පිටුව

Wednesday, December 29, 2010

96 කොටස



අර ගෑනු පරානේ ගේ ඇතුලට කඩාගෙන එනකොට අම්මා මගේ ලඟට ලං උණා..... මෙ මොකද්ද අප්පා මේ වෙන්න යන්නේ... හරියට අනතුරු ඇඟයීම් නැතුව සුනාමියක් එනවා වගේ ඔක්කොමලා බය වෙලා. 

"තෙනුර....." කෙලින්ම මගේ දිහා බලාගත්ත ගමන් අර බවලතා මගේ නම කියලම කතා කලා.... මම පොඩ්ඩක් අයියාවත් ඔවර්ටේක් කරලා ඉස්සරහාට ආවා. මැරෙන්න උණත් කොල්ලා යනවා ආයේ හිත හිතා ඉන්නේ නෑ.... මම හොරෙන් තාත්තා දිහා බැලුවා.. මෙන්න අර යක්ස ඇස් දෙක යට ගිහින් බිමටම පාත් වෙලා. මොනා උණත් මොකක් හරි නුපුරුදු නුහුරු සීන් එකක් තමයි මෙතන සිද්ද වෙන්න යන්නේ....
"ඇයි... මොකද්ද උවමනාව?" මම කටවල් වලට අඟුල් දාගෙන බලාගෙන ඉන්න ඔක්කොමලා දිහා මාරුවෙන් මාරුවට බැලුවා. අර බවලතාගේ ඇස් වලට කොහෙන්දෝ ඉඳලා ආවා කඳුළු පිරෙන්න ගත්තා......


" පුතේ....." ඔහේ පලයං.... මේ මගේ අම්මා කියන කෙනාද? මම කෙස් අග ඉඳලා කකුලේ නියපොතු දෙකට යනකන් ස්‍ර්චින් පාරක් දැම්මා.... මෙයා එක්ක මම මොකටද යන්නේ.... මෙයා මගේ අම්මා කියන්න මෙයා ලඟ මොනාද තියන සාක්ෂි. මගේ උප්පැන්නේ අම්මාගේ නමටවත් මෙයගේ නම නෑනේ.... මට ඉතිං ඉඳලා හිටලා ඔලුවට ලෝ පොයින්ටුත් එනවා...

" ඔව්... ඇයි?"
" අයියේ..... ඔයා තාමත් පුතාට කිව්වේ නැද්ද?" මෙන්න මාව තියලා මෙයා තාත්තාගේ පැත්තට හැරුණා....
"කතා කරන දෙයක් මේ වහල යට කරන්න බෑ....." තාත්තා මොකුත්ම නොකියා ගෙදරින් එළියට බැස්සා.....
අපේ අම්මා ඇවිල්ලා මගේ ඉනවටේට අත දාලා අල්ල ගත්තා..... අර බවලතාට ඒක දැකලා තද උණාද මන්දා. 
"තෙනුර... ඔයා මාත් එක්ක යන්න එන්න ඕනේ...." එක පාරටම මෙයා එහෙම කියපි

"ඒ මොකටද?" මමත් ඇරියේ නෑ....නංගි ඇඟිලි වල නියපොතු කනවා මට පේනවා.... අක්කා අයියා ලඟට කිට්ටු වෙලා... ඔක්කොමලා මහා රෑක මෝහිණි බබා අල්ලගන්න කිව්වා වගේ බයෙන් විකාර වෙලා.
"මොකද හේතුව කියලා මෙයාල කිව්වේ නැත්නම් මම හරි කියලා දෙන්නම්...." මෙන්න මේ මනුස්සයා මගෙ අතකින් අදිනවා.... මේක මාර සෙල්ලම්ක්නේ මාව එළු පැටියෙක් වගේ දක්කගෙන යන්නද මෙයාට ඕනේ....

"අත අරින්න ධම්මී.... පුතාව බලෙන් ගෙනියන්න ඔයාට බෑ..." අපේ අම්මා තවත් මාව බදාගෙන කෑ ගහනවා.... මටත් මේ වැඩේ අල්ලන්නේ නෑ....

"නාලිනී ...... නවත්තනවා......" තාත්තාගේ හිට්ලර් කටහඬින් අම්මා කටපියා ගත්තා...... තාත්තා ගෙට ගොඩ උණා....එයා අර මට බලන්න බැරි ඩැකියුලා ඇස් දෙක ................බුදු අම්මෝ ඒක දැක්කාම නම් මට ඉහ හැරුණූ අතේ යන්න හිතෙනවා....

" මේ ධම්මි අපිට පව් නොදී.. හොඳ හිතින් කරුණාකරලා මෙතනින් යනවා.... මෙතන ඇවිල්ලා බෙරිහන් දෙන්න කලබල කරන්න බෑ කියලා මම එදාත් තමුසෙට කිව්වා... ආයේ මතක් කරන්න ඕනේ නෑනේ....."
"ඒත් අයියේ...." අර ගෑනුකෙනා කියන්න යනදේ තාත්තාගේ ඇඟිල්ල ඉස්සුණා විතරයි නතර උණා. මම විතරක් නෙවෙයි ඔක්කොමලා තාත්තාට බයයි.

"තෙනුර...." මාව තාත්තාගේ කටහඬින් ෆුක් අන්දුන් කුන්දුන් උණා......
"ඇ...ඇයි තාත්තේ....." වචන එන්නෙත් හිට හිට
" යනවද නැද්ද කියලා තමුසේ හිතලා බලනවා.... " තාත්තාගේ ඒ ගල් හිත ඇතුලේ ගිනිකන්දක් වගේ ගින්දර නලියනවා කියලා මම දන්නවා. ඒක මම අද වාහනේදි ඇහැටම දැක්කා..... මම මොකුත් නොකිය අම්මාගේ අත හිමින් සැරේ මගේ ඇඟෙන් අයින් කර ගත්තා..... අම්ම ඒ පාර මගේ අතින් අල්ල ගත්තා..... මට අම්මා ගැන දුකයි. මට තාත්තා ගැනත් දුකයි, ඒත් මෙයා මගේ අම්මා නම් මට එයාගෙන් අහන්න සෑහෙන්න ප්‍රශ්න තියනවා... ඒක අහන්න මට මෙතන බෑ. මම මෙයා එක්ක යන්න ඕනේ.... මම ආයෙත් එනවා හැබැයි ඒ වෙන කාටවත් අයිතිවාසිකම් කියන්න බැරි කරලා... ඒ නිසා මට යන්න දෙන්න රත්තරං අම්මේ...... මම එහෙම හිතලා අම්මාගේ අතින් මගේ අත ගලවා ගත්තා.....ඒක දැකලා තාත්තා ආයේ බිම බලා ගත්තා....මම හිමින් සැරේ හැරිලා අයියයි අක්කයි නංගියි දිහා බැලුවා. නංගිත් දැං අයියාට තුරුල් වෙලා ඇස් වල කඳුළු පුරෝගෙන. ඔයාලා බය වෙන්න එපා මම ආයේමත් එනවා..... 

"මම කිව්වේ මගේ පුතා එනවා මාත් එක්ක යන්න....." අර මනුස්සයා කකුලුවෙක් වගේ හරහාට නටන්න ගත්තා.... 

"මම වාහනයක් එවන්නම් බඩු අරන් යන්න" ... එයා මගේ අතින් අල්ල ගත්තා...... මම එයාගෙ අතෙනුත් මගේ අත් ගලව ගත්තා.....

"ඔයා හිතනවා නම් ඔයාට මගේ අයිතියක් තියනවා කියලා යං.... හැබැයි මට හිතනකන් ඔයා මට අයිතියි කියලා මට කරදරයක් වෙන්න බෑ.... මගේ ගෙදර අයට මෙහෙම කරදර කරන්නත් බෑ.... හරිද?" මට එයා අම්මා කියලා හිතෙන්නෙම නෑ. මට එයාට වෙන ගෑනියකුට වගේ ගෞරව කරන්නත් බෑ. ඒකත් මාර සීන් එකක්. 

"මම මෙයාලා කාටවත් කරදර කලේ නෑ... මම ඉල්ලුවේ මගේ දෙයක් විතරයි....." එයා කඳුළු පෙරාගෙන කියවන්න ගත්තා.... 

"යනවා නම් යන තැනක යනවා.. මේ ගෙදර මේවා කතා වෙන්න බෑ.. මම එක පාරකුත් කිව්වා..." තාත්තා ආයෙත් මතක් කලා..... ඒත් අර ඉස්සල්ල තිබ්බ කටේ සැර නම් අඩු වෙලා.... මට හිතට මොකද්දෝ මොකද්දෝ දෙයක් දැනෙන්න ගත්තා, අර කාලෙකට කලින් ඉඳලා හිටලා ආව ඔලුවේ කැක්කුම ඔලුව පුරාම එන්න ගත්තා. ඔලුවෙ එක පැත්තක් නැතිවෙනවා වගේ දැනූණා. මම ඔලුවම බදා ගත්තා. 

"අනේ අම්මේ මයියාට මොනාද වෙලා....." අක්කාගේ කටහඩද කොහෙද ඇහෙන්න ගත්තා...මුළු පලාතම කිරි කිරි බෝලේ කරනවා වගේ කැරකෙනවා. කාවවත් හරියට පෙන්නේ නෑ.... මුළු ලෝකෙම සුදුපාට වෙලා දම් පාට වෙලා නිල් පාට වෙලා අන්තිමට කළු පාට වෙලා ගියා......

Friday, December 24, 2010

95 කොටස



ටික වෙලාවක් ඉඳලා අපි ආයේ කොළඹට පිටත් උනා. මාව නම් කවුරු හරි කකුල් දෙකෙන් අල්ලලා පොලවෙ ගහලා වගේ. කරන්න කියන්න කිසි දෙයක් තේරෙන්නෙ නෑ. මුළු වහානේම අමු මූසල කමක් දැනෙන්න ගත්තා..... තාත්තාත් සැරෙන් සැරේ කණ්ණාඩිය අස්සෙන් අඟිලි දෙක රිංගවලා ඇස් දෙක තද කරනවා මට පේනවා.... කොහොම හරි අපි ගෙදර යනකොට දවල් කෑම වෙලාවත් පහු වෙලා. ගෙට ගොඩ වෙනකොටම අම්මා කරවල තෙල් දාන සුවඳ දෙනෙන්න ගත්තා.... මට මගේ හිතේ හැමදේම අමතක වෙලා ගියා... අමාරුවෙන් මතක් කරගන්න මම ආයේ හැරිලා තාත්තා දිහා බැලුවා.. තාත්තාත් මගෙ දිහා බලල බිම බලා ගත්තා. වාහනේ සද්දේ ඇහිලාද කොහෙද අම්මා කුස්සියෙන් මතු වෙලා මගෙ ලඟට තත්පරයට හැතැම්ම ගානකින් දුවගෙන ආවා. 
"අනේ මගේ පොඩි එකා............." අම්මා මාව බදාගෙන හෝ ගාල අඬනවා.... මම කොහොමද හත් දෙයියනේ ඔයා මගේ අම්මා නෙවෙයි කියලා කියන්නේ.
"මට බඩගිනි අම්මේ....." අම්ම දැක්කාම නිකන්ම මගෙ බඩ වැටියට ගිනි ගන්නවා. 
"මට නම් බෑ මහත්තයා මෙයාව නම් කාටවත් දෙන්න... මට කියන්න එන්න එපා.... මම යනවා නඩු.... ඕනෙම උසාවියකට යනවා.. මේ කිරිසප්පයා මගෙන් අරන් යන්න ආවොත්...." අම්මා කියාගෙන කියාගෙන යන්න ගත්තා... අම්මා සාමන්‍යයෙන් තාත්තා ඉස්සරහා හයියෙන් කිඹුමක්වක්වත් අරින්නෙ නැති එකේ මෙහෙම කතා කරනවා දැක්කාම මට මාර පුදුමයක් දෙනෙන්න ගත්තා... මටත් අම්මා නැතුව බෑ..... මම අම්මාව තුරුල් කරන් තාත්තා දිහා බැලුවා. මම ඔයාලව දාලා කොහෙවත් යන්නේ නෑ.... කියලා මට කියන්න හිතුණා..... මගේ ඇඟේ දුවන ජයවීරගේ ඔක්කොම ලේ අයින් කරලා දාන්න තරම් මොකද්ද අඟට ගටක් එන්න ගත්තා....
" අපි පුතාටම එයාගේ තීරණයක් ගන්න ඉඩ දෙමු නාලිනි....." තාත්තා එහෙම කියාගෙන මගෙ දිහා නොබලාම ගේ ඇතුලට රිංගගත්තා. අම්මා ඇඟිලි වලින් හිටගෙන මගේ ඔළුව අත ගානවා. පව් අප්පා. මම අම්මාත් එක්කම ගිහින් ලඟ තිබ්බ පුටුවෙ වාඩි උණා. අම්මා මාව දෙකට නමලා නළලත් ඉම්ඹා....
"කෝ අම්මේ අනිත් අය..." මගේ ඇසුත් දැවිල්ලයි. ජීවිතේටම ඇඬුවාම එහෙම වෙන්න ඇති. මම ආයේ අඬන්නේ නෑ...... එන දේකට මූණ දෙනවා... ජයවීර තියා ජයවීරගේ තාත්තාටවත් බෑ මාව මෙයාලගෙන් වෙන් කරන්න....
" ඒ කවුරුත් මේ කිසිම දෙයක් දන්නේ නෑ පොඩි පුතේ...... අක්කා මැහුම් පංති ගියා, නංගිත් ඔන්න මොනාද කොම්පියුටර් පන්තියකට යනවා... අයියාත් ආයේ රට යන්න හදනවා. අයියානම් ඔය කතාව මුල ඉඳලාම දෙනගෙන හිටියා.... මේ දවස් වල අයියාත් මේවා නිසා කළකිරිලා ඉන්නේ මයේ පුතේ... අපිට මොන හෙනයක් පාත් උණාද මන්දා" අම්මා ආයේ අඬන්න ගත්තා....
" අම්මා ඕවා වැඩිය හිතන්න එපා... අද අම්මා මට කවන්නකෝ..." මටත් ටැප් එක වැඩ කරයි කියලා බයට මම නැගිට්ටා. මම මේ වෙලාවේ බවලත් ගාමන්ට් එකක් වගේ ටැප් ඇරලා හරි යන්නේ නෑ. හොඳට කාලා බීලා නාලා එන යෝකර් වලට හයේ ඒවා ගහන්න ඕනේ..... මට අදාල නෑ මාව ජාතක කලේ මොකාද කියලා හැබැයි මාව හදා ගත්තේ මගේ අම්මයි තාත්තායි තමයි. අම්මපා.. මම වෙන හාල්පාරුවෙක්ගේ උණහපුලුවෙක් උණානම් දුක නෑ. මේ ජයවීරයාගේ පුතෙක් වෙලා මාව හිටියාටත් වඩා කාලකණ්ණි උණා..... 


අම්මා මට පොඩි එකෙක්ට වගේ කවලා එහෙම ආයේ ඇඬුවා... පව් හත්දෙයියනේ... මෙයාලගේ ඇස් වලට මම නිසා එන කඳුලු. මම ඇවිල්ලා මෙච්චර වටින පොරක්ද? මම ඔහේ මගේ භවනට වෙලා මනෝ එක්ක සෙට් උණා. මට හිතෙන්නෙම හින්දි කෑල්ලක වගේ ඇත්ත තාත්තාත් එක්ක ගේම ඉල්ලන පුතෙක් වෙන්න. ජයවීරයත් එක්ක මම කොහොමත් ඉන්නේ මලෙන් නේ... ඒ මදිවට මමත් උගේ පුතෙක් වෙච්චි. නොදකින් කියලත් හිතෙනවා. ඒත් ඒක කියාගන්න වෙන්නෙත් මගෙම මූණත් තහඬුවටනේ


"පොඩි අයියේ............" නංගි කාමරේට කඩාගෙන ආවා. හිනා කටයි..... මුන්ගේ හිනාව දකිනකොට මට මුළු ලෝකෙ එක්ක උණත් ගේම ඉල්ලන්න හිතෙනවා.
"මොකද තමුසෙට උනේ....." මගේ නහයත් එක්ක කැවුමක් වගේ බර වෙලා
"ඔයාට සනීප නැද්ද?" නංගි හෝ ගාල මගේ නළලටයි බෙල්ලටයි අත තියලා බලනවා. සැලකිලි නම් ඉතිං අති විශිෂ්ටයි.
"නෑ නෑ පීනසේ බං"
"තාත්තාට භානුකයි මමයි කතා කර කර ඉන්නවා අහු උණා..."
"මගෙන් වගේ ගුටි කෑවද?"
"පාරේ මැදදි නම් කෑවෙ නෑ... ගෙදර ඇවිල්ලා නම් හොඳට කෑවා..." නංගිගේ මූණ දුක සීන් උණා
"දැං භානුකයා කෝ..."
" එදා තමයි අන්තිමට හම්බ උණේ... ඊට පස්සේ එයාට කතා කරන්නවත් විදියක් තිබ්බේ නෑ"
"ඌ ගෙදරින් ගිහින් නේද?"
"ඔව්..."
" අම්මා තාත්තා හොයනවා නේද?"
"ඔව්... ඉතිං ඔයා කොහොමද දන්නේ...?"
"මට ඕවා අරංචියි..."
"" එයාටත් පිස්සු පොඩි අයියේ... ඔච්චර සැප සම්පත් එක්ක ඉන්න තැන ඉන්නේ නැතුව..."
"මොන සැප සම්පත් තිබ්බත් අර ජයවීරයා ලඟ ඉන්නවාට වඩා ඌ ගෙදරින් ගිය එක හොඳයි..." මගේ බොක්කෙ තිබ්බ දේ එලියට ආවා...
"ලිහිණි අක්කා තවත් අසරණ වෙල"
"මම දන්නවා" එයාට වඩා මම අසරණයි නංගියේ............ මම කොහොමද ඒක කියන්නේ....
"ඔයා එහෙනම් ඉන්නකෝ මම වොෂ් එකක් එහෙම දාල එන්නම් කතාවක් දාන්න... අයේ ඔයා යන්නේ නෑ නේද?"
" අනිවා යනවා..."
"අනේ ඇයි ඒ...?"
"මම විභාගේ කරගන්න ඕනේ නේ..."
"විභාගේ කරලා ඔයා මෙහෙ ආවම......... ආයේ යන්නේ නෑ නේද?" මේකිත් පව් අප්පා... ඔය මට ඔය පොල්කිච්චිට පව් කියලා හිතුණ පළවෙනි වතාව. මෙයා විතරක්ද මට උපන් තේකට තාත්තා ගැනත් පව් කියලා අද හිතුණනේ.....
" නෑ නෑ......" නංගි ප්‍රීතියෙන් පිනා වගේ වෙලා යන්න ගියා. හවස් වෙන්න වෙන්න ගෙදර කට්ටිය පිරෙන්න ගත්තා.. අක්කයි අයියයි ගෙදර ආවට පස්සේ ආයේ අර ඉස්සර වගේ ආතල් එකේ උපරිමේ. අර මූකලානේ වගේ බෝරිං නෑ. ඒත් තාරකාට කොහොමද දන්නේ නෑ..... 
"මෙයාව හොයාගෙන කෙල්ලෝ එනවා මෙයා නැති උණාම" අක්කා මගේ කනින් අල්ලලා එයා ලඟින් වාඩි කරව ගත්තා. තාත්තා පොඩ්ඩක් ඈතට වෙන්න ඉදගෙන මගේ දිහා හොරෙන් බලනවා මම දැක්කා.
"අයියේ ආපහු යනවාද?"
"ඔව් මයියා.......... දැං මෙහෙ රස්සාවල් හොයලා ඇති වෙලා... එහෙ ගිහින් පත්තර බෙදුවත් මෙහෙ මාසෙකට ගන්න ගාන සතියෙන් හොයතෑකි."
"අක්කා..... මොනාද කරන්න හිතාගෙන ඉන්නේ...?" අක්කා කවදාවත් බලන්නේ  නැති විදියට මාදිහා බැලුවා
"මොකද මයියා උඹට වෙලා තියෙන්නේ..... අද කෝ අර වාචාලයා"
"ඌව එහෙදි සල්ලි නැතුව වික්කා බං... තමුසෙලා මට වියදමටවත් සත පහක මනි ඕඩරයක් එව්වද?
" මට හැමදාම පර්ස් එක අරිනකොට උඹව මතක් වෙනවා බං... වෙනදාට මගේ පර්ස් එකේ සල්ලි බහිරවයා ගිලින එකේ උඹ නැති දවස් වල ඌත් කොහෙ හරි ගිහින් හිටියා...." ඒ කතාවට තාත්තාට යන්තම් හිනා යනවා මම දැක්කා.... එක පාරටම ගේ ඉස්සරහා ට්‍රයිෂෝ එකක් නතර කලා. මමත් බෙල්ල කඩලා ඒ පැත්ත බැලුවා. අයියානම් ඒකෙන් බහින කෙනා අඳුන ගත්තා වගේ එතනින් නැගිට්ටා... නංගියි අම්මයි සාලෙට ආවා. තාත්තා ඉස්සරහාට ගියා.ආක්කා ඒකෙන් බහින කෙනා දිහා බලාගෙන මට ඇන්නා... 
"අන්න ඔයාව හොයාගෙන ආව කෙල්ල....., අද තාත්තාගෙන් කන්න වෙයිද දන්නේ නෑ" අප්පටසිරි නයි කයිද රෝස් පාන් කිව්වලු.. මේ එන වහන්තරාවට කෙල්ල කිව්වොත් කෙල්ලන්ට මොනාද කියන්නේ.. මගේ ලොකු සහෝදරීගෙ ඇස් දෙක පොලිෂ් කරලා ගන්න වෙනවා....මෙයානම් අයේ අහලා හාෆ් කෙන්චරියට ලං කරපු කෙල්ලෙක්.... කවුද අප්පේ මේ......








Tuesday, December 21, 2010

94 කොටස

අපේ තාත්තා පොඩි කාලේ හැංගි මුත්තං කරලා තියෙන්නේ හොරා පොලිස් වගේ... අනේ මන්දා දැං මොනවා වෙයිද දන්නේ නෑ.
"ලෑස්තිද යන්න...?" මම බලාපොරොත්තු උනේ නම් මීට වඩා වෙනස් දෙයක්.කන හරහා දුම පිට වෙන ආතල් එකක්. හැමදේම චාටර් වෙන්නේ නෑ මම හිතන්නේ. ඔය දොර අස්සේ හැංගිලා හිටියාට මම කියපුවා ඇහෙන්න නැතුව ඇති. අපි එහෙම හිතමුකෝ.. මම කඟවේනා වගේ කාමරෙන් එළියට ආවා.
නැන්දාටත් දොහොත් මුදුන් දීලා නමස්කාර කරලා අපි යන්න පටන් ගත්තා. දැං බලහල්ලාකෝ අමාරුව. තාත්තා ඇටිකෙහෙල් හොරෙන් කාපු උගුඩුවෙක් වගේ ඔහේ යනවා හොරෙන් මගේ දිහා බල බලා.. අර ඩයිවරයා ඌත් හොරෙන් බලනවා .... මම ඉතිං එහෙම කියලා උගේ හොම්බට අනින්නයෑ. මොකද අර කලිසමේ චූ කරගන්න කාලේ ඔය ඩයිවරයා මාව ඉස්කෝලෙත් ගිහින් බස්සලා තියනවා. ලාමකයි. හැබැයි ඌත් ඇවිල්ලා අපේ තාත්තාගේම නැකතේ ඒ ග්‍රහයෝම ඉන්න පොරක්. මම ඔය ඕනෙ තරම් මගේ දිහාම බලාගනිත්වා කියලා හිතාගෙන තාරකා ගැන මනෝ පාරකට සෙට් උණා. මෙන්න ඒ පාර ලිහිණිවද කොහෙද පේනවා... නොදකිං මගේ මෙලෝ රහක් නැති හිත. කරන්න යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. වාහනේ නැවතුණා.... රොදයකටවත් කේස් එකක්ද දන්නේ නෑ. බස් එකක එහෙම උණානම් මුලින්ම බැහැලා සප් එකට සෙට් වෙන්නේ කොල්ලා.. ඒත් මේක ඇවිල්ලා තාත්තාගේ අමාත්‍යංශෙ හුරතලානේ. මම මොකටද මගේ එංජින් ඔයිල් පුච්ච ගන්නේ..............
"මෙතන පොඩ්ඩක් ඉඳලා යමු පුතේ...." කිරි අප්පේ එහෙම කිව්වේ මේ මගේ එක් කුස උපන් තාත්තා.... මට හිතා ගන්න බෑ. මම අදයි දැන ගත්තේ තාත්තාටත් මම පුතෙක් කියලා... මමත් වෙන හිත හිත හිටියේ නෑ බැස්සා.....
" ඇයි තාත්තේ වාහනේ කන්ඩෙම්ද?" මටත් ඉතිං හරුපයක් අහගන්නේ නැතුව ඉන්න බැරි හැටි. කොටියා නිදි කියලා දැන ගත්තාම කනෙන් රිංගන්නමයි යන්නේ....
"නෑ මට උඹත් එක්ක කතාවක් තියනවා... මේවා ගෙදර කතා කරන්න ගත්තාම මල ගෙයක් වගේ ගෙදර කට්ටිය අඬන්න ගන්නවා....මේ මොකද්ද මේ හුටපටේ.. අපේ ගෙදර හිටපු තඩි බළල් තඩියාවත් පරලොව ගිහින්ද?
"මොකද්ද...?" අර ඩයිවරයා අපිට ඕන මඟුලක් කරගන්න කියලා පාරෙන් එහා පැත්තේ තියන තේ කඩේට ගියා....
"කවදාවත් නොකියන්න හිතපු දෙයක් කියන්න උනා...." මේ මට......? දැං තාත්තා මාත් එක්ක ෆිට් වේගෙනවත් එනවාද මන්දා... ඒත අර ඇස් කරකවලා ඔරවනකොට දැනෙන බය එහෙම නැති වෙයිද ෂුවර් නෑ....
" ඉතිං මොකද්ද ඒ...." මටත් දැං කුතුහලේ උපරිමේටම ඇවිත් තියනවා.....
" මට සමාවෙන්න පොඩි පුතේ..." තාත්තා ඇස් දෙක තද කරගත්තා... මේ මොනාද හත්වලාමේ වෙන්න යන්නේ...? අපේ තාත්තා මගේ ඉස්සරහා ටැප් එක අරිනවා... මම මේ තඩි දවල් හීනයක්වත් දකිනවාද මන්දා
" මේ මොකද තාත්තේ මේ....?"
" උඹ නොඅදන්නවා උණාට මම පවුලේ වැඩියෙන්ම ආදරේ කලේ උඹට පුතේ..... " තාත්තාගේ චිප් එක මාරු වෙලා මෙමරි ලොස් එකක්වත් වේගෙන එනවාද මන්දා. මම මොකුත් නොකියා ඉබ්බා වගේ හිටියා... මම කියලා මොනා කියන්නද?
" ඒත් උඹ මගෙවත් නලිනීගෙවත් දරුවෙක් නෙවෙයි...." මට මොනා හිතුනාද මන්දා දෙකේ දෙකේ පොල්ලාක් අරං ඇවිල්ලා මට ඇහැරෙනකන් තඩිබාගන්න හිතුණා.... තාත්තා මේ මොනාද කියන්නේ.....
" මට තේරුනේ නෑ තාත්තේ.... "හීනියට මම අත කොනිත්ත ගත්තේ හීනයක්ද කියලා බලන්න.... ඒත් මේක ඇත්ත කතාවක්නේ.... මම මෙයාලගේ දරුවෙක් නෙවෙයිනම් කවුද? මගේ පපුව රිදෙන්න ගත්තා....
" මම කවදාවත් මේ කතාව උඹට කියන්න හිතාගෙන හිටියේ නෑ.. ඒත් මේ ලඟදි උඹව හොයාගෙන අම්මා ආවා.... "
" අම්මා................." මේක මට නම් තාම දොම්පෙට යන පාර ඇහෙව්වා වගේ.... පපුව කඩාගෙන යන තරම් දුකයි ඒත් කර කියාගන්න දෙයක් නෑ.
"ඔව්.. මගේ පොඩි නංගි බැන්දේ ජයවීරව.... එයා අපිට හිතුවක්කාර වෙලා කසාද බැන්දා ඒ නිසා අපි එයාව පවුලෙන් අයින් කලා... ජයවීර කියන්නේ මහ නරුමයෙක්... මම ඒක දැනගෙන හිටියා... ඒකයි මම විරුද්ධ උණේ..."මම මේ තාත්තාගේ නංගි කෙනෙක්ගේ කතාවක් අහනවාමයි. මම මොකුත් කිව්වේ නෑ. 

"ජයවීර ගොඩාක් මිනිස්සුන්ගේ ඉඩම් කොල්ල කාලා උගේ කරගත්ත එකෙක්, නංගිට ඌත් එක්ක ජීවත් වෙන්න තිත්ත උණා..... ඒත් අපෙන් ඈත් වෙලා හිටපු නිසා එයාට අපි ලඟට එන්න බැරි උණා. එයාට අපි කවුරුත්ම නොදැනුවත්ව පුතෙක් හම්බ උණා... ඒ හම්බ උණේත් හැටන් වලදි....." මට මොකද්දෝ කතාවක් යාන්තම් මතක් වේගෙන වේගෙන එන්න ගත්ත. ඒත් තාත්තාගේ කතාව තාම ඉවර නෑ. මට මතක් වේගෙන එන කතාව ගැන හිතන්න තරම් හිතට ෆිට් එකකුත් නෑ.
"නංගි මට ටෙලිග්‍රේම් එකක් ගැහුවා පුළුවං ඉක්මනට එහාට එන්න කියලා.... මොනාව උණත් මට මගේ පොඩි නංගිව අහක දාන්න බෑ මම එහාට ගියා.... නංගි රෙදි කෑල්ලක ඔතලා මට උඹව මගේ අතට දීලා ජයවීර එන්න කලින් මෙහෙන් යන්න කියලා අඬන්න ගත්තා......" මගේ තුන්ලෝකෙම ෆුල් අන්දුන් කුන්දුන් උණා... මම ජයවීරගේ ළමයෙක්ද? මේ කතාව ඇහුවාට වඩා හොඳයි.. මේ පාරේ හැට හැටේ එන ලොරියකට පැන්නා නම්.... ඒ කියන්නේ ලිහිණිගේ සහෝදරයා මමද?. මම එහෙමම වාහනේ සීට් එකේ වාඩි උණා.....
"මම ගැන අහිතක් හිතන්න එපා පුතේ..... මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ....නලිනී කවදාවත් උඹට අම්මාගේ අඩුව දැනෙන්න තිබ්බේ නෑ..... එයා එයාගේ දැරුවන්ට වඩා උඹට ආදරේ කලා... මමත් එහෙමයි.... එක දවසක් මහ රෑක... මොරසූරණ වැස්සක නංගි අපේ ගෙදර ආවා.. එතකොට උඹ හොඳටෝම නිදි.... ඇවිත් කිව්වා... ජයේ දැනගෙන අපේ පුතා ජීවත් වෙනවා කියලා එයා මාව මරන්න හදනවා.. අනේ අයියේ මාව බේරගන්න කියලා...." මේ කියන්නේ ලිහිණිගේ අම්මා ගැන තමයි... මම ලිහිණිගේ කතාව දන්නවා. අනේ දෙවියනේ මට මොකද්ද මේ සිද්ද වෙලා තියෙන්නේ.. මගේ පපුව කඩාගෙන යන්න එනවා....
" මම නංගිව හැංගුවා පස්සේ පිට රට අරියා..... ඒත් මට නොදන්නාම මේ ලඟදි එයා ලංකාවට ආවා... ඔයාව ඉල්ලගෙන... නලිනී නංගි ඉස්සරහා වැඳ වැඳ එහෙම කරන්න එපා කියලා අඬන්න ගත්තා.... ඒත් නංගි එදා වගේම හිතුවක්කාරයි.... එයා අපිට තර්ජනය කරලා ගියා.. ජයවීරට මේ ඔක්කොම කියනවා කියලා උඹව එයාට දුන්නේ නැත්නම්.... මට හිතා ගන්න බෑ පුතේ මම මොකද කරන්නේ කියලා... අපේ ගෙදර කාටවත් උඹ නැතුව ඉන්න බෑ.. මට උඹ මගේම දරුවෙක්... මට කියන්න පුතේ මම මොනාද කරන්නේ දැං...." තාත්තාගේ ඇස් වල ආයෙමත් කඳුළු පිරෙන්න ගත්තා..... මට පව් කියලා හිතුණා.. එයාට වඩා මම පව් නැද්ද? එක පාරටම තිබ්බ සබ්බ සකල මනාවම නැති උණා වගේ දැනෙන්න ගත්තේ.... හුස්ම ගන්නවත් බැරි තරම් මගේ හිත තද වෙලා.... තාත්තාට වගේ ඇස් වලට කඳුළු එන්නෙත් නෑ.
"මාව තාත්තලාට එපා වෙලා නම් ඔයාලා හොඳයි කියලා හිතන දෙයක් කරන්න............ මම නිසා අක්කගෙයි නංගිගෙයි ජීවිත වලට කරදරයක් වෙන්න දෙන්න එපා...." ඔන්න මටත් ටැප් එක හරි යාගෙන එන්නේ.... මට දැනෙන්න ගත්තේ මාව මුලින්ම ඉස්කෝලෙට දාල අම්මා යනකොට දැනිච්ච පාලූවයි දුකයි. මම එදත් සෑහෙන වෙලාවක් ඇඬුවා....
"අපිට උඹ වැඩි නෑ පුතේ..... මට උඹ මගෙ උන්ටත් වඩා වටිනවා.. ඒත් උඹේ අම්මාට කෙලෙහි ගුණ කලඳක්වත් නෑ" මට ඉකි ගැහෙන්න ගත්තා..... මට කරකියා ගන්න දෙයක් නැති වෙලා
" එයාට එයාගෙ අනිත් ළමයි එක්ක ඉන්න බැරි ඇයි තාත්තේ..... මම කොහොමද ඔයාලව දාල යන්නේ..." මම අඬන එක අස්සෙන් ඒක කොහොම හරි කියා ගත්තා....
" ඒ ගෑනිට වෙන ළමයි නෑ පොඩි පුතේ......" මට වෙන ප්‍රශ්න අහන්න විදියක් නෑ.... ඒත් ප්‍රශ්න වැලක් මගේ හිතේ තියෙනවා... මම ඒවා තාත්තාගෙන් කොහොම අහන්නද මගේ කට හඬ උඟුරෙන් උඩට එන්නෙ නැතුව..... අඬන එක හරිම අමාරු දෙයක්.. පපුව දැවිල්ල අරගෙන පිච්චිලා යනවා... මේ මොකද්ද මට සිද්ද වෙලා තියෙන්නේ... මට උදව්වක් කරන්න මේ ලෝකේ මොකෙක්වත් නැද්ද?... මට තවත් ඇඬෙනව නවත්ත ගන්න බෑ......











Friday, December 10, 2010

93 කොටස


ලියුම අරගෙන ගිහින් මගේ කාමරේ මේසෙ උඩින් තියලා. ෂර්ට් එකක් දාගෙන එළියට බැස්සේ ඔළුවේ වැඩ කරන නහර වලට එක්ස් සයිස් එකටත් එක්ක. තාරකා නැතුව ක්ලාස් යන එකේ තේරුමකුත් නෑ. මොකෝ මම ක්ලාස් යන්නේ ඉගෙන ගන්නද නෑනේ.... අනේ මන්දා මේවා මෙහෙම ගිහින් කොහොම වෙයිද කියලා පාන් වලට අනපු පිටි වලින් තෝසෙ කෑවා වගේ වෙයිද දන්නේ නෑ. ලිහිණි මදිවට තාරකා, දැං තව ඇලිස් කෙනෙක්. කොල්ලා බවලත් අය අතර බලවත් වෙලා බලාගෙන යනකොට. ඒත් අක්කගෙ ලියුම තිබ්බ සමහර දේවල් කොල්ලගේ බොක්කටම තට්ටු කරලා. නංගි භානුකයා නැතුව ඇත්තේ ෆුල් අබ්ලික් එකේ. මට මෙහෙම බස් එකේ නැගලා කොළඹ යන්න හිතෙනවා. ඒත් යකෝ හැමදාම වගේ මගේ සාක්කු හිස්. ගෙදරට තියා අපායටවත් යන්න තුට්ටු දෙකක් අතේ නෑ. බස් පාරට ලඟ තියන බෝක්කු කෑල්ලේ ඉඳගෙන පාරේ යන කෑලි දිහා බල බලා මම ගැනම මම කල්පනා කරද්දි ඈත් මොක්ද්ද හුරු පුරුදු වාහනයක් එනවා දැක්කා. වැඩිය දඟලන්නේ නැතුව මම එන එක මීටරේට එනකන් ඔහේ හිටියා. මෙන්න මෙ දැරැහැව ඇවිල්ලා මගේ ලඟ නතර උණා. කවුද අප්පේ අළුත් කෑමක්වත්ද? මම ටක් ගාලා හිට ගත්තා...
"පොඩි පුතා....." අප්පටසිරි මේ වාහනෙන් බහින්නේ තාත්තා නේද? දෙයියෝ සාක්කි මේ තාත්තා තමයි. මේ අමාත්‍යංසේ වාහනේනේ.. දැක්ක කල් කොහෙද ඉතිං දැං මෙහෙම වාහනයක් තියා මොරිස් කට්ටක් දකින්නෙත් කොච්චර අමාරුවෙන්ද?
"තාත්තා මෙහෙ....."
"අමාත්‍යංසෙ වැඩකට මම මේ ලඟට ආවා... මේ ටිකක් ආවා කට්ටිය බලලා යන්න.... මොකද මෙතනට වෙලා කරන්නේ...?" මම ඉතිං මෙතනට වෙලාත් හිතුවෙ ගෙදර ගැන කියලා කිව්වොත් චාටර් නේ....
"ගෙදර ඉන්න කම්මැලුයි එළියට ආවා...."
" මම ඒ පැත්තේ යනවා...."
"හරි යන්න.... " මම ඉතිං අල්ල ගන්නයෑ....
"විභාගෙත් ලඟයි නේද?"
"ඔව් තව මාස දෙකයි" ප්‍රශ්න අහන ඒවාට වැල් වටාරම් නැතුව උත්තර දෙනවා...ඊට වඩා දෙයක් නෑ
"දැං පාඩම් කරනවා ඇතිනේ..." තාත්තාත් අමාත්‍යංසේ වාහනෙන් ආව නිසාද කොහෙද ගෑස් බැහැලා. දැං ඔය අහපු ප්‍රශ්නේ වෙන දවසක නම් අහනවාද? ඕකට දෙන්න උත්තරයක් මට එදාත් නෑ අදත් නෑ.
"ඔව් පාඩම් කරනවා ඇති." මම වෙන මොනවා කියන්නද?. තාත්තා වාහනේ ඩ්‍රයිවරයාට නෝණ්ඩි වෙන නිසා යන්න හැරුණා.
"අම්මා කජු අළුවා වගයක් හදලා දුන්නා මම නැන්දාලාගේ ගෙදරින් තියනවා" එළකිරිනේ... අම්මා මට කොච්චර ආදරේද බලන්න...
"හා.........." කෝ මෙයා මට විභාගේ ඉවර වෙලා එන්න කියන්නෙ නෑනේ....මොකුත් නොකියා තාත්තා එතනින් වාහනේ නැගලා ගෙවල් පැත්තට ගියා. මම ගෙදර යන එකත් දැං තත්වෙට හොඳ මදි.මොනා කරන්නද මන්දා.... පොඩ්ඩක් වෙලාවක් ආයෙත් බෝක්කුව උඩම ඉදගෙන හිටියා. මම මේ මොනාද කරන්නේ. මට නම් තේරෙන්නේ නෑ. ඔන්න ඒපාර රෝද තුනක් මගේ ලඟ නතර උණා. කවුද ඒපාර මේකෙන් බහින්නේ. මම ටිකක් එඹිලා බැලුවා. තාරකා.....
"තාරකා.........."තාරකා යන්තම් හිනා වෙලා පාර දිගේ යන්න ගත්තා.... බලාපල්ලාකෝ මෙයාගේ අඩම්බරේ.... ඇත්තමයි මේ වෙලාවට තමයි හිතෙන්නේ උස්සලා පොලවේ ගහන්න
"ඔහොම පොඩ්ඩක් ඉන්න බැරිද..? අඳුනන්නේ නෑ වගේ යන්නේ" තාරකා එතන හිට්ටා.... මම එතනට අඩියට දෙකට පැන්නා....
" ඩයිනමයිට් එක කෝ....."
" එයාලාගේ අත්තම්මාලාගෙ ගෙදර නැවතුණා..."
"ඉතිං ඔයා ආවේ....?"
" අද හවසට පන්තියට යන්න තියන නිසා...පොතක් ටිකක් බලාගන්න"
"මාත් එක්ක තරහින් ඉන්නේ ඇයි?"
"මම තරහා නෑ..."
" ඩයිනමයිට් එක මාත් එක්ක ඉන්නේ නයා සහ මුගටියා ගානට.... ඔයාව අවුල් කරන්න මම කිසි දෙයක් කිව්වේ නෑ... ඇත්තම කිව්වොත්..." ඔන්න කොල්ලා වක්කඩ ඇරියා වගේ ඇත්ත කියාගෙන කියාගෙන යන්න එන්නේ... හදිසියේම බ්රේක් එක ලෑල්ලට පෑගුවේ නිකන් චාටර් වෙන්න යන නිසා. 
"ඒ කිසි දෙයක් දැං වැඩක් නෑනේ තෙනුර...."
"ඒකනේ......  තාරකා අපි අද යන සර් ගොඩාක් දේවල් ඔයාලගේ අතීතය ගැන දන්නවා......."
"මොනාද?"
"ඔයාලගේ අම්මා තාත්තා... ගැන"
" ඔයා කොහොමද දන්නේ....?"
"සර් මගේ ෆිට් එකනේ...."
"ඔයා සර්ට මම ගැන කිව්වද?"
"පිස්සුද?.... ඔයා හසංකවත් හම්බ වෙන්න හරිද...? මිනිහා නරක නෑ.. මිනිහා දන්න දේවලුත් පුලුවන් තරම් එළියට ගන්න බලන්න..."
"මම හසංකට කැමති නෑ.... අනික මම දැනගෙන හිටියේ නෑ අක්කා හසංකට ඔච්චර කැමතියි කියලා"
" මේ කෙල්ලො නම් අනේ මන්දා.... කමක් නෑ... දැං හිතන අය එහෙම හිතලානේ.. ඕවා වෙනස් කරන්න අපිට පුළුවංද?"
මම තාරකා එක්ක ගෙවල් පැත්තට පාවෙන්න පටන් ගත්තා....
" මම උණත් එහෙමයි..... "
"ඔයා විතරක් නෙවෙයි තාරකා... අපි උණත් එහෙමයි...., අපි ඔක්කොම එකම අච්චුවෙන් බාපු ගල් බනිස් වගේ...."
"එදා සිද්ධියට මමයි වැරදි..."
" මොන සිද්ධියටද?"
"ඒක අමතක කරමු"
"හරි ආයේ බොරු නොකියා මම මේ කියන්නේ එදා ඔයාට මම මොනා කිව්වද කියලා මට මතක නෑ තාරකා.. මට බය හිතුනේ මම හසංක ගැන ඔයාට බැන්නද කියලා... ඒකයි මම කිව්වේ කියපු හැමදේම අමතක කරන්න කියලා....."
"ඉතිං මම අමතක කලා"
"මම ඔයාට බැනලා ඔයාගෙ හිත එදා රිද්දුවෙ නැත්නම් ඉතිං කිව්ව දේවල් අමතක කරන්න එපා... වැඩේ තියෙන්නේ මම මොනාද කිව්වේ කියලා විතරක් මට කියන්න...." ඒ කතාවට තාරකාගේ මූණට හිනාවක් ආවා.. අනේ අර කම්බුලේ වල.... ආසාවේ බෑ.. කොච්චර කාලෙකට පස්සෙද දකින්නේ....


අපි ගෙදරට යනකොට තාත්තා නැන්දාත් එක්ක බර කතාවක්. මම තාරකා එක්ක ගෙට ඇතුල් වෙනවා දැකලා තාත්තා හොරෙන් තාරකා දිහා බැලුවා. තාත්තාට තියෙන්නෙත් මට වගේම පොර කුකුල් බැල්මක් තමයි.
"පොඩි පුතාට තාත්තා ලෑස්ති වෙන්න කියන්නේ ගෙදර යන්න...." මේ මොකෝ මේ හෙන ගෙඩිය දැං මට කටක් ඇරලා කිව්වාද එන්න කියලා. ෂුවර් එකට නැන්දා ගින්නක් දීලද කොහෙද
"දැං...?"
"ඔව්...." නැන්දාමයි කතා කරන්නේ..... මම කොහොමද දැං යන්නේ.. වැඩේ ලස්සනට ගොඩ දාගත්තා විතරයි
"හදිස්සියේම"
" නෑ දවස් දෙක තුනකට...." තාත්තා ඔන්න කට ඇරියා...
" මට හැබැයි නීති එක්ක ඉන්න බෑ...." ඉල්ලුම තියනකොටලු අපේ ඩිමාන්ඩ් එකත් වැඩ කරන්නේ.... ඔන්න ඔහේ මගේ අරව මේවත් දාලා බලනවා.
"හරි යමංකෝ ගෙදර.... මොනාද වෙන්නේ කියලා මම කියන්නම්" ඇයි හත්දෙයියනේ අර පාරෙදි තිබ්බ සාමකමී මොකද්ද එක මෙතනදි නැති හැටි. ආයේ මට අර මොකද්ද එකට වගේ බය හිතෙන කට හඬින් කතා කරන්න අරං. මම යන්දෝ නොයන්දෝ කියලා මේ හිතන්නේ... මේ තියන තත්වෙ හැටියට තාරකාව දාල යන එකත් ඇඟට ගුණ නෑ. ඒත් දැං තාත්තා ඇවිල්ල යං කියනකොට ඇඟ කිලිපොලා යනවා බයට. මොන සිංහ වෙස් ගත්තත් තාත්තා ඈනුමක් ඇරිය ගමන් කොල්ලා සැරෙන්ඩර්... අනේ ඇත්තමයි උප්පතියෙන්ම මට තාත්තා ඉස්සරහා ගට නැති හැටි බලපල්ලාකෝ මම කාමරේට ගිහින් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන නැන්දාගෙ ඇහැවහලා ඩයිනමයිට් එකේ කාමරේට රිංගුවා. 
"තාරකා....." හිමින් සැරේ කතා කලා. තාරකා අතත් බෙල්ලේ එල්ලගෙන පොතක් හොයනවාද කොහෙද
"තෙනුර මෙහෙම කාමරේටෙ එන්න එපා කුමාරි ඇන්ටි දැක්කොත් මට විසුමක් නැති වෙනවා..........."
"මට කොළඹ යන්න වෙලා"
"මම දන්නවා...."
"මම ගිහින් එනකන් මොන අවස්තාවකදිවත් මෙහෙන් යන්න හදන්න එපා... මොනා කිව්වත් මෙහෙ ඉන්න ඕනේ..."තාරකා පුදුමයෙන් මගෙ දිහා බැලුවා
"ඇයි ඔයා එහෙම කියන්නේ තෙනුර"
"මම එහෙම කියන්නේ එහෙම කියන්න ඕනේ නිසා"
"මට කියන්න... ඔයා දැං ඔය යන්නේ ආයේ මෙහෙ එන්න බලාගෙන නෙවෙයිද කියලා"
"මම එනවා.. මම විභාගේ කරන්න ඕනේ නේ"
" එහෙනම් එතකන් මම බලාගෙන ඉන්නම්" තාරකාගේ ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා
" අද ක්ලාස් යන්න"
"හා.."
" අඬන්නේ නැතුව ඉන්න"
"හා"
" මම දැං ගිහින් එන්නම්"
"හා"
"තරහා නෑ නේද?"
"නෑ"
"මම හිතුවා ඒකටත් හා කියයි කියලා" තාරකා හිනා උණා
"මම ලිහිණිව මතක් කලා කියන්න"
"ලිහිණි...?"
"ඔව්" 
"හා මම කියන්නම්"
"ඔයා ලිහිණිවත් හම්බ වෙනවාද?"
"සමහරවිට" තාරකා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා
"හම්බ උණාට කමක් නෑ.. බීලා එහෙම එයා ලඟට යන්න එපා.. අන්තිමට එයාටත් මොනා කියයිද දන්නේ නෑ..."
"හොඳමයි මැඩම්...."
" මටත් දැං ඔයා පේන්න නැතුව ඉන්න බෑ" තාරකාගේ කතාවට මගේ රෝම කූප සර සර ගාල කුපිත වෙලා ගියා.... අනේ මට ඉඹගෙන ඉඹගෙන යන්න තිබ්බනම් උඹව කෙල්ලේ.... මටත් එහෙමයි කියන්න හදලා මම කිව්වේ නෑ.
"මම ඉක්මනට එනවා... " මම කාමරේ ඉඳලා ආපහු හැරුණා විතරයි දොර රෙද්දෙන් එහා පැත්තේ හොල්මනක්.............. මම පටස් ගාලා දොර රෙද්ද මෙහාට කරලා බැලුවා...
"තාත්තේ......" මට ඉබේටම කියවුණා.....

Tuesday, November 30, 2010

92 කොටස


සර් වැඩේ ගානට දෙනවා මගේ මේ ඇස් දෙකෙන් දැක්කා. ඒකෙන් තාරකාටත් හැපී මටත් හැපී ඒත් අපේ ඩයිනමයිට් එක පුපුරනවා. මොනා කරන්නද? එයා මේ හැමදේටම නැට්ට පාගගෙන කයිද කයිද කිය කියා අහනවා. මහලොක්කා කියලා හිතන් හිටියා කොස් ඇට දෙකක් තරම් උස නෑ.... මාව මට්ටු කරන්න එනවා. මම සැනසීමේ ගිහින් නිදා ගත්තා. අපේ අම්මා කියන්නේ ඇත්ත... පන්සල් ගියාම සැනසීම හම්බ වෙනවා.....

පහුවදා උදේ මම ගට අරං වටපිට බලලා තාරකාලාගෙ කාමරේට රිංගුවා.. හත්වලාමයි.. මේකේ කවුරුත් නෑනේ..... මම හෙමින් කුස්සිය පැත්තට පා උණා.... මුන් උදෙන්ම එක්සයිස් පාරක්වත් දාන්න ගිහින්ද නැත්නම් මේ එළියට බහින වෙලාවක්ද?
"පොඩි පුතා නැගිට්ටාද?" මම වහලා තිබ්බ තේ එක අරන් උගුරු දෙකක් බිව්වා... අපේ නැන්දා ඇවිල්ලා නාලා ආවාම නෑවද අහන ජාතියේ... නැත්නම් මම මේ ඇහෙරගෙන ඇවිල්ල තේ එක බොනකොට අහයිද නගිට්ටාද කියලා. මම නින්දෙන් ඇවිදිනවා කියලා හිතනවාද දන්නේ නෑ. 
" නැන්දේ... කෝ නංගිලා..."
"ඔන්න ලොකූ නැතුව බෑ කියලා මාමා යනවත් එක්කම ආච්චිලාගේ ගෙදර බහිනවා කියලා ගියා...."අප්පටසිරි එතකොට තාරකා..... එයාවත් අරං ගිහින්ද?
"එතකොට තාරකාත් ගිහින්ද?"
"මම කිව්ව එක්කං යන්න කියලා.. මට මේ වැඩ මදිවාට එයාගෙ වැඩත් කර කරා ඉන්න වෙලාවක් නෑ....අනික ලොකූ ගෙදරින් ගියේ එයා නිසා එයා දැන ගන්න ඕනේ ලොකූව එක්කන් එන්න"
"අද හවසට පන්තියකුත් තියනවා..." මම හිමින් සැරේ කියා ගත්තේ හිත අඩියට බැස්ස අර සැනසීමද මොකද්ද එක එක්ක.
"මොකද්ද පොඩි පුතේ...."
"නෑ නැන්දේ මොකුත් නෑ...."
" මට දැං ඔය කෙල්ලව එපා වෙලා තියෙන්නේ... එයා හිතන් ඉන්නේ මේක එයාගෙ බූදලෙ කියලා.....ඔය විභගේ ඉවර උණාට පස්සේ මම යන්න කියනවා.... ඔය මාමාලා නැන්දාලා ඉන්නවා කියන්නේ...."
"තාරකාට යන්න කියනවා"
"ඔව්... ඔය කෝල් කර කරා යන්නේ ... අනික අනුන්ගෙ වගකීම් මට අරං දැං ඇති වෙලා ..... මම හිතුවාට වඩා මෙයා නැට්ටුක්කාරි" අනේ දෙයියනේ මේ මොන හෙන ගෙඩියක්ද? මේ කෙල්ල කොහෙ කියලා යන්නද?
"අනුන්ගේ වගකීම් කිව්වේ මටත් එක්ක නේද නැන්දේ?" මට ඉබේටම බිම බැලුණා...
"උඹ කොහොමද පුතේ අනුන්ගේ වෙන්නේ....? උඹ අපේ එකා........" තේක බීලා මම ඔහේ ටැප් එකට අල්ලලා කෝප්පේ හොදලා මගේ කාමරේට ගියා.... මම උදේ නැගිට්ටේ කොමාන්ඩෝ දියසේන වගේ... දැං කාමරේට ආවේ පොට ගිය රැම්බෝ වගේ.... මොනා කරන්නද කරුමෙට.. අම්මලා තාත්තාලා නැති කොට ඔහොම වෙනවා... අනිත් උන්ගේ ගෑස් බලන්න. මේ කෙල්ල ගැන මට මාර අවුලක් තියෙන්නේ... මගේ මේ කිඩ්නියට මොකුත් අදහසක් එන්නේම නැති හැටි. 
"ආ පොඩි පුතේ... ඊයේ ඌඹට ලියුමක් ආවා... මට දෙන්න බැරි උණානේ.." නැන්දා වැඩ බලන සිකියුරිටි වගේ කාමරේට කඩාගෙන ආවා... ඔහොමත් මේ උදේ පානදර නාඹර කොල්ලෙක්ගේ කාමරේට කඩාගෙන එනවාද? අනේ මන්දා මෙයාලා වයසට යනකොට අර මැනස්ද මොනාද ඒවා මුල ඉදං හදන්න ඕනේ... මම වගේ සීලාචාර එකෙක් මේ කාමරේ ඉන්න හින්දා හොඳයි. මෙතන බුවා වගේ එකෙක් හිටියානම් දවස් ගානකට නැනදාට ඉසකුඩුච්චි දාන්න වෙනවා....
"මට ලියුමක්...?"
"ඔව් කොළඹින්....." මම ලියුම අරං ඇඩ්‍රස් එක ලියලා තියන අකුරු බැලුවා... මෙලෝ රහක් නෑ... කුරුමිනි අන්ඩුවලට නිල් පාට පේන්ට් ගාලා වගේ.. කවුද යකෝ මට මෙහෙට ලියුම් එවන්න දන්න එකා.... බලමු කඩලා..... නැන්දා ඒත් ඉන්නවානේ මාදිහා බලාගෙනෙ.....
"මම බලන්නම්කෝ නැන්දේ..."නැන්දාටත් ඕනෙ නැති රෙද්දක් නෑ.... දැං බලාගෙන ඉන්නේ මම එයාටත් ඇහෙන්න ලියුම කියවයි කියලාද දන්නේ නෑ.....නැන්දාට මම මොනාද කිව්වේ කියලා තේරිලා නෑ.. මෙතනම ඉන්නව මගේ අතේ තිබ්බ ලියුම දිහා බලාගෙන. මම ශේප් එකේ නැගිටලා කාමරෙන් එළියට ඇවිත් සාලෙට පා උණා වට පිට බැලුවාම නැන්දා නම් පේන්න නෑ....
ලියුම කැඩුවා අප්පට සිරි අර අකුරු වලින්ම තමයි ලියුම තියෙන්නේ..... කවුද මේ... මට කියවීම තරම් එපා කරපු එකක් නෑ. ඒත් දෙය්යයිනේ කියලා මට මේ ලියුමක් සෙට් උණ පළවෙනි වතාවනේ.. ඔන්න ඔහේ කියවනවා

" මයියා.....,

මට ටෙලිෆෝන් එකෙන් මේ කිසි දෙයක් උඹට කියන්න බෑ ඒ නිසයි ලියුමක් එවන්න හිතුවේ... උඹ හොඳින් කියලා මම හිතනවා.... උඹ නැතුව ගෙදර අම්බානකට පාළුයි... තාත්තාත් නිතරම ලෙඩ වෙනවා.... පහුගෙය මාස දෙකට තුන් සැරයක් ඉස්පිරිතාලේ නැවැත්තුවා පපුව රිදෙන්න අරං. උඹ නොදන්නවා උණාට තාත්තා වැඩිපුර හිතන්නේ උඹ ගැන. වෙලාවකට තනියම ඉස්තෝප්පුවට වෙලා අඬනවා.... අයියා... ආයෙත් පිටරට යන්න දඟලනවා... මේ සැරේ නම් රස්සවකට. එයා ගොඩාක් අමාරුවෙන් හොයා ගත්ත රස්සාවත් තාත්තාලාගේ ඇමතිගේ කැම්පේන් එකක් නිසා නැති උණා.. බලාගෙන යනකොට අයියාගේ බොසා විරුද්ධ පක්ෂේ එකෙක්ලු. අයියත් මේ දවස් වල ගෙදර....
නංගි ක්ලාස් යනව කියලා කොල්ලෙක් එක්ක ඉඳලා මේ ලඟදී තාත්තාගෙන් හොඳටම ගුටි කෑවා. දැං නංගිත් ගෙදරට හිර වෙලා. එයාත් ඉන්නේ කඳුළු බිබී...  අම්මා උණාත් කට ඇරලා හිනා උණ කාලයක් මතක නෑ. උඹව හැමෝටම සෑහෙන්න ඕනේ.... උඹට ඒක තේරෙන්නේ නෑ. මමත් ගොඩාක් දුකෙන් මේ දවස් වල ඉන්නේ... ලහිරු මාව දාල ගියාට පස්සේ මටත් කිසි දෙයක් හිතාගන්න බෑ.. මම කීපසැරයක්ම ෆෝන් එක ගත්තා උඹට කෝල් එකක් දෙන්න ඒත් ආයෙත් හිතුණා උඹ අපිත් එක්ක තරහෙන් ඇති කියලා.... 
මයියෝ... උඹ විභාගේ ඉවර වෙලා ගෙදර වරෙන්... උඹව අපිට ඕනේ.... උඹ නැතිව මැලවිලා තියන අපේ මූණු දෙක්කොත් උඹ කවදාවත් අපිව ආයේ දාල යන්න හිතන්නෙවත් නෑ...
එක දවසක් උඹව හොයාගෙන ලස්සන කෙල්ලෙක් මෙහෙ ආවා.... එදා මමයි නංගියි විතරයි හිටියේ. අපි ඔයා නෑ කිව්වාම ඔයා ඉන්න තැනක ඇඩ්‍රස් දෙන්න කියලා කිව්වා... අපි දුන්නේ නම් නෑ. එයාත් අපිට විස්තර ඇහුවාම කිව්වේ නෑ. නංගිත් එයාව මීට කලින් කවදාවත් දැකලා නෑ කිව්වා. මයියා අපිත් එක්ක තරහා වෙන්න එපා.... අපි උඹට අපෙ අඟේ කෑල්ලකට වඩා ආදරෙයි... විභාගේ ඉවර වෙලා ගෙදර වරෙන් බං.... මම කියන නිසාවත්, තාත්තා අම්මා මම අයියා, නංගි වෙනුවෙන් වත්. අපි හැමදාම බලාගෙන ඉන්නවා. අඩුම ගානේ උඹගෙ කටහඬ අහන්නවත්. පුලූවං වෙලාවක කෝල් එකක් දීපං


මම නාවත්තන්නම් උඹට බුදු සරණයි
මීට 
අක්කා


මේක අඳෝනා පීස් එකක්නේ, ඔන්න බලාපල්ලා මටත් ගිය කල. නිතර දකිනකොට අගේ නැති උණාට නොදැක ඉන්නකොට හදුන්කූරකුත් පත්තු කරනවා කියන්නේ ඕකට තමයි. අක්කාගේ විස්තරෙන් මට හොඳටම ෂුවර් කොල්ලා නැතුව ගෙදරම අනාථ වෙලා කියලා. ඒත් කොල්ලාට යන්න කිව්වේ ගෙදර අයම තමයිනේ... ඔන්න ඔහෙ කමක් නෑ.... විභාගේ ඉවර වෙලා ගෙදර ගිහින් එනවා. එතකොට තාරකා... ඒකත් මොකක් හරි කරලා යන්න ඕනේ.... පොඩ්ඩක් ඉන්නවා බලන්න.. මාව හම්බ වෙන්න ලස්සන කෙල්ලෙක් ආව කතාවක් කියලා තිබ්බා නේද? කවුද අප්පේ ඒ බවලතා... මෝහිණිවත්ද? නංගි දන්නේ නැත්නම් ඒ ලිහිණි වෙන්න බෑ එහෙනම් කව්ද? මගෙ මීටරේට අහු වෙන්නෙම නෑ නේ......කවුද බොලේ ඒ ආව ඇලිස්.....











Tuesday, November 23, 2010

91 කොටස



අත තියන තියන ගහේ දෙබර කූඩයක්. අවසිහිහෙන් උණත් කොල්ලා පපුව ඉස්සරහාට දාලා කියලා තියන එක අයේ ටැප් එක අරලා වතුරට ඇල්ලුවා වගේ ලස්සනට හෝදලා දාලා. මමත් ඉතිං කෙහෙතගේ නැකතෙන් හරි මේ ලෝකෙට ආවනේ අම්මපා... ෂිඃ විතරක්.... මම උදේ ඉඳං ට්‍රයි එක දුන්නෙම තාරකා හම්බ වෙන්න යන්න. කොහෙද යමපල්ලි වගේ ඩයිනමයිට් එක හරස් වෙනවා. මටත් කියලා අර මොකද්ද එකක් තියනවානේ... ඒකත් මේ කෙල්ලෝ ඉස්සරහා බාල්දු කර ගන්න බෑ. ඒත් අම්මපා මම කරපු හෝතම්බු වැඩේ තේරුම් කරලා දෙන්නත් ඕනේ. එක වෙලාවකට හිතනවා ඔන්න ඔහේ ඕනේ නෑ කියලා.... ආයෙ හිතෙනවා මේකෙත් ආතල් එකක් තියනවානේ කියලා
"පොඩි පුතේ..." තාරකාව තනිපංගලමේ අල්ල ගන්න ගැටයක් ගහ ගහා ඉන්න වෙලාවේ මෙන්න නැන්දා කන ලඟ කෙඳිරි ගානවා.... කොහෙද දාපු ගැටෙත් ගිලුණා...
"ආ... ඇයි නැන්දේ...?"
" තාත්තා පණිවිඩයක් එවලා තිබුණා...."
"අපේ තාත්තා..... ?" 
"ඔව්.... විභාගේ ඉවරවෙලා ගෙදර එන්න කියලා...."
" මට ගෙදර යන්න ඕනේ නෑ.... ආයේ පණිවිඩ තිබ්බ වෙලාවක එක කියන්න"
"පොඩි පුතේ දැං මදෑ තාත්තා එක්ක තරහා අල්ලන් හිටියා... ඒ මනුස්සයා හැමදේම කලේ ඔයාගෙ හොඳටනේ..."
" මට ගොඩාක් හොඳට හිටියා තමයි කරපු හැමදේම.... දැං දෙයියනේ කියලා කාට හරි කර ඇරලා කියන්න පුලුවංනේ... කොළඹ ඉගෙන ගෙන කෑගල්ලෙ ප්‍රයිවට් ඒලෙවල් කලා කියලා..." මටත් ඉතිං ඕවා ඇහෙනකොට ගඟේ මාළු ඇඟේ නටනවා...
"විභාගේ ඉවර වෙලා ගෙදර යන්නෙ නැතුව මොකද කරන්නේ....?"
"නැන්දා බය වෙන්න එපා මම ගෙදර නොගියාට කොළඹ යනවා.... "
" පුතේ තාත්තා ඒ හැමදයක්ම කලේ ඔයාට තියන ආදරේට"
" ඉස්සර අපේ අම්මත් ඔහොමයි නැන්දේ.... අපේ ගෙදර හතර දෙනෙක් හිටියා උන් ඔක්කොගෙම වැරදි වලට ගුටි කෑවේ මම.... උන් හොඳ උන් මම නරක එකා... මුල්ලකට වෙලා මම අඬනකොට අම්ම කියනවා තාත්තා මට ගැහුවේ ඒ ඔක්කොගෙන්ම මට වැඩියෙන් ආදරේ නිසා කියලා... ඒ කලේ මම හපන්නේ මොකුත් නැතුව කියන හැම එකම ගිල්ලා... ඒත් දැම් මාව අන්දන්න පොඩ්ඩක් අමාරුයි...."
" විභාගෙන් පස්සේ... මෙහෙ ඉදලා රස්සවක්වත් හොයා ගන්න පුලුවංද?" නැන්දා ලෝකේ පාළු වෙන්න හුස්මක් ඇරියා.....
" මම කොළඹ ගිහින් ඉතුරුවා බලා ගන්නම්.... මට මාව බලා ගන්න පුළුවං.. මම පොඩි එකෙක් නෙවෙයිනේ උකුලේ තියන් බත් කවන්න" නැන්දා මාත් එක්ක කතා කරන එක නවත්තලා එතනින් යන්න ගියා.... ඔක්කොම ඔලුව කෑවා.... දැං මේ තාත්තාගේ පණිවිඩේ කියන්න ඇවිල්ලා යන්තම් තද කරගත්ත ගැටෙත් ලිහිලා ගියා. 
"අම්මා අපි පන්සල් ගිහින් එන්න යනවා..." ඩයිනමයිට් එක කෑ ගහනව ඇහුණා... බඩුම තමයි. මෙයා පන්සලට ගිය ගමන් මම තාරකාව හමබ වෙනවා.. දෙන්නම්කෝ තමුසෙට දොඩම්.... ඒත් එක්කම ඩයිනමයිට් එක මගේ දිහා බලාගෙන ගස්සගෙන එතනින් ගියා. හැටි විතරක් .... ඒත් එක්කම අතත් බෙල්ලෙ එල්ලගෙන තාරකා මාව පාස් කරගෙන ගියා.. මට ඉබේට නැගිට්ටුණා.... මොනා වෙලාද මන්දා.... තාරකා හිමින්  මගේ දිහා බැලුවා...මූණ මැලවිලා ගිහින් . ඇස් දෙකත් බොරම බොර පාටයි. අර කම්බුලෙ වල පේන තෙක් මානෙක නෑ.... අනේ මේ මොකද කෙල්ලෙ මේ.... කවදාවත් නැති තරම් මාව සෙන්ටිමෙන්ටල් වෙලා ගියා.
" තාරකා අපි යමුද....? කොච්චර බැලුවෙත් බොරු කාරයා බොරු කාරයම තමයි." තාරකා හෙමින් සැරේ ඩයිනමයිට් එකත් එක්කම යන්න ගියා..... මමත් යන්දෝ නොයන්දෝ කියලා හිතලා හිතලා අන්තිමට යන්න පිටත් උණා... මම හිතන ටිකට මෙයාලා පන්සලට යන්නත් ඇති.
"පුතා..... " කවුද ටකරං කට හඬකින් පුතා කියනවා මම එච්චර ගානක් නොගෙන තව ඉස්සරහාට ආවා
"පුතා...... " මම වටපිට බැලුවා පාර පුරාම පුතෙකුට ඉන්නේ මම විතරයි.... ඔන්න ඔහේ ආපහු හැරිලා බැලුවා
"සර්....." මම හිට්ටා...
" කොහෙද මේ වේගෙන් යන්නේ....." ලැජ්ජාවේ බෑ... මම වේගෙන් ගිහින්ද?
" පන්සලට.... " සර් මා ලඟටම ආවා...
" යං මමත් මේ පන්සල පැත්තේ යන ගමන්" ඉතිං ඔයාත් මට උදැල්ල සෙට් කරනවානේ සර්... අනේ මන්දා දැං ඉතිං ඕවර් ටේක කරන්නද?
" සර් මෙ වෙලාවේ පන්සල්..."
" කොයි වෙලාවේ පන්සල් ගියාම මොකෝ, මොකද පන්ති ආවේ නැත්තේ...?"
"ප පන්ති..". අප්පටසිරි අද පන්ති දවස නේද? කොහෙද ඒකත් අමතක වෙලා ගියානේ.. තාරකා නැත්තනම් ඔක්කොම සොරි. 
"ටිකක් අසනීප වගේ තිබ්බා ඒකයි නාවේ සර්.... "
" දැං විභගේ තත්වෙ කොහොමද?"
" ටිකක් විතර ශේප්..." වෙන මොනා කියන්නද? උගන්නන සර්ට වැඩේ ඇනගන්න එක බුදු ෂුවර් කියන්නයෑ
" කෝ හවස අතිරේක පන්තියක් දාන්න එන්න කිව්වට ආවද?"
"සර් හෙට එන්නද?"
"එන්න ළමයෝ..."
"සර් මගේ යාලුවෙක් ඉන්නවා එයාවත් එක්කන් එන්නද?" මම හරකට වගේ මොලේ පහල උණා....
"එක්කන් එන්න....."
"සර් පොඩි ප්‍රශ්නයක් තියනවා..."
"එ පාර මොකක්ද?" මෙයාගෙන් මට උදව්වක් නම් ෂුවර් එකට ගන්න පුළුවං වෙයි. බිංදුවට වැටිලා ඉන්න එකේ එක දාගන්නත් චාන්ස් එක
"සර් එයා වැටිලා අත කැඩිලා... ලියන්න බෑ.. අහගෙන ඉන්න විතරක් තමයි අරං එන්න වෙන්නේ.. එයා කොහොම හරි විභගේ ලියනවාලු.... "
"කොච්චර හොඳද ඒක..."
"සර්ම එයාට කිව්වොත් මාත් එක්ක ක්ලාස් එන්න කියලා....." සර්ට තේරුණාද මන්දා... පැනි මූණකින් මගෙ දිහා බැලුවා..
" දැං ඔය යාලූවා ගෑනු ළමයෙක් ද?" ඔය මම කිව්වේ මෙයාල අපි හැරෙනකොට දන්නවා අපි හැරෙන්නේ තාප්පෙන් පනින්න තමයි කියලා

" ඔව්....."
" යාළුවෙක් නම් කමක් නෑ... හැබැයි විභාග අස්සේ වෙන වෙන ඒව පටලගන්නවා එහෙම නෙවෙයි..." මෙයා කියනකන් හිටියේ... දැං ඉතිං බයිලා බණ කියන්න ආවාම තමයි මට තද වෙන්නේ
"එහෙම නෑ සර්..."
"දැං මොකද්ද ඒ ළමයාගේ නම?"
"තාරකා..."
" තාරකා........ " සර් අහසයො පොළවයි මූට්ටු කරලා රේන්දයක් අල්ලන්න වගේ කල්පනා කරන්න ගත්තා
" ඔයාගේ නම..."
"තෙනුර..."
" මම කොහොමද ඒ ළමයාට දැං පණිවිඩේ කියන්නේ.....?"
"සර් එයා පන්සලේ ඇති... මම සර්ට පෙන්නන්නම්..."
" ආ.. ඒකතමයි හති දාගෙන පන්සල් දිව්වේ..." සර් මෙන්න පරණ ඇංජිමක් ස්ටාර්ට් කලා වගේ හිනා වෙනවා. ආයෙමත් නෝණ්ඩි උණාද මන්දා....තාරකාව තනිකරගන්න තියන හොඳම ක්‍රමේ ඕක තමයි.. මම ඉගෙන ගත්තත් නැතත් මේ ව්ඇරදි චීන පටස් එක ඩොං ගෑවේ වැරදි වෙලාවේ කියලා කියා ගන්න තියනවා නම් මට ඒ ඇති.
" තාරකා කියන ළමයාගේ නේද තාත්තාව මරලා දාලා තිබුනේ...." ඒක මෙයා කොහොමද දන්නේ... ඒක වෙලා තියෙන්නේ හැටන් වල මීට අවුරුදු දහාටකට කලින් වෙච්ච දෙයක්නේ.
"මම දන්නේ නෑ සර්...." ඕවා දන්න බවවත් කියන්න නරකයි
"මට යන්තම් මතකං එහෙම ප්‍රශ්නයක්... තාරකා තමයි ඒ ළමයාගේ නම..... "
"සර් කොහොමද ඔය විස්තර දන්නේ...?"
"පහුගිය සතියේ දෙපාරක්ම ඔය ළමයාව හොයාගෙන කවුද කට්ටියක් ආවා... පන්තිය ඇරෙනකන්ම පන්තිය ලඟ ඉඳලා තමයි එතනින් ගියේ..... මගෙන් අහුවෙ තාරකා කියන නම තමයි.
"තාත්තා මැරිච්ච කතාව එයාලා සර්ට කිව්වද ?"
"නෑ.... ඒක මම දැනගෙන හිටපු දෙයක්... අපිත් ඉස්සර පදිංචි වෙලා හිටියේ හැටන් වල... ඔය මර්ඩර් එක උණ කාලේ මට කෑගල්ලේ ඉස්කෝලෙට ට්‍රාන්සර් එක ආවේ.. ඉතිං අපි මෙහෙට ආවා.... ඔය ළමයා මගේ පන්තියට ආව කාලේ මම අඳුනගත්තේ මෙයාගේ ආච්චි කෙනෙක්ගේ විස්තර අහගෙන.... එයා මහළු නිවාසෙකලු." සර් මම හිතන තරම් ලේසි පහසු පොරක් නෙවෙයි.
" ඔය ළමයා හම්බ වෙන්න ඉන්න කාලේ අපි ඒ ගෙදර ආවා ගියා.... මම දන්න විදියට ළමයි දෙන්නෙක් උපන්නා.. එක්කෙනෙක් මලා... ඒත් එදා එයාගෙ අම්මාව බලපු ඩොක්ටර් ඩියුටි හිටියේ නෑ කියලා තමයි ආරංචි"
"සර් ඒ ඩොක්ටර්ව දන්නවාද?"
" අපොයි ඔව් අපේ හොඳ යාලුවෝ...." කොල්ලෝ තාරකා හොයන දේවල් හොයන්න මට හොඳ පොටක් හමබ වෙන්නයි යන්නේ....
"සර් අපි අනිවාර්යයෙන්ම හෙට සර්ලාගේ ගෙදර එනවා තාරකාටත් සර් එන්න කියන්න පුළුවං නම්" 
"මම ඒක කරන්නම් ...." ඒත් තාරකා ඒකට හා කියයිද? සර්ව ටච් එකේ තියාගන්න එක ඇඟට ගුණයි...එකක් මට තාරකව තනියෙන් හම්බ වෙන්න චාන්ස් එක හමබ වෙනවා... අනික තාරකාට එයාගේ අතීතය හොයා ගන්න සෑහෙන දේවල් ගන්න මාර්ගය පෑදනවා.. සර් හපනා නම් තාරකාව කැමති කර ගන්න ඕනේ... අපි බලමුකෝ මෙයාගේ හපන් කම්




 

Thursday, November 18, 2010

90 කොටස


මට නම් මේක මාර උණ වැඩි වෙන කාලයක්. අපේ අතා භූත අත්මයක් වෙලා මගේ පස්සේ කෙල්ලෝ එවනවාද කොහෙද? එක කෙල්ලෙක්ව ඔන්න මෙන්න ශේප් කර ගත්තා විතරයි. මෙන්න අනිත් කෑල්ල ලයින් එකේ. මේ පාර හම්බ වෙන පරප්පුව තෙම්පරාදුවට දාන්න කලින් කන්න වෙයි වගේ....
"හලෝ....." මොන උණත් මේ කොල්ලා බය වෙනවාද ඕවට
"තෙනුර........"
"ඔව් ඔව් එයා තමයි.... ඉතිං ඉතිං... මොනාද විස්තර"
"අපොයි ඔයාට කතා කරන්න වින්ද දුකක්" එහෙම තමයි නංගි වටිනාකම තියෙන්නේ එතකොටනේ...
"දුක් විඳගෙන කෝල් කරන්න නම් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපෑ..."
" හිරාන් ආයේ ලංකාවට එනවාලු..."
"ෂඃ නියමයිනේ..... ඒ ඔයාගේ මස්සිනා නේද?"
" ඔයාට හැමදේම විහිළු තෙනුර..... භානුක අම්මව හොයන්න කියලා ගියා ගියාමයි කෝල් කරනවා මිසක් ගෙදර ආවේ නෑ....., තාත්තා ඡන්දේ පස්සේ දුවනවා... ඒ අස්සේ දැං ඉන්න ඇමති එක්ක අපේ තාත්තා සන්ධාන ගත වෙනවලු යන්නේ.... අපේ අම්මා මට දීලා තිබ්බ ඇඩ්‍රස් එකෙන් වෙන කොහෙටද ගිහින්.... එයාගෙත් ආරංචියක් නෑ... ඔක්කොටම වඩා මාව මේ ගෙදරට හිර කරලා.... මම ගන්න කෝල් පවා රෙකෝඩ් වෙනවා... මමත් ගෙදරින් පැනලා යයි කියලා... මට දැං ඇත්තටම පිස්සු හැදෙනවා..."
"බුදු අම්මේ මේක මාර වට්ටෝරුවක්නේ.... හන්දි කඩිත්තුව හැදිලා ගමේ වෙදා ලඟට ගියා වගේ...., හරි දැං ඔක්කොටම ඉස්සල්ලා කියන්න මේ කෝල් එක රෙකෝඩ් වෙනවාද කියලා"
"නෑ නෑ මේ අපේ  නැනී ගේ මොබයිල් එකෙන් ගන්නේ .... ඔයාගේ නම්බර් එක හොයන්න මම කී දෙනක්ට කියලා කෝල් කලාද?"
"ලොකු දෙයක් එහෙම හරි මොලේ කල්පනා උණා.... දැං මගෙන් මොනාද වෙන්න ඕනේ.... ඔය එක ප්‍රශ්නෙකටවත් මගෙ ලඟ විසඳුම් නම් නෑ...."
"මට ගෙදරින් එළියට පැන ගන්න සප් එක දෙන්න....."
"ලිහිණි මම ඉන්නේ කොළඹමින් ගොඩාක් දුර..... අනික ඔයා ගෙදරින් ඇවිල්ලා කොහෙද යන්නේ....?"
"මම කොහෙ හරි යන්නම්..., මම අම්මාව හොයාගෙන යන්නම්"
"ඒත් ළමයෝ ඔයාට පිස්සුද? ගෑනු ළමයෙක්ට එහෙම තනියම ඉබාගතේ යන්න පුළුවංද? ගෑනු ළමයෙක්ට තියා පිරිම ළමයෙක්ට වත් තනියම පාරේ යන්න බැරි කාලයක් මේ" මම ඔය කිව්වේ රීමික්ස් කරපු බයිලා.... මෙයාව ගෙදරින් පන්නගෙන කන්න අදින්න දෙන්නේ අපේ තාත්තාද? මටවත් කන්න අදීන්න නොදෙන මගෙ අප්පොච්චා මේ අහක යන චීත්ත රෙදි පෝෂණය කරයිද?
"ඔයා උදව් කළත් නොකළත් මම වැඩි කල් ඉන්නේ නෑ... හිරාන් එන්න කළින් මම මෙහෙන් පනින එක පනිනවා" මේවාට තමයි කියන්නේ මාරන්තිකයි කියලා.... 
"මේ මේ.... මොංගල් වැඩ කරන්න එපා.. ඌ ආවයි කියල ඔයාගේ නමට කැළලක් වෙන්නේ නෑ නේද?"
"ඔයාට තේරෙන්නේ නෑ තෙනුර.. හිරාන්ගේ හිතේ මම ගැන අදහසක් තියනවා..." බම්බුව තමයි.... ඌට එහෙම උණක් තියනවා නම් මාව කම්මුතු කරලා දැං සෑහෙන කල්
" ඉතිං හොඳ නැද්ද.... දැං කල වයසත් හොඳයි නේද? "
" ඔයත් එක්ක කතා කලාට වඩා හොඳයි නිකන් හිටියානම්" ලිහිණිට මල පනින්න ඇති. කොච්චි මිරිස් පාරදයි මේ කෙල්ලොන්ට මල පැන්නම. පේන්නෙ නැද්ද මෙහෙ ඉන්න එක්කෙනා....
" මේ මේ විකාර නැතුව ඉන්න........... හිරාන් නරක මනුස්සයෙක් නෙවෙයි... ඌට කතා කරලා දෙයක් විසඳගන්න පුළුවං ... දැං ඌ කවද්ද එන්නේ....?"
" සැප්තැම්බර් මුල" 
" හරි තව මාස දෙකක් වගේ තියනවානේ.... මම විභාගේ කලාට පස්සේ කොළඹ එනවා ඊට පස්සේ අපි මොනා හරි කරමු"
" විභාගේ ඉවර වෙන්නේ කවද්ද?"
" මම කොහොමද දන්නේ.. ඕක පටන් ගන්න දවස නොදැන ඉවර වෙන දවස කොහොම කියන්නද?" ලිහිණි පුරෝලා හුස්මක් පිට කලා....
" මට විශ්වාස කරන්න පුලුවං කෙනෙක්ට හිටියේ භානුක විතරයි... එයා මගෙන් ඈත් උණාට පස්සේ මට දැනෙන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම වංචා කාරයෝ වගේ...."
"ලිහිණි අපි පොඩ්ඩක් ඉවසමු... ඔයාලගෙ තාත්තා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔය තත්වෙ වෙනස් වෙන්නත් ඉඩ තියනවා..."
" මීට වඩා භායනක වෙනවා එහෙම උණොත්.... මට භානුකට පස්සේ ටිකක් හරි විශ්වාස ඔයාව විතරයි තෙනුර..... මට උදව් කරන්න ප්ලීස්"
" මට අගෝස්තු අන්තිම වෙනකන් කල් දෙන්න ලිහිණි ඊට පස්සේ අපි මොනා හරි දෙයක් එකතු වෙලා කරමු..."
"මම ඔයාගෙ වචනේ විශ්වාස කරනවා...." අප්පටසිරි මෙයා මාව ෂුවර් කලා කියමු ඒත් මට මාව ෂුවර් නෑනේ..... මම තාරකාට පොරොන්දු උණේ නැත්නම්  මම මෙලහකටත් ලිහිණිගේ ගිණි නිවන්න ගිහින්... ඒත් මේ කෙල්ල අත කඩා ගත්තේ මගේ අර හඩු ෂර්ට් එක හෝදන්න ගිහින්නේ.....
" එහෙනම් මම ඔයාට ආයේ ඉඩ ලැබුණාම කතා කරන්නම්...."
"ඔව් කතා කලාට කමක් නෑ ඒත් වැරදිලාවත් වෙන කාටවත් ඔය නම්බර් එක දෙනවා එහෙම නෙවෙයි"
" ඔව් මේ නම්බර් එක  හර්ෂ දෙනකොටත් මට ඔය ටිකම කිව්වා....."එහෙනම් වැඩේ හැඳි ගැරැප්පු වලින් කාලා තියෙන්නේ බුවා.... අම්මපා මුන්ට නම් සාය කෑල්ලක් දැක්කත් හරි බොක්ක ඇතුලේ තියාගන්න දුන්න ඒවාත් වමාරලා දෙයි....
"ඔයා පරිස්සමෙන් ඉන්න තෙනුර...."
"හරි හරි කොල්ලා ෆිට් එකේ ඉන්නම්කෝ.... කිරි දෙන්නු කරන හරක් වැඩ කරන්නෙ නැතුව ඉවසගෙන ඉන්නවා හරිද?" හීනි හිනාවක සද්දයක් ඇහුණා....
" හරි හරි මම හරක් වැඩ කරන්නේ නෑ...." ලිහිණි ෆෝන් එක තිබ්බා... ඒකත් ඔයින් ගියා මදෑ. මම කාමරේට යන්න හැරුණා... අප්පටසිරි ඩයිනමයිට් එක ඉන්නවානේ මූන රෝස් පාන් කරගෙන
" මොකද ඒ පාර මෙතන හරහට ඉදං මාව කන්න වගේ බලං ඉන්නේ.. අයින් වෙනවා...." මම ඩයිනමයිට් එක බයි පාස් කරගෙන කාමරේ පැත්තට මාට්ටු උණා. ෂුවර් එකටම ඔය එන්නේ ලිහිණි කවුද කියලා අහන්න.... තත්පරයක් ගියේ නෑ මෙන්න සුළියක් වගේ මෙතන
"මොකද්ද ඕයි මේ මෝහිණි වගේ... මගේ පස්සෙන් වැටිලා.."
"තමුසේ තුට්ටු දෙකේ මිනිහෙක් ඕයි..." අප්පට සිරි මේ මොකද්ද මේ වල්ලිය....
"ඒ පාර තමුසේ මගේ ගාන කීයද කියලා හොයන්නද හදන්නේ.. දැං මොකද්ද සිද්ධිය..."
"සිද්ධිය ඉතිං තමුන් දන්නවා ඇතිනේ"
"දන්නවා නම් තමුසෙගෙන් අහනවාද ඕයි"
" තමුසේ අවසිහියෙන් මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා සිහිය ආවට පස්සේ බොරු රඟපෑමක් කරලා වැඩෙන් ලිස්සනවා.. ඒ විතරක් නෙවෙයි තව කෙල්ලොන්ව හුරතල් කරන්නත් යනවා... මම කවදාවත් ඔයා ගැන ඔහොම හිතුවේ නෑ මට ලැජ්ජයි තමුසේ මගේ සහෝදරයෙක් කියන්නත්" කිරි අප්පේ මේ මොනාද මේ පාත් වෙන වැහි නැති හෙන ගෙඩි
"අයිසේ කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියනවාකෝ...."
"ඔයිට වඩා තේරෙන්න කියන්න දන්නේ නෑ මම... මීට පස්සේ තාරකා එක්ක කතා කරන්න ආවොත් එදාට මම කවුද කියලා තමුසෙට පෙන්නවා...." ඇඟිල්ලත් දික් කරලා තර්ජනයක්ද මොකක්ද එකක් කරලා මෙන්න ඩයිනමයිට් එක යන්න ගියා.... ඇත්තටම ඩයිනමයිට් එක සොමියට වගේ අත්තනා ඇටවත් කාලද දන්නේ නෑ.... පොඩ්ඩක් ඉන්න අවසිහියෙන් බලාපොරොත්තු දුන්නා කිව්වේ මමද? යකෝ මම ඒ කියන්නේ තාරකාට මගේ බොක්කවත් දිග ඇරලා දුන්නද දන්නේ නෑ.... චාටර්නේ... මම දැං ගිහින් කිව්වනේ ගොන් වස්සා වගේ ඒ ඔක්කොම අමතක කරන්න කියලා.... දැං මේ පැටලුම කොහොමද ලෙහන්නේ අර ඩයිනමයිට් එකේ ඇස් දෙක වහලා..............







Thursday, November 11, 2010

89 කොටස


" මේ මේ බයිලා නැතුව වෙච්ච දේ කියනවා....." මට දැං ටික වෙන්න තද උණා... මට මාර ෂුවර් එකක් දැනෙන්න ගත්තා මම වැඩේ ආයේ නෑ ෂැම්පූ ගාලම නාලා කියලා. කොහෙද මේ බෝතලයක් සෙට් උණාම මට ගාණක් මිම්මක් මතක් වෙන්නේ නෑනෙ
" ඒ මොකටද මම කියන්නේ..... මතක් කර ගන්නවා" ඩයිනමයිට් එක මට කොකා පෙන්නගෙන එතනින් ගියා. අම්මපා දැං තමයි  ආච්චි අම්මේ නස්පියටම කුතුහලය කිව්වලු. මම තේකත් අරගෙන අනිත් පැත්තට ආවේ ගැන්සිය හොයාගෙන. යකෝ මුන් ඔක්කොම තාම මල පෙරේතයෝ වගේ දොයි. 
"ඕයි සිකා... නැගිටපං බං....." මම සිකාව හෙලෙව්වා... කොහෙද මූ ඒ පාර අනිත් පැත්තට හැරිලා නිදි.
" ටොලා..... නැගිටපංකෝ...." මම එහා පත්තේ හීනෙන් මොනාද හපන ටොලාව හෙලෙව්වා...
"තව දෙන්න බෑ බං ඔය ඇති" මෙන්න මූ එහෙම කියපි. මම උගෙන් සත කාලක දෙයක් ඉල්ලුවෙ නෑ. හරි මම ඒකවත් බයි පාස් කරලා බුවා ලඟට ගියා...
"බුවා මචං පිං සිද්ද වෙයි නැගිටිනවාකෝ" බුවා හෙමෙන් ඇස් දෙක ඇරියා. අම්මෝ සක්‍රයා බැලුවා වගේ....
"මොකද බං මේ...."
"මචං ප්‍රශනයක්"
"මොකද්ද මයියා.. මේ උදේ පාන්දර උඹට ආව පැනය .... හරි කියපං දැං අඬන්නේ නැතුව. උඹත් අත දරුවෙක් වගේ කන් කෙඳිරි ගාන එකමයි වැඩේ" බුවා ඇදේ ඉඳගත්තා,
"මචං ඊයේ මට වැඩි වෙලා මොකක් හරි පිස්සුවක් කෙලියද?" බුවා හයියෙන් හිනා වෙන්න ගත්තා.
"එක පිස්සුවක් නම් මදෑ පිස්සු වැලක්ම කෙලියා. දැං උඹ මොකක් ගැනද අහන්නේ..."
"මචං තාරකා"
" තාරකා ඕනෙ කියලා මෙතන කස්තිරම අල්ලලා.... සමාව ගන්න ඕනේ කියලා හොටු හූරලා.. කොහොම හරි එයාව කාමරේට ගෙන්න ගත්තා..."
"අප්පටසිරි මේ මම..."
"නැතුව මමද බං.... "
"ඊට පස්සේ"
"ඊට පස්සේ මොනා උණාද කියලා හොට දාන්න තරම් අපි නරුමයෝ නෙවෙයි බං... උඹලා දෙන්නට අතිශය පෞද්ගලිකව කතා කරපල්ලා කියලා අපි කාමරෙන් කැපුණා. 
"ඇයි බං කැපුණේ...?"
"උඹ මාර කොටළුවෙක්නේ... උඹ කෙල්ලත් එක්ක කතා කරන දේවල් අහගෙන ඉන්න පුළුවංද අපිට..." මම මොනා කිව්වද කියලා හිතා ගන්න බැහැ, මම කෙල්ලට බැන්නද දන්නේ නෑ.. අර හසංකයාගෙ කේස් එකට, එහෙම නැත්නම් මම කෙල්ලට ගොන් ටෝක් එකක් වත් දැම්මද? 
"මම සමාව ගන්න ඔනෙ කිව්වෙ ඇයි?"
"කාටද බං ඕවා මතක...."බුවා නැගිට්ටා....
"මම මොකක් හරි බුලක් වනලා තියනවා... තාරකා මම ගැන මොනා හිතවාද දන්නේ නෑ"
"මොනා හිතන්නද එයා හිතනවා ඇත්තේ... ගානකට මිම්මකට අඩියක්වත් ගහන්න දන්නේ නැති අත දරුවෙක් කියලා..." බුවා කාමරෙන් එළියට යනවා මම බලාගෙන හිටියා.ෂිඃ විතරක් මම කිසි දුකක් සංකාවක් නැතුව වැඩේ මැට්ටටම අනාගෙන... දැං හදපංකෝ කෝම් පිට්ටු.... මම දැං මොකද කරන්නේ.... මේ ගෙදර මම දැං ඉන්නත් ඕනේනෙ.... තාරකාට මූණ දෙන්නත් ඕනෙනේ..... 


දවල්ට එහෙම කාලා බීලා ගැන්සිය යන්න ගියා. උන් ගියාට පස්සේ මගේ හිතේ බර තවත් කිලෝ දෙක තුනකින් වැඩි උණා. තාරකා පේන්න හිටියෙත් නෑ. ඩයිනමයිට් එක නම් එහෙට මෙහෙට වෙනකොට දැක්කා. ලොකූත් ගෙදර නැති එකේ දැණුනේ මාර පාළුවක්. තාරකා හිතන් ඇති මම මහා තිරිසනෙක් කියලා. හසංක ගැන මට තිබ්බ ජෙලත් කිව්වද දන්නේ නෑ රට ඔටුවා වගේ. 
"පොඩි අයියේ... ඔයා වැඩක්ද?" ඩයිනමයිට් එක කාමරේට එඹුණා...
"එහෙම එකක් නෑ.... ඇයි?"
"තාරකා අහන්න කිව්වා ගණන් හදන්න එන්න පුළුවංද කියලා" මලා දැං මම කොහොමද ඒ කෙල්ලගේ මූණ බලන්නේ.... මම මොනා කියන්න ඇද්ද?
" ඕයි මෙහෙට එනවා..." මම ඩයිනමයිට් එකට ඔලුවෙන් කතා කලා.. අනේ අපරාදේ කියන්න බෑ කියන පරක්කුවෙන් ආවා
" තාරකා මොනා හරි ඊයේ ගැන කිව්වද?" ඩයිනමයිට් එක හිනා උණා
" මේ දැනුත් ඊයේ ගැන තමයි කිව්වේ... පුළුවංනම් අර බෝතලේ ඉතුරු ටිකත් බීල එන්න කිව්වා...." එහෙම කියාගෙන ඩයිනමයිට් එක එතනින් දුවලා ගියා. චාටර් අප්පා කොල්ලා මේකට මොකක් හරි කරන්න ඕනේ.... කමක් නෑ දැං කතා කරපු එකේ මම යනවා.... මම කාමරෙන් එළියට එනකොටම නැන්දා ඔසරියත් හද හදා ඉස්සරහා දොර පැත්තට ගියා....
" පුතා කොහෙවත් යන්න එපා අර ගෑනු ළමයි දෙන්නා විතරයි තනියම... අපි ගිහින් ලොකූව බලලා එන්නම්..." මම ඔලුව වැනුවා... නරියට කුකුල්ලු භාර දෙනකොටත් ඌට මෙහෙම හිතෙන්න ඇති. නැන්දයි මාමායි වාහනේ නැගලා ගේට්ටුවෙන් පිට වෙනකන් මම බලාගෙන ඉඳලා කෙලින්ම ගියේ ඩයිනමයිට් එකේ කාමරේට. මම යනකොට ඩයිනමයිට් එක තාරකාගේ අතට දාල තිබ්බ ප්ලාස්ටර් එකේ මොනාද ලියනවා.
" මම ඔයාට කිව නේද තාරකා පොඩි අයියා මෙහෙට එන්නේ අපේ අම්මලා ගියාට පස්සේ කියලා..." තාරකා මගේ දිහා බලලා හිනා උණා. මට හිනා වෙන්නත් අම්මපා ලැජ්ජාවේ බෑ. මම අර අතීතයක් නැති එකෙක් වගේ ගිහින් පොත් මේසෙ පුටුව මෙහාට කරලා වාඩි උණා.... 
"බලන්නකෝ තාරකා අද හා පැටියෙක් වගේ....." මේ රටේ ලොකේ වෙන සතෙක් ඇත්තෙම නැද්ද අම්මපා.. හාවා කියන්න එන්නේ.. ඔන්න කුණකටුවා කිව්ව නම් හිතට හරි. කමක් නෑ මොනා කරන්නද ඊයේ නාගෙන තියෙන්නේ මම නේ...

"හරි ඔය දෙන්න ගණන් හදන්නකෝ මම ටී වී එක බලනවා..." ඩයිනමයිට් එක මගෙ ලඟින් ගියේ ඇහැකුත් ගහන ගමන්. තාරකා ටික වෙලාවක් සද්ද නොකර හිටියා. මම ම කතාව පටන් ගන්න ඕනේ නිසා තාරකා දිහා බැලුවා. එයා බලන් ඉන්නෙත් මගෙ දිහා.....
" මට දෙයක් කියන්න තියනවා තාරකා...." තාරකා මූණ පැත්තකට කරලා හිනා උණා
" මම දන්නවා දැං කියන්න හදන දේ...."
" ඒ කොහොමද?"
"ඒක මට තේරුණා ඔයා කිව්ව ගොඩාක් දේවල් වලින්" ඇත්තටම දැං මට අහන්න පුළුවංද මම ඊයේ කිව්වේ මොනාද කියලා. අනේ මන්දා... කියන එකත් වක්කඩ ඇරලා වගේ දීලාද කොහෙද? ඒත් මොනාද?
" ඔයා මම ගැන මොනා හිතනවාද මම දන්නේ නෑ.... ඒත් මට සමා වෙන්න තාරකා...." තාරකා ආයෙත් මගෙ දිහා බලලා හිනා උණා...
"මම ඔයාට ඊයේම සමාව දුන්නානේ ..... දකින හැම වෙලාවෙම මගෙන් සමාව ගන්න ඕනෙ නෑ"
" ඊයේ මම කිව්ව හැමදේකටම මට සමා වෙන්න තාරකා... මම ඊයේ හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි..... මම ඊයේ කිව්ව හැමදෙයක්ම සමහර විට අත් වැරදීමක් වෙන්න ඇති" මම හිතන්නේ ඒ පාපොච්චාරණය හොඳට ගියා මම හිතුවටත් වඩා.
"අත් වැරදීමක්...." තාරකා මගේ දිහා බැලුවේ අසරණ වෙලා වගේ... අනේ මට මේ කෙල්ල ගැන පැලෙන්න දුකයි..... ඔයා ඕවා ගැන හිතන්න එපා... මම ඔයාට ඉන්නවා.. ඒත් ඊයේ මම කිව්ව ගොඩාක් දේවල් වලින් ඔයාගෙ හිත රිදුණනම්.... පව්... මට ගොඩාක් පව්
"ඔව් මට සමාව දෙන්න... අපි ඉස්සර වගේම ඉමු..... කෑවාම බීවාම මොනා කටට එනවාද දැනෙන්නේ නෑ... ඒ වෙලාවට කියන දේවල් ගණන් ගන්න හොඳ නෑ..." තාරකා මොකුත් කතා නොකර මා දිහාම බලාගෙන හිටියා. මට ඒ බැල්මෙන් අයින් වෙන්න හිතුණ නිසා එතනින් නැගිට්ටා....
"ඔයා කියන්නේ මට ඊයේ කිව්ව හැම දෙයක්ම හීනයක් වගේ හිතා ගන්න කියලාද තෙනුර"
"අන්න හරි.. එහෙම උණාම අපිට ඉස්සර වගේම හොඳට ඉන්න පුළුවං... නැත්නම් ඔයාට මම ගැන ලොකු තරහක් ඇති වෙයි" මම එහෙම කියාගෙන එතනින් ආවා. ඒ වචන ටික කිව්වාට පස්සේ මගේ හිතට ඒ සී එක දැම්මා වගේ මාර කූල්... මම පොඩි විසිල් පාරකුත් ගහගෙන කාමරේට ආවා.... ඒත් එක්කම ටෙලිෆෝන් එක රින් වෙනවා මට ඇහුණා.... ටික වෙලවකින් ඩයිනමයිට් එක මගේ කාමරේට දුවගෙන ආවා
"ලිහිණි කියලා කවුද ඔයාට කතා කරනවා....." 
අනේ මන්දා එක ප්‍රශ්නයක් යන්තම් විසඳුවා විතරයි... දැං ලිහිණි මොනා කියන්න යනවාද?











Sunday, November 7, 2010

88 කොටස


" අපි දොර අරිනවා.. උඹ නිදි වගේ හිටපං ඇහුණද?" බුවා මාව හොලවලා කියලා ගියා.
"මම නිදිය ගන්නේ නෑ බං.... නිදා ගන්න කලින් මට තියනවා සමාවක් ගන්න..." මම නැගිට්ටා... ලෝකෙම කැරකෙනවා.. මම එක තැන.... 
" කියන දේ අහපං මයියා...." සිකා මාව ඇදේ පෙරල ගත්තා.... යකෝ මුන් මට එකතු වෙලා බලහත්කාරකමක්වත් කරන්න යනවාද? කාමරෙ දොර ඇරෙන සද්දේ ඇහුණා.....
"පොඩි අයියා කෝ....."ඩයිනමයිට් එකේ කටහඬ
"මම මේ ඉන්නේ...." මම සිකාව පෙරලගෙන නැගිට්ටා.... බුවා ඔලුවේ අත ගහගන්නවා දැක්කා...
"පොඩි අයියේ... මේ මොකද?" ඇයි මට මොනා වෙලාද? මේ මම ඉන්නේ ෆිට් බුවා වගේ....
"ඇයි තමුසෙට මාව මොනා වෙලා වගේ ද පේන්නේ?"
"අයියෝ ඔයා බීලා....." ඩයිනමයිට් එක අත් දෙකෙන්ම කට වහගත්තා.... 
" ඔව් අපිත් කන බොන මිනිස්සු.. නැද්ද මචං" මම අත බදලා සිකාට විසි වෙන්න පාරක් දුන්නා....
"මේ නංගො .... ඔයාලගේ අම්මට නම් කියන්න එපා... මූ පිස්සු කෙලින්නේ...." බුවා බයිලාවක් ගහනවා
" මම මේක කොහොම කියන්නද අයියේ...... මම ආවේ ඔයාලට කන්න වහලා තියලා තියනවා කියන්න... පොඩි අයියාට කියන්න ඕනෙකම තිබ්බේ තාරකා කෑවෙත් නෑ කියලා.. ඒත් මෙයාට දැං සිහියක් පතක් නෑනේ" මම අසිහියෙන් ඉන්නකොට මුන් හිතන්නේ මම සිහියෙන් කියලා... මට නියම සිහිය ආවාම හිතන්නේ අසිහියෙන් කියලා... මේකත් පයිතගරස් කිව්වා වගේ පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ.
"කෑවේ නෑ..... ඇයි කන්නේ නැත්තේ... කමක් නෑ මම කවන්නම්.. කෝ බත් පිඟාන ගේන්න...." මම ආයෙ යන්න හදනකොට බුවා අල්ල ගත්තා....
"උඹ මෙතන කැබරේ නටලා පුළුවංනම් මෙහෙත් වීසා නැති කරගනින්"
"පොඩි අයියා ඉන්න ඔහොම.... කමක් නෑ එයා නොකෑවට....." ඩයිනමයිට් එක හැරුණා
" එක උදව්වක් මට කරපං නංගියේ...." මගේ කටහඬට ඩයිනමයිට් එක ආපහු හැරුණා
"මොකද්ද අයියේ..."
" මට තාරකාගෙන් සමාව ගන්න ඉඩ දීපං..... මට අද සමාව ගන්න ඕනේ" මම බොක්කෙන්ම ඔන්න ඔහෙ කියලා දැම්මා.... මේ ඉන්න උන් දැන ගන්න ඕනේ මම ඇවිල්ල එක වචනේ පොරක් කියලා....
" පොඩි අයියේ... අපි එයාට හෙට කතා කරමු..."
" මම තාරකාව ගොඩාක් රිද්දුවා... මට ඒකට සමාව ගන්න ඕනේ..." ඩයිනමයිට් එක මොකුත් නොකියා එතනින් යන්න ගියා... මේ ගෙම්බිට වැන්දට වඩා හොඳයි ගිනි කූරක් පස්ස පැත්තේ ගහ ගත්තනම්.ටොලා කටවහගෙන හිනා වෙන්න ගත්තා. ඒ පාර මේ මීමින්නා මොකටද හිනා වෙන්නේ
"මොකද බං දැං හිනා යන්න උනේ.....?"
"මචං බුවා.... මුගෙ ටෝක කොහොමද..... දැං කතාව කොහොමද? ඉස්සර සිකාට මොන තරම් වදේ ගැහුවද? දැං බලපංකෝ මුගේ ඇඬිල්ල.... සිකා අඬන්න ගත්තේ හෝල්ට් එකෙන් ගිය බස් එකකට... මම මේ අඬන්නේ හෝල්ට් එකට එන්න තියන එකකට. කතා වස්තුව වෙනස්නේ මුන්ට අමාශය නෑ.... බොක්ක දිය වෙලා. ඒකයි. ආයේ දොරට තට්ටුවක්

"මේ පාර නම් පුතෝ උඹේ නැන්දා තමයි. දැං කටවහගෙන හිටපං නාගන්නේ නැතුව.. උඹ කට ඇරියොත් අපි ඔක්කොටම අද නිදා ගන්න වෙන්නේ පාරේ...." බුවා හිමින් මට කියාගෙන කියාගෙන ගියා... මුන් මට කටපාඩම් කරන්නේ මොකක් හරි සිරා පාඩමක් වෙන්න ඇතිනේ මම අනිත් උන් කිව්ව විදියට ඇදේ දිගා වෙලා ඇස් දෙක තදින් පියා ගත්තා... ඇත්තටම මම තාරකාගෙන් සමාව ගන්න එක පිරිමි කමට මොකක් හරි කැළලක්ද? ඇයි යකෝ කෙල්ලෙක්ගෙන් සමාව ගන්න පළවෙනි පිරිමියා මමද? ටික වෙලාවක් යනකන් ඇස් පියාගෙන හිටියා..... ගැන්සියේ සද්දක් නෑ... මුන්ට බඩු බනිස් වෙලාද දන්නේ නෑ. මම එක ඇහැක් ඇරලා බැලුවා... මගෙ ලඟ මගේ දිහා බලාගෙන ඉන්නේ මේ තාරකා නේද... ඒත් ඇයි තාරකාල දෙන්නෙක් පෙන්නේ දෙපැත්තේ.....
"තාරකා......" මම කොයි පැත්ත බලං කියන්නද මන්දා... මලා තාරකයි ලිහිණියි දෙන්නම මෙතන ඇවිල්ලද?
"ඔව් තෙනුර...... ඔයා මොනාද කියන්න ඕනෙ කිව්වේ....?" මම ඇස් දෙක පිහගෙන නැගිට්ටා... හරි හරි එක්කෙනයි ඉන්නෙ මෙතන.... ඇස් දෙකෙන්ම එකපාර බලනකොට දෙන්නෙක් පේන්න ඇති.....
" ඔයාට මම කවන්නද?" ඇත්තටම යකෝ මම මොනාද මෙයාට කියන්න කියලා හිටියේ....
" මට බඩගිනි නෑ..."
" එහෙම කියලා කොහොමද? මම චුට්ටක් කවන්නද?" 
"එපා තෙනුර මට බඩගිනි නෑ.. කියන්න ඕනෙ දේ කියන්න මට වැඩි වෙලා ඉන්න බෑ" ඇත්තටම යකෝ මම මොකද්ද මෙයාට කියන්න හිටියේ.... කොහෙද අරුන් මාව මැරිලා වගේ ඉන්න කියලා ඇදේ පොලේ ගැහුව හැටියට අර කචල් වයර් දෙක තුනත් ක්‍රියාවිරහිත වෙන්න ඇති.
"ඔයාගේ අත ගොඩාක් රිදෙනවාද?" මම කැඩිච්ච අත ගැන ඇහුවා.. කාට කියන්නද අප්පා අහන්න ගිය එක අමතක උණාම. මේ ගැන්සියත් මාරු වෙලානේ මාව තනියම දාලා
" අතට වඩා හිත ගොඩාක් රිදෙනවා"
" අත නම් අත ගාන්න හරි තිබ්බනේ ඒත් හිත අත ගාන්නවත් බෑනේ නේද?"
" මම එහෙනම් යන්නද?"
" ඉතිං ඔයා කිව්වොත් හිත අත ගාන්න ක්‍රමයක් මම ඒක කරන්නම්" තාරකා මගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා
" ඔයා ටිකක් වැඩි වෙන්න බීලා නේද?"
"මම.... කවුද කිව්වේ...?" චාටර්නෙ මෙයා එහෙම කියද්දි
" කවුරුත් කියන්න ඕනේ නෑ ඔයා අද කතා කරනවා හරි වෙනස්..."
"මම වෙනස්....." 
"ඔව්.. වෙනස්....."
"මට සමාවෙන්න තාරකා...." අන්න ඕනෙ කරපු වචනේ...
" මොකටද?" මලා දැං මොකටද සමා වෙන්න කිව්වේ.. ඔන්න ඒ ටිකට ඒක අමතකයිනේ
" වෙනස් උණාට.... ආයේ මම වෙනස් වෙන්නේ නෑ"
"හරි සමාව දුන්නා.... දැං මම යන්නද"
"එපා...... ඉස්සර අපේ අම්මා මම මහන්සි වෙලා ගෙදර ආවාම මගේ ඔළුව අත ගානව නින්ද යනකන්" අට්ටපල් බොරු අප්පා ඒක. මම කවද්ද මහන්සි වෙලා ගෙදර ආවේ
" මම මෙහෙ ඉන්නවා දැක්කොත් කුමාරි ඇන්ටි මාව ගෙදරින් එළියට ඇදලා දායි...." තාරකා එකපාරක් එයාගෙ හොඳ අතින් මගේ ඔළුව අත ගාල නැගිට්ටා... පව් අහිංසක කෙල්ල
"තාරකා....."
"ඇයි තෙනුර....."
"මට සමා වෙන්න" මගේ තැටියේ පුස් බැඳිලා එක තැන කැරකෙනවාද මන්දා... මට මතක හැටියට මම ඔය වගේ එකක් ඉස්සල්ලත් කිව්වා...
" හරි තෙනුර සමාව දුන්නා..... දැං ඔයා නිදා ගන්න"
" අද මට නිදා ගන්න බැරි උණොත් ඔයා වග කියන්න ඕනේ...."
"අනෙ ඇයි ඒ..?"
"මට නින්ද යනකන් ඔලුව අත ගෑවේ නෑනේ..." 
" මට ඔයාට නින්ද යනකන් ඉන්න බෑ තෙනුර.... දවසක ඉන්නම් ඒත් අද බෑ..." තාරකා එතනින් දොර පැත්තට ගියා.
" ඔයා මම ජරා කොල්ලෙක් කියලා හිතනවා නේද?"
" කවදාවත් නෑ...."
"එහෙනම් එච්චරයි" තාරකා යන්තම් හිනා වෙලා එතනින් යන්න ගියා. අප්පට සිරි කිඩ්නිය විරේක උණා වගේ... හදුන් පොතට හඳුන් කූරක් ගැහුවා වගේ සුවඳ ගහන්න ගත්තා... මම එහෙමම ඇස් පියා ගත්තා


බුදු අප්පොච්චියේ සිරාවටම ඔලුව දෙක වෙන්න කැක්කුමයි මම අමාරුවෙන් ඇස් ඇර ගත්තා එළි වෙලා නේද? හප්පටසිරි මේ ඉන්නෙ ගැන්සිය යකා පොලවෙ ගහලා වගේ වැටුණ වැටුණ තැන් වල නිදා ගෙන.
 මම උන්ව බයි පාස් කරගෙන හෙමින් සැරේ තේක හොයාගෙන ගියේ ඔලුවා යන්තම් අත ගාන ගමන්.. හා හා පුරා කියලා මට ඉස්සරහාටම හම්බ උනේ ඩයිනමයිට් එකව
"ආ... ඊයේ කියන්න බැරි වෙලා හිටපු දේවල බෝතලේ පිහිටෙන් එළියට දාගත්තා නේද?" අප්පච්චියෙ ඒ මොනාද ඒ... ඊයේ මොනාද උණේ.. මට මතක නෑනේ
"මොනාද ඕයි..."
"මේ මේ බබා වෙන්න එපා.... අපිටත් සෑහෙන්න සතුටුයි..."
"කියපං බං කන පලාගන්නෙ නැතුව... මොකද්ද සීන් එක...."
"ඔයා තාරකාට...."
" මම තාරකාට..... ඉතිං..." ඩයිනමයිට් එක හිනා උණා.. මේ ගෑනි හිමින් කතා කරන්නෙ ලෝක විනාසයක් ලඟ විතරයි.
" මතක් කරලා බලනවා... තමුසෙ කියපුවා දන්නේ තමුසෙනේ..." ඔය කැවිලා තියෙන්නේ.. ඊයේ මොකක් හරි හුටපටයක් වෙලා තියනවා... ඇයි හත් දෙයියනේ මේවා මට මතක නැත්තේ.....







Wednesday, November 3, 2010

87 කොටස


මම අනිත් උන්ව හන්දියට යවලා පන්සල පැත්තට මාරු උනේ අර ගල් මූසලයව බලා ගන්නත් එක්ක. ඩයිනමයිට් එක හැසිරෙන විදිය අනුව මිනිහා ඇවිල්ලා අමුතුම ඩයල් එකක් වෙන්න ඕනෙ..... හරි බලමුකෝ ඌ ගේම නම් මමත් ගේම... මොකො මම පාතලෙ උන්ගේ කනෙන් රිංගුවේ නැද්ද?.... 
පන්සලේ බෝ ගහ ලඟ කට්ටියක් හයියෙන් ගාථා කියනවා... තව කට්ටියක් ලිඳ ලඟ වතුර අදින ගමන් අනුන්ගෙ චීත්තයක් හෝදනවා.... සෙරෙප්පු දෙක ගලවා ඇතුලට යන ගමන් මම වට පිටාවට කැමරාව දැම්මා... මම බැලුවේ අර හෝතම්බුවා කොහෙද කියලා..... අර ඉන්නේ පොර නේද ගලක් උඩ ඉඳගෙන.... ඌ වෙන්න ඕනෙ මම ඕකව ලඟ පාතකට දැකලා නෑ..... ගල් ඉබ්බෙක්ගේ මූණක් තියෙන්නේ ඌට.... 
"හසංක....." මම ම කතාව පටන් ගත්තා.... මිනිහා මගෙ දිහා බලලා කට පැත්තකට කරලා හිනා උණා
"ඔව් ඔව්.... "
" අපේ ගෙදර ඔය නම සෑහෙන්න හිට් වෙලා තියෙන්නේ....."
" ඒක නම් කොච්චර දෙයක්ද?"
"ගොඩාක් වෙලාද ඇවිත්?"
" එච්චර වෙලා නෑ දැං ටිකක් වෙලා..." යකෝ මූ හරියට උත්තර දෙන්නේ මම පොලිස් ඌ හොරා වගේනේ.... ෂිඃ කිසි ගෝ එකක් නෑ....
" උඹ මාත් එක්ක ඉන්නේ ඔරොප්පුවෙන්ද?" මම එහෙම ඇහුවා... ඇත්තටම මමයි මූ එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ
" ඒ මොකටද? .... උඹ මහා කාලකණ්ණි වැඩක් කරන්නේ කොළඹ ඉඳං මෙහෙ ඇවිල්ලා...." මූ කවුද යකෝ මම කරන වැඩ කාලකණ්ණි කියන්න.... දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න... හැලපයා
"ඒ මොකද්ද කාලකණ්ණිකම"
" එකෙක් දෙන්නෙක් පස්සෙන් පැන්නුවා කියලා හැංගිලා ඉන්න එක කාලකණ්ණිකමක් නෙවෙයිද?" අප්පට බොල.. මූ දන්න දේවල්. ෂුවර් එක අපේ ගෙදර ඉන්න ඩයිනමයිට් එක මේවා ඔක්කොම මූට පත්තු කරලාද කොහෙද? 
"උඹත් එක්ක මගේ කිසි අවුලක් නෑ... ඒත් මම කැමති නෑ මගේ ප්‍රශ්න වලට එකෙක්වත් අත දානවාට"
"මටත් උඹේ ප්‍රශ්න වලින් වැඩක් නෑ..... මොකටද මාව හම්බ වෙන්න ඕනේ කිව්වේ..."ඔන්න පුතෝ උඹ ඕනෙ තැනට ආවා.....
" තාරකා ...." හැමදාම වගේ අහන්න ඕනේම ප්‍රශ්නේ එනකොට මගෙ දිව නැවෙන්නේ නෑ. පොරට හිනා ගියා...
" තාරකා උඹේ කෑල්ල නේද?" බඩුම තමයි.... කෑල්ල...... ඔන්න ආයේ තද වෙනවා.... මම මගේ කටින් කෑල්ල කියනවා නම් කියන්නේ රෙස්පෙක්ටබල් විදියට... එත් මූ ගල් මූසලයා...
" කෑල්ල...... "
"වැරදුනා මට කියවුණේ අපේ වචන වලින්.... මම කිව්වේ කෙල්ල"
"එහෙම එකක් නෑ.... ඒත් මොකද්ද මේ සීන් එක" පිරිමියෙක් වගේ හැසිරෙන්න එපෑ
" මම දන්න තරමින් තාරකාගෙ අතීතෙ උඹත් දන්නවා.."
"උඹ මොනාද තාරකා ගැන දන්නේ....."
"හැමදෙයක්ම"
"මොනාද හැමදේම"
"අතීතය, වර්ථමානය , අනාගතේ..." බලාපල්ලකෝ මේ පඟර නැට්ටට ගිය කල... අනාගතෙත් දන්නවාලු
"ලොකු දෙයක්.... ඒක අපිටත් කිව්වොත් හොඳයි නැද්ද?" මෙන්න මූ හිනා වෙන්න ගත්තා
" ඔය හැමදේම මම වෙලාව ආවම තාරකාට කියන්නම්.... උඹ එයාගෙන් අහගනින්" මට දැං මූව සම්බෝල කරන්න පුළුවං
"තාරකා කැමති නෑ උඹව මුණගැහෙන්න"
" එහෙනම් සොරි තමයි සහෝදරයා............. තාරකාට නැතුව මට එයාගේ චර පුරුෂයොන්ට පණිවිඩ දෙන්න බෑ..."
"පණිවිඩ.... කාගෙ පණිවිඩද?"
"ඒකත් තමුසෙට කියලා වැඩක් නෑ..." මු හිටිය තැනින් නැගිට්ටා
" පණිවිඩ ගේන්නේ සුමනාගෙන්ද?" හසංකයා මගේ දිහා හැරිලා බැලුවා
" තමුසෙ කොහොමද එයාව දන්නේ....?"
" මමත් අතීතයයි, වර්ථමානයයි දෙකම දන්න එකෙක්... අඩු අනාගතේ විතරයි" ඒක ඉතිං දැනටමත් අනාගෙන ඉවරයි
" සුමනාව කොහොමද දන්නේ....?"
" සුමනා අද ජීවත් වෙන්නේ අපි නිසා"
"පොඩ්ඩක් ඉන්න.... සුමනාව සමරනායකයාගෙන් බේර ගත්ත මහත්තුරු කියන්නෙ...?"
"ඒ අපිට වෙන්න ඇති...." හසංක ආයෙත් හිටිය තැනින්ම වාඩි උණා
" උඹ සමරනායක ගැන මොනාද දන්නේ..?" යකෝ මමයි මුගෙන් ප්‍රශ්න අහන්න අවේ අන්තිමට මූනේ මගෙන් ප්‍රශ්න අහන්නේ
" මම ඔය එක එකා ගැන දන්නේ නෑ..."
" සමරනායක මිනීමරුවෙක් උගෙන් පරිස්සම් වෙයං...."
" ඒක කියන්න ඕනේ නෑ..."
" උඹ තාරකාට කියන්න යන දේවල් මට කියපං....." හසංක කල්පනා කලා
" හරි.... මම ඊට කලින් මේ ගැන සුමනාගෙන් අහන්න ඕනේ..." මම කිව්වේ මූ ඇවිල්ල මාර ජේමිස් කෙනෙක් කියලා....
" සුමනා කියන විදියටද උඹ වැඩ කරන්නේ,,,?"
"එහෙම හිතා ගනින්කෝ" හසංක නැගිට්ටා.....
"සුමනාට කියපං... එදා මටත් නොකියා අපේ ගෙදරින් ආව එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා..."  හසංක ඔළුව වනාගෙන එතනින් ගියා.... හිතපු තරම් යකා කලු නෑ.... මගේ උවමනාවත් උණානෙ.... තාරකා මූව හම්බ වෙලාවත් නෑ... එහෙනම් ලොකූ මොකටද නැට්ට පාගගත්තේ.... ඒක අහන්න බැරි උණානේ


මම ආයේ නෑ මාර ආතල් එකේ පිට්ටනිය පැත්තට ගියා ගැන්සිය බෝතලයක් එහෙම තියාගෙන බලාගෙන ඉන්නවා
"මොකද බං උනේ...?" බුවා ....මම උන් ලඟින් ඉඳගනිද්දිම අහුවා
"මොකුත් උනෙ නෑ.... ඌ ඇවිල්ලා අර ගෑනිගේ පණිවිඩ කාරයෙක්"
"කාගෙද?" සිකා සිරා වතුර ටිකක් ප්ලාස්ටික් කෝප්පෙට දාන ගමන් ඇහුවා
"සුමනාගෙ..."
" ඔහෙ පලයං....." බුවා හිනා වෙන්න ගත්තා
" ඒ පාර දිව හපාගෙන හිනාවෙන්නෙ මොකද බං"
" ඔය ටික මදෑ කොල්ලට හොඳට නින්ද යන්න...." ඒකට අනිත් උන් හිනාවෙනකොට මටත් හොඳට හිනා ගියා.
"මම බොරුවට තාරකාව සැක කලා බං"
"ඒක තමයි.... උඹට වෙලාවක් කලාවක් නෑනේ ...හිතුව කලා..."
"මොනාද?"
"ලව්" ටොලා කියලා හයියෙන් හිනා උණා.... මම සෝඩා කලවං නොකරම දෙක තුනක් දාගත්තා... අම්මට සිරි එළ සොයිසා කිව්වලු. දැං මට පුළුවං සමරනායකලා දහයක් එක්ක උනත් ගේම ඉල්ලන්න
"මොකද කියන්නේ.... අපි ගිහින් අරූට වට කරලා නෙලමුද?" මම නැගිට්ටා....
"වාඩි වෙයං... සෝඩා තියෙද්දි උගුඩුවා වගේ නිකන් කටට හලා ගත්තනේ ... උඹට වැඩි වෙලා බං" ටොලයි සිකයි මාව අල්ලලා වාඩි කෙරෙව්වා.... මුන්ට අන්ද කයිප්පුද... මට ගට ආව වෙලාවේ ගහගන්නවා නම් ගහ ගන්න ඕනේ
"මට අරූට නෙලන්න ඕනේ බං"
"කාටද උඹ නෙලන්න යන්නේ...?"
" මෙවන් කාරයාට... ඕකා මගේ අත කැඩුවා... මතකනේ..." මම ආයේ නැගිට්ටා
" මූට සිරාවටම වැඩියි බං.... කොහෙද මූ කියන දෙයක් අහන්නේ නෑනේ..." බුවා මාව තද කරලා අල්ල ගත්තා
"උඹලා බයයිනේ බං... බය වෙන්න එපා වරෙන් මාත් එක්ක" මම යන්න හදනවා මුං දෙන්නෙම නෑ.. දැං මට මුන් එක්කත් මල පැනගෙන පැනගෙන එන්නේ....
"අත ඇරපං මාව....."
" පිස්සුද උඹව කොහෙ අත අරින්නද... මෙහෙම අල්ලමු ගෙදරට" බුවා මාව බලෙන් අල්ලගෙන නැන්දාලෑ ගෙවල් පැත්තට ඇදගෙන ගියා....
"මචං මුගේ නැන්දාගෙන් කන්න වෙයිද දන්නේ නෑ මුගෙ තත්වෙ දැකලා..." සිකා බයෙන් කියනවා ඇහුණා
" උඹලා මොකටද නැන්දාට බය වෙන්නේ... ඒ මගෙ නැන්දා.... මම කතා කරන්නම්"
"නෑ නෑ උඹ මොකුත් කරන්න ඕනේ නෑ මයියා... කට පියාගෙන හිටපං...." යකෝ මුන් නැන්දාට බයේ වෙව්ලනවා කතා කරන්නං කිව්වාත් මට කට පියා ගන්නලු.....
" මචං... ගේ ලඟයි සද්ද නැතුව යමන්.... කෙලින් පල.." බුවා මාව පස්සෙන් අල්ලගත්තා... සිකා මගෙ කරට අත දාගත්තා මම හිතන්නේ... ටොලා ඉස්සර උණා....
" මචං මම මෙහෙම කෙලින්ම ගිහින් තාරකාගෙන් සමාව ඉල්ලගෙන එන්නද? " මම හිමින් සැරේ සිකාගෙන් ඇහුවා.
"නෑ ඒ මොකුත් එපා ඔහොමම  යමංකෝ කාමරේට...." බුවා මාව පිටිපස්සෙන් තල්ලු කලා
" මට තාරකාගෙන් සමාව ගන්න ඕනේ බං... ඒකි පව් බං..." මට දුකට හෝ ගාල ඇඬෙනවා. ගැන්සිය මාව ඇඳට විසි කලා
" තිබ්බ ආතල් එකත් ගියා මූ පිස්සු කෙලලා....." ටොලා මගේ ෂර්ට් එකේ බොත්තම් ගලවන්න ගත්තා...
"මට එක පාරක් තාරකාට සොරි කියන්න දීපං..." මුන් මට නැගිටින්න දෙන්නෙම නෑ. මට සොරි බොක්කෙන්ම කියන්න තිබ්බා දැං ගියානම්
"එක පාරක් කිව්වා නේද...?" බුවා සැරෙන් වගේ කිව්වා... මම බය උනේ නෑ... ඒත් ඇහුවා බුවා හොඳ එකා... ඒ නිසා ඇහුවා... ඒත් එක්කම හෙන ගහනවා වගේ දොරට තට්ටුවක් ඇහුණා...
"තාරකාද කොහෙද .....දොර ඇරපං..." මම කෑ ගැහුවා.... ටොලා මාව ඇදලා අරං ඇඳට විසි කලා.
"මචං දැං අපි මොකද කරන්නේ...?" සිකා කියනවා මට ඇහුණා..........



Tuesday, November 2, 2010

86 කොටස



නැන්දා ජීවිතෙට කොලයක් දැකලා නෑ වගේ ඒක කියවන්න ගත්තා.... පොඩි ඩයිනමයිට් එක අඬනවා. මොකද්ද මේ ඉබි කේස් එක........
" එක එකාගේ ළමයි ගෙදර ගේනවා කියලා මට කීදෙනක් බැන්නද...? මම හැම දේම කලේ මටත් ගෑනු ළ්මයි දෙන්නෙක් ඉන්න නිසා... ඒත් මම හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ඒ තීරණේ නිසා මගෙ කෙල්ලෙක්ට මෙහෙම වෙයි කියලා....... අනේ දෙයියනේ" මෙන්න නැන්දා අහු වෙන හැම පිඟානටම බෙදලා ලතෝනි දෙන්න පටන් ගත්තා.... අනුන්ගේ ළමයි කිව්වේ මටද මන්දා.... මේ මොන කිචව්වක්ද කියලා හිතා ගන්නවත් බෑ. ඒකියන්නේ මට මෙහෙනුත් ටිකට් කැපෙන්නද යන්නේ....
"ඉතිං අම්මේ ඒකට තාරකා මොනා කරන්නද?" ඩයිනමයිට් එක අඬ අඬා නැන්දා දිහා බැලුවා
"ලොකූ හිටියේ හිතේ දුකෙන් එක මඟුලක්වත් හරි යන්නේ නෑ කියලා..... ඒ අතරතුර හිතට හරි යනවා කිය කියා හිටියේ ඔය එහා ගෙදර ළමයා ගැන තමයි.... ඊයෙත් මම තාත්තා එක්ක කතා කලා ඔන්න ඕක ගැන හිතලා බලලා තීරණයක් ගමු කියලා....." ඩයිනමයිට් එක ඇස් දෙක එළියට දාගෙන නැන්දා දිහයි මගෙ දිහයි බැලුවා.....
"ලොකු අක්කාව හසංකට............."
" ඇයි ගෙදරට නාකි වෙනවාට වඩා ඒක හොඳ නැද්ද? අනේ ඒත් දැං මේ කෙල්ලව ගෙදර ගේන්න ඕනේ නේද? " අප්පටසිරි ලොකූ කොහෙ හරි අවලංගු වෙලාද? මම බුවා දිහා බැලුවා....
" මම එක දෙයක් කියන්නම් තාරකා.... අම්මා දාපු නැටුම් දාන්න ලෑස්ති වෙන්න එපා මෙතන.... පාර යන පිරිමි පුලුටක් පේන්න බෑ ඉස්සර ඔයාගේ අම්මාටත්..." 
"තාරකා මොනා කරන්නද අම්මේ............" ඩයිනමයිට් එක ආයේ කෑ ගහන්න ගත්තා....
" ඇයි ලියුමේ තියෙන්නේ ඇස් දෙක පේන්නෙ නැද්ද....? හසංක තාරකාට අයිති වෙලා ඉවරයි අම්මේ.... මගෙ හිත හදා ගන්න මම ටික දවසක යනවා කියලා....ඒ කියන්නේ මේ හැමදේම වෙලා තියෙන්නේ මෙන්න මෙයා නිසා...." නැන්දා තාරකාව තල්ලු කරගෙන එතනින් යන්න ගියා. ඔය එළි වෙන්නේ පත්තිනි අම්මලාගේ කෙරුවාවල්..... අර ලොකු සහෝදරී හොයා ගන්න එපෑ දැං....
"මේ ඕයි.... මෙහෙ එනවා....." මම ඩයිනමයිට් එකට කතා කලා. ඩයිනමයිට් එක තාරකා ඉන්න පැත්තට යන්න ගියේ....
"අනේ පොඩි අයියේ අක්කාට අමු කැවිලාද කොහෙද...... " 
"කාට ඕවා කැවුණත් මට වැඩක් නෑ..... තමුසෙලා දන්නවාද ලොකූ ගේ අත් ඇරලා යන්නේ කොහාටද කියලා....." මගේ කතාවට ටොලාට බකස් ගාල හිනා ගියා.
"ඔව් ඔව් එයා වෙන කොහෙවත් නෙවෙයි යනවා නම් යන්නේ අත්තම්මලාගේ දිහා..........."
"එහෙනම් මොන උලව්වකටද ඕයි මෙතන මලගෙයක් වෙන්න බෙරිහන් දුන්නේ......"
"ඒකෙ මුල හරියේ තියනවා අයියේ... මට දැං ඉඳලා වැඩක් නැති කතාවක්..... මම ඒ ටික විතරයි කියෙව්වෙ" හපොයි නොදකිං මෙහෙම මල් වෙඩිල්ලක්.... මෙතන දඟර දාල පත්තු කරලා දැං කියනවා සිදු වූ ප්‍රමාද දෝෂයට අපේ බවලත්...,වැරදුනා බලවත් කණගාටුව කියලා... දැං ලොකූව හොයන්න ඕනේ නෑනේ.
 "මට ඔය පොරව මුණගස්සනවකෝ බලන්න"
"ඒ මොකටද?" ඩයිනමයිට් එක මා දිහයි ගැන්සිය දිහායි බලාගෙන බලාගෙන ගියා
"ඌත් එක්ක එකතු වෙලා ළමයෙක් හදන්න....." මට ටික වෙන්න මල පැන්නා..... දැං මට තාරකාගේ ඇත්ත තත්වෙ එළියට ගන්න ඕනේ..... 
" හසංක ආශ්‍රය කරන්න හොඳ මිනිහෙක් නෙවෙයි පොඩි අයියේ...?"
"කවුද බං ආශ්‍රය කරන්නේ... තමුසේ ඔය මිනිහාව මට මුණ ගස්සනවාද නැත්නම් මමම ගිහින් ඌව මුණගැහෙන්නද?" ඩයිනමයිට් එක කල්පනා කලා.... හරි... මම මුණගස්සන්නම්...... හැබැයි ඔයා යන්න හදන්නෙ මේ අයියලා ඔක්කොම එක්කද?
"ඇයි එහෙම හරි නැද්ද... උගේ පති වතට කැළලක් වෙයිද? හරි හරි මම තනියම යන්නම්... තමුසෙ මට සෙට් කරනවාකෝ" ඩයිනමයිට් එක ඔළුව වනාගෙන එතනින් ගියා. මම ගැන්සිය පැත්තට හැරුණා.....
" අද මම ඕක එක්ක දෙකින් එකක් බේර ගන්නවා........" මම කාමරේට ආයේ ගියා ගැන්සිය මගේ පිටිපස්සෙන් කාමරෙට ආවා....
"උඹට මල පැනලානෙ බං..." සිකා මගෙ ඇඳ උඩින් වාඩි උණා.....
"ඔව්..... ඔය හාල්පාරුවාට .........සීන් එකට එන්න මොකද්ද තියන උවමනාව...?"
"මයියා............. උඹට මල පැනලා ඉන්නේ තාරකාගෙ ප්‍රශ්නෙ නිසා නේද... උඹට දැනගන්න ඕනේ තාරකාගෙයි ඔය අළුගෝසුවගෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද කියලා....." ඒක තමයි ඇත්ත..... ඒත් එහෙම කියන එක චාටර්නෙ... මුන් උණත් හිතයි මම චීත්ත රෙද්දක් නිසා සරම පුච්චන්න යනවා කියලා....
"එහෙම එකක් නෙවෙයි බං..." මම එහෙම ශේප් කරන්න බැලුවා....
"උඹ කොහොම කිව්වත් එහෙම එකක් තමයි.... උඹට දැං තියෙන්නෙ ජෙල" බුවා ෂුවර්ම ෂුවර් වගේ කිව්වානේ... මාව භූත වෙලා ගියා
" මොනා උණත් තාරකා කැත වැඩේ මචං කරන්නේ... එක පැත්තකින් ලොකූ විඳවනවා... අනිත් පැත්තෙන්...." ඔන්න ඕනෙ නැති කතන්දරයක් මට කියවෙන්න ආවා.... මම තිරිංගෙ තද කලා ආයේ හිටගෙන....
" අනිත් පැත්තෙන් උඹනෙ විදවන්නේ......?" අම්මට සිරි ඛ්‍රේක් එක පෑගුවාට හැපිලා ඉවරනෙ බලනකොට....
" මචං.... මට උදව් කරපං..." මම මාර අසරණ උණා... කවදාවත් නැති තරම් ඒකත් මේ කෙල්ල නිසා... ෂිඃ අම්මපා මගේ පිරිමි කම
"ඔහොම වාක්‍යයෙන් වැඩේට එන්ටර් උණානම් ඉවරනේ..... හරි.... දැං උඹට තාරකාව ඕනේ...?" සිකා හිනා වෙවී කියන්න ගත්තා.....මම ඉතිං වෙච්ච ලැජ්ජාවේ හැටියට ඔලුව වැනුවා මිසක් කතා කලේ නෑ... මම හිතාගෙන හිටියේ මම වැටෙන්නේ නෑ කියලානේ... බලාගෙන යනකොට වැඩේ අබ්ලික් වෙලා මම ම දන්නේ නෑ... ඔය හසංකයා නිසා මම සෑහෙන්න විදෙව්වා........... මගෙ දුක මුන්ට මිසක් කාට කියන්නද මොකො තාත්තට ගිහින් කියන්න කියලෑ
"උඹට ඉතිං අපේ ඕනේ බොක්කක් දෙනවානේ බං... කියනවා නම් තාරකාව උස්සලා හරි උඹට සෙට් කරනවා"
"නෑ නෑ ඒවා ඕනෙ නෑ...." මම හිටපු තැනින් නැගිට්ටා....
"මොකද කියන්නේ අපි ඔය හසංකයාට දෙකක් අනිමුද?" බුවා ආයෙමත් යෝජනාවක් කලා
" නෑ නෑ මම ඌ එක්ක පොඩි පීස් ටෝක් එකක් දාල එන්නම්... ඒත් මූ එන්නේ ගේමට නම් එකතු වෙලා දෙමු වැඩේ..." මගෙ යෝජනාව මම හිතන්නේ අරුන්ගේ ගුටි කන යෝජනා වලට වඩා හොදයි 

" හරි... ඒකටත් එකඟයි... හැබැයි අද හොඳට සමරන්න ඕනේ දවසක් මචං"
" සමරන්න... ඒ මොකද... ලොකූ ගෙදරින් අතුරුදහන් වීම නිමිත්තෙන්ද?"
"නෑ නෑ මචං.... උඹ උඟුරට හොරා බේත් බිව්ව එක නවත්තපු කරුමෙට" බුවාගෙ කතාවට අනිත් උන් හිනා වෙන්න ගත්තා..... කිණ්ඩි ඔළුව වටේ කැරකෙනවා... මක්කොරන්නද.... කුම්බලාවෝ කටු කෑවානම් ඒවා හිර කරගත්තානම් ඉතින් තව විදවපං පූසෝ කිව්වලු


" මොන සමරිල්ලක්ද බං.... සල්ලි සතයක් නෑ....."
" සල්ලි නම් මොනා හරි කරගන්න බැරියෑ.... බෝතලේකට ගානක් සෙට් කර ගන්න නම් පුළුවං..."
" ඕවා කරන්න ගිහින් මෙහෙ ටිකට් එකටත් බඩුම වෙයිද දන්නේ නෑ" මොකෝ මම වෙන කොහෙ කියලා යන්නද?
"අපි කොහෙ හරි ආතල් පොට් එකකට ගිහින් වැඩේට සෙට් වෙමු..... මොකද කියන්නේ..."
"පොට් එකක්නම් තියනවා... හරි මම අරකිව ශේප් කරගෙන හසංකව හම්බ වෙන්නම්... උඹලා බඩු අරගෙන ටවුමෙන් පොඩ්ඩක් එහා තියන පිට්ටනියට පලයල්ලා....." මටත් ඉතිං සෑහෙන කාලෙකින් සෙට් වෙන්නත් හම්බ උනේ නෑනේ.. අනේ දෙවියන්ගේ පිහිටෙන් බිග් මැච් එකක් තියනවා නම් කොකාකෝලා බෝතලේකට හරි සෙට් කරගෙන වැඩේ දෙනවා... කොහෙද මේ ෂර්ලොක් හෝම්ස්ගේ කුස්සියේ උයන්න ගිහින් දැං බිග් මැච් එකකටවත් සෙට් වෙන්න බැරි වෙනවානේ..... 


දවල් කෑම එහෙම කාලා ඉවර වෙලා කාමරේට ආව විතරයි ඩයිනමයි එක කාමරේ දොරට තට්ටු කරන්න ගත්තා... යකෝ වෙනදාට දොර බායි ගාල ඇරගෙන එන ඩයිනමයිට් එක අද වෙලා තියන සීලාචාර කමක් අම්මපා. ගැන්සියට පේන්න ඇඩ් එක තමයි ඔය දන්නේ... මේ කෙල්ලො නම් ඇඩ් පප්පලා
" මොකද ඕයි..... තමුසෙට දොර අරින පැත්ත අමතක වෙලාද?"
"හිමින් කතා කරනවා..." ඩයිනමයිට් එක රහසින් කියන්න ගත්තා
"හරි ඉතිං කියනවා"
"හසංක තමුසෙව හමබ වෙන්න අමාරුවෙන් කැමති කරව ගත්තා..... පන්සලට යනවා... වලි දාගන්නේ නැතුව කතා කරනවා" ඩයිනමයිට් එක මට ඇම දෙන්න අම්මා කෙනෙක් වගේ නේ....
" ලොකූ ගැන මොකුත් කියන්න එපා.........."
"ඇයි ඒ...?" ඔන්න ආයෙමත් මට සැක හිතෙන තැනක්..... මේ පොඩි බඩුවත් ලෝකේ කාලා වතුර බීලා දැං..... මොනා නමුත් මෙතනත් ලොකු මොකද්ද එකක් තියනවා.... බලමු මම ඕකව හම්බ වෙලාම හොයා ගන්නම්කෝ මොකද්ද මේ හැම එකාටම ඌව දැක්කම හැදෙන කිචිය කියලා..........

Friday, October 29, 2010

85 කොටස


ලෝකේ සද්ධන්තම බූරුවාට ඇන්ඳා වගේ හැගීමක් මට එන්න ගත්තා... තාරකා මාව තියාගෙන ඉන්නෙත් හසංකයා තියාගෙන ඉන්නවා වගේ කැත කුණු අත ගාන්නද මන්දා.... ලෝකේම කලකිරෙනවා... කෙල්ලො ජාතියම හිරිකිත වෙනවා මේ වැඩෙන්... මම කන එක පැත්තකින් තියලා බවලත් කාමරෙන් පිට උණා.... මට හිතා ගන්න බැරි මොකද්දෝ එකක් හිතේ වැඩ කරන්න ගත්තා.....කොහොම බැලුවත් මුන් ඔක්කොම එකයි හිතයි පපුවයි ඔක්කොම දාල ගේමට බහින අපියි හරක්. අම්මපා.... බිත්තිය හයියද බලන්නත් එක්ක මට හප්පගන්න හිතෙනවා මගේ ඔලු කට්ට.....


"පොඩි අයියේ..... එක පාරටම ඔයාට මොකද උණේ...?" ඩයිනමයිට් එක මෙලෝ සිහියක් නැතුව මගෙ කාමරේට දුවගෙන ආවා
"මොනා වෙන්නද මේ ඉන්නෙ හොඳට?"
"එහෙනම් එකපාරටම මේ කතා කර කර ඉන්න ගමන් එතනින් ආවේ.... තාරකා අප්සෙට් උණා...."
" ආ ඒක හොඳයි.... අප්සෙට් ඒවා කොහොමත් අප්සෙට් තමයි"
"ඔයාට ඒ පාර මොකද උණේ....."
" තමුසෙ යනවාකෝ...."
" මොකද්ද ප්‍රශ්නේ කියනවා..." ඩයිනමයිට් එක ඇවිල්ලා මගෙ ලඟින් වාඩි උණා...."
" මට එච්චර පැහැදීමක් නෑ ඔය කියන හසංකයා ගැන"
" අපි කාටවත් පැහැදීමක් නෑ.... ඒත් ඌ සෑහෙන්න දේවල් දන්නවා... පහු ගිය කාලේ පුරාම ඌ තාරකාව හම්බවෙන්න ට්‍රයි එක දුන්නා... ඒත් තාරකා කවමදාවත් ඌව හම්බ වෙන්න ගියේ නෑ.... පණිවිඩ යැව්වේ මගෙ අතේ..."
"ඔය කිසි දෙයක් මීට කලින් මට කියලත් නෑනේ...."
"කියන්න තරම් ලොකු දෙයක් එතන නෑ පොඩි අයියේ.... ඒත් හසංක දන්නවා එදා තාරකාට කෝල් කරපු ගෑනු කෙනා ඉන්න තැන"
"කොහෙද?"
" එක දැනගන්න පුළුවං තාරකාට විතරයි"
"ඒ ඇයි?"
"මම දන්නේ නෑ...." මට හිතෙන්නේ ඩයිනමයිට් එකත් මෙතන බබා පාට් එක දාන්නේ... මට හිතෙන විදියට මෙතන සෑහෙන කාලයක් තිස්සේ ලොකු හුටපටයක් තිබිලා තියනවා....
"මට ඔය හසංකව හම්බ වෙන්න ඕනේ..."
"හම්බ වෙලා...."
"හම්බ උණාට පස්සේ බලමුකෝ කරන දේ..." ඩයිනමයිට් එක කල්පනා කලා. හරි පොඩි අයියාට එයාව සෙට් කරලා දෙන්නම්..... පන්සල තමයි හොඳම තැන... කවුරුත් දැක්කාට සැකයක් හිතන්නෙත් නෑනේ....
" හරි සෙට් කරලා දෙනවකෝ... නිවාඩු දවසක.... " මම කල්පනා කලේ ගැන්සියට පොඩ්ඩක් මේ පැත්තේ එන්න කියන්න... මේ හසංකයා මට පොඩ්ඩක්වත් ෂුවර් නැති එකා.... මට ඕකගේ මූණ දිරවන්නේම නෑනේ, අර දඬුමොණරේ ඉදගත්තාම ඌ හිතන්නේ අහසින් යනවා කියලා.. කාලකණ්ණියා......


ටික දවසක් යනකන් මම තාරකා එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ... මට කතා කරන්න හදන හැම සැරේම මම එයාව මඟ ඇරියා... හිතට එකඟව නෙවෙයි ඒත් මගේ හිත කඩලා බිඳලා දැම්මාට.. අම්මලා තාත්තාලාට වෙට්ටු දාල ගෙදරින් එළියට බැස්සෙ මම මේකි නිසා මම හිතන්නේ... අර හිත හොඳ එකා හැම වෙලේම රහ බලන්නේ අනුන් කාපු කට්ටක් කිව්වලු. මටත් වෙලා තියෙන්නෙ ඒක. තාරකාගේ ප්‍රශ්නේ එයාටම අනිත් උගුඩුවෝ එක්ක විසඳගන්න කියලා මම අර අහිංසක කෙල්ලගේ ප්‍රශ්නේ එකලාසයක් කරනවා කියලා ඔන්න මම හිතා ගත්තා. ඉරිදා උදෙන්ම හිතන්නත් කලින් ගැන්සිය අපේ ගෙදර ආවෙ නම් මගේ ආරාධනාවක් නැතුවමයි, ඒක නම් මට මාර ආතල් මුන් ටික දැක්ක කියන්නේ තව කල්පෙකට කන්න ඕනෙ නෑ වගේ.... තාරකා ගොඩාක් දුකෙන් ඉන්නේ කියලා ඩයිනමයිට් එක මට කිව්වාට මම ඒවා ගනන් ගත්තේ නෑ... මටත් තියනවානේ අර මොකද්ද එකක්...
" මයියා............... උඹ ඔය කියන විදියට නම් තාරකා කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි කෙල්ලෙක් බං..." බුවා මගෙ කතාව අහගෙන ඉඳලා එහෙම කිව්වා....
" බලපං මෙයා මගේ කනෙන් රිංගුවානේ මාර ආතල් එකේ"
" ඒත් මයියා හදිස්සි වෙන්න එපා.. ඔතන වෙන කතාවකුත් තියෙන්න බැරි නෑනේ...." ටොලා කිව්වේ බොක්ක සුද්ද කරලා
" මටත් එහෙම හිතෙනවා මයියා... අපි පොඩ්ඩක් බලගෙන ඉමු මෙයා මොකද්ද කරන්න යන්නේ කියලා...."
සිකත් පොත දිග ඇරියේ ටොලා කියන පැත්තට... 
"හරි බලමුකෝ... ඒක නෙවෙයි මොනාද එහෙ ආරංචි?"
"එහෙ ගින්දර වගේ වැඩේ නැගලා යනවා.... ජයවීරයයි, සකලසූරිය ඇමතියයි ආයේ නස්පියට ඇරගන්නවා.... ඒ අතර උඹට ලියුම දුන්න සිරියා ගැනත් පොඩි ආරංචියක් තියනවා.....
"මොකද්ද මචං ඒක...?"
"සිරියා අවුරුද්දේ වැඩි හරියක් ඉන්නේ මුල්ලේරියාවෙලු මචං... ඔලුවේ වයර් හුටපටයක් තදින්ම වැඩ කරනවාලු. " බුවා හිනා වෙන්න ගත්තා........
"ඉතිං බලපං බං අපිට ලියුමක් දුන්නොත් පිස්සු හෝන්තුවක්"
"නෑ මචං එතන ගන්න දෙයක් නම් තියනවා...." සිකා උඩ පැනලා මගේ පොත් මේසෙ උඩ වාඩි උණා.
"එ මොකද්ද බං ඒ.... උඹට සිරියාව භාර ගන්නවත් හිතුණාද?" මගෙ කතාවට ටොලයි, බුවයි දෙන්නාම හිනා වෙන්න ගත්තා.....
"සිරියාගේ පිස්සුවට හේතුවක් තියනවා....."
"අම්මපා...... උඹ කොහොමද ඒක දන්නේ.....?" බුවා සිකාගේ ඔලුවට හීනි පාරක් ගැහුවා
"උඹලා නොදන්නවා උණාට මම ඒ ගෑනි ගැන ටිකක් වැඩිපුර දන්නවා..."
" අප්පසිරි.... මූට චූන් වෙලා තියෙන්නේ සිරියා ගැන හිත ගිහිල්ලානේ"
"බුවා ලහිරු කියන්නේ අපිට දුරින් නෑයෝ වෙන එකෙක් බං...." ටොලා සිකාගේ කරට අත දා ගත්තා.... මටත් කතාව මාර අබ්ලික්
" උඹ ඒක කලින් කියලා තිබ්බේ නෑනෙ බං අපිට " බුවත් සිකාගේ කතාවෙන් කරන්ට් එක ඇල්ලුවා වගේ වෙලා
"කොහෙ කියන්නද... උඹලා ඒ අහිංසක ගෑනිට මොනාද බං නොකිව්වේ,,,?" සිකා බිම බලා ගත්තා....
"හරි දැං උඹ කියන්න හදපු දේ කියපං සිකා....."
"ඒ මනුස්සයාගේ නම සිරියා නෙවෙයි....."
" ඒක පහසුවට දාගත්ත නමක්.... " මම සිකාගේ තත්වෙ හොදට පහදගෙන වාඩි උණා...
" ඉස්සර ඔය මනුසයාට වික්‍රමසූරිය මිස් කිව්වාම ඕනෙ කෙනෙක් දන්නවා...."
"හරි....." අපි ඔක්කොම සිකාගෙ කතාව පොඩි උන් ටිකක් සීයගේ අහගෙන ඉන්න මෙලෝ රහක් නැති කතාවක් අහගෙන ඉන්නවා වගේ අහගෙන හිටියා....
" ඔය මනුස්සයා මේ ලෝකේ සෑහෙන්න දුකක් විඳලා තමයි ඔය ලමයි දෙන්නාව හැදුවේ... මිනිහා අකාලේ මැරුණා.... මැරුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නෑ.... ඔය මනුස්සයාට හම්බ වෙන්න හිටපු තුන් වෙනි ලමයත් හම්බ උණේ මැරිලා..... 
"ඒකෙන් පස්සෙද පිස්සු හැදුනේ...?"
" නෑ ඊට පස්සෙත් මෑතක් වෙනකන් හොඳින් හිටියා... ඒත් එක පාරටම එයාට ඔය සීන් එක වෙන්න ගත්තා.... හිටි ගමන් මෙයා යනවාලු ළමයා හොයන්න
" ඉතිං එයා දන්නෙ නැද්ද ළමයා මරුණා කියලා...."
"දන්නවා.. ඒත් එයාගෙ පිස්සුවේ හැටි..... දැං හැම කෙනාටම කියන්නේ එයාගෙ ළමයි දෙන්නා එයාව හිර කරන් ඉන්නවා කියලලු"
" මරුණ ළමයා හොයාගෙන ඒ මනුස්සයා කොහෙටද යන්නේ...."
"ඔන්න ගෙවල් ලඟ නර්ස් කෙනෙක් හිටියාලු එයා ලඟටලු යන්නේ.... ගිහින් කියනවාලු මගෙ ලමයා ගෙනත් දෙන්න කියලා...." අනේ මන්දා මේවත් මාර කතා තමයි. දැං සිරියා ගැන හොයන එක නතර කරලා අපි වෙන දෙයක් ගැන කතා කරා නම් හරි. ඒ කියන්නේ සිරියා අපේ මේ ප්‍රශ්න වලට අදාල නෑ.....  මම ලාවට හසංකයා ගැනත් කිව්ව නිසා... බුවාට ඕනේ උනේ අපිට මඟ ඇරුණ සුමනා හොයා ගන්න.
"සුමනාව මටත් හොයා ගන්න ඕනේ බං... ඒත් තාරකා මට පෙන්නපු චීස් කොත්තුවේ හැටියට ඒයාගේ වැඩක් පස්සෙ පන්නන එක ගැන මම දෙසරයක් හිතලා බලන්න ඕනේ" මගේ කතාවට බුවා බෝදිලිමෙක් වගේ ඔලුව වනන්න ගත්තා. 
"ඒත් මචං අපිට කරන්න ගත්ත වැඩේ මග දාල යන පුරුද්දක් නෑනේ"
"ඒක ඇත්ත.... අපි ඒ ගැන හොයමු..... " සිකාත් බුවාට සප් එක දෙන්න ගත්තා..... 
" හරි එහෙනම් ඩයිනමයිට් එක ලවා අපි ඌට පණිවිඩයක් යවමුද ?"
"ඔව් අපි ඉන්න එකේ ඕක මොකද්ද?"


"අනේ දෙයියනේ අම්මේ............. අනේ අම්මේ.............." ඩයිනමයිට් එක බෙරියන් දෙන්න ගත්තා...... අපි ඔක්කොම කලබල උණා... මම ගැන්සියත් එක්කම එළියට ආවා.....
"මොකද ළමයෝ..." නැන්දාත් කුස්සියේ ඉදං මැරතන් ක්‍රියා කලා...
" අනේ ලොකූ ..........." නැන්දා ආයේ අසූ හාරදාහට බය උණා.....
"මොනා වෙලාද ලොකූට....." ඩයිනමයිට් එක කියන දෙ තෙරෙන්නේ නෑ ගොත ගහනවා....
"අනේ  ලොකූ....." ඇයි යකෝ මේ පරන පොට ගිය ග්‍රැමෆෝන් පෙත්තක් වගේ එකම තැන කැරකෙනවා
" මොකද කියනවා ළමයෝ..." නැන්දා ඩයිනමයිට් එකව දාගෙන හොලවන්න ගත්තා. එතකොටවත් වචන ටික එළියට එයිද කියලා බලන්න
"අම්මේ ලොකූ...... " මටත් දැං අත් දෙක මිට මොලවලා  වචන ඉස්මෝල්ලේ යන්න දෙන්න හිතෙනවා..... තාරකාත් කාමරෙන් එළියට ආවා
"මොන හරුපයක් කියනවාද මන්දා...." නැන්දා ඩයිනමයිට් එක අත ඇරලා  ඉස්සරහා කාමරේ දිහා බලලා කෑ ගැහුවා
"ලොකූ................."
"මේක බලන්න අම්මේ....." ඩයිනමයිට් එක අඬ අඬා හතරට විතර නැමුව කොල කෑල්ලක් නැන්දාට දුන්නා.... හත් වලාමේ ලියුමක් නේද? ලොකූගේ හොර කේස් එකක්වත් ඩයිනමයිට් එක මාට්ටු කරන්න යනවාද දන්නේ නෑ...... බඩුම තමයි..... දැං ඉතිං ලොකූට යන්න වෙන්නේ හෙලිහොප්ටරයක් දක්කගෙන තමයි......