පිටුව

Tuesday, July 20, 2010

32 කොටස



වෙනදා වගේ පස්ස පැත්තට එළිය පයින් ගහනකන් මට නින්ද ගියේ නෑ. මගේ හිත මොකද්දෝ සීන් එකක් ගැන ඕවර් යනවා. ඒක ලිහිණිද? තාත්තාලා මට හංගන දේද? එහෙමත් නැත්නම් තල්මසාගේ කතාවද කියලා හිතා ගන්න බෑ. මොනා උණත් අද ඉස්කෝලේ යන්න ඕනේ. කොල්ලාට අද ඉස්කෝලෙ යන්න නම් කිසිම ෆිට් එකක් නෑ. ඒත් ගැන්සියටවත් මේ සේරම දේවල් කියලා ඇඩ්වයිසින් පාරක් වත් දාගන්න ඕනෙ නිසා මම ඉස්කෝලෙ යන්න ඇඳ ගත්තා. ලිහිණිගෙන් හම්බ උණ ලියුමත් මම සාක්කුවට දාගෙන කාමරෙන් එළියට ආවා. 
"මයියා.... අද ඉස්කෝලේ යන්නම ඕනේද?" අක්කාගේ කතා කරන තාලෙනම් මට ඇල්ලුවේම නෑ.
"ඕනෙද අහනවා ....තමුසේ අදත් මට මොකද්ද සෙට් කරන්න යන නඩුව...."
"නඩුවක් නෙවෙයි.... ඊයේ තමුසෙට කියන්න එනකොට දොරත් වහගෙන දොයි..... අද කෑගල්ලේ නැන්දලා මෙහෙ එනවා කිව්වා. ලොකු අක්කාට මනමාලයෙක් බලන්න එනවාලු. එයාලට දුර වැඩි නිසා මනමාලයට එන්න කියලා තියෙන්නේ මෙහෙට" නාලා වරෙන්කෝ... ඉතුරු ගෑස් බෝම්බ දෙකත් සම්ප්රාප්ත වෙන්නයි යන්නේ...
"ඉතිං දැං මම ගෙදර ඉඳලා මොනා කරන්නද?" මම ගෙදරින් යන එකම මගේ සරීර සෞඛ්යයට සුභයි. මේ දවස් වල මගේ ග්රහයෝ භ්රමණය වන්නේ අනිත් පැත්තට. මෝල් ගහත් මගේ පැත්තට හැරුණොත් පත්තු වෙනවා ෂුවර්.
"මොනවත් නෑ.... ඒත් නැන්දා කිව්වා ගෙදර හැමෝම හිටියොත් හොඳයි කියලා. "
"ඒක මාර කේස් එකක්නේ .. දැං ඔය බුවාව බන්ඳන්න හදන්නේ අපේ ගෙදර හැමෝටමද?"
 මට ඔය මඟුල් කේස් තේරෙන්නේ නෑ. මොකො කොල්ලාට මීට කලින් මඟුලක් කතා කරලා නෑනේ කවුරුවත්.
" මේ මේ මට ඔය අයිසින් තේරෙන්නේ නෑ.... මම හිටියා කියලා ඔය එන එකා ඇස් පේන්න ගන්නේ නෑනෙ එක පාරට... මට පරක්කු වෙනවා...."
" තාත්තා ගෙනියන්න අද වාහනේ එන්නේ නෑ... " අක්කා කෑගැහුවා....
"මම බස් වල කරනම් ගහපු පොරක් මෙහෙම හිටියට.... " මම එහෙම කියාගෙනම එළියට බැස්සා. තාත්තාව පෙර මඟටම හම්බ උණා කියමුකෝ. අර හාට් එක හිට්ටා. ගෙදරින් එළියට යනකොට සුභ දෙයක් දැකලා ගියාම දෙයියන්ගේ පිහිටෙන් චාටර් එකක් නොකා ඉන්න පුළුවං කියලා මම අහලා තියනවා.
"තමුසෙට කිව්වා නේද බස් වල ගමන් දැං බෑ කියලා.. වහනේ නැත්නම් ගෙදර ඉන්නවා.... " හත් දෙයියනේ... ඉස්සර ඉස්කොලේ නොගියාම කනෙන් අල්ලලා ඉස්කෝලෙ යවනවා, දැං ඉස්කෝලෙ යන්න එපා කියලා තර්ජනේ දානවා. මම කාට මේවා කියන්නද? මේවා අසාදරණ.මොන අසාදණේ උනත් මට තාත්තාට බම්බු ගහගන්න කියලා ඉස්කෝලෙ යන්න ගටක් නෑනේ. ඔන්න කොල්ලා ආයෙත් ගෙට ගියා. දැං නම් අම්බානකට මළ පැනලා ඉන්නේ. මගේ ඔක්කොම වැඩ කිඩ වතුරේ..... ෂිඃ විතරක් අර තල්මසාගේ කතාවටත් ටටා බායි තමයි.
කාමරෙට වෙලා ලිහිණි එව්ව ලියුම ආයෙ තුන් හතර පාරක් කියව්වා. වෙන මක් කොරන්නද මම. අදනම් අමු කාලකණ්ණි දවසක්. මට නෑයෝත් එපා වෙනවා මේ වෙලාවට. වාහනයක් ගේ ඉස්සරහින් නවත්තන සද්දේ හුණා. මම නම් තාත්තා මෙතන දණ ගහලා අඬ ගැහුවත් එළියට නම් යන්නේ නෑ. මම තද කරලා ඇස් දෙක පියා ගත්තා. ඒත් කන තිබුණේ එළියට ඒරියල් එක දාලා.
" ලොකු අක්කා ඇදිලා ගිහින්නේ..." අම්මා දුක වොයිස් එකකින් පටන් ගත්තා.
"මොනා කරන්නද නංගියේ.... මේ දවස් වල පොඩ්ඩි එක්ක මමත් නිදි මරනවා. විභාගෙටත් ලඟයිනේ දැං"
" අපේ අම්මාට කිව්වට අහන්නේ නෑ නැන්දේ.. මගෙ හොර අල්ලන්න මගෙ ලඟටම වෙලා ඉන්නවා." නම් පොඩි ඩයිනමයිට් එකේ වොයිස් එක
"මම කෑම ටික නම් භාගෙට ඉව්වා.... කීය විතර වෙනවා කිව්වද අක්කේ කට්ටිය එන්න" අම්මාගේ වොයිස් එක කුස්සිය පැත්තට යන ගමන් වොලියුම් අඩු උණා.
"කෝ චූටි අක්කේ අයියලා...." පොඩි ඩයිනමයිට් එක අපේ නංගිගෙන් අහනවා මට අහුණා.
"ලොක්කයියා නම් තාත්තා එක්ක හන්දියට ගියා බඩු වගයක් ගේන්න පොඩි අයියානම් කාමරේ ඉන්නවා."
"උඹට මම කියලා තියනවා නේද අපේ පොඩි අයියා ගැන....? පොඩි ඩයිනමයිට් එක කාටද එහෙම කිව්වේ. මාව එහෙම අඳුනලා දෙන්න තරම් කෙනෙක් ඉන්නවාද? මම තවත් හොඳට කන් බෙරේ ඇරලා ඇන්ටනාව පොඩ්ඩක් දික් කලා. ඒත් සද්දක් නෑ. යකෝ මගේ සෝනා එකට අහුවෙන තැනක නෙවෙයිද මෙයා ඉන්නේ.
"මේකලා නංගි කාමරේට යන්න එපා පොඩි අයියාට ටිකක් සනීප නෑ" අපේ නංගි කතා කරනවා ඇහුණා. බඩුම තමයි කියන්නේ ඩයිනමයිට් එක මගේ කාමරේට එනවා. දැං මොකෝ කරන්නේ.
 හිතන්න කලින් මේ හැලපි මෙතන
" .... මේ ඉන්නේ අඟේට කිසි අසනීපයක් නෑ...."එන්න කලින් මට ඇස් දෙක පියා ගන්න අමතක උණානේ. ඇත්තටම මම කන එළියට දැම්මේ කටයි ඇසුයි ඔක්කොම ෆුල් ඇරගෙනනේ..
" මේ මේ මගේ කිසි දෙයක් අඳිනවා නෙවෙයි" මම පැන්න ගමන් මගේ පොත් මේසෙ හරහාට කවර් උණා.
"හරි හරි මම අදින්නේ නෑ.... මම ඔයාට බඩ්ඩක් ගෙනාවා" මේකි අතත් මිට මොළවලා මට පෙන්නුවා. මෙයාගෙ හැටියට ඔය කියන හැම බඩ්ඩම වහා ගිනි ඇවිලෙන සුළුයි. 
"මට ඕනේ නෑ තමුසේගේ බඩු"කෙල්ලගේ මූණ බලං ඉන්නැද්දි අවුල් උනා. මටත් ගස්සගෙන කාමරෙන් ගියා. පව් කියලා හිතුනා ඉතිං මට,  මම කාමරෙන් එළියට ගියා.
"ඕයි ඉතිං දෙනවා ගෙනාව එක" ඒත් එක්කම මාව කරකැවිලා අනාථ වෙලා ගියා. මම හීනයක්වත් දකිනවද?
ලිහිණි …………” මට ඉබේටම කියවුණා.

10 comments:

මල්$han said...

ලිහිණි කෝමද කෑගල්ලේ නෑන්දගේ දුවව අදුරන්නේ....???මාර සීන් 1 නේ.. :)

ප්‍රසන්න said...

මට පේන විදියට මය්යා ව හොදටම අන්දන්න තමා හදන්නෙ... හික්... හික්....

ඔහොම යන්... ඔහොම යන්...

nasha said...

eka nam marai.ahenam lihinige thaththa lihiniwa nawaththala thinne maiyage nandage gedara.....

maru maru, ikmanata ithuru tika dannoooooo

තාරක සමරණායක said...

අද තමයි මේක දැක්කෙ මුලින්ම. එක හුස්මටම කියවල දැම්මා කොටස් 32ම. අපිටත් පාසැල් කාලය නැවත මතක් කර දෙන ඉතා හොඳ නිර්මාණයක්. දිගටම ලියන්න. අපි ඉන්නව කියවන්න. සුභ පැතුම්.

පබලු said...

Lihini kohenda aave.... ? ;-o

හසී said...

ලිහිණි කොහෙන්ද මෙහෙට ආවේ?

-නිති- said...

ලිහිණි.....? එයා කොහෙද මෙහෙ? ලිහිණිගෙ ෆොටෝ එකක්ද...?

පිස්සා පලාමල්ල said...

හුටා ඒ පාර මොකක්ද.... ඉක්මනට දාන්ඩො.... හික් හික්...

චමිත් ජයංග said...

මොකක්ද මේ සීන් එක..... ???

Anonymous said...

Ayyo චාටර් වෙන්නනෙ යන්නෙ ...

Post a Comment