පිටුව

Thursday, July 22, 2010

34 කොටස



මට මේ හැම දෙයක්ම හින්දි ෆිල්ම් එකක අමු අබ්ලික් සීන් එකක් වගේ.... කාට නැතත් මට නම් පිස්සු කොර තමයි. මොනා උණත් ඊයේ නැන්දලා ගියේ තාරකාව ලබන මාසෙ අපේ ගෙදර එවනවා කියන ආරංචියත් එක්ක. මට අද ඉස්කෝලෙට ගිහින් අපේ ගැන්සියට කියන්න ෆුල් ඉස්ටෝරියක්ම තියනවා. ටාසන් සීන්, හොරර් සීන් විතරක්ද ඇස් අදහා ගන්න බැරි මැජික් සීන් එකකුත්තියනවානේ. අහන් ඉන්න උන්වත් කිලිපොලා යයි,. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච මම වට පිටට රබර් ඇහැ දැම්මේ කවුරු හරි ගැන්සියට සම්බන්ද එකෙක් කොහෙන් හරි මතු වෙයිද බලන ගමන්. 
" මයියා....." අම්මෝ අහන්නත ආසයි. සිකාගේ කටහඬ.
"මොකද බං උඹට උනේ..... "
"කියන්න අම්බානක සීන් තියනව මචං.. කෝ අනිත් උන්....."
" අපිටත් කියන්න මාර සීන් තියනවා"
"ඒ මොනාද?" මම සිකා එක්ක පන්තිය පැත්තට පා උණා"
"අන්න මෙවන් ආයෙ ඉස්කෝලෙ ඇවිල්ලා.... උගේ තහනම් සති දෙක ඉවරනේ..." හත් වලාමේ සති දෙකක් ගියාද? ආයේ මට මොන වගේ දෙයක් වෙන්න යනවද කියන එක දන්නේ සක්‍රයා තමයි. 
"මොනාද උඹ කල්පනා කරන්නේ..?" සිකා මට තට්ටුවක් දානකන් මගෙ සිහිය තිබ්බේ අයේ පාරක් ගුටි කනවා දැක දැක....
:"ඌ උඹලාට මොනා හරි බයිලා කියන්න ආවද?"
" නෑ... ඊයේ අපි දිහා කිඹුල් බැල්මක් දාගෙන ගියා.. ඒත් මචං උඹ පරිස්සමෙන්.. ඌට අපිත් එක්ක නෙවෙයිනේ ගේම තියෙන්නේ... උඹ තනියෙන් එහෙ මෙහෙ අන්තරස්දාන වෙන එක නවත්තපං.."
"මම කවද්ද බං අන්තරස්දාන උනේ.."
"මේ දවස් ටිකේම උඹ එක පාරටම ආ ගිය අතක් නැති වෙනවා. "
"ඒකට හේතුව කියන්න තමයි බං මේ හදන්නේ ... කෝ අනිත් උන්?" සිකා සුපුරුදු කණ්ඩියේ ඉඳගත්තා.
"දැං එයි" ඒ කියනකොටම අනිත් උන් ඈත් එනවා අපි දෙන්නා දැක්කා.
"බුවාට උඹත් එක්ක අම්බානකට මල පැනලා ඉන්නේ" සිකා හිමින් සැරේ කිව්වා
"මම දන්නවා.. ඌ නහර කාරයා... ඒ උණාට බොක්ක ඔරිජිනල්" මම ඒ කිව්වේ ආයේ බොක්කෙම්ම තමයි
" උඹලා දන්නවාද මේ දවස් වල අපේ මරු සිරා මොනාටද එන්ටර් වෙලා ඉන්නේ කියලා" බුවා මගෙ දිහා නොබලාම කතාව පටන් ගත්තා.ඌ ඉන්නේ මලෙන් ඉතිං මම නිකන් ඉල්ලන් කන්න ගියේ නෑ කියන ඔක්කොම අහගෙන හිටියා.
"කවුද බං මරු සිරා...."
"තෙනුර කනිෂ්ක අතපත්තු" මූ මරු සිරා කියලා තියෙන්නේ මට... ඒකත් ගති කාඩ් එක .. බලමු දැං මොනාද මූ කියන්න යන්නේ කියලා.ඒ කතාවෙන් ටොලායි, සිකයි දෙන්නම මගේ දිහා බැලුවා.
" මොකද්ද?" ටොලා හීනියට කතා කලා
" ලිහිණිව බා ගන්න... අපි ඔක්කොටම කොකා පෙන්නලා තනියම දැං දැං එයාව හම්බත් වෙනවා." කිරි අප්පේ මූ කියන ගල් පැලෙන බොරූ.... මම හීනෙකින්ව්ත් එහෙම හිතලා නෑ.
"පච හලන්න එපා බුවා... කවුද උඹට ඔය ගල් මුසාව කිව්වේ...?" මෙහෙම කතා කියනකොට මම කොහොමද කට වහගෙන ඉන්නේ..
"බොරු කියන්නේ උඹ මයියා.... උඹ හිතන් ඉන්නේ අපිවත් ගෙදර උන් වගේම රවට්ටන්න... මම නම් කවදාවත් හිතුවේ නෑ උඹ අපිව මෙච්චර චාටර් කරයි කියලා. යකෝ තොට ගහද්දි.. අපිත් ගුටි කාගෙන උඹව බේර ගන්න ගේම දුන්නා... ඒත් කරපු වැඩේ නම් කුජීතයි...." මගේ බොක්කෙන්ම ආවේ හිතා ගන්න බැරි වේදනවාක්... මම මුන්ව නොමඟ අරින්න කවදාවත් හිතුවේ නෑ. කියා ගන්න වෙලාවක් තිබ්බේ නැති එක විතරයි සීන් එක.
"උඹලා මේ කොහෙද යන කෙල්ලෙක්ගේ සීන් එකකට මාව මේ තරම් පහත් කරනවා නේද? ඔය කෙල්ලට පැනි පෙරන්න මට උවමනාවක් තිබ්බේ නෑ ඒත්..."
 මම ඒත් කියනකොටම ඔක්කොමල මගේ දිහා බැලුවේ පොකට් ගැහුව හොරෙක් දිහා බලනවා වගේ.
"උඹ ඒත් කියන්න කලින් මම ඔක්කොම දන්නව මයියා.... මට දුක එකට බොක්ක දීගෙන හිටපු අපිට උඹ මරසිය දාන එක ගැන...."
"බුවා උඹලා ඔක්කොම කණපිට ඕයි හිතන්නේ...."
"ඊයේ තල්මසා... ඔටුවා වගේ ඔක්කොම මට වැමෑරුවා... ඌ ඇවිත් හිටියේ උඹව හම්බ වෙන්න" බුවාගෙ කතාවෙන් මාව සදා මොංගල් උණා. 
"ඌ උඹට මොනාද කිව්වේ..."
" එදා උඹව වාහනේ දාගෙන ගියේ උඹේ අයියා නෙවෙයි, තල්මසා.. ගෙනිච්ච ලිහිණි බලන්න ඉස්පිරිතාලෙට" ඇත්තනේ... නෑ කියන්න බෑනේ
"ඔව්"
" පහුවදාත් උඹ ගියා ලිහිණිව බලන්න... ලිහිණිගෙ තාත්තා එතනට ඇවිල්ල උඹ වොෂ් රූම් එකෙන් අතුරුදහන් උණා..?"
"ඔව්..."
" උඹ අතුරුදහන් උනේ ලිහිණිගෙ කාමරේ බෑග් එකත් දාලා"
"ඔව්" මම මිනී මැරුමකට අහු උණ විත්ති කාරයා වගේ වැරදි පිලිගත්තා.
" ලිහිණි උඹට ලියුමක් ලිව්වා ආයෙ හම්බ වෙන්න එපා කියලා" ඒක කොහොමද මූ දන්නේ..?
"උඹ කොහොමද ඒක දන්නේ...?" උඹ මෙච්චර කාලයක් ගැහුව ගේම් මම දන්නවා මයියා... උඹ ඕවා ඔක්කොම අපිට හැංගුවා.
"බුවා මම අද ආවේ මේ ඔක්කොම උඹලාට කියන්න.. මේ හැම දේටම වෙනස් ඒත් මේවාට කොහෙන් හරි සම්බන්ද දෙයකුත් එක්ක" ගැන්සියම මගේ දිහා බැලුවත් බුවා අහක බලා ගත්තා.
" උඹලා පිළි ගත්තත් නැත්තත් මම ඕනෙ තැනක දිවුරන්නම්.. මගෙයි ලිහිණිගෙයි අතර උඹලා හිත තරම් දෙයක් නෑ. ලිහිණිට මම අනුකම්පා කරනවා. දඩයම් බල්ලෝ ගොඩක් මැද බයේ ගැහි ගැහි ඉන්න මුව පැටියෙක් වගේ බං ලිහිණි...."
"උඹ ඒකිට සික නැත්නම් ඔහොම දේවල් කියන්වාද?" ටොලා හිනා වෙවී මගේ පිටට තට්ටු කලා.
"නංගිගේ කොල්ලා ඇවිල්ලා ලිහිණිගේ මල්ලි..." මගේ කතාවෙන් බුවා මගේ දිහා බලලා කිණ්ඩියට හිනා උණා
"දැං උඹ කියපං මම නංගිට සපෝට් එක දෙන්න ඕනේ නිසා ලිහිණි බලන්න ගියා කියලා"
"නෑ මචං මම ලිහිණි බලන්න ගියේ ඇත්තටම ඒකි ගැන මට මාර දුකක් ආව නිසා."
"මේක මතක තියා ගනින් මයියා... උඹ කවදා හරි මැරුම් කන්නේ ඔය කෙල්ල නිසා"
"විකාර කතා කියන්න එපා මචං" සිකා බුවා දිහා බලලා මගේ පැත්තට හැරුණා
" උඹ දැං අපිට පැහැදිලි කරපං... ලිහිණි කියන්නේ උඹේ කවුද?" 
" යාලුවෙක්"
" මයියා.... බයිලා එපා යකෝ"
"ඊයෙන් ලිහිණි එක්ක තිබ්බ ගනුදෙනු මම ඉවර කලා" මම සාක්කුවෙ තිබ්බ ලිහිණිගේ ලියුම අතට ගත්තා
"ඒ කිව්වේ..."
"ආයේ ඒකි දකින්න මම යන්නේ නෑ" 
"මීට කලිනුත් උඹ ඕක මට කිව්වා මට මතක විදියට" බුවා අහක බලාගෙනම කිව්වා.
"මාව අවිශ්වාස නැත්නම් මෙන්න ලිහිණි මට එව්ව ලියුම" මම සාක්කුවෙන් ලියුම අරන් බුවාට දුන්නා. ඌ ඒක ගත්තේ නෑ. මූ ඉන්නේ මාත් එක්ක පැහැදිලි මලෙන්....
"මෙහෙ දෙනවා උඹේ ලියුම බලන්න... මටත් ඕනේ උඹව අල්ල ගන්න තමයි" එක පාරටම මගේ අතින් ලියුම කවුදෝ උදුර ගත්තා. මම ඒ පැත්ත හැරුණා.... 
"මෙවන් උඹ" මෙවන්ගේ පිඹුරු මූණ දකිනකොට මගේ ඇඟටත් මාර අමාරුවක් ආව ඌට දෙකක් අනින්න.... ඒත් සිකයි ටොලයි මාව බඩෙන් දාලා අල්ල ගත්තා.

12 comments:

වැම්පයර් said...

අප්පේ.. ආයෙත් කෑමක් ද..

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

පට්ට මැජික් සීන්නෙ බන් වෙන්නෙ.... මුන් හරියට වෙලාවට ඔක්කොම පාත් වෙන්නෙ කොහොමද?

Unknown_User/හිඟන්නා said...

මරු මෑමක්නේ කන්නේ ....~~

-නිති- said...

:O අද මෙවන් මායියගෙ යාළුවන්ගෙන් කයිද? නැතිනම් ආයෙත් මායියා මෙවන්ගෙන් කයිද? :S මොනවා වුණත් මායියට ලියුම් කඩදහි වලින් සෑහෙන්න අෆලයි වගේ...... :D

හෙළයා said...

අද තමයි මේක දැක්කේ. මං මෙච්චර කල් බම්බු ගැහුවද කියලා හිතෙනවා, එල කතාව මචං. දිගටම ලියපං. සැප්තැම්බර් 1 ට කලින් ඉවර කරන්න පුළුවන් වෙයිද ?

හංසි said...

දිගටම ලියන්න, මගෙන් සුභ පැතුම්!

පිස්සා පලාමල්ල said...

මයිය ට නම් කල අපලයි වගේ... බලමු කො....

හසී said...

අපොයි අදත් ගුටි කයි වගේ..

KBNBS said...

එළ එළ... :D
ආයිත් කන්න වගේ යන්නෙ...
කතාව වෙන පැත්තකට හැරිලා... ලස්සනට ගලාගෙන යනව...
ඔහොම යං අක්කා... ජයවේවා... :)

දුල්හරි ඉලංගකෝන් said...

ඔන්න අදත් මම සොරි කිව්වා..... අදත් මට අප්ඩේට් කරන්න බැරි වෙන හැඩයි.... ,මම පොඩි වැඩ වගේකට හිර වෙලා... මයියාට වගේම තමයි මටත් රටේ නැති වැඩ... හෙට නම් මම අප්ඩේට් කරනවාමයි..... ප්‍රොමිස්....

චමිත් ජයංග said...

මූ නම් කන්නම ලබා උපන් එකෙක්..... හි හි ......... ;)

Kasun said...

අනෙ ඈයි මුට කෑමම සෙට් වෙන්නෙ ...

Post a Comment