පිටුව

Tuesday, July 20, 2010

33 කොටස


 
මගේ කටහඬට ලිහිණි විතරක් නෙවෙයි ඔක්කොමලා හොල්මන් වෙලා ගියා. මමත් ෆුල් කචල්, මොලේ අවුල්, ලිහිණි කොන්ඩෙ කඩලා දාලා ෆුල් අනාථ වෙන විදියෙන් හිටියේ. ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවගන කිව්වලු. මට අර හින්දි පිච්චර් වල වගේ වටා පිටාවේ ඉන්න ඔක්කොමලාව ලිහිණි විදියට පෙනෙනවාද දන්නේ නෑ. මට දැන්නේ මතක් උනේ මගේ කටත් ටික වෙන්න ඇරිලා වගේ දැං මට දැනෙන්නේ. ලිහිණිගේ ලස්සන මට කවදාවත් හිතෙන් අස් කරන්න බෑ. මම පොඩ්ඩක් හයියෙන් මගේ අතම කොනිත්ත ගත්තා... ඒත් මම මේ දකින්නේ හීනයක්නම් නෙවෙයි ඒක නම් බුදු ෂුවර්.....
" කවුද චූටි අක්කේ ලිහිණි කියන්නේ....?" පොඩි ඩයිනමයිට් එක නංගිගෙන් ඇහුවා.
" ආ..... ඒ අයියාගේ පන්තියේ යාලුවෙක්... තාරකා දැකලා එයා කියල හිතන්න ඇති මේනකා... වාහනෙන් බහිනකොට මටත් තාරකව දැක්ක ගමන් ලිහිණිව තමයි මතක් උණේ..."  තාරකා.... මේ මොන බහුභූත කතාවක්ද? අපේ නංගි ලිහිණිව ලඟින් ඉන්ඳවගෙන කඩේ දාගෙන ඉන්නවා මදිවට දැං තාරකා කතාවක් කියනවා. මම පොඩ්ඩක් අවුලෙන් නංගි දිහා බැලුවා. නංගිට මොකුත් මට කියා ගන්න බැරුව වගේ වටපිටාව බලන්න ගත්තා...
"කවුද ලොකූ ලිහිණි කියන්නේ....?" ලොකු ඩයිනමයිට් එක අපේ අක්කා එක්ක අපේ පැත්තට ආවා.
"මටත් ඒ නම හොඳට පුරුදුයි.. කවුද මයියා...?" දැං ඉතිං කියපංකෝ විස්තරේ.... මම මොකුත් නොකියා ආපහු හැරුණා. 
"මයියාගේ ගර්ල් ෆ්රෙන්ඩ් ද? "ලොකු ඩයිනමයිට් එක කෑගහලා ඇහුවා. මට ඉබේටම බැලුණේ ලිහිණි දිහා. එයා වට පිටාව බල බලා හිනා වෙවී හිටියා. මට මොංගල් පාණ්ඩුව වගේ ලෙඩක් හැදීගෙන එනවද මන්දා. මම කාමරේට ගියා.
"අක්කාටත් ඕනේ නැති දෙයක් නෑ.... මේ දවස් වල පොඩි අයියාට සනීපත් නෑ කියලා දැන දැනත් එයාව අප්සෙට් කලා" නංගි අක්කාටත් බැනගෙන මගේ පස්සෙන් ආවා. 
" මට පිස්සුද කොහෙද?" මම එහෙම කිව්වේ ෆුල් අසරණ සරණ මූඩ් එකකින්. රෑ තිස්සේ එක එක විකාර හිතලා මුල්ලෙරියාවෙන් තමයි මට කාමරයක් රෙන්ට් එකට ගන්න වෙන්නේ...
"පොඩි අයියේ.... "
"මට තනියම ඉන්න දෙනවා..."
"එයා ලිහිණි අක්කාගේ කපාපු පළුවමයි"
"ඒ කිව්වේ...?"
"ඒ ලිහිණි අක්කා නෙවෙයි.... එයාගෙ නම තාරකා..... ඔයාලගෙම වයස තමයි..."
"මේ තමුසේ මගේ ඔළුව අවුල් නොකර ඉන්නවා...."
"පොඩි අයියේ... ඔයාට මතකද නැන්දා කිව්වා එයාගෙ හොඳම යාලුවා නැති උණා කියලා, එයාට ඉන්න එකම දුවව නැන්දා ගිහින් එක්කන් ආවා කියලා" එහෙම කතාවක් මට ලාවට වගේ අහලා පුරුදුයි. ඒක අහලා අපේ අම්මා බැන්න තමයි. අනුන්ගේ ළමයි අරන් හදාගන්න අක්කාට පිස්සුවත් හැදීගෙන එනවාද කොහෙද කියලා
"ඉතිං"
"ඒ එක්කන් ඇවිත් තියෙන්නේ තාරකාව..." 
"එතකොට තමුසේ කියන්නේ ඒ ලිහිණි නෙවෙයිද?"
"නෑ පොඩි අයියේ... ඔයාට ඕනෙ නම් මම දැං ලිහිණි අක්කාට කෝල් එකක් අරං දෙන්නම්..." මට මේක හරියට වීජ ගණිතය ගානක් වගේ කොච්චර කලත් ඔලුවට යන්නේ නෑ. ලිහිණි නෙවෙයි නම් එයාගෙයි මෙයාගෙයි අතර මෙච්චර සමානකමක් කෙහෙන් ආවද?
"තමුසේ මාව අන්ඳනවා නෙවෙයි නේද?"
" නෑ දෙයියනේ නෑ..... දැං පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව සාමන්‍ය විදියට ඉන්නවා...."
" මට තමුසේම ෂුවර් නෑ..." නංගිට මල පැනලා ගස්සගෙන යන්න ගියා. මේ මොන හෙන ගෙඩියක්ද? මේ තාරකාලු...., ඒත් මේ ලිහිණි.... අනේ මන්දා මට පොල්ලකින් ගහලා වගේ අන්ත පාගල් වෙලා තියෙන්නේ. 

ලොකු ඩයිනමයිට් එකව කවුද කට්ටියක් ඇවිල්ලා කරකවලා, ඉන්ඳෝලා, හිටෝලා බලලා යන්න ගියා. උන් ගියාට පස්සේ මම හිමින් සැරේ කෑම මේසෙ පැත්තට ලිස්සන්න ගත්තේ අම්බානකට බඩගිනි නිසා. හැලපයෝ.. මේ ඩයිනමයිට් එකේ මොනා බැලුවද මන්දා 11 වගේ ඉදං 3 වෙනකන්ම හිටියානේ.... මගේ බඩේ පණුවෝ උණත් වෙලාවට කාපු උන්. කෑම මේසේ පුරෝලා කෑම.... මේ රටේ තියන ඔක්කොම එළ්වළු එතන තියනවා. මම කෑම බෙදාගන්න ගමන් නංගිගේ කාමරේ පැත්තට ඇන්ටනාව දැම්මා. මොකද මම දැක්කා ලිහිණි .. වැරදුනා තාරකාත් ඒකේ ඉන්නවා.
"තාරකා අක්කා ලස්සනට කවි ලියනවා" පොඩි ඩයිනමයිට් එක කිව්වා

" ඇත්තද .. කියන්නකො ඔයා ලිව්ව කවියක්..."
" අනේ එහෙම මතක නෑ..." එයාට තියෙන්නෙත් ලිහිණිගෙ කටහඬමයි
" තාරකා අක්කාගෙ අම්මාට ලස්සනට සිංදු කියන්න පුලුවං. ඒ වගේමයි එයා මාර ලස්සනයි චූටි අක්කා.."
" මෙයාව දැක්කම ඒක නම් පේනවා"
"අම්මා තරුණ කාලේ අවුරුදු කුමාරියක් වෙලා තියනවා... මොකද්ද පත්තරේකින් කරපු. එයා ඒකාලේ හැම පත්තරේකම වගේ හිටියාලු... මගේ ලඟ තියනවා ඒවයේ පෙපර් කටින්"
" ඔයාටත් තිබ්බේ මිස් ශ්‍රීලංකා වගේ යන්න.."
" අම්ම කවදාවත් කැමති තිබුනෙ නෑ ඒවට.. එයා මම පත්තරේකට කවියක් දානවටවත් කැමති තිබුනේ නෑ"
"එතකොට තාරකාගේ තාත්තා..."
"තාත්තා මම පුංචි කාලෙදිම මැරිලාලු" තාරකා දුක වොයිස් එකකින් කිව්වා.
"තාරකා කොළඹ ඇවිල්ලාම නැද්ද?"
" කවදාවත් නෑ.... ඒත් මට කොළඹ එන්න වෙනවා ලඟදීම" තාරකා සතුටින් කිව්වා මට ඇහුණා.
"ඔව් මෙයා මොන්ටිසූරි කෝස් එකක් කරනවාලු ... කලම්බු සෙවන් ක්ලාසස්.... අපේ අම්මා කිව්වා පොඩි නැන්දාට කතා කරලා මෙහෙ නවත්තනවා කියලා." හත්වලාමයි.....
"ඒකනම් හොඳයි...." නංගි එහෙම කියනගමන් එබිලා මගේ දිහා බැලුවා. ඒ කියන්නේ ලිහිණි.. නෑ නෑ තාරකා ... අපේ ගෙදර නවතිනවද? ඉබ්බා උණත් වතුරට දැම්ම ගමන් ගේම දුන්නේ නෑනෙ. බලමුකෝ එන පොට බලලාම ඇන්නෑවේ කියනවා.



12 comments:

ප්‍රසන්න said...

පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා....... දැන් ළිහිණි ලා දෙන්නෙක්.... මය්යා ට මොනවායින් මොනවා වේයිද දන්නෙ නෑ.... :)

වැම්පයර් said...

හප්පේ.. ජයවීරගෙ හොර ශොට් එකක්ද කොහෙද.. අවුරුදු කුමාරිය කිව්ව නේ අම්මා.. අනිවා ඉතින්.. එහෙමත් නැතිනම් මුන් දෙන්නා ට්වින්ස් ල.. ජයවීරය එකෙක් උස්සල.. හික් හික්.. නිකන් දැම්මෙ හොඳේ.. ලස්සන කතාව.. මම දිගටම කියවනවා..! ඔයා ලියන ස්ටයිල් එකට මම ගොඩක් කැමතියි!


දිගටම ලියන්න..

Dakshina said...

Wonderful!!! Keep it up...

පබලු said...

:-o :-o LIHINI ...THARAKA...
mamath kemathi oya liyana style ekata.digatama liyanna.

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

කතාව ලස්සනට හැරවුනා... සිරාවට යනවා... කරගෙන යන්න දිගටම

හසී said...

හ්ම්ම්ම්....

-නිති- said...

:O අහිංසක මායියටත් වෙන දේවල්..... දැන් ඉතින් තාරකා දකින දකින වෙලාවට මායියාට කවදාවත් ඔය ඔළුවෙ අසනීපෙ හොඳවෙන්නෙ නැහැ..... :D

දිගටම ලියන්න අක්කියෝ.....
සුභ පැතුම්..!!!!

nasha said...

aiyo kathawa hithuwe nathi widiyak una.ane pau maiya... dan maiya lihinawa thora ganida? tharakawa thora ganida...? mara wade ikmanata ithuru tiakth danna Dul akke

පිස්සා පලාමල්ල said...

ඒ පාර මයියගේ කෙස් ගහක් වත් නැති වෙන සීන් එකක්.. බලමු මොකක්ද වෙන්නෙ කියල...

Anonymous said...

ammata siri ekath maru.....keli 2 k ohoma yan maiyo

චමිත් ජයංග said...

අනිවා.... ඩබල් ඇක්ටින්.....

Anonymous said...

@ vampire :ඕකම තමයි මටත් හිතුනෙ!!! අද තමයි කියවන්න ගත්තෙ. එක හුස්මට මේ වෙනකන් කියෙව්වා...ඉතුරු ටිකත් ඉවර කරනකන් නින්ද යන්නෙ නෑ....
:-)
දුල්හාරි අක්කේ, මේක නම් ඇත්තටම ලස්සනයි!
දිගටම ලියන්න.....

Post a Comment