පිටුව

Thursday, July 1, 2010

27 කොටස



ත කචල් නිසා මුළු දවසම ඉස්කෝලේ ඉන්න වෙන එක තරම් දඬුවමක් මට කවදාවත් ලැබිලා නෑ. සිකයි ටොලයි නොවැලැක්විය  හෙම්බිරිස්සාවක් හැදිලා ඉස්කෝලේ ආවේ නෑ. බුවා පන්තිය වාරණය කරන්න ගත්තේ එදා ගුටි කෙළියෙන් පස්සේ. මට උනේ ජබ්බාගේ කුචි කැව්වත් හිනා යන්නේ නැති විහිළු කතා අහගෙන ඉන්න. ඒත් මගේ සිහිය වැඩ කලේ අතේ බැඳලා තිබ්බ ඔරලෝසුවේ. මම හිතන්නේ අද විනාඩි කටුවට අංසබාගේ හැදිලා වගේ පරහටමයි යන්නේ.

"මයියා... මොකද බං මේ ඔරලෝසුව පාඩම් කරන්නේ...." එකවුන්ට්ස් සර් හර බැර අවුලක් බෝඩ් එකේ දාන වෙලාවක ජබ්බා මගෙන් ඇහුවා.

"නෑ බං මේක වෙලාවකට වැඩ කරන්නේ නෑ" මම ඇඟට පතට නොදැනීම කියලා දැම්මා. එවෙලෙ ඉදං ජබ්බා මගේ ඔරලෝසුවට ඇහැ දාන්නමයි ට්‍රයි එක. මේ හාල්පාරුවටත් අනුන්ගෙම කඩයකින්මයි බඩකට පිරෙන්න කන්න ඕනේ. 
" ඒ පාර උඹ මොනාද කරන්නේ....." මම බැරිම තැන ඇහුවා. ඒත් එක්කම මගේ මූනට හුණු කෑල්ලක් වැදුණා. ඒ පාර හුණු වරුසාවක්ද, මම ආව පැත්ත බැලුවේ නිකමට වගේ.

"තමුසෙට රටේ නැති ඔක්කොම කතන්දර තියනවා... වෙලාවකට කෙල්ලොන්ගේ පණිවිඩ අරං යනවා, අනිත් වෙලාවට මම උගන්නනකොට තමුසෙත් පාඩම පටන් ගන්නවා. මෙහෙට ඇවිල්ලා මේ බැලන්ස් ශීට් එක බැලන්ස් කරනවා."  ඕකටනේ කියන්නේ මට වෙන්නෙම ටකරං කියලා. පන්තියේ උන් මගේ දිහා බලලා මහා හයියෙන් හිනා උනා. අනේ ඇත්තෝමයි මම බලන්ස් ශීට් එකක් දැකලාම නෑ. දැං මොන හත් දෙයියන්ට කියන්නද? කකුලේ කොරෙත් වැඩි උනා. ඔක්කොම ලෙඩ වැඩි වෙලා ගියා, දැං පලයංකෝ අතනට. ගිහින් බෝඩ් එකේ හදපංකෝ ගාන. අනේ මම වගේ අහිංසකයෙකුට මෙහෙම දේවල් වෙද්දි සක්‍රයාගේ පුටුව අළු වෙන්න එපෑ. මම බෝඩ් එක ලඟට ගියා.

"සර් මට ප්‍රශ්නයක් තියනවා," මම උපතින්ම හම්බ උන කටහඬයි. තැනට සුදුසු මොකද්ද එකයි පාවිච්චි කලා
"මොකද්ද?"
"සර් මට ලියන්න අමාරුයි, මම වමෙන් ලියන්නේ...." සර්ගේ මූන දෙක වෙනවා බලාගෙන ඉන්නකොට මාර ආතල් එකක් ඇඟට එනවා.

"තමුසේ කන්නද මගෙන් හදන්නේ..."

" නෑ නෑ සර් මූ කියන්නේ ඇත්ත.." පුදුමෙකට මම වෙනුවෙන් කතා කලේ තල්මසා. මගේ ගැලවීම සඳහා මූ කරපු මහඟු කැප කිරීමට පන්තියේ කසු කුසුවක් යන්න පටන් ගත්තා. සර්ට ආයෙත් මල පැන්නා. තමුසෙ එහෙනම් හදනවා ඇවිත්. අනේ  පව් සීන් එක කියන්නේ මගේ කට්ට කන්න උනේ තල්මසාට. තල්මසාට ඕනේ නම් සර්ව ලුණු ගෙනියන්න පුළුවන්. තල්මසා නැගිටලා සර් ලඟට යද්දි මට සර්ව පෙණුනේ ගලිවර්ට සැර දාන ලිලිපුට්ටෙක් වගේ. මට බකස් ගාල හිනා යන්න ඇවිල්ලා ඛ්‍රේක් එක ලෑල්ලටම පාගලා තමයි නවත්ත ගත්තේ, මම හිමින් සැරේ ශේප් එකේ මගේ පුටුවට ගිහින් වාඩි උනේ මම නම් ඕවට නෑ කියනවා වගේ. ඒත් එක්කම ඉස්කෝලෙ අහවර වෙන්න බෙල් එක ගැහුවා, තල්මසා දිව හපාගෙන බෝඩ් එකේ ගාන හද හදා ඉඳලා බෙල් එකේ මිහිරි සද්දෙත් එක්ක මාර හුස්මක් ඇරියා. මදෑ ඌත් අනුන්ගේ කටු සූප්පු කලා.
මම බුවාව මාට්ටු වෙන්න කලින් අමාරුවෙන් ට්‍රයිෂෝ එකකට ගොඩ උනා. මම දන්නවා. බුවා එහෙම දන්නවානම් මේ යන ගමන ගැන ඕකා මම ලෙඩා දුකා කියලා නොබලා හොඳට නෙළනවා. පපුවත් ලාවට ලබ් ඩබ් ගාද්දි මම ඉස්පිරිතාලේ ලඟින් බැස්සා. වට පිටට ඇන්ටනාව දාන ගමන් මම ආඳා වගේ ලිහිණිගෙ කාමරේට පා උනා. ඇත්තටම මම දැං මේ යන්නේ ඕවර් කියලා දැන දැනත්, තව හොඳ ලස්සනට අනාගතේදී කන්න වෙනවා කියලා දැන දැනත් ,මම මේ අඩිය තියන්නේ යම කින්ග්ගේ අඩවියට කියලා දැන දැනත්, අම්මපා මම ආවානේ මේ වගේ ගමනක්. ඔන්න ඔහේ කමක් නෑ. මම අර දොරට තට්ටු කලා. දොර ඇරියේ භානුකයා. අම්මේ ඇඟපතට ලේ ටිකක් ආවා.

"උඹ ආවද මචං, වරෙං වරෙං.." භානුකයා මාව ඇතුලට ඇදලා අරං දොර වැහුවා. මාව දැකලා ලිහිණිගේ මූනෙ මල් පිපුණා. අනේ දෙයියනේ ලස්සන කියා ගන්න වචන නෑ. කවදාහරි මට වෙන්නේ අංග විකලයෙක් වෙන්න කියලා දැනගෙනත් මට මේ හිනාවට ලෝභ හිතෙනවා,

"උඹ ලිහිණි එක්ක කතා කර කර හිටපංකෝ.... මම එළියට ගිහින් මීටරේ ඔන් කරගෙන ඉන්නම්." මම දෙපැත්තට ඔලුව වැනුවා. භානුකයා මාව දාලා යන්න ගියා. ඔන්න ඉතිං මට අර හිරිඔතප්පේ වැඩ කරනවා. ලැජ්ජයි ලැජ්ජයි වගේ. මම ටික වෙලාවක් ඉඳලා ලිහිණි දිහා බැලුවා.

"ඔයා නම් මාර ළමයෙක් තමයි. පොඩ්ඩ ඇත්නම් බය වෙනවා." ලිහිණි කට ඇද කරලා කියනකොට පොළොව හාරගෙන ඇතුලට යන්න මට හිතුණා, චාටර් අප්පා...

" මොන බයක්ද.... මම මොකටද බය වෙන්නේ....? ඒක නෙවෙයි... දැං මොකටද මට එන්න කිව්වේ" වැදගත් ප්‍රශ්නයක් වගේ එකක් මම ඇහුවා

"නිකං අනේ....." ලිහිණි මාර ආසාවෙන් වගේ ඇවිල්ලා ඇඳ උඩ වාඩි උණා. 
"නිකං...?" මම ඉතිං වෙන මොනවා අහන්නද?
"ඔව් ඔව්..... නිකං කතා කර කර ඉන්න.. ඔයා දන්නවානේ මම හරි පාළුවේ ඉන්නේ"
 මෙයා නම් කියයි. මට කතා කරන්න කිසිම අයිඩියා එකක් ඇඟට එන්නේ නෑනෙ... . ඔන්න ඔහේ කමක් නෑ. මොනා හරි කතා කරන්න ඕනේනේ
" පාළු කපන්න කොහොමද මම ඔයාගේ?" 
" විහිළු කතාවක් කියන්න...." ඔන්න කෑවා. මෙච්චර විහිළුවක් වෙලා මම මෙතන ඉන්නකොට මෙයා තව කතාවකුත් කියන්න කියනවා. කොහෙද කෙල්ලෙක් එක්ක කතා කරලා, නලවලා, පාළු කපලා මට පුරුද්දක් තියන එකක් යෑ. ඔටු කුලේකනේ මමත් ජීවත් උණේ.

"ඔයා ඇම්ඩාගේ කතා දන්නවාද" මම ඉතිං දන්නෙත් ඌ ගැන තමයි. ඒත් මෙයාට ඒවා සැර වැඩි වෙයිද මන්දා....

"කවුද ඇම්ඩා....?" මම කිව්වේ.... මෙයා ඇම්ඩාව දන්නේ නෑ. ඌ ගැන විස්තර විචාරය කරන්න ගිහින් මම ඇම්ඩා වෙයිද කියලා ෂුවර් නැති නිසා ඒ අදහස අතාඇරියා.

දඩාං ගාලා දොර කඩාගෙන භානුකයා දුවගෙන ආවේ අහස කඩා වැටෙන්න එනවා වගේ.

" තෙනුර තාත්තා එනවා. පල්ලෙහා වාහනේ නැවැත්තුවා. දැනටමත් ලිෆ්ට් එකේ ඇත්තේ...." අනේ බුදු හාමුදුරුවනේ.... මට කලන්තේ වගේ...කර කියා ගන්න කිසි දෙයක් නෑ. ලිහිණි අඬන්න ගත්තා. මගෙ දෙලොවම කැරකෙනවා වගේ.



8 comments:

Anonymous said...

kathawa nam mara interseting... ikmanata digatama liyanna brother....

me dawas wala kathawa parakkui neda.mama me balagena idiye kathawa danakamma

Nasha

දුල්හරි ඉලංගකෝන් said...

ඔව් පොඩ්ඩක් පරක්කු වෙනවා මට එග්සෑම් එකක් තියනවා ඒ නිසා, පුලුවන් තරම් ඉක්මනින් දාන්න ට්‍රයි කරන්නම්.

ආදර කතාව said...

පස්ට කතාව.. එලම තමා

thusitha said...

Very interesting....

හසී said...

නියමයි..

පබලු said...

හරිම ආසාවෙන් කියවන්නේ.දිගටම ලියන්න.

පිස්සා පලාමල්ල said...

කෑමක් වගේ. ඔයා ලස්සනට ලියනවා. විබාගේ හොදට කරන්න... ඒ ගමන් ඉඩ තියෙන විදියට අපිට කතාව දෙන්න. ඒව පාඩු කර ගන්න එපා...

චමිත් ජයංග said...

හප්පටසිරි........... :O :ඔ ඉතින් ඊට පස්සේ .....

Post a Comment