පිටුව

Wednesday, July 7, 2010

29 කොටස


මම පොඩ්ඩක් ලඟ තිබ්බ ලයිට් කණුවට හේත්තු වෙලා කල්පනා කළා. අත නම්  අම්බානකට රිදෙනවා. සත පහක්වත් අතේ නැතුව ගෙදරට යන්නේ කොහොමද? මෙතන ඉඳං බස් දෙකක යන්න ඕනේ. ලෙන්සුවක් එලාගෙන බිම ඉඳගත්තා නම් කීයක් හරි හම්බ කරගන්න තිබ්බා. ඒත් කොහෙ ඒක කරන්නද ඉස්කෝලෙ බැජ් එක මගේ සාක්කිවේ මහලනේ.මට සක්‍රයාට වගේ අදහසක් පහල උනා. හිමින් සැරේ මම බස් ස්ටෑන්ඩ් එකට රිංගුවා. ඒ වෙලාවේ වැඩ එහෙම ඇරිලා අංකල්ලා ඇන්ටිලා ගෙදර යන්න බස් එක එනකං ඉන්නවානේ. කොල්ලා පොඩ්ඩක් වෙලා ඉඳලා කලන්තේ දැම්මා. දන්නවානේ කොල්ලට කලන්තේ දැමීමේ රඟපෑම දැං පුරුදු වෙලා කියලා. වැඩිය රිදෙන්න කලන්තේ දැම්මෙත් නෑ. මොකද මම දැං ඉන්නෙත් අම්බානකට වේදනාවෙන්. ඇස් දෙක තද කරලා පියාගෙන කටත් තද කරලා පියා ගත්තා. බක්ස් ගාල හිනා ගියොත් කාට කියන්නද? එතන හිටපු ඇන්ටිලා දෙතුන් දෙනෙක් මාව හොලවනවා ලතෝනි දිදී..... මාර ජොලි. හිනාව කියන එකට ඛ්‍රෙක් ගහගෙන ඉන්නවා කියන එකත් දුකක්.
" මෙහෙම බෑ...... හොස්පිටල් එකටවත් අරං යමු..." මොලේ තියන අංකල් කෙනෙක් කියනවා මට ඇහුණා. ඕක තමයි මටත් කර ගන්න ඕනේ. 
:"අපි කොහොමද ඒක කරන්නේ.... මේ දරුවගේ දෙමව්පියන්ටවත් දන්වන්නේ නැතුව..." අම්මාටනම් කිව්වට කමක් නෑ.. තාත්තාට නම් කියන්න එපා. දැං නම් මගෙ හිනාව කොයි වෙලාවෙ එයිද දන්නේ නෑ. ඇස් දෙක නම් මලාට අරින්න හොඳ නෑ.
"පුතේ පුතේ...." තව එක්කෙනෙක් මගෙ කම්බුලට අත බදලා දෙනවා. එයාගෙ අම්මගෙ අප්පාගෙ දේපල වගේ. ඒ එක්කම මාව පොළොවෙන් ඉස්සෙනවා වගේ දැනෙන්න ගත්තා. මාව උස්සගෙන මොකක්ද එකකට නැග්ග ගත්තා. බඩුම තමයි. දැං මගේ අරමුණට යන්න පුළුවන්. හිත ඇත්නම් ඉතිං මොනා කරන්න බැරිද? ඇස් නම් දැං ඇරියොත් හතර හන්දි කඩා ගන්න පුළුවන් අතේ සතේ නැති උණාම තමයි ගොනාට වගේ නුවණ පෑදෙන්නේ. මට නම් හිතා ගන්න බෑ බස් ස්ටෑන්ඩ් එකේ අය මට කොච්චර ආදරේද කියලා. ට්‍රයිශෝ එකක් උණත් මෙච්චර සැපයි කියල මම හිතුවෙ නෑ. මම ට්‍රයිශෝ එක මෙහෙම කවදාවත් නිදාගෙන ගිහින් තියනවාද? අම්මපා මෙච්චර සැපයි කියල දන්නවානම් මම නිදා ගෙනමයි යන්නේ.
" මහත්තයා ගෙදරද යන්නේ.. නැත්නම් හොස්පිටල්ද?" ඔන්න මට ඇහෙනවා. මාර ප්‍රශ්නනෙ මෙයා අහන්නේ මාව ගෙදර ගෙනිහින් මොනා කරන්නද?රේ කෑමට හරක් මස් ඕනෙ කට්ටියක්ද දන්නේ නෑ.
"ගෙදර යමු..... ඉස්පිරිතාලෙට ගියත් කියන දේ මම දන්නවා." මාව ෆුල් හොල්මන් උණා. මෙයාගෙ කටහඬ නම් අපේ තාත්තාගෙ වගේමයි ඇරපු අතක් නෑ. මම ලාවට ඇස් දෙක ඇරලා බැලුවා. මම හිටියේ තනියම, ඉස්සරහ සීට් එකේ ඉන්නේ තාත්තා. මේ අමාත්‍යශෙ වාහනේ නේද? බුදු අප්පේ මේ මොන හෙන ගෙඩියක්ද? මට බයටම වගේ ඇස් දෙක වැහුණා.
"මහත්තයා පුතාව තනියම එහෙ මෙහෙ යවන එක හොඳ නෑනේද?"
මේ ඩ්‍රයිවරයාටත් ඕනෙ නැති දෙයක් නෑ. අනුන්ගේ වත්තක වල් පැලමයි ගලවන්නේ. මට අල්ලන්නෙම නෑ ඔය ඩයල් එක.
" කිව්වට කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි සමරසිංහ. දැං බලනවා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්නේ නැතුව මේ කොහෙ ඇවිත්ද කියලා. අර භූතයෝ වගේ යාලුවෝ ටිකක් ඉන්නවා අද උන් එකෙක්වත් නෑ. තනියම ඇවිත්. මුගේ වෙලාවට මම අද ලොක්කා බලන්න ඉස්පිරිතාලේ ආවේ නැත්නම් ඕකාට මොනා වෙයිද කවුද දන්නේ?" තාත්තා දන්නවානම් මම තට්ටු පහක් ටාසන් ක්‍රියා කලා කියලා මාව කම්බස් කරනවා මටවත් අඳුනගන්න බැරි වෙන්න.
" එයාට ඇත්ත කිව්වොත් නරකද මහත්තයා.." ඇත්ත.. දැං  ඒ කියන්නේ මෙයාල මට කියන්නේ බොරුද? ඇන්ටනාව දාගෙන ඉන්න ඕනෙ. බොරු කියලයි, බොරු අහලයි මටත් දැං ඇති වෙලා. ඇත්තක් අහන්නත් ආසයි.
" ඇත්ත දැංමම කියලා බෑ අයිසේ... මූ පොඩි එකා... ඕකාට මොනා වෙයිද දන්නේ නෑ ඒක අහලා" මල හත් ඉලව්වයි. මේ ඇත්ත මට බලපාන එකක්. ඒත් මොකද්ද මේ ඇත්ත. මාව ටික වෙන්න අප්සෙට් ගියා. ටික වෙලාවකින් වාහනෙ නතර උනා.
" පොඩි පුතේ....." තාත්තා මාව හෙලෙව්වේ වතුර පාරක් ගහන ගමන්. තාත්තාගෙ කටහඬ ආවේ කැඩි කැඩි... මම ලාවට ඇස් ඇරියා නොඇරම බැරි කමට.
"තමුසේ කොහෙද මේ තනියම ගියේ..." තාත්තාගෙ අර ලාමක වොයිස් එක නැති වෙලා වලස් වොයිස් එක ආවා.
"යාලුවෙක් ඉස්පිරිතාලේ ....."
"කවුද යාලුවා..." තාත්තාත් සී අයි ඩී වගේ මගෙන් ප්‍රශ්න අහන්න ගත්තාම.
"සිකා..." කටට ආවේ ඒක. සිකාගෙ හත් මුතු පරම්පරාව විකුණුවත් ඔය ඉස්පිරිතාලේ එක කාමරයක් පැයකටවත් ගන්න බැරි බව මම දන්නවා. ඒත් හොඳ වෙලාවට තාත්තා ඒක දන්නේ නෑ.
" කෝ එහෙනම් අනික් ගෝතයෝ..?"
"උන් තාම එයා ලඟ මගෙ අත රිදෙන නිසා ගෙදර එන්න ආව" මුණ දිහා නොබලම ඔහෙ කියලා දැම්මා. ඒත් මගෙ හිතට මොකද්දෝ වගේ දෙයක් වෙලා වගෙ. තාත්තාගෙ මේ ඇත්ත කතාව මොකද්ද? මට හිතා ගන්න බෑ.
" යමංකෝ ගෙදර" තාත්තා ආයේ වාහනේට නැග්ගා.  පාරේ හින්දා මම බේරුණා මම හිතන්නේ. ගෙදර යන ගමන පටන් ගත්තා. 
" ජයවීරගේ දුවත් හොස්පිටල් ලු නේද මහත්තයා...." ඩ්‍රයිවරයා ආයේ අනුන්ගේ කතාවක්
" ඕකා හිතන් ඉන්නේ මහ කෙරුමා කියලානේ.. ඒ උණාට දුවට පිස්සුලු අයිසේ"
"ඕකුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ" ඕනෙ නැති රෙද්දක් තියනවාද අප්පා මූට
" ඊ ලඟ පාර ඉලෙක්ෂන් එකට විපක්ෂෙට සපෝට් කරනවා කියන්නේ:"
" දැං ලේසි වෙන්නෙ නෑ වෙන ආණ්ඩුවකට යන්න.... ඕක ඇන ගන්නවා ඇන ගැනිල්ලක්" ඩ්‍රයිවරයාගෙයි තාත්තගෙයි කතාව දැං නම් අහගෙන ඉඳලා ඇති වෙලා
" ලොක්කා කියනවා ජයවීර අපේ පැත්තෙන් නිකමට හරි ඉලෙක්ෂන් එකට ඉල්ලුවොත් ලොක්කා පැරදෙන්න පුළුවන්ලු"
"හ්ම්ම්ම්ම් ඕකට පාතාලේ මාර සපෝට් එකෙක් තියනවා"
" ලොක්කා කියනවා පිස්සු උණත් කමක් නෑ දුවව එයාගෙ පුතාට සෙට් කරනවා කියලා.. එතකොට වැඩේ ගොඩනේ" මේ මොන මඟුලක්ද?
" ජයවීරගෙ දුවව බලන්න අපේ පොඩි කෙල්ල කීපසැරයක්ම ගියා. එයාලා යාලුවෝලු. මේ ලඟදි යන්න හදනකොට මම එපා කිව්වා." ඔන්න මට අදාල වෙන දෙයක් වගේ..... මලා මේ ජයවීර කියන්නේ ලිහිණිගෙ තාත්තාද? නංගි බලන්න ගියේ ලිහිණිව නේද? මේ මොනාද මේ වෙන්න යන්නේ

8 comments:

දුල්හරි ඉලංගකෝන් said...

මට ඔක්කකොමලා සමා වෙන්න ඕනේ මම පොඩ්ඩක් කල් යයි මෙ දවස් වල අළුතින් පෝස්ට් කරන්න. මට 10 වෙනිදයි 17 වෙනිදයි විභාගයක් තියනවා. දන්නෙ නැද්ද අන්තිම මොහොතෙනෙ පොතක් බලන්නේ. පරක්කු වෙනවාට සමාවෙන්න. පුලූවඔ හැම වෙලාවකම අප්ඩේට් කරන්න බලන්නම්

දුල්හරි

පිස්සා පලාමල්ල said...

මොකක්ද මේ සීන් එක වෙන්න යන...

සුබ පතනවා ඔයාගේ විබාගෙට. හොඳින් කරන්න.

Dakshina said...

@දුල්හරි ඉලංගකෝන්
විභාගයට සුභ පැතුම්. කතාව නම් සංකීර්ණ වෙන්න යන්නේ.

පබලු said...

විභාගෙට සුභ පැතුම් දුල්හරි...

Anonymous said...

මේ මේ මෙතන මගුල් කතා කරන්න එපා.. ඉක්මනට දානවා අයිසෙ කතාව

පිස්සා පලාමල්ල said...

නමක් ගමක් නැතිව ඇවිල්ල ඔහොම කතා කරන එක හරිම කැතයි නේද... ???

Anonymous said...

අනේ සමාවෙන්න... මම පොත් භාගෙට බලල ඉවසන් ඉන්න දන්නෙ නැහැ... හොදම හරියෙදි ලියන එකත් නවත්තලා... මේක ලියලා තියෙන විදිහට මම හිතුවෙ කොල්ලෙක් කියලා....



ඔයට මේක පොතක් විදියට ප්‍රින්ට් කර ගන්න ඔනද? ඕන නම් මට මේල් කරන්න...

චමිත් ජයංග said...

හර්පට් වෙන සීන් එකක් වගේ........... එල එල ...... විභාගේ ගොඩද ???

Post a Comment