පිටුව

Monday, June 21, 2010

19 කොටස



අතේ ප්ලාස්ටරේ ගලවන්න කලින් මට බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න තරම් ෆිට් එකක් තිබ්බේ නෑ, ඒ නිසා තාත්තා එයාගේ අමාත්‍යංශෙ වාහනෙන්ම මාව ඉස්කෝලෙට ඇරලුවා. චාටර් කියන්නෙ බුදු චාටර්... ඔක්කොමලා මගෙ දිහා බැලුවෙ හෝඩියට ආව අළුත් එකෙක් දිහා බලනවා වගේ. මට දැං ටික කාලයක් යනකං තාප්පෙ දිගේ බඩගාන්න වෙන්නේ නෑ, අනේ මන්ද මට ඉතිං ඉස්කෝලෙක ඉගෙනගෙන පුරුද්දක් ඇත්තෙම නෑනෙ.

"ඕයි මයියා....." සුපුරුදු ටකරං කටහඬක්,  මම ආපස්ස හැරුණා. සිකා මගේ දිහා බලන් හිටියේ හින්දි ෆිල්ම් එකක නැති වෙලා හම්බ උන නළුවා දිහා නිළිය බලන් ඉන්නවා වගේ ෆුල් අනාථ බැල්මක්.

"මොකෝ බං... ගෑනු ආත්මයක් වගේ ටැප් එකකට සෙට් වෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ... "

"උඹව ඔහොම දකිනකොට සිරාවටම දුකයි මචං"

"ඇයි මට මොනාද වෙලා තියෙන්නේ.... මගේ නම්බුව නම් එහෙමමයි.. කාටවත් කෙලෙසන්න දුන්නේ නෑ. කෙලෙසන්නවත් එහෙම එකක් තිබ්බෙත් නෑ මම හිතන්නේ" සිකා ලෝකෙ පාලූ වෙන්න හුලං පාරක් කටෙන් පිට කළා.

" මේ හැමදෙයක්ම අපි අමතක කරලා දාල අර හිටපු ආතල් එකේම ඉමු " සිකාම ඒක කිව්ව එක හොඳයි. ඕකට ගෑනු ජාන පිහිටලා තියනවා. පොඩ්ඩ ඇත්නම් ටැප් එක වැඩ කරන්නේ ඒ නිසා. අපි දෙන්න පන්තියට ගියා. පන්තියේ හිටපු මාමාලා සෙට් එකම මගේ දිහා බලන්න ගත්තා. මමත් මෙහෙම හිටියාට හොඳට ලැජ්ජා බයට හැදුන කොල්ලෙක්. බිම බලා ගත්ත මූණ කෙලින් කරන්නේ නැතුව එහෙමම තියා ගත්තා. චාටර් නැද්ද මේ ඉස්කෝලේ ඇතුලෙදිම කාලා. දැං අත පය වෙලාගෙන ආයේ මේකට ආවාම. පන්තියේම කසු කුසුවක් ඇහෙන්න ගත්තා. ඔය අතරතුර බුවායි ටොලායි පන්තියට ආව අපිව හොයාගෙන.

" කෙල්ලෙක්ගේ පණිවිඩ අරං ගිහින් ඇඩ්රස් නැතිවෙන්නම හොඳට කාලා" කොහෙද හිටපු හාල්පාරුවෙක් පන්තියට ඇහෙන්න කියලා හිනා උනා. අනිත් උනුත් හයියෙන් හිනා වෙන්න ගත්තා. මෙහෙම කිණ්ඩියක්නම් මට කවදාවත් වෙලා නෑ. මොනා උණත් ඉවසන්න වෙනවා. මමනෙ ඉල්ලන් කෑවේ.
"මොකද්ද තමුසේ කිව්වේ..." බුවා නැගිටලා ඒ පැත්තට ගියේ කුලප්පු වෙච්ච අස්සයෙක් වගේ, එකෙකුටවත් කොන්ට්‍රෝල් නෑ. පැන්න ගමන් අර පොරගේ මූනට දෙකක් දමලා ඇන්නා. ටොලායි සිකයි ගිහිං බුවාව ආපහු අපේ පොට් එකට අරං ආවා. අරූ පුටු ඩෙස් පේළි පෙරළගෙන වැටිලා අමාරුවෙන් නැගිට්ටා. ඒ සිද්ධිය වෙලා ටික වෙලාවකින් තල්මසා පන්තියට ආවා. එදා ගුටි කාපු එකේ මතු සම්බන්දය දැං කන්න වෙයි කියලත් මට හිතෙන්න ගත්තා. 

"හිරා බලපං මචං අරුන් අපිටත් අත පය විසි කරන්නත් එනවා" අර බුවාගෙන් ගුටි කාපු පොර තාත්තාට කියනවා වගේ හොටු පෙරාගෙන අපිව පෙන්න පෙන්න තල්මසාට කිව්වා. තල්මසා අපේ පැත්ත බලලා හිනා උනා. උගේ ඒ හිනාව නම් එච්චර අපිට ඇල්ලුවේ නෑ. ඒත් වලි වලට මගේ ඒ තරම් ඇල්මක් නෑ. ඒ නිසා ඔන්න ආයෙත් ඉවසුවා.

" උඹලත් මේ ගෑනුන්ගේ පණිවිඩ කාරයෝ එක්ක හැප්පෙනවානේ....." බුවා ආයේ දඟලන්න ගත්තා. මූ තල්මසාට අනින්න ගියොත් ඌ බුවාව සූප්පු කරනවා, ඒ නිසා අපි ඔක්කොමලා පන්තියෙන් එළියට බැහැලා බුවාවත් තඩලගෙන කවුරුත් යනනේ එන්නේ නැති මුල්ලකට අරන් ආවා.

" තොට පිස්සුද යකො..." ටොලා බුවාව තල්ලු කරලා දැම්මා

"ඔව් මට තමයි දැං පිස්සු.... අහගෙන හිටපල්ලා කියන හැලප කතා... රෙද්දක් ඇඳං පාරේ යන්න බෑ... ෂිඃ විතරක්" බුවා හොඳට කාරල කෙල බෝලයක් ඈතට ගැහුවා.

"උං ඕනෙ දෙයක් කිව්වදෙං ඔය කියන්නේ උඹට නෙවෙයි මටනේ..." මම ලාවොයිස් එකකින් ඌට තේරුම් කරලා දුන්නා..."

"උඹට කිව්වත් අපිට කිව්වත් ඒකෙ වෙනසක් නෑනෙ... අන්තිමට උන් අපිට නංගි කියලා අඬගහුවත් උඹලා සද්ද නැතුව හිටපල්ලා... ගුටි කාලා කතා අහලා ඔක්කොම වෙලා තවත් ඉවසපල්ලා" බුවාගෙ කතාවෙන් මට පොඩ්ඩක් රිදුණා. උන්ට එහෙම උනේ මම නිසා. මගේ එළ හරක් වැඩ නිසා. 

"සොරි වෙයල්ලා..." මම කජු මූඩ් එකකින් කට්ටියට කියලා පැත්තකට උනා. කොර ගැහෙන කකුලයි බෙල්ලෙ එල්ල ගත්ත අතයි එක්ක ආපහු හැරුණා. 

"මයියා... උඹට මොකුත් කිව්වා නෙවෙයි මචං" බුවා මගෙ පස්සෙන් එන්න ගත්තා. 

" අවුලක් කර ගන්න එපා .. උඹලා පන්තියට පලයල්ලා මම මෙතන ඉන්නං...." මම එතන තිබ්බ කැඩිච්ච ගල් පුවරුවකට පස්ස තියලා වාඩි උනා.

" උඹව දාල අපි යන්නේ නෑ බං.... වරෙං කැන්ටිම පැත්තේ ගිහිං ප්ලේන්ටියක් බොමු" සිකා මගේ කර වටේර අත දැම්මා.

" නෑ... මට දැං තනියම ඉන්න ඕනේ.... උඹලා පලයල්ලා..." මම ටිකක් තදින් කිව්වා. මගේ මූඩ් එක දැනුන සිකා අනිත් උන් දිහා බලලා " අපි ප්ලේන්ටියක් බීල එමු, මූට මෙහෙම ඉන්න දීලා" කියලා කිව්වා. ටික වෙලාවකින් මට පොඩි තට්ටු පෙලක් දාගෙන ගැන්සිය කැන්ටිම පැත්තට පාවෙන්න ගත්තා. මම තනි උනා. 


මම හුස්මක් එහෙම ඇරලා මනො එක්ක සෙට් වෙන්න බැලුවා. එක පාරටම මම දැක්කේ තල්මසා. බයට නෙවෙයි ඒත් උගේ සයිස් එක දැකලා මට ඉබේටම හිට ගැනුනා.



7 comments:

හා පැටික්කි (MS) said...

තියෙන වැඩ ඔක්කොම පැත්තකින් තියල එක හුස්මට කියෙව්වා.......

කියවන්න ආස හිතෙන විදියට ගතියටම ලියල තියනව.......

Follow කරන්න විදියක් නැද්ද?????

දුල්හරි ඉලංගකෝන් said...

ඔයාට ලේසියෙන්ම follow කරන්න පුලුවන් ෆොල්ලොවෙර්ස්ලට උඩින් තියන ටැබ් එක ක්ලික්ක් කරන්න එච්චරයි

පිස්සා පලාමල්ල said...

මේ කතාව නම් නියමයි. මැවිලා පේනවා වගේම කියවන්න හිතෙනවා ලියන විදියට. ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා.

හසී said...

අනේ ආයෙමත් ගුටි වරුසාවක්ද? ඉවසිල්ලක් නෑ ඉතිරිය බලනකම්...

milan said...

excellent.una hadila anatha wela nagitaganna baruwa inne.et katawa kiyala iwarawenakan amaruwak tiya mama inne koheda kiyalawat danunu ne.digatama liyanna.

හා පැටික්කි (MS) said...

ආහ්...... කලින් Follow Button එක පෙන්නුව නැති නිසයි ඇහුවේ.....
බොහොම ස්තූතියි.......

දුල්හරි ඉලංගකෝන් said...

ගොඩාක් ස්තූතියි ඔයාලගෙ ප්‍රතිචාර වලට

Post a Comment