පිටුව

Tuesday, August 3, 2010

42 කොටස


පොත වහලා පැත්තකින් තියලා පොඩ්ඩක් විතර මනෝ එක්ක සෙට් උනා. තාරකා හිනා වෙනවා මම දැකලා තිබ්බේ නෑ. අද වෙනකන් මගේ දිහා හරියකට බලලත් තිබ්බේ නෑ. තාරකා දකින හැම වෙලාවකම මට මතක් උනේ ලිහිණිව, මට ඕනේ උණේ ලිහිණි වගේ එයාවත් කතා කරවන්න. මම සැලකිය යුතු ප්‍රමාණයෙන් වැරදියි. තාරකාට ඊයේ මම කතා කලේ සිරාවටම නපුරු විදියට. ඩයිනමයිට් එක කිව්වෙ ඇත්ත. මම නපුරෙක්... දෙයියන්පල්ලා.... ඒත් මේ ලෝකේ මාව තේරුම් ගත්ත එකෙක් ඉන්නවාද? මම වෙනුවෙන් කතා කරන්න කෙනෙක් ඉන්නවාද? කවුරුත් නෑ. එහෙම අන්ත අනාථ වෙලා හිටියේ මම. මගේ වාචාල කට ගැන මමවත් දන්නේ නෑ. ඇත්තමයි දැං නං පව් කියලා හිතෙනවා. මම පොත වහලා තිබ්බ තැනින් ගිහින් තිබ්බා. ගෑනු ලමයින්ගේ කාමර වල වැඩිපුර හැසිරෙන්න හොඳ නෑ කියලා පරණ කාලේ පොරක් කියලා තිබ්බලු. ඒක මම කිව්වයි කියලා කොහෙ හරි ලියා ගත්තා නම් හරි. කොළඹ යන එක දවස් දෙක තුනකට කල් දාන්න ඕනේ කියලා හිතුවා. මම මේසෙ උඩ වහලා තිබ්බ කෑම එක ඇරියා. පිඟානට යටින් කොල කෑල්ලක් තියනවා දැක්කේ එතකොටයි. කොල්ලාගේ දවස අද පටන් අරන් තියෙන්න රාහු එක්ක වගේ. කොල්ලට අම්බානකට කියවන්නමයි ලැබෙන්නේ. බලමු මොකද්ද මේ හෙන ගෙඩිය කියලා.

"පොඩි අයියේ,
 ඔන්න මුලින්ම සොරී කිව්වා. ඔයා හොඳ අයියා කෙනෙක්, ඔයා නපුරු නෑ... ඒත් මැට්ටෙක්... ගෑනු ළමයෙක්ට කතා කරන්න දන්නේ නැති මැට්ටෙක්. අම්මා කිව්වා උදේ කෑම එක මෙතන, දවල්ට උයලා කුස්සියේම තියනවා කියලා. රෑට අපි එන ගමන් මොනා හරි අරන් එනවා කිව්වා. බඩගිනි උනොත් කන්න ලැවරියා හදලා ෆ්රිජ් එකේ දැම්මා කිව්වා. තේ ෆ්ලාස්ක් එකේ.... හරිද?
තරහා වෙන්න එපා 
අපි ගියා

මේකෙ තියෙන්නේ කෑම ලයිස්තුවනේ. ඔයින් ගියා මදෑ... මටත් තියෙන්නේ අප්පා අපේ තාත්තාගේ මූලග්ගින්නම තමයි. බලනවා මම ගියානම් තාම යනවානේ. කෑම එක ඉතිං ඉවරයක් කරලා දාලා මම ආයෙත් කාමරේ පැත්තට ගියා. කරන්න වැඩකුත් නෑ. පාළුව කෑලි කපන්න පුළුවන්. ඔන්න ඔහේ අරයාගේ පොතේ ඉතුරු ටිකත් කියවනවා.
මම ආයෙත් අර තඩි මහාවංසේ අරගෙන කාමරේට ආවේ අපේ පොඩි ඩයිනමයිට් එකේ පෑනකුයි කොලේකුයි එක්ක. ඊට පස්සේ අර කවිය මම ඒ කොලේ ලියාගත්තා. මේක පරිස්සම් කරලා අරන් තියාගෙන කාගෙන් හරි පඬියෙක්ගෙන් මේකෙ තේරුම අහගන්න ඕනේ. මම ඇවිල්ලා කාශ්‍යප වාගේ පොරක්. සීගිරිය හැදුවට ඒකෙන් පල්ලෙහාට බැහැලා නෑ. මම ගෙවල් හදන්නේම සොහොනේ ඒත් යක්කුන්ට පුදුම බයක් තියෙන්නේ. තාරකාටත් මම බයයි. මොකද මට කෙල්ලෝ විස වෙන ලෙඩක් හැදිලා තියෙන්නේ. පොත කියවලා ඉවර උන තැනට පෙරලුවා. ඒ අර කවියෙන් පස්සේ පිටුව.

" මට ලොකු ආසවක් තියනවා කවුරු හරි මට පැලෙන්න ආදරේ කරනවා දකින්න. මටත් ආදරේ කරන හැටි උගන්නන්නත් එයාට වෙයි. මොකද මම ඇත්තටම දන්නේ නෑ කොහොමද ආදරේ කරන්නේ කියලා. අම්මා මට කිව්වේ කොල්ලො විශ්වාස කරන්න එපා කියලා. ඉතිං මම කාවවත් විශ්වාස කලේ නෑ. මට හිතනවා දැං මම කාව හරි විශ්වාස කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා."  


ෂිඃ කලින් මට එක්ස්පීරියන්ස් එකක් තිබ්බනම් මෙයාට කියලා දෙන්න තිබ්බා. කරුමේ කියන්නේ මටත් නෑනේ. හැමදාම මම හිටියේ ඔටු කුලේ. සිකා සික් උණාම අපි බඩ අල්ලන් හිනා උණා මට මතකයි. ඌ අර කෙල්ල හින්දා හොටු ටොන් ගනන් පෙරන්න ඇති. ඒවා නම් හරි යන්නේ නෑ. දැං මෙයාට ආදරේ උගන්නන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ආදරේට කලින් මෙයාට හිනා වෙන්න උගන්නන්න ඕනේ.

" මට හැමදේම බයක් නැතුව කියන්න පුළුවන් කෙනෙක්, මම ගැන හොයලා බලන කෙනෙක්, මම කියන දේ අහන කෙනෙක්, මාව ගොඩාක් හිනස්සන කෙනෙක්, හැම වෙලාවෙම මගේ ලඟ ඉන්න කෙනෙක් මට ලැබෙනවානම්"

ඔය ඔක්කොම කරන්න බැරියෑ. ඒත් එක පාරක් හිනස්සන එක තමයි අවුල. මේ කෙල්ලගේ හිනා සයිල ක්‍රියා විරහිත වෙලා. මලකඩ කාලා, බෝල් ජොයින්ට් ගහලා ගිහිල්ලා. ඕවා රිපෙයාර් කරනකොට මගේ තරුණ කාලේ සොරි වෙලා යයි. ඒත් මෙච්චර කියන එකේ මේවා ඉක්මන් කරගන්න මොනා හරි කරන්න ඕනෙනේ. 

 මම ඊ ලඟ පිටුව හැරෙව්වා. ඒත් ඔළුවෙ තිබ්බේ මේකිව හිනස්සන ක්‍රමයක්, හැබැයි අම්මා මුත්තා වලෙන් නැගිටලා ඇවිල්ලා තනි අණ්ඩෙන් කස්තිරම අල්ලුවත් මම නම් කතා කරන්නේ නෑ එයා එක්ක. ඒක මට වඩා ෂුවර්.


"අද මට ගොඩක් සතුටු දවසක් උණා. එකපාරටම කුමාරි ඇන්ටි මට ඇවිල්ලා කිව්වා තාරකා හෙට ඉදං ටික දවසකට මල්ලිගේ පොඩි පුතා මෙහෙ නවතින්න එනවා කියලා, ඒ කිව්වේ මේකාලාගේ පොඩි අයියා. මම මෙච්චර කල් හිටපු කාමරේ ටික දවසකට එයාට දෙන්න උණා. මම මේකලා ලඟට ගියා. මම මේසෙ.... බිත්තියේ, ඇඳේ විට්ටමේ.. අල්මාරියේ එහෙම ලියලා තිබ්බ ඔක්කොම කවි අමාරුවෙන් මැකුවා. එයා හදිස්සියේ හරි දැන ගත්තොත් ඒ ඔක්කොම කවි ලිව්වේ එයාට කියලා. මම කොහොමද එයාගේ මූණවත් බලන්නේ," 

බඩුම තමයි මෙයා මගේ මූණ බලන්නේ නැත්තේ ඒ නිසාද? ඇයි හත් දෙයියනේ මට ඕවා තේරෙනවාද? මම කියලා ඉස්කෝලේ ගියා තාමා ඒත් බේතකටවත් කවියක් කියවලා තියනවාද? මෙයා මට මොනාද මේ කියන්න හදන්නේ. කවි කැනීම් කරන එක පැත්තකින් තියලා මම ඊ ලඟ පිටුව හැරෙව්වා.

" මට දැනෙන්න ගත්තේ අමුතුම දෙයක්. මට කවදවත් සහෝදරයෙක් ඉඳලා නෑනේ.... මේකලායි හංසි අක්කයි එයාට සලකන විදිය දැක්කාම මටත් ආස හිතුණා, ඒත් එයා මහා ගෑස් බෝම්බයක්, මහා ආඩම්බරකාරයෙක් මා දිහා බලල හිනා වෙන්නෙ වත් නෑනේ. හිනා උණානම් මම හිනා වෙන එක වෙනවා."

දැං ඒ කියන්නේ වැඩේ කාලා තියෙන්නේ මම. කවුරු දන්නවාද ඔය ටකරං. මේකත් මාර ආතල් වගේ... කෙල්ලෙක් මගේ  එම්බාම් මූණට වැටෙනවා කියන්නේ අමුතුම ආතල් එකක්. 

දවල්ට කාලා හවස් වෙනකනුත් මම කලේ තාරකාගේ පොත කියවපු එක. කොහෙද එක පිටුවක් කියවන්න පැයක් විතර යනවා. මොකද වචන එකතු කරගන්න දෙන ගේම හින්දා. නිදිත් මතයි. පොත ඇඳ උඩම තියලා පොඩි ඇලට් එකක් දාන්න සෙට් උනා. 
එක පාරටම මාව උඩ විසි වෙලා ඇහැරුණේ පොඩි ඩයිනමයිට් එකේ කට හඬින්. මේ බඩ්ඩට කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ. ගිය ආත්මේ හැම පන්සලටම ඝන්ටාරේ ගානේ පූජා කරන්න ඇත්තේ මේකි. අනේ මන්දා.... හොඳට හිරි එහෙම ඇරලා මම ඇඳ උඩ වාඩි උණා.

"පොඩි අයියේ ඉක්මනට එනවා කන්න අපි කොත්තු ගෙනාවා" මේකි මරලතෝනි දෙනවා. හොඳ වෙලාවට මේක කොළඹ නොවුනේ නැත්නම් එහා ගෙදර උණුත් එනව  රෑ කෑමට උන්ටයි කිව්වේ කියලා හිතලා. බඩගිනිත් නෑ වගේ, මම දවල්ට කෑවේ හතරත් පහු වෙලානේ. කොහෙද අර පතරංගයක් අහු උණානේ. 

මලා..... පතරංගේ තාම මගේ ලඟ නේද? දැං කොහොමද මේක ඩයිනමයිට් එකේ කාමරෙන් තියන්නේ.....
ඇයි හත් දෙයියනේ මෙහෙම දේවල් මටම වෙන්නේ....?

9 comments:

හෙළයා said...

කෙලියා තාප්පෙට. මයියගේ බ්ලොග් එක කියවන්න දුන්නනම් තාරකා හිනාවෙලා මැරෙනවා. පට්ට බන්ස්.
හෙට 43 අනිවා ඕනෙ..

mahesh said...

අනේ මයියෝ.....
උඹ නම් ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියනව බන්,,,,,,

අක්කේ, මෙක තමඉ මම දවසේ මුලින්ම කියවන බ්ලොග් 1ක, ඔයගේ හැකියාව නම් උපරිමයි,දිගටම ලියන්න, අපි ඉන්නවා හැමදාම ඔයගේ බ්ලොග් 1කේ,,,,

වැම්පයර් said...

මේකට නං හිනාවෙලා පනයනව දුල්හාරී.. නියමයි...

හසී said...

මයියානම් කොහෙන් හරි අනාගන්නවාමයි.

පිස්සා පලාමල්ල said...

උපරිමයි. ඔය ලියන විදිය වගේම කතාවත්. විභාගේත් ඉවර එකේ හෙට හරි හවස් වෙද්දි හරි ඊලඟ එකත් දාමු නේ හික් හික්

Anonymous said...

aiyyo mayya mu anganna eke seemawak nane........

hondata liyanawa digatama liyanna...........

Nish

Aslam said...

අනෙ මයියො... පොරටත් වෙන දෙවල්.

පබලු said...

කනව කියල මෙහෙමත් කනවද? කොත්තු ගැන නෙවෙයි මම කිව්වේ මයිය කන චාර්ටර් ගැන.. lolz

නුවන් said...

අය්යෝ... ආයිත් වැඩේ අනාගත්තනෙ...
ඔයාට මයියත් එක්ක මාර තරහක්නෙ තියෙන්නෙ... හෙහෙහේ...
නියමයි... හෙටත් ඕනෙ... කොටස් දෙක තුනක්ම උනත් කමක් නෑ... :P :D
කතාව ලස්සනට ගලගෙන යනව. සුබ පැතුම්... :)

Post a Comment