පිටුව

Saturday, July 17, 2010

31 කොටස



තාත්තා කොල කෑල්ල අරගෙන මගේ දිහා බැලුවේ සී අයි ඩී එකට වැරදි කාරයාව අහු උණා වගේ, ඒ බැල්මට සර්වාංගෙම ගෑස් ගැහුවා වගේ පිච්චිලා යනවා. දැං ඉතිං කාපංකෝ රස කර කර ටිංකිරී. 
" මොකද්ද මේ....?" මගෙන් අහනකොට මම මොනා කියන්නද? පේ න විදියට නම් හතරට විතර නවපු එක්සයිස් පොතක කොලයක්. ඒක මම කියන්න ඕනෙ නෑ අන්දයකුට උණත් ඒක තේරෙනවා. ගෙදර ඉන්න ඔක්කොම කස්ටිය බයිස්කෝප් එකක අන්තිම සටන බලන්න එනවා වගේ අපි වටේ රොක් උනා, අම්මා දැන්මම හොටු පෙරනවා වගේ මම දැක්කා. ඕකෙ ඇත්තටම මොනා තියනවා ඇද්ද? ඒක තාත්තා කියෙව්වාම මට මොනා වෙයිද? ඕකට තමයි කියන්නේ කුතුහලය කියලා. මොනා උණත් කුතුහලය වැඩි වෙලා මටත් තව ටික වෙලාවක් ගියොත් මුල්ලෙරියාවේ ප්‍රසිද්ධම ඉස්පිරිතාලෙට තමයි යන්න වෙන්නේ. කියවන දෙයක් කියවලා කරන දෙයක් කරලා දැම්මා නම් මට ඇඟේ පතේ අමාරුවටත් එක්ක හොඳට නින්ද යයි. එහෙම හිතාගෙන මම තාත්තා දිහා බැලුවා.
"මම දන්නේ නෑ තාත්තේ..." ඇත්තනේ මම දන්නේ නෑ. මම ඇවිල්ලා මෙතනදි අන්තිම අහිංසකයි.
තාත්තා කොලේ දිග ඇරියා. ඔන්න මගේ පපුවේ පිටි මෝල ස්ටාට් කලා. 
"රතු බොත්තම් 25යි, රතු බේබි රිබන් යාර 2යි. රෙදි අලවන ගම් බෝතලයයි, බීරලු ලේස් යාර එකාමාරයි. හක්කෝ කාඩ් එකයි ටික්කො කාඩ් එකයි. මයියා මෙතන පන්සීයක් තියනවා ඉතුරු ටික තමුසෙ තියා ගන්නවා" තාත්තා කියවගෙන ගියා. විලි ලැජ්ජාවේ බැරුවා. මේ මොන රෙද්දක්ද? කෙල්ලෙක්ගෙන් ලියුමක් තිබුණානම් ආත්ම ගරුත්වය වත් ආරක්සා වෙනවා. ඇත්තනේ අද උදේ මම ඉස්කෝලේ යන්න හදිස්සියේ ගෙදරින් එළියට එද්දි අක්කා මොකද්දෝ කිව්වා තමයි. ඒත් මට තිබ්බ විසේට ඒක හරියට අහගත්තේ නෑනේ. පවුලේ සියල්ලෝම මට හිනා වෙනවා මම හිමීට ඇස් දෙක තාත්තා දිහාට ගෙනිච්චා.. තාත්තාත් බඩ අල්ලන් හිනාව. අම්මපා නෝණ්ඩි වෙනවා කියලා මෙහෙම නෝණ්ඩි කාටවත් වෙලා තියනවාද? මගේ පිරිමි චරිතේ එහෙම්මම කෙලසිලා ගියා. මම කා දිහාවත් නොබලාම පොත් ටික අහුලලා බෑග් එකට දාගෙන කාමරේට ආවා. මට ඇහෙනවා ගෙදර කට්ටිය ඒ සීන් එක මතක් කර කර හිනා වෙනවා. ෂිඃ මටත් උණ නෝණ්ඩියක්. ඒත් එක්කම නංගි හිනා වේගෙනම කාමරේට ආවා.
"තමුසෙලා මට හිනා වෙනවා... අර ලොකු බඩ්ඩ තමයි ඔක්කොම කරන්නේ"
"පොඩි අයියේ කොළේ තාත්තා අහුලනකොට ඔයාට වඩා මම බය උනා. ලිහිණි අක්කා කිව්ව බෑග් එකේ වම් පොකට් එක ඔයාට බලන්න කියලා. "
"ඒපාර තමුසේ මාව ආයේ ජෝකර් කරන්නද හදන්නේ"
"නෑ නෑ මේක ඇත්ත... එහෙනම් බලන්න.... මම ගියා... ලොක්කයියා එයි කාමරේ වහගන්න.." නංගි මගේ කාමරේ දොර පලුවක් වහගෙන යන්න ගියා. ,මම වම් සාක්කුව ඇරලා ඒකට අත දැම්මා.. ඇත්තටම කොලයක් අහුවෙනවා කියමුකෝ. මම කාමරේ දොර වහලා ඇතුලෙන් අඟුලත් දාගෙන ඇවිත් ලියුම අතට ගත්තා. ඒ කොලේ අර ඉස්පිරිතාලේ කාමරේ ආව සුවඳමයි එන්නේ. ඒක මම දිග ඇරියා.
 
තෙනුර,


ඔයා හොඳින් නේද? එක පාරටම ඔයා වොෂ් රූම් එකෙන් අතුරුදහන් වෙලා තිබ්බම මම ගොඩාක් බය උණා. භානුක කිව්වම ඔයා ජනේල්ලෙන් පනින්න ඇති කියලා මගේ බය වැඩි උණා. මේ හැම දෙයක්ම උණේ මම නිසා. ඔයා ගුටි කෑවේ මම නිසා, අද ඔයාට කරදරයක් උණානම් ඒත් මම නිසා. මම ඔයාට කතා කරන්න ගත්ත දවසේ ඉඳං ඔයාට උණේ කරදර.ආයේ මම ඔයාට කරදරයක් නොවෙන්න තීරණය කලා. මම මගේ කාලකණ්නි මූණ ඔයාට මීට පස්සේ පෙන්නන්නේ නෑ. මට කවදාවත් සතුට උරුම නෑ. මම ඔයාට කරදරයක් නොවී ඉන්න උත්සහා කරන්නම්.
මම නිසා ඔයාට වෙච්ච හැම දේකටම මට සමා වෙන්න.


ඔයාට බුදුසරණයි
මීට 
ලිහිණි


අනේ දෙයියනේ මගේ හඳුන් පොත පුරාම හීනි අකුණක් වගේ එකක් පතිත උණා. ලියුම එහෙමම කොට්ට අස්සේ රිංගවලා මම ඇස් දෙක පියා ගත්තා, අනේ පව් අප්පා..... මට හීනියට වගේ අනුකම්පාවක් දැනෙන්න ගත්තා

16 comments:

මල්$han said...

මං හිතුවේ ලියුම එව්වේ ලිහිණි කියලා මදැයි....:)

ප්‍රසන්න said...

විභාගේ ඉවරද? හොදට කරන්න ඇති එකනේ ටක් ගාල අලුත් පොස්ට් එකක් දාල තියෙන්නේ.... :)

nasha said...

amme mama hithuwa lihinige liuma wenna athi kiyala,lollage welawa hodai tikak withara.... akke oyage exam iwaraida?exam lesida? ahenam dan apita digatama kathawa kiyawanna puluwan weineda.


digatama liyanna....

ජංජාල චාමර said...

අදමයි මේ පැත්තේ ආවේ....කතාව නං උපරිමයි!!!

දුල්හරි ඉලංගකෝන් said...

ඔව් විභාගෙ නම් ඉවරයි.... ඔන්න ඔහෙ ලියලා දැම්මා... දැං මගෙ වැඩ ඉවරයි දැන් වැඩ තියෙන්නෙ බලන අයට.. එයාලා මොනා කරයිද දන්නේ නෑ. මම පුලුවන් තරම් ඉක්මනින් අප්ඩේට් කරනවා. මම පොරොන්දු කඩන ජාතියේ නම් නෙවෙයි. :P, අනේ මට විෂ් කරපු හැමෝටම ගොඩාක් තැන්ක් යු. එක එක්කෙනාට තනි තනිවම තැන්ක් යූ නොකිව්වාට තරහා වෙන්න එපා. මොකද ඔක්කොමලා මට විෂ් කලානේ.

හසී said...

හ්ම්ම්.. මයියාටත් වෙච්ච දෙයක්..

වැම්පයර් said...

මේක මරු කතාව. මම අද ඔක්කොම බැලුව. :)

හිඟන්නා said...

මරේ මරු .........

KBNBS said...

දුල් අක්කා... කොහොමද ඔයාට?
අහම්බෙන් වගේ මූණු පොතේ දැක්ක නිසා හොඳයි. නැත්නම් මේක කියවන්න ලැබෙන්නෙ නෑනෙ...
කතාව නම් ලස්සනයි ගොඩක්. ඔක්කොම ටික කියෙව්ව එක දිගට. දැන් ඉතිං බලං ඉන්නව ඉතුරු ටික එනකම්.
විභාගයක් ගැන කියල තිබුනනෙ. මේකෙ ලින්ක් එක එහෙම පේපර් එකේ දැම්මද දන්නෑ. එහෙම නම් බය වෙන්න දෙයක් නෑ. ලකුණු වැඩි වෙයි... :D
දිගටම ලියමුකො... ජය වේවා...!!!
(නුවන් මල්ලි)

Anonymous said...

ela kathawa ada thamai kiyewwe.okkoma kiyewwa.maru.ikmanata anith episode ekath danna.api balan innawa.meka attha siddiyakda appa?padha galapala thiyenawa maruwata.

-නිති- said...

අෆොයි.....මෙහෙමත් නෝන්ඩි විමක්...ලිහිණිත් බැලුවද දන්නෑ ඔය ලිස්ට් එක... :D දිගටම ලියන්න අක්කියෝ....සුභ පැතුම්...!!!

පිස්සා පලාමල්ල said...

විභාගෙ හොඳට කරන්න ඇති කියල හිතනවා.... ඉවරද ?? එහෙනම් ඉක්මනට කතාව දාන්න පුලුවන්නේ...

කතාව ඉතින් හැමදාම වගේ උපරිමයි... ටිකක් දිගමදි වගේ අද හික් හික්

Anonymous said...

අදමයි මේ blog එක පැත්තෙ ආවෙ දැන් නම් දිගටම කතාව කියවන්න එනවා.... අක්කා ඉක්මනට update කරන්න... wish u all the best.... :)

පබලු said...

mayiyage dadata th ona nethi deyak ne..hikz....
oyin giya athi.. :D

Anonymous said...

හොද ලමයා වගේ එක දිගට ලියන්න කෝ.... මේක මම විතරක් නෙමේ මගෙ වයිෆ් එහෙමත් බලනවා.....


ඕක මගේ කතාවට ගොඩක් සමානයි... පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා... මම නම් අවුරුදු 3 1/4ක් ලව් කරලා, කොහොම හරි මගේ කෙල්ලව මැරි කලා... අවුරුදු 3 1/4න් අවුරුදු 2ක්ම හිටියෙ හොස්පිට්ල් එකේ තමා.. මම කියන්නද ඔය කොල්ලට වෙන එක?


දිගටම ලියන්න වාසනාව හා ධෛර්යය ලැබේවා!!!!
බුදුසරණයි නංගිට

චමිත් ජයංග said...

කතාව නං ඉතින් කියන්න දෙයක් නෑ ....... මරේ මරු........
@ මල්ෂාන්.... කාගෙන්ද බන් zzzz මේ ලියුම් පොඩ්ඩ.... :) ;)

Post a Comment