං ආයෙත් කතාව දිගටම දානවනී ඊ ලඟ සති අන්තය වෙනකන්... දවස් දෙකක් නිවාඩු ඉල්ලනවා කතාවෙන්....

Siribiris said...

කෙලියා නේද පාත්තරේටම, දැං ඉතිං මොකේදෑ දං වලදන්නෙ? කමක්නෑ මනුස්සයෙකුට කියලා නිවාඩුවකුත් තියෙන්න එපැයි.

හෙළයා said...

45 කෝ ?

Anonymous said...

aiyooooooooooooooooooooo man awe 45 balane,, meke part ekak baluwe natham nikan dawesa hary dull appa,, ae tharam me blog eke shoy :D ane ikmanin danen akkiyo :)

නුවන් said...

හ්ම්ම්ම්... :(
කබක්නෑ ඉතිං... ඉගෙන ගන්නත් ඕනෙනෙ... ඒ වැඩ වලට මුල්තැන දෙන්න අක්කා...
45 විතරක් මදිවෙයිද මන්ද හැබැයි ඊළඟ දවසෙ... ;)

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

මචන්ලා.. මම දවස් දෙකක් නුවර එලි ඉදන් ආවෙ මෙ කතාව බලන්න.. දැන් මේක උනක් වෙලා... දුල් ඔයා නියමෙට කරගෙන යනවා... අපේ ජීවිත කතා වලට පොඩි පොඩි වෙනස්කම් දාලා ලියනවද කියලත් හිතෙනව වෙලාවකට.. මොකද ගොඩක් කොල්ලො උපන්දා ඉදලා පිලිවෙලකට කරපු එකම දේ තමයි මය්යා වගේ ඉල්ලගෙන කාපු එක.....

Post a Comment