පිටුව

Sunday, July 25, 2010

35 කොටස



" උඹ මහ කෙරුමා කියලාද හිතන් ඉන්නේ...." මෙවන් එයාගෙ යාලුවෝ එක්ක, මල පැන්න මා දිහා බලලා හිනා උණා. 
" මම කාටවත් මට කරන්න පුළුවන් දේ පෙන්නලා නෑ.... මතක තියා ගන්නවා.... ඒක"
" මොකද්ද උඹට කරන්න පුලුවන් දේ..."  දැං ඉතිං ඇනුනානේ.... මම කියලා මොනා කියන්නද දැං... මට අඩු ගානේ මදුරුවෙක් වත් එක ෂොට් එකෙන් මරන්න පුළුවන්ද? 
"තමුසේ ජීවිත කාලේම විඳවද්දි අපි කොහොමද තවත් දේවල් කරන්නේ... නැද්ද මචං...." මෙවන් අනිත් අයත් එක්ක හිනා වෙන ගමන් අර ලියුමත් සාක්කුවෙ දාගෙන යන්න හැරුණා... ඒක දැක්ක බුවා "බදෝයි" ගාල මිට මොලවලා මෙවන්ගේ මූණටම  පාරක් දුන්නා. දැං වැඩේ අබ්ලික් සීන් වෙන්නයි යන්නේ..... මූගේන් කාපු කෑමේ රහ තාමත් මට දැනෙනවා.
" මේ මෙවන් උඹට ලැජ්ජා නැද්ද යකෝ.... කෙල්ලෙක් වෙනුවෙන් අපිත් එක්ක මෙහෙම ගේම ඉල්ලන්න...." මම කිණ්ඩි වොයිස් එකකින් මෙවන්ට කිව්වා. දැං ටොලා මාව අල්ල ගෙන සිකා බුවාව අල්ලගෙන. ලුණු ගෙනියනවා වගේ.... මෙවන්ගෙ යාළුවෝ සෙට් එක ටිකක් පිටි පස්සට වෙලා. උන්ට ප්‍රින්සිපල්ගෙන් ලැබිච්ච සෙම්බුව මතක් වෙන්න ඇති. මෙවන් දුවිලි ගස ගසා එතනින් නැගිටිනකොට බුවා අර සන්නිය හැදිච්ච යකා වගේ දඟලන්න ගත්තා.
" ලැජ්ජා තියෙන්නේ උඹට කෙල්ලොන්ගේ පණිවිඩ ගේනවට"
" ඔව් මම ඒකට ලැජ්ජා වෙනවා... ඒ පණිවිඩේ උඹ වගේ එකෙකුට ඇවිත් කියපු එකට..... මතක තියා ගන්නවා.. පාරේ වැටිලා ඉන්න සතෙක්ට මගෙන් උදව්වාක් ඕනේ නම් මම ඒක කරනවා...." 
"උඹ වගේ එකෙක් සතුන්ට උදව් කරන එක හොඳයි.... පිං කර ගනින් ඉක්මනට පරලොව යන්න ඉන්න එකේ..." මූ මේ කියන්න හදන්නේ මම ඌ අතින් මැරුම් කනවා කියන එකද? ඇයි ඌ මාව මරනකන් මගේ අත පය නැද්ද?
" පරලොව උඹත් යනවා .... පිං පව් වලට වඩා.. මම බලන්නේ මනුස්සකම.... ලිහිණි මගෙන් උදව්වක් ඉල්ලුවා මම ඒක කලා.... එච්චරයි.... තමුසේ මෙතන මාත් එක්කයි මගේ යාලුවෝ එක්කයි ගේම අල්ලන්න ගිහින් නිකං නාගත්තා.... මතක තියා ගන්නවා... උඹ අපිට අත ඉස්සුවේ කෙල්ලෙක් වෙනුවෙන්... හිතන්නත් ලැජ්ජයි... ෂිඃ තමුසෙගේ පිරිමි කම" මගේ කතාවට අර යාලුවෝ සෙට් එක නම් කොර උනා. දෙයියෝ මට මොළේ නැතත් හොඳ කටක් නම් දීලා තියනවා. සන්තෝසෙ බෑ.
"අනික දැන ගන්නවා.... අයේ තෙනුරට අත තියන්න තමුසේලාට අපි ඉන්නකන් ඉඩ නෑ කියලා" බුවාගේ කෑ ගැහිල්ලට ඉස්කෝලේ සෑහෙන කට්ටියක් එතන පිරුණා.
"මාව අත ඇරපං ටොලා..." මම උගෙන් අයින් වෙලා මෙවන් ලඟට ගියා...."
"මචං...  කෙල්ලෝ කියන්නේ සරුංගල් වගේ..... නූල තියනකං කරනම් ගස්සන්න පුළුවං, ඒත් නූල අත ඇරුණොත් සොරිම තමයි.... උඹට දැං නූල අතඇරිලා.... ආයේ නූල පස්සේ දුවලා හති වට්ටගන්න එපා.... අත ඇරල දාපං.... " මම බුවාගේ කරට අත් දාල ආපහු හැරුණා....
" උඹ නූල අල්ලාගනින්කෝ බලන්න.... එදාට සරුංගලෙයි නූලයි දෙකම එක්ක උඹටත් වෙන්නේ වාෂ්ප වෙන්න..." බුවාට ආයේ මල පැන්නා.. ඌ ආයේ දඟලන්න ගත්තා....
" මට සරුංගල්  එපා..... ඊට වඩා මම නිදහසට ආසයි...., උඹම තියා ගනින්...." මම බුවාම ආම්බන් කරගත්තේ මාර ගේමක් දීලා.. මූ කුලප්පු වෙච්ච කුළු හරකෙක් වගේ අනින්නමයි යන්න හදන්නේ.....
 ඉස්කෝලේ වටේ රොක් වෙලා හිටපු උන්ව පාස් කරගෙන අපි පංතියට ගියා...
"ඕකා තව එක සැරයක් හරි අත ඉස්සුවනම් මම ඕකාව තමයි පරලොව අරින්නේ..."
" මේ මේ බුවා... නිකං උඩු බුරලන බල්ලෝ මරලා පව් පුරවගන්නේ මොකද?" මම එහෙම කියලා ඌව පොඩ්ඩක් ශේප් කලා. ඒත් මගේ ඔළුව හීනයට රිදෙන්න ගත්ත එක අම්බානකට වැඩි වෙන්න ගත්තා.
"සිකා මට වතුර ටිකක් දීපං බං...." මම පොඩ්ඩක් අමාරුවෙන් ඔළුව අල්ල ගත්තා.... සිකා කොහෙන්දෝ වතුර අරගෙන ඇවිත් මට දුන්නා.... මම ඒක බීලා එහෙමම හිටියා..
"මයියා..... උඹට මොකද බං... කියපංකෝ" ටොලා මාව හොලවන්න ගත්තා
"අර කාලකණ්ණි ඔලුව කැක්කුම මචං...."
"මයියා... උඹ අපිට නොකියන දෙයක් තියනවා" බුවා මගේ කර වටෙ අත දානව මට දැනුනා.
"එහෙම එකක් නෑ..."
"උඹ ලිගිණිට සිරාවටම ලව් ද?" බුවාගේ ඒ ප්‍රශ්නෙන් මම හොල්මන් උනා. "ලව්" මේ මට.... මම හිතන්නේ නෑ... කොලු කමට ලස්සන කෙල්ලෙක්ට ආස හිතෙනවා ඒත් ලව් කරන්න තරම් උවමනාවක් මට නෑ. මම හිතන්නේ නෑ මට එහෙම දෙයක් ඇති වෙයි කියලා
"උඹට පිස්සුද බුවා.."
"උඹ ලිහිණි වෙනුවෙන් මෙහෙම චාටර් වෙද්දි ඒක අපිට දැනෙනවා මයියා... ඒක අපි තුන්දෙනා ඊයෙත් කතා කලා" සිකාත් කතා කලා.
"මම හිතන්නේ නෑ සිකා මට එහෙම උවමනාවක් තියනවා කියලා.... "
" නෑ මචං උඹට එහෙම උවමනාවක් නැත්තෙත් නෑ..... ලිහිණි දැං උඹේ බොක්කේ තැම්පත් වෙලා ඉන්නේ... උඹ එක දෙයක් අමතක කරලා ..... අපි හතර දෙනාගේ තියන ෆිට් එක" බුවා මාර දුක කතාවක් කිව්වා... ඒත් මට ඒවා අමතක වෙලා නෑ...
" මම මලේ නෑ මචං ඒවා අමතක වෙන්න..... මට තේරෙන්නේ නෑ මචං මට මොනා වෙලාද කියලා.... ලිහිණි උදව්වක් ඉල්ලුවාම මට බෑ කියන්න ගටක් නෑ... මට ඒකි ගැන අම්බානකට දුකයි බං. අනික ලිහිණි වගේම කෙල්ලෙක් ආයේ මගේ ජීවිතේට එනවා කිව්වොත් උඹලා විශ්වාස කරනවාද?"
"තේරුන් නෑ" සිකයි ටොලායි එක පාරටම මගෙන් ඇහුවා...
"ඔව්.... එන මාසෙ ඉඳලා තව හෙන ගෙඩියක් පාත් වෙන්නයි යන්නේ.... ලිහිණි වගේම කෙල්ලෙක් අපේ ගෙදර නවතින්න එනවා" ගැන්සියම මූණට මූණ බලා ගත්තා...
" උඹේ මොළේ කචල් වේගෙන එනවාද?" බුවා හිනා වෙන්න ට්‍රයි කලා.
"මම මේ කියන්නේ බුදු සීරියස් මචං.... උඹලාත් දකිනකන් මාව විශ්වාස කරන්නේ නෑ.. ඒත් මට ඊට පස්සේ.."
" මයියා.... උඹ අවුලක ඉන්නේ..."
"ඇත්තම කිව්වොත් ලිහිණිව මට කවදාවත් අමතක කරන්න බෑ...."
"මොකද්ද බං මේ හරුපේ...., උඹ මොන කුණු හරුපයක් කියනවාද අපිට තේරෙන්නේ නෑ"
" මචං ලිහිණිව දකින්න, ඒකි එක්ක කතා කරන්න, ඒකිව හිනස්සන්න, මම මාර ආසයි, ඊට වඩා දෙයක් මට ඕනේ නෑ...."
"උඹ හිතනවාද ඒ ලව නෙවෙයි කියලා"
"ඔව් ඒ ලව නෙවෙයි" සිකාගේ ප්‍රශ්නෙට මම උත්තර දීලා දැම්මා
" උඹට තේරෙනකොට පෙරහැර ටටා කිය කියා ගිහින් තියෙයි.. එකක් කියන්නම් උඹ කිව්වොත් අපි ලිහිණිව උස්සලා හරි උඹ ලඟට ගෙනත් දෙන්නම්" මේ මොනා කියනවාද ඒ කෙල්ලගේ බර බලන්නද මුන් හඳන්නේ
"උඹලාට පිස්සුද?  ලිහිණි මගෙන් ඉල්ලීමක් කලා එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා මම ඒක කරනවා"
"ඈත් වෙලා ලව් කරනවා... තෝත් පිස්සෙක් වෙලා නවතී සිකා වගේ" ටොලා හිනා වෙන්න ගත්තා
"ලව් නෑ බං කීපාරක් කිව්වද"
" තෙනුර අයියා කවුද" එක පාරටම මගේ ලඟට බටු මල්ලියෙක් ඇවිත් ඇහුවා. 
"මම" මම ඌ දිහා බැලුවේ දරු කමට හදා ගන්න හොඳ සයිස් එක වගේ බැල්මකින්.
"භානුක අයියා කිව්වා ඉස්කෝලේ ඇරිලා තෝසෙ කඩේ ලඟට එන්න කියලා" ඌ ඒක කියලා ආපහු හැරුණා. ඒ පාර මොකක් සෙට් වෙනවාද මන්දා.... ලිහිණිගෙන් පණිවිඩයක්වත් වෙන්න පුලුවං... පොඩි ෆන් එකකුත් ගියා. කට කොනකට හිනාව තද කරගෙන ගැන්සිය දිහා බලනකොට උන් මගේ මූනේ තිබ්බ ගොඩක් දේවල් කියවලා ඉවරයි. ලිහිණිගේ නම ඇහෙනවාටත් මම ආසයි.. මම ඒක නම් ගැන්සියට කිව්වේ නෑ.

12 comments:

ජංජාල චාමර said...

කතාව ගොඩාක් ලස්සනයි,ආසවෙන් කියවනවා.මයියට මොකක් හරි අවුලක් තියෙනවා වගේ...මට නිකං දැනෙනවා.අපි බලමු....

Unknown_User/හිඟන්නා said...

ශා නියමයිනේ , ඔහොම යන් ....

පබලු said...

:D :D :D digatama liyanna...

Anonymous said...

harima lassanay me kathawe nam,,, man hamedama balanewa aluth post ekak thiyenewade kiyala,, wish ya all the best ,,, keep writing :D

නුවන් said...

නියමයි අක්කා... :D

වැම්පයර් said...

ඔහොම යන් මේක මම හැමදාම බලනවා

පිස්සා පලාමල්ල said...

මයියා ට ලව් සික් වගේ... ඕවා තමා මූලික ලක්ශන... කතාව උපරිමයි හැමදාම වගේ

දිනිත් said...

දුල්හාරි,
කතාව නම් එළකිරි....comments දැම්මෙ නැති උනාට අපි දිගටම ආසාවෙන් කියවනවා....ඔහොම යං..ඔහොම යං.....

'පිස්සා'ටත් බොහොම ස්තූතියි....එයාගෙ බ්ලොග් එකේ ලින්ක් එක හරහා තමයි මේ කතාව ගැන දැනගත්තෙ..

දුල්හරි ඉලංගකෝන් said...

ගොඩාක් ස්තූතියි ඔක්කොටම... මට පොඩි උදව්වක් කරනවාද? පුලුවන් නම් ෂාහිඩ් කපූර් කියන හින්ඩි නළුවගෙයි.. අම්රිතා රාවෝ කියන හින්දි නිළියගෙයි පික්චර්ස් හොයලා දෙනවාද මොකද මේ බ්ලොග් එකට පින්තූර හොයන්න ගියාම මට ගොඩාක් වෙලාව යනවා. ඔයාලාට වෙලාවක් තියනවා නම් විතරක් මට ඒ උදව්ව කරන්න....
කරදරයක් නම් අමතක කරලා දාන්න

පිණිබිඳු... said...

අද දවස කම්මැලි කමින්ම ගෙවීගෙන යන්නයි හැදුවෙ. නිකමට මම සිංහල බ්ලොග් යූනියන් එකේ "මෙන්න මෙහෙමයි" කියන බ්ලොග් එකට ආවා. එක හුස්මට ඒකෙ කොටස් 35ම කියෙව්වා. එතනින් දැකපු ලින්ක් එකකින් ඔයාගෙ අනිත් බ්ලොග් එකත් කියව්වා. ඔයා නොදන්නව උනාට මම රසවිඳපු ලස්සනම හැකියාවක් ඔයාට තියෙනවා. තවත් ලියන්න. අපි ඉන්නවා කියවන්න. හුගාක් සුබපතනවා සොයුරියේ ඔබේ හැකියාවට.

-නිති- said...

මායියගෙ ඔළුව රිදෙන්නෙ මෙවන්ගෙන් හම්බවුණ සංග්‍රයට වෙන්න ඇති... :D අද මායියට තෝසෙ හම්බවෙයි නෙහ්....

Kasun said...

කෑතම ටොකක් අ... මායිය දුන්නෙ වලිය අස්සෙ ...

Post a Comment