පිටුව

Wednesday, July 14, 2010

30 කොටස


මුළු ඇඟම වනයක් වගේ ෆුල් සෙන්ටිමෙන්ටල් සීන් එකක් වෙලා. ඒත් අර කුම්බලාවෝ කටු කෑව ඉතිහාසගත පූසා උණත් තමන්ට සාප කරගත්තේ නෑනෙ. මගෙ හිතටත් අමුතුම මෙව්වා එකක දැනෙන්න අරගත්ත හින්දා ඇඳේ කොට්ටේ බදාගෙන ඇලට් එකක් දාන්න ට්‍රයි කලා. අම්මපා ඇදට වැටුණු ගමන් කුම්බකරණයාට වගේ නින්ද යන මට අද නිදි දෙව් දුව කසාද බන්දලා ගිහින් වගේ හිතේ අමාරුවක් එක්ක නින්ද එන්නෙම නෑ. ඒත් එක්කම අයියා කාමරේට ගොඩ වෙනවා මම දැකලා බොරුවට ඇස් දෙක පියා ගත්තා. කොහෙද මූ ඒකත් දැකලානේ, හිනා වෙවී ඇවිත් මගෙ ඇඳේ වාඩි උනේ කකුල් දෙකත් උඩට ගන්න ගමන්.


" උඹ හොරට ඇස් දෙක පියාගත්තාට කමක් නෑ.. හැබැයි තාත්තාට උඹව අහු උන අහුවිල්ල නම් අන්තිම කැතයි?
"මම කොහොමද දන්නේ එයා කලන්තේ දැම්ම මිනිස්සුන්ව අහුලන්න එයි කියලා"
"එයා අහුලන්න ආවා නෙවෙයි ඕයි.. එතන හිටපු එකෙක් වාහනේට පැනලා නවත්තලා තමුසෙව ඉස්පිරිතාලේ ගෙනියන්න" ඕකනේ කියන්නේ මෙච්චර වාහන යන පාරේ ඒකා පැනලා තියෙන්නෙම අපේ තාත්තාගේ වාහනේටනේ.
" ලොක්කයියේ... මට ඇත්තම කියනවා.. තමුසෙලා මොනා හරි මට හංගන සීන් එකක් තියනවාද?" මම හිතේ ප්‍රශ්න තියාගෙන ඉන්නේ නෑනෙ. මට ඕනෙ නිදි දෙව් දුවගේ පවුලට හෙන ගස්සලා හරි මා ලඟට ගෙන්න ගන්න. නැත්නම් මමත් කුණුකෙල පෙරාගෙන ඕක ගැන කල්පනා කරයි. අයියා එකපාරටම කළු වෙලා ගියා.
" මො මොනා හංගන්නද බං මයියා උඹට.....?" මූත් කට පුරා මොනා හරි හංගනවා. පේන්නේ නැද්ද මරසි මූණ. එහෙනම් උඹත් මට මරසි දානවා නේද අයියේ... හරි මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උඹ තමයි පොර කියලා. මටයි වැරදුනේ. මම ඉබේම අහක බලා ගත්තා.
"පොඩි අයියේ....... ඔයාට කෝල් එකක් ආවා.... තාත්තා එතන හිටපු නිසා මම කතා කලේ නෑ." නංගි කඩාගෙන කාමරේට ආවා. මාව පොඩ්ඩක් හොල්මන් උනා.
" කාගෙන්ද?"
"අර මගේ යාලුවාගෙන්... එයාගේ ලඟ ඔයාගේ බෑග් එක තියනවා කියලා දැං ඒක එවනවා කිව්වා..." මාව එක පාරටම හිට ගැනුනා. 
"ඉතිං තමුසේ එපා කිව්වේ නෑද්ද?" 
"එයාලා පිටත් වෙලාලු" මට තුන් ලෝකයම පෙනුනා. තාත්තාට කිව්ව කෙප්ප ඔක්කොම අතේ මාට්ටු වෙන්නයි යන්නේ. මුන් මාර හාල් පාරුවොනේ මගේ බෑග් එක හෙට ඉස්කෝලෙට ගෙනාවනම් මොකද වෙන්නේ. දැං මොකද කරන්නේ මම කාමරේ එහාට මෙහාට සක්මන් භාවනාව කර කර කල්පනා කලා.
" කවුද යාලුවා නංගි..." ලොක්කයියා නංගි දිහා බැලුවා.
"මම ඊයේ අයියාට කිව්වනේ මගේ නෝට්ස් වගයක් ඉල්ලන් එන්න කියලා.. එහෙ අයියා බෑග් එක දාලා ඇවිත්" බුදු අප්පොච්චියේ මේකිට මල් තියලා වදින්න එපෑ. ඕකනෙ කියන්නේ කෙල්ලොන්ගේ මොලේ ගැන. මම ලාවට නංගි දිහා බලද්දි එය හිනා වෙලා බිම බලා ගත්තා. දැං ෆුල් ගොඩනේ. ඔය තියෙන්නෙ නිදහසට කරුණු.
" පොඩි අයියා ඉස්සරහා දොර ලඟට වෙලා ඉන්න එතකොට එයලට ඉක්මනට යන්න පුලුවංනේ" මේකිගේ කට්ටකම මට දැනුයිනේ ගොනට වගේ වැටහුණේ... භානුකයා එහෙම එනවානම් මේකිව අතේ මාට්ටුනේ.... කමක් නෑ මටත් මෙහෙම උදව් කරන එකේ මේකිටත් මොකක් හරි මගෙන් වෙන්න එපෑ වැඩිමල් සහොදරයා විදියට.මම හෙමින් දොර පැත්තට සේන්දු වෙනවා තාත්තා කණ්ණාඩි දෙකටත් යටින් බලාගෙන හිටියා. ඒත් මොකුත් ඇහුවේ නෑ. නංගිත් මාත් එක්කම ඒ පැත්තට ආවා.
"පොඩි අයියේ.. ලොක්කයියාට වැඩි දේවල් කියන්න එපා... එයා ඊයේ හැම දෙයක්ම තාත්තාට කියනවා මම අහගෙන හිටියා.," කියාගෙනම නංගි එතනින් කැපුණා. ෂිඃ ඊයේ මම එළ හරකා වගේ ඌ ඉස්සරහා ඔක්කොම වැමෑරුවානේ. ඒත් එක්ක ගේ ඉස්සරහා රතු පාට කාර් එක නැවැත්තුවා. ඒකෙන් බැස්සේ තල්මසා. මම කටපුරාම හිනා වේගෙන ඉස්සරහාට ගියා.
" භානුකයා ආවේ නැද්ද?"
"නෑ මචං ඌ ලිහිණි එක්ක..... උඹ කොහොමද අර කාමරෙන් පැන ගත්තේ...?" හිරාන් හිමින් ඇහුවේ වටපිට බලන ගමන්.
" ඒක මම වත් දන්නේ නෑ බං.... මම හෙට උඹට කියන්නම්කෝ..." හිරාන් මගේ අතට මගේ බෑග් එක දුන්නා.
"ආයේ අපි හම්බ වෙන එකක් නෑ.. තෙනුර.. මම අනිද්දාට මමීලා ලඟට යනවා... "
"ඒ කොහෙද?"
"මමීලා ඉන්නේ ඉංග්ලන්ඩ්...... උඹ එක්ක පොඩි කතාවකුත් මට තියනවා." මම වටපිට බලනකොට දැක්කා තාත්තා මගේ දිහා කන්න වගේ බලං ඉන්නවා.
" දැං නම් මචං කතා කලොත් තත්වේ මාරන්තික වෙනවා. උඹ අනිද්දානේ යන්නේ අපි හෙට කොහෙට හරි සෙට් වෙමු.
" හරි හෙට ඉස්කෝලෙ ලඟ තෝසෙ කඩේට වරෙන්.... ඉස්කෝලෙ ඇරිලා... " තල්මසා වාහනෙට නැග්ගා.
" අනිවා... එතනට සෙට් වෙමු.... තෑන්ක්ස් මචං" තල්මසා සීස් ගාලා වාහනේ හරවගෙන යන්න ගියා. මම බෑග් එකත් පපුවට තද කරගෙන බිම බලාගෙනම ගෙදරට ගොඩ උණා.
" ඔහොම ඉන්නවා... මොනාද ඔය බෑග් එකේ" තාත්තා මාර ප්‍රශ්නනේ අහන්නේ...? මේකේ වෙන මොනා තියෙන්නද .. මගේ පොත් මිසක්
"මගේ පොත්.... "
" තමුසෙගෙ පොත් අරූ අරන් ආවෙ මොකටද එළුවො..." ඉතිං දීපංකෝ උත්තර , පොඩ්ඩ වෙන්න කල්පනා කරන්න ඕනේ..නංගිවත් නෑ ලඟපාත මාව බේරගන්න. 
"හලනවා ඕක බලන්න" මෙයානම් ඉන්න තිබ්බේ පොලිසියේ... මටමයි මේ හැම එකම.... තාත්තා කවද්ද නංගිගෙයි අක්කගෙයි පොත් චෙක් කලේ... මම මොකටද සෙකන්ඩ් වෙන්නේ... මම ඔන්න ඔහේ බෑග් එක ඇරලා ඔක්කොම ටික හැලුවා...ඔක්කොම ටික හැලුණා. තාත්තා ඔක්කොම දිහා කණ්ණාඩි දාගෙන බැලුවා. ඉතිං විලිලැජ්ජාවේ පුළුවන්ද මගේ පොත් වල කවර වල හිටියේ පත්තර වල හිටිය එක එක ඇඳුම් අඩුවෙන් ඇදං හිටි නිළියන්ගේ පින්තූරනේ. තාත්තාට ලැජ්ජා හිතුණද දන්නේනෑ. ඒ අස්සේ සුදු පාට දෙකට තුනට නැව්ව කඩදාසියකුත් තිබ්බා. මේක මගේ නම් වෙන්න බෑ. තාත්තාත් අර බිංකුණ්ඩා හාරනවා වගේ ඒ කොල කෑල්ලම එයාගෙ අත් අඩංගුවට ගත්තානේ. කිරි අප්පේ අර පිස්සු කෙල්ල මට ලියුමක්වත් එවලාද දන්නේ නෑ.

11 comments:

දුල්හරි ඉලංගකෝන් said...

මට ඔයාලා ගොඩාක් සමා වෙන්න ඕනේ... 17න් පස්සේ මම දියටම ඉස්සර වගේ අප්ඩේට් කරන්නම්. මොකද මට මේ කතාව ගැන හිතන්න මේ දවස් වල විවේකයක් නෑ. ගොඩාක් ස්තූතියි හැම කෙනාගෙම සුභ පැතුම් වලට

හිඟන්නා said...

අඩේ ඔයා අක්කා කෙනෙක් නම් වෙන්න බෑනේ , කොල්ලෙක් තයි ඔයා , කොල්ලෙක් වගේම(400%) ලියන්නේ කොහොමද අප්පා .... :O

හසී said...

හ්ම්ම් මෙයා ගුටි කයි වගේ තාත්තාගෙන්

nasha said...

අම්ෙම..කමක් නෑ අද දැම්මෙන්.ඔයාෙග වැඩ ඉවර උනාම දිගටම දාන්නෙකා.අපි ලන් ඉන්නවා.කතාව ෙගාඩක් ලස්සනයි....

පිස්සා පලාමල්ල said...

කතාව නම් ඉතින් උපරිමයි. විබාගෙ ඉවර වෙලා දාන්නකො... අපි බලන් ඉන්නවා.

Anonymous said...

thanks for uploading... best of luck for your exams !!!

ප්‍රසන්න said...

මේවා නිසා විභාගේ වැඩ අතපසු කරගන්න එපා... විභාගයට සුභ පැතුම් !!!

හිඟන්නා said...

ඕං මාත් කියුවා , exam එකට සුභ පැතුම් අක්කේ ......

-නිති- said...

විභාගය හොදින් කරන්න අක්කියෝ...සුභ පැතුම්....!!! :)

පබලු said...

ඇත්තටම අර කොල කැල්ල මොකක්ද?හි හී විභාගේ ගැන හිතන්න.අපි බලාගෙන ඉන්නම්... :)

සු෴ said...

විභාගේ හොඳට කළාද ?

Post a Comment